හඬ

හඬ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හඬ, Publisher, .

බුරන බල්ලන්ට ගල් ගැසීමට ඔබගේ වටිනා කාලය නොයොදන්න....
31/01/2024

බුරන බල්ලන්ට ගල් ගැසීමට ඔබගේ වටිනා කාලය නොයොදන්න....

😌😌තනි ඇදක් තියෙන කාමරයක් හොඳ ද නැත්නම් හතර දෙනෙක් එකට ඉන්න එකක් ද හොඳ ද..? නෑ, තනි ඇදක් තියෙන කාමරයක් හොඳයි. ටීවී එකක් ඕ...
06/07/2023

😌😌

තනි ඇදක් තියෙන කාමරයක් හොඳ ද නැත්නම් හතර දෙනෙක් එකට ඉන්න එකක් ද හොඳ ද..?

නෑ, තනි ඇදක් තියෙන කාමරයක් හොඳයි.

ටීවී එකක් ඕනෙද.?

ඔව්, ටීවී එකක් ඕනෙ..

නෑ පුතේ ටීවී ඕන නෑ පුතේ දරුවන් ටීවි බැලුවත් ඔයා බනිනවා නේ.. ඒ නිසා එපා..

හැමවෙලේම බලන්නේ නෑනේ තාත්තේ, පාළුවක් දැනෙන වෙලාවට විතරක් නේ.. ටීවී එකක් තියන කාමරයක් හොඳයි..

AC ඕනෙද..?

AC තියෙන කාමරයක ගණන් කොහොමද..?

AC නම් රු.10,000 යි
Non AC නම් රු.5000 යි..

එපා පුතේ AC ඕන් නෑ..

නෑ තාත්තා, රස්නේ දවස්වලට සමහරවිට අවශ්‍ය වෙයි.. කමක් නැහැ AC කාමරයක් හොඳයි..

කෑම කොහොමද, Vegetarian ද Non Vegetarian ද..?

තාත්තා Non Vegetarian..

එතකොට Payment කරන්නේ කොහොමද Sir, Cash ද Cheque ද.?

මම Cheque එකෙන් Pay කරන්නම්.

තාත්තේ පොඩ්ඩක් ඉන්න, මම බඩු ටික අරන් එන්නම්..

කාර් එක ලගට යද්දී පුතාගේ දුරකථනය නාද වෙනවා..

බිරිඳගෙන් Call එකක්..

හරිද, වැඩේ ඉවර ද..?

ඔව් මං බඩු ටික ගන්න කාර් එක ලගට ආවා. (පුතා දකිනවා ඒ මොහොතේ වැඩිහිටි නිවාසයේ පියතුමා ඇවිත් තාත්තා සමග සුහදව කතාකරමින් ඉන්නවා)

හ්ම්ම්.... මේ ඒක නෙවෙයි, වෙසක් පොසොන් කියලා ආයේ ගෙදර එයිද..?

දන්නේ නෑ.. සමහරවිට..

නෑ නෑ, මේ මං කිව්වේ අලුත් තැනක් නිසා එතන ඉන්න අයත් එක්ක පුරුදු වෙන්නත් ඕන නේ ඒකයි.. හරි හරි ඔය වැඩේ කරලා එන්නකෝ... අද මං ඔයාට පොඩි දෙයක් හදලා තියෙන්නේ හරි.. ඉක්මනින් එන්න...

පුතා බඩු මළු අරන් ඇතුලට එනවිට පියතුමන් සමග කතාකරමින් සිටි තාත්තා ඇතුලට යයි...

පුතා, පියතුමා මුණගැසේ...

පියතුමා අපේ තාත්තා අදුරනවා ද..? මං දැක්කා ඔය දෙන්නා කතා කරනවා හරියට යාළුවෝ වගේ..

ඔව් පුතා මං ඔයාගේ තාත්තව දන්නෙ බොහොම ඉස්සර ඉදන්ම..

ඒ කිව්වේ පියතුමා...

දැනට අවුරුදු විසිපහක ට තිහකට කලින් මං ඔහුව හදුනාගැනීමට පුළුවන් උනා පුතා..

තාත්තා මොකක්ද කිව්වේ පියතුමා...

මට කිව්වා ඒක ඔයා අතින් කියන්න එපා කියලා... නමුත් පුතේ මං හිතනවා ඒක ඔයාට කියන්න වෙලාව ඇවිත් තියෙන්නේ කියලා...

මොකක්ද පියතුමා...

