Techie Instants

  • Home
  • Techie Instants

Techie Instants All the latest tech news from , plus more heads up!
(1)

Starlink internet සේවාව මීළඟ ඔක්තෝම්බර් මාසයේදී beta පරීක්ෂණ අවසන් කරන බව Elon Musk ප්‍රකාශ කරයිවැඩි විස්තර සඳහා 👇https:...
19/09/2021

Starlink internet සේවාව මීළඟ ඔක්තෝම්බර් මාසයේදී beta පරීක්ෂණ අවසන් කරන බව Elon Musk ප්‍රකාශ කරයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/dFeW

5K Video Record කිරීමේ පහසුකම සමග GoPro Hero 10 Action කැමරාව එලිදක්වයිවැඩි විස්තර සඳහා 👇https://s.techie.lk/qasE
18/09/2021

5K Video Record කිරීමේ පහසුකම සමග GoPro Hero 10 Action කැමරාව එලිදක්වයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/qasE

Microsoft සමාගම විසින් ඔවුන්ගේ Office 2021 සංස්කරණය එළිදැක්වීම මීළඟ ඔක්තෝම්බර් මස 5 වැනි දින, එනම් Windows 11 සංස්කරණය න...
17/09/2021

Microsoft සමාගම විසින් ඔවුන්ගේ Office 2021 සංස්කරණය එළිදැක්වීම මීළඟ ඔක්තෝම්බර් මස 5 වැනි දින, එනම් Windows 11 සංස්කරණය නිකුත් කිරීමට නියමිත දිනයේදීම සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම සංස්කරණය භාවිතා කිරීම සඳහා Office 365 Subscription එකක් මිලදීගැනීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇති අතර, One-time purchase එකක් ලෙස, එනම් පැරණි Office සංස්කරණය වලදී මෙන් එක වර මුදල් ගෙවා මිලදීගැනීමේ හැකියාව ලබාදෙනු ඇති බවද වාර්තා වෙනවා.

ලොව විශාලතම Smartphone Photography Competition එක 2021 වර්ෂය සඳහා ආරම්භ කිරීමට Huawei සමාගම කටයුතු කරයිවැඩි විස්තර සඳහා ...
16/09/2021

ලොව විශාලතම Smartphone Photography Competition එක 2021 වර්ෂය සඳහා ආරම්භ කිරීමට Huawei සමාගම කටයුතු කරයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/fpDl

කුඩා Notch එකක් සමඟින් iPhone 13 ජංගම දුරකථනය එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයිවැඩි විස්තර සඳහා 👇https://s.techie.lk/t...
15/09/2021

කුඩා Notch එකක් සමඟින් iPhone 13 ජංගම දුරකථනය එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/tqCq

අද දින පැවැත්වීමට නියමිත Apple Event එක තව පැයකින් ආරම්භ කිරීමට Apple සමාගම සූදානමින් සිටිනවා.ඔබ මේ පිළිබඳව උනන්දුවෙන් ප...
14/09/2021

අද දින පැවැත්වීමට නියමිත Apple Event එක තව පැයකින් ආරම්භ කිරීමට Apple සමාගම සූදානමින් සිටිනවා.

ඔබ මේ පිළිබඳව උනන්දුවෙන් පසුවන්නෙක් නම්, Apple සමාගමේ නිළ වෙබ් අඩවියෙන් හෝ නිළ YouTube channel එක හරහා මෙය නැරඹීමේ හැකියාව තිබෙනවා.

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/vWXz

Samsung සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Galaxy S21, Galaxy S21+ සහ Galaxy S21 Ultra යන ජංගම දුරකථන මාදිලි වලට OneUI 4 bet...
14/09/2021

Samsung සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Galaxy S21, Galaxy S21+ සහ Galaxy S21 Ultra යන ජංගම දුරකථන මාදිලි වලට OneUI 4 beta සංස්කරණය නිකුත් කරමින් සිටිනවා.

මෙම OneUI 4 beta සංස්කරණය Android 12 beta සංස්කරණය මත පදනම් වී ඇති අතර, මෙය ලබාගැනීම සඳහා Samsung Members app එක හරහා register විය යුතු බව Samsung සමාගම ප්‍රකාශ කර සිටිනවා.

