Aviation Voice සිංහල

  • Home
  • Aviation Voice සිංහල

Aviation Voice සිංහල Sri Lanka’s premier Sinhala Aviation News Portal
(2)

නේපාලයේ BB Airways එහි වාණිජ අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලාංකික ෂමිත් විජේතිලක මහතා පත්කර තිබෙනවා. ෂමිත් ශ්‍රී ලංකා ගුවන්සේවා...
10/06/2024

නේපාලයේ BB Airways එහි වාණිජ අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලාංකික ෂමිත් විජේතිලක මහතා පත්කර තිබෙනවා.

ෂමිත් ශ්‍රී ලංකා ගුවන්සේවා ක්ෂේත්‍රයේ වසර 15කට වඩා වැඩි පළපුරුද්දක් සහිත පුද්ගලයෙක් වන අතර ඔහු පසුගිය කාලයේ ෆිට්ස් ගුවන්සේවයේ වාණිජ කළමණාකරු ලෙසද කටයුතු කළා.

එකම පථයක ගුවන්යානා දෙකක්! බිහිසුණු ගුවන් අනතුර වැළකුණු හැටිඉන්දියාවේ, මුම්බායි හි පිහිටා ඇති චත්‍රපති සිවාජි මහාරාජ් ගුව...
10/06/2024

එකම පථයක ගුවන්යානා දෙකක්! බිහිසුණු ගුවන් අනතුර වැළකුණු හැටි

ඉන්දියාවේ, මුම්බායි හි පිහිටා ඇති චත්‍රපති සිවාජි මහාරාජ් ගුවන්තොටුපළේ සිදුවීමට ගිය බිහිසුණ ගුවන්යානා අනතුරක් වළක්වා ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

පසුගිය සෙනසුරාදා පස්වරුවේ එකම ධාවන පථයක යානා දෙකක් ධාවනය වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඉන්ඩිගෝ ගුවන් යානයක් ධාවන පථයට ගොඩබස්වා ඇති අතර එම අවස්ථාවේ දී එයාර් ඉන්දියා ගුවන් යානයක් අදාළ ධාවන පථයෙන් ගුවන් ගත වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙම යානා දෙක සඳහාම එක් නිලධාරියෙකු විසින් අණ ලබා දීම ඇති බවත්, ඔහුගේ සේවය මේ වනවිට අත්හිටුවා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.

පුහුණු ගුවන් ගමන් පාලකවරුන් සඳහා රැකියා අවස්ථා |  අයදුම් කරන්න >>> https://bit.ly/4aTSjmn
09/06/2024

පුහුණු ගුවන් ගමන් පාලකවරුන් සඳහා රැකියා අවස්ථා | අයදුම් කරන්න >>> https://bit.ly/4aTSjmn

ශ්‍රීලංකන් ලාභ ලබයි! විකිණීම කල් යයි? Video >>> https://youtu.be/oMjGuRm83PY
09/06/2024

ශ්‍රීලංකන් ලාභ ලබයි! විකිණීම කල් යයි?
Video >>> https://youtu.be/oMjGuRm83PY

‘EARTHRISE’ ජයාරූපය ගනු ලැබූ ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් ගුවන් අනතුරකින් මිය යයි!අභ්‍යවකාශයේදී ලබාගත් වඩාත් ප්‍රසිද්ධ ඡ...
08/06/2024

‘EARTHRISE’ ජයාරූපය ගනු ලැබූ ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් ගුවන් අනතුරකින් මිය යයි!

අභ්‍යවකාශයේදී ලබාගත් වඩාත් ප්‍රසිද්ධ ඡායාරූපයක් ලෙස සැලකෙන’Earthrise’ ජායාරූපය ලබා ගත් ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් ඔහු පියාසර කරමින් සිටි බීච්ක්‍රාෆ්ට් A A 45 – T-34 කුඩා ගුවන් යානය වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින් වූ ජලයට කඩා වැටීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

මියයනවිට හෙතෙම 90 වන වියේ පසු විය.

1069 වසරේ සඳ වෙත ළඟා වූ පළමු කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ ගුවන් ගමන වන ඇපලෝ 8 මෙහෙයුමේ චන්ද්‍ර මොඩියුල නියමුවෙකු වූ ඇන්ඩර්ස් අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වඩාත්ම අමතක නොවන සහ ආශ්වාදජනක රූපවලින් එකක් වන සංකේතාත්මක Earthrise ඡායාරූපය ලබා ගත්තේය.