ඔයාගේ තාත්තා මීට අවුරුදු තිහකට කලින් අපේ මේ මඩමට ඇවිත් අම්මා තාත්තා නැති අනාථ වූ පිරිමි ළමයෙක් ව අරං ගියා හදාගන්න කියලා..

පියතුමා පුතාගේ පිටට තට්ටුවක් දමා.. ඔයා කිසිදේකට බයවෙන්ඩ එපා අපි ඔයාගේ තාත්තව හොදින් බලාගන්නවා..

සටහන සහ ච්‍යාරුප මුල්අයිතිකරු සතුයි උපුටා ගැනිමකි

06/07/2023

අපිත් හෙන මාතෘකා බන් ගම්වල

06/07/2023

මිනිස්සු ආදරෙ සල්ලි වලට මිස මනුස්සකමට නෙමෙ යාලුවා

අපි හැදෙනවා, රට හදනවා😂
10/06/2023

අපි හැදෙනවා, රට හදනවා😂

27/05/2023
27/05/2023

පාසල්වල උත්සවවලට ආරාධිත අමුත්තන් ලෙස සුදු ඇදගත්‍ත පල්හොරුයි, ටයි දාගෙන පුටු රත් කරන අයයි ගෙන්නන් නැතිව ගමේ හොද ගොවි මහත්තයෙක්,වෙද මහත්‍තයෙක්, විශ්‍රාමික ගුරුවරයෙක්, වගෙ වට්න මනුස්සයෙක් ගෙන්නපල්ලා දැන්වත් වෙනස් වෙයල්ලා☺️

කැලි තුනේ ටෝච් එකයි පන්දමයි අරගෙන ගමේ පන්සලට ගිහින් බුදුන් සිහිකරගෙන වන්දනාමාන කර ගන්න🙏🙏
26/05/2023

කැලි තුනේ ටෝච් එකයි පන්දමයි අරගෙන ගමේ පන්සලට ගිහින් බුදුන් සිහිකරගෙන වන්දනාමාන කර ගන්න🙏🙏

අරාබියේ අස්වැන්න ❤️❤️හොදවැඩේ ඉගෙන ගත්ත නැති නිසා උන්ට කුබුරු කොටන්ට වෙලා😂😂මේ ක්‍රමය වෙනස් උන දවසට මේ රට ගොඩ බන්❤️❤️🇱🇰🇱🇰🇱...
17/03/2023

අරාබියේ අස්වැන්න ❤️❤️
හොදවැඩේ ඉගෙන ගත්ත නැති නිසා උන්ට කුබුරු කොටන්ට වෙලා😂😂
මේ ක්‍රමය වෙනස් උන දවසට මේ රට ගොඩ බන්❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

16/02/2023
මිනිස්සු හරක් නෙමේ බොලව්..බොරු කියන්ට ඕනි නෑ සල්ලි තියෙන ලොකු ලොක්කන්ට ලයිට් දෙන්ට ඕනි නිසා මේක කරා වගෙ නේ.. නැත්නම් කපප...
16/02/2023

මිනිස්සු හරක් නෙමේ බොලව්..බොරු කියන්ට ඕනි නෑ සල්ලි තියෙන ලොකු ලොක්කන්ට ලයිට් දෙන්ට ඕනි නිසා මේක කරා වගෙ නේ.. නැත්නම් කපපල්ලා ඕක්කොම කරුවලේ පැයක් දෙකක් ඉන්න ... ඔක්කොටොම තෙරෙයි රටෙ තත්වෙ නැත්නම් දුක් විදින එකා හැමදාම දුක තමා බන් ..උබලා මේ ගැහුවේ එදා වේල හම්බකරන් කන මිනිස්සුන්ට බන්... වැඩි කරපල්ලා එකක 90ට වැඩි ගෘහස්ථ විදුලි බිලවල් ඒකරලා වියාපාරිකයන්ටයි අඩු ඒකක ගානක් පාවිච්චි ගෙවල් වල මිනිස්සුන්ට සහනයක් දීපල්ලා මිනිස්සු පව් බන්..

ජීවිතේ අහපු ආදර්නීයම කතාව..💓💓 Martino හැම නිවාඩුවකටම දෙමව්පියන් සමග සීයා බලන්න කෝච්චියෙන් යනවා...එයා තාත්තට කිව්වා.. "මේ...
11/11/2022

ජීවිතේ අහපු ආදර්නීයම කතාව..💓💓 Martino හැම නිවාඩුවකටම දෙමව්පියන් සමග සීයා බලන්න කෝච්චියෙන් යනවා...