Huawei සමාගම විසින්  Android ධාවනය වෙන සිය උපාංග ටිකෙන් ටික   HarmonyOS වෙත මාරු කරමින් සිටින අතර, මේ වන විට එම උපාංග සං...
14/09/2021

Huawei සමාගම විසින් Android ධාවනය වෙන සිය උපාංග ටිකෙන් ටික HarmonyOS වෙත මාරු කරමින් සිටින අතර, මේ වන විට එම උපාංග සංක්‍යාව මිලියන 100 ඉක්මවා ගොස් තිබෙන බව Huawei සමාගම සඳහන් කරනවා.

එමෙන්ම 2022 වන විට smartphone මාදිලි 75 ක් ද ඇතුළුව තවත් smart උපාංග 100 කට වඩා වැඩි ප්‍රමාණයක් HarmonyOS වෙත මාරු කිරීම සමාගමේ සැළසුමයි.

මීට අමතරව, අලුතෙන් නිකුත් කරනු ලබන Smartphone, Tab හා Smartwatch ආදියද, pre install කරන ලද HarmonyOS එක සමඟින් නිකුත් කිරීමට Huawei සමාගම කටයුතු කරමින් සිටිනවා.

Bike Engine වලින් ඇති වන කම්පනය මගින් iPhone camera එක අකර්මන්‍ය විය හැකි බව Apple සමාගම අනතුරු අඟවයිවැඩි විස්තර සඳහා 👇h...
13/09/2021

Bike Engine වලින් ඇති වන කම්පනය මගින් iPhone camera එක අකර්මන්‍ය විය හැකි බව Apple සමාගම අනතුරු අඟවයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/wuHz

බහුතර පිරිසගේ ඉල්ලීමට ගරු කරමින් Techie Instants සේවාව සැප්තැම්බර් මස 20 වැනි දින සිට අපගේ ප්‍රධාන සේවාව TechNews.LK සමඟ...
13/09/2021

බහුතර පිරිසගේ ඉල්ලීමට ගරු කරමින් Techie Instants සේවාව සැප්තැම්බර් මස 20 වැනි දින සිට අපගේ ප්‍රධාන සේවාව TechNews.LK සමඟින් ඒකාබද්ධ කිරීමට බළාපොරොත්තු වන්නෙමු.

මේ අනුව සැප්තැම්බර් 20 වැනි දින සිට Techie Instants හරහා පළ වන සියළුම දෑ TechNews.LK ගිණුම් හරහා පළ වනු ඇති අතර, Techie Instants Facebook පිටුව තවදුරටත් update නොකරනු ඇත.

ඔබ තවමත් TechNews.LK Facebook පිටුව සමඟ සම්බන්ධ වී නොමැති නම්, දැන්ම ඒ සමඟින් සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටින්නෙමු.

Android 12 මෙහෙයුම් පද්ධතියේ අවසන් beta සංස්කරණය ද නිකුත් කිරීමට Google සමාගම මේ වන විටත් කටයුතු කර ඇති අතර, මෙහි stable...
13/09/2021

Android 12 මෙහෙයුම් පද්ධතියේ අවසන් beta සංස්කරණය ද නිකුත් කිරීමට Google සමාගම මේ වන විටත් කටයුතු කර ඇති අතර, මෙහි stable සංස්කරණය මීළඟ ඔක්තෝම්බර් මස මුල් සතියේදී නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වෙනවා.

ඔක්තෝම්බර් 4 වැනි දින Android 12 සංස්කරණය AOSP (Android Open Source Project) එකට push කිරීමට Google සමාගම මේ වන විට සැළසුම් කර තිබෙනවා.

මීට පෙර වසර කිහිපය තුලදී නිකුත් කළ Andorid 9, 10, 11 යන සංස්කරණ AOSP එකට push කළ දිනයේදීම ඒවායේ stable සංස්කරණ නිකුත් කිරීමට ද Google සමාගම කටයුතු කර ඇති බැවින්, මෙවර ද ‍බොහෝ විට එය ඒ ආකාරයෙන්ම සිදු විය හැකි බව බොහෝ දෙනා අනුමාන කරනවා.

කොහොම නමුත් Google සමාගම විසින් තවමත් මෙම දිනය නිළ වශයෙන් සනාථ කර නැහැ.