ඇමරිකානු ගුවන්යානා ප්‍රමාදය සහ ශ්‍රී ලංකා ක්‍රිකට්?
08/06/2024

ඇමරිකානු ගුවන්යානා ප්‍රමාදය සහ ශ්‍රී ලංකා ක්‍රිකට්?

ඇමරිකානු ගුවන්යානා ප්‍රමාදය සහ ශ්‍රී ලංකා ක්‍රිකට්? 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢 : https://www.youtube.com/channel...

ශ්‍රීලංකන් ගුවන්සේවය ලාභ ලබයි!2023 දෙසැම්බර් 31න් අවසන් වූ මාස 9ක කාලය සඳහා ශ්‍රීලංකන් ගුවන්සමාගම රුපියල් බිලියන 1.124 ක...
07/06/2024

ශ්‍රීලංකන් ගුවන්සේවය ලාභ ලබයි!

2023 දෙසැම්බර් 31න් අවසන් වූ මාස 9ක කාලය සඳහා ශ්‍රීලංකන් ගුවන්සමාගම රුපියල් බිලියන 1.124 ක ලාභයක් වාර්තා කර ඇති බව සමාගමේ මූල්‍ය වාර්තාවක් තහවුරු කර තිබෙනවා.

එම කාලය තුළ ගුවන්සමාගම රුපියල් බිලියන 248 ක සමස්ථ ආදායමක් වාර්තා කර තිබෙන අතරේ වියදම් ලෙස රුපියල් බිලියන 223 ක වියදමක් සටහන් වෙනවා.

එහිදී බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 24.5 ක ඉපැයීමක් ලබා ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

සමස්ථයක් ලෙස ගත්විට 2023 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය දක්වා වූ අවසන් වර්ෂ 4 තුළ ශ්‍රීලංකන් ගුවන්සමාගම ලබා ඇති සමුච්චිත පාඩුව රුපියල් බිලියන 611.2 ක්.

ඒ කාලෙ ප්ලේන් ගියේ හුඟක් පහළින්.. මට පැයට ගෙව්වෙ රුපියල් 10යි - කපිතාන් එල්මෝ ජයවර්ධන
06/06/2024

ඒ කාලෙ ප්ලේන් ගියේ හුඟක් පහළින්.. මට පැයට ගෙව්වෙ රුපියල් 10යි - කපිතාන් එල්මෝ ජයවර්ධන

ඒ කාලෙ ප්ලේන් ගියේ හුඟක් පහළින්.. මට පැයට ගෙව්වෙ රුපියල් 10යි - කපිතාන් එල්මෝ ජයවර්ධන 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : https://www.youtube.com/channe...

රත්මලානේ පිහිටි ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන්සේවා පුහුණු ඇකඩමිය (Sri Lanka Airport & Aviation Academy -SLAAA) භූතානයේ ...
06/06/2024

රත්මලානේ පිහිටි ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන්සේවා පුහුණු ඇකඩමිය (Sri Lanka Airport & Aviation Academy -SLAAA) භූතානයේ ගුවන් ගමන් පාලකවරුන් සඳහා Aerodrome Control පිළිබඳ විශේෂිත පුහුණු වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

------------------------------
SLAAA Launches Air Traffic Control Training Course for Bhutanese Students

Sri Lanka Airport and Aviation Academy (SLAAA) launched an Air Traffic Control Training specializing in Aerodrome Control for Air Traffic Controllers for Bhutan.
SLAAA being a full member of TRAINAIR PLUS structure, which is the International Civil Aviation Organization’s accreditation for conducting Aviation based training, inaugurated the first International Air Traffic control training Course after being rebranded as an Academy on 3rd June 2024 for a group of 6 Air Traffic controllers from Bhutan.

The SLAAA, including Air Traffic Services Wing, is also a Certified Aviation Training Organization having fulfilled the regulatory obligations of ICAO and Civil Aviation Authority of Sri Lanka.

SLAAA has a state-of-the-art Simulator facility that gives the students a real-life scenario of the Controlling environment which enables the ATC students, once obtained the training to seamlessly integrate into Air traffic Control tower duties.
Out of several such organizations in South Asia, the Department of Air Transport and the Civil Aviation Authority of Bhutan chose SLAAA as the best institute to train their air traffic controllers, taking into account the organization's credentials, including the infrastructure and the highly experienced resource personnel.

The three-and-a-half months of training will provide SLAAA the strategic opportunity to establish itself as a specialized aviation academy offering training in all aspects of aviation.

AASL which is the parent company of SLAAA, is proud to be of assistance to a fellow SAARC country in providing this vital training component in Air Traffic Control, thus ensuring safe skies within the region and beyond.

