maliyadewa_dhamma_school

  • Home
  • maliyadewa_dhamma_school

maliyadewa_dhamma_school Religious Institute

කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයට පැමිණෙන්න
24/05/2024

කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයට පැමිණෙන්න

23/05/2024
ඩිජිටල් වෙසක් කලාපය දැවැන්ත LED පුවරුවකින් ඩිජිටල් වෙසක් තොරණ් 100 ක්,මලියදේව වෙසක් බැති ගී සරණිය,බත්-අයිස්ක්‍රිම්-සිසිල...
18/05/2024

ඩිජිටල් වෙසක් කලාපය
දැවැන්ත LED පුවරුවකින් ඩිජිටල් වෙසක් තොරණ් 100 ක්,
මලියදේව වෙසක් බැති ගී සරණිය,බත්-අයිස්ක්‍රිම්-සිසිල් පැන් දන්සල්,වෙසක් කූඩු ඩිජිටල් අපාය,
කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ දී
ඔබ සැමට ආරාධනා

ජයශ්‍රි මහා බෝසමිදුන් වහන්සේ අභියස
04/05/2024

ජයශ්‍රි මහා බෝසමිදුන් වහන්සේ අභියස

02/05/2024

සාමාන්‍ය පෙල දරුවන්ට සෙත් පතා
ශ්‍රී සර්වඥ ධාතු පුජාව ,ආශිර්වාද බෝධි පුජාව
ශ්‍රී නාගරුක්ඛාරාමයේදී
අද සවස 5.00 ට ඔබ සැමට ආරාධනා

මාගේ  පැවිදි දිවියට වසර 32ක් පිරිම නිමිත්තෙන් පැවැත්වූ ධර්ම දේශනාව .සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා
01/05/2024

මාගේ පැවිදි දිවියට වසර 32ක් පිරිම නිමිත්තෙන් පැවැත්වූ ධර්ම දේශනාව .
සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා

30/04/2024
ඔබ සැමට ආරාධනා
29/04/2024

ඔබ සැමට ආරාධනා

27/04/2024

සූවිසි පට්ඨාන පුජාව හෙට (28) සවස 4.00 ට කැළණි විහාරයේදී
ඔබ සැමට ආරාධනා සංවිධානය :- ශ්‍රී නාගරුක්ඛාරාමය කොටිකාවත්ත

බක් පුන් පොහෝ දිනයේ වැදගත්කම...බක් මාසයේ සිදු වූ වඩාත් ම වැදගත් ශාසනික සංසිද්ධිය නම් බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය...
22/04/2024

බක් පුන් පොහෝ දිනයේ වැදගත්කම...

බක් මාසයේ සිදු වූ වඩාත් ම වැදගත් ශාසනික සංසිද්ධිය නම් බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනයයි.

සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වැනි වර්ෂයේ බක් මස අව පසළොස්වක් පොහෝ දින ලක්දිව සිටි චූලෝදර හා මහෝදර යන නාග ගෝත්‍රික රජුන් දෙදෙනා අතර මිණිපළඟක් වෙනුවෙන් ඇතිවීමට ගිය ආරවුලක් සංසිඳුවීමට සෘද්ධියෙන් ලක්දිවට වැඩම කළ සේක.

මෙම නාරජවරුන් ලක්දිව සිටි නාග ගෝත්‍රික රජවරුන් වශයෙන් අනුමාන කෙරෙයි. මහෝදර නාග රාජයා මුහුදේ පන්සිය යොදුනක් විශාල වූ නාග භවනෙහි ආධිපත්‍යය දැරීය. මහෝදර නා රජුගේ සහෝදරිය කන්වඩමන් නම් පර්වතයෙහි විසූ නා රජකුට විවාහ කර දී තිබුණි. මෙම පිරිස ගොඩ විසූ නාගයන් ලෙස හැඳීන්වෙයි. එම නැඟනියගේ පුත්‍රයා චූලෝදර නම් විය. මෙම ගොඩබිම සහ මුහුදේ විසූ නාග කොට්ඨාස දෙක ම අතිශය බලවත් දෙපිරිසක් වූ බව මූලාශ්‍රවල කියැවේ.

මහෝදරගේ පියා වූ නාග රාජයා කළුරිය කරද්දී තමා සතු වූ මැණික් පුටුව හෙවත් මිණිපළඟ දියණියට ලබා දී තිබූ අතර එහි අයිතිය තමා වෙත ලබා ගැනීමට මහෝදර නා රජු චූලෝදර නම් වූ තම බෑණනුවන් සමග යුද්ධයට එළඹියේ ය.

