WhiteMail.lk

WhiteMail.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WhiteMail.lk, Media/News Company, .
(1)

01/04/2020
Thx
11/01/2020

Thx

දැන් දඩ කොලයක්...
08/01/2020

දැන් දඩ කොලයක්...

ශ්‍රි ලංකා නෙට්බෝල් සංගමය සංවිධානය කරන පුහණුකරැවන් ශේ්‍ු්‍ණිගත කිරිමට අදාල ප්‍රයෝගික සැසි පහත පරිදි සංවිධානය වේ.ජනවාරි 4...
06/01/2020

ශ්‍රි ලංකා නෙට්බෝල් සංගමය සංවිධානය කරන පුහණුකරැවන් ශේ්‍ු්‍ණිගත කිරිමට අදාල ප්‍රයෝගික සැසි පහත පරිදි සංවිධානය වේ.

ජනවාරි 4
*කොළඹ හෙන්ද්‍ර පේදිරිස් ක්‍රිඩා පිටිය-කොළඹ මධයස්ථානය
*⁣ගාල්ල කොටුව අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රිඩා පිටිය(ගාල්ල,මාතර,හම්බන්තොට )
*කිරිබත්ගොඩ විහාර මහා දේවි විදුහලේදි (ශ්‍රි ලංකා පාසල් නෙට්බෝල් පුහුනුකරැවන් සදහා)
*දිගන පලාත් ක්‍රිඩා පිටියේදි(මහනුවර ,නුවර එළිය,මාතලේ)

ජනවාරි 5
*කුරැණැගල ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය -කුරැනැගල පුහුනුකරැවන් සදහා
බදුල්ල පාපන්දු ක්‍රිඩා පිටියේද -බදුල්ල පුහුනුකරැවන් සදහා
*ජනවාරි 11
මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -මොනරාගල පුහුනුකරැවන් සදහා
*ජනවාරි 18
නගර සභා ක්‍රිඩාංගනය-අනුරාධපුර

ඉහත පුවත පලකර දෙන මෙන් කාරැණිකව ඉල්ලමි.

 #ඩයලොග්  #ජාතික   #දැල්පන්දු  #කිරුළ හැටන් නැෂනල් බැංකුවේ තැන්පත් කෙරේ.    **************** ශ්‍රී ලංකා  #දැල්පන්දු  #සම...
16/12/2019

#ඩයලොග් #ජාතික #දැල්පන්දු #කිරුළ හැටන් නැෂනල් බැංකුවේ තැන්පත් කෙරේ. ****************
ශ්‍රී ලංකා #දැල්පන්දු #සම්මේලනය මහනුවර නගර සභා සහ දිගන ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ථ කීඩාංගණයන්හීදී පසුගිය දා පවත්වන ලද 2019 ඩයලොග් ජාතික දැල්පන්දු තරගාවලියේ සමස්ථ ශූරතාව දිනාගන්නට දර්ශිකා අබේවික්‍රම ගේ නායකත්වයෙන් තරග වැදුණු හැටන් නැෂනල් බැංකුව සමත් වූවාය .

එම අවසන් තරගයේ දී තවත් ප්‍රබල කණ්ඩායමක් වූ ශ්‍රී ලංකා නාවික හමුදා පිල පරාජයට පත්වූයේ ලකුණු 61-48ක් ලෙසිනි.

මේ අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා කුරුණෑගල දිස්ත්‍රික් පිල අතර පැවති තරගයෙන් ලකුණු 34-33 ක් ලෙස කුරුණෑගල පිල ජය ලැබුවේ අවසන් මොහොත දක්වාම පැවති උණුසුම රැදී තිබියදීය .

එසේ වුවත් මෙම තරගාවලියට සහභාගි වූ කුරුණෑගල දිස්ත්‍රික් පිල සකස් වී තිබුණේ ශුද්ධ වූ පව්ලේ බාලිකා පාසලේ අවුරුදු 19 පහළ ක්‍රීඩිකාවන්ගෙන් බැවින් එම ජයග්‍රහණය ව්ශේෂත්වයක් ඉසිලීය .

මෙවර කණ්ඩායම්23ක් ඉදිරිපත්ව ව තිබූ අතර ඉන් කණ්ඩායම්10 ක් මහනුවරදී ද කණ්ඩායම් 13 ක් දිගනදී ද මූලික වටයේ තරග සදහා සහභාගි වූහ

දෙවැනි දිනයේ දිගනදී පවත්වනු ලැබූ පලමු අවසන් පූර්ව තරගයෙන් වරාය අධිකාරිය ලකුණු ලකුණු 49-27 ක් ලෙස හැටන් නැෂනල් බැංකුව වෙතින්ද දෙවැනි අවසන් පූර්ව තරගයේදී කුරුණෑගල දිස්ත්‍රික් පිල ලකුණු 44-18 ක් ලෙස නාවික හමුදාව වෙතින් ද පරාජය වූහ

තරගාවලිය් හොදම විදින්නිය ලෙස හැටන් නැෂනල් බැංකුවේ දර්ශිකා අබේවික්‍රමද, හොදම රකින්නිය ලෙස කුරුණෑගල පිලේ සෙත්මි ධනෝෂාද මැදපෙළ ක්‍රීඩිකාව ලෙස නවික හමුදා පිලේ දුලංගි වන්නිතිලකද සම්මාන ලැබූ අතර දැල්පන්දු රැජන ලෙස සම්මන දිනාගත්තේ හැටන් නැෂනල් බැංකුවේ ගයාංජලී අමරවංශ ය.