වසර 2ක් ඇතුළත ශ්‍රීලංකන් ගුවන්සේවයට තවත් ගුවන්යානා 20 ක් - Sherisha Technologies/ Supreme Global සන්ධානය කියයි.. නිසි දි...
05/06/2024

වසර 2ක් ඇතුළත ශ්‍රීලංකන් ගුවන්සේවයට තවත් ගුවන්යානා 20 ක් - Sherisha Technologies/ Supreme Global සන්ධානය කියයි..

නිසි දිගුකාලීන උපාය මාර් ගික වැඩපිළිවෙළකට අනුව ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් සමගින් වූ ශක්තිමත් ශෙරිෂා ටෙක්නොලොජීස්/ සුප්‍රීම් ග්ලෝබල් කොන්සෝටියම් සන්ධානය (Sherisha Technologies / Supreme Global Consortium ) හවුල්කාරීත්වය හරහා දිගින් දිගටම පාඩු ලබමින් මෙරට මහජනතාවට විශාල ආර්ථික බලපෑමක් කරන ශ්‍රී ලංකන් ගුවන්සේවය ලාභදායි ව්‍යාපාරයක් බවට පත් කිරීමේ තමන් සතු හැකියාව හා ඒ සඳහා ඇති විද්‍යානුකූල හා උපායමාර්ගික සැලසුම් මේ වන විටත් මෙම සන්ධානය විසින් ඉදිරිපත් කොට ඇත. තමන්ගේ ජාත්‍යන්තර පාර්ශවකරුවන් හා ඔවුන්ගේ ශඛ්‍යතාවයන් පිළිබඳ පැහැදිලි වාර්තාවක් සමගින් එම ජාත්‍යන්තර උපායමාර්ගික හවුල්කරුවන් ගේ ක්‍රය ශක්තිය සමගින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීමේ සිය ලංසුව ලෙසින් ඉහළම යෝජනාව ශෙරිෂා ටෙක්නොලොජීස්/ සුප්‍රීම් ග්ලෝබල් කොන්සෝටියම් සන්ධානය (Sherisha Technologies / Supreme Global Consortium ) විසින් රාජ්‍ය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට (SOERU) ශ්‍රී ලංකා රජයට දැනුම් දීම සඳහා ඉදිරිපත් කර ඇත.

Terminal Holdings LLC ඇතුළත් කිරීම

මෙම අභිලාෂකාමී උත්සාහයේ ප්‍රමුඛයා වන්නේ අබුඩාබි හි ටර්මිනල් හෝල්ඩිංග්ස් එල්එල්සී ය. ගෝලීය වශයෙන් ධනවතුන් ගේ ලැයිස්තුවේ ඉදිරිපෙළ නාමයක් වන කීර්තිමත් රාජකීය ගෞරවාර්හ ශෙයික් තහ්නූන් බින් සෙයිඩ් අල් නහ්යන් ට (HRH Sheikh Tahnoon bin Zayed al-Nahyan) අයත්, Terminal Holdings, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් හා එක්ව ගොන නගාගෙන ඇති සම්මුතිය හරහා මෙම සැලසුමට අවශ්‍ය විශේෂඥ දැනුම සහ මූල්‍ය ශක්තිය ගෙන එයි.

ශෙයික් තහ්නූන් යනු අබුඩාබි හි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රධාන චරිතයකි, එමිරේට්ස් හි ව්‍යාපාරික අවශ්‍යතා ලොව පුරා ව්‍යාප්ත කිරීම සඳහා ඔහුගේ මැදිහත්වීමෙන් වන සැලකිය යුතු දායකත්වය සමස්ත මැද පෙරදිග රාජ්‍යයන් අතර ප්‍රසිද්ධය. ඔහුගේ ආයෝජන ක්ෂෙත්‍රයන් බලශක්තිය, මූල්‍ය සහ ගුවන් සේවා ඇතුළු විවිධ අංශවලට විහිදෙන අතර ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන ගණනින් ඇස්තමේන්තු කර ඇත.

මෙම සුවිශේෂී ජාත්‍යන්තර කීර්තියට පත් ටර්මිනල් හෝල්ඩිංග්ස් හි මැදිහත්වීම ගුවන් සේවා උපදේශන, ගොඩබිම් හැසිරවීමේ මෙහෙයුම් සහ ගුවන් යානය තුළ ආහාර සැපයීමේ සේවා හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ වාණිජ කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇත. තවද, ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයට සැලකිය යුතු ප්‍රතිලාභයක් අත්කර දෙමින් සහ ජාතියේ ආර්ථික වර්ධනයට දායක වෙමින් ගුවන් සේවා කළමනාකරණය සහ මෙහෙයුම් සඳහා හොඳම භාවිතයන් හඳුන්වා දීම ද ඔවුන්ගේ උපදේශන කාර්යභාරය වේ.

