AMMC

AMMC ශ්‍රී ලාංකේය තරුණ තරුණ තරුණියන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම උදෙසා කටයුතු කරයි.
(1)

ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවාමිය යන විට ඒ මහතා 75 හැවිරිදි වියේ පසු විය.සුමින්ද සිරිසේන මහත...
04/12/2023

ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා

මිය යන විට ඒ මහතා 75 හැවිරිදි වියේ පසු විය.

සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි පවුලේ සාමාජිකයින් සඳහන් කළේ

ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත බෞද්ධයන් සහ AMMC  පවුලේ  ඔබ සැමට තෙරුවන් ගුණයෙන් සුවපත් වෙන  වෙසක් මංගල්‍යයක්  වේවා !!!
05/05/2023

ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත බෞද්ධයන් සහ AMMC පවුලේ ඔබ සැමට තෙරුවන් ගුණයෙන් සුවපත් වෙන වෙසක් මංගල්‍යයක් වේවා !!!

ඔබ මේ රංගනය දිනක අවසන් කරන බව අපි දැනගෙන සිටියෙමු. නමුදු මෙතරම් ඉක්මනින් එය වේ යැයි සිහිනෙකින් වත් නොසිතුවෙමු. හේතුව නම්...
01/05/2023

ඔබ මේ රංගනය දිනක අවසන් කරන බව අපි දැනගෙන සිටියෙමු. නමුදු මෙතරම් ඉක්මනින් එය වේ යැයි සිහිනෙකින් වත් නොසිතුවෙමු. හේතුව නම් ආධුනික කළාකරුවන් තවම පුහුණු වෙන බැවින් ඔබගේ චරිතයට සුදුස්සෙකු නොමැති නිසාවෙනි.
සුබ ගමන්.

01/05/2023

කම්කරුවා තවදුරටත් කිසිවකුගේ දඩයමක ගොදුරක් විය යුතුද?

රටක ජීවනාලිය වන කම්කරු ජනතාවගේ සේවාව ඇගයීම සැමරීම හා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම මැයි දිනයේ දී සිහිපත් කළ යුතුමය. මැයි දිනය නිවාඩු දිනයක් ලෙස බොහෝ දෙනාගේ සිහියට නැගෙන අතර මැයි පළවැනිදා නම් සිහියට නැගෙන්නේ මැයි රැළි සහ පෙළපාළි යන්නයි. සෑම වසරකම මැයි 1 වැනිදා ලොව පුරා බොහෝ දෙනෙකු ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු ලබයි. වසර සියයකට එහා ඉතිහාසයක් පවතින කම්කරු දිනය සැමරීමට අවශ්‍ය පසුබිම 1886 වසරේ චිකාගෝ නුවර දී සිදුවුණු එක්තරා සිදුවීමක් හරහා සිදු විය. ඉන් වසර කිහිපයකට පසුව ලොව බොහෝ රටවල් මැයි 1 වැනි දින කම්කරු දිනය සැමරීම සිදු කරයි. නමුත් ශ්‍රී ලංකවේ කම්කරු දිනය සැමරීම ආරම්භ වූයේ ඊට වසර 38කට පමණ පසුව යි.

ශ්‍රී ලංකා කම්කරු දිනයේ ආරම්භය සිදු වූයේ ඊ.ඒගුණසිංහ නම් කම්කරු නායකයාගේ මැදිහත් වීමෙනි. 1891 මැයි 1 වැනිදා එනම් කම්කරු දිනයක උපත ලැබූ ගුණසිංහ තරුණ වියේ සිටම කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අතර එනිසාම ඔහු මෙරට කම්කරු ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවට පත්විය. එම කාල වකවානුව වන විට ලොව බොහෝ රටවල්වල කම්කරු දිනය උත්සවශ්‍රීයෙන් සැමරූ නිසාම ගුණසිංහට මෙරට තුළ කම්කරු දිනය සැමරීමට අවශ්‍ය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්1927 වසරේ දී ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් මැයි දින පෙරහැරක් පවත්වා පැමිණ සිටි කම්කරුවන්ට තෑගි භෝග බෙදාදෙමින් මෙරට කම්කරු සැමරුමක් පැවැත්වුණි. අප රට තුළ මුල්ම වරට සංවිධානාත්මක මැයි රැළියක් පැවැත්වුණේ 1933 වසරේ දී යි. එදා උත්කර්ෂවත් අයුරින් පැවති මැයි රැළිය කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය.

