Chamathkara Advertisers in Sri Lanka

  • Home
  • Chamathkara Advertisers in Sri Lanka

Chamathkara Advertisers in Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chamathkara Advertisers in Sri Lanka, Social Media Agency, .
(1)

let's do exchange🔄All type of
02/07/2021

let's do exchange🔄
All type of

For only $20, Kirula_chamath will do page consultation. | Facebook is the largest Social Media Network in the world. If you don't have a Business Page for your Company, you're already losing 2.2 Billion | Fiverr

පිරමීඩ මාෆියාව ගැන ගණිතමය විවරණයක්ගොඩක් දෙනෙක් මේ ගැන inbox අහපු නිසාත්, සාමාන්‍ය පෙළ කරන පුංචි ළමයි වෙනකන් මේ වසංගතය පැ...
06/06/2021

පිරමීඩ මාෆියාව ගැන ගණිතමය විවරණයක්

ගොඩක් දෙනෙක් මේ ගැන inbox අහපු නිසාත්, සාමාන්‍ය පෙළ කරන පුංචි ළමයි වෙනකන් මේ වසංගතය පැතිර ගොස් ඇති නිසාත් මේක දාන්න හිතුවෙ.

හරි දැන් ඕකෙ වෙන්නෙ මෙහෙමනෙ. ඔයා මේ වැඩේට join වෙන්න රුපියල් 124000ක් අවමව මුලින් ගෙවන්න වෙනව. ඊට පස්සේ ඔයාට එයාලා කියන විදියට income එකක් ගන්න නම් තව දෙන්නෙක් මේකට සම්බන්ධ කරන්න වෙනව. ඉතින් ඔය විදියට සම්බන්ධ වෙද්දී හැම level එකකම ඉන්න ගාණ ඩබල් වෙන්න ඕන.

ඉතින් අපි දැනට ඉන්න මුළු ලෝක ජනගහණයම මේ ව්‍යාපාරය කරනවා කියලා හිතමු. එතකොට බිලියන 7.619ක් වුණ ලෝක ජනගහණයම අඩංගු කරන්න පුළුවන් මේ pyramid network එකේ levels 33යි තියෙන්න පුළුවන්.

භයානකම දේ ඒක නෙමෙයි. ලෝක ජනගහණයෙන් 50%කට කිසිම ආදායමක් එන්නේ නෑ. තව ලෝක ජනගහනයෙන් 25%කට එන්නෙ අදායම් වාර 1යි.(පළවෙනි දෙන්නා දාද්දී ආපු ගාණ) තව 12.5%කට ආදායම් වාර 5යි. ඔය වගේ උඩට යද්දී මේකෙ උඩම ඉන්න කෙනාට ආදායම් වාර 17179869183ක් හම්බෙලා. (අඩුවෙන්න පුළුවන් එයාලගේ maxout කියන එක නිසා. ඒත් එහෙම එකක් තියෙන්නෙත් මේකෙන් හැමෝටම ගෙවන්න තරම් revenue එකක් එන්නෙ නෑ pyramid එක ලොකු වෙද්දී) එයාගෙ යට ඉන්න කෙනාට ඔයගාණෙන් බාගයක්.

පේනවා නේද දවස පුරා රස්සා වල බොස් ඔයාව හූරාකනවා කියලා, ඩිග්‍රී කරලා වැඩක් නෑ කියලා ළමයි විනාස කරලා මෙයාලා කරන අපරාධය. ඇත්තටම එයාලා කියන විදියට බොස්ලා සේවකයන්ව හූරාකනවට වඩා මිලියන ගුණයකින් ඔය බිස්නස් එක කරන ඔයාලව හූරා කනව එයාලා. ඔය දැම්මේ ඕකට සම්බන්ධ වෙන හැමෝම Activate කරගනියි කියලා හිතලනේ.

ඉතින් කවදාවත් මුළු ලෝක ජනගහණයම පිරමීඩ කරන්නෙ නෑ. අඩුම 10%ක් කරයි කියමුකො. එතකොට ඔය අළුතෙන් join වෙන අයට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අනික ඔයාලා ගොඩ දෙනෙක්ට පිටරටවල ඉන්න අයව සම්බන්ධ කරන්නත් බෑ ඕකට. ඔයාලගේ scope එක ලංකාවෙ ජනගහණයට සීමා වෙනව. ඉතින් ඔයාට ඕකෙන් සාර්ථක වෙන්න තියෙන චාන්ස් එක අඩුයි නෙමෙයි සාර්ථක වෙන්න බෑ.

ඒක නිසා ඉක්මනින් ධනවත් වෙන්න ගිහින් අතේ තියෙන මහන්සියෙන් හම්බකරගත්ත ගාණ හරි, ඉගෙන ගන්න කෙනෙක්නම් අම්මලා තාත්තලගෙ සල්ලි හරි නාස්ති කරගන්නෙ නැතුව ඉන්න. ඉගෙන ගන්න අය හොඳට ඉගෙන හොඳ රැකියාවකට සුදුසුකම් හදාගන්න. රැකියා කරන අය රැකියාවල උසස් වීම් ලබාගන්න අවශ්‍ය කරන සුදුසුකම් හදාගන්න ගමන් හොඳට perform කරන්න. අන්න එතකොට නියම stable සාර්ථකත්වය හම්බෙයි. 😊

ප.ලි: මෙයාලා ගහන තව බයිලයක් තමා මේ කතා කරන වෙලාවෙත් මිනිස්සු උපදිනවා කියන එක. අවුරුද්දකට ජනගහණය වර්ධනය වෙන්නේ 1.05%කින් ඒ කියන්නේ මම ගත්ත උදාහරණේ යටම ඉන්න හැමෝටම එක ආදායමක් හරි ගන්න දළ වශයෙන් අවුරුදු 50ක් යනවා. ඒක නිසා ඒකත් කෙස් පැලෙන තර්කයක්.