ලොව නවීනතම ගුවන් යානාවන් ලබා ගැනීමේ උපාය මාර් ගික සැලසුම්

මෙම ශ්‍රී ලංකන් ගුවන් සේවය අත් පත් කර ගැනීමේදී මෙම ශක්තිමත් සන්ධානය විසින් සිදුකරන්නට ලැසසුම් කොට ඇති තවත් සුවිශේෂී අභියෝගාත්මක නිර්භීත පියවරක් ලෙස, මෙම සන්ධානයේ අනෙක් ශක්තිමත් පාර්ශව කරුවන් ලෙසින් එක්වන චැලෙන්ජ් එරෝ ස්පේස් එල් එල් සී (Challenge Aerospace LLC) සහ එමිරේට්ස් එරෝ ස්පේස් එල් එල් සී (Emirates Aerospace LLC) සමඟ වන හවුල්කාරීත්ව එකඟතාවයන් මත, මෙහෙයුම් වසර දෙකක් ඇතුළත එයාර්බස් ගුවන් යානා 20 ක් (පටු බඳ සහිත A320 ගුවන් යානා 9 ක් සහ හා පුළුල් බඳ සහිත A330 ගුවන් යානා 11 ක්) සැපයීමට මේ වන විටත් එකඟතාවය පල කර ඇත.

මෙම නිර්භීත ව්‍යවසාය උපාය මාර්ගික මුලපිරීම සමඟින් ඩොලර් මිලියන 300 ක් දක්වා වටිනා ගුවන් යානා අමතර කොටස් සැපයීමටත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය අත්පත් කර ගැනීමෙන් පසු මෙවන් සුවිශේෂී සැලසුම් ක්‍රියාත්මක වීමේදි සමුහයේ මූල්‍ය ශඛ්‍යතාව සැලකිය යුතු ලෙස වැඩි දියුණු වන අතර එම ආර්ථික ප්‍රගමනය තුළින් ලබන සාර්ථක ප්‍රතිඵල මෙරට ජාතික ගුවන් සේවය රටට ආර්ථික ශක්තියක් සලසන සුපිරි සන්නාමයක් බවට පරිවර්ථනය කරනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ගුවන් යානා නඩත්තු, අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO) පහසුකම ස්ථාපිත කිරීම, වර්ධනය වන කලාපීය ඉල්ලුමට සරිලන පරිදි ජාතියේ ගුවන් සේවාව ලෙසින් එම තාක්ෂණික හා සේවා යටිතල පහසුකම් සැපයීමේ ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

මෙම සැලකිය යුතු මූල්‍ය අනුග්‍රහය හා ආයෝජනය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් , මෙරට ජාතික ගුවන් සේවයේ පුනර්ජීවනය සඳහා ශක්තිමත් පදනමක් තබමින් මහා පරිමාණ අරමුදල් සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් සුරක්ෂිත කිරීමට ශෙරිෂා ටෙක්නොලොජීස් / සුප්‍රීම් ග්ලෝබල් සමුහයට ඇති හැකියාව ඉස්මතු කරයි.

