Insight With Alwis

  • Home
  • Insight With Alwis

Insight With Alwis Insight of a topic related to Political, Economic, Social, Technological, Legal & Environmental In addition to that I am a Lean Green Belt holder.

I have successfully completed a 4 years Bachelor of Management degree in the open university of Sri Lanka, and I have completed Advance diploma in Logistics Management with a Distinction pass at the NIBM. Currently I am reading for my Bachelor of Law degree (LLB) in the open university of Sri Lanka and I am a Final year student in the LLB degree program. In addition to those I am a Chartered Membe

r of Chartered Institute of Logistics and Transport (CILT). I have 15years experience in the field of logistics and supply chain.

පඩු කරද සහ රතු දත්ත පොතරතු දත්ත පොත එහෙම  නැත්නම්  වදවීයාමේ තර්ජනයට මුහුණ දෙන ජීවීන්ගේ ලයිස්තුව වර්ෂ 1964 සිට Internatio...
20/07/2023

පඩු කරද සහ රතු දත්ත පොත

රතු දත්ත පොත එහෙම නැත්නම් වදවීයාමේ තර්ජනයට මුහුණ දෙන ජීවීන්ගේ ලයිස්තුව වර්ෂ 1964 සිට International Union for Conservation of Nature (IUCN) එනම් පරිසර සංරක්ෂණ අන්තර්ජාතික සංවිධානය විසින් දත්ත එක්තු කර පවත්වාගෙන එන වටිනා තොරතුරු ගොන්නක් වෙයි. ලොව වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති ශාක සතුන් සියල්ල එනම් ජීව විශේෂ සියල්ල මෙම ලයිස්තුව තුළ සඳහන් වන අතර ඒ තුළින් මෙතෙක් විශ්වයේ ජීවය හඳුනා හඳුනාගෙන ඇති එකම ග්‍රහලෝකය වන අප පෘථිවිය තුළ ඇති සියලුම ජෛව පද්ධති වල පැවැත්ම පිළිබඳව තොරතුරු ලොවට ඉදිරිපත් කරයි. IUCN ආයතනය ක්‍රියාත්මක වන්නේ ස්විස්ටර්ලන්තයේ ග්ලෑන්ඩ් නගරයේ සිට වන අතර ලොව පුරා මෙහි සාමාජිකයන් විසිර සිටී. ඔවුන් විසින් පහත ආකාරයට ලොව වදවී යන ජීව විශේෂ වර්ග කරයි.



1.Extinct (EX) – beyond reasonable doubt that the species is no longer extant. (දැනටමත් මිහිතලයෙන් වද වී ඇති ජීව විශේෂ )

2.Extinct in the wild (EW) – survives only in captivity, cultivation and/or outside native range, as presumed after exhaustive surveys. (ආරක්ෂිත ස්ථාන තුළ ජීවත් වන ජීව විශේෂ)

3.Critically endangered (CR) – in a particularly and extremely critical state. (වඳවී යාමට දැඩි තර්ජනයක් ඇති ජීව විශේෂ )

4.Endangered (EN) – very high risk of extinction in the wild, meets any of criteria A to E for Endangered. (වඳවී යාමට තර්ජනයක් ඇති ජීවීන්)

5.Vulnerable (VU) – meets one of the 5 Red List criteria and thus considered to be at high risk of unnatural (human-caused) extinction without further human intervention. (වඳ වී යාමේ අවදානදානමට ලක්විය හැකි ජීව විශේෂ)

6.Near threatened (NT) – close to being endangered in the near future. (නුදුරු අනාගතයේදී වඳ වී යා හැකි ජීව විශේෂ)

7.Least concern (LC) – unlikely to become endangered or extinct in the near future. (නුදුරු අනාගතයේදී වඳ වී යාමට යම් හැකියාවන් ඇති ජීව විශේෂ)

8.Data deficient (DD) (නිරවද්ය නොවන තොරතුරු)

9.Not evaluated (NE) (තවමත් ඇගයීමට ලක් නොකර ඇති තොරතුරු.)


IUCN සංගමයේ සාමාජිකයන් විසින් සොයා ගන්නා තොරතුරු අනුව මෙම තොරතුරු යාවත්කාලීන වන අතර වරෙක වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති ජීව විශේෂ කොටසක් මෙහි වෙනත් කාණ්ඩයකට ඇතුලත් වීමට හෝ මින් ඉවත් වීමට හැකියාව ඇත.



