E News Lanka

E News Lanka Latest News in Sri Lanka and around the world !

ONMAX DT අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදේශ ගමන් තහනම් කරයි...!අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමිඩාකාර මූල්‍ය වංචාවක් සිදු කළ බව...
29/03/2023

ONMAX DT අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදේශ ගමන් තහනම් කරයි...!

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමිඩාකාර මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන පෞද්ගලික (ONMAX DT) ආයතනයක අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (28) නියෝග කළේය.

ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස විදේශ ගමන් තහනම් කෙරුණේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාශාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික, ධනංජය ජයාන් යන අය වේ.

සැකකාර අධ්‍යක්ෂවරුන් සහ සමාගම සතු ගිණුම් 57ක් අත්හිටුවන ලෙස මහේස්ත්‍රාත්වරයා අදාළ බැංකු ප්‍රධානීන්ට නියෝග $ පනතේ 83 වගන්තිය, මුදල් විශුද්ධිකරණ වගන්තිය ප්‍රකාරව සැකකරුවන්ට චෝදනා ගොනු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලක් අනුව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

තෙල් සැපයුමට මොකද වෙන්නේ...? ඛනිජතෙල් සංස්ථාවේ ප්‍රකාශය මෙන්න..!සාමාන්‍ය පරිදි තෙල් සැපයුම සිදුකරමින් පවතින බව ලංකා ඛනිජ...
29/03/2023

තෙල් සැපයුමට මොකද වෙන්නේ...? ඛනිජතෙල් සංස්ථාවේ ප්‍රකාශය මෙන්න..!

සාමාන්‍ය පරිදි තෙල් සැපයුම සිදුකරමින් පවතින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සඳහන් කළේ ය.

තෙල් බවුසර් 50ක් පමණ කොලොන්නාව නිමාවෙන් පිටත් කර හැරීමට කටයුතු යොදා ඇති බව ඔහු පැවසීය.
උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

පොහොර ආරවුලක් දුරදිග යාමෙන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් ඝාතනය කරයි..!අද (27) උදෑසන තංගල්ල පොලිස් වසමේ වැලිආර. නෙතොල්පි...
27/03/2023

පොහොර ආරවුලක් දුරදිග යාමෙන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් ඝාතනය කරයි..!

අද (27) උදෑසන තංගල්ල පොලිස් වසමේ වැලිආර. නෙතොල්පිටිය ප්‍රදේශයේ දී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි ආර්.එම්. දීපිකා නැමති එම ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් වශයෙන් සේවය කළ විවාහක කාන්තාවක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

අදාල කාන්තාව පදිංචි ප්‍රදේශයේම සේවය කරන අතර අද නිවසේ සිට ක්ෂේත්‍ර රාජකාරි සඳහා යමින් සිටිය දී පෙර දින සිදුවු රාජකාරි ගැටලුවක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

වාර්තාකරු පැවසුවේ, පොහොර ඉල්ලා ඇති වූ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැන ගන්නට ලැබුණු බවයි.

ඝාතනය සම්බන්ධයෙන් 41 හැවිරිදි ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් 'ඩැනී බේබි' නමින් හඳුන්වන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ තංගල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය තංගල්ල රෝහලේ තැන්පත් කර තිබේ.

උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

හෙට පැය 10ක ජල කප්පාදුවක්..!හෙට (25) කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන ...
24/03/2023

හෙට පැය 10ක ජල කප්පාදුවක්..!

හෙට (25) කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ හෙට උදෑසන 11 සිට රාත්‍රී 9 දක්වා පැය 10ක කාලයක් ය.

ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලටත් මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගරසභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

IMF ණය ලැබීමෙන් පසු මෙරට පොලී අනුපාත පහළට..!ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ලැබුණු විස්තීර්ණ ණය පහසුකම හේතුවෙන් ඉදිරි...
24/03/2023

IMF ණය ලැබීමෙන් පසු මෙරට පොලී අනුපාත පහළට..!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ලැබුණු විස්තීර්ණ ණය පහසුකම හේතුවෙන් ඉදිරියේ දී මෙරට පොලී අනුපාත පහළ යෑමට හේතු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

මෙම ණය පහසුකම නොලැබුණේ නම් රජයට වැඩි පොලියට අරමුදල් සපයාගැනීමට සිදුවන බවත් තෙවන හෝ සිව්වන කාර්තුව වනවිට මෙරට උද්ධමනය තනි අගයකට ළගා කරගැනීමට හැකියාව පවතින බවත් ඒ මහතා පවසා ඇත.

උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News LankaE
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

තහනමට ලක්ව තිබූ භාණ්ඩ 101 ක් නැවත ගෙන ඒමට අවසර..!තහනමට ලක්වූ භාණ්ඩ වර්ග 101ක් යළි මෙරටට ගෙන ඒමට අවසර ලැබී තිබෙනවා.ඒ, ශ්‍...
23/03/2023

තහනමට ලක්ව තිබූ භාණ්ඩ 101 ක් නැවත ගෙන ඒමට අවසර..!

තහනමට ලක්වූ භාණ්ඩ වර්ග 101ක් යළි මෙරටට ගෙන ඒමට අවසර ලැබී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන තහනම ඉවත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කිරීමත් සමඟයි.

ඒ , අනුව ලුණු, විවිධ මස් වර්ග, තඹ, වෙනත් ලෝහ, කේක් වර්ග, ප්ලාස්ටික්, චීස්, රබර්, ගෘහ භාණ්ඩ, සබන් වර්ග, එළවළු, ඇතුළු භාණ්ඩ යළි ආනයනය කෙරෙනු ඇති.
උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

IMF මුල්‍ය සහන භාවිතය ගැන මහ බැංකු අධිපති ප්‍රකාශයක් කරයි...!බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින...
22/03/2023

IMF මුල්‍ය සහන භාවිතය ගැන මහ බැංකු අධිපති ප්‍රකාශයක් කරයි...!

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් සිය අදහස් දක්වා ඇත.

මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුල්‍ය සහන භාවිත කළ හැකිව තිබුණේ ගෙවුම් ශේෂ අර්බුද සමනය කරගැනීමට වුවත් මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ විශේෂත්වයක් ඇති බව ඔහු පවසා ඇත.

ඒ අනුව ලැබුණු මූල්‍ය පහසුකමේ අරමුදල් රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා ද භාවිත කිරීමට හැකියාව ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්..!මැතිවරණ කොමිෂන් සභාව දන්වන්නේ , පළාත් පාලන මැතිවරණය පැවැත්ව...
21/03/2023

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්..!

මැතිවරණ කොමිෂන් සභාව දන්වන්නේ , පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කිරීමට බලාපොරොත්තු වන බවයි. පවතින තත්ත්වය හමුවේ නියමිත දිනට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පවසයි .

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා සිදුකිරීමට නියමිත අතර මැතිවරණය අප්‍රේල් 25 වන දින පැවැත්වීමට දින නියම කර ඇති අතර තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබාදීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය විසින් දැනුම් දී ඇති බැවින් අදාළ දිනයන්වල මැතිවරණය පැවැත්වීම ගැටලු සහගත වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ , ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් ලබන 23 වන දින මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති අතර , එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.මේ අතර රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය පැවසූවේ , පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් සිදුකළ ඉල්ලීමට ලිඛිතව පිළිතුරු ලැබී ඇති බවයි. වැඩිදුරටත් ඇය සදහන් කළේ, අදාළ ඉල්ලීම් සියල්ල මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බවය.

පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන රජයේ මුද්‍රණාලය භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් අවස්ථා කිහිපයකදී ලිඛිතව ඉල්ලීම් සිදුකර තිබූ අතර අදාළ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් පසුගිය සිකුරාදා දිනයේ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැනුම් දී ඇත්තේ එම සියලු ඉල්ලීම් අනුමැතිය සඳහා මුදල් අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවය.මීට අමතරව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය සඳහන් කළේ , මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සිදුකරන අවස්ථාවේ අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව සූදානම් බවත් ඒ සඳහා මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට දින 03කට පෙර දැනුම් දෙන ලෙසත් පොලිස්පතිවරයා විසින් රජයේ මුද්‍රණාලය දැනුවත් කර ඇති බවයි.

උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

IMF ණය සම්මත වීමත් සමඟ ශ්‍රී ලංකාව බංකොලොත් ලැයිස්තුවෙන් ඉවතට..!ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 03 කට ආසන්න විස්තීරණ...
21/03/2023

IMF ණය සම්මත වීමත් සමඟ ශ්‍රී ලංකාව බංකොලොත් ලැයිස්තුවෙන් ඉවතට..!

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 03 කට ආසන්න විස්තීරණ අරමුදල් පහසුකමක් ලබාදීම සිය විධායක මණ්ඩලය අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

එම මූල්‍ය පහසුකමට මාස 48 ක කාල රාමුවක් අදාළ වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව පළමු ණය වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 333 ක මුදලක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා ගැනීමට හැකිවනු ඇති.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම හා මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම මෙම අරමුදල් පහසුකම මගින් හැකිවනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළා.

