Media Unit Central Province

  • Home
  • Media Unit Central Province

Media Unit Central Province Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Unit Central Province, News & Media Website, .

මධ්‍යම පළාත් කඹ ඇදීමේ ද්විත්ව ශුරතා මහනුවරට !..............................................................................
13/06/2024

මධ්‍යම පළාත් කඹ ඇදීමේ ද්විත්ව ශුරතා මහනුවරට !.........................................................................................
මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ කඹ ඇදීමේ තරගාවලියේ දී ද්විත්ව ශුරතා හිමිකර ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් සමත් වේ. මෙම තරගාවලියේදී පිරිමි ශුරතාවය දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමත් වූ අතර එහි කාන්තා ශුරතාවය ද හිමිකර ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.

12/06/2024
විනය කාර්යය පරිපාටිය සම්බන්ධයෙන් පුහුණුවක්....මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන නිළධාරින් විනය කාර්යය පරිපාටිය සම්බන්ධයෙන් දැ...
12/06/2024

විනය කාර්යය පරිපාටිය සම්බන්ධයෙන් පුහුණුවක්....
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන නිළධාරින් විනය කාර්යය පරිපාටිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් (11) දින නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ මෙහෙය වීමෙන් පැවැත්විණි.
විනය හා සාමාන්‍ය හැසිරීම, විනය බිඳ වැටීම් හා මුලික විමර් ශන පැවැත්වීම පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීම තුළින්, කඩිනමින් හා නිවැරදිව මූලික විමර් ශන කටයුතු කරගෙන යෑම සඳහා නිළධාරි සංචිතයක් පිහිටුවීම මෙම වැඩමුළුව මගින් අපේක්ෂා කෙරේ.
මෙම වැඩමුළුව සඳහා පළාත් පාලන දෙපාර් තමේන්තුවේ ගණකාධිකාරි ඩබ්.එම්.ජී.කේ.ආර්. බණ්ඩාර මහතා සහභාගි වූ අතර, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිළධාරි මංජුල මල්ලවආරච්චි මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයකු වන ඒ මහතා, දැනට මධ්‍යම පළාත් සභාවේ සම්පත්දායකයෙකු ලෙස කටයුතු කරයි.

මුල් ළමාවිය දරුවන්ට චිත්‍ර තරගයක්......කාන්තා කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය ...
12/06/2024

මුල් ළමාවිය දරුවන්ට චිත්‍ර තරගයක්......

කාන්තා කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින්, මුල් ළමා රැකවරණ හා සංවර්ධන පිළිබඳ ජාතික සතිය 2024 යටතේ චිත්‍ර නිර්මාණය ඉදිරිපත් කිරීම හා ඇගයීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.
මෙම ජාතික සතියේ තුන්වන දිනය (2024-07-16) මුල් ළමා විය දරුවන් සඳහා සෞන්දර්ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වෙන්කර ඇත. එහිදි මුල් අමාවිය දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් හා සෞන්දර්යාත්මක හැකියාවන්ගෙන් පිරිපුන් මුල් ළමාවිය දරුවන් පිරිත් දරු පරපුර බිහි කිරීමේ අරමුණින් මෙම චිත්‍ර නිර්මාණය කිරීම හා ඇගයීමේ වැඩසටහන ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි පැවැත්වේ.
මේ සඳහා සිදු කරනු ලබන නිර්මාණය 2024 ජුනි මස 16 වෙනි දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය වෙත යොමු කළ හැකිය.

11/06/2024
මධ්‍යම පළාත් බර ඉසිලීමේ තරගාවලිය පසුගිය දා මහනුවර YMCA ශාලාවේදී පවත්වන ලදී. 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා මධ්‍යම පළා...
10/06/2024

මධ්‍යම පළාත් බර ඉසිලීමේ තරගාවලිය පසුගිය දා මහනුවර YMCA ශාලාවේදී පවත්වන ලදී.

48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා මධ්‍යම පළාත් නියෝජනය කරනු ලබන කාන්තා හා පිරිමි කණ්ඩායම් තෝරාගැනීම වෙනුවෙන් පැවති මෙම තරගාවලියේදී මහනුවර ,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකේෂ්වරී මහත්මියගේ උපදෙස් මත , මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් මෙම තරගාවලිය සංවිධානය කොට පැවති අතර තරග සම්බන්ධීකරණ නිලධාරි ලෙස ක්‍රීඩා නිලධාරි සනත් පුරගේගෙදර විසින් සිදුකරන ලදී.

මහනුවර දිස්ත්‍රික් පාපන්දු ශුරතා ගගවට හා කුණ්ඩසාලේ දිනා ගනී.48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවත් වූ මහනුවර...
10/06/2024

මහනුවර දිස්ත්‍රික් පාපන්දු ශුරතා ගගවට හා කුණ්ඩසාලේ දිනා ගනී.

