PBEU Media

PBEU Media සාමජිකත්වය වෙනුවෙන් පෙරටම

බැංකු සේවක සහෝදරත්වය වෙනුවෙන් කඩිනම්  විසඳුම් අවශ්‍ය ගැටලු රැසක් විසඳීම පිළිබඳව ප්‍රගති බැංකු සේවක සංගමය ජනාධිපතිතුමා , ...
17/03/2022

බැංකු සේවක සහෝදරත්වය වෙනුවෙන් කඩිනම් විසඳුම් අවශ්‍ය ගැටලු රැසක් විසඳීම පිළිබඳව ප්‍රගති බැංකු සේවක සංගමය ජනාධිපතිතුමා , මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය සෘජුවම සම්බන්ධීකරණය කරමින් කටයුතු කරනු ලබයි.

ඒ පිළිබඳව සංදේශය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත 2022-03-16 දින භාරදෙමින් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි .

මහජන බැංකුවේ 3-111 ගැටලුව ඉතා කඩිනමින් නිරාකරණය කිරීම

ලංකා බැංකුවේ TSA ලෙස බඳවාගත් සහෝදර සහෝදරියන්ගේ පරිවාස කාලය වසර දෙකට අඩු කරමින් ස්ථිර කරමින් හිඟ වැටුප් ලබාදීම.

ප්‍රගති නායකත්වය දිනාගත් නව විශ්‍රාමයේ ප්‍රතිලාභ පැරණි විශ්‍රාමයේ ප්‍රතිලාභ වලට සමාන කිරීම

සාධාරණ වැටුප් වැඩිවීමක අවශ්‍යතාව

ලාභය පදනම් කරගත් ඉහළ දිරිදීමනාවක (Incentive Bonus ) අවශ්‍යතාව

ස්ථාන මාරුවීම් වෙනුවෙන් සාධාරණ ක්‍රමවේදයක්

විශ්‍රාමික සේවක සහෝදරත්වයේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාදීම

ඇතුළු බැංකු සේවකයින්ට බලපාන ගැටලු රැසක් වෙනුවෙන් විසඳුම් අපේක්ෂාවෙන් ප්‍රගති බැංකු සේවක සංගමය මෙම ක්‍රියාමාර්ග දියත් කර ඇත.

සාමාජික ශක්තිය තුලින් සාමාජිකත්වයට ජයග්‍රහණයන් ලබාදීමට කැපවන එකම වෘත්තීය සමිති බලවේගය ප්‍රගති බැංකු සේවක සංගමය පමණි.

තෛපොංගල් උත්සවය සමරන සහෝදරත්වය සමඟින් - සෞභාග්‍යය , සශ්‍රීකත්වය  අර්ථවත් කරමින් ,  සංස්කෘතික අගයන් පෙරටු කරගත්  කෘතගුණ ද...
13/01/2022

තෛපොංගල් උත්සවය සමරන සහෝදරත්වය සමඟින් - සෞභාග්‍යය , සශ්‍රීකත්වය අර්ථවත් කරමින් , සංස්කෘතික අගයන් පෙරටු කරගත් කෘතගුණ දැක්වීම , යහපත් ජනජීවිතය විදහා දක්වමින් තෛපොංගල් උත්සවය සමරන සහෝදරත්වය වෙත සුභ පැතුම් ...

தைப்பொங்கல் கொண்டாடும் சகோதரத்துவத்துடன் - செழுமை, கலாச்சார விழுமியங்கள், நன்றியை வெளிப்படுத்துதல் மற்றும் நல்ல வாழ்க்கையை வெளிப்படுத்தும் தைப்பொங்கல் கொண்டாடும் சகோதரத்துவங்களுக்கு எமது வாழ்த்துக்கள் ...

Happy Thaipongal with Peace , Happiness & Prosperity ....

ප්‍රගති බැංකු සේවක සංගමය
பிரகதி வங்கி ஊழியர்கள் சங்கம்
Pragathi Bank Employees Union

05/11/2021
සාමය , සෞභාග්‍යය , සහජීවනය තුලින් අර්ථවත් වන එකමුතුකම සමඟින්.... පැතුම් ඉටුවන ආලෝකමත් වූ හෙට දිනක් වෙනුවෙන් දීපාවලී උත්ස...
04/11/2021

සාමය , සෞභාග්‍යය , සහජීවනය තුලින් අර්ථවත් වන එකමුතුකම සමඟින්.... පැතුම් ඉටුවන ආලෝකමත් වූ හෙට දිනක් වෙනුවෙන් දීපාවලී උත්සවය සමරන ආදරණීය සහෝදරත්වය වෙත ප්‍රගති බැංකු සේවක සංගමයේ සුභ ප්‍රාර්ථනය ...

- ප්‍රගති බැංකු සේවක සංගමය-

அமைதி, செழிப்பு மற்றும் சகவாழ்வு மூலம் அர்த்தமுள்ள ஒற்றுமையுடன் ஒளிமயமான எதிர்காலத்திற்காக தீபாவளியை மகிழ்ச்சியாக கொண்டாட அனைத்து சகோதர சகோதரிகளையும் பிரகதி வங்கி ஊழியர் சங்கம் வாழ்த்துகிறது.

-பிரகதி வங்கி ஊழியர் சங்கம்-

💐💐💐💐💐💐💐💐💐

රාජ්‍ය බැංකු සේවක වැටුප් වැඩිවීම වෙනුවෙන් ප්‍රගති බැංකු සේවක සංගමයේ මැදිහත්වීම .සොච්චම් වැටුප් වැඩිවීමක් වෙනුවෙන් පාලකයන...
22/10/2021

රාජ්‍ය බැංකු සේවක වැටුප් වැඩිවීම වෙනුවෙන් ප්‍රගති බැංකු සේවක සංගමයේ මැදිහත්වීම .

සොච්චම් වැටුප් වැඩිවීමක් වෙනුවෙන් පාලකයන් ඉදිරියේ දණ නැමූ CBEU හූනියන්කරුවන්ගේ නොහැකියාව වසා ගැනීමට කියන කරන බොරුව පරදවමු.

ඇත්ත දැනගනිමු.

ඉහළ යන ජීවන වියදමට සරිලන සාධාරණ වැටුප් වැඩිවීමක් වෙනුවෙන් අවංකව සාමාජිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ ප්‍රගති බැංකු සේවක සංගමය පමණි .

සාමාජිකත්වය වෙනුවෙන් පෙරටම....
01/10/2021

සාමාජිකත්වය වෙනුවෙන් පෙරටම....

උසස්වීම් අයිතිය සුරකිමින් ,  සාමාජිකත්වය අපේක්ෂා කරන සාධාරණත්වය වෙනුවෙන් ප්‍රගති බැංකු සේවක සංගමය පෙරටම.මහජන බැංකුවේ 3-1...
18/09/2021

උසස්වීම් අයිතිය සුරකිමින් , සාමාජිකත්වය අපේක්ෂා කරන සාධාරණත්වය වෙනුවෙන් ප්‍රගති බැංකු සේවක සංගමය පෙරටම.

මහජන බැංකුවේ 3-111 ඇතුළු උසස්වීම් අර්බුදය ගැන විවිධ කතිකාවන් ඇතිවිය.වෘත්තීය සමිතියක් ලෙස ප්‍රගති බැංකු සේවක සංගමය සාමාජිකත්වයේ සාධාරණත්වය , රැකවරණය වෙනුවෙන් ඉදිරිපත් වන විට ලංකා බැංකු සේවක සංගමයේ නායකයන් ඉතා නිර්ලජ්ජිතව සාමාජිකත්වයට එරෙහිව පාවාදීමේ සටන ආරම්භ කළහ.

