Travel With YASH

  • Home
  • Travel With YASH

Travel With YASH 🕊️ keep Smiling & Travelling 🕊️

31/12/2023

මාතලේ රිවර්ස්ටන් Vlog 🕊️💚🍀

31/12/2023

මාතලේ අහස යට සීතල නිවාඩුවක්... 😇♥️🌧️
🕊️Travel With Yash 🕊️

හිස් වෙච්ච හිත අස්සේහිස්තැන් සොයා...බැරිවෙයිද පුරවන්න....සෙනෙහස ලියා....මං ආස හීනයක...ලඟටම වෙලා...පුළුවන්ද ළඟ ඉන්න...හැර...
09/10/2023

හිස් වෙච්ච හිත අස්සේ
හිස්තැන් සොයා...
බැරිවෙයිද පුරවන්න....
සෙනෙහස ලියා....

මං ආස හීනයක...
ලඟටම වෙලා...
පුළුවන්ද ළඟ ඉන්න...
හැරදා නොයා..

හිත නිවන සැනසීම නුඹමයි කියා...
මං කොහොම පවසන්නේ...
නෑ දන්නේ මා....

සිනහවට ලස්සනම හේතුව ඔයා..
සිහිනයක නුඹ එක්ක මං තනිවෙලා...

ප්‍රේමයක කවි අකුරු සිතුවිලි පුරා..
මං නුඹව හංගන්නේ ප්‍රේමය ලියා....

නුඹ අහසේ හැඩකාර සඳවත තමා...
නුඹ ළඟම නුඹ නොදුටු තරුමලකි මා....

නුඹට මගේ ආදරේ නොකියා කියා....
මම මගේ හදවතේ නුඹ හැංගුවා....❤️

🦋 Y A S H 🦋

09/10/2023

ආදරයට ආදරය කරන
මිනිසුන්....
දිනෙක.... ජීවිතයේ......
එක මග හමුවිය යුතුමය....

ඔවුන්ගේ අසීමිත ප්‍රේමයේ...
අවකාශය තුළ....
ඔවුන්ව දිනෙක මුණගැස්විය
යුතුමය....

ඔවුන් එක්ව එකිනෙකා
හා ප්‍රේමයේ ජීවිතය...
විඳගත යුතුමය.....♥️

🦋 Y A S H 🦋

ජීවිතේ ඇතුලේ දුක සතුට දෙක අතරමැද්දේ ලස්සන පුංචි  අවකාෂයක් තියෙනවා... අන්න එතන හරියටම හොයාගන්න පුළුවන් වුණ දවසට ඔයා ඇත්තට...
09/10/2023

ජීවිතේ ඇතුලේ දුක සතුට දෙක අතරමැද්දේ ලස්සන පුංචි අවකාෂයක් තියෙනවා... අන්න එතන හරියටම හොයාගන්න පුළුවන් වුණ දවසට ඔයා ඇත්තටම ලස්සනට ජීවත් වෙන්න පටන් ගනියි....

🦋 Y A S H 🦋

දුර ඈතක අතීතයෙන් සුළඟක මුහු වී...සසර සැරූ  මතකය හිත පුරාම විඳිමි....භවයෙන් භවයට යලි යලි හමුව අහිමි වී...ඒ සුළගෙම මා පාවී...
03/10/2023

දුර ඈතක අතීතයෙන් සුළඟක මුහු වී...
සසර සැරූ මතකය හිත පුරාම විඳිමි....
භවයෙන් භවයට යලි යලි හමුව අහිමි වී...
ඒ සුළගෙම මා පාවී ඈතක යාවී....

හදවත යට ඉපිද මියෙන සිතුවිලි අතරේ...
දුර ඈතක අතීතයයි බොඳවී තිබුණේ....
සංසාරයෙ අතරමංව තනි වුණ විටදී...
කඳුලක දියවී වැටුණා මතකය මිහිරි....

නන්නාදුන සිතුවිලි යට සිරවී ගොළුවී....
මට මාවත් හඳුනන්නට බැරි වූ විටදී...
දන්නා හඳුනන ලෙස හැම භවයෙම ඉපදී...
පෙන්නා දුන් ජීවිතයයි මතකයේ තිබුනේ....

දහස්වරක් ඉපදී හිත මියයන විටදී...
මේ අයුරින් තෙමුනා ඇස් භවයම සිහිවී...
තවත් වරක් ඒ සුළගේ පාවී පාවී....
මතකය මා අරගෙන දුර ඈතක යාවී....