Thank you Dinesh Sir for the Recommendation❤💯
05/01/2021

Thank you Dinesh Sir for the Recommendation❤💯

හදවත් 1❤️❤️,❤️❤️❤️ක් එකතු කළ පිටුවක්...
Dinesh Jayawardana | dineshvoices.lk™️

හරසුන් ෆේස්බුක් පිටු අතර සිරවී සිටි ඔබට, ඔබේ ජීවිතයට යමක් එකතු කරන්න මේ ෆේස්බුක් පිටුව පටන් ගත්තේ හරියටම මීට අවුරුදු දෙක හමාරකට කලින්. පළවෙනි 👍 ලයික් එක මම,ම දාගෙන ගමන පටන් ගන්න කොට හිතුවේ නෑ, මේ තරම් ඉක්මනින් මේ කඩ ඉම පහු කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් හරියටම අවුරුදු දෙක හමාරක් යනකොට ඔබ සියළුදෙනාම මාව එතනට ඔසවා තබා හමාරයි. මගේ හදවතත් එක්ක අත්වැල් බැඳ ගත්ත අනෙකුත් හදවත් 99,999ටම අනේකවාරයක් ස්තූතියි !

හරසුන් ෆේස්බුක් පිටු අතර හරවත් යමක් ඔබ වෙත ගෙන ඒමේ මගේ බලාපොරොත්තුව තාමත් පොඩ්ඩක්වත් අඩු නැතුව ඒ ආකාරයෙන්ම මගේ හදවතේ තියෙනවා. මේ පිටුව ඔබ වෙත ගෙන එන්න තිරය පිටුපස කටයුතු කරන ග්‍රැෆික් නිර්මාණ ශිල්පී සචින්ත සෙනරත් මල්ලීත්, 100,000 හීනය හදපු කිරුළ චමත්ක,වත් මතක් කරන්නේ ආදරෙන්... ❤️❤️

දිනේෂ් ජයවර්ධන ෆේස්බුක් පිටුවෙන් වගේම මගේ යූ ටියුබ් නාලිකාවෙනුත් ඉදිරියටත් ඔබට, ඔබේ ජීවිතයට වැදගත් දෙයක්ම අරගෙන එන්නම්... දිගටම රැඳිලා ඉන්න. යූටියුබ් නාලිකාවත් Subscribe කරලා Bell එකත් හැම වීඩියෝ එකක්ම බලන්න පුළුවන් විදිහට හොලවලා එන්න. මෙන්න Link එක.
👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://youtube.com/channel/UCg6my3mo5KSeTW4V2CbjH-g

ලබන බ්‍රහස්පතින්දා හරියටම හවස 4.00ට ලිපි මාලාවේ 25 වෙනි කතාංගයත් සමඟ ඔබේ නිවසට ගොඩවෙනකල් දැනට නවතින්නම් !

හදවත් ලක්‍ෂයක් 1❤️❤️,❤️❤️❤️ එක්කර මේ පිටුව තැනුවාට ඔබ සියළු දෙනාටම ලක්‍ෂවාරයක් ස්තූතියි !

මම;
දිනේෂ් ජයවර්ධන | dineshvoices.lk™️
පුද්ගල හැකියා සංවර්ධන පුහුණු උපදේශක
0779999021 | 0719999021



1❤️❤️,❤️❤️❤️

වසරකට වැඩි කාලයක් සේවය කරන්න ලැබීම ගැන ඇත්තෙන්ම සතුටුයි. සර්ගෙ Target එකට තව ටික දුරයි. සමාජෙට හොඳදෙයක් හැමදාම එකතු කරපු...
22/11/2020

වසරකට වැඩි කාලයක් සේවය කරන්න ලැබීම ගැන ඇත්තෙන්ම සතුටුයි. සර්ගෙ Target එකට තව ටික දුරයි. සමාජෙට හොඳදෙයක් හැමදාම එකතු කරපු පිටුවක්.
සුභ අනාගතයක් Dinesh Jayawardana "dineshvoices.lk" සර්.🥇💯

04/11/2020

මෙතන ඇති ඇති සිංදු කරන්න හිතාගෙන ඉන්න යාළුවො..

පුංචි දෙයයි කියන්න තියෙන්නේ. තමන් සිංදුවක් කරනවනම් කවදාවත් ලක්ෂ ගානක Subscribers ල ඉන්න Youtube Company වලින් ඒ සිංදුව දාන්න යන්න එපා.

මෙහෙම කියද්දිම, එහෙම කරන කම්පැනි වල වැඩ කරන මිනිස්සු මාත් එක්ක අමනාප වෙන්න පුලුවන්. ඒත් තමන්ගෙ නිර්මාණයක් කවදාවත් පිටට දෙන්න එපා. ඒක තමන්ගෙ චැනල් එකකින් දාන්න.

තමන්ගෙම චැනල් එක ටික ටික හරි උඩට ගන්න. ලක්ෂ ගානක් ඉන්න චැනල් එකකින් දාල සිංදුව ලක්ෂයක් බැලුව කියල ස්ටේටස් දානවට වඩා තමන්ගෙම කියල චැනල් එකක් පටන් අරගෙන ඒකෙන් එන වීව්ස් 1000ක් වුනත් අර ලොකු චැනල් එකෙන් එන වීව්ස් ලක්ෂෙට වඩා වටිනවා.

මොකද එතන හැදෙන්නෙ තමන්ටම ආවේනික වුන රසික පිරිසක්. තමන්ට ආදරය කරන රසික පිරිසක්. වීඩියෝ එකක් කරන්න සල්ලි නැති කමටනම් ඒ වගේ කම්පැනි වලට දීල කරන්නේ, ඊට වඩා හොදයි ලිරික්ස් වීඩියෝ එකක් කරල යූටියුබ් දාන්න. මොකද හොඳ නිර්මාණයක් වුනොත් වීඩ්යෝ එකක් ලොකුවට නැතත් වයිරල් වෙනවා.