සීවලී එදිරිවීර
ඒ.එස්.ආර්.කුමරේෂා

නිළියක් නෙවෙයි,රටේ නම බබලපු තරුවක්
13/12/2019

නිළියක් නෙවෙයි,රටේ නම බබලපු තරුවක්

13/12/2019

හෙට රෑ අපේ Nîsâl Sàthsârã මල්ලි Derana Dream Star, Final 40 round එකේ sing කරනවා. මචන් අපි හෙට රෑ 9: 30 ඉඳන් DS එකේ එකමුතු බව පෙන්නමු. නිසල් මල්ලි උඹට ජයෙන් ජය ....!!!

 #අනුරාධපුරේට  #වැස්ස  #නිසා  #ඩයලොග්  #ජාතික  #නෙට්බෝල්  #ශුරතාවය  #මහනුවරට ගෙන යයි..ශ්‍රි ලංකා නෙට්බෝල් සම්මේලනය ඩයලොග...
13/12/2019

#අනුරාධපුරේට #වැස්ස #නිසා #ඩයලොග් #ජාතික #නෙට්බෝල් #ශුරතාවය #මහනුවරට ගෙන යයි..
ශ්‍රි ලංකා නෙට්බෝල් සම්මේලනය ඩයලොග් සමාගමේ අනුග්‍රහය ඇතිව පවත් වනු ලබන නෙට්බෝල් ජාතික ශූරතාවය #දෙසැම්බර් මස #14 හා #15 දෙදින අනුරාධපුරයේ පැවැත් විමට නියමිතව තිබුනද අයහපත් කාලගුණ තත්වයන් හේතුවෙන් එම තරගාවලිය මහනුවර කේනද්‍ර කර ගනිමින් පැවැත් වේ.
එහිදි තරගාවලිය, දිගන ගෘහස්ථ ක්‍රිඩාගාරයේ හා මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රිඩාගාරයේ ඉහත දිනයන්හි පැවැත් වේ.
තරගාවලියේ අවසන් තරගය හා සමාප්ති උළෙල දිගන ගෘහස්ථ ක්‍රිඩාගාරයේ දි පැවැත් විමට නියමිතය.
තරගාවලියේ මෙවර සංවිධාන දායකත්වය මහනුවර, නුවරඑළිය,මාතලේ දිස්ත්‍රික් නෙට්බෝල් සංගම් විසින් දරනු ලබයි.

සීවලී එදිරිවීර
ඡායාරූප: ඒ.එස්.ආර්.කුමරේෂා

ඩයලොග් ජාතික  දැල්පන්දු තරගාවලිය හෙට මහනුවරදී ඇරඹේ ......            **************** ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය 2019...
13/12/2019

ඩයලොග් ජාතික දැල්පන්දු තරගාවලිය හෙට මහනුවරදී ඇරඹේ ...... **************** ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය 2019 වසර වෙනුවෙන් සංවිධානය කරන ඩයලොග් ජාතික දැල්පන්දු තරගාවලියේ හෙට (14) හා (15) යන දිනයන්හි මහනුවර නගර සභා සහ දිගන ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙයි . මෙම තරගාවලිය මුලදී අනුරාධපුර පැවැත්වීමට සැලසුම් කර තිබුනද අයහපත් කාළගුණය හේතුවෙන් මෙම වෙනස සිදුකරනු ලැබීය . මෙම ජාතික තරගාවලියට කණ්ඩායම් 32 ක් ඉදිරිපත්ව ඇති අතර එම කණ්ඩයම් මූලික වටයේදී තරග වදින්නේ කාණ්ඩ අටකිනි. ඒ අනුව පළමු දිනයේ ඒ, බී, සී,හා ඩී කාණ්ඩයන්ට අයත් තරග නගර සභා ක්‍රීඩාංගණයේදී ද ඉතිරි කාණ්ඩ හතරේ තරග දිහන ක්‍රීඩාංගණයේදී ද පැවැත්වෙයි ඉරිදා අවසන් පූර්ව තරග, අවසන් තරගය හා තෙවන ස්ථානය සදහා තරගයද පවත්වනු ලබන්නේ දිගන ක්‍රීඩාංගණයේදීය කණ්ඩායම් කාණ්ඩ ගතකර ඇති අයුරු ; ------;---- ඒ= වරාය අධ්කාරිය, කලුතර, මාතලේ ඒ,ගාල්ල. බී= කීප්ෆිට්,මාතලේ බී, බස්නාහිර පළාත , අනුරාධපුර . සී= සේලාන් බැංකුව, නුවරඑළිය , මන්නාරම, පොලොන්නරුව. ඩී= නාවික හමුදාව, කිලිනොච්චිය , මොණරාගල , සරසවි පිල . ඊ = කෑගල්ල , කුරුණෑගල ඒ, මහවැලි , කුරුණෑගල බී. එෆ්= ප්ලේග්‍රවුන්ඩ්, මහනුවර ඒ, ජාතික තරුණ සභාව,යාපනය . ජී= ගුවන් හමුදාව , පාසල් පිල, බදුල්ල , නිදහස් වෙළඳ කලාපය . එච්= එච්.එන්.බී, පුත්තලම , මහනුවර බී, ගම්පහ .

සීවලී එදිරිවීර
ඡායාරූප: ඒ.එස්.ආර්.කුමරේෂා

Address


Alerts

Be the first to know and let us send you an email when WhiteMail.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share