Budusarana

Budusarana Official page of Budusarana tabloid magazine

යෝගාවචරයාගේ සිතට නිවන හසු වීම!☸🙏🌼🌸🌿🌸 මෙසේ වැඩෙමින් බාලවෙමින් පවත්නා වූ යෝගාවචරයා ගේ ඥානය සමුද්‍ර‍ය තරණය කරන නැවකින් මුදා...
13/05/2024

යෝගාවචරයාගේ සිතට නිවන හසු වීම!☸🙏🌼

🌸🌿🌸 මෙසේ වැඩෙමින් බාලවෙමින් පවත්නා වූ යෝගාවචරයා ගේ ඥානය සමුද්‍ර‍ය තරණය කරන නැවකින් මුදා - ලූ කවුඩකු වැනි ය. අතීතයේදී සමුද්‍රයෙහි ගමන් කළ නාවිකයෝ දිශා සොයා ගත නො හෙන අවස්ථාවලදී ප්‍රයෝජන ලබනු පිණිස නැව්වල කවුඩකු ගෙන යති. මුහුදේදී සමීපයේ ගොඩබිමක් ඇද්දැ යි දැනගන්නට වුවමනා වූ විට නාවිකයෝ කවුඩා කූඩුවෙන් මුදා හරිති. ඌ අහසේ ඒ මේ අත පියාඹා බලා, ගොඩ බිමක් නුදුටුව හොත් නැවේ කුඹ ගසට ම නැවත නැවත එයි. ගොඩබිම දුටු කල්හි ඒ දෙසට යයි. නැවත ආපසු නො එයි. එයින් නාවිකයෝ කවුඩා ගිය පැත්තෙහි ගොඩබිමක් ඇති බව දැන ගනිති.🌿🌸
🌸🔰🌸 මේ සතිපට්ඨාන භාවනාව කරන යෝගාවචරයා ගේ සංස්කාරයන් සිහි කිරීමේ වේගය වරින් වර අඩුවී යාම, ගොඩබිමක් දක්නා තුරු කවුඩාගේ නැවත නැවත නැවට පැමිණීම වැනි ය. සංස්කාරයන් සිහි කරන දකින විදර්ශනා ඥානය ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට තරමට දියුණු වූ කල්හි ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රියයන් ද එයට සමවන පරිදි දියුණු වූ අවස්ථාවක හැපීම් - ඇසීම් - දැකීම් ආදියෙන් දැනෙන, සංස්කාර ජාති සය අතුරෙන් (රූපාදි අරමුණු සය අතුරෙන්) යම් කිසිවක් පිළිබඳ වූ දැනීම වාරයෙන් වාරය වඩ වඩා පිරිසිදු ලෙස තුන් වරක් හෝ සතර වරක් ඇති වූ පසු එකෙණෙහි සිහි කරනු ලබන සංස්කාරයන් ගේ හා සිහි කරන සිත්වල නිරෝධය වූ ලෝකෝත්තර නිර්වාණ ධාතුව යෝගාවචරයා ගේ භාවනා චිත්තයට හසු වී ප්‍ර‍ථම මාර්ගයට හා ඵලයට යෝගාවචරයා පැමිණෙන්නේ ය.🔰🌸

✍️පූජනීය රේරුකානේ චන්දවිමල හිමිපාණන් වහන්සේ

13/05/2024

උතුම් වූ ශ්‍රී පාද පද්මය පිහිටි සමනල සිරස මත වතාවත් සිදුකරන දුර්ලභ දර්ශනයක්🙏🌼☸







🇱🇰

🎥 Video credit goes to respective owner

ධර්මයට අනුව ජීවත්වන කිසිවෙකු කිසිදිනක තම හෘද සාක්ෂිය හමුවේ අසරණ නිවන්නේය. 🌼🙏☸                                           ...
13/05/2024

ධර්මයට අනුව ජීවත්වන කිසිවෙකු කිසිදිනක තම හෘද සාක්ෂිය හමුවේ අසරණ නිවන්නේය. 🌼🙏☸







🇱🇰

12/05/2024

ඔබට ධර්මය හමුවීම අහඹු සිදුවීමක් නොව සසරේ ඔබ රැස්කල කුසලයන්ගේ පුන්‍ය විපාකයයි.☸🙏🌼







🇱🇰

The root of all suffering is attachment.🙏🌼☸                                                              🇱🇰📷 Photos cred...
12/05/2024

The root of all suffering is attachment.🙏🌼☸







🇱🇰

📷 Photos credit goes to respective owner

12/05/2024

අපිට ඕනේ විදිහට අපි වටේ ඉන්න මිනිස්සු පාලනය කරන්න අපිට බැහැ☸🙏🌼







🇱🇰

🎥 Video credit goes to respective owner

සම්මා දිට්ඨිය යනු චතුරාර්ය සත්‍ය අවබෝධයයි 🌼🙏🌼“කතමො ච භික්ඛවෙ, සම්මාදිට්ඨි? යං ඛො භික්ඛවෙ, දුක්ඛෙ ඤාණං, දුක්ඛමුදයෙ ඤාණං, ...
12/05/2024