බැංකු සේවය වැනි ගෞරවනීය වෘත්තීයක් තුල නිසි කලට උසස්වීම් අපේක්ෂාව සෑම කෙනකුගේම අයිතියකි.තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් CBEU නායකයන් එක දිගට කල පාවාදීම් රැසක ප්‍රතිඵල ලෙස මහජන බැංකුවේ 3-111 විශාල ගැටලුවක් බවට පත්විය.

ප්‍රගති බැංකු සේවක සංගමය පිහිටුවීමට ගත් තීරණය යුගයේ වැදගත්ම අවශ්‍යතාවයක් බව මනාව සනාථ කරමින් අද සාමාජිකත්වය වෙනුවෙන් පෙනී සිටින බැංකු ක්ෂේත්‍රයේ එකම වෘත්තීය සමිතිය ප්‍රගති බැංකු සේවක සංගමය බවට පත්ව ඇත.3-111 උසස්වීම් අර්බුදය , එහි නිර්මාතෘවරුන් වන CBEU නායකයන් , සාමාජිකත්වයේ උසස්වීම් අයිතිය හා සාධාරණත්වය වෙනුවෙන් ප්‍රගති බැංකු සේවක සංගමයේ හෘද සාක්ෂියට එකඟ මැදිහත්වීම පිළිබඳව අවබෝධයක් මෙම විවරණිකාව තුලින් ලබාගත හැක.

කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය තුල අප බැංකු සේවක සහෝදර සහෝදරියන් රැසක්ද මේ වන විට කොවිඩ්  ආසාදනයට ලක්ව ඇත. සෞඛ්‍යාරක්ෂ...
19/08/2021

කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය තුල අප බැංකු සේවක සහෝදර සහෝදරියන් රැසක්ද මේ වන විට කොවිඩ් ආසාදනයට ලක්ව ඇත. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සේවය කිරීම වෙනුවෙන් චක්‍රලේඛ උපදෙස් නිකුත් වුවත් ඇතැම් ප්‍රායෝගික ගැටලු නිසා ඒවා ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුව ඇත.රෝස්ටර් ක්‍රමය ක්‍රියාත්මක කිරීම , ගර්භණී සහෝදරියන් සහ වයස අවුරුදු 1 ට අඩු දරුවන් සිටින සේවක මහත්මීන් වෙත නිවාඩු ලබාදීම ⁣පවතින තත්වය තුල අත්‍යවශ්‍ය වේ .

ශාඛා ජාලය තුල ගණුදෙණුකාර සේවා කාලය අඩුකර , රෝස්ටර් ක්‍රමය ක්‍රියාත්මක කර වැඩ නිමවූ පසු කඩිනමින් නිවෙස් වෙත යාමට ඉඩ ලබාදීම කල යුතු බවට ප්‍රගති බැංකු සේවක සංගමය වශයෙන් කළමනාකාරිත්වය වෙතින් ඉල්ලා ඇත.

අප ලංකා බැංකුවේ ශාඛා සංගමය මඟින්ද ප්‍රායෝගික තත්වයන් පිළිබඳව අවධානය යොමු කරවමින් ගණුදෙණුකාර සේවා කාලය අඩු කර සේවක මණ්ඩලය වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම ගැන කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කරමින් ඇත.

கோவிட் தொற்று மிக வேகமாகப் பரவும் இந்த நேரத்தில் எமது வங்கியின் ஊழியர்கள் பலரும் தோற்றால் பாதிக்கப்பட்டுள்ளனர்.
சுகாதார நடைமுறைகளுக்கு ஏற்ப வேலை செய்ய சுற்றறிக்கை அறிவுறுத்தல்கள் வழங்கப்பட்டாலும், சில நடைமுறை சிக்கல்களால் அவற்றை செயல்படுத்துவதில் சிக்கல்கள் எழுந்துள்ளன.

ஆனாலும் ரோஸ்டர் முறையை அமல்படுத்துவது, கர்ப்பிணி சகோதரிகளுக்கும் 1 வயதுக்குட்பட்ட குழந்தைகளுக்கும் விடுப்பு வழங்குவது தற்போதைய சூழ்நிலையில் அவசியம்.

இதன் காரணமாக கிளை வலையமைப்பில் வாடிக்கையாளர் சேவை நேரத்தைக் குறைத்து, ரோஸ்ரர் அமைப்பைச் செயல்படுத்தி, வேலை முடிந்தவுடன் அவர்கள் வீட்டுக்குச் செல்ல அனுமதிக்குமாறு பிரகதி வங்கி ஊழியர் சங்கம் நிர்வாகத்திடம் கோரிக்கை விடுத்துள்ளது.

අනුරාධපුර ප්‍රගති බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාවේ  නායක  සහෝදරයින්  මැදිහත්වී ,  ඖෂධ නිෂ්පාදනය  සැපයීම් සහ නියාමනය ...
17/07/2021

අනුරාධපුර ප්‍රගති බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාවේ නායක සහෝදරයින් මැදිහත්වී , ඖෂධ නිෂ්පාදනය සැපයීම් සහ නියාමනය සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සම්බන්ධීකරණය කරමින් අනුරාධපුර ප්‍රාදේශිකයේ සහෝදර සහෝදරියන් වෙත කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට කටයුතු කරමින් සිටිති... අද දිනද ශාඛා කිහිපයක සේවක මණ්ඩලය වෙත එන්නත ලබාදීම සිදුකර ඇත..මෙය හොඳ උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයකි...

බස්නාහිර පළාත තුල රාජ්‍ය යාන්ත්‍රණය තුලම බහුතරයක් සඳහා එන්නත ලබාදී ඇත..

අනෙකුත් දිස්ත්‍රික් සඳහාද මෙලෙස එන්නත ලබාදීම පිළිබඳවද අනුරාධපුර ප්‍රගති බැංකු සේවක සංගමයේ නායක සහෝදරයින් අමාත්‍යතුමා සමඟ අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටී...

මෙම කාර්යය වෙනුවෙන් අවංකවම කැපවන , අනුරාධපුර ප්‍රගති බැංකු සේවක සංගමයේ සහෝදරත්වය වෙත කෘතවේදිත්වය පල කරමු...

பிரகதி  வங்கி ஊழியர் சங்கத்தின் பிரதிநிதிகள் கௌரவ  பிரதமர் மஹிந்த ராஜபக்ஷவை இன்று (2021.4.23) நாடாளுமன்றத்தில் உள்ள பிரத...
23/04/2021

பிரகதி வங்கி ஊழியர் சங்கத்தின் பிரதிநிதிகள் கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ஷவை இன்று (2021.4.23) நாடாளுமன்றத்தில் உள்ள பிரதமர் அலுவலகத்தில் சந்தித்து அரச வங்கிகள் மற்றும் ஊழியர்களை பாதிக்கும் பிரச்சினைகள் குறித்து கலந்துரையாடலில் ஈடுபட்டனர்.

