Fake News

Fake News Are there any Fake News in Fb please put the note to this page
අසත්‍ය ප්‍රචා

✈️  2️⃣0️⃣2️⃣4️⃣ වර්ෂයේ ඔබේ කොරියානු රැකියා සිහිනය සැබෑ කර ගන්න✈️🇰🇷🇰🇷කොරියානු භාෂාව මුල සිට සරලව විතරක් නෙවෙයි තේරෙන විද...
08/05/2023

✈️ 2️⃣0️⃣2️⃣4️⃣ වර්ෂයේ ඔබේ කොරියානු රැකියා සිහිනය සැබෑ කර ගන්න✈️

🇰🇷🇰🇷කොරියානු භාෂාව මුල සිට සරලව විතරක් නෙවෙයි තේරෙන විදිහට ඉගෙන ගන්න 🎯

වයස අවු. 18 ට වැඩි අවු.39ට අඩු ඕනිම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන් .... 👩🏻‍🦳🧔🏻‍♂

එන්න අපිත් එක්ක එකතු වෙලා ඔබේ සිහින දේශය තරණය කරන්න🤝

🙀
📍රාත්‍රි පන්ති
📍පාඩම් PDF
📍Grammer tute
📍Words tute
📍දේශන රෙකෝඩ්
📍විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
මෙහෙයවීම -
*මදූ නන්දසිරි*👩‍🎓
( කොරියානු භාෂා විශේෂවේදී උපාධිධාරීනි - කැලණිය විශ්වවිද්‍යාල)

වැඩි විස්තර දැනගන්න කතා කරන්න
🪀 0718839507
📞 0701542439
📧 [email protected]

30/08/2022

Do you feel the difference?
#හොරුඅල්ලමු #පන්නමු

08/05/2022

...Fake News...
අගමැති තුමා ජය ශ්‍රී මහා බෝදිය වන්දනාවෙන් පසු බෝධියේ දකුණු ශාඛාව අතුරුදහන් ලෙස පලවෙන ප්‍රවෘත්තිය අසත්‍යකි

ඔබ කොච්චර ලොකු පත්තෑයෝ දැකලා තියෙනවා ද?වර්තමානයේ එක එක fake photoes photoshop edit කරලා දානවා මේ ඉන්නේ  1967 වියට්නාමෙදී...
26/07/2021

ඔබ කොච්චර ලොකු පත්තෑයෝ දැකලා තියෙනවා ද?
වර්තමානයේ එක එක fake photoes photoshop edit කරලා දානවා මේ ඉන්නේ 1967 වියට්නාමෙදී ඇමරිකන් සොල්දාදුවෙක් අරන් තියෙන ඇත්ත ෆොටෝ එකක් ඒත් මේ ෆොටෝ එකේ ඉන්න පත්තෑයා කෝට්ටකින් කැමරාවට ලංකරල අරන් තියෙන්නේ. කෝට්ට පත්තෑයගේ ඇඟෙන් වැහිල යන විදියට මේක අරන් තියෙන්නේ. ඉතිං ඇත්තටම පත්තෑයා සාමාන්‍ය ගාන... ඒ කාලේදිත් මේ වගේ ව්‍යාජ පරාවර්තන දෙන්න මිනිස්සු දක්ෂයි..

A United States soldier holds up a jungle centipede during the Vietnam war, 1967 (The picture is real, but the centipede isn’t as large as it appears. This is an example of forced perspective, a type of optical illusion that makes objects appear larger or smaller due to their proximity to the camera and the other objects in frame)

හිට්ලර් ගෙ යටතේ හිටපු ජෝසප් ගොබෙල්ස් කියන්නෙ Goebbels's principle of propaganda කියන සරලව මිනිස්සු මුලාකිරීමේ මූලධර්ම හඳ...
31/05/2021

හිට්ලර් ගෙ යටතේ හිටපු ජෝසප් ගොබෙල්ස් කියන්නෙ Goebbels's principle of propaganda කියන සරලව මිනිස්සු මුලාකිරීමේ මූලධර්ම හඳුන්වා දුන් පුද්ගලයා .