සම්මා දිට්ඨිය යනු චතුරාර්ය සත්‍ය අවබෝධයයි 🌼🙏🌼

“කතමො ච භික්ඛවෙ, සම්මාදිට්ඨි? යං ඛො භික්ඛවෙ, දුක්ඛෙ ඤාණං, දුක්ඛමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය ඤාණං අයං වුච්චති භික්ඛවෙ, සම්මාදිට්ඨි.” (මග්ගවිභංග සුත්ත)
මෙතැන් පටන් මාර්ගාංග අට වෙන වෙන ම විස්තර කරනු ලැබේ.
තේරුම :-
“මහණෙනි, සම්මාදිට්ඨිය කවරේද? මහණෙනි, යම් දුක ගැන දැනීමක් වේ ද? දුක ඇති වීමේ හේතුව ගැන දැනීමක් වේ ද, දුක්ඛනිරෝධය (නිවන) ගැන දැනීමක් වේ ද, නිවනට පැමිණෙන මඟ ගැන දැනීමක් වේ ද, මහණෙනි, මෙය සම්මා දිට්ඨිය යි කියනු ලැබේ.
සම්මා දිට්ඨි සූත්‍රය ඇසුරු කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු වන මාර්ගාංගය වන සම්මා දිට්ඨිය පිළිබඳව නිවැරැදි අවබෝධයක් බෞද්ධයකු සතු විය යුතු වෙයි.
සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේදී ස්වාමින් වහන්සේ අමතා වදාළේ මහණෙනි, යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවකයා දුක දනීද, දුකට හේතුව දනීද, දුක නැති කිරීම දනීද, දුක නැති කිරීමේ මඟ දනී ද මේ කාරණාවෙන් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙක් වෙයි. දහම පිළිබඳව ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිවනට පැමිණ වාසය කරන්නෙක් වෙයි.
ආයුෂ්මතුනි, දුක නම් කවරේද දුකට හේතුව කවරේද දුක නැති කිරීම නම් කවරේද දුක නැති කිරීමේ මඟ නම් කවරේද
ඉපදීම දුකකි (ජාතිපි දුක්ඛා) ජරාවට පත්වීම දුකකි (ජරාපි දුක්ඛා) ලෙඩවීම දුකකි (ව්‍යාධිපි දුක්ඛෝ) මරණයට පත්වීම දුකකි (මරණම්පි දුක්ඛං) (ශෝක) සෝක වැළපීම දුකකි. (පරිදේව) කායික දුක්, මානසික දුක් (දෝමනස්ස) හිල්ලීම (උපායාස) යම් දෙයකට කැමැති නම් එය නොලැබෙන විට ලැබෙන දුක (යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං) සැකෙවින් පවසන්නේ නම් පංච උපාධානස්කන්ධයම දුකකි (සංකිත්තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා) මහණෙනි, මෙය දුක යැයි කියයි.
දුක හට ගැනීමේ හේතුව කුමක්ද පුනර්භවය ඇතිකරවන සුළු (පෝනෝභවිකා) යම් සතුටින් ඇලීයාමක් (නන්දිරාග) වේද, ඒ ඒ භවයන්හි වන අරමුණුවල සතුටින් ඇලීයාමක් (තත්‍ර තත්‍රාභිනන්දිනී) වේද, යම් තෘෂ්ණාවක් වේද එවන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් දක්වන තෘෂ්ණා වර්ග තුනකි. ඇවැත්නි මෙය දුක හට ගැනීමට හේතුව හෙවත් දුක්ඛ සමුදය යැයි කියයි. (යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී සෙය්‍යථිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා)
ඒ වගේම දුක්ඛ නිරෝධය කවරේද ආර්ය මාර්ගයෙන් ඒ දුකට හේතු වන්නා වූ තණ්හාවන්ගේ යම් අතිශයින්ම ප්‍රහාණයක්, හැරලීමක්, දුරුලීමක්, මිදීමක්, නොඇලීමක් වේද (යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ) මේ දුක්ඛ නිරෝධය යැයි කියයි.
ඒ වගේම දුක්ඛ නිරීධගාමිනි ප්‍රතිපදාව කවරේද සම්මා දිට්ඨි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාව යි.
(අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධගාමිනි පටිපදා. සෙය්‍යථිදං සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි)
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවකයා මේ දුක දනීද, දුක්ඛ සමුදය දනීද, දුක්ඛ නිරෝධය දනීද, දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාව දනීද ඔහු සද්කාරයෙන් ම රාගානුසය ප්‍රහාණය කොට පටිඝානුසය ප්‍රහාණය කොට මම වෙමි යන දෘෂ්ටිය අත්හැර අස්මිමානානුසය ප්‍රහාණය කොට අවිද්‍යාව අත්හැර විද්‍යාව උපදවා මේ භවයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මේ චතුරාර්ය සත්‍යය දැන ගැනීමෙන් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙකු වෙයි. ධර්මය පිළිබඳ ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයහි ගුණ දැන පැහැදෙයි. මේ නිර්වාණ ධර්ම මාර්ගයට පැමිණ වාසය කරන්නෙක් වෙයි.