මෙම ණය පහසුකම අනුමත වීම මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශවික සංවිධාන මගින් අමෙරිකානු ඩොලර් බිලියන 7 ක් දක්වා මූල්‍ය පහුසකම් ලබාගැනීමේ අවස්ථාව සැලසෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළඹුණේ පසුගිය වසරේ සැප්තැම්බර් 01 වනදායි.

එතැන් සිට මෙරට ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ශවකරුවන් යාවත්කාලීන කිරීමට විනිවිදභාවයෙන් තොරතුරු බෙදා ගැනීමට මෙන්ම වාණිජ ණය හිමියන් සමග සම්බන්ධ වීම සඳහා නිල ණය හිමියන්ගේ රැස්වීම් පැවැත්වීමට රජය කටයුතු කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතියෙන් පසුව මෙම වැඩසටහන යටතේ පළමු වාරිකය ලබාදීම ඉදිරි දිනවලදී සිදුවනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අනුමැතිය හිමිවීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග සිදුකරන සියලුම සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමටත්, විචක්ෂණ මූල්‍ය කළමනාකරණය සහ ඉලක්ක ගත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් තුළින් තිරසාර මට්ටමක් ලගාකර ගැනීමටත් කැපවී සිටින බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා අයි එම් එෆ් වැඩසටහන ඉතා වැදගත් වන අතර එය ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බවට පත් කරමින් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපල තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම හිමිවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළා.

මෙරට වේලාවෙන් අද උදෑසන පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ නිලධාරීන්ගේ මාධ්‍ය හමුවේදී මෙම ණය වැඩසටහන පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අනාවරණ කෙරෙනු ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමතවීමත් සමග ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය අහෝසි වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම් නිසා රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව පාපන්දු තහනම් පැනවීමට එකඟ වේ!රටවල් 197 ක් අද දින ...
17/03/2023

ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම් නිසා රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව පාපන්දු තහනම් පැනවීමට එකඟ වේ!

රටවල් 197 ක් අද දින ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනම් පැනවීමට සහාය පලකරමින් ජන්දය ලබා දී ඇත. ලෝක පාපන්දු සම්මේලනයේ මහාසභා රැස්වීම රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි අගනුවරදී පැවැත්වූ අවස්ථාවේදී මෙසේ ශ්‍රී ලංකාවට එරෙහි තහනම සම්මත විය.

රටවල් 197 ක් එම තීරණයට එළඹුනේ, ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම,අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම , සාධාරණ නිලවරණය පැවැත්වීම සඳහා එකගවුනු නිලවරණමාර්ග සිතියම ඒක පාර්ශවිකව කඩ කිරීම වැනි කරුණු සලකා බලාය.

ලෝකයේ බොහෝ රටවල් ක්‍රීඩාව සඳහා තමන්ගේ නීති රීති, මානව හිමිකම් කටයුතු ආදිය බොහෝ දේවල් වෙනස් කරගෙන යන මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව ක්‍රීඩාවට අනුකූල නොවන නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කණගාටුදායක බව බොහෝ රටවල් සිය කනස්සල්ල පල කර ඇත.

IMF වැනි ජාත්‍යන්තර ආයතන යහපත් සහ ස්වාධීන පාලනය, මානව හිමිකම් ආරක්ශා කිරීම වැනි ප්‍රතිපත්ති බලාපොරොත්තු වෙන මෙවැනි වකවානුවේ, ක්‍රීඩාවේ ස්වාධීනත්වය දේශපාලන අරමුණ හරහා පවත්වාගෙන යාමට ශ්‍රීලංකව ගෙනයන උත්සාහය ලෝක ප්‍රජාව විසින් හෙලා දැක තිබෙනවා.

මෙම ජාත්‍යන්තර පාපන්දු තහනම නිසා ශ්‍රී ලංකාවට 2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ආසියානු කුසලාන තරග දකුණු ආසියානු කුසලාන තරග පවා අහිමිවී ඇත.

එසේ සිදු වුවහොත්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අවුරුදු 4 කට ලෝක කුසලාන තරඟ අහිමි වන අතර මීළඟ සුදුසුකම් ලැබීමේ තරග නැවත ලැබෙන්නේ 2027 වසරේදීය.