🦋YASH🦋

30/09/2023

සැඟවූ අසිපත් හෝ නිධන් කළ ධනය රත්‍රන්, මුතු මැණික් පලඳනා සියල්ලෙහි අගය ශුන්‍ය බව පවසමි.... කිසිවක් ඔහුට සමකළ නොහැක....මට අවශ්‍ය සියලු මතක වසර 2064 ක්‌ මගේ හදවත තුළ ආත්මය තුළ සුරක්ෂිතව තිබේ......ඉතිහාසය යළි ලියවිය යුතුය...නමුදු.... එහි...හිස්තැන් නොතිබිය යුතුය...

Upcoming Book 📖

🦋 Y A S H 🦋

උතුම්වූ රුවන්වැලි මහා. සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා.....🙏☸️    #රුවන්වැලිමහාසෑය
29/09/2023

උතුම්වූ රුවන්වැලි මහා. සෑරදුන්ට මාගේ නමස්කාරය වේවා.....🙏☸️
#රුවන්වැලිමහාසෑය

27/09/2023

Reigned (42 BC - 47 BC )......................................

කාලයක් තිස්සේ හදවත
කෙනෙක්ව හෙව්වා...

සංසාරේ පුරාම මං තනියම
මගේම ආත්මේ ඇතුලේ
අතරමං වෙවී..
ඒ රූපේ හොයන්න ඇති...

පරණ මතකයක්...
හරි ලස්සන මතකයක්...
ඒ ආදරේ හරි පරණයි..

අවුරුදු 2064 ක්‌ පරණයි..

මට මාව මතකයි...
ඔයාට ඔයාව අමතකයි..

මට ඔයාව මතකයි...
ඔයාට මාව අමතකයි...

සමහරවිට ඉක්මනටම...

ඔයාට ඔයාව මතක් වෙයි..
ඔයාට මාව මතක් වෙයි...

ඉතින්...
අපි ළඟදිම මුණගැහෙමු..

එදා මුණගැහුන.....
ඒ ආදරේ අහස යටම...

🦋 Y A S H 🦋

Keep Watering Yourself With Good  Thoughts..One day Your Life Will Bloom With Your Soul..🍀🌹🦋 Y A S H 🦋
27/09/2023

Keep Watering Yourself With Good Thoughts..
One day Your Life Will Bloom With Your Soul..🍀🌹

🦋 Y A S H 🦋

හැමෝගෙම ලස්සන ප්‍රාර්ථනාවන් හැබෑ වෙන ලස්සන දවසක් වේවා.....😇💖🍀🕊️🌻🦋 Y A S H 🦋
27/09/2023

හැමෝගෙම ලස්සන ප්‍රාර්ථනාවන් හැබෑ වෙන ලස්සන දවසක් වේවා.....😇💖🍀🕊️🌻

🦋 Y A S H 🦋

රුවන්වැලි මහා සෑය සිහිපත් කරලා ප්‍රර්ථනා කරපු ප්‍රාර්ථනාවක් අද ආයෙමත් හැබෑ වුණා...කාලෙක ඉඳන් මට දුකක් දැනෙන හැම මොහොතකම....
26/09/2023

රුවන්වැලි මහා සෑය සිහිපත් කරලා ප්‍රර්ථනා කරපු ප්‍රාර්ථනාවක් අද ආයෙමත් හැබෑ වුණා...

කාලෙක ඉඳන් මට දුකක් දැනෙන හැම මොහොතකම... ජීවිතේට හොඳ දේවල් ලැබෙන්න කියලා ඉල්ලන හැම මොහොතකම මං හරි ආසාවෙන් විශ්වයෙන් ඒ දේවල් ඉල්ලනවා...

එහෙම හොඳ දේවල් හුඟක් මගේ ජීවිතේ මට ලැබිලා තියෙනවා.....මං හුඟක් දුකෙන් ඉන්න දවස්වලට මැරෙන්න තරම් හිතට වද දෙන හිත් රිදීම් තියෙන දවස්වලට...අහස දිහා ඔහේ බලන් ඉද්දි අහම්බෙන් ඇස් වලට පේන මානෙ දුරින් එකපාරටම පෙනිලා අතුරුදහන් වෙන ලස්සන දේවතා එළි දකින වෙලාවල් අනන්ත තියෙනවා....

සමහර දවසට දේවතා එළි දකින්න ඕනේ නිසාම මං මහ පාන්දර ඇහැරිලා අහස බලන වෙලාවල් ඕනේ තරම් තියෙනවා..

එහෙම දේවතා එළි දැක්කට පස්සේ රෑට ගොඩක් වෙලාවට මට මහ සෑය හීනෙන් පේනවා....