ඒ වගේම චතුරාර්ය සත්‍යය කියන්නේ කුමක්දැයි අවබෝධ කරගත යුතු වෙනවා. “චතු” කියන්නේ හතරටයි. “ආර්ය” කියන වචනයේ වචනාර්ථ කිහිපයක් ම තිබෙනවා. මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම තුළින් ආර්ය භාවයට පමුණුවන නිසාද, ආර්යයන් විසින් අවබෝධ කරනු ලබන සත්‍යයක් නිසාද, ආර්යයන්දී වඩ වඩාත් ශ්‍රේෂ්ඨත්වයට පත්කරවන නිසාද ආර්ය නාමය භාවිතා කරනවා. සත්‍යය යන වචනය හැදී ඇත්තේ සත් ධාතුව මුල් වීමෙන් “සත්” කියන්නේ නො වෙනස්ව පවතින යන අදහසයි. නො වෙනස් ව පවසන යම් දෙයක් වේනම් එය සත්‍යයක්. යමක් වෙනස් වන්නේනම් එය සත්‍යයක් නොවේ. අසත්‍යයක්. මේ ආර්ය සත්‍යය හතර කිසිදු හේතුවක් නිසා හෝ කිසිඳු දිනයක කාලානුරූපී ව හෝ වෙනස් වන්නේ නැහැ. ඒ නිසා මේ කාරණා හතරට චතුරාර්ය සත්‍යය යන නම භාවිතා වෙන බව අප වටහා ගත යුතුයි. චතුරාර්ය සත්‍ය යනු
1. දුක්ඛ ආර්ය සත්‍යය , 2. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, 3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, 4. දුක්ඛ නිරෝධගාමිනි පටිපදා ආර්ය සත්‍යය යන ආර්ය සත්‍ය හතරටයි. මේ ආර්ය සත්‍යය හතර ගැන සාමාන්‍ය ලෝකය දැන ගන්නවාට වඩා ගැඹුරින් දැන ගැනීම තුළ සම්මා දිට්ඨිය ඇතිකරගත හැකියි.
දුක්ඛ ආර්ය සත්‍යය – දුක්ඛ ආර්ය සත්‍යය ගැන මනා දැන ගැනීම ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවයක්. සැරියුත් තෙරුන් වහන්සේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං ආදී වශයෙන් මේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන විස්තර කරයි. එම විස්තරය අගට යෙදෙන සුවිශේෂ අර්ථ විවරණයක් තිබෙනවා. “සංඛිත්තේන පංචඋපාදානස්ඛන්ධා දුක්ඛා” යනුවෙන් සඳහන් වන්නේ එයයි. එම ප්‍රකාශයට අනුව ඉපදීමත්, වයසයට යාමත්, ලෙඩවීමත්, මරණයට පත්වීමත්, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාසයන්ට ගොදුරුවීමත් අපි‍්‍රයයන් හා එක්වීමත්, පි‍්‍රයයන්ගෙන් වෙන්වීමත්, කැමැති දේ නොලැබී යාමත් යන මේ කාරණා සියල්ලම නිසා ඇතිවන දුකට මුල් වන්නේ පංච උපාධානස්කන්ධය බව අවබෝධ කරගත යුතු වෙනවා. ඉහත කියන ලද සියලු දුක්වලට මුල් වී තිබෙන්නේ පංච උපාධානස්කන්ධය බව මනා නුවණින් වටහා ගැනීමටයි “දුක්ඛේ ඤාණං” යනුවෙන් අදහස්. කරන්නේ. සැබැවින්ම දැක දැන ගන්නවා. දුක දැන ගත්තා. දුක දැක්කා කියන්නේ එයටයි.
දුක්ඛ සමුදය සත්‍යය - දුක්ඛ සමුදය සත්‍යය හෙවත් තණ්හාව තුළින් අනෙක් සත්‍ය තුන අවබෝධ කර ගන්නේ කෙසේදැයි විමසා බලමු. තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙස කොටස් තුනකි. මේ තණ්හා වර්ග තුන නිසා කාම භව රූප භව හා අරූප භව යන භවත්‍රයෙහි ඉපදීම සිදුවෙයි. එසේ ඉපදීම නිසා දුකට පත්වෙන්නට සිදුවෙයි. එය දුක්ඛ සත්‍ය ලෙසින්ද, ඒ උපතට මුල් වූ තණ්හාව නැති කිරීම නිසා දුක නැති වීම සිදුවෙන බවත් එය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ලෙසත්, ඒ තණ්හාව නැති කරන මාර්ගය ආර්ය අංෂ්ටාංගික මාර්ගය බවත් වටහා ගන්නවා. එතැන සිදුවන්නේ තණ්හාව මුල් කර ගත් චතුරාර්ය සත්‍යවබෝධය යි.
දුක්ඛ නිරෝධ සත්‍යය - දුක්ඛ නිරෝධ සත්‍යය හෙවත් නිවන මුල්කරගෙන අනෙක් සත්‍ය තුන අවබෝධ කර ගන්නේ කෙසේද දුක්ඛ නිරෝධය කියන්නේ තණ්හා නිරෝධය යි. යමෙක් තණ්හාව නැති කරනවා කියන්නේ ඒ තැනැත්තා දුකද නැතිකළා කියන එකයි. කාම තණ්හාදී තණ්හාවන්ගේ යම් ඉතිරි නොවී නැතිව යාමක් ඇත් හැරීමක් නොඇලීමක් වේද එය නිවන හෙවත් දුක්ඛ නිරෝධය යි. මේ කියන අවබෝධය ඇති වන විට දුක ගැනද, දුකට හේතුව වන තණ්හාව ගැනද, ඒ තණ්හාව නැති කරන මඟ හෙවත් දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාව ගැනද, අවබෝධයක් ඇතිවෙයි.
දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදා සත්‍යය - යමෙකුට මාර්ග සත්‍යය ගැන යම්කිසි අවබෝධයක් ඇතිවෙනවා නම් ඒ තුළින් ද ඒ තැනැත්තා අනෙක් සත්‍ය තුන වටහා ගැනීමේ හැකියාව ඇති වෙනවා. මාර්ග සත්‍යය තුළින් සිදුවන්නේ දුක්ඛ නිරෝධය සිදු කරන වැඩ පිළිවෙල පුරුදු කිරීමයි. මාර්ග සත්‍යයේ කෘත්‍යය වන්නේ මාර්ගාංග වැඩීම හෙවත් දියුණු කිරීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංගය දියුණු කළයුත්තේ තණ්හාව තුළින් දුක ඇතිවෙන නිසායි. තණ්හාව නැති කරනවා යනු නිවන සාක්ෂාත් කිරීමයි. එයට පුරුදු කළ යුතු කාරණා පුරුදු කිරීම දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාවෙන් හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සිදුවෙයි.
මේ අනුව අප වටහා ගත යුත්තේ චතුරාර්ය සත්‍යයෙන් එක් ආර්ය සත්‍යයක් ගැන හෝ මනා වූ දැනුමක් ඇතිවන්නේ යම් මොහොතකද ඒ අවස්ථාවේදී අනෙක් ආර්ය සත්‍ය ගැනද අවබෝධ වන බවයි. චතුරාර්ය සත්‍යයම එකට බැඳී පවතින බැවින් මේ හතරෙන් කුමකින් හෝ සත්‍යාවබෝධය සඳහා ප්‍රවේශයක් ලබා ගත හැකිය යන්නයි.

