Serandib

Serandib Serandib is a Sinhala news site that informs you on the newest news in sports, business, and enterta

22/01/2022

මගේ පියාණන් හිටියනම් Elon Musk ලංකාව_ට ඇවිත් කාර් හදනවා - SP

20/01/2022

#කමක්නැහැ 😂

17/01/2022

🤩අහන්න ඔනේ කතාවක් මේක

17/01/2022

කුඩු නැති කරන thoery එක පොහොට්ටුවේ තරුණයාගෙන් එලියට පනී.

18/12/2021
28/11/2021

යූටියුබ් ට්‍රෙන්ඩිං ලිස්ට් එකක උඩට එන්නේ අලුත්ම වීඩියෝ. අලුත්ම සිංදු. අලුත්ම සිද්ධි. සමාජයේ කතාබහට ලක්වෙන ටොපික් එකක් වැඩිපුර බලනකොට එහෙම තමයි. ඒත් මේ වෙනකොට මියුසික් කැටගරියෙන් ට්‍රෙන්ඩිං 2 තියෙන්නේ පරණ සිංදුවක්. ඒක අලුතින් අප්ලෝඩ් කරපු, අලුත් අරේන්ජ්මන්ට්ස් එක්ක මියුසික් තියෙන සිංදුවක් තමයි, නමුත් ඒ සිංදුව පරණයි. ඒ සිංදුවට ගොඩක් වයසයි. අපේ ළමා කාලය තරම්ම වයසයි. අපේ යෞවනය තරම්ම වයසයි. මේ සිංදුවේ ඉන්ට්‍රෝ එක අස්සේ අපේ මුළු ළමා කාලයම, තරුණ කාලයම පැක් කරලා තියෙනවා. සෙන්ටිග්‍රේඩ්ස්ලා කියන 'දිව්රාලා පවසන්න' සිංදුව, රූපවාහිනියේ 'Coke RED' එකේ අලුතින් පෆෝම් කරපු වැඩේත් එක්ක අපි හැම කෙනෙක්ම අවුරුදු ගාණක් ඈතට ගියා.

අයිටීඑන් එකේ ගියා 'සුළඟ' කියලා ටෙලියක්. ඒක ඩිරෙක්ට් කළේ සඳරුවන් ජයවික්‍රම. හැමදාමත් හැඩ ආශා එදිරිසිංහගේ ලස්සන හිනාවත් එක්ක, මගේ මිත්‍රයා සුමිරාන්ගේ ප්‍රේමණීය රංගන දායකත්වයත් එක්ක ගලාගෙන ගිය කතාවක්. මම කවදාවත් ඒක පිළිවෙළකට බැලුවේ නෑ. ඒ නිසා කතාව හරියටම මතක නෑ. ඉවර වෙද්දී මොනා වුණාද කියලා දන්නෙත් නෑ. යූටියුබ් එකෙත් ස'ච් කරලා බැලුවා ආපහු බලන්න හරි පුළුවන්නේ කියලා හිතලා, ඒත් එහෙන් මෙහෙන් එපිසෝඩ්ස් එකක් දෙකක් අප්ලෝඩ් වෙලා තියෙනවා, එච්චරයි. සඳරුවන් ජයවික්‍රමගේ ෆ්‍රේම් එකක් දැක්ක ගමන් මට කියන්න පුළුවන් මේක සඳරුවන් ජයවික්‍රමගේ වැඩක් කියලා. ඒ තරමට අනන්‍ය හැඩයක් ඒ ෆ්‍රේම් එකක් අස්සේ තියෙනවා. අනිවාර්යයෙන්ම ඩයගනල් ෂොට්ස් ටිකක් තියෙනවාමයි. ඒ ඇල කිරිල්ල දැක්ක ගමන් දන්නවා වැඩේ කාගෙද කියලා. මේ කතාවත් එහෙමයි.