ඇතිවීමට යන උවදුර දුටු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දොරකඩ කිරිපලු රුකට අරක් ගෙන සිටි සමිද්ධි සුමන දිව්‍ය රාජයා සමඟ ලක්දිවට වැඩම කළ සේක.

පෙර භවයේ ලක්දිව නාගදීපයේ ඉපදී එකල කිරිපලු රුකක් මුල වැඩ හිඳ දන් වළඳන පසේ බුදුවරයන් වහන්සේ දැක උන්වහන්සේට පාත්‍ර පිරිසුදු කිරීමට කොළ කඩා දුන් පිනෙන් දෙව්රම් වෙහෙර අසල කිරිපලු රුකෙහි දෙවියකු වී ඉපදුණු බව මහාවංසයේ කියැවේ. සමිද්ධි සුමන දෙවිඳුන් තම වාසභවනය වූ කිරිපලු රුක උදුරා ඡත්‍රයක් වශයෙන් බුදුහිමියන්ට සෙවණ පිණිස ඔසවාගෙන පැමිණියේ ය.

බුදුරජාණන් වහන්සේ බක් මස අවපසළොස්වක හෙවත් අමාවක පොහෝ දින උදෑසන ලක්දිවට වැඩම කරවා අහසෙහි හිඳ ඝන අන්ධකාරයක් සහ ඉන් පසු ආලෝකයක් මවා නාගයන් දමනය කළහ. දැමුණු නාගයෝ බුදුරජාණන් වහන්සේ සරණ ගියහ. එම පිරිසට යුද්ධයේ ආදීනව පෙන්වා දී සසර ආදීනව, අන්‍යයන්ගේ දොස් දැකීමේ ආදීනව විස්තර කර සමඟිබවේ අනුසස් සහ වෛරයෙහි ආදීනව දැක්වෙන කාකෝලුක, ඵන්දන, ලටුකික, වට්ටක යන ජාතක කථාවන්ගෙන් දහම් දෙසූහ.

දම් අසා ප්‍රසාදයට පත් නාග රජවරු තමන් යුද්ධයට එළඹීමේ නිමිත්ත වූ මිණි පළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළහ.

අහසින් පොළොවට වැඩ මිණිපළඟෙහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ වෙත නාගයෝ දානය පූජා කළහ. මෙහිදී අසූ කෝටියක් නාග පිරිස් තෙරුවන් සරණ ගිය අතර, මහෝදර නාරජුගේ මාමා වූ කැලණියේ විසූ මණිඅක්ඛික නා රජු තම වාසභවනට වැඩමවන ලෙස බුදුරදුන්ට ආරාධනා කළේ ය.

සමිද්ධි සුමන දෙවි රජුගේ වාසභවනය වූ බුදුරදුන්ට සෙවණ සැලසූ කිරිපලු රුක සහ නා රජවරුන් පිදූ මිණිපළඟ පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් සලකා වැඳුම් පිදුම් කිරීමට නාගයන් වෙත ම පවරා බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙරට වැඩම කළහ. මෙම මිණිපළඟ නිධන් කොට නාගදීප චෛත්‍යය බඳවා තිබේ.

බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය හැරුණු විට තවත් සුවිශේෂී සිදුවීම් දෙකක් බක් පොහෝ දිනය හා සබැඳෙයි. බුදුවීම සඳහා අභිනිෂ්ක්‍රමණය කිරීමට සිදුහත් කුමරුගේ සිත නැඹුරු වූයේ සතර පෙර නිමිති දැකීමෙනි. සතර පෙරනිමිති අතුරින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලකු දුටුවේ බක් පොහෝ දිනයක ය. ඉන් පසු මසකට එක බැගින් අනෙක් පෙර නිමිති තුන දැකීමෙන් පසු ඇසළ පොහෝ දින අභිනිෂ්ක්‍රමණය සිදු වූ බව පිළිගැනීමයි. ඒ අනුව අභිනිෂ්ක්‍රමණය පිණිස සිදුහත් කුමරුගේ සිත මුලින් ම නැඹුරු වූයේ බක් පුර පසළොස්වක පොහෝ දිනයක දී ය.

අනෙක් සිදුවීම නම් බුද්ධත්වයෙන් පසු මැදින් පුර පසළොස්වක පොහෝ දිනය ආරම්භ කළ කිඹුල්වතට වැඩමවීමේ ගමන් මගෙහි අර්ධයක් සම්පූර්ණ කරන ලද්දේ බක් පොහෝ දිනයක දී ය. රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුරය දක්වා යාමට මැදින් පෝ දා ආරම්භ කළ සැට යොදුන් මඟෙහි යොදුන් තිහක් සම්පූර්ණ කරන ලද්දේ බක් පුර පසළොස්වක දිනය දී වීම ද විශේෂ සිදුවීමකි.