උපුටාගැනීමකි.







🇱🇰

උසස්බව පහත්බව තීරණය වන්නේ මෙලෙසයියහපත් සමාජයක් ගොඩනැංවීමෙහිලා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍ර...
12/05/2024

උසස්බව පහත්බව තීරණය වන්නේ මෙලෙසයි

යහපත් සමාජයක් ගොඩනැංවීමෙහිලා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය වැනි සූත්‍ර ධර්ම තුළින් ඉතා වටිනා උපදෙස් දේශනා කර ඇත.
බාලයන්, අසත්පුරුෂයන් ඇසුරු නොකිරීම, සත්පුරුෂයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම ආදී මෙහි දැක්වෙන මංගල කරුණු අනුගමනය කිරීමට ඔබට කිසිම මුදලක් වැය නොවේ. මේවා නිසි ලෙස අනුගමනය කිරීමෙන් සමාජ සාරධර්ම ගොඩනැඟීම ඉබේ ම සිදුවේ...
https://tinyurl.com/5ej4fmtv

නිවාගත් කළ තම සිත ලොව නිවන්නට වෙන කිසිත් නැත.🙏☸🌼                                                              🇱🇰
12/05/2024

නිවාගත් කළ තම සිත ලොව නිවන්නට වෙන කිසිත් නැත.🙏☸🌼







🇱🇰

12/05/2024

ලොවට අනුත්තර පින්කෙතක් වූ අග්‍ර සංඝයා කෙරෙහි පැහැදුනවූවන්ට ද, සංඝයා උදෙසා දන් දෙන්නවුන්ට ද, අග්‍ර වූ පින් වැඩෙයි. අග්‍ර වූ ආයු වර්ණ , සැප , බල, යස කීර්තිය ලැබෙයි.🌼🙏☸







🇱🇰

📷 Photos credit goes to respective owner

අසුන්දර සංසාරයට සුන්දර ගමනාන්තයක්අප මේ සංසාර ගමනේ සැරිසරා ආ දුර දන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පමණයි. සත්ත්වයා සුගති දුගත...
11/05/2024

අසුන්දර සංසාරයට සුන්දර ගමනාන්තයක්

අප මේ සංසාර ගමනේ සැරිසරා ආ දුර දන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පමණයි. සත්ත්වයා සුගති දුගති ලෝකවල සැරිසරා ආ ආකාරයත්, කර්ම විපාකවලට බඳුන් වන ආකාරයත් තම තමන් අතින් සිදු වූ වැරැදි නිසා දුක් විපාකවලට පත්වෙන ආකාරයත් උන්වහන්සේ බුදු ඇසින් දුටු සේක.
අප කළ කී දේ, සිතූ දේ නිසා ම අප බොහෝ විට විඳවනවා. කර්මය කියන කඩ ඇණයෙන් බැඳී අවිද්‍යාව, තණ්හාව, සමඟ පැටලී යන ගමනක් නිසා බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් දැකලයි මේ දේ අපට වදාළේ. එනිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ කයින්, වචනයෙන් මෙන් ම සිතිනුත් මේ දීර්ඝ ගමනේ දී අපට බොහෝ අඩුපාඩු වගේම දුෂ්චරිත සිදු වෙනවා කියා.
ඇතැම් අය සතුන් මරනවා. අන්සතු දේ සොර සිතින් ගන්නවා, වැරැදි කාම සේවනයේ යෙදෙනවා, ඒ කියන්නේ කයින් සිදුවන දුෂ්චරිතයක්. ඒ වගේ ම කෙනකු බොරු කියනවා නම්, තමන්ටත්, අනුන්ටත් යහපත නොවන හිස් වචන කියනවා නම්, සමඟිය බිඳන කේළාම් කියනවා නම්, තව කෙනකුගේ සිතේ තිබෙන සැනසීම, ශාන්තිය, සතුට, නැති වන ලෙස නපුරු වචන කියනවා...
https://tinyurl.com/4czmnfkb

11/05/2024

ඔබේ සැනසීම නැතිකරන “වචන” හිතේ රඳවා නොගන්න. “ සිනහවකින්” අථරින්න.☸🙏🌼







🇱🇰

අසන්න දරන්න ධර්මයෙහි හැසිරෙන්නබුදුරජාණන් වහන්සේ පෞද්ගලික අසමානතා ජලයෙන් මතු වූ නෙළුම්, ජල මට්ටමේ පිහිටි නෙළුම් සහ ජල මට්...
11/05/2024

අසන්න දරන්න ධර්මයෙහි හැසිරෙන්න

බුදුරජාණන් වහන්සේ පෞද්ගලික අසමානතා ජලයෙන් මතු වූ නෙළුම්, ජල මට්ටමේ පිහිටි නෙළුම් සහ ජල මට්ටමෙන් යට පිහිටි නෙළුම් යනුවෙන් සමාන කළහ. සීමාසහිත මානසික ශක්ති ඇත්තවුන්ට සරල උපදෙස් යොදා ගත්හ. එක් එක් ශ්‍රාවකයාගේ මානසික තත්ත්වය අනුව භාවනා කිරීමට උපදෙස් දෙන ලද්දේ ප්‍රත්‍යෙකෘත පදනම මතයි
අප බුදුරජාණන් වහන්සේගේ නිරන්තර උත්සාහය වූයේ පුද්ගලයා උගතකු කිරීමයි. ඒ සඳහා උන්වහන්සේ යොදාගත් ඉගැන්වීම් ක්‍රම ශිල්ප විස්මයජනක ය.
මනා වූ සාමාන්‍ය ඉගැන්වීමේ ක්‍රම විද්‍යාවක් මෙන් ම සුවිශේෂ ඉගැන්වීම් ක්‍රම සඳහා ඉගෙනුම පිළිබඳ සිද්ධාන්තයක් තිබිය යුතු ය. බුදුරජාණන් වහන්සේගේ කර්ම න්‍යාය මෙය ඉතා පැහැදිලි ව පිළිබිඹු කරයි. “කර්මය” යනු චේතනාව යැයි බුදුරජාණන් වහන්සේ පවසති. අධිෂ්ඨානයට එළඹි පුද්ගලයා ඒ අනුව වාචික ව, කායික ව හා මානසිකවත් ක්‍රියා කරයි. ඒ නිසා කර්මය නැතහොත් ක්‍රියාව මානසික හෝ වාචික හෝ කායික හෝ විය හැකි ය...
https://tinyurl.com/2uw6vu5h

Give even if you only have a little.🙏🌼☸                                                              🇱🇰📷 Photos credit g...
11/05/2024

Give even if you only have a little.🙏🌼☸







🇱🇰

📷 Photos credit goes to respective owner

11/05/2024

ධර්මය එක්ක තර්ක කරපු මිනිස්සු තවමත් සංසාරේ ☸🙏🌼







🇱🇰

🎥 Video credit goes to respective owner

වෙසක් සමරන ආසියාව🙏🌼☸ශ්‍රී ලංකාවේ හැරුණු විට ඉන්දියාව, නේපාලය, ටිබෙටය, බංගලිදේශය, භූතානය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායි...
11/05/2024

වෙසක් සමරන ආසියාව🙏🌼☸

ශ්‍රී ලංකාවේ හැරුණු විට ඉන්දියාව, නේපාලය, ටිබෙටය, බංගලිදේශය, භූතානය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, මැලේසියාව, මියැන්මාරය, මොන්ගෝලියාව, පිලිපීනය, ජපානය, චීනය, උතුරු කොරියාව, දකුණු කොරියාව, තායිවානය, වියට්නාමය ආදී රටවල බෞද්ධයන් විශාල වශයෙන් වෙසෙනවා. ඒ ඒ රටවල ජනයා වෙසක් උත්සවය සමරන්නේ ඔවුන්ගේ සංස්කෘතීන්ට අනුකූල ව යි. වෙසක් හඳුන්වන්නට භාවිත කරන වචන ද ඒ ඒ රටවල එකිනෙකට වෙනස්. වෙසක් සැමරුම කරන දින ද ඒ අනුව වෙනස් වෙනවා.