" බොරුවක් නිතර නිතර විවිධ ක්‍රම වලට කීමෙන් මිනිස්සුන් එය ඇත්තක් ලෙස විශ්වාස කරයි " මේක තමයි ඒ මූලධර්ම වල සාරාංශය.

දැං ඔයාල දන්නව නේද අර අඟහරු වලට යන කෙල්ල ?
අර ආයෙ නොඑන්ඩම යන්නෙ ?
එහෙ ජනාවාස හදන්ඩ යන කෙනා ?
දන්නව නේ... ?

ආ එහෙම එකක් නෑ ඈ...

Fact 1.
Allyssa Carson ට වයස 20 යි. ඉපදුනේ 2001 දි. තාම එයා නාසා ආයතනය ට බැඳිල තියා apply කරලවත් නෑ.

Fact 2.

එයා ගැන මේ viral යන fake news එක ලංකාවට මේ අද ඊයෙ ආවට ඕක Viral උනේ 2018 දි. ඒ කාලෙ නාසා එකෙන් officially ප්‍රකාශයක් කලා allyssa නාසා එකට කිසි සම්බන්ධයක් නෑ කියල

https://www.snopes.com/fact-check/17-year-old-astronaut-training/

Wikipedia වෙබ් අඩවිය තුල Allyssa නාසා ආයතනයට කිසිම සම්බන්දයක් නැති බව අඩංගු වන කරුණ,

" නාසා ආයතනය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ සංවිධානයට “ඇලිස්සා කාර්සන් සමඟ නිල සම්බන්ධතාවයක් නොමැති” බවත්, “කාර්සන් මහත්මිය සිය වෙබ් අඩවියේ නම සහ ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් හසුරුවමින්“ නාසා ”භාවිතා කළත්, අපි කිසිසේත් අනුබද්ධ නොවන බවත්ය. "

Link - https://en.m.wikipedia.org/wiki/Alyssa_Carson

Fact 3.

නාසා එකෙන් අඟහරු වලට යන්න හිතන් ඉන්නෙ 2033 දි.

Fact 4

මේ නිල් ඇදුමක් ඇඳන් ඉන්නෙ නාසා එකෙන් තිබ්බ space camp එකක දි. ඕක අභ්‍යවකාශ ඈදුමක් නෙවෙයි . අඟහරු වලට යවද්දි අඳින ඇඳුම තාම design කරනව.

Fact 5

Allyssa කියන්නෙ Nasa එකට යන්ඩ පොඩිකාලෙ ඉඳන්ම ආසාවෙන් වැඩ කරන සහ සුදුසුකම් එක එක ඉහලින්ම සම්පූර්ණ කරගෙන යන first class candidate කෙනෙක්. ඒනිසයි මේ කතා viral උනේ..

Fact 6.

ගොඩක් මේක share කරන්නෙ එයා ලස්සන නිසා මිස අඟහරු නෙවෙයි තලෙයිමන්නාරමෙ ගියත් ඒක අදාල නැති අය.

😛😛😛😛😛😛😛😛

- උපුටා පළ කිරීම අශේන් සුනේද්‍රගේ වෝල් එකේ තිබූ බවට වෙනත් පේජ් එකක පලවූ පුවතක් මුල් post එක සොයාගැනීමට නොහැකි නිසා මෙය මෙහි පල කලා-

නව ක්‍රීඩකයන් සමන්විත ක්‍රිකට් කණ්ඩායම තරග පරාජයෙන් පසුව කුසල් ජනිත් ප්‍රකාශ කලා යැයි සදහන් වන ව්‍යාජ post පලවුණා ක්‍රික...
27/05/2021