වර්තමානයේ දැඩි කතා කතා බහකට ලක් වන Crudia zeylanica එනම් පඩු කරද ශාකය වර්ෂ 1911 සිට මිහිතලය තුළින් තුරන් වී ඇති ශාකයක් ලෙස හඳුනාගෙන තිබූ ගෙන තිබූ අතර එය නැවත 2019 වර්ෂයේදී හඳුනාගන්නා ලද්දේ කොළඹ නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු අතරතුර ය. මෙම ශාකය මේ වන විට IUCN ආයතනය විසින් Critically endangered (CR) කාණ්ඩය යටතේ වර්ග කර ඇත. රජය හා රාජ්‍ය නිලධාරීන් පවසන ආකාරයට මේ වන විට අදාල ඉවත් කළ ශාකය අවට ප්‍රදේශය තුළින් තවත් මෙවැනිම ගණයේ ශාක හමුව් ඇති බවත් එවැනි තවත් පැළ සැලකිය යුතු ප්‍රමාණයක් නැවත රෝපණය කිරීම සඳහා රජය ක්‍රියා කරන බවත් ප්‍රකාශ කර ඇත. ඔබ විසින් www.iucnredlist.org වෙබ් අඩවියට පිවිසුන හොත් රජය විසින් ප්‍රකාශ කරන මෙම දත්ත සහ අදාල වෙබ් අඩවිය තුල අන්තර්ගත දත්ත තුළ දැඩි පරස්පරතාවයක් තිබෙන බවට දැකගත හැක. එබැවින් සත්‍ය තොරතුරු යාවත්කාලීන කිරීම රජයේ මෙන්ම අදාල පරිසර පරිසරවේදීන්ගේ ද යුතුකම්ක් වේ



ධරණීය සංවර්ධනය තුළින් රටක් දියුණු කිරීම සිදුකළ යුතු බව අප සියලු දෙනා විසින් මෙහි ලා පිළිගත් යුතු කාරණයක් වේ. එහිදී සංවර්ධනය සහ පරිසර ආරක්ෂාව වැනි ගැටෙන අයිතිවාසිකම්වාසිකම් තුලනය කිරීමේ දී රජය විසින් ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ යුතු අතර නීතියේ ආධිපත්‍යයට යටත්ව සියලු මහජනතාවට යහපත් සංවර්ධනයක් ළඟා කර දීම රජයේ අරමුණ විය යුතුය. යම් ගැටලුවක් නිරාකරණය කිරීමේදී වඩා පැහැදිලිව විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම තුළින් රජය කෙරෙහි ජනතා විශ්වාසය ඉහළ යන අතර ඒ තුළින් අනවශ්‍ය ගැටුම් නිර්මාණය වීමද ද වැළකී යනු ඇත.

අන්තර්ජාලයේ තොරතුරු ඇසුරෙන් සකසන ලද ලිපියකි.

23/02/2023

Lonely planet කියන්නේ guide book එකක් එහෙම නැත්තං වෙන  විදිහකට කියනවනං ඔයා සංචාරය කරන්න යනකොට ඒ ගමනේ විස්තර නැරඹිය හැකි ...
17/02/2023

Lonely planet කියන්නේ guide book එකක් එහෙම නැත්තං වෙන විදිහකට කියනවනං ඔයා සංචාරය කරන්න යනකොට ඒ ගමනේ විස්තර නැරඹිය හැකි ස්ථාන ලබා ගත හැකි ආහාර වගේම සංචාරය කරන ස්ථානයේ සුවිශේෂී කරුණු විග්‍රහ කරන පොතක්. මේක පටන් ගන්නේ ඔස්ට්‍රේලියානු ජාතික කපල් එකක්. එයාලගේ නම් තමයි Maureen සහ Tony Wheeler කියන්නේ. ඔවුන් විසින් 1972 වර්ෂයේදී යුරෝපයේ සිට ඕස්ට්‍රේලියාව දක්වා ගොඩබිමින් ගමන් ගන්නා මාර්ගයක ගමන් කරමින් තමන්ගේ පළමු චාරිකාව නිම කරනවා ඉන් පසු ඔවුන් විසින් තම ප්‍රථම guidebook එක විදිහට Across Asia on the Cheap පොත ප්‍රකාශයට පත්කරන අතර අද වන විට ග්‍රන්ථ මිලියන 150ක් පමණ ඔවුන් විසින් මුද්‍රණය කර නිකුත් කර තිබෙනවා.

