Prama

Prama ජීවිතේ කියන්නේ අමාරුවෙන් උනත් හයියෙන් අල්ලගෙන යන්න ඕන ගමනක්

හමුවෙනා  හැම දේම හිමි නොවන බැවින්හමුවෙනා මොහොතේ හරි අපි ඉඳිමු පෙමින්සංසාර ගමන මේ නිම නොවන බැවින්හමුවේවී වෙන්වේවී මෙලෙස අ...
15/05/2024

හමුවෙනා හැම දේම හිමි නොවන බැවින්
හමුවෙනා මොහොතේ හරි අපි ඉඳිමු පෙමින්
සංසාර ගමන මේ නිම නොවන බැවින්
හමුවේවී වෙන්වේවී මෙලෙස අපි ඉතින්....

ප්‍රමෝත් විජේවන්ත

එක් දිනක් ලෝකයම සුබ පතයි අම්මාටහැම දවසේ ඇගේ ළය උණුකරලා දුන්නාටමහමෙරක් ආදරේ දවසකින් මැන්නාටසමාවෙනවද අම්මේ අපි දවස් ගැන්නා...
12/05/2024

එක් දිනක් ලෝකයම සුබ පතයි අම්මාට
හැම දවසේ ඇගේ ළය උණුකරලා දුන්නාට
මහමෙරක් ආදරේ දවසකින් මැන්නාට
සමාවෙනවද අම්මේ අපි දවස් ගැන්නාට....

ප්‍රමෝත් විජේවන්ත

10/05/2024

ආදරේ මුළු ලොවක පතුරමු මලින් උපදින නුරාවෙන්...❤💐

Voice : Heshan Kuruppu
Lyrics : Pramoth Wijewantha

සිල්ලර වගේ ජීවිත විකිණෙන කාලේහැඩයක් කොහෙද හදවත් ගැහෙනා තාලේතත්පර වලින් මියදෙන විට බැඳි ආලේකප්පර ගණන් මිනිසුන් මියැදෙයි ප...
09/05/2024

සිල්ලර වගේ ජීවිත විකිණෙන කාලේ
හැඩයක් කොහෙද හදවත් ගැහෙනා තාලේ
තත්පර වලින් මියදෙන විට බැඳි ආලේ
කප්පර ගණන් මිනිසුන් මියැදෙයි පාරේ....

ප්‍රමෝත් විජේවන්ත

බැරි නිසාවෙන් මෙමට ඇස් ඉස්සරහ මැවෙන්නමැණිකේ මට හැකි වුණේ ඇස් ඉස්සරහ මැරෙන්නආදරේ කරනකොට ලේ නහර පිරෙන්නමගදී මට හිතුණේ නෑ ආ...
08/05/2024

බැරි නිසාවෙන් මෙමට ඇස් ඉස්සරහ මැවෙන්න
මැණිකේ මට හැකි වුණේ ඇස් ඉස්සරහ මැරෙන්න
ආදරේ කරනකොට ලේ නහර පිරෙන්න
මගදී මට හිතුණේ නෑ ආයෙමත් හැරෙන්න...

ප්‍රමෝත් විජේවන්ත

ආදරේ නිසාවෙන් බැරි නිසා දන්දෙන්නසාගරේකටත් සිදුවේවි රැලි වලට හුරුවෙන්න....🖤😌📷 Senol Wijebandara
20/02/2024

ආදරේ නිසාවෙන් බැරි නිසා දන්දෙන්න
සාගරේකටත් සිදුවේවි රැලි වලට හුරුවෙන්න....🖤😌

📷 Senol Wijebandara

තව තවත් VAT  -  වැට්  වැඩි වෙන,ඉතිං හැමටම සිනා බෝ සුබ නව වසරක් වේවා...! 2024❤🙏
01/01/2024

තව තවත් VAT - වැට් වැඩි වෙන,
ඉතිං හැමටම සිනා බෝ සුබ නව වසරක් වේවා...! 2024❤🙏

Merry christmas❤☃🌲🎅
25/12/2023

Merry christmas❤☃🌲🎅

අලෝකයේ සිට අන්ධකාරය දෙස බලන්නාට වඩා අන්ධකාරයේ සිට අලෝකය දකින්නාට බොහෝ දේ පෙනෙයි...🖤🍂🌓Dark and Ligthஇருண்ட ஒளி
17/12/2023