මුලදි තමන්ට ලොකුවට වීව්ස් නැහැ, Subscribers ල නැහැ කියලා දුක් වෙන්න එපා. ටිකෙන් ටික උඩට එන්න. දවසක ⁣ඔයාගෙ සිංදුවක් හරියට වයිරල් වුනොත්, අලුතින් එකතු වෙන දාස් ගානක Subscribers ලා ඔයාගෙ පරණ සිංදුත් ඔක්කොම අහනවා. ඒකයි ඇත්ත. වීව්ස් වැඩියෙන් පෙන්නන්න කියල හිතාගෙන ලොකු චැනල් වලින් දාන්න සිංදුව අතඅරිනවට වඩා කරන්න පුලුවන්නම් හොදම දේ තමයි ඒ.

මේ දේ කියන්න හිතුනේ එහෙම ටිකෙන් ටික සිංදු තමන්ගෙම චැනල් එකකින් දාලා, ඒවා ටිකෙන් ටික උඩට අරගෙන තමන්ට විශේෂිත වූ ආදරය කරන රසික පිරිසක් හදාගත්ත යාළුවො ගොඩ දෙනෙක් මගේ ලගින් ඉන්නවා. ඒ කිසිම කෙනෙක් ලොකු චැනල් වලින් සිංදු දාන්න ගියෙ නෑ.

පොඩි තැනෙන් පටන් අරගෙන උඩට ආපු අයයි. ඒ නිසා තමන්ගෙ සිංදු වෙන චැනල් වලට දෙන්න එපා. තමන්ගෙම කියල දෙයක් ගොඩනගාගන්න. ඒක කවදා හරි තමන්ට ඉතුරු වෙන ලොකු සම්පතක් කියල ඔයාලට තේරෙයි.

මේ දේවල් කියවන්න ඔයාලට චැනල් එකක් තියෙනවද කියල කවුරුහරි අපෙන් අහන්න පුලුවන්. ඇත්තටම කිව්වොත් නෑ. ඒත් අපි ගොඩක් මියුසික් වීඩියෝ Campaign කරන නිසා ඒ මිනිස්සු ඉන්න තැන සහ, ටික කාලෙකින් එයාලගෙම චැනල් එකක් හදාගත්තම ඒ හැමෝම කියන කතාව තමයි අපරාදෙ කලින් ඒවත් මගෙම කියල චැනල් එකකින් දාන්න තිබ්බෙ වීව්ස් ගැන හිතන්නැතුව... ඔන්න ඔය කතාව ගොඩ දෙනෙක් අපිත් එක්ක කියල තියෙනවා.

අන්න ඒ නිසා අපේ Group එකේ කෙනෙක් වුනත් එහෙම දෙයක් කරන්න යනවනම් ඒ අයට මේ ගැන දැනුවත් කරන්න ඕනි කියල හිතුන නිසා තමයි චැනල් එකක් නැතත් මම මේ දේ ගැන කියන්න හිතුනේ.

ජය වේවා. ❤️
-Melan-

04/11/2020

ඔයාගෙ facebook profile එක,
හොඳට සුද්ද කරගන්නෙ කොහොමද?

කාලෙකට කලින් මම Facebook Log උණාම කළේ Wall එකේ ඔහේ ඉහළ පහළට ගිය එක තමයි, ඒ යනකොට හම්බවෙන හැම ජාතියකම වගේ පොස්ට් වලට Like, Comment දාගෙන ගියා..

ඔයා දන්නවනෙ FB එකේ Algorithm (ක්‍රමවේදය) එක තමයි අපි වැඩිපුරම Like, Comment කරන ඒව තමයි Organic Reach (මුදල් නොගෙවා දාන පෝස්ට්) එකේදි වැඩිපුරම පෙන්නන්නෙ, ඉතිං ආයෙ සැරයක් ලොග් උණාම ඒ පේජ් වලිනුයි ප්‍රොෆයිල් වලිනුයි දාන ඒව වැඩිපුරම පෙන්නන්න ගත්තා, හැබැයි ප්‍රශ්නෙ උණේ ඒ බහුතරයක් දාන්නෙ මට ගැලපෙනම වටින ඒව නෙමෙයි, එයාළ කියන්න ආස ඒව, ඒ වගේම ඒ බහුතරයක් මරාගන්න ප්‍රවෘත්ති, එක එකාගෙ කේලම් විශේෂයෙන්ම නළු නිළියන්ගෙ ඒව, ජරා දේශපාලන පෝස්ට්, ගොන් ජෝක්, බොළද ආදර පෝස්ට් වගේ ඒව, ඒ නිසා මම තීරණය කළා මට පේන ඒව වෙනස් කරගන්න... 😊

මුලින්ම වැඩක් ඇති දෙයක් නොදාන පිරිසක්ම Unfriend කලා, ඊටපස්සෙ එහෙම කරන්න හොද නැති ඒත් වැඩක් නැති අයව Unfollow කළා, පස්සෙ මට වටිනාම කියන අය ඔක්කොම Favorite List එක දැම්ම, වටිනම Group ටික pin කලා, අවශ්‍යම Page ටික Save කළා, ඒ වගේම වටින අයගෙ මම Like නොකරපු පෝස්ට් තිබ්බ නම් හොය හොය Like කළා, මේ ටික කරල ඉවර කළාම ඇත්තටම මගේ Wall එක කලින්ට වඩා සෑහෙන්න හොද මට්ටමකට ආව, දකින්න හම්බෙන ගොඩක් ඒව පොඩි හරි වටිනාකමක් ඇති ඒව කියල පේන්න ගත්තා... 😊😊

මම මේ කතාකළේ ඔයාගෙ සමාජ ජාලය සුද්ද කරන එක හැබැයි ඔයා මේක මේ විදිහටම ඇත්ත ජීවිතයෙදිත් කරන්න ඕනෙමයි, ඔයා වැඩිපුරම කාලය ගත කරන පස්දෙනා අනුව ඔයාගෙ අනාගතය තීරණය වෙනවා නම් ඔයා ඒ පහට ගන්න අමාරු අයව අයින් කරන එක අත්‍යාවශ්‍යයි..

