Haritha Hiru

Haritha Hiru Monthly Magazine

07/05/2023

උත්තම ශ්‍රී ධාතු වන්දනා මහා පුණ්‍ය මහෝත්සවය .
ඓතිහාසික නිලම්මහර පුරාණ විහාරස්ථාන පුදබිමේ දී, මැයි මස 7 සහ 8 දින සවස 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වා.ඔබේ සියසින් දැකගෙන පහන් සිත් උපදවා වන්දනා මාන කර ගන්න බැති සිතින් යුතුව ආරාධනා කර සිටින්නෙමු.
Organized by සසරින් එතෙරට පදනම - sasarin etherata foundation

Powered By Kalana S Ratnayake Photography & Metal Eye Photography

30/04/2023

සදරැස් කලර් නයිට් සංගීීත ප්‍රසංගය සජීවීව...! Live Streaming Team VJ Cinema Production
Kalana S Ratnayake Photography Kalum Wijesinghe IMP Media Solutions

25/04/2023

IMF ‍යෝජනා පිළිබදව පාර්ලිමේන්තු විවාදය - 2023.04.25 සජීවීව..! Manusha Nanayakkaara Ranil Wickremesinghe Harin Fernando United National Party Wajira Abeywardena

24/04/2023

ඇයි මේ කලබල...? අලුත් අවුරුද්දේ ඇමති මනූෂගෙන් අනාවරණයක්...! Manusha Nanayakkaara Ranil Wickremesinghe Harin Fernando United National Party

22/04/2023

වසත් සිරිය 2023 සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය ශැන්ග්‍රි-ලා හරිත භූමියේ සිට

வசத் சிரிய 2023 தமிழ் சிங்கள புத்தாண்டு கொண்டாட்டம்
காலிமுகத்திடலிலிருந்து நேரலையாக

“Wasath Siriya 2023” Sinhala & Tamil New Year Celebrations live telecast from Shangri La Green

| | | | |

16/05/2022

කටගැස්ම - නරඹන්නට නොව ක්‍රියාත්මක වන්නට.!‍

15/05/2022

වෙසක් පොහෝ දා සජීවි ධර්ම දේශනාව
දේශකයානන් වහන්සේ පූජ්‍ය ගෝමරන්කඩවල හේමරතන හිමි

සංවිධානය ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයීය ශිෂ්‍ය නායක සංසදය (2022/23)
තාක්ශණික දායකත්වය හ සම අනුග්‍රහය
Kalana S Ratnayake Photography
සමාජමාධ්‍ය අනුග්‍රහය
IMP Media Solutions

23/10/2021

කඨිණ චීවර පූජා පිංකම 2021
සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය

23/10/2021

සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය

20/10/2021

වප් පුරපසළොස්වක පොහොය දින නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ පවත්වන විශේෂ ධර්ම දේශනාව

call Us For Office ID 0774007794
15/05/2020

call Us For Office ID 0774007794

Call Us Now 0774007794

පොලිස් නිලධාරින්ගේ දිවි බේරු තරුණයෙක්රට කණපිට පෙරලන සුපිරි වැඩ
08/05/2020

පොලිස් නිලධාරින්ගේ දිවි බේරු තරුණයෙක්
රට කණපිට පෙරලන සුපිරි වැඩ

පොලිස් නිලධාරින්ගේ දිවි බේරු තරුණයෙක් රට කණපිට පෙරලන සුපිරි වැඩ Gadgets EP 1 Script & Directing Iroshana Mudalige 0779320815 Editing Post Productin KSR ...

me kiyanna ththada Sanwadayata🧐
01/05/2020

me kiyanna ththada Sanwadayata🧐

නොදුටු විශ්වය 01 - කොරොනාවට විශ්වයෙන් විසදුමක් Siri TV 200430 4 NW EP 01 සම්පත් දායක - විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මෙහ...

කොවිඩ් වලින් පසුවට...COVID-19 after shock preparation,තිරිකුනාමායේ තෙල් ටැන්කි, (12,500 cubic meters) ලෝක වෙලද පලේ තෙල් ...
11/04/2020

කොවිඩ් වලින් පසුවට...COVID-19 after shock preparation,

තිරිකුනාමායේ තෙල් ටැන්කි, (12,500 cubic meters) ලෝක වෙලද පලේ තෙල් මිල අඩු වෙලාවේ තෙල් ටැංකි 99ම ෆුල් ටෑන්ක් ගහලා පුරවාලා දාමු..