MBS Global Investments වෙතින් ලැබෙන සුපිරි සහාය

ලොව තවත් බිලියනපතියකු හා සුපිරි සමාගම් හිමිකරුවෙක් හා ආයෝජයකයෙක් වන ශෙයික් නයෙෆ් බින් ඊද් අල් තානිගේ පුද්ගලික කාර්යාලයේ ආයෝජන අංශය වන MBS ග්ලෝබල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් සුප්‍රීම් ග්ලෝබල් සමාගම වෙත ලබා දීමට එකගත්වයට ද මෙම සන්ධානයේ මූල්‍ය රාමු වඩාත් ශක්තිමත් කරමින් විශ්වසනීය ආයෝජන සැලසුමක වාසිය ශ්‍රී ලංකාවට ගැන ඒමට සහතිකයක් සපයයි. MBS Global Investments එහි පුළුල් ජාලය සහ ආයෝජන විශේෂඥතාව ලෝකය තුළ විශේෂයෙන්ම තාක්ෂණික මූල්‍ය (fintech), හරිත තාක්ෂණ ( green technologies), දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රය (real estate) ,සැපයුම් සේවා (logistics ) සහ ගුවන් සේවා (aviation) සඳහා ප්‍රසිද්ධය. MBS Global Investments හි ශක්තිමත් ආර්ථික පිටුබලය ලෙසින්, කටාර් රාජ්‍යයේ රාජකීය පවුල සමග ඇති සබැඳියාව සහ එම ආයෝජනයන්ට යොමු කරන ධනය ට ඇති ස්වෛරී හිමිකම, මෙවන් ආයෝජන වලට එළැඹීමේදී එහි විශ්වසනීයත්වය වැඩි කරන අතර ඒ සඳහා යොදන අරමුදල් වල මූල්‍ය ශක්තිය ට වඩා වැඩි ශක්තියක් හා ස්ථාවරත්වයක් ලබා දෙයි. සුප්‍රීම් ග්ලෝබල් සමගින් සම්මුතිගත වූ මෙම කටාර් රාජ්‍යයේ අතිවිශාල ධන ආයෝජනය සහ මහා පරිමාණ, බලපෑම් සහගත ආයෝජන සඳහා කැපවීම් සහගත ඉදිරිපත්වීම මෙම සම්මුතියට මෙරට ජාතික ගුවන්සේවයේ හිමිකරුවා, පරිපාලකයා හා උපාය මාර් ගික ආයෝජකයා බවට පත්වීමට මෙම සුප්‍රීම් ශෙරිෂා සන්ධානයට ඇති හිමිකමේ ශක්තියට ප්‍රාමාණික ශක්ෂි සපයයි, මන්ද ඒ මෙරට කිසිදු ව්‍යවසායකයකුට මෙතරම් විශාල කලාපීය ආයෝජන සහයෝගීතාවක් කිසි විටෙක අත් කර ගැනීමට හැකියාවක් නොමැති නිසාවෙනි .

MMAG Aviation Consortium සමඟ අඛණ්ඩ සහයෝගීතාවය

කලින් ප්‍රකාශයට පත් කළ පරිදි, MMAG Holdings Berhad හි අනුබද්ධිත MMAG Aviation Consortium SDN BHD (MAC), දිගටම ශෙරිෂා ටෙක්නොලොජීස්/ සුප්‍රීම් ග්ලෝබල් කොන්සෝටියම් සන්ධානය (Sherisha Technologies / Supreme Global Consortium ) සමුහයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ නාමයක් ලෙසින් මෙරට ජාතික ගුවන් සේවයේ සේවා වපසරිය තවත් පුළුල් කිරීම සඳහා ශක්තිමත් භාණ්ඩ පෝෂක ජාලයක් ස්ථාපිත කිරීම, අත්පත් කර ගැනීමෙන් පසු පුළුල් ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සහ ගෝලීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස එහි ධාරිතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික භූගෝලීය තත්ත්වය ඉහළ නැංවීම විසින් මෙම සන්ධානය හරහා ලබා දීමට අපේක්ෂිත ඔවුන්ගේ දායකත්වයට ඇතුළත් වේ. මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය වඩාත් ඉහළ ප්‍රමිතියකින් සැලකිය යුතු ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය දයකත්වය සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් වෙත ලබා දෙනු ඇත.

වඩාත් පුළුල් හා වාසි දායක උපාය මාර්ගික ඉදිරි පිම්මක්

ජාතික ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පිණිස අභිලාෂකරුවන්ගෙන් අභිලාෂ කැඳවීමේ දී ඒ සඳහා උනන්දුව ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලිය තුළ කෙටි කාලයක් තුළ සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩීංග්ස් සමාගම විසින් සිය ජාත්‍යන්තර සබඳතා හා විදේශීය හවුල්කාරීත්වයන් ඒකාබද්ධ කරගනිමින් ගොඩ නගන ලද මෙම උපායමාර්ගික සන්ධානය හරහා මෙතෙක් කල් රටට බරක් ව පැවති ජාතික ගුවන් සේවය ඉතා කෙටි කලක් තුළ එහි රැකියාවන් ද සුරක්ෂිත කරමින්, වඩාත් ප්‍රමිතිගතව උසස් තලයකට ගෙන එමින් සමස්ත ජනතාවටම අභිමානයෙන් කතා කළැ හැකි සන්නාමයක් බවට පරිවර්තනය කිරීමටත් වඩාත් සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීමට ඇති හැකියාව අවධාරණය කරයි. ශ්‍රී ලංකාව වර් තමානයේ මුහුණ දී තිබෙන ආර් ථික අරබුදයත්, ජාතික ගුවන් සේවය ලෙසින් ශ්‍රී ලංකන් සන්නාමය මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග

මධ්‍යයේ වුවද, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම් මෙරට කීර් තිමත් විවිධාංගීකරණ ව‍යවසායකයකු ලෙසින් ජාත්‍යන්තරයේ ප්‍රබල උපායමාර්ගික හවුල්කරුවන් සමග සන්ධානගත වී මෙවන් සුවිශේෂී කටයුත්තක් සඳහා අති විශාල, මහා පරිමාණ අරමුදල් සුරක්ෂිත කිරීමේ හැකියාව තමන් සතුව ඇති බව මේ වන විටත් මෙම සන්ධානගත ව්‍යවසාය නාමයන් හරහා තහවුරු කර ඇත.