எமது சங்கத்தின் தலைவர்கள்
எமது தொழிற்சங்கத்தின் திட்டங்களையும், அரச வங்கிகளை வலுவாக வைத்திருக்கும் ஊழியர்களை பாதிக்கும் பல சிக்கல்கள் பற்றியும் பிரதமரின் கவனத்திற்கு கொண்டு வந்தனர். அவர் தான் ஜனாதிபதியாக இருந்த காலத்தில் 1996 க்குப் முன் வங்கி ஊழியர்களுக்கு வழங்கப்பட்ட ஓய்வூதிய சலுகைகள் குறித்து எமது தொழிற்சங்கத்தின் முன்னைய காலத்தில் அவரது கவனத்திற்கு கொண்டு வந்ததை நினைவு கூர்ந்தார். அவருடைய வேண்டுகோளின் பேரில் எதிர்காலத்தில் ஓய்வூதிய சலுகைகளை திருத்துவதற்கு நாங்கள் ஒப்புக்கொண்டோம். எமது சங்கம் எழுப்பிய அனைத்து பிரச்சினைகளையும் விரைவாக தீர்க்க அவர் மிகுந்த கவனம் செலுத்தினார்
அமைச்சருக்கும் தேவையான அறிவுறுத்தல்களை வழங்கினார்.

குறித்த கலந்துரையாடலில் அமைச்சர் எஸ்.எம்.சந்திரசேன, இராஜாங்க அமைச்சர் அஜித் நிவாட் கப்ரால், பிரதமரின் மேலதிக செயலாளர் சமிந்த குலரத்ன, பிரதமரின் பாராளுமன்ற நடவடிக்கைகளுக்கான ஒருங்கிணைப்பு செயலாளர் பிரியந்த ரத்நாயக்க, பிரகதி வங்கி ஊழியர்கள் சங்கத்தின் தலைவர் நிசாந்த சமரசிங்க, தலைமை செயலாளர் ஏ.கே.பண்டார ; மக்கள் வங்கியின் கிளை செயலாளர் எல்.கே.டபிள்யு. சூரியபண்டார உள்ளிட்ட அதிகாரிகள் பலர் கலந்து கொண்டனர்.

ප්‍රගති බැංකු සේවක සංගමයේ නියෝජිතයින් අද දින ( 2021.4.23)  පාර්ලිමේන්තු පරිශ්‍රයේ අගමැති කාර්යාලයේ දී ගරු අග්‍රාමාත්‍ය ම...
23/04/2021

ප්‍රගති බැංකු සේවක සංගමයේ නියෝජිතයින් අද දින ( 2021.4.23) පාර්ලිමේන්තු පරිශ්‍රයේ අගමැති කාර්යාලයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී රාජ්‍ය බැංකුවලට සහ සේවක මණ්ඩලයට බලපාන ගැටළු පිළිබඳව එතුමාගේ අවධානයට යොමු කරන ලදී.

රාජ්‍ය බැංකු ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අප සංගමයේ යෝජනා සහ සේවක මණ්ඩලයට බලපාන ගැටළු රාශියක් පිළිබඳව අප සංගමය කරුණු ඉදිරිපත් කරන ලද අතර, එතුමා ජනාධිපතිව සිටියදී 96 න් පසු බැංකු සේවකයින්ට ලබා දුන් විශ්‍රාමය සම්බන්ධයෙන් අප සංගමයේ ප්‍රණාමය පුද කල අතර අප සංගමයේ ඉල්ලීමට අනුව ඉදිරියේදි විශ්‍රාම ප්‍රතිලාභ සංශෝධනයට එතුමාගේ එකගතාවය පළ කරන ලදී.

අප සංගමය ඉදිරිපත් කල සියලු කරුණු කඩිනමින් විසඳීමට එතුමාගේ දැඩි අවධානය යොමු වූ අතර එම කරුණු පිළිබඳව
අමාත්‍ය තුමා වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සහ සම්බන්ධීකණ ලේකම් සහභාගී වූ අතර ප්‍රගති බැංකු සේවක සංගමය වෙනුවෙන් ප්‍රධාන ලේකම් ඒ.කේ. බණ්ඩාර, සභාපති නිශාන්ත සමරසිංහ, මහජන බැංකු ශාඛා සංගමයේ ලේකම් එල්.කේ.ඩබ්ලිව්.සූරිය බණ්ඩාර, ලංකා බැංකු ශාඛා සංගමයේ ලේකම් නුවන් ෆොන්සේකා, මර්චන්ට් බැංකු ශාඛා සංගමයේ සභාපති අජන්ත රණවීර සහභාගී විය.

සාමය , සතුට , සෞභාග්‍යය පිරි ... රෝග බිය දුරු වූ නීරෝගීමත්  සුබ අලුත් අවුරුද්දක් උදාවීම ප්‍රගති බැංකු සේවක සංගමයේ ප්‍රාර...
13/04/2021

සාමය , සතුට , සෞභාග්‍යය පිරි ... රෝග බිය දුරු වූ නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් උදාවීම ප්‍රගති බැංකු සේවක සංගමයේ ප්‍රාර්ථනයයි.

උදාවන අලුත් අවුරුද්ද සුබ වීමට නම් සාමාජිකත්වයේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම අපගේ වගකීමය.. ඒ වගකීම වෘත්තීය සමිතියක් ලෙස ප්‍රගති බැංකු සේවක සංගමය මැනවින් ඉටුකරනු පසුගිය වසර පුරා සාමාජිකත්වය අත්විඳින්නට ඇත..

වෘත්තීය සමිතිවලට මුවාවූ වෛරී පිරිස් විනාශ කර දැමූ බැංකු සේවක අයිතීන් යලිත් සාමාජිකත්වය වෙත දිනාදීමට කැපවන එකම වෘත්තීය සමිති බලවේගය ප්‍රගති බැංකු සේවක සංගමයයි.. නව විශ්‍රාමයේ ප්‍රතිලාභ පැරණි විශ්‍රාමයේ ප්‍රතිලාභ වලට සමාන කිරීම , 3-111 ඇතුළු උසස්වීම් සඳහා සාධාරණය ඉටුකිරීම , සේවක මණ්ඩලය වෙත සමානාත්මතාවයෙන් ලැබිය යුතු Incentive Bonus අයිතිය , විධිමත් ස්ථාන මාරුවීම් ක්‍රමවේදයක් , පීඩනය දුරු වූ සාමකාමී වැඩ පරිසරයක් වෙනුවෙන් ප්‍රගති බැංකු සේවක සංගමය නිරතුරුව වෙහෙස වෙමින් සිටී..

සියලු අභියෝගයන් මැද බැංකු සේවක සහෝදරත්වයේ සැබෑ වෘත්තීය සමිති නියෝජනය බිහිවීමත් , ඔබේ අපේක්ෂාවන් දිනවන ගමනක් ඇරඹීමත් තුල උදාවන අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වනු ඇත..

ප්‍රගති බැංකු සේවක සංගමය - මහජන බැංකු ශාඛාව....

அமைதி, மகிழ்ச்சி, செழிப்பு நிறைந்த ...
ஆரோக்கியமான மற்றும் வளமான புத்தாண்டாக அமைய பிரகதி வங்கி ஊழியர் சங்கம்
வாழ்த்துக்களைத் தெரிவிக்கிறது.

உங்களுக்கு புத்தாண்டு வாழ்த்துக்கள் தெரிவிப்பதோடு உறுப்பினர்களின் எதிர்பார்ப்புகளை பூர்த்தி செய்வது எங்களது பொறுப்பாகும்.
பிரகதி வங்கி ஊழியர் சங்கம், ஒரு தொழிற்சங்கமாக, கடந்த ஆண்டு முழுவதும் அந்த பொறுப்பை சிறப்பாக நிறைவேற்றியுள்ளது.