මොකා මොනවා කීවත් හමුදාව දාලා හෝ නීතිගත කරලා රාජ්‍ය අනුග්‍රහය යටතේ ඖෂධ නිශ්පාදනය සහ අපනයනය වෙනුවෙන් කන්සා වගාව පටන් ගමු...

දියුණු කෘශි තාක්ෂණයන් බාවිත කරමින් වගා සන්ග්‍රාමය ශක්තිමත්ව ඉදිරියටම ගෙනියමු...

MADE IN SRI LANKA නිශ්පාදන ආර්ථිකය වඩාත් ශක්තිමත් කරමු, නව නිපැයුම් කරුවන්ට රාජ්‍ය අනුග්‍රහය දිගටම ලබාදෙමු...

රාජ්‍යසේවා පුලුල් ඩිජිටල් කරනය, ක්‍රිප්ටෝ මුදල් බාවිතය දැන්ම ආරම්භ කරමු, සම්පූර්ණ කෑශ්ලස් වෙලදපලකට යමු...

ලංකාවට ලැබෙන කොවිඩ් ආදාර නිසි කලමනාකාරනය කරමු, සියලුම මුදල් විනිවිද බවින් යුතුව ජනතාවට සහන ලබාදෙන්න බාවිත කරමු....

දැනට ලැබී ඇති දෙස් විදෙස් කොරෝනා ආදාර ණය සහන වල දල එකතුව,

$657,200,075.08
රුපියල් 125,496,954,737.05

රුපියල් මිලියන 125,497
.........//..........

China (Loans)
http://www.colombopage.com/archive_2…/Mar18_1584548120CH.php
$500 Million

World Bank (Loans)
https://www.worldbank.org/…/world-bank-fast-track-support-c…
$128.6 Million

ADB (Grant)
http://www.dailynews.lk/…/adb-grants-us-600000-combat-covid…
US$ 600,000

USA (Grant)
https://www.newsfirst.lk/…/the-us-offers-1-3-million-to-sr…/
$1.3 Million

EU ( Grant)
€22Million ($24million)
https://eeas.europa.eu/…/covid-19-european-union-provides-e…

Total government COVID-19 relief fund
රුපියල් මිලියන 420 ( by 7th April 2020)

ඉතින් මේ ලැබෙන්නා වූ මුදල් නිසිපරිදි කලමනාකරනය කරන්නේ නම් හැම අඩු ආදායම් පවුලකටම කොන්දේසි විරහිතවා මාසික රුපියල් 15,000 ගෙවන්න කිසිදු බාදාවක් නැහැ. අනිවාර්යයෙන් මිනිස්සුන්ට මේ වෙලාවෙ අදම සහනය සැලසිය යුතුයි. සතයක් හෝ අවබාවිතය කරන්නේ නම්, උන්ට මෙලොවදීම නිසි දඩුවම් හිමිවනු ඇත!

Copied

ශ්‍රී ලංකාවේ covid-19 තුන්වෙනි cluster එක ආරම්භ වෙමින් ඇත.කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ අය හැර විවිධ ප්‍රදේශ ව...
17/03/2020

ශ්‍රී ලංකාවේ covid-19 තුන්වෙනි cluster එක ආරම්භ වෙමින් ඇත.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ අය හැර විවිධ ප්‍රදේශ වලින් හමු වූ covid-19 රෝගීන් අනුව මෙම clusters නිර්මාණය වෙයි.

Cluster 1- ඉතාලි ජාතික මඟ පෙන්වන්නා> මිතුරු මඟපෙන්වන්නා> මිතුරු මඟ පෙන්වන්නාගෙ නිවසෙ සිටි ඥාති දරුවා

Cluster 2- ජර්මනියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයා> ඔහු සමඟ පැමිණ ලංකාවේ කට්ටි පනිමින් සිටි මැණික් ව්‍යාපාරිකයා( patient 11 )

Cluster 3- ?????