මීට සති කිහිපයකට පෙර ප්‍රසිද්ධතම Discord Music bot එකක් වූ Groovy bot එකට බළපෑම් කර එය නවත්වාදැමීමට YouTube ආයතනය සමත් ව...
13/09/2021

මීට සති කිහිපයකට පෙර ප්‍රසිද්ධතම Discord Music bot එකක් වූ Groovy bot එකට බළපෑම් කර එය නවත්වාදැමීමට YouTube ආයතනය සමත් වුණා.

මේ වන විට මිලියන 20ක් පමණ Discord servers වල භාවිතා වෙන Rythm Music bot එකත් ඒ ආකාරයෙන්ම තහනම් කිරීමට YouTube ආයතනය කටයුතු කර තිබෙනවා.

මේ වන විට මෙම bot එක මිලියන 560ක් පමණ වන Discord පරිශීලකයින් විසින් භාවිතා කරනු ලබන නමුත්, දින 7ක් ඇතුලත එය නවත්වාදමන ලෙස YouTube ආයතනය විසින් මෙම Music bot එකේ නිර්මාපකයින් හට දන්වා තිබෙනවා.

මේ අතරින් Apple, Huawei හා Xiaomi යන සමාගම් සුවිශේෂ වන අතර, Computer related products කිහිපයක් ඇතුළු Huawei new product ...
12/09/2021

මේ අතරින් Apple, Huawei හා Xiaomi යන සමාගම් සුවිශේෂ වන අතර, Computer related products කිහිපයක් ඇතුළු Huawei new product launch event එකක් සැප්තැම්බර් 13 - එනම් සඳුදාත්, බොහෝ දෙනෙක් නොයිවසිල්ලෙන් බලා සිටින iPhone 13 ඇතුළු අලුත් Apple product launching event එක සැප්තැම්බර් 14, එනම් එළඹෙන අඟහරුවාදාත් පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව Xiaomi Mi 11T ඇතුළු Xiaomi new product launching event එකක් සැප්තැම්බර් 15, එනම් ලබන සතියේ බදාදා පැවැත්වෙනු ඇති.

එමෙන්ම Infinix හා Tecno යන සමාගම්වල new product launching events පිළිවෙලින් සැප්තැම්බර් 13 සඳුදාත්, සැප්තැම්බර් 17 සිකුරාදාත් පැවැත්වීමට නියමිතයි.

Samsung සමාගම Megapixel 200 ක Mobile Camera Sensor එකක් හඳුන්වා දෙයිවැඩි විස්තර සඳහා 👇https://s.techie.lk/KBL3
11/09/2021

Samsung සමාගම Megapixel 200 ක Mobile Camera Sensor එකක් හඳුන්වා දෙයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/KBL3

Google Search Desktop version එක සඳහා Dark Mode පහසුකම නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කරයි
11/09/2021

Google Search Desktop version එක සඳහා Dark Mode පහසුකම නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කරයි

රවුම් හැඩැති Android ජංගම දුරකථනයක් නිකුත් කිරීමට Cyrcle Phone සමාගම සූදානම් වෙයිවැඩි විස්තර සඳහා 👇https://s.techie.lk/q...
11/09/2021

රවුම් හැඩැති Android ජංගම දුරකථනයක් නිකුත් කිරීමට Cyrcle Phone සමාගම සූදානම් වෙයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/q3o3

ඉදිරි නොවැම්බර් වනවිට Android හා Apple Smartphones මාදිලි වර්ග කිහිපයක් සඳහා WhatsApp සහාය අහිමි වන බව වාර්තා වෙයිවැඩි ව...
10/09/2021

ඉදිරි නොවැම්බර් වනවිට Android හා Apple Smartphones මාදිලි වර්ග කිහිපයක් සඳහා WhatsApp සහාය අහිමි වන බව වාර්තා වෙයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/BReY

2021 වර්ෂයේ ඔක්තෝම්බර් 12 වනි දින සිට YouTube Community posts පහසුකම ලබාගැනීම සඳහා වන සුදුසුකම 1,000 subscribers වල සිට ...
10/09/2021

2021 වර්ෂයේ ඔක්තෝම්බර් 12 වනි දින සිට YouTube Community posts පහසුකම ලබාගැනීම සඳහා වන සුදුසුකම 1,000 subscribers වල සිට 500 subscribers දක්වා අඩු කිරීමට YouTube ආයතනය තීරණය කර තිබෙනවා.