பிரகதி வங்கி ஊழியர் சங்கம் தொழிற்சங்கங்கள் என்ற போர்வையில் வெறுப்புக் குழுக்களால் அழிக்கப்பட்ட வங்கி ஊழியர்களின் உரிமைகளை மீட்டெடுப்பதில் உறுதியாக உள்ள ஒரே தொழிற்சங்க சக்தியாகும்.

புதிய ஓய்வூதியத்தின் நன்மைகளை பழைய ஓய்வூதியத்தின் நன்மைகளுடன் ஒப்பிட்டு, 3-111 உள்ளிட்ட பதவி உயர்வுகளுக்கான நீதி, ஊழியர்களுக்கான சமத்துவத்திற்கான ஊக்க போனஸ் உரிமை, ஒரு முறையான பரிமாற்ற அமைப்பு என்பனவற்றோடு பிரகதி வங்கி ஊழியர் சங்கம் மன அழுத்தத்திலிருந்து விடுபட்ட அமைதியான பணிச்சூழலுக்காக தொடர்ந்து முயன்று வருகிறது.

அனைத்து சவால்களுக்கும் மத்தியில், வங்கி ஊழியர்களின் சகோதரத்துவத்தில் உண்மையான தொழிற்சங்க பிரதிநிதித்துவம் தோன்றுவது;
உங்கள் எதிர்பார்ப்புகளை வெல்லும் பயணத்தை மேற்கொள்ளும்போது புத்தாண்டு மகிழ்ச்சியான புத்தாண்டாக இருக்கும்.

பிரகதி வங்கி ஊழியர் சங்கம் - மக்கள் வங்கி கிளை ....

✅ මොකක්ද මේ ප්‍රගති බැංකු සේවක සංගමය ඉල්ලන Incentive Bonus එක ? පසුගිය 2020 වසරේ ලාභය පදනම් කරගන දෙන Incentive Bonus ලෙස...
12/04/2021

✅ මොකක්ද මේ ප්‍රගති බැංකු සේවක සංගමය ඉල්ලන Incentive Bonus එක ?

පසුගිය 2020 වසරේ ලාභය පදනම් කරගන දෙන Incentive Bonus ලෙස දළ වැටුප් දෙකක් ලබාගැනීම වෙනුවෙන් ප්‍රගති බැංකු සේවක සංගමය 2021-03-12 දිනැති ලිපිය මඟින් ඉල්ලීම් කරල ඒ ගැන සාකච්ඡා කලා.කොවිඩ් අභියෝගය මැද අපේ සහෝදර සහෝදරියන් කරන කැපකිරීම මත බැංකුවේ ලාභය ඉහළ මට්ටමකට ආව. ඒ සඳහා ඇගයීමක් විදියට මේ ප්‍රතිලාභය ලැබිය යුතුයි කියල දැනුම් දුන්න.

2021-04-01 මහජන බැංකුවේ එක දළ වැටුපක් Incentive Bonus ලෙස ගිණුම්ගත කලා.ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කලෙත් එක දළ වැටුපයි.. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දළ වැටුප් දෙකක් Incentive Bonus ගෙවන්න අනුමැතිය දුන්න.

ඒ අනුව ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේත් දළ වැටුප් දෙකක් ගෙවන්න ඕන කියන දේ ප්‍රගති බැංකු සේවක සංගමයේ ස්ථාවරය. මේ ගැන මව් සංගමය මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට දැනුම් දීල ඉහළ නිලධාරීන් එක්ක සාකච්ඡා කලා. ඒ අනුව ආව එකඟතාව අනුව ලංකා බැංකුවේ තවත් දළ වැටුපක් දෙන්න සාමාන්‍යාධිකාරීතුමා ප්‍රගති බැංකු සේවක සංගමයේ නායකයන් සමඟ එකඟවුණා.

මහජන බැංකුවේත් මේ ප්‍රතිලාභය සේවක මණ්ඩලයට ලැබිය යුතු බවට කළමනාකාරිත්වය දැනුවත් කලා ලිඛිතවම.අනෙක් රාජ්‍ය බැංකු දෙකේ හා සමානව කටයුතු කිරීමත් , ලාභ තත්වය විශ්ලේෂණය කරද්දි මේක ඉතාම සාධාරණ ඉල්ලීමක් වීමත් පදනම් කරගෙන තවත් දළ වැටුපක් මහජන බැංකුවේ ලබාදිය යුතුයි.

සමහර හූනියන්කාරයෝ මේ ගැන සුපුරුදු වියරුව ඉරිසියාවට පත්වෙලා.සමහරුන්ගේ සටන කඩාකප්පල් කරන්නලු මේක ගෙනාවෙ. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පෙන්නන බොරු රඟපෑම් ගැන හිතාගන්න පුලුවන්නේ ඒකෙන්ම.

CBEU සංගමයේ විධායක සභාවල ඉන්න අයත් කතා කරනව දැන් PBEU අයට.සංවත්සරේ වෙනකන් දෙන්න එපා කියල වැලපෙනවලු සමහරු .ඇයි මේ අනික් රාජ්‍ය බැංකු දෙක ගත්ත දේ ගන්න එහෙම වෛර කරන්නේ .

ප්‍රගති බැංකු සේවක සංගමය කරන්නේ ඉතාම සාධාරණ ඉල්ලීමක් මුළු සාමාජිකත්වය වෙනුවෙන්ම. CBEU නායකයන් එක වචනයක් කතා කරල නෑ Incentive Bonus ගැන .දෙන දේ ලැබෙයි න්‍යාය මතකනේ එයාලගේ.මේ වගේ අයද සටන් කරන්න එන්න කියන්නේ කියල හිතෙනව.

ප්‍රගති බැංකු සේවක සංගමය ලොකු මහන්සියක් වෙනව අනෙක් රාජ්‍ය බැංකු දෙකේම ගත්ත දේ මහජන බැංකුවටත් දිනාගන්න.හොඳටම පැහැදිලියි නව විශ්‍රාමයත් මේ වගේ වර්ධනය කරන්න කතා කරන්න , පෙරමුණ ගන්න පුලුවන් ප්‍රගති බැංකු සේවක සංගමයට විතරයි කියල.ඒකට නඩු දැම්ම , අපහාස කරපු , ඇප්ලිකේෂන් ඉරපු උන්ගේ එකම දිගහැරුම් තමා Incentive Bonus එකටත් ආවෙ.

සැම විටම සාමාජිකත්වයේ අයිතීන් සුරැකීම හා වරප්‍රසාද දිනාගැනීම වෙනුවෙන් ප්‍රගති බැංකු සේවක සංගමයේ යුතුකම හා වගකීම .කොවිඩ්...
31/03/2021

සැම විටම සාමාජිකත්වයේ අයිතීන් සුරැකීම හා වරප්‍රසාද දිනාගැනීම වෙනුවෙන් ප්‍රගති බැංකු සේවක සංගමයේ යුතුකම හා වගකීම .කොවිඩ් අභියෝගය මැද බැංකුවේ ලාභදායි තත්වය රැකගනිමින් වර්ධනය කරන්නට වෙහෙස වන්නේ අප සේවක මණ්ඩලයේ සහෝදරත්වයයි.එම කැපකිරීම , වෙහෙසකර කාර්යභාරය ඇගයීමට ලක්කරමින් 2020 ලාභය පදනම් කරගනිමින් දිරිදීමනා - Incentive Bonus ලබාදීම වෙනුවෙන් ප්‍රගති බැංකු සේවක සංගමය අඛණ්ඩවම ඉල්ලීම් කර ඇත.ඒ පිළිබඳව කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කර ඇත. තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර සඳහා සාමාජිකත්වය දක්කාගන යන හූනියන්කරුවන් " කොහොමත් දෙයි ඉල්ලන්න දෙයක් නෑ " කියද්දී , සාමාජිකත්වය වෙනුවෙන් පෙනී සිටින එකම වෘත්තීය සමිති නියෝජනය ප්‍රගති බැංකු සේවක සංගමය බව යලි යලිත් තහවුරු වී ඇත .