මීට අමතරව , රටවල් 211 සඳහා පරිත්‍යාග කිරීමට නියමිත ඩොලර් මිලියන ගනන් ලංකාවට අහිමි වී ඇත.මෙවර ලෝක පාපන්දු සම්මේලනයට වාර්තාගත ආදායමක් ලෙස ඩොලර් බිලියන 7.6 ලැබී තිබේ.
මේ සමඟ රටවල් වලට දීමට තිබෙන ආධාර 30% කින් වැඩි කිරීමට අද අනුමැතිය ලැබී තිබුණි. මෙම ආධාර ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේ රටවල් දෙකට අත්හිටුවා තිබේ.
උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණය සම්බන්ධයෙන් කළ ඉල්ලීමට මහ භාණ්ඩාගාරය ප්‍රතිචාර නොදක්වයි..!රජයේ මුද්‍රණාලය, මුදල් ප්‍රති...
16/03/2023

රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණය සම්බන්ධයෙන් කළ ඉල්ලීමට මහ භාණ්ඩාගාරය ප්‍රතිචාර නොදක්වයි..!

රජයේ මුද්‍රණාලය, මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවට මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට තීරණය කර තිබේ.

අද(16) දිනයේ අදාළ දැනුම්දීම ලිඛිතව සිදුකිරීමට බලාපොරොත්තු වන බව, රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයේ මුද්‍රණාලය මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබුණි. එහෙත් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රතිපාදන වෙන් කරමින් සිදුකර තිබු දැනුම්දීමට අනුව පෙරේදා දිනයේ ද ඊට අදාළ මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කළ බව මුද්‍රණාලාධිපතිනිය සඳහන් වැඩිදුරටත් සදහන් කළා.

පළාත් පාලන මැතිවරණයේ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 200ක මුදලක් අවශ්‍ය බව රජයේ මුද්‍රණාලාය දැනුම් දී ඇත.

මුදල් ප්‍රතිපාදන ලැබී දින 06ක් ඇතුළත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබාදීමට හැකි වන බවත් මාසයක් තුළ අනෙක් සියලු මුද්‍රණ කටයුතු සිදුකිරීමට හැකි බවත් දන්වමින් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිත දැනුම්දීමක් අද දිනයේ සිදුකරන බව ගංගානි කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

ඊයේ ආරම්භ වූ වැඩ වර්ජනය, පිරිසක් තාවකාලිකව අත්හිටවයි. - පිරිසක් අඛණ්ඩ වර්ජනයේ..!අද (16) සිට රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතු...
16/03/2023

ඊයේ ආරම්භ වූ වැඩ වර්ජනය, පිරිසක් තාවකාලිකව අත්හිටවයි. - පිරිසක් අඛණ්ඩ වර්ජනයේ..!

අද (16) සිට රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුලු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ආරම්භ කර තිබු වැඩ වර්ජන තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති පියවර ගෙන ඇත. ඊයේ (15) දිනයේ තෙල්, වරාය, සෞඛ්‍ය, පාසල්, බැංකු, තැපැල් ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති 40ක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

මේ හේතුවෙන් ඇතැම් ක්ෂේත්‍රයන්හි දෛනික කාර්යයන්වලට දැඩි බාධා එල්ල වීමත් සමග ජනතාව ද ඉන් පීඩාවට පත් වුණි. කෙසේවෙතත් අද දිනයේ සිට තාවකාලිකව එම වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබු වැඩවර්ජනය ද අද පෙරවරු 8.00 සිට තාවකාලිවක අත්හිටුවීමට පියවර ගන්නා බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

එමෙන්ම අද(16) සිට දුම්රිය ධාවන කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුකිරිමට බලාපොරොත්තු වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ආර්.යු.කොන්තසිංහ මහතා පැවසුවේය. එමෙන්ම ගුරු වෘත්තීය සමිති ද සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ද අද සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් තම සංගමයේ ඉල්ලීම්වලට සෑහිමට පත්විය හැකි විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි. එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පැවසුවේ ඊයේ රාත්‍රී රැස්වු එම සමිති සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේ දී එම තීරණය ගත් බවය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කලේ, ඊයේ පැවති වැඩ වර්ජනය හේතුවෙන් දළ ජාතික නිෂ්පාදනයට රුපියල් බිලියන 46ක් අහිමි වී ඇති බවය. වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇති වූ පාඩුව පියවා ගැනීම පහසු කටයුත්තක් නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියන්ත දුනුසිංහ මහතා සඳහන් කළේය.
උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

වයස අවුරුදු 19ක තරුණියක් බලෙන් ඔසවාගෙන ගොස් අතවර කළ පුද්ගලයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට..!වයස අවුරුදු 19ක තරුණියක් යතුරු පැදි...
15/03/2023

වයස අවුරුදු 19ක තරුණියක් බලෙන් ඔසවාගෙන ගොස් අතවර කළ පුද්ගලයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට..!