නව ක්‍රීඩකයන් සමන්විත ක්‍රිකට් කණ්ඩායම තරග පරාජයෙන් පසුව කුසල් ජනිත් ප්‍රකාශ කලා යැයි සදහන් වන ව්‍යාජ post පලවුණා
ක්‍රිකට් වලට ආදරේ ඉත්තෑවන් ඉන්න ඔක්කොම ඔවුන්ට සහයක් ලෙස ව්‍යාජ ප්‍රවෘත්තිය ගැනත් ප්‍රචාරයක් දී සහය වෙමු

අනාගතේ ජය පතමු

වැඩි විස්තර සදහ fact checker ආයතනයේ සටහන බලන්න

https://srilanka.factcrescendo.com/2021/05/27/pre-tournament-talk-by-kusal-janith-shared-in-a-misleading-way/

09/01/2021
මේ දිනවල ප්‍රචාරය වන අසත්‍ය ප්‍රචාරයන්ගෙන් එකක් මේක. හැමෝම ආයෙත් නිවැරදි දේ සමාජගත කරමු.. පොඩ්ඩක් විනෝදයක් ගත්තට අවුලක් ...
13/12/2020

මේ දිනවල ප්‍රචාරය වන අසත්‍ය ප්‍රචාරයන්ගෙන් එකක් මේක. හැමෝම ආයෙත් නිවැරදි දේ සමාජගත කරමු.. පොඩ්ඩක් විනෝදයක් ගත්තට අවුලක් නෑ..

අතුරු මිතුරු දඹදිව තුරු තමයි.

ඒ කවියෙන් කියවෙන්නේ ඉන්දීය සම්භවයක් තිබූ අරිට්ඨ කී වෙන්ඩු (රාජ කපුරු හෙට්ටියා) විසින් රාජ බලතල ලබා ගැනීම උදෙසා රාජසිංහ රජතුමාගේ ඇවෑමෙන් පසු ඔහුගේ පවුලේ කෙනෙකු වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීම සහ ඒනිසා ඔහු මහබිසවගේ සමච්චලයට ලක්වීම. අපිට ජනප්‍රවාද හෝ ඉතිහාසය විකෘති කල නොහැකියි.

"අනේ රාජ කපුරු හෙට්ටියෝ, අලුතින් ඔය මනමාලි ගේන්න ලෑස්ති වුණාට වැඩක් නෑ, උඹට රජ පවුලෙන් කසාදයක් කරගන්න නම් කල්පාන්තරයක් (කළු කපුටා සුදු වෙනකන් - මෝල් ගහේ දළු දානකන්) බලාගෙන ඉන්න වෙයි" කියලායි ඔය කියන්නේ.

උ.ගැ.
තවත් fakenews ගැන දැනුවත් වීමට මෙය like කරන්න.

මෙම ගනන් හිලව් බොහෝ කලක සිට සංසරනය වෙනවා දුටුනිසා අසත්‍ය ප්‍රචාර ගැන දැනුවත් කිරීම් සදහා යොදාගැනීමට හිතුණා..දේසපාලකයා ලග...
25/11/2020

මෙම ගනන් හිලව් බොහෝ කලක සිට සංසරනය වෙනවා දුටුනිසා අසත්‍ය ප්‍රචාර ගැන දැනුවත් කිරීම් සදහා යොදාගැනීමට හිතුණා..

දේසපාලකයා ලග තිබෙන අයතා ඉපැයීම් බොහෝ දුරට මෙලෙස ගනන් හිලව් වශයෙන් ප්‍රචාරය කල නොහැක.. බොහෝ විට ඔවුන්ගේ කළු සල්ලි පවතින්නේ. තම මිතුරන් ගේ ව්‍යාපාර, නෑදෑ සහ සගයන්ගේ වත්කම් ලෙසයි එම නිසා මෙලෙස ගනන් හිලව් සමග ප්‍රචාරයන් ගෙනියන්නේ එම සොරකම් ඉපයීම් නොමග යවීම සදහායි..