“වෙසක්” යන මූලික වදන විවිධ භාෂාවලින් ව්‍යවහාරයට නැඟෙන්නේ එකිනෙකට වෙනස් ස්වරූපවලින්. ජපාන බසින් “වෙසාඛ” යනුවෙන් ද, ලාඕ බසින් “වික්සාඛා බොවුක්සා” යනුවෙන් ද එය හැඳින්වෙනවා. චීන බසින් “වෙයිසායි ජී” යනුවෙන්ද, හින්දි බසින් “වයිසාඛ පූර්ණිමා” යනුවෙන් ද, ඉන්දුනීසියා බසින් “හරි රියා වයිසාක්” යනුවෙන් ද පැවසෙනවා. කාම්බෝජයේ වෙසක් හැඳින්වෙන්නේ ඛමෙර් බසින් “විසාක් බොචෙයා” යනුවෙනු යි. මැලේ බසින් “හරි වෙසක්” යනුවෙන්ද, තායි බසින් “විසාඛා බුචා” යනුවෙන් ද එය හැඳින්වෙනවා

♦️♦️ජපානයේ වෙසක්

ජපානයේ පැතිර තිබෙන්නේ මහායාන බුද්ධාගම යි. වර්ෂ 2019 සංඛ්‍යාලේඛන අනුව එරට සිටින බෞද්ධයන්ගේ සංඛ්‍යාව මිලියන 84. 8ක්. ඔවුන් බුදු හිමියන්ගේ උපත සමරමින් තමයි වෙසක් උත්සවය පවත්වන්නේ. එම උත්සවය හඳුන්වන්නේ හනා මත්සුරි හෙවත් පුෂ්ප උළෙල කියල යි. ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන අප්‍රේල් 8 වැනි දින ඒ සඳහා වෙන් කර තිබෙනවා.

සිදුහත් කුමරු උපන් දා අහසෙන් මතු වූ මකරකු උන් වහන්සේ හඳුනා නොගත් පැළෑටියක් නිස්සාරණයෙන් ලබා ගන්නා යුෂ මඟින් සැකසූ ‘සෝම’ නම් පානයෙන් නහවන ලද බවට ජපානයේ පුරාවෘත්තයක් තිබෙනවා. හනා මත්සුරි වචනය තැනී ඇත්තේ ඒ ජන කතාව පදනම් කරගෙන යි.

වෙසක් දිනයේ දී ජපානයේ සෑම පන්සලක් ඉදිරිපිට ම බුදු රුවක් සහිත පුදසුනක් තනා තිබෙනු දකින්න පුළුවන්. බැතිමතුන් එය නොයෙකුත් පැහැයෙන් යුතු මලින් සරසනවා. බිළිඳු සිදුහත් කුමරුගේ ප්‍රතිමාවක් ‘අමාචා’ නමින් හඳුන්වන හයිඩ්‍රේන්ජියා පැළෑටියෙන් නිපදවන ඖෂධීය තේ පානයෙන් නැහැවීම ද තවත් සිරිතක්.

මහමායා දේවිය දුටු සිහිනය සංකේතවත් කරනු පිණිස රථයක් මත සුදෝසුදු හස්තියකගේ අනුරුවක් ඉදි කිරීම ද ජපනුන් සිදු කරනවා. වීදි, සාප්පු, නිවාස සහ පන්සල් මල්වලින් අලංකාර ලෙස සැරසීම වෙසක් උළෙලේ අංගයක්. ළමයින් මල් සැරසිලිවලින් සැරසී සාම්ප්‍රදායික ජපන් ඇඳුම් හැඳ සතුටින් වෙසක් දිනය ගත කරනවා.

♦️♦️ඉන්දියාවේ බුද්ධ පූර්ණිමා

ඉන්දියාවේ වෙසක් දිනය හඳුන්වන්නේ බුද්ධ පූර්ණිමා යනුවෙන්. බුදුදහම හා සම්බන්ධ පුරාණ විහාර රාශියක් පිහිටි ඉන්දියාවේ ජීවත්වන බෞද්ධයන්ගේ සංඛ්‍යාව මිලියන 8.4ක්. එරට වැඩි ම බෞද්ධ ජනගහනයක් සිටින්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙ යි. කාශ්මීර ලඩාක්, ඊසාන දිග ඇසෑමය, සිකිම් දේශය ඇතුළු තවත් පළාත් ගණනාවක බෞද්ධ ජනයා වාසය කරනවා. පසුගිය 2019 දී ලඩාක් වෙන ම බෞද්ධ ප්‍රාන්තයක් ලෙසත් ඉන්දීය රජය ප්‍රකාශයට පත් කළා. ලඩාක් කියන්නේ උතුරු ඉන්දීය දේශ සීමාවට මායිම්ව උස් කඳුකරයේ පිහිටි ඉතා සුන්දර ප්‍රදේශයක්. ඔවුන් ගේ ඇදහීම් සහ චාරිත්‍ර වාරිත්‍ර ආදියේ පැහැදිලි වෙනස්කම් දැක ගැනීමට ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ මෙන් ථෙරවාද බෞද්ධ ආගම අදහන පිරිස ඉන්දියාවේ අඩු යි. ඉන්දියානු රජය බෞද්ධයින් වැඩි පළාත්වලට බුද්ධ පූර්ණිමා දවස නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තියෙනවා. වෙසක් දවසට ඉන්දීය බෞද්ධයන් තමන්ට ආසන්න ව පිහිටි වෙහෙර විහාරස්ථාන කරා යනවා. භික්ෂුන් වහන්සේට දාන මාන ආදිය පූජා කිරීමත්, ධර්ම ශ්‍රවණ පිංකම්වලට දායක වීමත් එදින සිදු කරනවා. ලංකාවේ මෙන් වෙසක් තොරණ නම් එහි දකින්නට ලැබෙන්නේ නැහැ. වඩාත් භක්තිමත් බෞද්ධයන් වෙසක් මාසය පුරා ම සත්ව මාංශයෙන් තොරවීමේ උපවාස ශීල ආරක්ෂා කරනවා. සමහරුන් කූඩුකර සිටින සතුන් නිදහස් කිරීම ආදී චාරිත්‍ර ද බුද්ධ පුර්ණිමා උත්සවයේ දී ඉටු කරනවා.