🔺🔺🔺 2021.03.24 දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධානි බැසිල් රාජ...
25/03/2021

🔺🔺🔺 2021.03.24 දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ප්‍රගති බැංකු සේවක සංගමයේ මූලිකත්වයෙන් , ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ඒ.කේ බණ්ඩාර සහෝදරයාගේ සංවිධානත්වයෙන් , වෘත්තීය සමිති සංවිධාන නියෝජිත හමුවක් නුගේගොඩ දී පැවැත්වීමට කටයුතු කරන ලදී.

✅ බණ්ඩාර සහෝදරයාගේ දීර්ඝ ලෙස කරුණු දැක්වීමට අනුව බැංකු ක්ෂේත්‍රය තුල කඩිනමින් විසඳුම් ලබාගත යුතු අවශ්‍යතා පිළිබඳව ජනාධිපතිතුමාගේ සංවේදී අවධානය යොමු කළ හැකි වූ බවද දන්වා සිටිමු.මෙම රැස්වීමෙන් අනතුරුව බැංකු තුළ පවතින සියලු ගැටළු සහ අප සංගමයේ සියලුම ඉල්ලීම් සම්බන්ධ ලිඛිත සන්දේශයක් අතිගරු ජනාධිපති තුමා සහ බැසිල් රාජපක්ෂ මහතා වෙත පුද්ගලිකව සාකච්ඡා කර භාර දීමට කටයුතු කරන ලදී.

⏩ ප්‍රගති බැංකු සේවක සංගමය මඟින් ප්‍රධාන වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කල කරුණු අතර,

➡️ ප්‍රගති නායකත්වයේ කැපවීමෙන් දිනාගත් නව විශ්‍රාම වැටුප් ක්‍රමයේ සාධනීය වර්ධනයක් සිදුකිරීමට අවශ්‍ය කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ලදි.. 2012 දී එවකට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ මැදිහත්වීම මත මෙම නව විශ්‍රාම වැටුප දිනාගන්නා විට නඩු දමා ,කඩාකප්පල් කිරීමට වෙර දැරූ වෘත්තීය සමිති පිරිස් වර්තමානයේද විවිධ වූ අසාර්ථක ප්‍රයත්නයන් තුල බැංකු ක්ෂේත්‍රයේ ගැටලු ඇති කිරීමට මාන බැලීම පිළිබඳව සඳහන් විය.. ඒ සියලු අභියෝග පරාජය කරමින් නව විශ්‍රාම වැටුප් ක්‍රමයේ ප්‍රතිලාභ වර්ධනය වෙනුවෙන් ප්‍රගති බැංකු සේවක සංගමය කටයුතු කිරීමත් , ඒ සම්බන්ධ කටයුතු කඩිනම් කිරීමත් සාකච්ඡාවට ලක්විය..

➡️ මහජන බැංකුවේ සහකාර කළමනාකාර ⁣(3-111) උසස්වීම් සම්බන්ධව මතුව ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡා වූ අතර බැංකුවල තෘප්තිමත් සේවක මණ්ඩලයක් තුලින් උපරිම සේවයක් ලබාගැනීමට නම් සාධාරණ උසස්වීම් ක්‍රමවේදයක් අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය විය...දැනට පවතින ගැටලු මෙන්ම අප සංගමයේ විසඳුම් පිළිබඳවද අවධානය යොමුකරන ලදි..

➡️ ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ සේවක මණ්ඩලය වෙත 2020 වර්ෂයේ ලාභය පදනම් කරගනිමින් කරන දිරිදීමනා( Incentive Bonus ) කඩිනමින් ගෙවීම පිළිබඳවත් දැනට ප්‍රගති බැංකු සේවක සංගමය මඟින් දළ වැටුප් දෙකක් පදනම් කරගනිමින් කර ඇති ඉල්ලීම පිළිබඳවත් අවධානය යොමු විය..

➡️ අවිධිමත් ස්ථාන මාරුවීම් තුලින් සිදුවන අසාධාරණයන් මෙන්ම විධිමත් ක්‍රමවේදයක් අනුව බැංකු තුල ස්ථාන මාරුවීම් සිදුකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විශේෂයෙන්ම සාකච්ඡා කරන ලදි..

➡️ කොවිඩ් අර්බුදය හමුවේ වුවද ජාතික ආර්ථිකයේ අභිවෘද්ධිය වෙනුවෙන් බැංකු සේවකයින් කරනු ලබන මෙහෙවර සඳහන් වූ අතර විවිධ වූ පටු න්‍යාය පත්‍ර වලය මුවාවූ වෘත්තීය සමිති මාෆියාකරුවන්ගේ වෛරී ක්‍රියා පරාජය කිරීමට ප්‍රගති බැංකු සේවක සංගමය කැපවන බවද අවධාරණය කරන ලදි..

මේ සඳහා ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති , ප්‍රගති බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඒ.කේ බණ්ඩාර සහෝදරයා , ප්‍රගති බැංකු සේවක සංගමයේ මව් සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ සහෝදරයා , මහජන බැංකු ශාඛාවේ ලේකම් එල්.කේ.ඩබ්ලිව්. සූරියබංඩාර සහෝදරයා , ලංකා බැංකු ශාඛාවේ නුවන් ෆොන්සේකා සහෝදරයා ඇතුළු නායකයන් සහභාගි වූහ....

🔺🔺🔺24.03.2021 ஜனாதிபதி கோட்டாபய ராசபக்ச மற்றும் ஜனாதிபதி செயலணி தலைவர் பசில் ராசபக்ச அவர்களின் தலைமையின் கீழ் கூட்டு தொழ...
25/03/2021

🔺🔺🔺24.03.2021 ஜனாதிபதி கோட்டாபய ராசபக்ச மற்றும் ஜனாதிபதி செயலணி தலைவர் பசில் ராசபக்ச அவர்களின் தலைமையின் கீழ் கூட்டு தொழிற்சங்கத்தின் தலைவர். ஏ.கே.பண்டார அவர்கள் நுகேகொடவில் வெற்றிகரமாக கலந்துரையாடலை ஏற்பாடு செய்திருந்தார். இந்த கலந்துரையாடலில் தோழர். ஏ.கே.பண்டார வின் நீண்ட உரை ஜனாதிபதியின் கவனத்தை ஈர்த்துள்ளது.

✅ தோழர் பண்டாராவின் நீண்ட உரையின்படி, வங்கித் துறையில் உள்ள பிரச்சினைகளுக்கான தீர்வு காணுவதன் அவசரத் தேவை குறித்து ஜனாதிபதியின் கவனத்திற்கு கொண்டுவரப்பட்டது.
இந்த சந்திப்பைத் தொடர்ந்து, வங்கிகளில் உள்ள அனைத்து பிரச்சினைகளும், எங்கள் சங்கத்தின் அனைத்து கோரிக்கைகளும் விவாதிக்கப்பட்டு, ஜனாதிபதி மற்றும் திரு. பசில் ராஜபக்ஷ ஆகியோரிடம் எழுத்து மூலம் ஒப்படைக்கப்பட்டன.