අප රට ද ඇතුලු බොහෝ රටවල දේශපාලන පක්ෂ විසින් තම බලය රැක ගැනීම සහ බලය වැඩි කර ගැනීමේ අරමුණීන් කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ඒත්තු ගැන්වීම සඳහා මැයි දිනයේ දී “වැඩ කරන ජනතාව වෙනුවෙන්” යන්න තේමාවන් සමගින් අති විශාල ජන සහභාගීත්වයකින් මැයි දිනය සැමරීමට කටයුතු කරයි. කම්කරු ජනතාවට මැයි දිනය පිළීබඳව පැහැදිලි අවබෝධයක් පවතීද යන්නම සැක සහිත ය. බොහෝ අවස්තාවල රැල්ලට මැයි දින පෙළපාළී සහ මැයි රැළිවලට ඇදෙන කම්කරු ජනතාව කාගේ හෝ උගුලක ගොදුරක් විය හැක. බත් පාර්සලයකට, යම් දීමනාවකට තම චන්ද අයිතිය පවා විකුණා දමන්නට ඇතැම් පුද්ගලයන් කටයුතු කරන්නේ අවබෝධයක් නොමැතිකම නිසාද, ආර්ථික අපහසුතා නිසාම ද යන්න ගැටලුවකි. කම්කරු ජනතාව දිගින් දිගටම රවට්ටන්නේ පටු අරමුණූ සහ දේශපාලන වාසි ලබා ගන්නා පුද්ගලයන්ම නොව විවිධ සමාගම්ද, හොර සේවා සපයන්නන්, වෙළෙන්දන්ද එහි කොටස්කරුවෝ ය. මද්‍යසාර සමාගම්ද එහි තවත් කොටස් කරුවෙකි.

එදා වේල අතට ගන්නා කම්කරුවා නැතහොත් මාසේ පඩිය අතට ගන්නා කම්කරුවා මද්‍යසාර, දුම්කොළ හෝ වෙනත් යම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක් නම් ඔහුගේ ජීවිතය කිසිසේත්ම පහසු හෝ සාර්තක නොවේ. ඔහු මද්‍යසාර උගුලට හසු වූ පුද්ගලයෙකි. ඔහුටත් නොදැනීම ඔහුගේ අත්‍යවශ්‍යම අවශ්‍යතාවන් සඳහා පවතින මුදල් මද්‍යසාර හෝ දුම්වැටි, වෙනත් මත්ද්‍රව්‍ය වෙනුවෙන් නාස්ති කර ගන්නේ, ලෙඩ රෝග මෙන්ම, සියදිවි ටිකෙන් ටික හානිකර ගනිමින් භයානක මරණයකට ඉඩ සකස් කරගනිමිනි. මද්‍යසාර සමාගම් කෙතරම් කූට වන්නේද යත්, තම පාරිභෝගික පිරිස රෝගී වී නැසී යන බව දන්නා නිසාවෙන්ම ඔවුන් අනාගත පරම්පරාව ඔවුන්ගේ ගොදුරු කර ගැනීමට වේලාසනින්ම කටයුතු කරයි.