මොකක් හෝ හේතුවක් නිසා, සමහරවිට ඕලෙවල් ඒලෙවල් වැඩ එක්ක, මට මේ කතාව බලන එක මිස් වුණා. නමුත්, 'සුළඟ' කතාවේ තිබුණ තීම් සෝන්ග් එක මාව පුදුම විදිහට ඇදගත්තා. අපේ ජෙනරේෂන් එකේ, ඕලෙවල් ඒලෙවල් නව යොවුන් කාලේ, තරුණ කාලේ එක්ක, ඒ කාලෙට අපේ හිත වැඩ කරන විදිහත් එක්ක, අපේ පපුව ලබ් ඩබ් ගාන රිදම් එකත් එක්ක, මේ සිංදුව ගාණට පෑහුණා. ආදරයක් කියලා නාමයක්වත් හිතේ කොණකවත් ගෑවිලා තිබුණේ නැති කෙනෙක්ගේ හිතක් වුණත්, තමන් කාටහරි දන්නෙම නැතුව ආදරය කරනවාවත් ද කියලා හිතෙන තැනකට ගේන්න මේ සිංදුවට පුළුවන් වුණා. ඉෂාන් ලන්ත්‍රා දෙන "හේ.... හේ.... හේ...." පාට් එකම ඇති. ඒක අස්සේ අපේ ජෙනරේෂන් එකේ හැම කෙනෙක්ගේම, මුළු අතීතයක්ම ගැබ් වෙලා තියෙනවා. ඒ කාලේ අයිටීඑන් එකට නිල නොවන තීම් සෝන්ග් එකක් වුණා 'දිව්රාලා පවසන්න' සිංදුව.

අලුත් සහශ්‍රයේ මියුසික් පෙරළියත් එක්ක බද්ධ වෙන්න ට්‍රයි කරන, ඒත් එක්කම උස්මහත් වුණු අපි, එක්සයිස් පොත් අරගෙන ඇහෙන ඇහෙන පාරට ලිරික්ස් ලියාගෙන සිංදු කටපාඩම් කරපු අපි, ගෙදරට වැඳලා වැඳලා සල්ලි ඉල්ලගෙන, නැත්තං කඩචෝරු කන්න තියෙන සල්ලි පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කරලා කැසට්, සීඩී ගත්ත අපි, කැසට් එක සීඩි එකත් එක්ක එන සිංදු පොත පණ වගේ පරිස්සම් කරපු අපි, ඒක පොත් අස්සේ දාගෙන ඉස්කෝලේ ගෙනිහින් යාළුවොන්‍ට උජාරුවෙන් පෙන්නපු අපි, සෙන්ටිග්‍රේඩ්ස් කියන බෑන්ඩ් එකට, බ්‍රෑන්ඩ් එකට අපේ රසිකත්ව ලිස්ට් එකේ උඩම තැනක් දීලා තිබුණා.

ඉස්සර අපි කොච්චර නං සෙන්ටිග්‍රේඩ්ස් සිංදු ඇහුවද? 'සුළඟ සේ පාවී' වීඩියෝ එක කළේ මනුරංග අයියා සහ එයාගේ යාලුවෙක් වෙන තර්ෂන මල්වත්ත කියලා මං දැනගත්තේ මීට සති ගාණකට කලින්. ආසම සිංදුවක්. ඉෂාන් ලන්ත්‍රාගේ ගෙදර අඹ ගහේ කොළ අරන් ඇවිත් වැල්ලවත්තේ පාර දිගේ හල හල, මනුරංගලා ඩිරෙක්ටිං එක්ස්පෙරිමන්ට් කරපු වැඩක්. ආධුනික වුණත් අදටත් ලස්සනයි. 'සඳවතියේ' සිංදුව ආව දවසේ ඉඳලා අද වෙනකං අවුරුදු කාලෙට පාවිච්චි කරපු ඒවයෙ කොපිරයිට්ස් එකතු කළොත් මං හිතන්නේ තුසිත් නිරෝෂන්ට ආයෙ මැරෙනකං සල්ලිය බාගේ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් එන එකක් නෑ. රන්වල ලෙවල් එකටම අවුරුදු කාලෙට 'සඳවතියේ' සිංදුව ප්ලේ වෙනවා.