මතකද කාලයක් කෝටි ගානක් දෙන්නම් VOC තියෙන රැජිනත් ඉන්න කාසි හෙව්වා..ඒකේ කතාව මම මෙහෙම කියන්නම්VOC සහ රැජින ඉන්නයි කාසි නෑ...
18/10/2020

මතකද කාලයක් කෝටි ගානක් දෙන්නම් VOC තියෙන රැජිනත් ඉන්න කාසි හෙව්වා..

ඒකේ කතාව මම මෙහෙම කියන්නම්

VOC සහ රැජින ඉන්නයි කාසි නෑ.. ඒවා කාල දෙකක. මට එහෙම කාසි වර්ග දෙකක් හම්බෙනවා පස්සේ දෙකක් එකට පාස්සනවා හොයන්නම බැරි වෙන්න එක කාසියක් ගානට.

පස්සේ මම සුද්දෙක් එක්ක රට වටේ යනවා VOC හා රැජිනයි ඉන්න කාසි හොයාන මම ලංසුව දෙන්නේ කාසියක් කෝටියට ගන්න.

ඉතිං මිනිස්සු ත් එහෙම කාසි හොයනවා මාත් සුද්දව ආපහු රටට පිටත් කරලා ගෙදරට වෙලා ඉන්නවා එතකොට මගේ යාලුවෙක් හම්බෙලා අහනවා ඔය කාසි කතාව..
මම එතකොට කීවා මං ලග කාසි තියෙනවා ගන්නේ කවුද කීයටද කියලා
පස්සේ පොර මාව හොද ව්‍යාපාරිකයෙක් ලගට එක්කන් යනවා.. පොර මගෙන් කාසි හතරක් ලක්ෂ 10 ගානේ ගන්නවා .

මනුස්සයා ඒක කොහොම වික්කද නම් දන්නේ නෑ.. මමත් ඉතිං දැන් සම්භන්ධයක් නෑ නේ.. මනුස්සයටත් සතුටුයි මටත් සතුටුයි යාලුවටත් කීයක්ද හම්බුනා

ඕකයි කතාව.. මෙතන "මම" යනු මේ සටහන් කරු නම් නෙවෙයි..

අද විශාල ප්‍රචාරයක් ගිය මෙම වීඩියෝවට හෙලකුරු එකෙනුත් රැවටිලා. හොද කම්මැලියෙක් සදුදා ගෙදර ඉන්න කරලා ඇත්තේ.. https://m.you...
11/07/2020

අද විශාල ප්‍රචාරයක් ගිය මෙම වීඩියෝවට හෙලකුරු එකෙනුත් රැවටිලා. හොද කම්මැලියෙක් සදුදා ගෙදර ඉන්න කරලා ඇත්තේ..

https://m.youtube.com/watch?v=9559scy9_lo

08/06/2020

කොරෝනා වසංගතය හේතුවෙන් එය මැඩ පැවැත්වීමට රජය විසින් පත් කල කාර්ය සාධක බලකාය විසින් සුවිශේෂී කාර්ය භාරයක් ඉ‍ටු කර...

මේ දිනවල සීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය තුල පැතිරෙන මෙම පුවත්පත් සිරස්තල 2018 වසරේ මව්බිම පත්තරේ මුල් පිටුවකි..මේ වෙලාවේ මෙය ප්‍...
01/06/2020

මේ දිනවල සීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය තුල පැතිරෙන මෙම පුවත්පත් සිරස්තල 2018 වසරේ මව්බිම පත්තරේ මුල් පිටුවකි..
මේ වෙලාවේ මෙය ප්‍රචාරය කිරීම අවදානය වෙනත් අතකට යොමු කිරීමකට හෝ වෙනත් අරමුණකින් හිතාමතාම කල දෙයක් විය හැක..