ඒ වෙලාවට හිතින් ඉල්ලන හැමදෙයක්ම මගේ ජීවිතේට හැමදාම ලැබිලා තියෙනවා....

හැම මනුස්සයෙක්ගෙම ලස්සන ප්‍රාර්ථනා හැබෑ වෙලා.. සතුටින් ජීවිතේ ගත කරන්න ලැබෙන්න ඕනේ... 😇🤍🙏

😇🌼🙏💫💖🕊️🦋🍀

🦋 Y A S H 🦋

සමහර වෙලාවට මිනිස්සු ඔයාට අකමැති...ඔයා නරක කෙනෙක් නිසා නෙවෙයි... ඔයා හොඳ වැඩි නිසා... මිනිස්සු ඔයාගේ විදිය දැක්කම ඔයා ජී...
26/09/2023

සමහර වෙලාවට මිනිස්සු ඔයාට අකමැති...
ඔයා නරක කෙනෙක් නිසා නෙවෙයි... ඔයා හොඳ වැඩි නිසා... මිනිස්සු ඔයාගේ විදිය දැක්කම ඔයා ජීවත් වෙන විදිය දැක්කම... ඔයා ලස්සනට හිනාවෙනවා දැක්කම...ඔයාගේ සාර්ථකත්වය දැක්කම....එයාලව ඔයා එක්ක සසඳගන්න බැරි වුණාමත් මිනිස්සු ඔයාට අකමැති වෙනවා....ඉතින් කිසිම කෙනෙක් ඔයා එක්ක නැති වුණත් දුක් වෙන්න එපා....ඔයා ඔයාගේ ජීවිතේ ඇතුලේ ඔයාගේ විදියට ජීවත් වෙන එක නවත්තන්න එපා..

🦋 Y A S H 🦋

"ආදරේ කියන්නේ...දෙන්න පුළුවන් දෙයක් විතරයි..." 💖🌹🕊️🦋 Y A S H 🦋
26/09/2023

"ආදරේ කියන්නේ...
දෙන්න පුළුවන් දෙයක් විතරයි..." 💖🌹🕊️

🦋 Y A S H 🦋

සබඳ...මගේ කවියේ..මා නොසොයා...ඔබ සොයන්න...එවිට ඔබට හැකිවෙයි..ඔබේ හදවත විනිවිද දකින්න... 🤍🦋 Y A S H 🦋
26/09/2023

සබඳ...මගේ කවියේ..
මා නොසොයා...ඔබ සොයන්න...
එවිට ඔබට හැකිවෙයි..
ඔබේ හදවත විනිවිද දකින්න... 🤍

🦋 Y A S H 🦋

" මම මට ආදරෙයි " 💖ඔබ ඔබේ ආත්මයට හදවතින්ම ප්‍රේම කිරීමට පටන්ගත් පළමු මොහොතේ පටන්..... ඔබ වටා ඇති සියල්ලම යහපත් හා සුන්දර ...
26/09/2023

" මම මට ආදරෙයි " 💖

ඔබ ඔබේ ආත්මයට හදවතින්ම ප්‍රේම කිරීමට පටන්ගත් පළමු මොහොතේ පටන්..... ඔබ වටා ඇති සියල්ලම යහපත් හා සුන්දර වන්නට පටන් ගනු ඇත....

පළමුව ඔබ ඔබටම
ආදරය කිරීමට පටන් ගන්න....

😇🦋🌹🕊️🍀🌻

🦋 Y A S H 🦋

මා ඔබට ප්‍රේම කල පමණින් ඔබ මට පෙරලා ප්‍රේම කල යුතු නැත...ඔබ දකිනා ප්‍රේමය මා දන්නා ප්‍රේමයට වඩා වෙනස් විය හැකිය....මා දන...
25/09/2023

මා ඔබට ප්‍රේම කල පමණින් ඔබ මට පෙරලා ප්‍රේම කල යුතු නැත...

ඔබ දකිනා ප්‍රේමය මා දන්නා ප්‍රේමයට වඩා වෙනස් විය හැකිය....

මා දන්නා ප්‍රේමය තුළ අයිතිකරගැනීම් අත්පත් කරගැනීම් රහිත නිදහස් අවකාශයක්‌ තිබේ...

ප්‍රේමය යනු කුමක්දැයි වටහා ගත් මිනිසුන්...
ආත්මීය වශයෙන් ආත්මයට ප්‍රේම කරනු මිසක අනෙකාගේ ආත්මය අත් පත් කරගැනීමට වෙර නොදරයි...