හනා ෂෆා ඩිලෝ එක්ක කියන 'සඳ වගේ පේනා' සිංදුව මේ ටිකේ හිට්. අමුතුම වයිබ් එකක් තියෙන, මං ඉතාම ආස වැඩක්. ඒකට බේස් වෙන්නේ 'සිරියාමේ සාරා' ට්‍රැක් එක. සෙන්ටිග්‍රේඩ්ස්ලා ඉස්සෙල්ලාම හිට් වේගෙන එන්නේත් 'සිරියාමේ සාරා' බේස් කරගෙන හැදුණු 'Dark Angel' ට්‍රැක් එකෙන්. ඒ දවස්වල ලංකාවෙත් පෙන්නුවා ටයිටැනික් වැඩ්ඩා ජේම්ස් කැමරන් හදපු 'Dark Angel' ටීවි සීරීස් එක. ජෙසිකා ඇල්බා බයික් එකක නැඟලා වැඩ දාන මරු ඇක්ෂන් සීරීස් එකක්. මං හිතන්නේ මේකෙන් තමයි සෙන්ටිග්‍රේඩ්ස්ලා 'ඩාක් ඒන්ජල්' සිංදුවේ විෂුවල් එකට කන්සෙප්ට් එක අරගත්තේ, කෙල්ලෙක් බයික් එකක් පදින ෆියුචරිස්ටික් වැඩක් විදිහට. ටෙක්නලොජි එක්ක මියුසික් අලුත් වෙන, අප්ඩේට් වෙන විදිහට, සෙන්ටිග්‍රේඩ්ස් බෑන්ඩ් එක ලංකන් උත්තරයක් දුන්නා. අපේකමත් අල්ලගෙන, අපේකම අප්ග්‍රේඩ් කරගෙන හොඳ සිංදු ටිකක් එළියට දැම්මා.

'රන්වන් මල් දම්' කියන්නේ වදයක් වෙන ත‍රමටම රීප්ලේ දාගෙන ඇහුව සිංදුව. තුසිත්ගේ මික්සිං එක්ක, බෆල් එකකට, ස්පීක' එකකට තරමක් ඈතින් අපි හිටියත්, සිංදුවේ ටෙම්පෝ එක ලාවට ඇහෙනකොට දන්නවා මේ ප්ලේ වෙන්නේ 'රන්වන් මල් දම්' කියලා. ඉන්ෆ්‍රාරෙඩ් තියෙන කාලේ හෙන අමාරුවෙන් විනාඩි 10ක් 12ක් ෆෝන් දෙක එකට තියාගෙන ෂෙයා කරගත්‍ත සිංදු.

'යන්න එපා ඉන්න නගේ' හිට් වෙන්න මියුසික් වීඩියෝ එකක් අවශ්‍ය වුණේ නෑ. ගින්නක් වගේ සිංදුව පත්තු වුණා. ඉස්සර සිරසේ පෙන්නනුවෙත් වයි එෆ් එම් මොකක් හරි කොන්සට් එකකට ඇවිත් සෙන්ටිග්‍රේඩ්ස්ලා පෆෝම් කරන සිංදුවක් විතරයි. ඕඩියන්ස් එකේ කොල්ලෝ කෙල්ලෝ හෙනට එන්ජෝයි කරන විදිහත් එක්ක. පස්සේ භාතිය අයියලා එක්ක සිංදුවේ ඕඩියෝ එක හදපු විදිහේ වීඩියෝ එකක් ආවා. ඒක නං යූටියුබ් ඇති. 'යන්න එපා ඉන්න නගේ' සිංදුවේ ලිරික්ස් ගහලා බුක්මාක් පවා ආවා. ඉස්සර සෙන්ටිග්‍රේඩ්ස් බුක්මාක් එකක් හොයාගන්න අපි දත කාපු තරමක්.