තුන්වෙනි cluster එක ගැන සෑහෙන්න possible.. ඒ ලංකාවෙන් වාර්තා වුන patient 22 එක්ක. ඒ ගාල්ලෙ දඩැල්ල ප්‍රදේශයේ 73 හැවිරිදි පිරිමි කෙනෙක් ... එයාගෙ පුතා ඉතාලියෙ ඉදන් ආපු නිරෝධායනය නොවූ කෙනෙක් ... මේ තාත්තා ගාල්ලෙ ඉදන් හලාවත ගිහින් තියෙනවා කාලෙකින් දකින්න ලැබෙන තමන්ගෙ පුතාව බලන්න. තාත්තා දන්නවා කියලා ඈ තමයි යන්නෙ කොරෝනා බෝම්බයක් ළඟට කියලා ... හලාවත ගෙදර දවස් දෙකක් ඉදලා තමයි ඇවිත් තියෙන්නෙ..

පුතාට කලින් තාත්තා කොරෝනා පොසිටිව් වෙලා.. ප්‍රතිශක්තිකරණය එක්ක වෙන්න පුලුවන් දෙයක්.. පුතා IDH වල ඉන්නවා දැන්..

දැන් තියෙන ප්‍රශ්න-

1) පුතා ලංකාවේ ගිය තැන් වල විස්තර හොයාගන්න ඕන.. ඇසුරු කරපු අයගෙ විස්තර හොයාගන්න ඕන.
2) තාත්තා ගාල්ලෙ ඉදන් හලාවතට ගමන් කරපු ප්‍රවාහන මාධ්‍යයන් සහ ඒවාගෙ ගමන් ගත් අය පිළිබඳ විස්තර හොයාගන්න ඕන.
3) මේ තාත්තා ගාල්ලෙ ඇවිත් ඇසුරු කරපු අයගෙ විස්තර හොයාගන්න ඕන.

Cluster 3 සෑහෙන්න possible.. හානිය අවම කරගන්න ක්‍රියාත්මක වීමයි වෙන්න ඕන.. මේවා දාන්නෙ කාවවත් බය කරන්න නෙමෙයි .. රටේ මිනිස්සු දැනුවත් වෙන්න ඕන.. නැත්නම් අනවශ්‍ය බොරු වලට රැවටිලා අනවශ්‍ය විදියට කලබල වෙනවා..

රජය සමහරවිට මහජන සහය ඉල්ලාවි මේ patient 22 සම්බන්ධයෙන් විස්තර හොයාගන්න. උදාහරණයක් විදියට යම් නිශ්චිත දිනයක නිශ්චිත වෙලාවක ×××××× අංකය දරන අධිවේගී මාර්ගයේ යන බස් එකෙ ඔබත් ගියා නම් ළඟම තියෙන අහවල් රෝහලට admit වෙන්න වගෙ දෙයක්.. නිකන් උදාහරණයක් විතරයි මේක.

මේ රජයට සෞබ්‍ය අංශ වලට ඔබේ සහය අවශ්‍යම වෙලාවක්.

කඩොලානද? පිට්ටනියද? ඔක්සිජන්ද?====================කඩොලාන ශාක තමයි මුහුදු ජලය ආශ්‍රිතව වැඩෙනා ලෝකයේ එකම ශාක විශේෂය. සාමාන...
14/02/2020

කඩොලානද? පිට්ටනියද? ඔක්සිජන්ද?
====================
කඩොලාන ශාක තමයි මුහුදු ජලය ආශ්‍රිතව වැඩෙනා ලෝකයේ එකම ශාක විශේෂය. සාමාන්‍ය ශාක වලට අධික ලවණ සහිත ජලයේ වර්ධනය වීමට අපහසු වූවත් කඩොලාන ශාක වැඩිපුර ලවණ එම ශාක වල පත්‍ර මඟින් ලවණ කැටිති ලෙස පිට කරන නිසා ඔවුනට ඉතා සාර්ථකව මුහුදු ජලය ආශ්‍රිතව වර්ධනය වීමට පුලුවන්.

ඉතිං ඇයි මේ කඩොලාන මේ තරම් විශේෂ?

සාමාන්‍යයෙන් ගොඩබිම වැඩෙන ශාක වලින් අපට ලැබෙන සේවය ගැන ඔබට අමුතුවෙන් කියන්නට ඕනෙ නැහැ නෙ. කඩොලාන ශාක මඟිනුත් එම සේවාවන් අප වෙත නොපිරිහෙලා ඉටු වෙනවා. දැන් අපි බලමු කඩොලාන ශාක වලට පමණක් විශේෂිතවූ වැදගත්කම් මොනවද කියලා.