⏩ பிரகதி வங்கி ஊழியர் சங்கத்தால் ஜனாதிபதியின் கவனத்திற்குக் கொண்டுவரப்பட்ட பிரச்சினைகளில்,

➡️ பிரகதி தலைமைத்துவத்தின் உறுதிப்பாட்டின் மூலம் வென்ற புதிய ஓய்வூதிய திட்டத்தில் சாதகமான முன்னேற்றத்தை ஏற்படுத்த தேவையான நடவடிக்கைகள் குறித்து விவாதங்கள் நடத்தப்பட்டன. 2012 ஆம் ஆண்டில், அப்போதைய ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷவின் முழு தலையீட்டால், இந்த புதிய ஓய்வூதியம் வென்றபோது வழக்குகள் தாக்கல் செய்யப்பட்டன.
நாட்டை நாசப்படுத்த முயன்ற தொழிற்சங்கங்கள் பல்வேறு தோல்வியுற்ற முயற்சிகளில் வங்கித் துறையில் சிக்கல்களை உருவாக்க இன்னும் முயன்று வருகின்றன.
இந்த சவால்கள் அனைத்தையும் கடந்து, பிரகதி வங்கி ஊழியர் சங்கம் புதிய ஓய்வூதிய திட்டத்தின் நன்மைகளை அதிகரிக்கவும், செயல்முறைகளை விரைவுபடுத்தவும் செயல்பட்டது.

➡️ மக்கள் வங்கி உதவி முகாமையாளர் (3-111) பதவி உயர்வுகள் குறித்து விவாதிக்கப்பட்டது அத்துடன் ஊழியர்கள் திருப்திப்படுத்தலின் மூலம் சிறந்த பெறுபேற்றை வங்கி பெறமுடியும் என்பதும் தெளிவுபடுத்தப்பட்டது. தற்போதைய பிரச்சினைகள் மற்றும் எமது சங்கத்தின் தீர்வுகள் குறித்தும் தெரிவிக்கப்பட்டது.

➡️ 2020 ஆம் ஆண்டிற்கான இலங்கை வங்கி மற்றும் மக்கள் வங்கியின் ஊழியர்களுக்கு இலாப அடிப்படையிலான ஊக்க போனஸ் ( incentive) விரைவாக செலுத்துவதற்கும் தற்போது குறைந்தது இரண்டு மாத மொத்த சம்பளத்தை வழங்குமாறு பிரகதி வங்கி ஊழியர் சங்கம் கோரிய கோரிக்கை தொடர்பில் கவனம் செலுத்தப்பட்டது .

➡️ முறைசாரா இடமாற்றங்களால் ஏற்படும் அநீதிகள் மற்றும் முறையான முறையில் வங்கிகளுக்குள் இடமாற்றம் செய்ய வேண்டியதன் அவசியம் குறித்து குறிப்பாக விவாதிக்கப்பட்டது.

➡️ கோவிட் நெருக்கடி இருந்தபோதிலும் தேசிய பொருளாதாரத்தின் வளர்ச்சியில் வங்கி ஊழியர்களின் பங்கைக் குறிப்பிட்ட அவர், பல்வேறு குறுகிய நிகழ்ச்சி நிரல்களின் போர்வையில் தொழிற்சங்க மாஃபியாவின் வெறுக்கத்தக்க பேச்சைத் தோற்கடிக்க பிரகதி வங்கி ஊழியர் சங்கம் உறுதிபூண்டுள்ளது என்பதை வலியுறுத்தினார்.

கூட்டு தொழிற்சங்க மையத்தின் தலைவர், பிரகதி வங்கி ஊழியர் சங்கத்தின் பொதுச் செயலாளர்
தோழர் ஏ.கே.பண்டார ; பிரகதி வங்கி ஊழியர் சங்கத்தின் தாய் சங்கத்தின் தலைவர் தோழர் நிஷாந்தா சமரசிங்க,
மக்கள் வங்கி கிளை செயலாளர் எல்.கே.டபிள்யூ தோழர் சூரியபந்தரா,
தோழர் நுவான் பொன்சேகா உள்ளிட்ட தலைவர்களும் இந்த கலந்துரையாடலில் பங்கேற்றனர் ....

සාමය , සෞභාග්‍යය , සහජීවනය තුලින් අර්ථවත් වන එකමුතුකම සමඟින්.... පැතුම් ඉටුවන ආලෝකමත් වූ හෙට දිනක් වෙනුවෙන් දීපාවලී උත්ස...
13/11/2020

සාමය , සෞභාග්‍යය , සහජීවනය තුලින් අර්ථවත් වන එකමුතුකම සමඟින්.... පැතුම් ඉටුවන ආලෝකමත් වූ හෙට දිනක් වෙනුවෙන් දීපාවලී උත්සවය සමරන ආදරණීය සහෝදරත්වය වෙත ප්‍රගති බැංකු සේවක සංගමයේ සුභ ප්‍රාර්ථනය ...

ஊழியர்கள் கடன் வட்டியைக் குறைத்தல்ஊழியர் சுற்றறிக்கை 351/2003 (1)___________________________நாட்டில் COVID 19 கொரோனா பரவ...
13/11/2020

ஊழியர்கள் கடன் வட்டியைக் குறைத்தல்
ஊழியர் சுற்றறிக்கை 351/2003 (1)
___________________________

நாட்டில் COVID 19 கொரோனா பரவுவதால் பாதிக்கப்பட்ட பொருளாதாரத்தை மறுவாழ்வு செய்ய வங்கி கடன்களுக்கான வட்டி வீதங்களைக் குறைக்க அரசாங்கம் நடவடிக்கை எடுத்ததால்,
வங்கி ஊழியர்களால் பெறப்பட்ட கடன்களுக்கும் அதே நிவாரணத்தை தருமாறு பிரகதி வங்கி ஊழியர்கள் சங்கம் பொதுமுகாமையாளரை கோரியது.
அதன்படி, பிரகதி வங்கி ஊழியர்கள் சங்கம்
"ஊழியர்கள் கடன்களில் வசூலிக்கப்படும் வட்டி வீதங்களைக் குறைத்தல்" எனும் தலைப்பில் ஜீலை 17; 2020 அன்று பொதுமுகாமையாளரை சந்தித்து வாய்வழி மற்றும் எழுத்துப்பூர்வ சமர்ப்பிப்புகளை செய்தது.
முன்மொழிவை சரியான நேரத்தில் சமர்ப்பித்ததற்காக சங்கத்தை பாராட்டிய அவர், இந்த திட்டம் சரியான நேரத்தில் வழங்கப்பட்டது, நிச்சயமாக செயல்படுத்தப்படும் என்று கூறினார்.

இந்த கோரிக்கை தொடர்பாக பொதுமுகாமையாளரிடம் நாங்கள் கோரிய கடிதம் சமூக ஊடக வலையமைப்பில் (பேஸ்புக் / வாட்ஸ்அப் / வைபர்) ஜூலை 17 மாலை விவரங்களுடன் வெளியிடப்பட்டது.