උදයකාන්ත වර්ණසූරියගේ 'ආසයි මං පියාඹන්න' ෆිල්ම් එකට සෙන්ටිග්‍රේඩ්ස්ලා කරපු 'පැහැසර ඔබෙ ආදරේ' කියන්නේ "බූට් සිංදුවක්" කියලා ආඩම්බරෙන් අගය කරන්න පුළුවන් වැඩක්. විරහව රහට පෙන්නපු මොඩ'න් සිංදුවක්. සිංදුව රිලීස් කරපු දවස්වල ඉතිං එච්චරම තමයි. ඒ උදයකාන්තගේත් පීක්ම කාලේ. රොෂාන් රණවන - පූජා උමාශංකර් ලාංකේය සිනමාවේ ආදරණීයම කපල් එක වෙලා හිටපු කාලේ. අපි පූජාට පණ ඇරලා ලව් කරපු කාලේ. විෂුවලි ලස්සන වැඩකට ඇප්ලයි කරපු නියම විරහ ගීතයක්. රහසේ හද රිද්දන සිංදුවක්. 'ඔබ එක්වෙනවාදෝ' කියන්නේ ඒකෙම ඔපසිට්. ආදරේ ගැන උණුසුම් බලාපොරොත්තු දෙන ලස්සන සිංදුවක්.

සෙන්ටිග්‍රේඩ්ස් වර්තමානය ගැන මට ගොඩක් දුකයි. ඕනම බෝයි බෑන්ඩ් එකකට කවදාහරි මේ ඉරණම අත්වෙනවා, ඒක සාමාන්‍යයි, නමුත් මං හිතන්නේ සෙන්ටිග්‍රේඩ්ස්ලාට මේ දේ වෙයි කියන එක අපේ ජෙනරේෂන් එකේ කවුරුත්ම හිතුවේ නෑ. ඒ තරමට මේ කොල්ලෝ ටික අපිට ගොඩක් ළඟින් හිටියේ. අභ්‍යන්තර ප්‍රශ්න මොනා වුණා ද කියලා මං දන්නෑ, නමුත් ඒ අදාළ දෙකඩ වීම නිසා සියලුදෙනාගෙම තිබුණු ග්ලැම' එක බැස්සා කියලයි මම හිතන්නේ. අන්තිමට සෙන්ටිග්‍රේඩ්ස් පේජ් එක මීම්ස් ෂෙයා කරන තැනට විතරක් වැඩි කාලයක් යොදවන තැනට පත් වුණා.

ලොකු අතීතයක රවුමක් ගහලා, මං ආපහු වර්තමානයට එනවා. ඒ ට්‍රිප් එක යන්න වස්තු විෂය වුණු වෛවර්ණ වීඩියෝ එක, රූපවාහිනියේ 'Coke RED' පෆෝමන්ස් එක මං ආයෙත් බලනවා. සරිත් සුරිත් බෑන්ඩ් එක නියමෙට බැකිං දෙනවා. වයසින්, පෙනුමින් පරිණත ඉෂාන්, ඇස් දෙකත් වහගෙන නිවීහැනහිල්ලේ සිංදුව කියනවා. මගේ හිත අස්සේ මුළු නව යොවුන් කාලෙම දිග ඇරෙන්න ගන්නවා.

යුගයක්.

"Centigradz... ඩිජිටල් ඩීජේස්..."

- ෂෙනාල් ගුණසේකර -

"උගත්කමක් අවශ්‍ය නැති දේශපානයක් තියන රටක දේශපාලනය කියන්නේ නූගත් ගේම් එකක්. " - කලණ ගුණසේකරWatch Full interview 👇👇https:/...
05/11/2021

"උගත්කමක් අවශ්‍ය නැති දේශපානයක් තියන රටක දේශපාලනය කියන්නේ නූගත් ගේම් එකක්. " - කලණ ගුණසේකර

Watch Full interview 👇👇
https://youtu.be/Bsx5Tcx55do

අපේ දේ ❤
28/10/2021

අපේ දේ ❤

කිසි දවසක විනයවාදියකුට සත්‍ය අවබෝධ නොවේ.සත්‍ය අවබෝධ වන්නේ අව්‍යාජ මනසක් ඇති නිදහස් මනසක් ඇති මිනිසුන්ටයි.✨🤍
25/10/2021

කිසි දවසක විනයවාදියකුට සත්‍ය අවබෝධ නොවේ.
සත්‍ය අවබෝධ වන්නේ අව්‍යාජ මනසක් ඇති නිදහස් මනසක් ඇති මිනිසුන්ටයි.✨🤍