පාලකයෝ අසාර්ථක වෙනකොට තමන් විවේචනය කරන්නන් කෙරෙහි ජනතාවට වෛරයක් ඇති කිරීමට ඔවුන් ක්‍රමානුකූලව අසත්‍ය පැතිරීමට පෙලඹේ..මෙම...
25/05/2020

පාලකයෝ අසාර්ථක වෙනකොට තමන් විවේචනය කරන්නන් කෙරෙහි ජනතාවට වෛරයක් ඇති කිරීමට ඔවුන් ක්‍රමානුකූලව අසත්‍ය පැතිරීමට පෙලඹේ..
මෙම න්‍යාය ඉතාම සීඝ්‍රව ප්‍රචස්‍රය වූයේ හිට්ලර්ගේ කාලයේ ජර්මානුවන් යුදෙව්වන් කෙරෙහි වෛරයක් ඇති කිරීමටයි.. ලකංකාවේ චන්දේ ට කලින් වෛරය ඇති කලේ ආගමික පිරිසකට වූ අතර එය අත හැර දැන් ඔවුන් වෙනත් දේශපාලන පක්ෂයක් දෙසට යොමුවී ඇති බව පෙනේ..

ඇත්තටම මෙලෙස අසාධාරණයට ලක්වූ කාන්තාවක් සිටීනම් අපේ page එක සම්භන්ධ කර ගන්න.. නීති ක්ටයුතු හා ප්‍රචාරයක් ලබා දීමට සූදානම්..

1930 ගනන්වල ජර්මනියේ නාසිවාදය ඇති වන විට යුදෙව් විරෝධය විරෝදයක් හටගෙන තිබින. යුදෙව් ජනතාව අගතියේ හා හිංසා කිරීමේ දීර් ඉත...
24/05/2020

1930 ගනන්වල ජර්මනියේ නාසිවාදය ඇති වන විට යුදෙව් විරෝධය විරෝදයක් හටගෙන තිබින. යුදෙව් ජනතාව අගතියේ හා හිංසා කිරීමේ දීර් ඉතිහාසයකට මුහුණ දී තිබුණි. නාසීන් සියවස් ගණනාවක් පැරණි බොරු නොකඩවා කළත්, මෙවර වෙන කවරදාකටත් වඩා යුදෙව් විරෝධය යුදෙව්වන් පෘථිවියෙන් තුරන් කිරීමට උත්සාහ කළ “අවසාන විසඳුම” නමින් හැඳින්වෙන පුළුල් ජාතික ප්‍රතිපත්තියක් තුළ ප්‍රකාශ විම සිදුවිය.

මෙය ඉටු කිරීම සඳහා ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ ප්‍රචාරක ඇමති ජෝසෆ් ගොබෙල්ස් යුදෙව්වන් ඔවුන්ගේ සතුරන් බව ජර්මානු ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළහ.
මෙහි රූප සටහනේ සදහන් වන්නේ ඒ සදහා පලකල පෝස්ටයකි. පළමුවන ලෝක සංග්‍රාමය නැතිවීම ඇතුළුව ජර්මනියේ සියලු ගැටලු සඳහා යුදෙව්වන්ට දොස් පවරමින් ඔවුහු පුවත්පත් පවරා ගත්හ. මධ්‍යතන යුගය දක්වා දිවෙන එක් කෝපාවිෂ්ට බොරුවක් කියා සිටියේ යුදෙව්වන් ක්‍රිස්තියානි දරුවන් චාරිත්‍රානුකූලව ඝාතනය කල බවත් යුදෙව්වන්ගේ පාස්කුවේදී ඔවුන්ගේ රුධිරය අනුභව කල බවත්ය.

යුදෙව්වන් පලිගැනීම ලෙස යොදා ගනිමින් හිට්ලර් සහ ඔහුගේ හිතවතුන්
“විශාල බොරුව” (big lie) ලෙස ප්‍රකට න්‍යාය මෙහෙයවූහ. මෙම න්‍යායෙන් කියැවෙන්නේ බොරුව කොතරම් විශාල වුවත් ඔබ එය නැවත නැවත කළහොත් මිනිසුන් එය විශ්වාස කරනු ඇති බවයි. ඔවුන්ගේ තර්කය වූයේ බොහෝ දෙනෙක් කුඩා බොරු කී නමුත් අති විශාල බොරු කීමට තරම් ධෛර්යයක් ඇත්තේ ස්වල්ප දෙනෙකි විශාල බොරුවක් කලවිට මිනිසුන් එය පිළිගැනීමට පැමිණෙනු ඇති බවයි.