♦️♦️තායිලන්තයේ විසාක බුචා

තායි රටේ දී වෙසක් උත්සවය හඳුන්වන්නේ විසාක බූචා කියලා. එරට ජනගහනයෙන් සියයට 93ක් ම ථෙරවාදී බෞද්ධයන්. තායිලන්තයේ රාජ්‍ය ආගමත් බුද්ධාගම යි. එරට සිටින භික්ෂුන් වහන්සේගේ සංඛ්‍යාව ලක්ෂ තුනක් පමණ වෙනවා. ලංකාවේ මෙන් මැයි මාසයේ දි වෙසක් සමරන තායිලන්තයට එදින නිවාඩු දිනයක්. 2022 අවුරුද්දේ මැයි 15 දා අපත් සමඟ ම තායිලන්තය වෙසක් පෝය සමරනවා. එම පූජනීය දිනයේ දී කඩසාප්පු, අවන්හල සහ රෙස්ටොරන්ට් ද වසන අතර මත්පැන් අලෙවිසල් ද වැසීම සිරිතක්.

රජයේ සියලු ම කාර්යාල සහ බොහෝ පෞද්ගලික ආයතන ද වෙසක්වලට නිවාඩු දෙනවා. සියලු ම පාසල්වල සහ ආයතනවල වෙසක් සමරමින් බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කිරීමත් දැකගත හැකි යි. බුද්ධ චරිතයේ ආගමික සිද්ධි නැවත ස්මරණය කරනා චිත්‍ර පුවරු තැන් තැන්වල ප්‍රදර්ශන කිරීමත්, මහා මාර්ග අලංකාර ලෙස සැරසීමත් තායිලන්තයේ සිදු කරනවා. එදිනට ශ්‍රී ලංකාවේ ජනයා පෙහෙවස් සමාදන් වෙනවා මෙන් තායි ජනතාව ද භාවනා ආදී පෝය වැඩසටහන්වලට දායක වෙනවා.

♦️♦️නේපාලයේ බුද්ධ ජයන්ති

බුදුන් වහන්සේ උපන් ලුම්බිනිය නේපාලයේ පිහිටා තිබුණත් එරට බෞද්ධ ජනගහනය නම් සියයට 10.7ක් පමණ යි. නේපාලයේ වෙසක් උත්සවය හඳුන්වන්නේ ‘බුද්ධ ජයන්ති’ කියල යි. බුදුන් උපන් දවස ලෙස සමරන වෙසක් උළෙල 2022 දී යෙදී ඇත්තේ මැයි 16වැනි දාට යි. එරට වෙසක් උත්සවය අතිශය උත්කර්ෂවත් අන්දමින් සමරනවා. ඒ සිදුහත් කුමරු උපන් ස්ථානය වන ලුම්බිනියේ දී සහ නේපාලයේ ඇති ප්‍රකට විහාරයක් වන වන ස්වායම්භු පන්සලේදි යි. නේපාලයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වන වෙසක් පොහොය දිනයේ දී බොහෝමයක් බැතිමතුන් කත්මණ්ඩු නිම්නයේ පිහිටි ස්වායම්භු විහාරයට එක් රැස්වීම සිරිතක්. එම විහාරයේ ප්‍රධාන දොරටුව විවෘත කරන එක ම දිනය වන්නේ ද වෙසක් පොහොය දිනය යි.

නේපාලයේ වෙසක් උළෙල ආගමික උත්සවයකට වඩා ජාතික උත්සවයක ස්වරූපය ගන්නා බව පේනවා. එරට බෞද්ධ නොවන අනෙකුත් ආගමිකයන් ද වෙසක් සැමරීම සිදු කරනවා. නේපාල බෞද්ධයන් සහ වෙසක්වලට කැමති බොහෝ දෙනා උදෑසනින් ම පන්සලට ගොස් පහන්, සහල්, මුදල් සහ මල් පූජා කරනවා.

♦️♦️ටිබෙටයේ කඳුකර වෙසක්

ටිබෙට් රටේ අදහන්නේ මහායාන බුදුදහම යි. වෙසක් හඳුන්වන්නේ සකා දාවා නැතිනම් සගාදාවා ලෙස යි. එම දිනය ටිබෙටියානු කැලැන්ඩරයේ සිව් වැනි මාසයේ 15 වැනි පුර හඳ දිනය සේ සැලකෙනවා. සකා යන්නේ අරුත මාසය වන අතර දාවා යනු පොළොවට ළඟ ම තරුව යන්න යි. වෙසක් කාලයට ටිබෙට් රටට මේ තරුව පැහැදිලිව දැක ගත හැකි යි.

ටිබෙට් බෞද්ධයන් ද එදිනට කඳු පර්වත අතර පිහිටා ඇති පූජනීය විහාර සහ පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට යනවා. විහාර මෙන් ම මහා විල්, හිම කඳු ආදියත් ඔවුන් සමහර අවස්ථාවල දී පූජනීය ස්ථාන සේ සලකා වන්දනාමාන කරනවා. වෙසක් දිනයට දාන මානාදිය පිරිනැමීම, සත්ව ඝාතනයෙන් වැලකීම, මත්පැනින් වැලකීම, මෙන්ම ලිංගික කටයුතුවලින් ඈත්වීමත් ටිබෙට් බෞද්ධයන්ගේ සිරිතක්. එදින ශබ්ද පූජා සහ පෙරහර පැවත්වීමත් දැක ගත හැකි යි. ඊට අමතර ව කොඩි වැල්, කොඩි කනු ආදියත් සගා දාවා දවසේ දි සිටුවා අවට සැරසීම සිරිතක්.