අත්පත් කරගැනීම තුළ ප්‍රේමයක්‌ නොදකිමි...
මා නුඹව නිදහස් අවකාශයක් තුළ නිදහසේ විඳිමි.....

🦋 Y A S H 🦋

“As the night gets dark, let your worries fade. Sleep peacefully knowing you’ve done all you can do for the day.”🕊️🦋🌹🌻🌷🪻...
25/09/2023

“As the night gets dark, let your worries fade. Sleep peacefully knowing you’ve done all you can do for the day.”

🕊️🦋🌹🌻🌷🪻🦋🍀🌸🏵️🌺🌻🪽

🦋 Y A S H 🦋

ප්‍රේමය සහ තේ කෝප්පය 💖☕️..........................................................." ආදරයට බිය වීම ජීවිතයට බිය වීමයි...ජ...
25/09/2023

ප්‍රේමය සහ තේ කෝප්පය 💖☕️...........................................................
" ආදරයට බිය වීම ජීවිතයට බිය වීමයි...
ජීවිතයට බිය වන්නන් තුන් කාලක්ම මිය ගොසිනි....⚰️............................................................

ප්‍රේමය වනාහි උණුසුම්
තේ කෝප්පයක් වැනිය...☕️

මිය ගිය තුන්කාලක්‌ම උණුසුම්ව රසවත්ව සාදාගත් තේ කෝප්පය ලහි ලහියේ උණුවෙන් බොන්නට ගොස් කට පුච්චාගෙන තිබේ......

තේ පානය කිරීම වනාහිද
ප්‍රේමය සේම රසවත් කලාවකි...

නමුත් ඔබ තේ පානය සඳහා තෝරාගන්නා පුද්ගලයාද කලාව මනා සේ දැන ගත යුතුය..

තේ කෝප්පයක රස සියුම්ව සැහැල්ලුව විඳ ගන්නට හුරු වූ තුන්කාලෙන් ඉතිරි කාලක කොටස තවමත් ජීවතුන් අතරය.....😃😁☕️

🦋 Y A S H 🦋

මනසත් අහසත් එකම කවියක දකිමි...අනන්තය තවත් එක් සිතුවිල්ලක් පමණි.. 🕊️🤍🦋 Y A S H 🦋
25/09/2023

මනසත් අහසත් එකම කවියක දකිමි...
අනන්තය තවත් එක් සිතුවිල්ලක් පමණි.. 🕊️🤍

🦋 Y A S H 🦋

නිහඬ තැන් ලස්සනයි....ලස්සන තැන් නිහඬයි....☁️🌳🌼☘️🌹🌿🌻🍀😇🥰🦋 Y A S H 🦋
25/09/2023

නිහඬ තැන් ලස්සනයි....
ලස්සන තැන් නිහඬයි....

☁️🌳🌼☘️🌹🌿🌻🍀😇🥰

🦋 Y A S H 🦋

25/09/2023

මාතලේ පැත්තේ නිවාඩුවක්ද....?? 😃
නතර වෙන්න ලස්සන තැනක් හොයනවද...
ඔන්න ලස්සනම ලස්සන සුන්දර වටපිටාවක් එක්ක මාතලෙන් නිවාඩුවට නතර වෙන්න ලස්සන තැනක්.....💖
👇🫶👌
Hilltop Retreat Mathale...
(0761 268 690 )

Finally I destroyed Dark Memories of Toxic Peoples Who Poisoned My beautiful Life Chapters....It's Taken long Time, But ...
25/09/2023

Finally I destroyed Dark Memories of Toxic Peoples Who Poisoned My beautiful Life Chapters....

It's Taken long Time, But also I learned Lot.. They aren't Die in Vain...They are my Morbid Mosaics..I arranged their Corps to my underland cemetery of Dark Memories..I buried them eternally and closed the Door.. 😌

Finally I Felt Comfy...

🦋 Y A S H 🦋

🌻🌼🌸🌹🏵️🌸🌺🌷🪻🌼🌹🌻🌷🪻🌹🌼🌻🌺කළුවර අහස යට....තනියම සිහිනයක....සැනසුම සොයා හදවත..හඬනා විටෙක...මොහොතක් නතර වී...මනසින් දකින විට...රන...
25/09/2023

🌻🌼🌸🌹🏵️🌸🌺🌷🪻🌼🌹🌻🌷🪻🌹🌼🌻🌺

කළුවර අහස යට....
තනියම සිහිනයක....

සැනසුම සොයා හදවත..
හඬනා විටෙක...