අභිලාෂ (EOI) ඉදිරිපත් කිරීමේ අවසාන අදියර වන විට Sherisha Technologies / Supreme Global Consortium විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ජාතික අභිමානය සහ ගෝලීය පිළිගැනීමේ මූලාශ්‍රයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව, සිය ශක්‍යතාව හා පැහැදිළි සැලසුම සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කොට ඇත. නිසි න්‍යායාත්මක හා විද්‍යාත්මක තෝරා ගැනීමක් තුළ මෙරට විවිධ පටු අරමුණු මූලික කොට ගෙන ගනු ලැබූ තීන්දු තීරණ නිසා ජාතියටම බරක් හා පාඩුවක් වූ මෙරට ජාතික ගුවන් සේවය යළිත් ශ්‍රී ලාංකික අභිමානය ගුවන පුරා පතුරවන සුපිරි ජාතික සන්නාමයක් බවට පත් කිරීමේ හැකියාව ඇත. මෙම ඒ සඳහා Sherisha Technologies / Supreme Global Consortium සිය හැකියාව සනාත කොට ඇත. බලධාරීන් විසින් ජාතික වශයෙන් සළකා ගනු ලබන මෙම තීරණ ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයට දීප්තිමත් අනාගතයක් සඳහා මග පාදමින් ජාතියේ ගුවන් සේවා ක්ෂේත්‍රයට පරිවර්තනීය බලපෑමක් ඇති කරනු ඇත.

තුර්කියේ ගුවන් අනතුරක්!!! මධ්‍යම තුර්කියේ සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස්...
05/06/2024

තුර්කියේ ගුවන් අනතුරක්!!!

මධ්‍යම තුර්කියේ සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා

හමුදා පුහුණු ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරෙන් අදාළ ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා මියගොස් තිබෙනවා.

කෙසේවෙතත් අදාළ ගුවන් යානය කඩාවැටීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

04/06/2024

කටුනායක ගුවන්තොටුපළ අවට තදබදය අඩුකරන්න අලුත් වැඩක්..

ගුවනේ වසර 50ක අත්දැකීම් සහිත ශ්‍රී ලාංකිකයා! Video >>> https://youtu.be/aDzkoUxMRr4
04/06/2024

ගුවනේ වසර 50ක අත්දැකීම් සහිත ශ්‍රී ලාංකිකයා!
Video >>> https://youtu.be/aDzkoUxMRr4

ගුවන්යානා ප්‍රමාද වීම් නිසා T20 ලෝක කුසලානයට ගිය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගැටළු අමෙරිකාවේ ෆ්ලොරීඩා නුවර සිට නිව්යෝර්ක් දක්ව...
03/06/2024

ගුවන්යානා ප්‍රමාද වීම් නිසා T20 ලෝක කුසලානයට ගිය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගැටළු

අමෙරිකාවේ ෆ්ලොරීඩා නුවර සිට නිව්යෝර්ක් දක්වා පැමිණි විශේෂ ගුවන් යානය ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

අදාළ විශේෂ ගුවන් යානය ෆ්ලෝරීඩා නුවරින් පිටත්වීමට නියමිතව තිබූ වේලාවට වඩා පැය 7කට වැඩි කාලයක් ප්‍රමාද වූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් ෆ්ලොරීඩා හිදී පැවති පුහුණු තරගවලින් අනතුරුව ලෝක කුසලාන මූලික වටයේ තරගවලට සහභාගීවීම සඳහා නිව්‍යෝර්ක් වෙත පැමිණීමට නියමිතව තිබුණි.

ඔවුන්ට නිව්යෝර්ක් වෙත පැමිණීම සඳහා විශේෂ ගුවන් යානයක් වෙන්කර තිබූ අතර එම ගුවන් යානය මෙලෙස පැය 7කට වැඩි කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් ක්‍රීඩකයින් දැඩි අපහසුතාවකට පත්ව තිබේ.

එම සම්පූර්ණ කාලයම ක්‍රීඩකයින් රැඳී සිට තිබෙන්නේ ෆ්ලොරීඩා ගුවන් තොටුපොළ තුළය.