01. කඩොලාන ශාක වර්ධනය වන්නේ මුහුද/කලපුව හා ගොඩබිම අතර කලාපයේ නිසා රළ පහර මඟින් සිදුවන වෙරළ ඛාදනය කඩොලාන ශාක නිසා වැළකී යනවා. කඩොලාන මෙලෙස Buffer Zone එකක් ලෙසින් ක්‍රියා කිරීමේ වැදගත්කම හොඳින්ම ප්‍රදර්ශනය වූයේ සුනාමි ව්‍යසනය අතරතුරයි. විශාල මුහුදු රළ කෙලින්ම ගොඩබිම වෙත කඩාගෙන එනවා වෙනුවට කඩොලාන ගස් අතරින් පැමිණි විට සිදු වූ හානිය බොහෝ සෙයින් අඩු වී තිබුණා.

02. ඔබ දන්නවාද සාගරයේ හා කලපු වල ජීවත් වන බොහෝ සත්ත්ව විශේෂ තමන්ගේ කුඩා කාලය කඩොලාන මුල් අතර ගෙවා දමන බව. විශේෂයෙන්ම මත්ස්‍යයන් මෙසේ තම ජීවිතයේ මුල් අවධිය කඩොලාන මුල් අතර ගත කරන්නේ විශාල හා සංකීර්ණ කඩොලාන මුල් පද්ධතිය තුළ තමන්ට ආරක්ෂාව ලැබෙන නිසායි. මීට අමතරව ඉස්සන් කකුළුවන් වැනි සතුන් රැසක් සතුරන්ගෙන් ආරක්ෂා වී ජීවත්වීමට කඩොලාන පරිසරයේ සහය පතනවා. මේ නිසාම කඩොලාන ශාක අතර තිබෙන්නේ ඉතාමත් විශාල හා සංවේදී පරිසර පද්ධතියක් වන අතර මෙහි ඇසට නොපෙනෙන කුඩා ප්‍රමාණයේ ජීවීන්ගේ සිට අඩි ගණනක් දිගින්‍ යුතු විශාල මත්ස්‍යයන් පවා ජීවත් වනවා. කඩොලාන ශාක විනාශ වන විට මෙම සතුන්ට බිත්තර දැමීමට, ආරක්ෂා සහිතව ජීවත්වීමට තිබෙන ප්‍රදේශ නැතිවී ගොස් කලක් යන විට එම සතුන්ගේ ගහනය අඩු වී යනවා. මෙයින් විශාලම තර්ජනය ඇති වන්නේ ධීවර ප්‍රජාවට බව අමුතුවෙන්ම කියන්න ඕනෙ නෑ නෙ.

03. කඩොලාන ශාක වලට සාමාන්‍ය ශාක මෙන් කිහිප ගුණයකින් කාබන් උරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට එකතුවන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන අපිට හුස්ම ගැනීමට ඔක්සිජන් ලැබෙනවා. මෙම ක්‍රියාව සාමාන්‍ය ශාක වලට වඩා කිහිප ගුණයකින් වැඩිපුර කඩොලාන ශාක වලින් ඉටු වෙනවා වූවත් මේ පිළිබඳ අපේ රටේ ජනතාවට තිබෙනා දැනුම අඩු නිසා ඔවුන් කඩොලාන ශාකයක් කොතරම් වටිනවාද කියා දන්නේ නැති තරම්.

මෙවැනි වටිනාකම් නිසා කඩොලාන හඳුන්වන්නේ ලෝකයේ ඵලදායීතාවය වැඩිම සහ ජීවවිද්‍යාත්මක ලෙසින් ඉතාමත් සංකීර්ණ වූ වනාන්තරය පද්ධතියක් ලෙසිනුයි. මීට අමතරව මුහුද හා ගොඩබිම වනාන්තරය එකිනෙකට යා කෙරෙනා පාලමක් ලෙසින් කඩොලාන හඳුන්වන්නේ කඩොලාන වනාන්තර අතරමැද සිට එම පරිසර පද්ධති එකිනෙක සම්බන්ධ කරන නිසායි. ලෝකයෙන්ම නිවර්තන කලාපයට විශේෂ මේ කඩොලාන වලට ලැබිය යුතු අවධානය හා වටිනාකම අපේ රටේදී ලැබෙනවාද යන්න තරමක් ගැටළු සහගත වූවත් රටක් ලෙස කඩොලාන ශාක ප්‍රජාවක් අප සතු වීම අප රට ලැබූ භාග්‍යයක් වන අතර එවන් සුවිශේෂී වූ පරිසර පද්ධතියක් රැක ගැනීමට කටයුතු කරනා රාජ්‍ය නිළධාරීන් සිටීම පරිසරයට ආදරය කරන අපගේත් භාග්‍යයක්. මේ සටහන ඇය නැගූ හඩට අප විසින් ලබා දෙන ශක්තියයි.