අදද දේසපාලකයින් තමන්ගේ අසමත්කම් වසා ගැනීමට බොහෝ ව්‍යාජ පුවත් මගින් සතුරන් මවමින් සිටී ඔබත් එවැනි ප්‍රචාරයන්ට හසු නොවීමට තරම් දැනුමකින් සන්නද්ධයි නම් ඔබත් ආරක්ෂිතයි

බිමල් රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙන් මේ දිනවල සංසරනය වන සාවද්‍ය ප්‍රචාරය පිළිඹද ප්‍රකාශය..
01/04/2020

බිමල් රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙන් මේ දිනවල සංසරනය වන සාවද්‍ය ප්‍රචාරය පිළිඹද ප්‍රකාශය..

බොහෝ විට ජවිපේ නමින් හා ජවිපේ දේසපාලකයින් නමින් මෙවැනි ව්‍යාපාරයක් ඇතිවීමට හේතුව වන්නේ ඔවුන් මේ අවස්තාවේ කොරෝනා ජය ගැනීම...
30/03/2020

බොහෝ විට ජවිපේ නමින් හා ජවිපේ දේසපාලකයින් නමින් මෙවැනි ව්‍යාපාරයක් ඇතිවීමට හේතුව වන්නේ ඔවුන් මේ අවස්තාවේ කොරෝනා ජය ගැනීමට පමණක් දක්වන දායකත්වය සමහරුන්ට දිරවන්නේ නැති නිසා.. ජවිපේ යනු අවශ්‍ය ඕනිම මොහොතකදී ව්‍යසනයකදී කොන්දේසි විරහිතව රජයේ ක්‍රියාමාර්ග වලට සහය වන පක්ෂයක්.. නමුත් ඔවුන් කෙරෙහි සමහරුන්ට ඇතිකල වෛරයක් ලෙස පවත්වා ගැනීමට නොහැකි වනු ඇත.. එම නිසා ඇත්ත මතුවීමට නොදී මෙවැනි අසත්‍යය ඔවුන් පතුරුවයි..

අප විසින් රතු තරුව සහන සේවා බලකාය හරහා, මෙම දුෂ්කර කාලසීමාව තුළ, සෞඛ්‍යය අංශ හා ජනතාව වෙනුවෙන් මැදිහත්වෙමින් සිටින මොහොතක, පොහොට්ටුවේ මඩ බලකාය විසින් ගෙන යන තවත් බොරු ප්‍රවාරයක් බව දන්වා සිටිමු.

සමාජ ජාලවල ක්‍රියාකාරී, මා ආදරණීය අපගේ සියලු සහෝදරත්වයෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ, මෙය ඇතුලු ඔවුන් ගෙනයන මඩ ප්‍රවාරයන්ට පිලිතුරු වශයෙන් කිසිදු මඩ ප්‍රවාරයක් හෝ ශිෂ්ඨසම්පන්න නොවන වවන භාවිතාවන්, පරිභවකිරීම් නොකරන ලෙසත් සත්‍ය හා තහවුරුවූ කරැනු පමනක් භාවිතාකරමින් ඔවුන්ට පිලිතුරු දෙන ලෙසත් ය.

විශේෂයෙන්ම ඔවුන් සමග වාද විවාදවලදී අප සහෝදරත්වයේ බාෂා භාවිතය හා විනය ගැන කොන්දේසි විරහිතව සැලකිලිමත් වියයුතු බව අවදාරනය කර සිටිමු. ඔබ අපගේ පාක්ෂිකයෙකු නොවුනත් අප මතවාදය වෙනුවෙන් පෙනීසිටින්නේනම් මේය අනුගමනය කරන ලෙස ආරාධනා කර සිටිමු.......!!