මේ අනුව එදින සිට අවම වශයෙන් 500 subscribers සිටින ඕනෑම YouTube channel එකක් සඳහා Community Posts පහසුකම ලබාගැනීමේ හැකියාව ලැබෙනවා.

නුදුරෙදීම හඳුන්වාදීමට හැකිවන පරිදි නව පහසුකම් කිහිපයක් අත්හදා බැලීමට Twitter සමාගම කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.ම...
09/09/2021

නුදුරෙදීම හඳුන්වාදීමට හැකිවන පරිදි නව පහසුකම් කිහිපයක් අත්හදා බැලීමට Twitter සමාගම කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

මෙම පහසුකම් අතර Edge to Edge photo සහ Video upload කිරීමේ පහසුව ලැබෙනු ඇති අතර ඒ අනුව තිරයේ වම් පස ඇති අවකාශයද video හා photo සඳහා භාවිතා වෙනු ඇති.

මීට අමතරව Remove followers නම් අලුත් පහසුකමක් ද ලැබෙනු ඇති අතර මෙමඟින් ඔබට ඔබේ follower කෙනෙකු පෙර දැනුම්දීමකින් තොරව ඉවත් කිරීමට හැකිවෙනවා.

එමෙන්ම Communities නමින් තවත් පහසුකමක් එකතු කිරීමට නියමිත අතර මෙමඟින් ඔබට යම් නිශ්චිත මාතෘකාවක් කතා කිරීම සඳහා Community එකක් නම් කළ හැකි වනු ඇති අතර එයට එකතු වන ලෙස අනෙක් අයට invitation යැවීමට ද හැකි වනු ඇති.

බොහෝ විට අප රටේ ප්‍රධාන මාධ්‍ය වලින් පවා අපට ඇසෙන්නේ "Zoom තාක්ෂණය" යන වචන වුවත්, සැබැවින්ම Zoom යනුවෙන් තාක්ෂණයක් නොමැත...
09/09/2021

බොහෝ විට අප රටේ ප්‍රධාන මාධ්‍ය වලින් පවා අපට ඇසෙන්නේ "Zoom තාක්ෂණය" යන වචන වුවත්, සැබැවින්ම Zoom යනුවෙන් තාක්ෂණයක් නොමැති බව ඔබ දැන සිටියා ද?

Zoom යනු Video Conferencing තාක්ෂණය හරහා බළගැන්වෙන එක් සේවාවක් පමණි.

Skype, Google Meet, Microsoft Teams මෙන්ම, අපි එදිනෙදා භාවිතා කරන WhatsApp, Telegram, Viber වැනි සේවාවන් වල Video calls සඳහා භාවිතා වන්නේ ද මෙම Video Conferencing යන තාක්ෂණයයි.

iPhone සඳහා Android අත්දැකීම ලබාගැනීමට Samsung සමාගම විසින් iTest නම් වූ App එකක් හඳුන්වාදීමට කටයුතු කරයිවැඩි විස්තර සඳහ...
09/09/2021

iPhone සඳහා Android අත්දැකීම ලබාගැනීමට Samsung සමාගම විසින් iTest නම් වූ App එකක් හඳුන්වාදීමට කටයුතු කරයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/Tv9Q

මීලග Apple event එක පැවැත්වීමට නියමිත දිනය නිළ වශයෙන් නිවේදනය කිරීමට Apple සමාගම කටයුතු කරයිවැඩි විස්තර සඳහා 👇https://s....
08/09/2021

මීලග Apple event එක පැවැත්වීමට නියමිත දිනය නිළ වශයෙන් නිවේදනය කිරීමට Apple සමාගම කටයුතු කරයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/4FpP

Smartphone සදහා අවම වසර 7ක් දක්වා software සහ අමතර කොටස් සහය ලබාදෙන යෝජනාවක් සම්මත කරන්නැයි ජර්මනිය යුරෝපා සංගමයෙන් ඉල්ල...
07/09/2021

Smartphone සදහා අවම වසර 7ක් දක්වා software සහ අමතර කොටස් සහය ලබාදෙන යෝජනාවක් සම්මත කරන්නැයි ජර්මනිය යුරෝපා සංගමයෙන් ඉල්ලයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/45Up