මැයි රැළි පැවැත්වීමේ අරමුණ කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමයි. නමුත් කම්කරුවා තව දුරටත් දුප්පත්කමේ රඳවා තබා ගනිමින් මද්‍යසාර සමාගම්වලින් ලබා දෙන අරක්කු කාලකට හෝ අරක්කු භාගයකට කම්කරුවා රඳවාගෙන සූරාකෑමේ ව්‍යාපාරයක් කම්කරු දිනයේදීත් ක්‍රියාත්මක වන බව නොරහසකි. එම වැඩසටහන් සංවිධානය කරන පාලකයන් නැතහොත් පුද්ගලයන්ගෙන් විය යුත්තේ කම්කරුවා එම සමාගම්වල උගුල්වලින් ගලවා ගැනීමයි. ලොව අඩු ආදායම්ලාභී පුද්ගලයන් මේවාගෙන් ඉවත් කර ගැනීමට, මෙම උගුල්වලින් ගලවා ගැනීමට ප්‍රතිපත්ති සකස් වීම සහ ක්‍රියාත්මක වීම සිදු වන අතර එහිදී මද්‍යසාර, දුම්වැටිවල බදු ඉහළ දැමීම තුළින් ලබා ගැනීමට ඇති අවස්තාව අවම කිරීම, ලබා ගැනීමේ පහසුකම් අවම කිරීම, ඒවා අලෙවි කරන වෙළඳසැල්වල විවෘත කරන වේලාවන්, වසා තබන වේලාවන්වල වෙනස්කම් ඇති කිරීම ආදී ක්‍රියාමාර්ග සහ ඵලදායී ඵතිපත්ති ඇති කරමින් තව දුරටත් දුප්පත් ජනතාව දුප්පත් වීම අවම කර ගැනීමට ලොව බොහෝ රටවල් කටයුතු කරයි. ඒ අනුව තව දුරටත් සිදු විය යුත්තේ දුප්පත් ජනතාව සූරාගෙන කන මද්‍යසාර සමාගම්වලට තවත් අවස්තා සකස් කර දී තව දුරටත් ඔවුන්ගේ භාවිතය වැඩි කිරීම සහ ඔවුන්ව මද්‍යසාර සඳහා පුරුදු කිරීමෙන් තව දුරටත් දුප්පත් කිරීම නොවේ. මෙහිදී කම්කරු ජනතාව තමාව තව දුරටත් සූරාකමින් මද්‍යසාර භාවිතය සඳහා යොමු කර ගැනීමට ලොකු වැඩපිළිවෙලක් සිදු වන බව අවබෝධ කරගත යුතු අතර ඒවා වෙනස් කිරීම වෙනුවෙන් කම්කරුවන් ලෙස නැගී සිටිය යුතුය.

සමාගම් උගුල්වලට හසු වී ඉන් ගැලවෙන්නට උත්සුක නොවී ආර්තික අපහසුතා පිළිබඳව කණගාටු වෙමින් ආණ්ඩුවට, සමාගම්වලට, නැතහොත් වෙනත් කිසිවකුට දෝෂාරෝපණය කිරීමෙන්ම පමණක් පලක් නැත. එය "පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වාගේ"විය හැක. සෑම මැයි දිනයකම මැයි රැළි පැවැත්වීම, වැඩවර්ජන, ඉල්ලීම් කර යමක් ලබා ගැනීම පමණක් ඵලක් වේ ද යන්න තව දුරටත් සිතා බැලිය යුතු ය. එසේ නම් හසු වී ඇති උගුල්වලින් ද කම්කරුවා ගැලවිය යුතු ය. ඔවුන් කිසිවකුගේ අතකොලුවක් හෝ මුදල් පිපාසාවන් සංසිඳුවන්නෙක් නැතහොත් වහලෙකු නොවිය යුතු ය. කම්කරුවන්ට ඔවුන්ගේ සේවාවන්ට අනුව සාධාරණ ගෙවීමක් සිදුවිය යුතුම ය.ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් අසාධරන නොවන්නේ ය. නමුත් ආර්තික අපහසුතාවන් සහ සදාකාලිකවම මාසය යන්තමට ගෙවා ගනිමින්, හුස්ම වෙනුවෙන් කුස පුරවා ගන්නටත්, අපහසුතා බොහොමයක් සමග අවශ්‍යතා ඉටු කර ගැනීම හෝ ඉටු කර ගැනීමට දරන උත්සාහයත් සදාකාලික විය යුතුද? ජීවිතයේ අපට නොයෙක් අවස්තාවන් හා මාර්ගයන් ලැබෙනු ඇත. සදාකාලිකවම දුක් විඳින කම්කරුවකු වීම හෝ කම්කරුවා ඉතා අපහසුවෙන් ජීවිතය ගැට ගහ ගන්නා අයකු නොවිය යුතු ය. ස්වයං රැකියා සහ ආර්තික අතින් සිටිනා තැනකින් අඩියක් හෝ ඉදිරියට එන්නට සෑම පුද්ගලයකුම කටයුතු කළ යුතු ය.