අලෝකයේ සිට අන්ධකාරය දෙස බලන්නාට වඩා අන්ධකාරයේ සිට අලෝකය දකින්නාට බොහෝ දේ පෙනෙයි...🖤🍂🌓

Dark and Ligth
இருண்ட ஒளி

ඉතිං හැමදාම සිනා බෝ වේවාආදරේ මිසක් දුක් කදුළු නොම ඒවා...🖤😌
25/11/2023

ඉතිං හැමදාම සිනා බෝ වේවා
ආදරේ මිසක් දුක් කදුළු නොම ඒවා...🖤😌

යන අය කොහොමත් යනවාබොරුවට හරි මිනිස්සු හිනාවෙනවා...🖤
23/11/2023

යන අය කොහොමත් යනවා
බොරුවට හරි මිනිස්සු හිනාවෙනවා...🖤

ආයේ කිසිදින නො ඒ නම් නුඹ දෑත් පටලන් යනෙන්නසසරේ කොතැනක හරිම හමුවෙමුවෙන්වුණේ ඇයි අහන්නනුඹේ කඳුළැලි පිසින්නස්නේහ සුසුමන් හෙ...
21/11/2023

ආයේ කිසිදින නො ඒ නම් නුඹ
දෑත් පටලන් යනෙන්න
සසරේ කොතැනක හරිම හමුවෙමු
වෙන්වුණේ ඇයි අහන්න
නුඹේ කඳුළැලි පිසින්න
ස්නේහ සුසුමන් හෙළන්න....

හීන වල අපි ඔහේ ඇවිදන්
ගියපු මාවත් පිරෙන්න
අදත් යනෙනා පෙම්වතුන් ඇත
අපි නැතත් එය විඳින්න
එවන් හදවත් නිවෙන්න
එපා කඳුළැලි වැටෙන්න...

ප්‍රමෝත් විජේවන්ත

මිනිස්සු මනින්න බෑ ඇඳුමෙන්අපි හැරෙන්නෙත් නෑ පද බැඳුමෙන්....🖤😌
14/11/2023

මිනිස්සු මනින්න බෑ ඇඳුමෙන්
අපි හැරෙන්නෙත් නෑ පද බැඳුමෙන්....🖤😌

Happy deewali..!❤
12/11/2023

Happy deewali..!❤

දකින හැම හීනෙකම නුඹ මැවී පෙනෙයිප්‍රේමයෙන් දුන් හාදු හීතලට දැනෙයිඅහිමි ඒ මතක දැන් සුවඳ විතරක් ගෙනෙයි හදවතේ සියුම් තැන් පා...
07/11/2023

දකින හැම හීනෙකම නුඹ මැවී පෙනෙයි
ප්‍රේමයෙන් දුන් හාදු හීතලට දැනෙයි
අහිමි ඒ මතක දැන් සුවඳ විතරක් ගෙනෙයි හදවතේ සියුම් තැන් පාරමින් ඇනෙයි....

ප්‍රමෝත් විජේවන්ත

ක්‍රිකට් මතකයෙන් මකනට නොම ලේසීක්‍රිකට් තිඹිරිගෙය උපනෙකි නුඹ පර්සී...අපේ ක්‍රිකට් මතකයක් ලස්සන කරාට Thank you....! පර්සී ...
31/10/2023

ක්‍රිකට් මතකයෙන් මකනට නොම ලේසී
ක්‍රිකට් තිඹිරිගෙය උපනෙකි නුඹ පර්සී...

අපේ ක්‍රිකට් මතකයක් ලස්සන කරාට Thank you....! පර්සී අංකල්.. සුබ ගමන්❤🙏

හිස ගවසන පිච්ච සුවඳ හඳ සරසයි මගේනුඹෙ නළලට රතු තිලකය ප්‍රේමියේ හරි අගේකැඩිච්ච සිංහල දොඩවන විට දන්නවා වගේඇස් හොරකම් කරයි ත...
11/10/2023

හිස ගවසන පිච්ච සුවඳ
හඳ සරසයි මගේ
නුඹෙ නළලට රතු තිලකය
ප්‍රේමියේ හරි අගේ
කැඩිච්ච සිංහල දොඩවන
විට දන්නවා වගේ
ඇස් හොරකම් කරයි තෝඩු
කන් සෙලවෙන නඟේ....