එයා තාත්තට කිව්වා..
"මේ පාර මට තනියෙන් සීයා බලන්න යන්න ඕනේ" කියලා...

තාත්තා කැමති උනා. ඉතිං පුංචි Martino ඇදගෙන බෑග් එකත් අරගෙන දුම්රිය පොලේ සිටියා කෝච්චිය එනතුරු...

"ඕනේ කමක් වුනොත් බලන්න.."

කියලා කොලයක් තාත්තා Martino ගෙ පොකට් එකට දැම්මා...

ඉතිං දුම්රියේ ටික දුරක් යද්දී මිනිස්සු හයියෙන් කෑගහන ගතිය චූටි Martinoට දරන්න බැරි වුනා....
මිනිස්සු අමුතු විදියට ඔහු දිහා බලනවා....
තනියෙන් යන්නේ ඇයි කියලා අහනවා....
ඉතිං පැටියට හරි දුකයි. ඇගට ලෙඩ ගතියක් දැනුනා....
කදුළු බිංදු වැටෙන්නට ඔන්න මෙන්න....
කලබල ගතියක් දැනුනා...

පුංචි Martinoට තාත්තා දාපු කොලේ මතක් වුණා...
Martino කලබලයෙන් වගේ සාක්කුවෙන් තාත්තා දාපු කොලේ අරන් කියෙව්වා...

ඒකේ තිබුනේ.....

"පුතේ මම අන්තිම පෙට්ටියේ ඉන්නවා"
කියලා...

අපි අපේ දරුවන් විශ්වාස කරන්න ඕනේ...
දරුවන්ට විශ්වාසයක් ඇති කරන්න ඕනි....
දරුවන්ට අවශ්‍යදේ කරන්න දෙන්න ඕනේ...
දෙමාපියෝ සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ...

ඔවුන්ට හමුවන බාධා, ඔවුන් මොනවා කරන්නද කියලා නොතේරෙන වෙලාවල් ගැන අවධානයෙන් ඉන්න ඕනේ...
දෙමාපියන් ජීවත් වෙනකම් දරුවන්ට ලංව සිටිය යුතුයි...

මතක තබා ගන්න...

" දෙමව්පියන් සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ..."

ජය ❤❤
Jordan M Fernandes

23/09/2022

සැපේ යන්න පර්මිට් එක දුන්නට වඩා හොදයි ගොවියෙක්ට ට්‍රැක්ටරයක් ගන්න පර්මිට් එක දුන්නා නම්, අද රට හොද තැනක මහත්තයෝ .