ඔයා ප්‍රමුඛතාව දෙන අයගෙ අදහස් අනුව ඔයාගෙ ඔළුව හැදෙනවා නම් උත්සාහ කරන්න ඔයාට වඩා යමක් දන්න අය ඇසුරු කරන්න, අන්න එතකොටයි ඔයාට යමක් එකතු වෙන්නෙ, එහෙම නැති අය ආශ්‍රිතය කළාට ඒ අදහස් ඒ කණෙන් අහල මේකෙන් පිට කරන්න, අදහස් ගන්න වටින අය එකසැරේ හොයාගන්න අමාරු නම් ඔයා ආස ගතිගුණ තියන අය අයගෙ අදහස් වීඩියෝ හොයාගෙන හරි බලන්න, එහෙම අයගෙ ලියපු පොත් කියනවා ඒ පොත ඔයාගෙ අර පස්දෙනාගෙන් එක්කෙනෙක් කරගන්න හැබැයි අනවශ්‍ය අය Follow කරන්න නම් එපා..

ඇයි අපේ සමහර ශරීර කොටස් එළියෙ තිබිලා සමහර ඒව ඇතුළෙ තියෙන්නෙ, එළියෙ තියන ඒව පරිසරය එක්ක මුසු වෙන්න ඕන ඒ වගේම ඒවට බාහිර දේ දරාගන්න ලේසි, හැබැයි ශරීරය අභ්‍යන්තරයෙ තියන ඒවට එහෙම එකතු වෙන්නවත් දරාගන්නවත් බෑ, ඒවට සෑහෙන ආරක්ෂාවක් ඕනෙ,

එහෙනම් ඇයි ඔයාගෙ මොළය ශක්තිමත් ඔලු කට්ටක් ඇතුළෙ කුහරෙක තියෙන්නෙ, ඒකට ඒ තරම් වැදගත් හා ආරක්ෂාවක් අවශ්‍ය නිසා, ඒනම් ඔයා ඒකට දාන්න ඕන මොනවද කියල මීටවඩා හිතන්න ඕන නේද ???

- සුදේශ් -

03/11/2020

About,
SOCIAL MEDIA ADVERTISING ඉන් CORONA සීසන්🆙️

මම කතා කරන්නෙ Social media advertisers ලා... සහ එයාලගෙන් services එක ගන්න ඔයාල / Customers ලා... ගැන. මේක ගොඩක් වැදගත් වෙයි දෙගොල්ලන්ටම.

මම දැක්ක ගොඩක් SM Advertisers ලා pages ගොඩක් හදාගෙන Ads ගොඩක් හදාගෙන Customers ලට පේන්න Sponsored Ads හදලා... දාලා තියෙනවා...
මේ විදියට :

" බිසනස් බැහැලද 10X කින් සේල්ස් වැඩිකරගමු "
" Corona නිසා orders නැද්ද. Online orders ගමු "
" බිස්නස් එකට සේල්ස් ගන්න web එකක් හදාගමු "
මේ වගේ ගොඩක් තිබුනා...

Good job Advertisers🆙️ හේතුව :

▪️ඔයාල නියම time එකට market එකට බැහැල තියනවා.
▪️මිනිස්සු ගෙවල්වල.
▪️social media peek එක උපරිම තියෙන දවස්. ▪️Business කරන අයගෙ Business බැහැල තියෙන දවස්.
▪️views වැඩියෙන්ම ගන්න පුලුවන් දවස්.
▪️ඔයාලගෙ හැකියාවෙන් උපරිම වැඩ පෙන්නල. සල්ලි හොයන්න පුලුවන් time period එකක්.

හැබැයි advertisers ලා ගෙන් service එක ගන්න ඔයාලා / customers ලාට කවුරුත් කියන්නෙ නැති දේවල් ටිකක් කියන්න තියෙනවා.

ඇයි මම එහෙම කියන්නෙ? මොකද මම මුලින් Advertiser කෙනෙක්. මම සල්ලි හෙව්වා Advertising වලින්. Consultation කලා. Marketing Campaign කලා . Political Campaign කලා . ඊට පස්සෙ, මම හොයපු සල්ලි වලින් Business එකක් පටන් ගත්තා . මම දැන් මගේ business එක කරන්නෙ මම ඉගෙන ගත්තු දේවල් වලින්. මම දැන් Businessman කෙනෙක් .

මම දැන් වැඩ දෙකේම market එක හැසිරෙන්නෙ කොහොමද කියල දන්නවා.

මම දැන් කතා කරන්නෙ Businessman කෙනෙක් විදියට.🆙️

Corona නිසා මගේ Business එකේ සේල්ස් අඩුවුනා. එතකොට මම කරපු පලවෙනිම දේ තමයි, මම sponsor කරල තිබුන Ads ඔක්කම නවත්තපු එක.

▪️ඇයි මම එහෙම නැවැත්තුවේ?
▪️ඇයි අනිත් අය Advertising පටන් ගත්තෙ?

මම Ads නැවැත්තුවේ මට ලාබයක් නැතිවුන නිසා. Ads වලට වියදන් කරනව කියන එක ලේසි නෑ. මම කින්නෙ දවසට USD 1 ගානෙ ගහන ඒව නම් නෙවෙයි. ඊට වඩා ලොකු ලොකු එව්වා😊.

මගෙන් වැඩ කරගත්තු අය දන්නවා මම හදන content එකකට කොහොමද මිනිස්සු ඇදිල එන්නෙ කියල. ඉතින් corona කලේ Ads වලට තිබුන impressions,engagements බොහොම ඉහලයි. හැමෝම අහනවා items ගන්න. ඒත් මම ඒක නැවැත්තුවේ , හැමෝම ගන්න ඇහුවට අපේ stock එකෙන් out වෙන්නේ නෑ...ඒක තමයි මූලික හේතුව.
වැඩිදුර කියන්නෙ නෑ...

▪️සාරාංශය මේකයි🆙️

හැම business එකටම social media advertising හරියන්නෙ නෑ මේ time period එකේ.

Advertisers ලා බලන්නෙ ඔයාලගෙන් business එකට views අරන් දෙන්න.