අයහපත් කාලගුණය නිසා කටුනායකට පැමිණි ගුවන් යානා මත්තලට හරවා යවයිකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රද...
03/06/2024

අයහපත් කාලගුණය නිසා කටුනායකට පැමිණි ගුවන් යානා මත්තලට හරවා යවයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයේ ඊයේ (02 දා) අලුයම් කාලයේ පැවති අකුණු ගැසීම් සහිත තදවැසි තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා සනාථ කළේය.

ඒ අනුව අබුඩාබි නුවර සිට ඊයේ අලුයම 03.25 ට ගොඩබැස්සවීමට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි. මීට අමතරව සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළේ සිට ඊයේ අලුයම 04.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ වන විටත් හම්බන්තොට මත්තල ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයේද වැසි පැවති බව සඳහන් කළ මත්තල ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා එම ගුවන් යානා ඊයේ අලුයම 04.15 පමණ වනවිට තම ගුවන් තොටුපළ වෙත පැමිණි බව සඳහන් කළේය.

අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් යානයේ මගීන් ගුවන් යානයෙන් පිටතට නොබස්වා සිටි අතර මෙම ගුවන් යානය යළිත් ඊයේ උදෑසන 08.13 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එහෙත් සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ සිටි මගීන් එම ගුවන් යානයෙන් පිටතට බස්සවා එම මගීන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමෙන් අනතුරුව එම ගුවන් යානය ද ඊයේ උදෑසන 10.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

02/06/2024

සතියේ පත්තර වල ගුවන්සේවා ප්‍රවෘත්ති බලමුද?
Full video👉 https://youtu.be/Ndk_uuVzieA

Etihad ගුවන්සේවය 2024 ජුනි 1 වනදා සිට අබුඩාබි සිට කොළඹ දක්වා සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව සතියකට 27ක් දක්වා වැඩිකර ති...
02/06/2024

Etihad ගුවන්සේවය 2024 ජුනි 1 වනදා සිට අබුඩාබි සිට කොළඹ දක්වා සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව සතියකට 27ක් දක්වා වැඩිකර තිබෙනවා.

පියාසර කරමින් තිබූ ගුවන් යානයක පුද්ගලයෙක් නිරුවතින් දුවලාඔස්ට්‍රේලියාවේ පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ ගුව...
01/06/2024

පියාසර කරමින් තිබූ ගුවන් යානයක පුද්ගලයෙක් නිරුවතින් දුවලා

ඔස්ට්‍රේලියාවේ පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි පුද්ගලයෙකු, ගුවන් යානය තුළදී නිරුවතින් දිවයාමේ පුවතක් විදෙස් වාර්තාවල සදහන්ය.

යානය ගුවන්ගතව තිබියදී මෙලෙස වේගයෙන් නිරුවතින් දිවගිය පුද්ගලයා අනතුරුව ගුවන් සේවිකාවකගේ ශරීරයේ ගැටී තිබෙන බව එහි සදහන්ය.

මෙම සිදුවීම නිසා ගුවන් යානය නැව හරවා පර්ත් ගුවන් තොටුපොළටම පැමිණ ඇති අතර, එහිදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල ගත කර ඇති බව සඳහන්.

මෙම මගියා සිය ඇඳුම් ඉවත් කළේ කෙසේද සහ කොතැනද යන්න පැහැදිළි නැති අතර ගුවන් යානය අයත් සමාගම මෙම මගියා නිසා අපහසුතාවයට පත් අනෙක් ගුවන් මගීන්ගෙන් සමාව අයැද තිබේ.

ගුවන්යානයක එන්ජිමට ඇදී ගිය පුද්ගලයෙකු මරුටනෙදර්ලන්තයේ ගුවන්තොටුපොළක සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ...
31/05/2024

ගුවන්යානයක එන්ජිමට ඇදී ගිය පුද්ගලයෙකු මරුට

නෙදර්ලන්තයේ ගුවන්තොටුපොළක සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිදුවීම වාර්තාවන්නේ ඇම්ස්ටඩෑම් Schiphol ගුවන්තොටුපොළෙණි .

KLM අයත් ගුවන් යානයක එන්ජිම තුළට ඇදී යාමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අනතුරින් මියගිය පුද්ගලයා කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවය.

ගුවන් යානය නෙදර්ලන්තයේ සිට ඩෙන්මාක් වෙත පියාසර කිරීමට සූදානමින් තිබියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත.