இது தொடர்பான சுற்றறிக்கை வெளியிடும் வரை, நாங்கள் தொடர்ந்து கண்காணித்து வந்தோம்.
இந்த வேண்டுகோள் முதலில் எமது தொழிற்சங்கத்தால் செய்யப்பட்டது என்பதை நாங்கள் வலியுறுத்துகிறோம், மக்கள் வங்கியின் உறுப்பினர் மீது அதிருப்தி அடைந்த தொழிற்சங்க முகமூடிகள் இந்த விஷயத்தில் அச்சமடைந்துள்ளனர்.
3-111 துரோகங்கள், உட்பட 56 மோசடி வாக்குறுதிகளை வழங்கி உறுப்பினர்களை முன்னேறமுடியாதளவிற்கு செய்துள்ள அவர்களது பொய்யான பதிவுகள் தொடர்பில் எமக்கு அக்கறை இல்லை.

பிரகதி வங்கி ஊழியர்கள் சங்கம் என்பது மிகக் குறுகிய காலத்தில் ஒரு பெரிய உறுப்பினர்களைக் கொண்ட வேகமாக நகரும் சங்கமாகும்.
தற்போது மக்கள் வங்கியில் இரண்டாவது கொண்டுள்ளது, இது ஏழு மாதங்களுக்குள் ஆயிரம் அங்கத்தவர்களை தாண்டியுள்ளது.

සේවක ණය පොලී අඩුකිරීමසේවක චක්‍රලේඛ 351/2003(1)_________________________රට තුළ ව්‍යාප්ත වූ  COVID 19 කොරෝනා රෝගය හේතුවෙන්...
12/11/2020

සේවක ණය පොලී අඩුකිරීම
සේවක චක්‍රලේඛ 351/2003(1)
_________________________
රට තුළ ව්‍යාප්ත වූ COVID 19 කොරෝනා රෝගය හේතුවෙන් අඩපණ වූ ආර්ථික කටයුතු පුනරුත්ථාපනය කිරීම සඳහා බැංකු ණය සඳහා අය කෙරෙන පොලී අනුපාතික අඩුකිරීමට රජය කටයුතු කල නිසා, බැංකු සේවකයින් ලබා ගත් ණය සඳහා ද එම සහනය ලබා ගැනීම සඳහා අප සංගමය විසින් සාමාන්‍යාධිකාරී තුමා වෙත ඉල්ලීම් කරන ලදී.ඒ අනුව ප්‍රගති බැංකු සේවක සංගමය "සේවක ණය වෙනුවෙන් අයකරනු ලබන පොලී අනුපාතිකයන් අඩුකිරීම" උදෙසා 2020 ජූලි 17 දින සාමාන්‍යාධිකාරී තුමා මුණ ගැසී වාචිකව සහ ලිඛිතව කරුණු ඉදිරිපත් කරන ලදී.
මෙම යෝජනාව කාලෝචිත බවත් එය අනිවාර්යයෙන්ම ඉටු කරන බවත් එම යෝජනාව මුලින්ම අප සංගමය විසින් ඉදිරිපත් කළ බවත් ඒ සඳහා ඔහුගේ ප්‍රශංසාව ද හිමිවිය.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අප විසින් සාමාන්‍යාධිකාරී තුමා වෙත ලිඛිතව කරන ලද ඉල්ලීමට අදාල ලිපිය ජූලි 17 දින සවස විස්තර සහිතව සමාජ මාධ්‍ය ජාලය (Facebook/ WhatsApp/ Viber) ඔස්සේ ප්‍රචාරණය කරන ලද අතර , මේ පිළිබඳව බංකොලොත් වෘත්තීය සමිති හූනියන්කරුවන් කලබල වන අයුරුද දක්නට ලැබුණි ..

චක්‍රලේඛය නිකුත් වන තෙක් මේ සම්බන්ධයෙන් අප සංගමය නිරන්තර පසුවිපරම් කළෙමු..

මෙම ඉල්ලීම මුලින්ම ඉදිරිපත් කලේ අප සංගමය විසින් බව අවධාරණය කරන අතර ඒ සම්බන්ධව මේ වන මහජන බැංකුවේ සාමාජිකත්වය තුල අප්‍රසාදයට පත්ව ඇති වෘත්තීය සමිති වෙස්මුහුණුකරුවන් භීතියට පත්වූ බවද දුටුවෙමු ..3-111 පාවාදීම් , බොරු පො⁣රොන්දු 56 වැනි රැවටීම් නිසා සාමාජිකත්වයට ඉදිරියට යා නොහැකි පිරිස් පිළිබඳව තැකීමක් කිරීමට අප සංගමයට කිසිම අවශ්‍යතාවයක් නොමැත..
ප්‍රගති බැංකු සේවක සංගමය ඉතාමත් කෙටි කලකින් විශාල සාමාජික පිරිසක් සහිතව ඉදිරියට යන සේවක සංගමයකි.මාස හතක් වැනි කෙටි කලක් තුල දහසකට අධික සාමාජික සංඛ්‍යාවක් ඉක්මවා යමින් දැනට මහජන බැංකුව තුළ සාමාජික සංඛ්‍යාව අතින් දෙවන තැන හිමි කරගෙන ඇත.

කොවිඩ් 19 ව්‍යාප්තිය සහ මහජන බැංකු සේවක මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ප්‍රගති බැංකු සේවක සංගමයේ මැදිහත්වීම  .....බස්නා...
02/11/2020

කොවිඩ් 19 ව්‍යාප්තිය සහ මහජන බැංකු සේවක මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ප්‍රගති බැංකු සේවක සංගමයේ මැදිහත්වීම .....

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා ඇත .. රටේ දිස්ත්‍රික්කයක් හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් වාර්තා වී ඇත .. කොවිඩ් 19 ව්‍යාප්තිය ගැන බරපතළ අනතුරු ඇඟවීම් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු සෞඛ්‍යය අංශ නිරතුරුව කරයි...මහජන බැංකුවේ සේවක මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව මෙන්ම අපහසුවකින් තොරව සේවය කිරීම යන කරුණු ගත්විට දැඩි අවධානය යොමු කල යුතු කරුණු රැසක් පිළිබඳව අප ප්‍රගති බැංකු සේවක සංගමය වශයෙන් කළමනාකාරිත්වය වෙත ලිඛිතව දන්වා ඇත..

* චක්‍රලේඛගත රෝස්ටර් ක්‍රමය බොහෝ ස්ථානවල ක්‍රියාත්මක නොකරන බව වාර්තා වේ ... ඒ තුලින් සේවක මණ්ඩලයේ බොහෝ දෙනෙක් රෝගය සඳහා වූ පරිසරයකට විවෘත කිරීම සිදුවේ.... ඇඳිරිනීතිය පැනවූ ප්‍රදේශවල සේවකයින් සේවයට කැඳවීම සහ විධිමත් රෝස්ටර් ක්‍රමයක් නොමැතිවීම තුල සේවක මණ්ඩලයට මතුවන ගැටලු පිළිබඳව යලි යලිත් අවධානය යොමු කිරීම වැදගත්ය ..