මම කියපු කතාවේ දෙගොල්ලන්ටම වාසි වෙන අවාසි වෙන දේවල් ටිකක් කිව්වෙ. ඉඟි ටික හොයා ගන්න. වැඩිය කියන්න බෑ. දෙගොලොම කරන්න Business එකක් නේ.😉

හොඳට හිතල බැලුවොත් ගොඩක් දේවල් තේරෙයි. සල්ලි වියදන් නොකර සේල්ස් වැඩිකරගන්න විදි තියෙනවා... මොලේ ටිකක් වෙහෙසන්න.

Advertisers ලා views විතරක් අරන්දීල නිකන් බලන් ඉන්න එපා අපි වැඩේ කලා කියල. හොඳ service එකක් දෙන්න. සුපිරි content ටිකක් හදල දෙන්න. වෙනස් විදියකට හිතන්න. Instant msg කරල buyers ලාව අල්ලලා දෙන්න. Good luck.

Customers ලා / businessman ලා හොඳ Advertiser කෙනෙක්ව හොයා ගන්න. දැන් හැම තැනම වැහි වැහැල ඉන්නෙ. හොඳ advertising group එකක් හොයා ගන්න. කරල තියෙන projects ඉල්ලගෙන බලන්න. SS වලට රැවටිල සල්ලි නාස්ති කරගන්න එපා. Good luck😊.

- කිරුළ චමත්ක -
CEO Chamathkara Advertisers.
CEO Party Store.

23/07/2020

I had chance to speak 2 ,3 minutes with a Facebook Representative personally through whatsap few months back and got to know that there is nothing you can do with multiple reports.

සරලව කිව්වොත් මෙහෙමයි.

මාත් ඒ වෙනතුරු හිතාගෙන හිටියෙ ලොකු පිරිසක් මොනවහරි දෙයක් Report කරාම ඒකෙ Impact එකක් ඇති කියල.ඒත් ඒක පට්ට පල් බොරුවක්.

ඒ කියන්නෙ මොනවහරි දෙයකදි අපි යම්කිසි දේකට විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්න "කට්ටියම මේක Report කරන්න" කියල වගේ post එකක් දාන එක මෝඩ වැඩක්.

Facebook එකෙන් මේ Mass Reporting කියන දේ අයින් කරල තියෙන්නෙ.ඒ කියන්නෙ Reports 100ද, 1000ද,100,000ද කියල අදාල නෑ Report වෙන Content එක Community Guidelines වලින් පිට දෙයක් කරල නැත්තම් ඒක අයින් වෙන්නෙ නෑ.

ඒකට උදාහරණයක් විදිහට ඒ කෙනා කිව්වෙ අපි එහෙම Report 10ක් යැව්වම ඒකෙ impact එක වැඩිවෙන්න හදනව කියන්නෙ වැරැද්දකට බරක් දෙනව වගේනෙ කියල.ඒ කිව්වෙ වැරැද්දක් කරල Report 1ක් වැදුනොත් ඔන්න ඔහෙ තිබ්බට කමක් නෑ, 100ක් වැදුනොත් ලොකු වැරැද්දක් වගේනෙ කියල.

ඒක එහෙම නෑ. වැරැද්දක් වෙලා නම් හරියට දාන එක Report එක ඇති.

මේක කියන්න හිතුණෙ නිතරම මගෙ web site එකට inquiry එනව කට්ටිය ඉරිසියාවට අපේ Page එක Report කරල කියල.එහෙම දෙයක් නෑ කියල දැනගත්ත නම් ඇති ඉතින්

ඒ නිසා මීට පස්සෙ බැනුම් අහන Post දාල මිනිස්සු කෝප වුණාම Page එක හංගන් ඉන්න ඕනෙ නෑ. Report වෙනව කියල Sticker Comment ඉල්ලල පොඩි ළමයි වගේ හැසිරෙන්න ඕනෙත් නෑ..

-Sajeewa-

Beginner කෙනෙක් ෆේස්බුක් ඇඩ් එකකට බජට් එක calculate කරගන්නෙ මෙහෙමයි. මේක අදාල conversion event එක කෙලින් purchase දාල ඇඩ...
20/07/2020

Beginner කෙනෙක් ෆේස්බුක් ඇඩ් එකකට බජට් එක calculate කරගන්නෙ මෙහෙමයි. මේක අදාල conversion event එක කෙලින් purchase දාල ඇඩ් එක දානවනම්. ගන්න අදාල අයිටම් එකේ ප්‍රොෆිට් එක. උදාහරනයක් විදියට $20 කොස්ට් වෙන අයිටම් එකක් $40ට සෙල් කරනවා කියල හිතන්න. ප්‍රොෆිට් එක $20 (per item). අදාල purchase වලට ඇඩ් එක opimize වෙන්නනම් ෆේස්බුක් එකෙන්ම කියනවා සතියක් ඇතුලත minimum purchases 25k වගේ ඕන කියලා. පාඩුවක් නැතුව ලාබෙකුත් නැතුව යන්න පුලුවන් උපරිම බජට් එක තමා ඇඩ් එකක් ටෙස්ට් කරන්න හොදම. අපිට පාඩුවක් නොලබා යන්න පුලුවන් උපරිම cpp(cost per purchase) තමා $20. එතකොට අයිටම් 25කට 20*25 = $500යි. ගාන ගොඩක් වැඩියි තමයි. ඒත් ෆේස්බුක් ඇඩ් එහෙම තමයි. ඒ හැටි කරන්න දෙයක් නෑ. මේ මම කිව්වෙ optimal බජට් එක ගැන. Minimum බජට් එක අඩුම තරමෙන් මේකෙන් බාගයක්වත් වෙන්න ඕන. ඒ කියන්නෙ $250ක්. $250/7 = $35යි. ඒ කියන්නෙ $20ක් ප්‍රොෆිට් කරන අයිටම් එකක් නම් ඩේලි බජට් එක $35 දාල දවස් 7ක්වත් ඇඩ් එක රන් කරන්න ඕන ෆේස්බුක් ඇඩ් වලින් වැඩක් ගන්නනම්. පලවෙනි දවස් 3 ඉවර වෙද්දි cpp එක $20 හෝ ඊට අඩු නම් ඇඩ් එක continue කරන්න. නැත්තම් ප්‍රොඩක්ට් එකේ හෝ ඇඩ් එකේ හෝ අවුලක් තියෙනවා එහෙමනම් ඇඩ් එක කිල් කරල දාල වැරැද්ද හදන්න..$5, $10 ඇඩ් හොදයි ඉදල හිටලා එකපාරට එන සේල් එකකින් චූන් වෙන්න. Sustainable ඩ්‍රොප්ශිපින් බිස්නස් එකක් කරන්නනම් ලොකු ගානක් ඇඩ්වටයිසින් වලට වියදම් කරන්නම වෙනවා.ඒක ඔලුවෙ තියාගෙන ශොපිෆයි පටන් ගන්න.