වයස අවුරුදු 19ක තරුණියක් යතුරු පැදියක නංවාගෙන රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණයට ලක් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර නගර සීමාවේ පදිංචි 22 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු බවයි පොලිසිය කියා සිටියා.

තරුණිය කුඩා කල පියා මියයාමෙන් අනතුරුව මව වෙනත් විවාහයක් සිදු කර ගෙන ඇති බවත් දිනක් මවගේ පහර කෑමට ලක්ව ශ්‍රවණාබාධයක් ඇතිවීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඉන් අනතුරුව ළමා නිවාසයකට ඇතුළත්ව ඇති බව පොලීසිය සඳහන් කළා.

අනතුරුව වයස 18 සම්පූර්ණ වීමෙන් පසු බදුල්ල ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණ, කුලී නිවසක සිට කෑම කඩයක සේවය කරමින් සිටින අතර වාරයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තමා යතුරු පැදියේ නංවාගෙන රැගෙන ගොස් බලහත් කාරයෙන් දූෂණයට ලක් කළ බව එම තරුණිය සිදු කළ ප්‍රකාශවල වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය කියයි.

සිද්ධියට මුහුණ පෑ තරුණිය මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතාගේ උපදෙස් මත ළමා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

මැතිවරණය ගැන මැ.කො. සභාපතිත් ගැටළුවක..!පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද නැද්ද යන්න තමන්ටද ගැටලුවක් බව මැතිවරණ කොමිෂන් සභා...
15/03/2023

මැතිවරණය ගැන මැ.කො. සභාපතිත් ගැටළුවක..!

පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද නැද්ද යන්න තමන්ටද ගැටලුවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.

මුදල් හා අදාල ආයතනවල සහාය නැතිව මැතිවරණයක් පැවැත්වීමට කොමිසමට තනිව හැකියාව නැතැයිද හෙතෙම පැවසීය.

මුදල් ලබා දීමේ වගකීම රජය සතු බවත් මුදල් ලබා දීම මත අනිත් කටයුතු සිදු කළ හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි. ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

මේ අතර මුදල් නොමැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බව මුද්‍රණාලය පවසන්නේ නම් කොමිසන් සභාව රැස්වී තැපැල් ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව ද සභාපති වරයා තවදුරටත් කියා සිටියි.

උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

අද කාලගුණ විස්තරය මෙන්න.!අද (13) නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය ...
13/03/2023

අද කාලගුණ විස්තරය මෙන්න.!

අද (13) නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි..

උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

රට පුරා වැඩ වර්ජන රැසක් අදින් ඇරඹේ..!අද (09) සිට, රජය හඳුන්වා දී ඇති නබ බදු ප්‍රතිපත්තිය ඇතුළු වත්මන් ක්‍රියාකලාපයට එරෙහ...
09/03/2023

රට පුරා වැඩ වර්ජන රැසක් අදින් ඇරඹේ..!

අද (09) සිට, රජය හඳුන්වා දී ඇති නබ බදු ප්‍රතිපත්තිය ඇතුළු වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර තිබේ.

එනම් මෙහි ආරම්භක පියවරක් ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සදහන් කරනවා.

මේ අතර, ලබන 13 වන දිනෙන් පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වර්ජන ක්‍රියාමාර්ග සඳහා සහාය පළ කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.

කෙසේවෙතත් වර්ජන ක්‍රියාමාර්ගවලට යොමුවීම තුළින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියන්ත දුනුසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ වෘත්තිය සමිති මෙන්ම රජය ද පවතින තත්ත්වය හමුවේ වගකීම් සහගතව කටයුතු කළ යුතු බවය.

උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

බස් ගාස්තු පහළට..?ලබන ජූලි මාසය වන විට හෝ ඊට පෙර ජනතාවට බස් ගාස්තු සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික් බස් රථ හිමියන්ග...
07/03/2023

බස් ගාස්තු පහළට..?

ලබන ජූලි මාසය වන විට හෝ ඊට පෙර ජනතාවට බස් ගාස්තු සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික් බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව පැවසීය.

උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

ශ්‍රී ලංකාවට බලපාන IMF නවතම තත්ත්වය මෙන්න..! මෙම වසරේ දී ගෝලීය උද්ධමන මට්ටම අඩු වන බවත් එළඹෙන වසරේ දී ගෝලීය ආර්ථිකය මන්ද...
03/03/2023

ශ්‍රී ලංකාවට බලපාන IMF නවතම තත්ත්වය මෙන්න..!