පළමුව අපට අත්‍යවශ්‍ය නොවන නමුත් අත්‍යවශ්‍ය හෝ අවශ්‍ය බවට ඔබේ මනසට කාවද්දා ඇති භාණ්ඩ හා සේවා පරිභෝජන නතර කර දැමිය යුතුය.එය සරලව ලියා දැමුවද සරලව සිතිය යුතු කාරණයක් නොවන්නේ ය. ඔබ මද්‍යසාර දුම්වැටි මිලදී ගන්නකු හෝ එවන් අයකුගේ පවුලේ පුද්ගලයකු නම් දිනකට සිගරට් පහක් මිලදී ගන්නා පුද්ගලයකුට සතියකට යන මුදල රුපියල් 3500.00කි. මාසයකට 14000.00ක් සහ වසරකට 168000.00ක මුදලක් වැය වේ. මද්‍යසාර මිල දී ගන්නා පුද්ගලයකුට වසරකට යන මුදල මෙම 168000.00ක මුදල මෙන් දස ගුනයකටත් වැඩි විය හැක. ආර්ථිකමය අතින් තමන්ටත් නොදැනීම තමන්ව පරිහානියට පත් කරගන්නා අසරණ කම්කරුවන් මෙම උගුලෙන් ගැලවිය යුතුම ය. හැමදාම අසරණ දුප්පත් වැඩකරන ජනතාව ලෙස ජීවත් වීමට වඩා සමාගම් උගුල්වලින් ගැලැවී ජීවිතය දිනිය යුතුම ය. ආදරණීය කම්කරුවනි. මේ ඔබ රැල්ලට යන කාගේ හෝ අතකොලුවක්ව සුසුම්ලන මැයි දිනයක් නොවිය යුතුය. එය මෙතකින් අවසන් විය යුතු ය. මෙවර කම්කරු දිනය ඔබේම අවබෝධයෙන් ඔබ හසු වී ඇති උගුල්වලින් නිදහස්වන සැබෑ කම්කරු නිදහස් අරගලයක් විය යුතුය.

එල්.බී.එස්.දිල්හාරා

සුබ අලුත් අවුරුද්දක් වේවා
14/04/2023

සුබ අලුත් අවුරුද්දක් වේවා

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයාවිදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙ...
16/03/2023

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවා

නි ත් ත ව ල ගු ණ යා

කප්පරක සම්මාන ලාභී වූවත් ඔහුගේ ජීවිතයට වටිනාකමක් නොදුන් පාලකයෝ කුමට
***********
ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ගුරු සේවයට ආරාධනා ලැබූ
යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නොහොත් නිත්තවෙල ගුණයා:

නිත්තවෙල ගුණයා උපන්නේ 1906 දී දුම්බර මිටියාවතේ පිහිටි නිත්තවෙල කියන සුන්දර ගමේ.

පියාගේ නම කිරි උක්කුවා.

කිරි උක්කුවා 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ පටන් පැවත එන විශිෂ්ඨ පනික්කි පරම්පරාවක පනික්කි ගුරුන්නාන්සේ කෙනෙක්.

ගුණයා කිරි උක්කුවගේ එකම පුතා.

උඩරට කැරැල්ලෙ දී කැප්පෙටිපොළ නිළමේ එක්ක හිටපු නිත්තවෙල මහා පනික්කියා නිත්තවෙල ගුණයගේ මී මුත්තා.

ගුණයා අවුරුදු හතරේ ඉඳන් නැටුම් ඉගෙන ගත්තා.

අවුරුදු අටේ ඉඳන් මහනුවර සිරි දළදා පෙරහරේ නැටුවා.

අවුරුදු දහ අටේදි වෙස් කිරුළු පැළැන්දා.

අවුරුදු පනස්හතක් නුවර පෙරහැරේ නැටුවා.

සමනල වන්නම, තුරඟා වන්නම, මහබෝ වන්නම, මයුරා වන්නම නිත්තවෙල ගුණයගේ ම නිර්මාණ.

පණ්ඩිත් අමරදේවයන් ගයන 'වැලිතල අතරේ' ගීතය චන්ද්‍රරත්න ශ්‍රී මානවසිංහයන් රචනා කළේ මහබෝ වන්නමට අනුව.

නිත්තවෙල ගුණයා 1927 දි ජර්මනියේ නැටුවා.

1957 දී රුසියාවේ තිබුණු ලෝක තරුණ සම්මේලනයට සහභාගි වුණු ලංකා සංස්කෘතික කංඩායමේ නායකයා නිත්තවෙල ගුණයා.

යුරෝපා සංචාරයේ දී නිත්තවෙල ගුණයා එංගලන්ත මහා රැජිනගේ ප්‍රශංසාවට පවා ලක් වුණා.

