Suwin Streams

  • Home
  • Suwin Streams

Suwin Streams Next Gen GamePlay

පොඩි වෙලාවක් අරන් මේකත් කියවලා යන්න.Depression නොහොත් මානසික පීඩනය.මේක විහිලුවක් නෙමෙයි.කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න උනත...
01/10/2022

පොඩි වෙලාවක් අරන් මේකත් කියවලා යන්න.

Depression නොහොත් මානසික පීඩනය.මේක විහිලුවක් නෙමෙයි.කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න උනත් මේ දේට පුළුවන්.එහෙම කෙනෙක් මානසික පීඩනය නිසා ජීවිතේ නැතිකරගත්තොත් හැමෝම කියයි තමන්ගේ දෙමව්පියන් ගැනවත් හිතන්නේ නැති කාලකන්නියෙක් කියලා.

ඒ වුනාට ඒ කෙනා තමන්ගේ ඇතුලාන්ත ජීවිතයෙන් හරිම අසරණයි.

අපි උදාහරණයක් විදියට ගත්තොත් කැම්පස් යන කොල්ලෙක්ව (මේ ලගදිත් එහෙම කැම්පස් කොල්ලෙක් තමන්ගේ ජීවිතේට සමුදුන්නා මානසික පීඩනය නිසා) එහෙම කොල්ලෙක් තමන්ගේ වැඩ ටික අවුල් කරගත්තොත් එයා අදුරන අය හේතු හොයනවානේ ඇයි කියලා.

ඒ කොල්ලට ආදර සම්බන්දතාවයක් තිබ්බොත් හැමෝම කියයි ඕක නිසයි මේ කොල්ල වැඩ කරන්නේ නැත්තේ කියලා.ඒත් ඒ කොල්ලගේ ඇතුලාන්තය නොදන්න ඔය හැමෝම කොහොමද කියන්නේ කොල්ලගේ ප්‍රශ්නේ ආදර සම්බන්දතාවයමයි කියලා.

සමහරවිට ඒ කොල්ලා ප්‍රශ්න 1000ක් මැද්දේ උනත් හිනාවෙලා ඉන්න එකම හේතුව ඒ ආදර සම්බන්දතාවය වෙන්න පුළුවන්.නමුත් සමාජයේ හැමෝම දකින්නේ පොතේ පිටකවරේ බලල පොත ගැන තීරණය කරනවා වගේ ආදර සම්බන්දතාවයට වැරැද්ද පටවන්න.

මේ කතාවේ කොල්ලෙක් ගැන කිව්වට.කෙල්ලෙක්ට උනත් මේ කතාව එහෙම්මම තමයි.

හැමෝගෙම ජිවිත වල ප්‍රශ්න තියනවා.මම කියන්නේ නෑ ප්‍රශ්න නැති මිනිස්සු ඉන්නවා කියලා.ඒත් ඒ අතර ඉන්නවා කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න එක්ක දුක් විදින අයත්.හැබැයි ඒ ප්‍රශ්න සමහර අයට පේන්නේ හරි පොඩි දේවල් වගේ.අර කතාවක් තියනවානේ ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක් පිළිතුරු දාර්ශනිකයි කියලා.

ඇත්තමට මේ මානසික පීඩනය වැඩිවෙන්න හේතු මොනවා වෙන්න පුළුවන්ද.

මගේ අදහසනම් මෙහෙමයි.අර මම කිව්ව පිරිසක් ඉන්නේ පොතේ කවරේ බලලා තීරණ ගන්න අය.

ඔන්න මෙහෙමයි සිද්දිය 😥

ඔන්න ඉතින් කැම්පස් යන කොල්ලා වැඩ අවුල් කරගෙන කියමුකෝ.ඔන්න ඉතින් නෑදෑයෝ වැඩිහිටියෝ ඔක්කොම දේශනා දෙන්න පටන් ගන්නවා.එක්කෝ බනිනවා මම අර කිව්වා වගේ පොදුවේ හැමෝම බනින හේතුත් අල්ලගෙන බනිනවා.

Depression එකක ඉන්න කෙනෙක්ගෙන් මොනාද ඔයාට තියන ප්‍රශ්නේ කියලා ඇහුවට එයාට කවදාවත් කියන්නේ නෑ.මොකද එයා බයයි එයාගේ ප්‍රශ්න කියන්න.

ඇත්තමට ඒ වගේ කෙනෙක්ට ඔනේ කන පිරෙනකන් දේශනා නෙමෙයි.එයාට ඕනේ කාලය.

කාලය ටිකක් දෙන්න.එතකොට එයා ටිකෙන් ටික හැමදේම හොද තත්වෙකට ගෙනෙයි.කන පිරෙන්න දේශනා ගොඩක් දීලා එයාට තවත් ජීවිතේ එපා කරවන්න එපා.

එකෙන් වෙන්නෙ සමහරවිට කන පිරෙන්න දේශනා දීලා ගොඩගන්න හදන කෙනා ගොඩට කෙසේවෙතත් පොළෙවෙන් අඩි 6ක් පහලටම යන එක වෙන්නත් පුළුවන්.

Mr.Flash (මං කවුද කියලා හොයන්න එපා.මේ Post එකේ අන්තර්ගතය විතරක් හිතට අරගෙන අපි අතරම ඉන්න අපේම සොහොයුරන් සොහොයුරියන් වගේම දරුවන්ව රැකගමු)

මේ Post එක Suwin Streams FB Account එකේ දාන්න දුන්නට Admin ට ගොඩක් පිං 🙏🏻

Address


Telephone

+94764053408

Website

Alerts

Be the first to know and let us send you an email when Suwin Streams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share