ඔබ අපගේ, ජවිපෙ නම් විනයගරුක පක්ශයේ හෝ NPP නම් විනයගරුක බහුජන ව්‍යාපාරයේ සාමාජිකයන් හෝ හිතවතුන් විය ගැක, පක්ෂයේ හා බහුජන ව්‍යාපාරයේ බිමේ පවතින විනය, සමාජ ජාලා තුළත් පවත්වාගන්නා ලෙස ඔබ සැමගෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු............!!

ස්තුතියි
බිමල් රත්නායක.

ඔබ දන්නවාද? මෙහි පළවන රූපය හා එහි අන්තර්ගතය ලොව පුරා විශාලම පිරිසක් රැවටූ  photoshop මගින් සකසන ලද රූපසටහනක් වන.. අදටත් ...
25/03/2020

ඔබ දන්නවාද? මෙහි පළවන රූපය හා එහි අන්තර්ගතය ලොව පුරා විශාලම පිරිසක් රැවටූ photoshop මගින් සකසන ලද රූපසටහනක් වන.. අදටත් සිංහලෙන් පවා ඇන්දෙන බොරු ප්‍රවෘත්තියකි.. මේ දිනවල කොරෝනා නිසා පලවෙන අසත්‍ය බව තහවුරු වූ බොරු ප්‍රචාර සදහා මෙම පේජයට ඔබත් දායකත්ව පල කල හැක....
ජනතාව රවටන වැරදි මත හා
දේශපාලන මඩ ගැසීම් වැනි ඕනෑම පුවතක් මෙහි සටහන් කරන්න

**** බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා ****-- 12.03.2020 11.00 am --ශ්‍රී ලංකාවේ කොරෝනා (COVID-19) වෛරසය සාදනය වූ පළමු රෝගියා...
12/03/2020

**** බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා ****

-- 12.03.2020 11.00 am --

ශ්‍රී ලංකාවේ කොරෝනා (COVID-19) වෛරසය සාදනය වූ පළමු රෝගියා දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධනයට ලක් කර ඇත. රෝගියාගේ පුත්‍රයාටද රෝගය වැළඳී ඇතැයි කටකතාවක් පැතිර යන අතර එය මුළුමනින්ම අසත්‍යක් බව සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට මේ වන විට රජය සියලු පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තව දුරටත් ප්‍රකාශ කර සිටියි.

කොරෝනා රෝගය පිලිබඳ නව තොරතුරු ලද සැනින් HPBSriLanka ෆේස්බුක් පිටුව හරහා ඔබ දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සූදානම්.

10/11/2019

චන්දය නිවැරදිව භාවිතය පිළිඹද සියලු ප්‍රශ්න මිනිත්තු තුනෙන් ඉගෙනගන්න.

මෙය ලොව පුරා ජනප්‍රිය වෙච්ච රූපයක් වුවද සත්‍ය චායාරූපයක් නෙවෙයි.. මෙය photoshop මගින් සකසන ලද රූපසටහනක් වන අතර විශාල පිර...
29/09/2019

මෙය ලොව පුරා ජනප්‍රිය වෙච්ච රූපයක් වුවද සත්‍ය චායාරූපයක් නෙවෙයි.. මෙය photoshop මගින් සකසන ලද රූපසටහනක් වන අතර විශාල පිරිසක් ලොවපුරා ඇන්දුන.. අදටත් සිංහලෙන් පවා ඇන්දෙන බොරු ප්‍රවෘත්තියකි.. මේ දිනවල චන්දය නිසා පලවෙන බොරු ප්‍රචාර සදහා මෙම පේජයට ඔබත් අසත්‍ය බව තහවුරු වූ දෑ පල කල හැක....

Address


Telephone

+94763319331

Website

Alerts

Be the first to know and let us send you an email when Fake News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fake News:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share