APK file හරහා apps install කිරීම අවහිර කිරීමේ option එකක් අත්හදාබැලීමට Xiaomi සමාගම කටයුතු කරයිවැඩි විස්තර සඳහා 👇https:/...
07/09/2021

APK file හරහා apps install කිරීම අවහිර කිරීමේ option එකක් අත්හදාබැලීමට Xiaomi සමාගම කටයුතු කරයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/AM0h

වසර ගණනාවක් තිස්සේ ලොව අංක එකේ smartwatch නිශ්පාදකයා යන කිරුළ හිමිකරගෙන සිටි Apple සමාගම අභිබවා යාමට Xiaomi සමාගම මේ වන ...
05/09/2021

වසර ගණනාවක් තිස්සේ ලොව අංක එකේ smartwatch නිශ්පාදකයා යන කිරුළ හිමිකරගෙන සිටි Apple සමාගම අභිබවා යාමට Xiaomi සමාගම මේ වන විට සමත් වී තිබෙනවා.

නවතම වාර්තා පෙන්වාදෙන පරිදි 2021 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී මෙලෙස wearable devices අලෙවියෙන් Xiaomi සමාගම Apple සමාගමට ඉදිරියෙන් සිටිනවා.

Devices මිලියන 8ක් ‍අලෙවි කරමින් 19.6% ක වෙළඳපොල අධිකාරයක් හිමිකරගැනීමට Xiaomi සමාගම සමත් වී තිබෙන අතර, Devices මිලියන 7.9ක් අලෙවි කරමින් Apple සමාගම 19.3% ක වෙළඳපොල අධිකාරයක් හිමි කරගෙන සිටිනවා.

චීනයේ වයස අවුරුදු 18 ට අඩු ළමයින් සදහා Online Games Play කළ හැකි කාලය සීමා කරයිවැඩි විස්තර සඳහා 👇https://s.techie.lk/xtw...
04/09/2021

චීනයේ වයස අවුරුදු 18 ට අඩු ළමයින් සදහා Online Games Play කළ හැකි කාලය සීමා කරයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/xtwE

iOS වලට සිට Samsung ජංගම දුරකථන වලට WhatsApp chat history එක transfer කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කරයිවැඩි විස්තර සඳහා...
04/09/2021

iOS වලට සිට Samsung ජංගම දුරකථන වලට WhatsApp chat history එක transfer කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කරයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/13QQ

CSAM හඳුනාගැනීම ඇතුළු ළමා ආරක්‍ෂක විශේෂාංග හඳුන්වාදීම ප්‍රමාද කිරීමට Apple සමාගම කටයුතු කරයිවැඩි විස්තර සඳහා 👇https://s....
04/09/2021

CSAM හඳුනාගැනීම ඇතුළු ළමා ආරක්‍ෂක විශේෂාංග හඳුන්වාදීම ප්‍රමාද කිරීමට Apple සමාගම කටයුතු කරයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/TRTM

යුරෝපා සංගමයේ data privacy නීති යලට අනුකූල නොවීම නිසාවෙන් අයර්ලන්ත දත්ත ආරක්‍ෂක කොමිසම විසින් WhatsApp ආයතනයට ඩොළර් මිලි...
03/09/2021

යුරෝපා සංගමයේ data privacy නීති යලට අනුකූල නොවීම නිසාවෙන් අයර්ලන්ත දත්ත ආරක්‍ෂක කොමිසම විසින් WhatsApp ආයතනයට ඩොළර් මිලියන 267ක දඩයක් නියම කර තිබෙනවා.

Facebook සමාගම සමඟ WhatsApp පරිශීලක දත්ත හුවමාරු කරගන්නා ආකාරය පිළිබඳව නිසි ලෙස පරිශීලකයින්ව දැනුවත් නොකිරීම නිසා මෙම තීන්දුව ලබාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

දඩ මුදලට අමතරව WhatsApp පරිශීලකයින්ගේ දත්ත share කරගන්නා ආකාරය පිළිබඳව පරිශීලකයින්ව දැනුවත් කරන ආකාරය ඔවුන්ගේ Privacy Policy එකට එකතු කරන ලෙස ද නියෝග කර තිබෙනවා.

කෙසේ නමුත් WhatsApp ආයනය විසින් ප්‍රකාශ කරන්නේ මෙම තීන්දුව වෙනුවෙන් නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කරන බවයි.