ඔවුන් විසින් ශ්‍රී ලංකාව ගැන හැඳින්වීමක් කරලා තියෙන්නේ මෙන්න මේ විදියට. Endless beaches, timeless ruins, welcoming people, oodles of elephants, rolling surf, cheap prices, fun trains, famous tea and flavorful food make Sri Lanka irresistible. ඔවුන් ප්‍රකාශ කරන විදිහට කාලයක් තිබුණු විවිධ නොසන්සුන්තාවයන් නිසා සැඟවුණු ගමන් මාර්ගයක් වුණු ශ්‍රී ලංකාව වර්තමානය වන විට ඉදිරියට යමින් පවතිනවා. රටක් විදියට අප සතුව කොපමණ සංචාරක ස්ථාන ප්‍රමාණයක් තිබෙනවාද කියලා ඔවුන් ලෝකයට හඳුන්වලා තියෙන්නේ So Much in So Little කියලා. ඒ කියන්නේ පුංචි ඉඩ ප්‍රමාණයක ගොඩක් දේවල් තියෙනවා කියන එක. ඔවුන් සඳහන් කරන විදියට unesco heritage එහෙම නැත්තං යුනෙස්කෝ උරුමයන් අටක්, ඉතාම අලංකාර සත්ව ගහණයක්, වන ව්‍යාප්තියක් අප සතුව තිබෙනවා . ඒ වගේම ඉතා කුඩා කාලයකදී විවිධ සංචාරක ස්ථාන වෙත ගමන් කරන්න හැකියාව තිබෙන බවත් ඔවුන් සඳහන් කරනවා.

Lonely planet එක අපි ගැන හඳුන්වලා දෙන විදිය රටක් විදියට අපට හරි ආඩම්බරයක්. සංචාරක කර්මාන්තය තුළින් ලෝකයේ හොඳම තැනකට ශ්‍රී ලංකාව කියන බ්‍රෑන්ඩ් name එක උත්සන්න අප සියලු දෙනාටම වගකීමක් තිබෙනවා. Statista.com වෙබ් අඩවියට අනුව ලෝකයේ සංචාරක කර්මාන්තය නිසා ජනනය වන ආදායම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5.81 ක් විතර වෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 5810 ක්. හැබැයි 2022 අවුරුද්දේ නොවැම්බර් මාසේ වෙනකොට අපේ සංචාරක ආදායම උනේ ඩොලර් බිලියන 1.129 විතර. වෙන විදිහකින් කිව්වොත් 1/5810 යි. ඔන්න ඔච්චරයි අපි හම්බ කරල තියෙන්නෙ. හොඳට සංවිධානය වෙනවා නම් ලස්සන රටක් නිර්මාණය කරනවා නම් ඉන්දියන් සාගරයේ මුතු ඇටයට මීට වඩා දෙයක් කරන්න පුළුවන්.

Do you want to discuss topics? Follow the page..!

https://www.facebook.com/profile.php?id=100089956119579&mibextid=ZbWKwL

Mitsubishi සමාගමේ ශ්‍රී ලංකා ශාඛාව වසා දැමීමට තීරණය කර ඇති බව මේ වන විට ඔබ දන්නවා ඇති. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංග...
10/02/2023

Mitsubishi සමාගමේ ශ්‍රී ලංකා ශාඛාව වසා දැමීමට තීරණය කර ඇති බව මේ වන විට ඔබ දන්නවා ඇති. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරිම, ස්වභාවික ගෑස් ආශ්‍රිත ව්‍යාපෘති අවලංගු කිරීම ඇතුළු තවත් ව්‍යාපෘති ගණනාවක් සඳහා අවශ්‍ය සහයෝගය පළනොකිරීමත් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන ණය අර්බුදයත් හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට එම සමාගම තීරණය කර තියෙනවා.

Mitsubishi සමාගමේ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය 2023 වර්ෂය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 52ක් පමණ වෙනවා. 2022 වර්ෂය වන විට ශ්‍රී ලංකාව ගෙවිය යුතු සමස්ත විදේශ ණය ප්‍රමාණය වෙන්නෙත් ඩොලර් බිලියන 51යි. companiesmarketcap වෙබ් අඩවි අනුව ලොව තිබෙන සමාගම් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව පෙළගැස්වුවහොත් මිට්සුබිෂි සමාගම සිටින්නේ 311 වන ස්ථානයේ. Macrotrends වෙබ් අඩවියට අනුව 2022 වර්ෂයේ දී ඔවුන්ගේ සමස්ත ආදායම ඩොලර් බිලියන 8ක්.