13/02/2020 ©
Mangroves and Sri Lanka (කඩොලාන)
උපුටා ගැනීමකි -

උපුටා ගැනීමකි-සක්වල ‌‌අඩවියෙන්
14/02/2020

උපුටා ගැනීමකි
-සක්වල ‌‌අඩවියෙන්

Part 01 - https://www.facebook.com/110746050500892/photos/a.110794300496067/110788960496601/?type=3&theaterPart 02මිනිත්...
14/02/2020

Part 01 - https://www.facebook.com/110746050500892/photos/a.110794300496067/110788960496601/?type=3&theater

Part 02
මිනිත්තුවක් වැය කර කියවන්න.
මේ ඔබේ අනාගතයයි !!!

මෙලෙස පරිසර උෂ්ණත්වය ඉහළ යන විට පෘථිවියේ උත්තර ධ්‍රැවයේ ආක්ටික් පෙදෙස සහ දක්ෂිණ ධ්‍රැවයේ ඇන්ටාක්ටික් පෙදෙස් ඇති ග්ලැසියර දියවීමට පටන් ගනී. දැනට සොයාගෙන ඇති ආකාරයට දිනකට ග්ලැසියර වර්ග කිලෝමීටර් 10 පමණ දියවන බව සොයාගෙන ඇත. එම ජලය සාගරයට එකතුවන බැවින් සාගර ජල මට්ටම ඉහලයෑම නිසා මුහුදු මට්ටමින් පහත් රටවල් සහ මුහුද ආසන්න ප්‍රදේශය ජලයෙන් යටවේ. තවත් දශක කිහිපයකින් මාලදිවයින වඅනි දූපත් රාජ්‍ය සාගරයට යටවන බවට දැනටමත් හඳුනාගෙන ඇති බැවින් එහි ජනතාව පදිංචි කිරීමට භූමියක් සොයමින් පවතී.
මෙම සිය`එ ව්‍යසනයන් සිදුවන්නෙ මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙනි. මිහිතලයේ සීමිත වු සම්පත් මිනිසාගේ අසීමිතවූ ආශාවන් සංසිදුවීමට භාවිතා කිරීමට යාමෙන් මෙම විනාශයන් සිදුවි ඇත. ස්භාවික පරිසරයේ පවතින ස්වභාවික සම්පත් තමා සතුකරගෙන අධිකව පරිහරණය කිරීම නිසා පරිසරය හා මිනිසා අතර පවතින අන්තර් සම්බන්ධතාව බිද වැටී පරිසරයේ සමතුලිතතාවය බිඳවැටීමේ අවසන් ප්‍රතිඵලය මෙවන් පරිසර ගැට`එ නිර්මාණයයි.
ලෝකයේ වැඩිපුරම සම්පත් පරිභෝජනය කරනුයේ වැඩි වශයෙන්ම පරිසර හානි සිදුකරන බලවත් රටවල් අතලොස්සයි. අසීමිත ධන තෘෂ්ණාවෙන් පෙළෙන ඇමරිකාව ප්‍රමුඛ බලවත් ජාතීන් පරිසරය සුරැකීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ ගිවිසුම් වලට එකඟ නොවන නමුත් මිහිතලය උණුසුම් වීම හේතුවෙන් අයිස් කඳු දිවවීම තුලින් ආර්ථික වාසි ලබාගැනීමේ නිර්ලප්පිත උත්සහයක නිරතවෙමින් සිටී.