48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවත් වූ මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ පිරිමි ශුරතාවය දිනා ගැනීමට ගගවටකොරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ක්‍රීඩා කණ්ඩායම සමත් වූ අතර එහි කාන්තා ශුරතාවය දිනා ගැනීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ක්‍රීඩා කණ්ඩායම සමත් විය.

පිරිමි අවසන් තරගය සදහා උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම ගගවටකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සිදුසුකම් ලැබූ අතර අවසන් තරගයේදී ගෝල 1-0 ලෙස ලබාගනිමින් උඩපළාත පරාජය කරමින් ශුරතාවය දිනා ගැනීමට ගගවටකෝරළේ කණ්ඩායම සමත් විය. අනුශුරතාවය උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායමට හිමිවිය.

කාන්තා තරගාවලියේ අවසන් තරගය සදහා පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම හා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සුදුසුකම ලබා පැවති අතර එහිදී නිශ්චිත කාලය තුළ දෙපිලටම ගෝල ලබාගැනීමට නොහැකිවුයෙන් දඩුවම් පහර මගින් තරගයේ ජය තීරණය කිරීම සිදු විය .එහිදී ගෝල 3-2 ලෙස ලබා ගනිමින් පුජාපිටිය කණ්ඩායම පරාජය කරමින් ශුරතාවය දිනා ගැනීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සමත් විය. අනුශුරතාවය පුජාපිටිය කණ්ඩායමට හිමිවිය.
මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ දී ඉකුත්දා පැවැත්විණ.

රූපහ කොටඹේ මහා විද්‍යාලය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයටනුවරඑළිය රූපහ කොටඹේ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ක්ෂණික ඉල්ල...
07/06/2024

රූපහ කොටඹේ මහා විද්‍යාලය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

නුවරඑළිය රූපහ කොටඹේ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ක්ෂණික ඉල්ලිමට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා එම විදුහලේ නිරික්ෂණ චාරිකාවක 02දා නිරත විය.

ආණ්ඩුකාරවරයා ‍ප්‍රදේශයේ වෙනත් ආගමික උත්සවකයට සහභාගිවෙමින් සිටින අතරතුර විදුහල්පතිවරයා විසින් සිදු කළ ඉල්ලිම අනුව මෙම විද්‍යාලයේ නිරික්ෂණයක නිරත වු අතර විදුහල්පති නයන නවරත්ත මහතා විසින් විද්‍යාලයේ පවතින අඩුපාඩු පිළිබදව දැනුවත් කළ අතර පාසල් ගොඩනැගිල්ලක පළමු මහලේ ඉදිකිරිම් සිදු කර දෙන ලෙස ඉල්ලා සිටි අතර ඒ පිළිබදව අවාධනය යොමු කළ ආණ්ඩුකාරවරයා පළාත් ආධ්‍යාපන ලේකම්වරයා දුරකත‍නයෙන් සම්බන්ධවෙමින් ඉල්ලිම පිළිබදව කරුණු සෙයා බලා ප්‍රතිපාදන වෙන් කරන ලෙස දැන්විය.

නුවරඑළිය රූපහ කොටඹේ මහා විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේඛිය දක්වා පංති පැවැත්වෙන අතර සිසුන් 290කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවද මෙහිදි අනාවරණය වු අතර දරුවන්ගේ අධ්‍යාපන මට්ටමද ඉහළ තත්වයක පවතින බවද මෙහිදි විදුහල්පතිවරයා පෙන්වා දෙනු ලැබිය.මෙම අවස්ථාවට විදුහල්පති නයන නවරත්න මහතා ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය විසින් වාර්ෂිකව පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පවත්වනු ලබන මිහිඳු පෙරහැර මෙරත් උත්කර්ෂවත් අයු...
07/06/2024

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය විසින් වාර්ෂිකව පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පවත්වනු ලබන මිහිඳු පෙරහැර මෙරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම්ට කටයුතු යොදා ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ උපදෙස් පරිදි මෙවර පොසොන් පෙරහැර පැත්වීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදි පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
ඒ අනුව මෙවර මිහිඳු පෙරහැර පොසොන් පෙහොය දින අලි ඇතුන් සහතිව, සංස්කෘතික අංග සහිතව මෙවර පෙරහැර මහනුවර නගරයේ දී වීදී සංචාරය කිරීමට නියමිත අතර මෙම පෙරහැර සංවිධානය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබිදීමට සාකච්ඡාව සඳහා සහභාගී වූ ආයතන විසින් එකඟ විය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඩී.ආර්. පියදාස, මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්, ඉන්දිකා කුමාරි අබේසිංහ, මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේමබණ්ඩාර යන මහත්ම මහත්මීන් මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතියේ සභාපති වෝල්ටර් රණසිංහ මහතා ඇතුළු විධායක සාමාජිකයින් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

07/06/2024

Address


Telephone

+94812225272

Website

Alerts

Be the first to know and let us send you an email when Media Unit Central Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit Central Province:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share