අපේ රටේ තියෙන අකාර්යක්ෂමතාවය නිසා අපි රටෙන් යවන්නෙ මේ වගේ යෝධයෙක්ව. අපි ඔයාලාව දාලා යනවා කිව්වම සත පහකට ගණන් ගන්නැතිව ඉන්නෙ මේ වගේ වටිනා කම්පැනි එකක්. තවමත් අපිට කාලෙ ඉතිරි වෙලා තියෙනවා මේ කොම්පැනිය අපේ රටේ රඳවා ගන්න. අපේ ස්ථාලයෙ ඉන්නෙ අශ්වයෝ දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි. ඒ අශ්වයෝ ස්ථාලයෙන් පැනලා ගියාට පස්සේ දොර වහලා වැඩක් නෑ.

Do you want to discuss topics? Follow the page..!

https://www.facebook.com/profile.php?id=100089956119579&mibextid=ZbWKwL

ඔබ දන්නවාද?   භූමිකම්පාවක ප්‍රමාණය මැන බැලෙන්නේ magnitude නම් ඒකකයක් යොදාගෙන වන අතර එම ඒකකය යොදාගනිමින් වර්ෂ 1935 දී විද...
07/02/2023

ඔබ දන්නවාද? භූමිකම්පාවක ප්‍රමාණය මැන බැලෙන්නේ magnitude නම් ඒකකයක් යොදාගෙන වන අතර එම ඒකකය යොදාගනිමින් වර්ෂ 1935 දී විද්‍යාඥයකු වූ Charles F. Richter විසින් භූකම්පනයක පරිමාව මැන බැලීම සඳහා රික්ටර් මාපාංකය නිර්මාණය කරන ලදී. මෙහිදී අදාල භූ කම්පනයක පරිමාව මැග්නිටියුඩ් 0 සිට 10 දක්වා පරාසයක මැන බලයි. තුර්කියේදී 06/02/2023 වන දින සිදු වූ පළමු භූ කම්පනය magnitude 7.8 ක් වූ අතර දෙවන භූකම්පනය magnitude 7.5 ක් ලෙස වාර්තා විය. මෙහිදී සිදු වූ ජීවිත හා දේපළ හානි පිළිබඳ තවමත් ගණනය කරමින් පවතී. රික්ටර් මාපාංකය නිර්මාණය කළ පසු හඳුනාගන්නා ලද ප්‍රබලතම භූ කම්පනය 1960 වර්ෂයේ දී චිලී රාජ්‍යයේ Valdivia ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය magnitude 9.5 කි. ඩොලර් බිලියන 200 - 300 ත් හානියක් සිදුකරමින් 2011 වර්ෂයේ දී ජපානයේ Tohoku ප්‍රදේශයේ සිදු වූ magnitude 9.1 ක භූකම්පනය සුනාමියක් පවා නිර්මාණය කරමින් ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය විනාශ කරමින් ලොව වැඩිම ආර්ථික හානියක් සිදුකළ භූකම්පනය ලෙස ඉතිහාසයට එක් වී ඇත.

තුර්කියේ සහ සිරියාවේ සිදුවූ භූ කම්පනයෙන් අද (07/02) වන විට ජීවිත 1400ක් පමණ අහිමිව ඇති අතර තුර්කියේ පමණක් ගොඩනැඟිලි 3000...
07/02/2023

තුර්කියේ සහ සිරියාවේ සිදුවූ භූ කම්පනයෙන් අද (07/02) වන විට ජීවිත 1400ක් පමණ අහිමිව ඇති අතර තුර්කියේ පමණක් ගොඩනැඟිලි 3000 කට වඩා විනාශ වී ඇත. එහිදී සිදුවූ ආර්ථික හානිය තවමත් ගණනය කරමින් පවතී.