නිත්තවෙල ගුණයා 1958 දී ෆිල්ම්⁣ෆෙයාර් සම්මාන උලෙළේ නැටුවා.

ෆිල්ම්ෆෙයාර් සඟරාවේ පිටු හතරක් නිත්තවෙල ගුණයගේ නැටුම්වලින් පිරුණා.

ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ උගන්වන්න ලැබුණු ආරාධනාව නිත්තවෙල ගුණයා ප්‍රතික්ෂේප කරා.

ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව වැනි රටවල්වල නිත්තවෙල ගුණයා අතීශය ජනප්‍රිය වුණා.

1950 අගමැති ඩී.ඇස්.සේනානායක මැතිතුමාගේ උපදෙස් පරිදි නිදහස් සමරු මුද්දරේ සැරසුණේ නිත්තවෙල ගුණයගේ රුවෙන්.

අගමැති බණ්ඩාරනායක මැතිතුමා නිත්තවෙල ගුණයව ස්වර්ණ ජයන්ති සම්මානයෙන් පිදුවා.

1975 දී ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා ශ්‍රී ලංකා සාහිත්‍ය දිනය වෙනුවෙන් නිත්තවෙල ගුණයව සම්මානයෙන් පිදුවා.

2005 ඉඳන් අද දක්වාම රුපියල් පනහේ නෝට්ටුව නිත්තවෙල ගුණය⁣ගේ රුවෙන් සැරසෙනවා.

දෙස් විදෙස් සඟරා, පර්යේෂණ ග්‍රන්ථ සිය ගණනක නිත්තවෙල ගුණයා ගැන ලිපි පළවුණා.

1947 ජර්මනියේ දී නිත්තවෙල ගුණයට ලැබුණු රන් සම්මානය කොළඹ දී පාදඩයෙක් හොරකම් කරා.

බිරිඳ 'සොඳිනා' ත් දියණිය 'අමරාවති'ත් මිය ගිය පසු නිත්තවෙල ගුණයා තනි වුණා.

අන්තිම කාලේ නිත්තවෙල ගුණයා ජීවත් වෙන්නෙ කෝපි කඩලා.

කෝපි කඩන අතරේ දිමි ගොට්ටක් ඇහැට වැටිලා නිත්තවෙල ගුණයගේ එක ඇහැක් අන්ධ වුණා.

ජීවිතේ අවසා⁣න භාගයේ අන්ත අසරණ ජීවිතයක් ගත කරපු නිත්තවෙල ගුණයා රෑ නින්දේදි කුප්පි ලාම්පුව පෙරළී පිලිස්සී මිය ගියා.

ධර්ම ශ්‍රී නන්දලෝචන

උපුටා ගැනීමක් ©️©

සුබ කාන්තා දිනයක් වේවා.අපි ට ශක්තියක් වන අපේ කාන්තා සන්නිවේදිකාවන් ❤️.ඇයගේ ශක්තිය අපේ ගමනේ ශක්තියයී.
08/03/2023

සුබ කාන්තා දිනයක් වේවා.
අපි ට ශක්තියක් වන අපේ කාන්තා සන්නිවේදිකාවන් ❤️.
ඇයගේ ශක්තිය අපේ ගමනේ ශක්තියයී.

ලංකාවේ තුවක්කු ලෝකයේ ඉහලම කාලතුවක්කු ?.ඇම්ස්ටර්ඩෑම් නුවර නෙදර්ලන්ත ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ලන්කාවෙන් රැගෙන...
07/03/2023

ලංකාවේ තුවක්කු ලෝකයේ ඉහලම කාලතුවක්කු ?.

ඇම්ස්ටර්ඩෑම් නුවර නෙදර්ලන්ත ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ලන්කාවෙන් රැගෙන ගිය මහනුවර රජුගේ අමුත්තන් පිළිගැනීම සඳහා භාවිතා කල කාලතුවක්කුව.
රජුගේ සංකේත බැරලය මත දක්නට ලැබේ: සූර්යයා, අර්ධ සඳ සහ සිංහල සිංහයා. 1765 දී හමුදා මෙහෙයුමක් අතරතුර ලන්දේසීන් විසින් මෙම කාලතුවක්කුව අල්ලා ගන්නා ලදී.

පසුව එවකට ඕලන්දය නොහොත් වර්තමාන නෙදර්ලන්තයට ගෙන ගිය ඔව්හු එය ස්ටැඩ්හෝල්ඩර්-පස්වන විලියම් කුමරුට ඉදිරිපත් කළහ.