කෙසේ වෙතත් ඇම්ස්ටඩෑම් Schiphol ගුවන්තොටුපොළ ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙවැනි අවස්ථාවන්හි රාජකාරී කිරීමේදී දැඩි විමසිලිමත්භාවයක් දක්වන බැවින් මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බවය.

එසේම මෙම බිහිසුණු අනතුරත් සමග අදාළ ගුවන්යානයේ සිටි සියලුම මගීන් ඉන් පිටතට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

බහරේනය සහ චීනය අතර සෘජු ගුවන් ගමන් ඇරඹේබහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට චීනයේ Shanghai Pudong ගුවන්තොටුපළ දක්වා සෘජු ග...
30/05/2024

බහරේනය සහ චීනය අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට චීනයේ Shanghai Pudong ගුවන්තොටුපළ දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරේ.

බහරේනයේ සිට චීනය දක්වා පසුගිය 28දා ආරම්භ කළා.

Gulf Air ගුවන් සමාගම විසින් බහරේනයේ සිට චීනයේ Guangzhou නගරය වෙත ද සෘජු ගුවන් ගමනක් ඊයේ 29 සිට ආරම්භ වුණා.

ඒ අනුව බහරේනය සහ චීනය අතර සෑම දිනකම සෘජු ගුවන් ගමන් ක්‍රියාත්ම කෙරේ.

එයාර්ලංකා ගුවන්සේවයේ 5වන සැමරුම ❤️1979-1984
30/05/2024

එයාර්ලංකා ගුවන්සේවයේ 5වන සැමරුම ❤️
1979-1984

29/05/2024

Bomb threat on IndiGo flight | ඉන්ඩිගෝ ගුවන්යානයක බෝම්බ බියක්! Follow us on; Website: https://www.aviationvoice.lk Facebook: https://...

ඉන්ඩිගෝ ගුවන්යානයක බෝම්බ බියක්, මගීන් වහාම ඉවත් කරයි! වීඩියෝ >>>  https://youtu.be/4_FRrM2xEiw
28/05/2024

ඉන්ඩිගෝ ගුවන්යානයක බෝම්බ බියක්, මගීන් වහාම ඉවත් කරයි! වීඩියෝ >>> https://youtu.be/4_FRrM2xEiw

28/05/2024

Qatar Airways Dublin flight hits turbulenceවායු කැළඹුමකට මැදිවූ, කටාර් ගුවන්යානය මුහුණුදුන් බිහිසුණු අනතුර Follow us on; Web...

කටාර් ගුවන්සේවයේ ගුවන්යානයක් වායු කැළඹුමකට මැදිවේ! 12කට තුවාලයි!අද (26) දිනයේ Doha සිට Dublin, Ireland බලා පියාසර කරමින්...
27/05/2024

කටාර් ගුවන්සේවයේ ගුවන්යානයක් වායු කැළඹුමකට මැදිවේ! 12කට තුවාලයි!

අද (26) දිනයේ Doha සිට Dublin, Ireland බලා පියාසර කරමින් තිබූ (QR017) කටාර් ගුවන්සේවයට අයත් බෝයිං B787-9 ගුවන්යානයක් තුර්කියට ඉහළ අහසේදී වායු කැළඹීමකට හසුව තිබෙන බව වාර්තා වනවා.

කටාර් ගුවන්සේවය නිවේදනයක් නිකුත් කරමින් සිදුවීම තහවුරු කළ අතර අදාළ ගුවන්යානය ආරක්ෂිතව ඩබ්ලින් ගුවන්තොටුපළ වෙත ගොඩබැස්ස වූ බවත් මේ වන විට තුවාල ලැබූ ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවද පවසා තිබෙනවා.

මින් දින 5කට පෙර සිංගප්පූරු ගුවන්යානයක් මෙවැනිම ඉරණමකට ගොදුරු වූ අතර ඉන් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් 30 දෙනකු තුවාල ලැබුවා.

සුනඛයින් සඳහාම වෙන්වුණු ගුවන්සේවය 'Bark Air' ගුවන් ගමන් අරඹයි!
26/05/2024

සුනඛයින් සඳහාම වෙන්වුණු ගුවන්සේවය 'Bark Air' ගුවන් ගමන් අරඹයි!

ශ්‍රීලංකන් කවුරු ගනීවිද?
26/05/2024

ශ්‍රීලංකන් කවුරු ගනීවිද?

Who will take over SriLankan Airlines? ශ්‍රීලංකන් කාටද? Website: https://www.aviationvoice.lk Facebook: https:/...

Address


Alerts

Be the first to know and let us send you an email when Aviation Voice සිංහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aviation Voice සිංහල:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

Aviation Voice

Sri Lanka’s first Aviation related news portal...