උත්තරධ්‍රැවයේ පිහිටි ලෝකයේ විශාලම දිවයින වන ග්‍රීන්ලන්තයේ වර්ග කිලෝ මීටර මිලියන 02ක් වූ භූමියෙන් 80% ක්ම අයිස් වලින් වැසී ඇත. ඩෙන්මාර්කයට අයත් ස්වාධීන පාලන කලාපයක් වන එය ප්ලැටිනම්, දියමන්ති, ඊයම්, සින්ක්, යකඩ සහ ගල් අගුරු වැනි ස්වාභාවික ඛනිජ සම්පත් මෙන්ම මත්ස්‍ය සම්පතින් සහ පිරිසිදු ජලයෙන් බහුල රටකි. ගෝලීය උණුසුම ඉහල යාම නිසා අයිස් කඳු දියවීමෙන් ඛනිජ සම්පත් කැනීම පහසුවීමත්, මෙම කලාපය හරහා නව නාවික ගමන් මාර්ග විවෘතවීමත් හේතුවෙන් ආර්ථික ලාභ මෙන්ම බලය පැතිරවීම සදහා ඇමරිකාව ප්‍රම්ඛ බපවත් ජාතීන් ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ උත්සහයක නිරත වේ. එහි බලපෑම කොතෙක්ද යත් ඇමරිකන් ජනාධිපති විසින් ඉදිරිපත් කල ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ යෝජනාවට ඩෙන්මාර්ක අගමැතිනිය එකඟ නොවීම හේතුවෙන් ඇමරිකන් ජනාධිපති ඩෙන්මාර්ක නිල සංචාරයද කල් දමා ඇත. මිහිතලය උණුසුම් වීම හේතුවෙන් පෘථිවිවාසීන් අවිනිශ්චිත අනාගතයකට මුහුණ දීමට සිදුවී ඇති වාතාවරණයක් තුලද බලවත් රටවල උත්සහය වන්නේ එයින්ද ආර්ථික වාසි ලබා ගැනීමයි.
පර්යේෂණ වලින් හෙලිවී ඇති ආකාරයට වසර 2030 වනවිට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් අඩුකර ගැනීම ලොව හමුවේ ඇති ඉලක්කයයි. එය සපුරා ගැනීමට නම් වායුගෝලයට හරිතාගාර වායු මුදාහැරීම 45% කින් පමණ අඩුකරගත යුතුයි.
මේ සදහා පිලියමක් ලෙස අප්‍රියාවේ විද්‍යාඥයින් පිරිසක් හරිත පවුරක් ලෙස අප්‍රිකාවේ නිසරු බිම් අකක්කර හාරකෝටි හැත්තෑහතර ලක්ෂයක් වනගා කිරීමට සැලසුම්කර ඇත. එය දිගින් සැතපුම් 4815කි. මෙහි වැවෙන ශාක මගින් මිහිතලය උණුසුම්කරන කාබන් ඩයොක්සයිඞ් වායුව මෙටි්‍රක් ටොන් 250ක් ඇදගැනීමෙන් යම් පමණකින් එය පාලනය කිරීම අපේක්ෂාවයි.
ස්වාභාවික ආපදා අවදානම් මුහුණපා ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාව ඇත්තේ දෙවන ස්ථානයේ වුවත් අපි තවමත් මෙම ගැටලුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක නැත. පාලකයින් මෙන්ම ජනතාවද මෙම ගැටලුව හදුනාfාගන එයට හැකි පමණින් පිළියම් යෙදීමෙන් අපටත් අනාගත පරපුරටත් සැනසීමෙන් ජීවත් වියහැකි සුවදායී ලොවක් බිහි කිරීමට කැපවීම යුගයේ ප්‍රභල අවශ්‍යතාවකි.