උපුටා ගැනීමකි අයිතිය කතෘ සතුයි

Terracotta army.අධිරාජ්‍යයා ව ආරක්ශා කිරීමට  මිහිදන් උන යුධ සේනාව.Terracotta army නම් මෙම නිර්මානය 1974 වසරෙ චීනයෙ xi'an...
07/03/2023

Terracotta army.
අධිරාජ්‍යයා ව ආරක්ශා කිරීමට මිහිදන් උන යුධ සේනාව.

Terracotta army නම් මෙම නිර්මානය 1974 වසරෙ චීනයෙ xi'an නම් නගරයෙ ගොවීන් පිරිසක් විසින් සොයාගන්නා ලදී.පලමුව මුහුන පිලිබදව කොටස් කිහිපයක් හමු උන පසු එම ගොවීන් ඒ පිලිබදව නිලදාරීන් දැනුවත් කල අතර පසුව පුරාවිද්‍යා නිලදාරින් පැමින මෙහි කැනීම් සිදු කිරීමට පටන් ගැනුනි.මෙම ස්තානයෙ හමුදාව වර්ග 98km පුරාවට විහිදී ඇත.

Qin Shi Huang කුමරා එකල චීනයෙ කි.පු 246 දී වයස අවුරුදු 13 දී රාජ්‍යත්වයට පත්විය.කුඩා කල රජ උනත් ඔහු ඉතා දක්ශ රජ කෙනෙක් බවට පත් උනා චීනයෙ ඇති ප්‍රාදේශීය රජ ප්‍රදේශ ආක්‍රමනය කර චීනයෙ පලවෙනි අධිරාජ්‍යා විය .එම අධිරාජ්‍යයා පසුව අමරනීය වෙන්න උත්සහ ගත් රජ කෙනෙකි ම/ර/නින් පසු මලවුන්ගෙ රජු වීමට ආශ කර ඔහු ම/ර/නින් පසු තමන්ගෙ ආරක්ශාවට යුධ සේනාවක් සාදන ලදී එනම් terracotta නම් මැටි වර්ගයකින් යුධ සේනාවක් කලින් සිටම තනන ලදි.රජුගෙ අවසන් කැමත්ත වශයෙන් රජු මිය ගිය දවසට රජු ආසන්නයේම එම හමුදාවද වලලන ලදී.එම අධිරාජ්‍යයා වයස 49 දී මි/ය යන ලදී.පසුව රජුගෙ අවසන් කැමත්ත පරිදි එම හමුදාවද රජුගෙ සොහොන් ගැබට 1 km පමන දුරින් මිහිදන් ගත කරන ලදී.

එම සේනාවෙ 8000 කට පමන ආසන්න සෙබලුන්,අශ්ව රිය 600 ක්, සහ වෙනම අශ්ව බල ඇනියක් අඩංගු වේ.තවද එම සේනාව මිහිදන් කර ඇත්තේද නිල තලයන් අනුවය.තවද රජුට සේවය කර සංගීත්‍යන් සහ විවිද සේවකන් අඩංගු වේ.මෙම ප්‍රතිමා වසර 2000 කට වඩා පැරනි වේ.මෙය තැනීම සදහා සේවකයින් 700000 පමන පිරිසක් යොදාගෙන වසර 40 ක කාලයක් ගත වෙන්නට ඇතැයි අනුමාන කෙරෙ.

මතවාද :-

යම් විශ්ලේෂකයන් පවසන්නෙ මෙය රජුගෙ ප්‍රදර්ශනාත්මක සේනාවත් බවත් සැබවින්ම රජු මිය ගිය පසු සැබෑම සෙබලුන් සහිත සේනාවක් පනපිටින් පොලවෙ මිහිදන් කරන්න ඇතැයි අනුමාන කෙරෙ ඔවුන්ගෙ ආත්ම අර පිලිම වල ඇති බවද ඔවුන් රජුව ආරක්ශා කිරීමට බැදී සිටින බවද පැවසෙ.

තවද සමහර විශ්ලේශකයින් පවසන්නෙ මෙය රජුගෙ ශාපයකින් ගල් ගැසුනු සැබෑම සෙබලුන් බවයි.

කෙසෙවෙතත් මේ පිලිම වල ස්භාව එකිනෙකට එකක් සියල්ලම වෙනස් වේ.