* නිවාඩු ලබාදීම් පිළිබඳව විධිමත් ක්‍රමවේදයක් සකස් කර සේවක මණ්ඩලය දැනුවත් කල යුතුය ... පෙර දැක්වූ පරිදි රෝස්ටර් ක්‍රමයට එකිනෙකා මුණ නොගැසෙන කණ්ඩායම් දෙකක් හෝ කිහිපයක් සකසා සේවයට පැමිණිය යුතු නැති දින සඳහා විශේෂ නිවාඩු ලබාදීම සුදුසු වේ...නමුත් නිවාඩු ලබාදීම ඒ ඒ අංශ ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි අවිධිමත් ලෙස කරන බව බොහෝ ස්ථානවලින් වාර්තා වේ... පසුගිය කාලයේ කොවිඩ් 19 ව්‍යාප්තිය වූ අවස්ථාවල උතුරු පලාතේ සහෝදරයකු වැටුප් රහිත නිවාඩු ලබන තත්වයට පත් වූයේ මේ අවිධිමත් නිවාඩු ලකුණු කිරීම් නිසාය..

* ප්‍රවාහන අපහසුතා දැඩිව මතුව ඇත.. දුම්රිය , බස් ඇතුළු පොදු ප්‍රවාහන සේවා නතර වී ඇත..බස්නාහිර පළාතෙන් පිටතද මගීන් නොමැති නිසා බස්රථ ධාවනය අඩපණව ඇත.. පවතින තත්වය තුල Three Wheel වැනි වාහන මඟින්ද ප්‍රවාහනයද දැඩි අවධානමකි... ප්‍රධාන කාර්යාලය සඳහා ප්‍රධාන මාර්ගවල බස් යෙදුවද එම මාර්ගවලට පැමිණීමට ගැටලු මතුව ඇත.. බස්නාහිර පලාතෙන් පිටද ප්‍රවාහන සේවා පිළිබඳව ගැටලු මතුව ඇත.. මේ පිළිබඳව කළමනාකාරිත්වයේ අවධානය යොමු කරමින් ප්‍රවාහන වියදම් ගෙවීම් කිරීම සඳහා වන උපදෙස් චක්‍රලේඛයක් මඟින් නිකුත් කර ඇත..

* ගර්භණී සහෝදරියන් වැනි පවතින තත්වය තුල අපහසුතාවට පත්වන සේවක මණ්ඩලය වෙනුවෙන් සහන ලබාදීම කඩිනමින් කල යුතුවේ..

* රජයේ නීතිරීති අනුව සංචරණ සීමා පනවා ඇත..ඒ පිළිබඳව අබමල් රේණුවක තරම් නොසිතන ඇතැම් ප්‍රාදේශිය කළමනාකාරිත්වයන් පදනමක් නැති ස්ථාන මාරු සහ අනුයුක්ත කිරීම් කරමින් සිටී.. ගමනාගමනය , නවාතැන් පහසුකම් ආදී සියල්ල ගැටලුකාරී වී ඇති මොහොතක කරන මේ අමනෝඥ දේවල් නතර කල යුතුය .. තම අමානුෂිකත්වය පෙන්වමින් ලංකා බැංකු සේවක සංගමයේ සභාපති කියා ගන්නා අයකු කුරුණෑගල ප්‍රාදේශිකයේ වසරක් පමණ වයස ඇති පිරිමි නිවුන් දරුවන් තිදෙනෙක් සිටින සහෝදරියක් ප්‍රාදේශිකයෙන් පිටතට මාරු කිරීමට බලපෑම් කර ඇත..ඒ සහෝදරියගේ ශාඛා කළමනාකාරවරයා අමතා ඇයට අත්සන් කිරීමට නොදෙන ලෙස පවසා ඇති මේ අමානුෂික පුද්ගලයා කරන මෙවැනි පහත් ක්‍රියා සේවක මණ්ඩලයේ දැඩි අප්‍රසාදයට ලක්ව ඇත.. ස්ථාන මාරුවීමක් ගැන නිල වශයෙන් ඇමතීමට එවැනි පාරේ සිටින වැඩකට නැති පුද්ගලයන්ට කිසිම අයිතියක් නොමැති බව මානව සම්පත් දෙපාර්තමේන්තුව වෙතද අප දන්වා ඇත..

බස්නාහිර පළාතට මෙන්ම තවත් බොහෝ ප්‍රදේශවලට ඇඳිරිනීතිය , හුදකලා කිරීම් බලපා ඇත.. ශාඛා විවෘත කිරීම ගැන සිතන පාලකයන් සේවක මණ්ඩලය පැමිණෙන්නේ කෙසේද ? සේවක මණ්ඩලය සෞඛ්‍යාරක්ෂිතද ? යන්න වඩාත් සිතිය යුතුය ..

වර්තමාන කොරෝනා ව්‍යාප්තිය තුල ඉතා ප්‍රවේශම් විය යුතු මට්ටමට පැමිණ ඇති බව කියන්නේ අප නොව වෛද්‍යවරුන්ය.. ප්‍රගති බැංකු සේවක සංගමය වශයෙන් ලිඛිතවම ප්‍රායෝගික තත්වය කළමනාකාරිත්වය වෙත දන්වා අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර ඇත.

* ඉතා කෙටි කලක් තුල දහසකට අධික සාමාජිකත්වයක් එක් රොක් වූ සංගමයක් ලෙස ප්‍රගති බැංකු සේවක සංගමය ප්‍රායෝගික තත්වයන් තුල මතුවන ගැටලුද හඳුනාගෙන සේවක මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් නිරතුරුව කටයුතු කරන බව සඳහන් කරමු..

සේවක ණය පොලී අනුපාත අඩු කිරීම සම්බන්ධව ලංකා බැංකුවේ මෙන්ම මහජන බැංකුවේද අඛණ්ඩවම ඉල්ලීම් කරමින් පෙනී සිටින්නේ ප්‍රගති බැං...
29/10/2020

සේවක ණය පොලී අනුපාත අඩු කිරීම සම්බන්ධව ලංකා බැංකුවේ මෙන්ම මහජන බැංකුවේද අඛණ්ඩවම ඉල්ලීම් කරමින් පෙනී සිටින්නේ ප්‍රගති බැංකු සේවක සංගමයයි.. මේ පිළිබඳව මහජන බැංකුවේ සභාපතිතුමා , සාමාන්‍යාධිකාරීතුමා සමඟ සෘජුවම සාකච්ඡා කරමින් , ලිඛිතවම ඉල්ලීම් කරමින් අප කටයුතු කරන ලදි ... ඒ අනුව අදාල සේවක ණ⁣ය පොලී අඩුකිරීම සඳහා වන කටයුතු මේ වන විට චක්‍රලේඛගත කරමින් අවසන් අදියරේ පවතින බව සාමාජිකත්වය වෙත දැනුම් දෙමු...

⬆️ සේවක නිවාස ණය සහ නිවාස අලුත්වැඩියා ණය සඳහා වන පොලී අනුපාත 4% දක්වා අඩු කරනු ඇත...

⬆️ වාහන ණය , යතුරු පැදි ණය , ආපදා 11 ණය , පාරිභෝගික ණය , අධ්‍යාපන ණය සඳහා වන පොලී අනුපාත 4.5% දක්වා අඩු කෙරෙනු ඇත...

COVID 19 වෛරසයේ ව්‍යාප්තිය සහ මහජන බැංකුවේ සේවක මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් - ඇති වූ සහ ඇතිවිය හැකි තත්වයන් පිළිබඳව අ...
16/10/2020

COVID 19 වෛරසයේ ව්‍යාප්තිය සහ මහජන බැංකුවේ සේවක මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් - ඇති වූ සහ ඇතිවිය හැකි තත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රගති බැංකු සේවක සංගමයේ සෘජු මැදිහත්වීම ...

Address


Telephone

+94772841987

Website

Alerts

Be the first to know and let us send you an email when PBEU Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PBEU Media:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share