රටේ මහජන මුදල් බිලියන ට්‍රිලියන ගණනින් හොරා කන සොරුන් නිදැල්ලේ සිටියදී, ආර්ථිකය ගොඩනංවා නිදහස් මිනිසුන් නිර්මාණයට අරගල ක...
20/10/2021

රටේ මහජන මුදල් බිලියන ට්‍රිලියන ගණනින් හොරා කන සොරුන් නිදැල්ලේ සිටියදී, ආර්ථිකය ගොඩනංවා නිදහස් මිනිසුන් නිර්මාණයට අරගල කරන් උගතුන්
සිර කූඩුවට...

පර්යේශනාත්මක කංසා වගාවක් කිරීම නිසා සිරභාරයට ගන්නා ලද, ශ්‍රීලංකාවේ ප්‍රථම කංසා ප්‍රතිපත්තිය නිර්මාණය කල, ත්‍රෛලොකවිජයා කෘතිය රචනා කල හා ස්වභාවධර්මය පිලිබද විශාල පරීක්ෂණ ගණනාවක් සිදුකල ආචාර්ය වසන්ත
සේන වැලිඅංග මහතා වෙනුවෙන් අප පෙනීසිටින්නෙමු...!



ලොකු බලාපොරොත්තු නෑ, මැරෙන්න කලින් Charitha  ගේ සිංදුවක් Kasun ගේ හඬින් අහන්න තිබ්බා නම් ඇති..
19/10/2021

ලොකු බලාපොරොත්තු නෑ, මැරෙන්න කලින් Charitha ගේ සිංදුවක් Kasun ගේ හඬින් අහන්න තිබ්බා නම් ඇති..

"Squid Game " හී පිටපත ලියු Hwang Dong-Hyuk 2008 සිට අවුරුදු 10ක් ප්‍රතික්ෂේප විය  ...ඔබගේ උත්සහය අත්නොහරින්න.. 👊
19/10/2021

"Squid Game " හී පිටපත ලියු Hwang Dong-Hyuk 2008 සිට අවුරුදු 10ක් ප්‍රතික්ෂේප විය ...
ඔබගේ උත්සහය අත්නොහරින්න.. 👊

16/10/2021
16/10/2021
15/10/2021

ළමා මනස විකෘති කරන්නේ ගේම් පමණ ද? 👀

නිර්මාණශීලී භාවයයි ,ගැටලු විසදීමේ හැකියාවයි කියන දෙකම ලංකාවේ අපේ පාසල් ක්‍රමයෙන් සම්පූර්ණයෙන් නැති කරනවා - Pieter D' Alm...
15/10/2021

නිර්මාණශීලී භාවයයි ,ගැටලු විසදීමේ හැකියාවයි කියන දෙකම ලංකාවේ අපේ පාසල් ක්‍රමයෙන් සම්පූර්ණයෙන් නැති කරනවා - Pieter D' Almeida🔥

උඹ දන්නව ද ?ඇස් පේන්නේ නැති එකා කන් දාහකින් අහන්න ඕනේ කන් දාහකින්..🖤
15/10/2021

උඹ දන්නව ද ?
ඇස් පේන්නේ නැති එකා
කන් දාහකින් අහන්න ඕනේ
කන් දාහකින්..🖤

"ආස කරන දේට TRY කරලා කරලා එකේ ප්‍රතිපල ලැබීම ,ඒක උඹේ වාසනාව නෙමෙයි ඒක උඹේ කැපකිරීම" - Anushka Udana 🔥
15/10/2021

"ආස කරන දේට TRY කරලා කරලා එකේ ප්‍රතිපල ලැබීම ,ඒක උඹේ වාසනාව නෙමෙයි ඒක උඹේ කැපකිරීම" - Anushka Udana 🔥

"මට අත්හැරීම ඉගැන්නුවේ පන්සල නෙමෙයි ඔටාරා" - සන්නා🔥
15/10/2021

"මට අත්හැරීම ඉගැන්නුවේ පන්සල නෙමෙයි ඔටාරා" - සන්නා🔥

Address


Alerts

Be the first to know and let us send you an email when Serandib posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Serandib:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share