♦️♦️ඉන්දුනීසියා වෛසාක්

1983 වසරේ සිට වෙසක් දිනය ඉන්දුනීසියාවේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. එරට බෞද්ධ ජනගහනය මිලියන 1.7ක් පමණ යි. වෛසාක් නමින් තමයි එරට වෙසක් හඳුන්වන්නේ. වෙසක් දිනයට පෙර දින පන්සල්වලට යන ඉන්දුනීසියානු බෞද්ධයන් බුදුන්ට මල් පහන් පුදා පසුදින වෙසක් උළෙල උත්සවශ්‍රීයෙන් සමරනවා.

වෙසක් පොහොය දිනය ඉතාමත් උත්කර්ෂවත් ලෙස සමරන්නේ ජාවා දූපතේ බෝරෝබුදුර් නම් පුරාණ නටබුන් සහිත විහාරස්ථානයේ දී යි. එම ස්ථානයට රටේ සිටින දහස් ගණනක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා එක් රැස් වී පිරිත් සජ්ඣායනය කිරීම සහ භාවනා කිරීම සිදු කරනවා. ඒ අතර බෞද්ධයන් ද දහස් ගණනින් වෙසක් දවසට මේ විහාරයට පැමිණෙනවා. බුදුන් වහන්සේගේ නිහතමානී බව දැක්වීමට භික්ෂුන් වහන්සේ පිරිත් පැන් බඳුන්වලට පැන් පිරවීම ද, සිදුහත් තවුසන් බුද්ධත්වයට පත් වීම සංකේතවත් කරමින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගිනි දැල් රැගෙන යාම වැනි චාරිත්‍ර ද ඉටු කිරීම සිදු කරනවා. වෙසක් දිනයේ දී භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩීම ද ඉන්දුනීසියාවේ නගර හා ගම්වලදී සුලබ ව ඇස ගැටෙන දසුනක්.

✍️කුසුම්සිරි විජේවර්ධන.







🇱🇰

📷 Photos credit goes to respective owner

උපයාගත් සුළු දෙයින් වුව සතුටු සිතින් දන් දෙන්නඅපේ රටේ ශ්‍රද්ධාවන්තම රජතුමා තමයි සද්ධාතිස්ස රජතුමා. මෙතුමා පාලනය ගෙන ගියේ...
11/05/2024

උපයාගත් සුළු දෙයින් වුව සතුටු සිතින් දන් දෙන්න

අපේ රටේ ශ්‍රද්ධාවන්තම රජතුමා තමයි සද්ධාතිස්ස රජතුමා. මෙතුමා පාලනය ගෙන ගියේ රුහුණු රට වාසභුමිය කරගෙන. තම ජීවිතයෙන් වැඩි කාලයක් ම ජීවත් වුණේ දිගාමඬුල්ල දනව්වේ දීඝවාපිය ගමේ.
මේ ගමට සමීපයේ තිබුණා සෝකධූමික කියලා ගමක්. මෙහි ජීවත් වුණා දුප්පත් අඹු-සැමි දෙදෙනෙක්. තරුණයා ප්‍රසිද්ධ වුණේ කම්බුද්ධ කියලා. මේ කතාවට අනුව නම් බිරිඳගේ නමක් සඳහන් වෙන්නේ නෑ.
මේ දෙන්නාගේ දුප්පත්කම දැක්ක පින්වන්ත මනුෂ්‍යයෙක් ඇල්හාල් නැළි භාගයක් දීලා
‘කම්බුද්ධ, ඔබ මේ ඇල්හාල්වලින් ජීවිතය ජය ගන්න කියා කිව්වා. කම්බුද්ධ තරුණයත් කැලෑවක් කපලා කුඹුරක් සකස් කර ගත්තා. ඇල්හාල් නැළි භාගය ම වැපුරුවා. කුරුල්ලන්ගෙන්, අලින්ගෙන්, ඌරන්ගෙන් ආදි වනසතුන්ගෙන්...
https://tinyurl.com/3z676vkb

11/05/2024

අනුරාධපුර විජිතපුර රජමහා විහාරය☸🌼🙏







🇱🇰

🎥 Photos credit goes to respective owner

දිනුම පැරදුම අත්හල තැනැත්තා සුවසේ ජීවත්වන්නේය.🌼🙏☸                                                              🇱🇰
11/05/2024

දිනුම පැරදුම අත්හල තැනැත්තා සුවසේ ජීවත්වන්නේය.🌼🙏☸







🇱🇰

ආයු වර්ණ සැප බල ලබන්නට ...ජීව වස්තූන් අජීව ද්‍රව්‍යයන් කෙරෙහි බලපාන හැටි විස්මය ජනකය. මිනිසා ගුණ දහමින් පිරිහෙත්ම වෘක්ෂල...
10/05/2024

ආයු වර්ණ සැප බල ලබන්නට ...

ජීව වස්තූන් අජීව ද්‍රව්‍යයන් කෙරෙහි බලපාන හැටි විස්මය ජනකය. මිනිසා ගුණ දහමින් පිරිහෙත්ම වෘක්ෂලතාවන්ගේ පවා රසගුණ අඩුවන බව ධර්ම කථාවලින් පෙනේ. සත්වයන් හා ද්‍රව්‍යයන් අතර පවතින අපට නො පෙනෙන මේ සම්බන්ධය කුමක් ද?
ජීව හා අජීව වස්තූන්ගෙන් යුත් මේ මහා පෘථිවියට අපි ලෝකයැයි කියමු. එකී පැවැත්ම ඉතා විචිත්‍රය. ජීව වස්තූන් අජීව ද්‍රව්‍යයන් කෙරෙහි බලපාන හැටි විස්මය ජනක ය. මිනිසා ගුණ දහමින් පිරිහෙත්ම වෘක්ෂලතාවන්ගේ පවා රසගුණ අඩු වන බව ධර්ම කථාවලින් පෙනේ.
සත්වයන් හා ද්‍රව්‍යයන් අතර පවතින අපට නො පෙනෙන මේ සම්බන්ධය කුමක් ද? මේ අදෘෂ්‍යමාන ශක්තිය “ධර්ම” යන වචනයෙන් කියන දෙය මිස අනිකක් නොවේ. ලෝකයේ පාප කර්ම වැඩිවන්න, වැඩිවන්න මිනිසා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් හා ප්‍රඥාවෙන් පිරිහෙන හැටිත්, පවු අඩුවෙන්න, අඩුවෙන්න ඒවා දියුණු වන සැටිත් සූත්‍ර දේශනාවල විසිතුරු ලෙස දැක්වේ...
https://tinyurl.com/325hfak2