Copied.

ගොඩක් අය අහනවනෙ දැන් ශොපිෆයි වල කාලෙ ඉවරද, සේල්ස් නැත්තෙ ඇයි වගේ කතා. ඩ්‍රොප්ශිපින් ප්‍රොෆිටබල් නැති සීන් එකක් නෙමේ තියෙ...
20/07/2020

ගොඩක් අය අහනවනෙ දැන් ශොපිෆයි වල කාලෙ ඉවරද, සේල්ස් නැත්තෙ ඇයි වගේ කතා. ඩ්‍රොප්ශිපින් ප්‍රොෆිටබල් නැති සීන් එකක් නෙමේ තියෙන්නෙ. මේකෙ ගොඩක් අය 5$ ෆේස්බුක් ඇඩ් දාල සේල්ස් බලාපොරොත්තු වෙන එක. කවුරුත් හරිහමන් ඇඩ් කැම්පේන් එකක්, pixel data gathering, analysis ගැන කතා කරන්නෙ නෑ.behaviour analysis ගැන කතා කරන්නෙ නෑ. ශොපිෆයි ඩ්‍රොප්ශිපින් කියන්නෙ එහෙම ලේසි දෙයක් නෙමේ මොකක් හරි ප්‍රොඩක්ට් ටිකක් දාල 5$ ඇඩ් එකක් ගහල ප්‍රොෆිට් ගන්න. හොද මාකටින් ප්ලෑන් එකක් එක්ක හොද බජට් එකක් තියෙන්න ඕනමයි.හරියට නිකන් රයිස් කඩයක් දාන්න හැමෝටම පුලුවන් හැබැයි ගාල්ලෙ රතු අයියා වගේ unique විදියට කස්ටමර් පේන් පොයින්ට් එකක් අල්ලලා රයිස් එක ලංකාවෙම මාකට් කරන්න බැරි උනානෙ කාටවත්. ස්ටෝ එකක් ලස්සන්ට හදලා ප්‍රොඩක්ට් දැම්මම ගොඩක් උන් දැන් නම් 90%ක් ඉවරයි සේල්ස් ගන්න තමයි දැන් තියෙන්නෙ කියලා. එහෙම හිතන්න එපා.ස්ටෝ එක දන්න වැඩකෑලි ඔක්කොම දැම්මත් වැඩක් නෑ කස්ටමර් ට හොද හේතුවක් හැදුවෙ නැත්තම් ඇයි මම මේ අයිටම් එක මේ ශොප් එකෙන් ගන්න ඕන කියලා. සයිට් එක හැදුව කියන්නෙ 20% යි ඉවර. ඉතුරු 80% ම මාකටින්, ඇඩ්ස්, ෆන්ඩ්ස් මැනේජ්මන්ට්, රිස්ක් මැනේජ්මන්ට්.

Copied.

Facebook කියන්නේ Social Media Platform එකක් උනාට Entrepreneur කෙනෙක් හරි, Businessman කෙනෙක් විදිහට හරි, එහෙමත් නැත්නම් ...
16/07/2020

Facebook කියන්නේ Social Media Platform එකක් උනාට Entrepreneur කෙනෙක් හරි, Businessman කෙනෙක් විදිහට හරි, එහෙමත් නැත්නම් ඉස්සරහට ලොකු ගමනක් යන්න හිතාගෙන ඉන්න කෙනෙක් හරි විදිහට Facebook පාවිච්චි කරනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ. දැන් හැමෝම වගේ මේක use කරන නිසා තමන්ව කොහේදි හරි introduce කරලා දෙන්න උනාම එහෙමත් නැත්නම් අලුත් කෙනෙක් එක්ක connect වෙන්න ඕනෙ උනාම තියෙන ලේසිම විදිහක් තමයි Facebook profile එක. ඒ වගේම අපි අදුරන්නෙ නැති කෙනෙක් ගැන විස්තරයක් හොයාගන්න ඕනෙ උනාමත් මුලින්ම search කරලා බලන තැන තමයි Facebook එක. දැනට නැති උනත් ඉස්සරහදි Facebook එකේ business පැත්තට තියෙන features තව ගොඩක් වැඩිවෙයි.

ඒක නිසා මම අර උඩ කියලා තියෙන කෙනෙක් විදිහට Facebook එක use කරනවනම් තමන්ගේ profile එක maintain කරනකොට බලන්න ඕනෙ දේවල් ගොඩක් තියෙනවා.

1. නම

කියවන්න ගියාම කට උළුක් වෙන අපබ්‍රංශ නම් දාගන්න එපා. තමන්ගේ ඇත්ත නම හරි විදිහට දාන්න. වෙන භාශාවක් කතාකරන රටක ඉන්නවනම් ඒ රටේ අය එක්ක නිතර වැඩ කරන්න වෙනවනම් එයාලගේ භාශාවෙන් නම දාන් එකත් අවුලක් නෑ. හැබැයි ජනිත් ජනිත්, උදාර උදාර, හ්ෆ් ර් හ්ඩ්න් වගේ නම් දාන්න එපා.