Tequila කියන්නේ මෙක්සිකෝවට ආවේණික ඉතා ජනප්‍රිය මත්පැන් වර්ගයක්. මෙක්සිකෝවේ තියෙන Tiquila කියන city එක ආශ්‍රිතව තමයි මෙම ...
03/02/2023

Tequila කියන්නේ මෙක්සිකෝවට ආවේණික ඉතා ජනප්‍රිය මත්පැන් වර්ගයක්. මෙක්සිකෝවේ තියෙන Tiquila කියන city එක ආශ්‍රිතව තමයි මෙම මත්පැන් වර්ගය නිෂ්පාදනය කරන්නේ. Blue Agaves කියන ශාකයෙන් ලබාගන්න සාරයෙන් තමයි ටිකිලා නිෂ්පාදනය කරන්නේ මේකෙ සැර ඒ කියන්නේ ඇල්කොහොල් ප්‍රමාණය 35%-55% විතර වෙනවා. 8.8% බියර් ටින් එකක් ගහලා වදින අයට නම් මේකෙන් ෂොට් දෙකක් විතර නැවුවොත් සොරි තමයි.

ඔයාල දන්නවද Tequila global market එක කොච්චරද කියලා. 2021 වර්ෂයේ දී ඒ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 10 විතර වෙනවා. සෙල්ලං නෑ නේද? ඒක තමයි branding කියන්නේ. ආගම ධර්මය අනුව නම් මත්පැන් හොඳ දෙයක් නෙමෙයි. නමුත් මත්පැන් ලෝකයේ බහුතරයක් රටවල තියෙන අනිවාර්ය නිෂ්පාදනයක්. මත්පැන් කියන්නෙ වෙනම සංස්කෘතියක්. Tequila city ආශ්‍රිත ප්‍රදේශය තුළ තියෙන සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කම සලකලා බලලා යුනෙස්කෝව විසින් එම ප්‍රදේශය UNESCO ලෝක උරුමයක් විදියට නම් කරලා තියෙනවා.

ශ්‍රී ලංකාව කියන්නේ අපේ රටටම ආවේනික ශාක රාශියක් තියෙන ඒ වගේම හෙළ වෙදකම ඇතුලේ අරිෂ්ට ගණනාවක් තියෙන රටක්. රජයක් විදිහට යම් කමිටුවක් හරහා යම් තාක්ෂණික සහයෝගයක් සහිතව ශ්‍රී ලංකාවට ආවේණික යම් මත්පැන් වර්ගයක් හෝ බීර වර්ගයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා නම් Ceylon product එකක් විදියට එක branding කරන්න අපිට හැකියාව ලැබෙනවා. හොඳ නරක තියෙන්න පුළුවන්. හෙළ වෙදකම සහ තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කරන මත්පැන් වර්ගයක් ශක්ති ජනක පානයක් විදිහටත් ඒ වගේම යම් ලෙඩ රෝගයක් සුව කරන පානයක් විදිහටත් භාවිතා කරන්න පුලුවන් නම් ඒක හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙයි. උදාහරණයක් විදිහට දියවැඩියාව වගේ රෝගයකට පිළිතුරු සපයන්න පුළුවන් මත්පැන් වර්ගයක් නිර්මාණය කරන්න පුළුවන් නම් ඒක අපිට හොඳ මාකට් එකක් හොයාගන්න පුළුවන්.

විදේශිකයෝ ශ්‍රී ලංකාවට ඇවිල්ලා වැඩිපුරම භාවිතා කරන්නේ විදේශීය මධ්‍යසාර එතකොට එයාලා අපිට දෙන ඩොලර් ටික අපි ආපහු එයාලගේ රටටම දෙනවා. අපිට අපේ product ටිකක් එළියට දාගන්න පුළුවන් වුනොත් ඒ සල්ලි ටික අපේ රටේ ම රඳවා ගන්න පුළුවන් වගේම අපිට අපේ product export කරලා හොද ගානක් හොයා ගන්නත් පුළුවන්. ඒ වගේම Ceylon කියන brand එක ජනප්‍රිය කරන්නත් පුළුවන්.

Do you want to discuss topics? Follow the page..!

https://www.facebook.com/profile.php?id=100089956119579&mibextid=ZbWKwL

ජේම්ස් කැමරන් සහ ශ්‍රී ලංකාව..!
03/02/2023

ජේම්ස් කැමරන් සහ ශ්‍රී ලංකාව..!