ප්‍රමෝත් විජේවන්ත

කඩාවැටුණම විසල් අහසක් හදවතට බර දැනෙද්දීපායලා මොකටදෝ දේදුණු කලු වළාකුළු පිරෙද්දීකොතෙක් ආවත් සයුර වෙරළට ආයේ ආයෙමහැරෙද්දී ද...
10/10/2023

කඩාවැටුණම විසල් අහසක් හදවතට බර
දැනෙද්දී
පායලා මොකටදෝ දේදුණු කලු වළාකුළු
පිරෙද්දී
කොතෙක් ආවත් සයුර වෙරළට ආයේ ආයෙම
හැරෙද්දී
දරාගන්නට හැකිද ප්‍රේමය හැඟුමකින් හරි මිදෙද්දී....

ප්‍රමෝත් විජේවන්ත

ජීවත් ව සිටියදී කතා හදනහුස්ම ගිලිහෙන්න පෙර මරණ සහතික ලියන නික්ම  ගිය පසු,නිවන් සුව පතන අරුම දෙයකි මේ ජීවිත ගමන...       ...
09/10/2023

ජීවත් ව සිටියදී කතා හදන
හුස්ම ගිලිහෙන්න පෙර මරණ සහතික ලියන
නික්ම ගිය පසු,
නිවන් සුව පතන
අරුම දෙයකි මේ ජීවිත ගමන...

ප්‍රමෝත් විජේවන්ත

සුබ ගමන්...! කලාකරුවාණෙනි🖤🙏

හිස් කඩදාසි ආදරෙන් අතුරාපුකාබන් වදන් වලඉතිරෙන්න ප්‍රේමය තිබුණිපසුව ඩිජිටල් එබුණිවදන් කෙටි වීසුවඳ ටික ටික මැකුණි....     ...
09/10/2023

හිස් කඩදාසි ආදරෙන් අතුරාපු
කාබන් වදන් වල
ඉතිරෙන්න ප්‍රේමය තිබුණි
පසුව ඩිජිටල් එබුණි
වදන් කෙටි වී
සුවඳ ටික ටික මැකුණි....

ප්‍රමෝත් විජේවන්ත

අහසටත් හොඳටෝම රිදෙන්නට ඇතිපොළොව වෙන්වුණු දුකට ඇඬෙන්නත් ඇතිදරාගෙන බැරිම තැන ඒ හෙළන හතිපොළොව හෝදන් යන්න ගලනවා ඇති....     ...
08/10/2023

අහසටත් හොඳටෝම රිදෙන්නට ඇති
පොළොව වෙන්වුණු දුකට ඇඬෙන්නත් ඇති
දරාගෙන බැරිම තැන ඒ හෙළන හති
පොළොව හෝදන් යන්න ගලනවා ඇති....

ප්‍රමෝත් විජේවන්ත

දහස්වර මතකවල ප්‍රේමයෙන් යනෙමිනොකී තැන් ගැන තවම මම තනිව හිතමිදරාගත් දෑ ඉතින්හදවතෙම තියමිහිතින් නුඹ ගිය තැනම මම තවම හිඳිමි...
21/09/2023

දහස්වර මතකවල ප්‍රේමයෙන් යනෙමි
නොකී තැන් ගැන තවම මම තනිව හිතමි
දරාගත් දෑ ඉතින්හදවතෙම තියමි
හිතින් නුඹ ගිය තැනම මම තවම හිඳිමි...

ප්‍රමෝත් විජේවන්ත

ප්‍රේමයට නොතිබිය යුතුමයි ලාදුරුපමණට දැම්මම රසයි මොන කෑමට සූදුරු....🖤
20/09/2023

ප්‍රේමයට නොතිබිය යුතුමයි ලාදුරු
පමණට දැම්මම රසයි මොන කෑමට සූදුරු....🖤

එකින් එක ඇමිණුවත් ජීවිතේ පිටුවහැමදාම හිස්වෙනවා ප්‍රේමයේ අටුවඉතින් රෑ හැමදාම මතකයන් කැටුවමල් නැතුව සිඹිනවා කටු පිරුණු නටු...
20/09/2023

එකින් එක ඇමිණුවත් ජීවිතේ පිටුව
හැමදාම හිස්වෙනවා ප්‍රේමයේ අටුව
ඉතින් රෑ හැමදාම මතකයන් කැටුව
මල් නැතුව සිඹිනවා කටු පිරුණු නටුව...