2. Profile picture එක

තමන්ව හොදට පේන decent photo එකක් දාන්න හැමවෙලේම. ගොඩක් උන්ගේ profile picture එක බලලා පාරෙදි හම්බුනාම අදුරගන්න බෑ. Event වලදි හම්බුන සමහර අය FB එකෙන් මැසේජ් එවලා අහනවා මතක නැද්ද කියලා. profile picture එකේ තියෙන්නෙ කෙහෙල් ගහක් හරි රෝසමලක් හරි, මයිත්‍රීපාලගෙ photo එකක් හරි. ඒ වෙලාවට අහන්න තියෙන්නේ දැකලා පුරුදුයි අල්ලපු වත්තෙ කෙසෙල් ගහ නේද කියලා තමයි. තමන් කැමති ප්‍රසිද්ධ කෙනෙක් එක්ක ඉන්න photo එකක් දැම්මට කමක් නෑ. හැබැයි ඒ කෙනා ගැන society එකේ තියෙන හොද නරක දෙකම තමන්ගේ පිටත් වැටෙනවා කියන එක මතක තියාගෙන දාන්න.

3. Posts

බූට් කෑවම අඩන්න, මල පැන්නම බනින්න වෝල් එක use කරන්න එපා. සමහර වෝල් මල ගෙවල් වගේ. උදේට දැක්කම මූසලයි. සමහර අයගේ වෝල් දෙරණ TV වගේ. තව අපි නොදන්න ලයිව් වගේ ඒවත් තියෙනවා. හැමවෙලේම තමන් ගැන තියෙන හොද impression එක වැඩි වෙන විදිහේ දේවල් පෝස්ට් කරන්න. දකින අයගේ හිතට සතුටක් දැනෙන මෝටිවේට් වෙන විදිහේ දේවල් පෝස්ට් කරන්න. political / ආගම් සම්බන්ධ දේවල් නොදාන තරමට හොදයි. චන්දේ දාන එකයි, ආගම් අදහන එකයි දෙකම ටොයිලට් යනවා වගේ පෞද්ගලිකව කරන්න ඕනෙ දෙයක්. නැත්තන් වෙන්නේ ඔය වැඩේ පාරක් අයිනේ කලා වගේ දෙයක් තමයි.

4. Engaging

තමන් කරන දේවල් වලට related අය එක්ක නිතරම connect වෙන්න, කුණු ගොඩවල් වලට ලයික් දානේ නැතුව, තමන් කරන්න ආසා, ඉගෙන ගන්න කැමති දේවල් වලට අදාල පේජ් ගෲප් වලට join වෙන්න, ආසා කරන චරිත follow කරන්න, Mia Khalifa උනත් කමක් නෑ. උදේට ඇහැරලා Facebook එක බැලුවම ඔලුව අවුල් වෙන්නෙ නැති, හිතට තරහක් එන්නෙ නැති විදිහේ දෙවල් වලින් වෝල් එක පිරිලා තියෙන විදිහට හදාගන්න.

Facebook කියන්නේ Linkedin වගේම හොදටම Personal Branding කරන්න පුලුවන් තැනක්. ඒක නිසා ඉස්සරහට ලොකු ගමනක් යන්න හිතාගෙන ඉන්නවනම් මේක හරි විදිහට පරිස්සමින් පාවිච්චි කරන්න. එහෙම කලොත් ඉස්සරහට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. Example එකක් ඕනෙනම් මගේ profile එක බලන්න.😅😅 තව ගොඩක් දේවල් තියෙනවා. හැබැයි පටන් ගන්න මේ ටික ඇති.

උ.ගැ

08/07/2020
රැවටෙන්න එපා. Youtube subscribe අරන්දෙනව කියන්නෙ බොරු වැඩක්. අරන් දෙනව නම් ඒ ඔක්කොම bots ලා. ඒ කිව්වේ fake accounts. ඒවය...
06/07/2020

රැවටෙන්න එපා. Youtube subscribe අරන්දෙනව කියන්නෙ බොරු වැඩක්. අරන් දෙනව නම් ඒ ඔක්කොම bots ලා. ඒ කිව්වේ fake accounts. ඒවයින් කිසිම view එකක් එන්නෙ නෑ. Channel එක ban වෙන්න තියෙන ඉඩත් වැඩියි. හොඳ content එකක් create කරන්න. ඒක viral කරන්න. එතකොට නිකන්ම sub එයි. නිකන් බොරුවට අමාරුවෙන් හම්බකරපු සල්ලි නාස්ති කරගන්න එපා.

Advertising කරන්න කැමති අය Inbox message කරන්න.
03/06/2020

Advertising කරන්න කැමති අය Inbox message කරන්න.

"මෙතෙක් උපයා ගත් ලොකම වත්කම සහ ධනය ඔබේ හදවතේ අපි කෙරෙහි තිබූ මනාපයයි.🥇"2019.9.1 වෙනිද පටන් ගත්තු "සහශ්ර" සිතිවිලි වල තේම...
09/05/2020

"මෙතෙක් උපයා ගත් ලොකම වත්කම සහ ධනය ඔබේ හදවතේ අපි කෙරෙහි තිබූ මනාපයයි.🥇"

2019.9.1 වෙනිද පටන් ගත්තු "සහශ්ර" සිතිවිලි වල තේමාව උනේ "බුද්ධිමතුන්ගේ සිතිවිලි නිම්නයේ අවසාන නැවතුම්පල" යන්නයි.

ඒ තේමාවට අර්ථවත් දෑ එකතු කරමින් මෙතෙක් දුර පැමිණි ගමන් මගේ එකම සාක්ශිකරු වන ඔබමෙතෙක් දුර අපිත් සමඟ සිටියාට හදවතින්ම ස්තූතියි.තවත් බොහෝ කලක් අපි සමඟම රැඳෙන්න මම ඔබට ආර්ධනා කරනවා....

වර්තමානයේ "නරක" සමාජගත කරන සාමාජ ජාලා පිටු අතර "මඩ ගොහුරක පිපි නෙලුම් මලක් සේ" ඔබේ ආකාල්ප වෙනස් කරන්නට අපි වෙහෙසුනේ ඔබ වෙනුවෙන් මිස අපි වෙනුවෙන් නොවෙයි මිත්රයා....