තිරසර සංවර්ධනය
12/02/2020

තිරසර සංවර්ධනය

මිනිත්තුවක් වැය කර කියවන්න.මේ ඔබේ අනාගතයයි !!!පාලනයකින් තොරව සිදුවන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිහිතලය රත්වීමේ තර්ජනය...
12/02/2020

මිනිත්තුවක් වැය කර කියවන්න.
මේ ඔබේ අනාගතයයි !!!

පාලනයකින් තොරව සිදුවන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිහිතලය රත්වීමේ තර්ජනයකට වර්තමානයේ මු`ඵ ලෝකයේ සමස්ථ ජනතාවට මුහුණ දීමට සිදු වී ඇත. මෙය මානව ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දැවැන්තම අර්බුදයයි. මිහිතලය රත්වීම පාලනය කර එයින් වන විනාශකාරී තත්ත්වය වළක්වා ගන්නට අප අසමත් වුවහොත් මානව ශිෂ්ඨාචාරයේ අවසානය විය හැක.
වර්තමානයේ ලොව විද්‍යාඥයින්, විශාරදයින්, සමාජ ක්‍රියාකාරකයින් ඇතු`ඵ විද්වතුන් මෙම ව්‍යසනය වළක්වා ගැනීමට දරනු ලබන ප්‍රයත්නයන් නිසා යම් සුබවාදී සිතුවිල්ලක් ඇතිකර ගත හැකි වුවත් වර්තමානයේ සිදුවන පාලනයකින් කොර පරිසර විනාශයන් හේතුවෙන් ඒ සඳහා අපට තවත් ඉතිරිව ඇත්තේ වසර 30ක් වැනි සු`ඵ කාලයක් බව විද්වතුන්ගේ පිළිගැනීමයි.
මිහිතලය රත්වීම සම්බන්ධයෙන් පර්යේෂණ කරන විද්වතුන් සඳහන් කරන ආකරයට පෘථිවි ගෝලය වටා තිබෙන තුනී වායු ගෝලයට, මිනිසුන් විසින් මිහිතලය උණුසුම් කිරීමට බලපාන හරිතාගාර වායු සහ වෙනත් අංශු වර්ග ටොන් 11 කෝටියක් පමණ දිනපතා මුදාහරිති. ගල් අඟුරු සහ පොසිල ඉන්ධන දහනය, කර්මාන්ත, වනාන්තර ගිනිතැබීම්, න්‍යශ්ඨික බලාගාර, අක්‍රමවත් ඉදිකිරීම්, අක්‍රමවත් කසල බැහැරකිරීම්, පලිබෝධ නාශක භාවිතය, කැලිකසල දහනය කිරීම, ප්‍රමිතියෙන් තොර රසායන ද්‍රව්‍ය භාවිතය ආදී ස්වභාවික පරිසරයට එරෙහි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එකතුවන කාබන් ඩයොක්සයිඞ්, කාබන් මොනොක්සයිඞ්, සල්ෆ ඩයොක්සයිඞ්, මීතේන් වැනි වායු, දූවිලි සහ රසායන අංශු නිසා අප අවට ඇති වායුගෝලය දිනපතා උණුසුම් වේ. වායුගෝලයේ හරවී ඇත් තාපයත්, මෙසේ දිනපතා මුදාහැරෙන තාපයත් හේතුවෙන් එක්රැස් වන දැවැන්ත තාප ප්‍රමාණය හිරෝෂිමා බෝම්බය වැනී න්‍යශ්ඨික බෝම්බ 500000ක් පිපිරවීමෙන් නිපදවෙන තාපය හා සමාන වේ.
පෘථිවියේ උෂ්ණත්වය මැනීම ආරම්භ කළ 1880 දශකයේ සිට මේ දක්වා වාර්තාවූ ඉහලම උෂ්ණත්වය සහිත වසර 5 වූයේ පසුගිය වසර 5 ය. මෙතෙක් වාර්තාවූ වැඩිම උෂ්ණත්වය සහිත මාසය වූයේ ජූලි මාසයයි. මෙම අධික උෂ්ණත්වයෙන් 90% ක්ම යන්නේ සාගරයටයි. මෑතදී සිදුවූ දැඩි සුලි සුලං, මහා කුණාටු, චණ්ඩ මාරුත, අස්වාභාවික අකල් වැසි, ලැව්ගිණි, ආදී සියල්ල සාගර ජලයේ සහ වායුගෝලයේ උෂ්ණත්වය ඉහල යෑම් ප්‍රතිඵලයි.
ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇම්සන් වනයේ මෙම වසරේ ලැව්ගිණි ගැනීම් 74000 ක් ඇතිවී ඇති අතර ගිණිගැනීමෙන් විනාශ වූ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 18000 කි. එය 80% ක වැඩිවීමකි. මෙයට අමතරව ඕස්ටේ්‍රලියාව, ඉන්දුනීසියාව වැනි රටවල ද මෙම වසර තුල ලැව්ගිණි බහුලව ඇති වී ඇත. වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% ක් සපයන්නේ පෘථිවියේ පෙනහැල්ල ලෙස හදුන්වන ඇමෙසන් වනාන්තරයයි. වනාන්තර මේ ආකාරයට දිගින් දිගටම විනාශ වුවහොත් මිහිතලයේ ජීවීන්ගේ පැවැත්ම අවසාන වන දිනය වැඩි ඈතක නොවනු ඇත.
ඇම්. බී. ඉලංගසිංහ
මතු සම්බන්ධයි

12/02/2020
12/02/2020
12/02/2020

Address


Telephone

+94770877899

Website

Alerts

Be the first to know and let us send you an email when Haritha Hiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Haritha Hiru:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share