අයිතිය මුල් හිමිකරු සතුයී.

මේ තියෙන්නේ ලංදේසීන් භාවිතාකල ඔරුවක්. මෙය හදලා තියෙන්නේ තනි ගසක කදක් හාරමින්.ගස , වල්දෙල් .වල්දෙල් කියන්නේ කිසිදු වටිනාක...
06/03/2023

මේ තියෙන්නේ ලංදේසීන් භාවිතාකල ඔරුවක්.

මෙය හදලා තියෙන්නේ තනි ගසක කදක් හාරමින්.
ගස , වල්දෙල් .
වල්දෙල් කියන්නේ කිසිදු වටිනාකමක් නොමැති දුර්වල ලී විශේශයකි.

මේ බාල වර්ගයේ ලීය ශක්තිමත් කරවලා තියෙන්නේ අපූරු ක්‍රමයකටයී. ඒ ඔරුව සෑදීමෙන් පසුව එය ගිනි තබයී. අඟුරු මතුව එනවිට ජලයේ ගිල්වා නිවා දමයී.

මෙහිදී සිදුවන්නේ ගසේ කිරි රත්වී මැලියම් විශේෂයක් සෑදී එමගින් ලීයේ තිබෙන වාත කුහර තුළට ඇතුල්වී ශක්තිමත් වීමයී.

ලංකාවේ ඉතිරිව තිබෙන මේ එකම ඔරුව ත්‍රිකුණාමල සාගර විද්‍යා කෞතුකාගාරයේදී ඔබට දැකගන්නට හැකියි.

මෙය උපුටා ගැනීමකි
ස්තුතියි සටහන සහ ජායාරූපයේ මුල් අයිතියට.

ජපානයට පැමිණි අත්භූත ගෝලය ? පසුගිය දින ජපානයේ හමමට්සු වෙරළ තීරයේ තිබී මේ අරුම පුදුම ලෝහ ගෝලය සොයාගත් අතර මෙහි විශ්කම්භය ...
05/03/2023

ජපානයට පැමිණි අත්භූත ගෝලය ?

පසුගිය දින ජපානයේ හමමට්සු වෙරළ තීරයේ තිබී මේ අරුම පුදුම ලෝහ ගෝලය සොයාගත් අතර මෙහි විශ්කම්භය 1.5m පමණ වුනා.මෙය සොයාගැනීමත් සමග ජපානය පුරා සහ ලොවපුරා විශාල ලෙස පුවත් මවන සිදු වීමක් වුනා.එයට හේතුව වූයේ මෙම ගෝලය එම වෙරළට පැමිණි ආකාරය කිසිවෙක් දැන නොසිටීමයි.

මෙය මුහුදේ ගසාගෙන පැමිණි එකක් බව පැවසුවත් සමහර පරීක්ෂකයන් පැවසුවේ මෙය අහසින් කඩා වැටුණු එකක් බවයි.තැඹිලි පැහැ දුඹුරු පාට මේ ලෝහ ගෝලය ඉහළට එසවීම සදහා ආධාරක 2ක්ද පවතිනවා.මෙය x ray පරීක්ෂකයකින් අනතුරුව ඇතුළත භයානක පුපුරන ද්‍රව්‍ය ආදිය නැතැයි තහවුරු කර තිබෙනවා.

සමහරුන් මෙය චීනය විසින් ගුවන් ගත කර යමක් ලෙසත්, තවත් පිරිසක් මෙය පිටසක්වල යානයක (UFO) කොටසක් ලෙසත් හදුන්වන අතර බහුතර මතය වී ඇත්තේ මෙය නැංගුරමක කොටසක් හෝ ලෝක යුධ සමයේ නිශ්ක්‍රීය වූ මුහුදු බෝම්බයක් ලෙසයි.පරීක්ෂණ පැවැත්වූ නමුත් ජපාන රජය මේ පිළිබද අදහස් පලකර නැහැ. කෙසේ වුවත් මෙයත් ලෝකයට දැන් තවත් අභිරහසක් වී හමාරයි

(තොරතුරු -අන්තර්ජාතික ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් )

ලංකාවේ පළමු අර්ධ සුඛෝපභෝගී බස් සේවාවේ පළමු බස් රථය. මෙය කොළඹ (99 ) බදුල්ල බස් රථයයි. "ලක්සිරි" ලෙස මෙය නම් කරන ලදි.  ඌව ...
05/03/2023

ලංකාවේ පළමු අර්ධ සුඛෝපභෝගී බස් සේවාවේ පළමු බස් රථය.