අසීමිත සහභාගී වන්නන් සංඛ්‍යාවකට සම්බන්ධ වියහැකි Group Video Calls පහසුකම සමඟින් Telegram 8.0 Update එක නිකුත් වෙයි.වැඩි ...
03/09/2021

අසීමිත සහභාගී වන්නන් සංඛ්‍යාවකට සම්බන්ධ වියහැකි Group Video Calls පහසුකම සමඟින් Telegram 8.0 Update එක නිකුත් වෙයි.

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/PgPD



Google සමාගම ඔවුන්ගේ Chromebook පරිගණක සඳහා ඔවුන් විසින්ම design කරන ලද  chip එකක් හඳුන්වාදීමට සූදානම් වෙනවා.මෙලෙස හඳුන්...
02/09/2021

Google සමාගම ඔවුන්ගේ Chromebook පරිගණක සඳහා ඔවුන් විසින්ම design කරන ලද chip එකක් හඳුන්වාදීමට සූදානම් වෙනවා.

මෙලෙස හඳුන්වාදීමට නියමිත PC chip එක ද Apple සමාගමේ M1 chip එක මෙන්ම ARM architecture එක මත පදනම් වන බවත්, 2023 වර්ෂයේදී එය එළිදැක්වීමට Google සමාගම බළාපොරොත්තු වන බවත් වාර්තා වෙනවා.

Windows 11 නිකුත් කිරීමට නියමිත දිනය නිළ වශයෙන් නිවේදනය කිරීමට Microsoft සමාගම කටයුතු කරයිවැඩි විස්තර සඳහා 👇https://s.te...
02/09/2021

Windows 11 නිකුත් කිරීමට නියමිත දිනය නිළ වශයෙන් නිවේදනය කිරීමට Microsoft සමාගම කටයුතු කරයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/JB0I

Instagram සේවාව අකර්මන්‍ය වී ඇති බව ලොව පුරා පරිශීලකයින් විසින් වාර්තා කර තිබෙනවා.මේ වන විට downdetector.com වෙබ් අඩවිය ...
02/09/2021

Instagram සේවාව අකර්මන්‍ය වී ඇති බව ලොව පුරා පරිශීලකයින් විසින් වාර්තා කර තිබෙනවා.

මේ වන විට downdetector.com වෙබ් අඩවිය හරහා ද ඒ බව සනාථ වී ඇති නමුත් ඇතැම් පරිශීලකයින් හට බාධාවකින් තොරව ‍එය භාවිතා කළ හැකි බව ද වාර්තා වෙනවා.

iOS devices සඳහා වන Clubhouse app එකට spatial audio සහාය ලබාදීමට කටයුතු කරයිවැඩි විස්තර සඳහා 👇https://s.techie.lk/517s  ...
01/09/2021

iOS devices සඳහා වන Clubhouse app එකට spatial audio සහාය ලබාදීමට කටයුතු කරයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/517s

iPhone 13 line-up එක satellite connectivity සඳහා සහාය දක්වන්නේ නැති බව නවතම වාර්තා පෙන්වා දෙයිවැඩි විස්තර සඳහා 👇https://...
31/08/2021

iPhone 13 line-up එක satellite connectivity සඳහා සහාය දක්වන්නේ නැති බව නවතම වාර්තා පෙන්වා දෙයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/tq0X

ජනප්‍රිය instant messaging සේවාවක් වන Telegram app එක මේ වන විට ලොව පුරා පරිශීලකයන් බිලියනයකට අධික වාර ගණනක් download කි...
31/08/2021

ජනප්‍රිය instant messaging සේවාවක් වන Telegram app එක මේ වන විට ලොව පුරා පරිශීලකයන් බිලියනයකට අධික වාර ගණනක් download කිරීමට කටයුතු කර ඇති බව Sensor Tower ආයතනය වාර්තා කරනවා.

2013 වර්ෂයේදී ආරම්භ කළ මෙම සේවාව ක්‍රමයෙන් ලොව පුරා ජනප්‍රිය වෙමින් පැවති අතර, මෑතකදී WhatsApp ආයතනයේ පසුබෑම හමුවේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.