ඔයාලා දන්නවද ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610 ක්   විතර වෙනවා.  අපි වගේම තවත් දූපත් රාජ්‍යයක් වෙච්ච...
02/02/2023

ඔයාලා දන්නවද ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610 ක් විතර වෙනවා. අපි වගේම තවත් දූපත් රාජ්‍යයක් වෙච්ච තායිවානය එම භූමි ප්‍රමාණය වෙන්නේ වර්ග කිලෝමීටර් 36197 ක් විතර. තායිවානය සම්පූර්ණයෙන් නිදහස් රාජ්‍යයක් නම් නෙමෙයි. එය චීනයේ කොටසක් විදිහටයි සැලකෙන්නේ. නමුත් ඒක වෙනම පරිපාලන ඒකකයක් විදියට හඳුන්වන්න පුලුවන්. අපි මේ රටවල් දෙකේ ආර්ථිකය 2022 වර්ෂයේ දත්ත සමග චුට්ටක් සංසන්දනය කරලා බලමුද ?

2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වෙන්නේ ඩොලර් බිලියන 74ක් විතර. හැබැයි තායිවානයේ ඩොලර් ඩොලර් බිලියන 828 ක් පමණ වෙනවා.ඒ කියන්නේ හරියටම අපේ රටෙන් භාගයක භූමි ප්‍රමාණයකට විතරක් හිමිකම් කියන තායිවානයේ දළ දේශීය නිෂ්පාදිතය අපි වගේ 11 ක් ගුණයක් විතර වගේ වෙනවා.

එහි ජනගහනය අපට වඩා වැඩියි කියලා ඔයා හිතනවද? ඔව් පොඩ්ඩක් විතර වැඩියි. ශ්‍රී ලංකාව ලෝක ජනගහණය අතින් බැලුවම ඉන්නේ 57 වන ස්ථානයේ. අපිට ඉන්නවා මිලියන 22 ක්. තායිවානයේ ජනගහනය මිලියන 24ක් පමණ වෙනවා. එයා ඉන්නේ ලෝක ජනගහනයෙන් 56 වෙනි තැන. මිලියන 2 ක විතර පොඩි වෙනසක් තියෙනවා.

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම වෙන්නේ ඩොලර් 3293 ක් විතර. හැබැයි ඔයා තායිවානයේ ඉපදුනා නම් ඔයාගේ වාර්ෂික ඒක පුද්ගල ආදායම වෙනවා ඩොලර් 35513 ක් . රටේ නිෂ්පාදනය කෘෂිකාර්මික කාර්මික හා සේවා යන අංශ අතර බෙදී යන ආකාරය පොඩ්ඩක් බලමුද? තායිවානයේ ආර්ථිකයට කෘෂිකර්මාන්තයේ දායකත්වය 1.8%. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ඉපයීම සමස්ත ආදායමෙන් 14.6%. තායිවානයේ කාර්මික අංශයේ දායකත්වය 36%. ශ්‍රී ලංකාවේ කාර්මික අංශය දායක වෙන්නේ 26.2% කින්. සේවා අංශයේ දායකත්වය තායිවානයේ දී 62.1% විතර වෙද්දි ලංකාවේ ක 59.2%

තායිවානය උද්ධමනය 3%ක්. අපේ ලංකාවේ 70% විතර තිබුණා 2022 අග වෙනකොට. රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පරිපාලන ඒකක සියල්ල එක්ව දැක්වූවා ම ශ්‍රී ලංකාව ආර්ථික ශක්තිය අතින් එහෙම නැත්නම් දළ දේශීය නිෂ්පාදනය අතින් ලෝකයේ 79 වන ස්ථානයේ පසු වන අතර තායිවානය 21 වන ස්ථානයේ පසුවෙනවා.

විසිවෙනි ශත වර්ෂයේ වේගයෙන්ම සංවර්ධනය වුණු රාජ්‍යයක් විදිහට තායිවානය හඳුන්වන අතර ඔවුන්ගේ මෙම අධිවේගී දියුණුව හඳුන්වන්නේ ආශ්චර්යමත් තායිවානය ලෙසයි. ඔයාට මොනාහරි මතක් උනා ද? ඔව් ඔයා හරි. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කියලා ලංකාවේ concept එකක් තිබ්බා. දැන් ඒක නෑ.

මෙහි දත්ත Wikipedia වෙබ් අඩවිය ආශ්‍රයෙන් උපුටා ගන්නා ලදී .

Address


Telephone

+94716577533

Website

Alerts

Be the first to know and let us send you an email when Insight With Alwis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share