මෙය කොළඹ (99 ) බදුල්ල බස් රථයයි. "ලක්සිරි" ලෙස මෙය නම් කරන ලදි. ඌව ප්‍රා.ග.ම. බදුල්ල.
බස් රථ අංකය 23 ශ්‍රී 9857 වේ.
රථය මංගල ගමනට සූදානමින් එහි පළමු සේවක දෙපල සමග. ...

බදුල්ල බස් නැවතුම 1979. 10.15
එදා ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට

Happy birthday to a person who is always there for any member of our team, who manages to pull off a great job, who’s a ...
27/12/2022

Happy birthday to a person who is always there for any member of our team, who manages to pull off a great job, who’s a great person overall, and an even more wonderful member. Enjoy this day to your fullest!.
Happy birthday to you .
Maheshi Disanayaka.

She is the best Guide for Us.Always she make our vision truth .She is very brave leader who we found .Many Happy returns...
31/10/2022

She is the best Guide for Us.
Always she make our vision truth .
She is very brave leader who we found .
Many Happy returns of the day.
Board of Direct AMMC.
Dilusha Subasinhe.

අපගේ බලවත් කණගාටුව.
22/10/2022

අපගේ බලවත් කණගාටුව.

මුහුණු පොත තුල ඔබට නිදහස ඇත්තේ තවකෙකුගේ නිදහස අහිමි නොවන කල් පමණි. මුහුණු පොත තුල ඔබට යම් හිංසනයක් හෝ අපහසුතාවක් වී නම් ...
23/09/2022

මුහුණු පොත තුල ඔබට නිදහස ඇත්තේ තවකෙකුගේ නිදහස අහිමි නොවන කල් පමණි. මුහුණු පොත තුල ඔබට යම් හිංසනයක් හෝ අපහසුතාවක් වී නම් පොලිස් අපරාධ පරීක්ෂණ ඒකකය වෙත පැමිණිලි කිරිමට ඔබට හැකි.

She is more than ☔ She is more than wind She is more than thunder She is a one of the best voice in AMMC Family . Happy ...
28/08/2022

She is more than ☔
She is more than wind
She is more than thunder

She is a one of the best voice in AMMC Family .
Happy birthday to you .❤️

I wish you a lot of good health, luck, and wealth on your birthday. May you continue to grow in your life and touch the ...
19/08/2022

I wish you a lot of good health, luck, and wealth on your birthday. May you continue to grow in your life and touch the new heights of success. Wish you a very happy birthday...!
-from AMMC fam-🙂

We are proud of you .As a AMMC Shareholders you both are very important for us. And we hope your service in future .Cong...
24/07/2022

We are proud of you .
As a AMMC Shareholders you both are very important for us. And we hope your service in future .
Congratulations Dilu & Ransi. For your Graduation .

Happy birthday Our Graphic boy 😍
22/07/2022

Happy birthday Our Graphic boy 😍

Media always representing people . Do not disturbed to Freedom of Speech . As a media network and organizations we are a...
09/07/2022

Media always representing people . Do not disturbed to Freedom of Speech . As a media network and organizations we are always with Sirasa TV . Never give up. You are always doing a great job. Finally politicians need to continue their cunning plans . Finally we saw bad cops and also bad Army .



Art by Studio Gajaba

එතෙර දුවන්නට නොවමෙතෙර රකින්නටපෙළ ගැසෙමු මදුශානි කරුණාරත්න
09/07/2022

එතෙර දුවන්නට නොව
මෙතෙර රකින්නට
පෙළ ගැසෙමු

මදුශානි කරුණාරත්න

கல்வி  கற்றோம்கலவரம்  வந்தோம்உன்னை அனுப்பஊர்வலம் வந்தோம்ஓடு   ஓடுவிட்டு   ஓடு
09/07/2022

கல்வி கற்றோம்
கலவரம் வந்தோம்
உன்னை அனுப்ப
ஊர்வலம் வந்தோம்
ஓடு ஓடு
விட்டு ஓடு

09/07/2022

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94717259724

Website

Alerts

Be the first to know and let us send you an email when AMMC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AMMC:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share