"හොඳ දේට මිනිස්සු ඇදෙනවා අඩුයි" කියන කියමන මම ඉහටත් උඩින් පිලිගනිමි.ඉතින් මේ උත්සාහය ඒ මතය වෙනස් කරන්නටයි.මෙතෙක් දුර පැමිණි ගමන් මගේ, ඔබෙන් මට ලැබුන සහය අනර්ගයි.ඉදිරියටත් ඔබේ උදව් බලාපොරොත්තු වෙමි.ඔබේ මිතුරන්වත් හොඳ දේට ඇදල ගන්න මිත්රයා.....

පරිස්සමෙන් ඉන්න.
බුදුසරණයි😊🙏

Dear all,My account got hacked few days back and I just got my account back. During last few days if anyone got any inap...
28/04/2020

Dear all,

My account got hacked few days back and I just got my account back. During last few days if anyone got any inappropriate texts I deeply apologize and for your own safety concerns it’s better if you updated your security details because there’s a huge phishing attack going on these days.

Thank you and stay safe ❤️

pages:ගොඩ දෙනෙක් අද fb page වලින් ආදායමක් ලබන නිසා මේ දේවල් ටිකත් වැදගත් වෙයි කියල හිතෙනව​.ඇත්තටම ගොඩ දෙනෙක්ට ව...
18/04/2020

pages:

ගොඩ දෙනෙක් අද fb page වලින් ආදායමක් ලබන නිසා මේ දේවල් ටිකත් වැදගත් වෙයි කියල හිතෙනව​.

ඇත්තටම ගොඩ දෙනෙක්ට වටිනාකමක් නැති උනත් අද ලෝකෙ ගොඩ දෙනෙක් ලොකු ආදායමක් ලබන ව්‍යාපාරයක් වෙලා තියෙනව මේ pages.

අපේ අයට මේ දේ ගැන නිසි අවබෝදයක් නෑ මට පේන විදිහට​. page වල දාන දේවල් සහ ආදායම උපයන විදිහෙන් පේන්නෙ කිසිම අදහසක් අවබෝදයක් වටිනාකමක් නෑ කියයි. (ලියන සියල්ලම මාගේ අදහස් මිස හරිම දේ නොවිය හැක​)

ඇත්තටම page එකකට like කරන හැමෝම අපේ පාරිබෝගිකයො, සේවාදායකයො වෙනව​, ඒ අයට උසස් විදිහෙ සැපයුමක් ලබා දෙන පුලුවන්නම් අපිට තව අපේ ව්‍යාපාරය ඉදිරියටම යන්න පුලුවන් වෙනව​. අපේ අය කරන්නෙ මොනව හරි කුනු ගොදක් market කරන එක ගොඩක් වෙලාවට​.

පලවෙනියටම ඔයාට දෙන්න පුලුවන් මොනාද බලන්න, නැත්නම් දැනට ඔයාගෙ page එකේ ඉන්න අයට ගොදක්ම උවමනා මොනාද බලන්න​.

උදාහරනයක් විදිහට මම දන්න කීප දෙනෙක්ට දෙවියන් පිලිබද pages තියෙනව​. මේවගෙ මොකක් දැම්මත් "Amen" "God Bless" වගේ දෙවල් දාන්නෙ. ඒ අයට ඔයාට දෙන්න පුලුවන් හොදම දෙය තමා ගැලවීමට දෙයක්. හරියට bless music එකක් දෙන්න පුලුවන් අහපුවහම හොද දෙයක් වෙනව කියල (හැබැයි දෙන music එක හිත නිවන එකක් වෙන්න ඕනෙ). මේ වගේ පිරිස​ නිතරම කාගෙ හරි පිහිටක් පතාගෙන ඉන්නෙ. ඉතින් එයාල දෙන music එක අහන්නෙ ලොකු විස්වාසෙකින්, එයාලට එ විස්වාසයත් එක්ක හිතට එන හයිය නිසා ඇත්තටම හොද දෙයක් වෙන්නෙ.

අන්න එහෙම අරමුනක් හදාගන්න දෙන්නෙ මොනාද කියල​. එතකොට ලෝකෙ වටෙ ඉන්න ඔයා දෙන දේ ඕන හැමෝම ඔයාගෙ page එකත් එක්ක එකතු වෙනව​.

ඔයාට, Article, Videos, වගේම Physical Product (Books, Toys, Cloths, ETC...) ඕනම දෙයක් page හරාහා මිනිස්සුන්ට දෙන්න පුලුව​. හරියට shopping mall එකක් වගේ. වෙනසකට වෙන්නෙ මේකට ලොකු building එකක් නෑ.

page එකක් කියන්නෙ වටින ව්‍යාපාරයක්. හදා ගන්න brand එකක් page එකෙන්. ඔයාගෙ ඉන්න සේවාදායකයට වටින දෙයක් දෙන්න​. හැම වෙලේම copy කර කර දාන්න යන්න එපා. හිතන්න, අලුත් දෙයක් කරන්න, මහන්සි වෙන්න​, කැප වෙන්න​.​. දියුනුව ගොඩක් දුර නෑ..

උපුටාගැනීම
#මදුශ්ක_දිසානායක

ෆේස්බුක් පිටු කලමණාකරනය සම්බන්ධව ඔබට ඇති ඕනෑම ගැටලුවක් සඳහා අමතන්න ☎️
06/04/2020

ෆේස්බුක් පිටු කලමණාකරනය සම්බන්ධව ඔබට ඇති ඕනෑම ගැටලුවක් සඳහා අමතන්න ☎️

If you have any questions about FB PAGE consultationContact me ☎️
20/02/2020

If you have any questions about FB PAGE consultation
Contact me ☎️

Address


Telephone

+94712205471

Website

Alerts

Be the first to know and let us send you an email when Chamathkara Advertisers in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chamathkara Advertisers in Sri Lanka:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share