මෙම වසරේ දී ගෝලීය උද්ධමන මට්ටම අඩු වන බවත් එළඹෙන වසරේ දී ගෝලීය ආර්ථිකය මන්දගාමී වර්ධන මාවතකට අවතීර්ණ වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කරනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද නවත ම වාර්තාවේ දැක්වෙන්නේ 2022 වසරේ දී ඇස්තමේන්තුගත ගෝලීය ආර්ථික වර්ධනය වූ 3.4%, 2023 වසර වන විට 2.9% දක්වා පහත වැටෙන බවට පුරෝකථනය කරනවා.

නමුත් මෙම වසරවල දී ක්‍රියාත්මක වන පහතට විතැන් වූ ආර්ථික වර්ධනය එළඹෙන 2024 වසර වන විට සියයට 3.1 දක්වා වර්ධනයක් පෙන්නුම් කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම වාර්තාව දක්වනවා.

කෙසේ වෙතත් 2022 ඔක්තෝබරයේ දී ලෝක ආර්ථික දැක්ම (WEO) හි ආර්ථික වර්ධන ලක්ෂය ලෙස පුරෝකථනය වූ ලක්ෂමය අගයට වඩා 0.2ක අඩු අගයකින් 2023 වසරේ දී ගෝලීය ආර්ථිකය වර්ධනය වෙමින් පවතින බවයි මෙම වාර්තාව වැඩි දුරටත් දක්වන්නේ.

කොවිඩ් 19 වසංගතය ගෝලීය වසංගතයක් ලෙස පැතිර යාමත්, රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් ලෝක ආර්ථිකයේ ආහාර ඇතුළු සියලු ම අවශ්‍යතා සහ සේවාවල මිල ගණන්වලට කරන ලද බලපෑමත්, ඒ සමග ම ක්‍රියාත්මක වූ බැංකු පොලී අනුපාතික ඉහළ යාමේ ආර්ථික ප්‍රතිවිපාකයෙන් ගෝලීය ආර්ථිකය මිරිකී සිටින පසුබිමක මේ තරම් හෝ මට්ටමකින් ගෝලීය ආර්ථිකය ප්‍රකෘතිමත් වීම බලාපොරොත්තු වූ කාල රාමුවට මෙපිටින් සිදු වෙමින් පැවතීම යහපත් බලාපොරොත්තුවක් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම වාර්තාව සඳහන් කරන්නේ.

මෙවන් ආර්ථික වටපිටාවක් සමග ගෝලීය ආර්ථිකයේ අනාගත පුරෝකථනය තුළ ලොව ශක්තිමත් ආර්ථිකයන්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් නො කිරීම ද සුවිශේෂී තත්ත්වයක්.

අදාල වාර්තාවට අනුව ඔස්ට්‍රෙලියාව, නවසීලන්තය, ජපානය, හොංකොං රාජ්‍ය, දකුණු කොරියාව සහ සිංගප්පූරුව යන දියුණු ආර්ථිකවල ඉදිරි වසරේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී කැපී පෙනන ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන්නේ දකුණු කොරියානු ආර්ථිකය පමණයි.

එය මෙම වසරේ පුරෝකථනය කරන ලද ආර්ථික වර්ධන අගය වූ 1.7ක අගයේ සිට 2.6ක අගයක් දක්වා ලබන වසරේ දී සාපේක්ෂව 0.9ක අගයකින් ඉහළ යාමක්.

ඉහත සඳහන් කළ දියුණු ආර්ථිකයන් හි ඔස්ට්‍රෙලියාව සහ නවසීලන්ත ආර්ථිකය තුළ පමණක් ඉදිරි වසරේ දී 0.1ක සුළු වර්ධනයක් පෙන්නුම් කරන අතර ගෝලීය ආර්ථිකයේ ප්‍රබල පංගුකරුවෙක් වන ජපාන ආර්ථිකයේ වර්ධනය ද මේ වසරේ පුරෝකතනිත අගය වූ 1.8ට සාපේක්ෂව එළඹෙන වසරේ දී හරි අඩකින් පහළ යනු ඇති.

ඒ අනුව පුරෝකථනය කෙරෙන්නේ එළඹෙන වසරේ දී ජපානයේ ආර්ථිකයේ වර්ධන අගය 0.9ක් දක්වා පහළ යනු ඇති බවටයි.

මේ සියල්ල අතරේ මෙම දියුණු ආර්ථිකවල මේ වසරට සාපේක්ෂව සමස්ත වර්ධන වේගය පහත වැටී යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව පුරෝකථනය කරන අතර එය දැක්වෙන්නේ 1.7ක අගයක් ලෙසයි.