මෙම වසරේ මුල් භාගයේදී active පරිශීලකයින් මිලියන 500 සීමාව අභිබවා යෑමට සමත් වූ Telegram සේවාව මේ සමඟින් download වාර බිලියනය ඉක්මවා ගිය 15 වැනි app එක ලෙස ඉතිහාසයට එකතු වෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ download වාර බිලියනය පසු කළ අනෙකුත් apps වන Facebook, WhatsApp, Messenger, Instagram වැනි apps සියල්ලම පාහේ බොහෝ ජංගම දුරකථන වල pre-installed ලෙස පැමිණි apps වන නමුත්,Telegram එසේ නොවන app එකක් වීමයි.

මේ වන විට දෙරණ නාළිකාවේ නිළ YouTube channel එක හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු වී ඇති අතර cryptocurrency වලට සම්බන්ධ live vide...
29/08/2021

මේ වන විට දෙරණ නාළිකාවේ නිළ YouTube channel එක හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු වී ඇති අතර cryptocurrency වලට සම්බන්ධ live video එකක් ඒ හරහා stream කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මෑත කාලීනව බොහෝ ප්‍රසිද්ධ YouTube channel වලට හැකර් ප්‍රහාර එල්ල වීමේ ප්‍රවණතාවයක් දැකගත හැකි වන අතර මෙලෙස cryptocurrency ප්‍රවර්ධනය සඳහා හැක් කරන ලද එකම YouTube චැනලය මෙය පමණක් නොවේ.

පැරණි PC වල Windows 11 install කිරීමේදී එය අවහිර නොකිරීමට Microsoft සමාගම තීරණය කර තිබෙනවා.මේ අනුව core 2ක් හෝ ඊට වැඩියෙ...
28/08/2021

පැරණි PC වල Windows 11 install කිරීමේදී එය අවහිර නොකිරීමට Microsoft සමාගම තීරණය කර තිබෙනවා.

මේ අනුව core 2ක් හෝ ඊට වැඩියෙන් ඇති 1GHz හෝ ඊට වැඩි 64 bit CPU එකක්, 4GB RAM එකක් සහ 64GB Storage එකක් ඇති ඕනෑම PC එකකට Windows 11 ස්ථාපනය කිරීමේ හැකියාව ලැබෙනවා.

කෙසේ නමුත් එවැනි PC වලට Windows 10 වල සිට Windows 11 වෙත Windows update වැඩසටහන හරහා update කිරීමේ හැකියාව නොලැබෙනු ඇති අතර, එය ISO එකක් හරහා ස්ථාපනය කිරීමට සිදු වෙනවා.

එමෙන්ම මෙලෙස manually install කරන ලද Windows 11 PC වෙත Windows updates ලබා නොදෙනු ඇති බව ද වාර්තා වෙනවා.

මිලියන 16ක් පමණ Discord servers වල භාවිතා කෙරෙන, දැනට Discord වල ඇති ජනප්‍රියතම Music bot එකක් ලෙස සැළකෙන Groovy Discord...
27/08/2021

මිලියන 16ක් පමණ Discord servers වල භාවිතා කෙරෙන, දැනට Discord වල ඇති ජනප්‍රියතම Music bot එකක් ලෙස සැළකෙන Groovy Discord music bot එක නවත්වාදැමීමට එහි developer වරුන් තීරණය කර තිබෙනවා.

ව්‍යාපාරික අරමුණකින් YouTube කොන්දේසි උල්ලංඝනය කිරීම නිසාවෙන් YouTube ආයතනය විසින් එල්ල කළ චෝදනාවක ප්‍රතිපලයක් ලෙස මෙම තීරණය ගැනීමට කටයුතු කර තිබෙනවා.

කාර්ය මණ්ඩලයකින් තොරව යාත්‍රා කළ හැකි ලොව පළමු Fully Electric නෞකාව ලබන වසර අවසන් වීමට පෙර දියත් කිරීමට සූදානම් වෙයිවැඩි...
27/08/2021

කාර්ය මණ්ඩලයකින් තොරව යාත්‍රා කළ හැකි ලොව පළමු Fully Electric නෞකාව ලබන වසර අවසන් වීමට පෙර දියත් කිරීමට සූදානම් වෙයි

වැඩි විස්තර සඳහා 👇
https://s.techie.lk/gLK4

Address


Alerts

Be the first to know and let us send you an email when Techie Instants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Techie Instants:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share