10/05/2024

නුවණැත්තා සෑම අභියෝගයක්ම පාරමිතාවක් කරගන්නේ🙏🌼☸







🇱🇰

බුද්ධ ප්‍රතිමා 6000 ක් තැන්පත් කර ඇති ලාවෝසේ ගුහාව.🌼🙏☸බුද්ධ ප්‍රතිමා සමූහයක් තැන්පත් කර ඇති මෙම ගුහාව ලාඕසයේ පිහිටා ඇත. ...
10/05/2024

බුද්ධ ප්‍රතිමා 6000 ක් තැන්පත් කර ඇති ලාවෝසේ ගුහාව.🌼🙏☸

බුද්ධ ප්‍රතිමා සමූහයක් තැන්පත් කර ඇති මෙම ගුහාව ලාඕසයේ පිහිටා ඇත. මීකොං හි පිහිටි මෙම ගුහාව එරට වැදගත්ම බෞද්ධ ස්ථානවලින් එකක් ලෙස සැලකේ. මෙහි ඇති ලෙන් දෙකක දී විවිධ ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමා 6000 ක් පමණ දැකිය හැකිය. 16 වැනි සියවසේ එරට පාලනය කළ රාජකීයයන් විසින් බුද්ධාගම ජාතික ආගම ලෙස හඳුන්වාදෙනු ලැබීමත් සමග වන්දනාකරුවන් සෑම වසරකම එහි බුද්ධ ප්‍රතිමා තැන්පත් කළ බව පැවසේ.







🇱🇰

📷 Photos credit goes to respective owner

Purity or impurity depends on oneself, no one can purify another.🙏🌼☸                                                    ...
10/05/2024

Purity or impurity depends on oneself, no one can purify another.🙏🌼☸







🇱🇰

📷 Photos credit goes to respective owner

"දරුවන්ට බුදුදහම" යන තේමාව යටතේ කැනඩාවේ ටොරොන්ටෝ හි ලේක් එන්ඩ් විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් පසුගිය සතිඅන්තයේ පැවති බෞද්ධ භ...
10/05/2024

"දරුවන්ට බුදුදහම" යන තේමාව යටතේ කැනඩාවේ ටොරොන්ටෝ හි ලේක් එන්ඩ් විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් පසුගිය සතිඅන්තයේ පැවති බෞද්ධ භාවනා , ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා වැඩසටහන.🌎🌼🙏

Buddhism in Canada 🇨🇦🇨🇦
Students of Lake end college Toronto have participated to meditation, dhamma speaches and dhamma discussions under the theme of "Buddhism for Children".







🇱🇰

📷 Photos credit goes to respective owner

සුන්දර පිංබිම මාලිගාතැන්න රජමහා විහාරය🌼🙏☸                                                              🇱🇰📷 Photos credit...
10/05/2024

සුන්දර පිංබිම මාලිගාතැන්න රජමහා විහාරය🌼🙏☸







🇱🇰

📷 Photos credit goes to respective owner

ඔබ ආසම දේ ඔබ කැමතිම දේ අන් අයට දෙන්න, එයයි ජයග්‍රහණය, එයයි සිත දිනීම.🌼🙏☸                                                ...
10/05/2024

ඔබ ආසම දේ ඔබ කැමතිම දේ අන් අයට දෙන්න, එයයි ජයග්‍රහණය, එයයි සිත දිනීම.🌼🙏☸







🇱🇰

📷 Photos credit goes to respective owner

10/05/2024

කාටවත් කවුරුවත් තම වසගයෙහි තියාගන්න බැහැ තමන්ට ඕන විදිහට🌼🙏☸







🇱🇰

🎥 Photos credit goes to respective owner

10/05/2024

දැකීම් මාත්‍රයෙන් පවා සිත් පහන්වන දසුනක් 🙏🌼☸







🇱🇰

🎥 Photos credit goes to respective owner

දුක්ඛිත සසර මඟ නවතන එකම මඟබුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවීම ලොවට සැනසීමකි. සැපතකි. තථාගත බුදුරජාණන් වහන්සේ ලෝ සතුන් වෙත ...
10/05/2024

දුක්ඛිත සසර මඟ නවතන එකම මඟ

බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවීම ලොවට සැනසීමකි. සැපතකි. තථාගත බුදුරජාණන් වහන්සේ ලෝ සතුන් වෙත මහා කරුණාවෙන් දේශනා කොට වදාරණ ලද ධර්මය ශ්‍රවණය කොට අවබෝධ කොට ගෙන සසර දුක නිවා නිවන් සුවයෙන් සදාකල් සැනසුම ලද හැකි ය.
අප මහ බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොට වදාළහ. ඒ අවබෝධය බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙත දේශනා කොට වදාළහ. ඒ වගේ ම උන්වහන්සේ සසර කතරින් එතෙර ව සසර කතරේ අතරමං ව ජීවත්වන ලෝක සත්වයාට හරි මඟ පෙන්වා සසර කතරින් එතෙර වීමට මග පෙන්වා වදාළ සේක. උන්වහන්සේ කෙලෙසුන්ගෙන් මිදී කෙලෙසුන්ගෙන් කිලිටි වූ සිත් ඇති සත්වයන්ගේ කෙලෙස් සෝදා හරින්නට සදහම් දෙසූහ. නිවන් අවබෝධයෙන් නිවී සැනසී සෙසු ලෝකයාට ද සැනසීමට මඟ පෙන්වා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ මේ සැනසිලිදායක මඟ ලොව සනසා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද් ධර්මය තුළින් නිවන් පසක් කර ගන්නට නම් පුද්ගලයා සීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩිය යුතු වේ...
https://tinyurl.com/y8hkuekx

Address


Alerts

Be the first to know and let us send you an email when Budusarana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Budusarana:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share