ඒ අදාල වාර්තාව මේ වසරේ දී පුරෝකතනය කළ 1.9ක් වූ අගයට වඩා 0.2ක අඩු වීමක්. අදාල වාර්තාව ගෝලීය වශයෙන් නැගී එන ආර්ථිකයන් පිළිබඳ සිය පුරෝකථනයන් ඉදිරිපත් කරන අතර මෙම වසරට සාපේක්ෂව එළබෙන වසරේ දී ලොව වේගවත් ම ආර්ථික වර්ධනයක් හිමි කරගන්නේ මොංගෝලියාව වන අතර එහි දෙවැනි තැන ශ්‍රී ලංකාවට හිමි වනවා.

එනම් මොංගෝලියාවේ මෙම වසරේ පුරෝකථනිත ආර්ථික වර්ධන වේගය ඒකක 5.0 සිට 7.0ක් දක්වා ලබන වසරේ දී ඉහළ යන අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය -3.0 සිට 1.5ක අගයක් දක්වා ඒකක 4.5කින් ඉහළ යනු ලබනවා.

එය මෙම වාර්තාවට අනුව සෘණ වර්ධනයක් පවතින ආර්ථිකයක් ධන අගයක් දක්වා වර්ධනය වීම පෙන්නුම් කරන එක ම අවස්ථාවයි.

මේ අතර ඉන්දියාව, ඉන්දුනීසියාව, ලාඕසය නේපාලය සහ වියට්නාමය වැනි රටවල් මේ වසරේ ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂ වර්ධනයක් පෙන්නුම් කරන අතර අදාල වාර්තාව අනුව එළඹෙන වසරේ දී ලොව දෙවන විශාලත ම ආර්ථිකය වන චීනයේ ආර්ථික වර්ධනය අඩාල වන බව පෙන්නුම් කරනවා.

එනම් මේ වසරේ චීනයේ පුරෝකථනිත ආර්ථික වර්ධන අගය වූ 5.2ක අගයේ සිට 4.5ක අගයක් දක්වා ඒකක 0.7කින් අඩු වීමයි.

තව ද ඉන්දියාවේ ආර්ථික වර්ධනය මේ වසරේ දී දැක්වෙන ඒකක 6.1 සිට එළඹෙන වසර වන විට 6.7ක් දක්වා වර්ධනය වීම ද අසල්වැසි ආර්ථිකය මෙන් ම කලාපීය බලවතා ලෙස ශ්‍රී ලංකාව සහ කලාපීය රටවලට ඉතා වැදගත් තත්ත්වයක්.

සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්වල ආර්ථික වර්ධනයන් වෙන් වෙන් වශයෙන් ඉහත පරිදි වුවත් අදාල වාර්තාව අනුව මෙම වසරේ දී සමස්තයක් වශයෙන් දියුණුවෙමින් පවතින ආර්ථිකවල පුරෝකථනිත ආර්ථික වර්ධන අගය 5.3ක අගයේ සිට 5.2ක අගයක් දක්වා 0.1කින් පහළ යනු ඇති.

මේ අතර අදාල වාර්තාව අනුව පැසිෆික් කලාපයේ ආර්ථිකයන්වල ද එළඹෙන වසරේ දී වර්ධනයක් පෙන්නුම් නොකෙරෙන අතර මෙම වසරේ දැක්වෙන අගයට වඩා 0.5කින් ආර්ථික වර්ධනය අඩාල වී යනු ඇති.

මේ ආකාරයේ ආර්ථික ප්‍රතිවිපාක එළඹෙන වසර තුළ දී සිදු වෙතැයි අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදාල වාර්තාව එළි දක්වමින් පවසන්නේ, ගෝලීය ආර්ථිකයේ වර්තමාන අවධිය තුළ ආහාර සහ බලශක්ති මිල ඉහළ යාමෙන් වඩාත් පීඩාවට පත් වූවන් කෙරෙහි මූල්‍ය සහාය සැපයීම ඉලක්ක කළ යුතු බවයි.

මේ අතර පුළුල් මූල්‍ය සහන පියවර ඉවත් කළ යුතු බවට පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදාල වාර්තාව වැඩි දුරටත් දක්වා සිටින්නේ, නීති මත පදනම් වූ බහුපාර්ශ්වික පද්ධතියෙන් ලැබෙන වාසි ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම වඩා වැදගත් බවයි.

එසේ ම ගෝලීය ආර්ථිකයේ ඉදිරි තිරසර පැවැත්ම සඳහා විමෝචන ක්‍රියාවලීන් සීමා කිරීම සහ හරිත ආයෝජන ඉහළ නැංවීම මගින් දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ශක්තිමත් බහුපාර්ශ්වික සහයෝගීතාවයක් ගොඩ නගා ගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ මෙම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.
උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

නොමිලේ ඉන්ධන ලබා ගැනීමට ජනතාවට ටෝකන් පතක්..!කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනත...
02/03/2023

නොමිලේ ඉන්ධන ලබා ගැනීමට ජනතාවට ටෝකන් පතක්..!