19/08/2022

මගේ සැමියා වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙක්.
මම ආදරය කලේ එයාගේ සෘජු බවට,
එයාගේ පළල් උරහිසේ මට දැනුන ආරක්ෂාවට උණුසුමට.
වසර තුනක ආදර සම්බන්ධතාවයකින් පසුව අපි විවාහ වෙලා දැනට අවුරුදු දෙකක්.
අවුරුදු දෙකක් යනකේට මට විවාහය එපාවුනා.
ඒ විවාහ ජීවිතය වෙහෙසකාරී අත්දැකීමක්.
මුල් කාලයේ මම එයා ගේ ආදරය කරපු ගතිගුණම, දැන් මට වදයක් වෙලා.
මම ලේ මස් නහර වලින් හැඳුන දුක සතුට දැනෙන ගැහැණියක්.
ආදරය හමුවේ මම හොඳටම සංවේදී යි.
මගේ හදවත ආදරණීය අවස්ථා ඉල්ලා හඬා වැළපෙන්නේ හරියට පොඩි දරුවෙක් සෙල්ලම් බඩු ඉල්ලනවා වගේ.
මගේ සැමියා සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත.
හරිම අසංවේදි පුද්ගලයෙක්.
කොයිම වෙලාවකත් අපේ සම්බන්ධය ට romance ගේන්න එයාට බැරි වුනා.
මේ දේවල් මාව විඩාවට පත්කලා
මට ඇතිවුනා.
අවසානයේ මගේ තීරණය මම එයාට කිව්වා.
"මම දික් කසාද වෙන්න තීරණය කලා "
එයාට මගේ තීරණය හිතාගන්න බැරි එකක් වුනා.
"ඒත් ඇයි ඇයි මෙහෙම වුනේ"
"මට ඔයාත් එක්ක ජීවත් වෙන එක හරි වෙහෙසෙයි.
හැම දෙයකටම හේතුවක් කියන්න බෑනේ"
ඊට පස්සේ මුළු දවසෙම කතාවක් නෑ, එයා බොහොම නිශ්ශබ්ද ව කල්පනා කලා, මම තව තවත් කලකිරීමට පත්වුනා.
මේ වගේ අසංවේදි පුද්ගලයෙක් සමග තව මොනවා කරන්නද, මේ වගේ වෙලාවක වචනයක්වත් කියන්න බෑ.
ඊළඟ දවසේ එයා මගෙන් මෙහෙම ඇහුවා...
" මම ඔයාගේ ඔය තීරණය වෙනස් කරන්න මොකක්ද කරන්න ඕනේ..."
මට මේ වෙනකොට එයාව වෙනස් කරන්න පුළුවන් කියලා කිසිම විශ්වාසයක් නෑ.
එයාගේ විදිහ කවදාවත් වෙනස් වෙන්නේ නෑ. මම එහෙමයි හිතුවේ.
මම එයාගේ ඇස් දෙක දිහා බලාගෙන එයාට මෙහෙම කිව්වා....
"ඔයා මට මේ ප්‍රශ්නයට දෙන උත්තරය අනුව මම මගේ තීරණය ගැන ආයෙත් හිතන්නම්....
කන්දක අයිනක ලස්සන මලක් පිපිලා තියෙනවා, මේ මල කඩන්න ගියොත් ඔයාගේ ජීවිතය අවධානමකට ලක්වෙන්න පුළුවන්, ඒත් මට මේ මල ඕන...
ඔයා මා වෙනුවෙන් මේ මල් කඩලා දෙනවාද.."
"මම හෙට උත්තර දෙන්නම්"
එයාගේ උත්තරය මාව තවත් කලකිරීමට පත් කලා.
මම ඊළඟ දවසේ උදේ නැගිටින කොට එයා නෑ. එයාගේ කටු අකුරු වලින් ලියපු ලියුමක් තිබුනා...
මම ඔයා වෙනුවෙන් ඒ මල කඩන්නේ නෑ,
මට පැහැදිලි කරන්න ඉඩදෙන්න...
මගේ හදවත කඩා වැටුනා
ඒත් මම දිගටම ලියුම කියෙව්වා...
ඔයා computer එක පාවිච්චි කරන කොට ඔයා හැම වෙලේම ඒකේ තියෙන මෘදුකාංග අවුල් කරගන්නවා, මම මගේ ඇඟිලි ආරක්ෂා කරගන්න ඕන
ඔයාට ඒ වෙලාවට උදව් කරන්න..
ඔයා හැම වෙලාවකම ගෙදර යතුර අමතක කරනවා, මම මගේ කකුල් ආරක්ෂා කරගන්න ඕන ඔයා වෙනුවෙන් දුවගෙන ඇවිත් දොර අරින්න...
ඔයා ඇවිදින්න ආසයි ඒත් ඔයා පාරවල් දන්නේ නෑ, මම මගේ ඇස් ආරක්ෂා කරගන්නවා ඔයාට පාර හොයලා දෙන්න...
ඔයා මාසයක් ගානේ අපහසුවෙන් ඉන්නවා නේද.. මගේ අත් ආරක්ෂා කරගන්න ඕන ඔයාගේ උදර වේදනාව අඩුකරන්න...
ඔයා දුකින් ඉන්න දවස් තියෙනවා, මම මගේ කට ආරක්ෂා කරගන්නවා ඔයාව සිනහගස්වන්න...
අපි වයසට ගිහින් ඔයාගේ ඇස් නොපෙනෙන්න ගත්තොත්, මම ඔයාගේ නියපොතු කපන්න උදව් කරන්න ඕන, ඔයාගේ සුදු කෙස් අයින් කරන්නම්...
මට කවදා හරි දැනගන්න ලැබුනොත් ඔයාට මට වඩා කවුරුහරි ආදරෙයි කියලා, මට වඩා එයාට ඔයාව බලාගන්න පුළුවන් කියලා, මම එදා ට ඒ මල කඩනවා....
මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගිහින් ලියුමට වැටුනා....
අකුරු බොඳවුනා....
මම දිගටම කියෙව්වා....
ඔයා දැන් මේ ලියුම කියවලා ඉවරයිනේ, ඔයා මගේ උත්තරය ගැන සතුටුයි නම්, ඉස්සරහ දොර අරින්න..
මම ඔයා ආසම දේවල් එක්ක දොර ගාව...
මම දුවලා ගිහින් දොර ඇරියා..
එයාගේ බලාපොරොත්තු සහගත බැල්ම මම දැන් දන්නවා...
වෙන කවුරුවත් නෑ එයා තරම් මට ආදරය කරන...
මම තීරණය කලා මල එතනම තිබුනාවේ....
ඒක තමයි ජීවිතය....
ඒක තමයි ආදරය....
කෙනෙක්ව ආදරය වටකරගෙන හිටියත් එයාට ඒ හැගීම් වල නැවුම් බව නැතිවුන දවසට ඒ සාමය පිටුපස තියෙන සත්‍ය ආදරය අමතක වෙනවා,
ඒ ආදරයේ වටිනාකම නැතිවෙනවා...
ආදරය එක එක විදිහයි.
ඒක මේ වගේ කියලා කියන්න ස්වරූපයක් නෑ..
ඒක ගොඩක් වෙහෙසකාරී කම්මැලි දෙයක් වෙන්න පුළුවන්...
මල්, එක් එක් අවස්ථා (romantic moments) සම්බන්ධයකට ලස්සනක් ගේනවා..
ඒත් ඒ හැම දෙයක්ම යට පවතින ආදරය තමයි සම්බන්ධතාවයක් සඳහා වැදගත්වන අත්තිවාරම....