මෙලෙසින් ඉතා වැදගත් ශාසනික කරුණු කිහිපයක් අනුස්මරණය කරනු ලබන බක් පුර පසළොස්වක පොහොය දිනය ලෝකවාසී බොදු දනන්ගේ හිතසුව පිණිස ධර්මාවබෝධයට හේතුවන දිනයක් බවට පත් කර ගැනීමට සියල්ලෝ ම කටයුතු කරත්වා.

ශ්‍රී මලියදේවයන්ගේ ගැමි ගෙදර ,ගමරාළ ඇතුළු පිරිස පුණ්‍ය කාලයට පන්සල් ඇවිත් ....
20/04/2024

ශ්‍රී මලියදේවයන්ගේ ගැමි ගෙදර ,ගමරාළ ඇතුළු පිරිස පුණ්‍ය කාලයට පන්සල් ඇවිත් ....

ඔබ සැමට දළදා සමිදු පිහිටයි...
16/04/2024

ඔබ සැමට දළදා සමිදු පිහිටයි...

නිරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට
14/04/2024

නිරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථශ්‍රී මලියදේව දම් පියසේ ඇදුරු මඩුල්ල....
11/04/2024

ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථ
ශ්‍රී මලියදේව දම් පියසේ ඇදුරු මඩුල්ල....

අද අවුරුදු පොළ ට ඔබත් එන්න. සංවිධානය :-ශ්‍රී මලියදේව දහම් පාසලේ දරුවන්.කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයට ...
07/04/2024

අද අවුරුදු පොළ ට ඔබත් එන්න. සංවිධානය :-ශ්‍රී මලියදේව දහම් පාසලේ දරුවන්.කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයට පැමිණෙන්න

හෙට අවුරුදු පොළ ශ්‍රී මලියදේව දහම් පාසලේ සියලු දෙනා පැමිණෙන්න
06/04/2024

හෙට අවුරුදු පොළ
ශ්‍රී මලියදේව දහම් පාසලේ සියලු දෙනා පැමිණෙන්න

ශ්‍රී මලියදේව දහම් පාසලේ වාර්තාව අවුරුදු පොළ  අප්‍රේල් මස 07 දා පෙ.ව.8.00 සිට ,කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාර...
01/04/2024

ශ්‍රී මලියදේව දහම් පාසලේ වාර්තාව අවුරුදු පොළ අප්‍රේල් මස 07 දා පෙ.ව.8.00 සිට ,කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ දී .
ඔබ සැමට ආරාධනා

හෙට උදෑසන 6.30 ට පැවැත්වෙන, කැලණි පින්කමට සූදානම් වෙමින් ....
29/03/2024

හෙට උදෑසන 6.30 ට පැවැත්වෙන, කැලණි පින්කමට සූදානම් වෙමින් ....

මැදින් පොහො වැදගත්කම අප්‍රමාදීව කුසල් වඩමු.
23/03/2024

මැදින් පොහො වැදගත්කම අප්‍රමාදීව කුසල් වඩමු.

16/03/2024

මව්පිය වන්දනා වැඩ සටහන මාර්තු 17 පෙ.ව.8.00 ට ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථ
ශ්‍රී මලියදේව දහම් පාසලේ දී.

06/03/2024

අද සවස5.30 නෙලුම් මල් 1500ක පුජාවට සියලු දෙනාම පැමිණෙන්න
ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයට

05/03/2024

නෙලුම් මල් දහසක පුජාවක් හෙට කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ සවස 5.30 ට පැවැත්වේ
ඔබ සැමට ආරාධනා

හෙට උත්සවයට සූදානමින් ...
10/02/2024

හෙට උත්සවයට සූදානමින් ...

iT campus 120ක් අතරින් හොඳම 24 වන campus ekata තේරීපත් වූ වගයි.
10/02/2024

iT campus 120ක් අතරින් හොඳම 24 වන campus ekata තේරීපත් වූ වගයි.

හෙට දින සවස 2.30 ට කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ දී
10/02/2024

හෙට දින සවස 2.30 ට කොටිකාවත්ත ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ දී

Address


Telephone

+94779471888

Website

Alerts

Be the first to know and let us send you an email when maliyadewa_dhamma_school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to maliyadewa_dhamma_school:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share