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාව සඳහා නොමිලයේ ලබා දීමට පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය වහාම ගොවි ජනතාව වෙත බෙදාහරින්නැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ යටතේ මෙවර මාස් කන්නයේ අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට නොමිලයේ ඉන්ධන ලබාදීමට කටයුතු කරනු ඇත. ඒ අනුව හෙක්ටෙයාර් 01ක් සඳහා ඩීසල් ලීටර් 15ක් බැගින් ලබා දීමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමේදී සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධව,සාකච්ඡාවක් කැඳවා තිබුණු අතර එම සාකච්ඡාවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරින් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය, හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ද සහභාගි වුණා .

මෙම සාකච්ඡාවේ දී ගන්නා ලද තීරණ අනුව අදාළ ඉන්ධන තොගය බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ සිට ඇරඹීමටත්, ඊට අදාළ ටෝකන් පත් සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාවට නිකුත් කිරීම කඩිනම් කිරීමටත් තීරණය වුණ බවයි සඳහන් වන්නේ .

එම ටෝකන්පත්වලට අදාළ ඉන්ධන ප්‍රමාණයන් නම් කර ඇති ඉන්ධනහල් වෙතින් ගොවීන්ට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සපයනු ලබනවා. ගොවි ජනතාව වෙත නොමිලයේ නිකුත් කරන ඉන්ධන ලබා ගැනීමේ දී යම් ගැටලුවක් මතුවුවහොත් වහාම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත හෝ සහකාර ගොවිජන සංවර්ධන කොමසාරිස්වරුන්ට දැනුම් දෙන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

මෙම ඉන්ධන තොග බෙදාහැරීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 99ක මුදලක් වැය වන අතර එම මුදල් ප්‍රමාණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් මෙහිදී සඳහන් කළා

උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවිය මරණයට පත් වූයේ ඖෂධ මාත්‍රාව වැරදීමකින්ද?පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජින...
02/03/2023

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවිය මරණයට පත් වූයේ ඖෂධ මාත්‍රාව වැරදීමකින්ද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි, රිදීගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අබේවර්ධන මුදලිගේ දොන් විද්‍යානි මදුමාලිකා ද සිල්වා නැමැති සිසුවිය විශ්වවිද්‍යාලයේ මළලසේකර නේවාසිකාගාරය සිහිසුන් ගතියකින් සිටිය දී පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මරණයට පත්ව තිබුණි.

ඇය කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ ආදි සිසුවියකි. ඇය කලක සිට මානසික ආතතියකින් පෙළී ඇති අතර ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇත බවද පැවැසේ.

සිහිසුන්ව සිටි සිසුවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිහිය ලැබීමෙන් පසුව මානසික ආතතිය සඳහා ලබාදුන් ඖෂධ මාත්‍රාව ප්‍රමාණය ඉක්මවා ගත් බව පවසා ඇති බව වාර්තා වනවා.

නැවත අසාධ්‍ය තත්ත්වයට පත් ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරව මරණයට පත්ව ඇත.

ඇය මරණයට පත්ව ඇත්තේ රෝගී තත්ත්වය සඳහා ගන්නා ලද ඖෂධ මාත්‍රාව වැරදීමකින් ප්‍රමාණය ඉක්මවා ගත් නිසාද නැත්නම් සියදිවි හානිකර ගැනීමට සඳහා සිතාමතාම ගත් නිසාද යන්න සෙයා බැලීම සඳහා පොලිස් පරීක්ෂණ සිදුකෙරන බව සදහන් වනවා.

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විජිත විජේකෝන් මහතාගේ අධීක්ෂණය මත සිද්ධිය පිළිඳව පොලිස් පරික්ෂණ පේරාදෙණිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.

උණුසුම් පුවත් එසැනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීමට අපේ Facebook පිටුව follow කරන්න E News Lanka
විස්වාසය තහවුරු කළ නවතම පුවත් ලබා ගැනීමට e News ලංකා,අප WhatsApp හා Telegram සමූහය හා එක් වන්න පහත Link එකට යන්න.
WhatsApp https://chat.whatsapp.com/FP1ihXBCHlCL3f1d1VRAHF
Telegram https://t.me/+UFLu3dth52FhN2Vl

Address


Telephone

+94710781420

Website

Alerts

Be the first to know and let us send you an email when E News Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E News Lanka:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share