මුල් ලේඛකයාට ස්තුතියි...

ඔව් නුඹලා ලියන හැමදේම ඇත්ත.නමුදු.නුඹේ රැකියාවට පඩියක් ගෙවන නිසාවෙන්නුඹ වෛද්‍ය වරයෙක් වෙන්නැති..නුඹ ගුරුවරයෙක් වෙන්නැති.....
23/07/2022

ඔව් නුඹලා ලියන හැමදේම ඇත්ත.

නමුදු.
නුඹේ රැකියාවට පඩියක් ගෙවන නිසාවෙන්
නුඹ වෛද්‍ය වරයෙක් වෙන්නැති..
නුඹ ගුරුවරයෙක් වෙන්නැති....
නුඹ රියදුරෙක් වෙන්නැති...
නුඹ මහාචාර්ය කෙනෙක් වෙන්නැති...
නුඹ එහෙමත් නැතිනම් කිනම් හෝ තනතුරක් දරන ලොකු මහත්තයෙක් හෝ නෝනා කෙනෙක් වෙන්නැති...

නුඹ සතු දෛනික හිමිකම් බොහෝ ඇත.
ධනය ඉපැයීම වෙනත් මාර්ග ඔබ සතුව ඇත.
නිදහසේ නිවසේ නිදා ගැනිමේ අයිතිය නුඹට ඇත.
බිරිද ගේ ස්වාමියාගේ උණුසුම් නුඹට ඇත.
අම්මා තාත්තාගේ උණුසුම නුඹට ඇත.
දරුවන්ගේ හුරතල්කම විදින්න කාලය නුඹට ඇත.

නමුත් නුඹ දන්නවාද.....?
නුඹට හිමි දෛනික හිමිකම් අපහට අහිමි බව
නුඹ රැකියාව නිසා නුඹේ ශ්‍රමය කැප කරන බවත් සහ අපි රැකියාව නිසා ජිවිතය කැප කරන බව
නුඹට හිමි දේ අපට අහිමිව ඇති බව

නමුදු නුඹ මෙය වටහා ගන්න.
නුඹට අහිමි අපට හිමි එකම වරම අප කිසි විටෙක අන්සතු නොකරන බව.
ඒ නම්.....
'' නුඹ සුවපහසු නින්දක් නිදාගෙන ඇහැරෙන තෙක් අපි නොනිදා නුඹ සහ නුඹ සතු වත්කම් ආරක්ෂා කර දිමේ වරම"

එයයි නුඹලා සහ නුඹලාම කියන 8පාස් අපේ රැකියාවේ වෙනස

17/07/2022

මේ දවස්වල සතියේ දවස් පහම වැඩට යන්ටත් එසේ මෙසේ පිනක් නෙමෙ කරලා තියෙන්ට ඕනී🤣

14/07/2022

සංගීත පුටු තරගයක් තියපල්ලා අන්තිමට ඉතුරු වෙන දෙන්නට කාසියක් උඩ දාලා දෙන්නට ජනාධිපතිකමයි අගමැති කමයි බෙදලා දීපල්ලා මොන රෙද්දක්ද මේක..

Address


Telephone

+940000000

Website

Alerts

Be the first to know and let us send you an email when හඬ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share