මොහොතක් නතර වී...
මනසින් දකින විට...

රන්වන් සෑය දිලුණා.....
හඳ මඩල යට....

😇🙏

🦋 Y A S H 🦋

🤔🤫🙄🤐😏😬🤨😔😌😵‍💫😵😧😦😞😡😩😤THE LIFE CIRCLE ⭕️ WITH TOXIC PEOPLES 🤮.................................................................
25/09/2023

🤔🤫🙄🤐😏😬🤨😔😌😵‍💫😵😧😦😞😡😩😤

THE LIFE CIRCLE ⭕️ WITH TOXIC PEOPLES 🤮.......................................................................

මගේ මේ ජීවිතේ ජීවත්වුණ අව්රුදු ගානටම පුංචි කාලේ ඉඳන්...නෑදෑයෝ,යාළුවො, ළඟම යාලුවෝ, හොඳම යාලුවෝ, හිතවත් අය, දන්න අඳුරන මිනිස්සු ලගම අය ආදරේ කරපු අය කියලා විවිධ මිනිස්සු ජීවිතේ ලොකු රවුමක් ඇතුලේ මාත් හරි ආදරෙන් තියන් හිටියා( Life Circle)...

කිසිම කෙනෙක්ට ඒ circle එකට එන්න එපා කියලා මං limits දැම්මේ නෑ..හැබැයි ඒ හැම මනුස්සයෙක්ටම මං ආදරණීයව මනුස්සකමින් සලකල තියෙනවා..😇මොකද මිනිස්සු තෝරලා බේරලා ආශ්‍රය කරන්න පුරුද්දක් මට තිබුණේ නෑ....ඉතින් ඒක ලොකු circle එකක්...

ඒත් කාලයක් යද්දි උන් ඔක්කොම Life Circle එකේ Live Cercus (සර්කස් 🤣) පෙන්නලා අතුරුදහන් වෙලා කියලා මට හිතෙන්න ගත්තේ අව්රුද්දෙන් අව්රුද්ද කාලයත් එක්ක ටික ටික ආපහු හැරිලා බලද්දී life Circle එක ටික ටික හිස් වෙද්දි...

ඉතින් හිස් අඩු පාඩු වැහෙන්න ඕනේ නිසා මං ඒක හිස් වෙන සැරයක් සැරයක් ගානේ ඒක පුංචියට මනසින් අඳින්න පටන් ගත්තා...කියන්න සතුටුයි දැන් ඒක හරි පුංචි Circle එකක් වෙලා.... මායි මගේ පවුලේ අයයි හැරුනාම ඒක ඇතුලේ දැන් ඉඩ තියෙන්නෙ තවත් පුංචි එක ඉඩක් විතරයි.. තාමත් මට මුණ ගැහුනේ නැති ආදරණීය මනුස්සයෙක්ට විතරයි..

එහෙම තව කාලයක් යද්දි ඒ හිස්තැනටත් කව්රුත් ආවේ නැති උනොත්.. Circle එක තවත් ටිකක් පුංචි වෙනව...මොකද වෙනස් නොවෙන ආදරයක්‌ හොයාගන්න එක අමාරු වැඩක් නිසා...කොහොමහරි ඔය කිව්ව circle එක ඇතුලේ අන්තිමට මට විතරක් ඉඩ ඇති වෙන තරමට පුංචි වෙන දවසකුත් එනවා කියලා මං දන්නවා...

අපි හිතන් හිටියට අපි එක්ක මහා හුඟක් සේනාව ඉන්නවා කියලා අනේ මට නම් ඕනේ වෙලාවක පණ වුණත් දෙන්න මිනිස්සු ඉන්නවා කියලා.. ඒක නිකන් හිස් හිතළුවක් විතරයි...එහෙම අය නෑ.. මිනිස්සු ජීවිතේට එනවා යනවා... ඒක තමයි ජීවිතේ හැටි....කොහොම උනත් මහා ලොකු සේනාවක් එක්ක සර්කස් සංදර්ශන කරනවට වඩා... පුංචි ඉඩක් ඇතුලේ විඳින ජීවිතේ නිදහස්..

විශ සහිත මිනිස්සු ජීවිතෙන් අයින් වුණාට පස්සේ... ජීවිතේ සරුවට වැඩෙනවා....

" තනියම.... 💖🌳 "

" Silent Moments"
From upcoming Book
🦋Y A S H 🦋
Yashodya Mawadavilage
🕊️🌹🌼🤍🍀🌻🥰💛

Address


Telephone

+94703379053

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With YASH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share