ප්‍රමෝත් විජේවන්ත

හිස්කමට මදු බදුන් සිඳුනාට පස්සේමතකයන් ටිකෙන් ටික හදවතේ ගැස්සේදුකකටම නොවේ මං එන කඳුලු පිස්සේප්‍රේමයන් ගැන මතක තිබුණේම වැස...
19/09/2023

හිස්කමට මදු බදුන් සිඳුනාට පස්සේ
මතකයන් ටිකෙන් ටික හදවතේ ගැස්සේ
දුකකටම නොවේ මං එන කඳුලු පිස්සේ
ප්‍රේමයන් ගැන මතක තිබුණේම වැස්සේ...

ප්‍රමෝත් විජේවන්ත

සඳ දිහා බලාගෙන අපි රෑට ඉස්සරකොයිතරම් ලීවදෝ ප්‍රේමයේ අක්ෂරඉඳහිටක ගැයුවාම විරහවේ තත්සරඇයි ඉතින් අහන්නේ ජීවිතේ විස්තර      ...
16/09/2023

සඳ දිහා බලාගෙන අපි රෑට ඉස්සර
කොයිතරම් ලීවදෝ ප්‍රේමයේ අක්ෂර
ඉඳහිටක ගැයුවාම විරහවේ තත්සර
ඇයි ඉතින් අහන්නේ ජීවිතේ විස්තර

ප්‍රමෝත් විජේවන්ත

සඳකට උපමා කරලා ආදරේ ගැන කවි ලියන්නවේදනා දැනෙන තැන ගඟක් වගේ උහුලගෙන ගලන්නකොතැනකදී හමුවුනත් ජීවිතේ ඉඩෝරය දරන්නකාටවත් දෙන්න...
02/09/2023

සඳකට උපමා කරලා ආදරේ ගැන
කවි ලියන්න
වේදනා දැනෙන තැන ගඟක් වගේ
උහුලගෙන ගලන්න
කොතැනකදී හමුවුනත් ජීවිතේ
ඉඩෝරය දරන්න
කාටවත් දෙන්න එපා උබ කැමති
උබව මරන්න....

ප්‍රමෝත් විජේවන්ත

📷 Yasassri Edirisinghe

මෙහෙත් හොඳටම වැස්සඑහෙත් තෙමෙනවද බිස්සටිකක් රස්නෙට පිස්සපෙම් හාදු තියෙනවා වැහි වතුර ඉස්ස....🖤
30/08/2023

මෙහෙත් හොඳටම වැස්ස
එහෙත් තෙමෙනවද බිස්ස
ටිකක් රස්නෙට පිස්ස
පෙම් හාදු තියෙනවා වැහි වතුර ඉස්ස....🖤

පිපුණ මල් ගැන, ඒ සුවඳ ගැනගොඩක් උන් කවි, කතා ලිව්වාපිපෙන්නට පෙර තැළුණු පොට්ටුවගැන තැනින් තැන කතා කිව්වා...එකම අහසක යට ඉඳන...
26/08/2023

පිපුණ මල් ගැන, ඒ සුවඳ ගැන
ගොඩක් උන් කවි, කතා ලිව්වා
පිපෙන්නට පෙර තැළුණු පොට්ටුව
ගැන තැනින් තැන කතා කිව්වා...

එකම අහසක යට ඉඳන් අපි
ජීවිතේකට අරුත් හෙව්වා
අඳුරු දොරකඩ එළිය වෙද්දීම
ආයෙමත් උන් ලයිට් නිව්වා...

ප්‍රමෝත් විජේවන්ත

කාලය වසත් වන්නදැන්ම උඹෙ ගමනට සපත් වන්න...🖤
25/08/2023

කාලය වසත් වන්න
දැන්ම උඹෙ ගමනට සපත් වන්න...🖤

Address

කනත්ත පාර

Telephone

+94766017158

Alerts

Be the first to know and let us send you an email when Prama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share