බිබිල නිවුස්

  • Home
  • බිබිල නිවුස්

බිබිල නිවුස් ඌව වෙල්ලස්සේ දැවැන්තම ප්‍රාදේශීය පුවත් සන්නාමය

සුනාමියෙන් මියගිය අය සිහිපත් කරමින් අපි  විනාඩි 2ක් නිශ්ශබ්ද වෙමු . සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදාවලින් මියගිය පුද්ගලයි...
26/12/2024

සුනාමියෙන් මියගිය අය සිහිපත් කරමින් අපි විනාඩි 2ක් නිශ්ශබ්ද වෙමු .

සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදාවලින් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීම සඳහා ජාතික සුරක්ෂිත දිනය දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් අද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව ජාතික සුරක්ෂිතතා දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ඒ, ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමණාකරණ අංශ පරිශ්‍රයේදී යි.
2005 වසරේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
එහි දී සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදාවලින් මියගිය සියලු දෙනා සිහිපත් කර විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් රැකීම සිදු කරනු ඇති.
අද දිනයේ දී ද පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා විනාඩි 02ක නිශ්ශබ්දතාවක් සුරකින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

Shout out to my newest followers! Excited to have you onboard! Ananda Rajapaksha, Chathuranga Ameehsa, Saman Kumara, රිය...
26/12/2024

Shout out to my newest followers! Excited to have you onboard! Ananda Rajapaksha, Chathuranga Ameehsa, Saman Kumara, රියල් කැෆා, Heshani Apsara, Nishantha Hettiarachchi

සුනාමියට වසර 20 යි 💥🥹 මියගිය  සියලු දෙනාට නිවන්සුව  ලැබේවා 2004-12-26 🌊නත්තලේ 🎄 සතුට අරන් ගියපුදෙමාපියන්ට තම දරුවන් අහිම...
26/12/2024

සුනාමියට වසර 20 යි 💥🥹 මියගිය සියලු දෙනාට නිවන්සුව ලැබේවා 2004-12-26 🌊

නත්තලේ 🎄 සතුට අරන් ගියපු
දෙමාපියන්ට තම දරුවන් අහිමි කරපු
සහෝදර සහෝදරියන්ගෙ ජීවිත බිල්ලට ගත්
ගෙයක් ගෙයක් පාසා විලාප දුන්

ඒ අඳුරුම මතක පිරුණු දවස මතකද ???😞

එතෙක් ඉතිහාසයට පොතට පමණක් සිමා වූ මුහුද ගොඩගැලීම
මෙලෙස කිසිවෙකුත් කිසිවිටක බලාපොරොත්තු වූවාක් නොවිය යුතුය..

නත්තල් දාට පසු දින එනම් 2004 වර්ෂයේ 26 වන දින උදෑසන කාලයේ සුමාත්‍රා දූපත් ආසන්නයේ හටගත් රික්ටර් පරිමාණ ඒකක 9ත් 9.1ක අගයක් ගත් භූ තැටි චලන කිහිපයක් හේතුවෙන් , කැළඹුනු ඉන්දියන් සමුද්‍රය ගම් නියම් ගම් සමතලා කරමින්, සුනාම් පිළිබඳ අත්දැකීමක් නොමැති අහිංසක ජීවිත දහස් ගණන් උදුර ගනිමින් ගොඩබිම් කරා ඇඳී ගොස් සියල්ල සුනුවිසුණු කලහ. අඩි 100ක් පමණ උසැති ප්‍රචණ්ඩකාරි රළ පෙලවල් කිහිපයක් ඇති වූ අතර 21 වන සියවසේ සිදුවූ දරුණුතම සහ දැවැත්තම ඛේදවාචකය මෙය වේ. ගත වූ එම විනාඩි කිහිපයක් ඇතුළත රටවල් 14ක මිනිස් ජීවිත 227,898 ක් බිලිගත් බිහිසුණුම සුනාමි ඛේදවාචකය මෙය වේ.

එම සුනාමි ඛේදවාචකයෙන් මිය ගිය සියළු සත්වයන්ට
උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන අතර,

මෙවන් අකල් විපත් කිසිමවිට
මිහිතලයට නොපැමිණේවා!!! 🥺🌏💕
___________________________________________
2004.12.26 වෙනි දින.
අඳුරු මතකාවර්ජන

25/12/2024

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසෙන් දේව මන්දිරයේ පවත්වනු ලබන නානුමුර පූජා මංගල්‍යය සෑම බදාදා දිනකම පෙ.ව.10.30 සජීවීව..
©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2024

21/12/2024

Super Fair ව්‍යවසාය වෙළෙඳ ප්‍රදර්ශනය 2024.
දෙසැම්බර් මස 23/24 යන දිනයන්හි බිබිල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවත්වේ.
ඔබ සැමට ආරාධනා ..!
මාධ්‍ය අනුග්‍රහය .බිබිල නිවුස් .

14/12/2024

උඳුවප් පෝදා උදෑසන අෂ්ටාංගික සීල සමාධි වැඩසටහන ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථාන පුදබිමේ සිට සජීවි විකාශනය...

05/12/2024

අද (05) දින සවස බිබිල මොනරාගල මාර්ගයේ දොඩම්ගොල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් සහ යතුරු පැදියක් එකිනෙකට ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර .අනතුර පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු බිබිල පොලිසිය විසින් සිදුකරනු ලබයි .

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.විභා...
28/11/2024

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය.

ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.

මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

මුදල් හදිස්සියක් මත ඉතා ඉක්මනින් විකිණීමට .බිබිල .BGB ****2017V2වැඩිවිස්තර සදහා අමතන්න .(076) 030 8406
22/11/2024

මුදල් හදිස්සියක් මත ඉතා ඉක්මනින් විකිණීමට .
බිබිල .
BGB ****
2017
V2
වැඩිවිස්තර සදහා අමතන්න .

(076) 030 8406

21/11/2024
20/11/2024

පස්සර 13කනුව ප්‍රදේශයේ නායයෑම සිද්ධියේ CCTV දර්ශන .

Address


Telephone

+94729337026

Website

http://www.bibilenews.lk/

Alerts

Be the first to know and let us send you an email when බිබිල නිවුස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share