Vyapaarika Puvath

  • Home
  • Vyapaarika Puvath

Vyapaarika Puvath Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vyapaarika Puvath, Media/News Company, .

භාවිතා කළ වාහන සඳහා  වැට් බදු පැනවීම සාමාන්‍ය ජනයා අපහසුතාවට ලක් කරමින් කළුකඩ වෙළඳ පොළක් නිර්මාණය කරයි –  CMTAමෙරට ජනතාව...
24/01/2024

භාවිතා කළ වාහන සඳහා වැට් බදු පැනවීම සාමාන්‍ය ජනයා අපහසුතාවට ලක් කරමින් කළුකඩ වෙළඳ පොළක් නිර්මාණය කරයි – CMTA

මෙරට ජනතාව පීඩනයට පත් කරමින්, භාවිතා කල රථ වාහන සඳහා අලුතෙන් පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) හේතුවන් කළු කඩ වෙළඳ පොළක් නිර්මාණය වීමත් සමඟ වාහනවල මිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය ප්‍රකාශයක් නිකුත් කරයි.

තව දුරටත් >>> https://vyapaarikapuvath.lk/?p=7671

භාවිතා කළ වාහන සඳහා වැට් බදු පැනවීම සාමාන්‍ය ජනයා අපහසුතාවට ලක් කරමින් කළුකඩ වෙළඳ පොළක් නිර්මාණය කරයි – CMTA Author Sinhala News...

ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් 𝐈𝐀𝐓𝐀 𝐑𝐞𝐠𝐢𝐨𝐧𝐚𝐥 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫 ජාලයට එක්වෙයිශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු ආයතනය වන ශ්‍රීල...
23/01/2024

ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් 𝐈𝐀𝐓𝐀 𝐑𝐞𝐠𝐢𝐨𝐧𝐚𝐥 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫 ජාලයට එක්වෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු ආයතනය වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ්, IATA Regional Training Partner ජාලයට ඇතුළත් වන ශ්‍රී ලංකාවේ එකම පුහුණු ආයතනය බවට පත්වීම සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කළේ ය. ආසියානු කලාපය තුළ මෙම ගෞරවණීය තත්ත්වය හිමිකර ගැනීමට සමත් වී ඇත්තේ ආයතන 7 ක් පමණි. ඒ අනුව මින් ඉදිරියට ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් IATA Regional Training Partner තත්ත්වය හිමි ආයතනයක් වශයෙන් Safety Management Systems (SMS) for Maintenance and Repair Operations, IATA Competency-Based Training for Dangerous Goods Instructors සහ IATA Instructional Design යන පාඨමාලා හැදෑරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව සලසා දෙනු ඇත.

තව දුරටත් :>>>> https://vyapaarikapuvath.lk/?p=7668
-Source- ada derana

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු ආයතනය වන ශ්‍රීලංකන් ඒවියේෂන

𝐄𝐦𝐞𝐫𝐚𝐥𝐝 සිය 𝐔𝐓𝐈𝐋𝐈𝐓𝐄𝐂𝐇™ එකතුව එළිදක්වයිශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald විසින් සිය පෙරළිකාර “UTILIT...
22/01/2024

𝐄𝐦𝐞𝐫𝐚𝐥𝐝 සිය 𝐔𝐓𝐈𝐋𝐈𝐓𝐄𝐂𝐇™ එකතුව එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald විසින් සිය පෙරළිකාර “UTILITECH™” එකතුව එළිදක්වන ලදී. මෙම එළිදැක්වීම තුළින් ක්‍රියාශීලි පුද්ගලයන් සඳහා සුවපහසු අත්දැකීමක් ලබාදීම උදෙසා Emerald හි කැපවීම පිළිබිඹු කරයි. මෙම එකතුව high-stretch රෙදි යොදාගනිමින් ඉලාස්ටික් බඳ පටියකින් සමන්විතව හැඩය සහ ක්‍රියාකාරිත්වය යන දෙකම බලාපොරොත්තු වන පුද්ගලයින් උදෙසා නිර්මාණය කර ඇත.

තව දුරටත් : https://vyapaarikapuvath.lk/?p=7653

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald විසින් සි

යුනිලිවර් ශ්‍රී ලංකා හි නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් අලි තාරික් මහතා වැඩ අරඹයියුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ ...
16/01/2024

යුනිලිවර් ශ්‍රී ලංකා හි නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් අලි තාරික් මහතා වැඩ අරඹයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස අලි තාරික් මහතා 2024 පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇති බව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම අද නිවේදනය කරන ලදී. මෙම නව පත්වීමත් සමඟ ඒ මහතා යුනිලිවර් සමාගමේ දකුණු ආසියානු නායකත්ව කණ්ඩායමට එක්වනු ඇත. මෙයට පෙර අලි මහතා ලන්ඩනයේ යුනිලිවර් මූලස්ථානයේ ගෝලීය පරිවර්තන අංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ලෙස සේවය කර තිබේ. 2003 වසරේ යුනිලිවර් සමාගමට එක් වූ ඔහු එතැන් සිට යුරෝපය, දකුණු ආසියාව සහ පෙරදිග රටවල් කිහිපයක ගෝලීය නායකත්ව භූමිකාවන් සාර්ථකව ඉටු කර ඇත. එසේම ඔහු එංගලන්තයේ සහ වේල්ස් හි වරලත් ගණකාධිකාරී ආයතනයේ (ICAEW) සාමාජිකයෙකු වන අතර ලන්ඩන් PwC සමඟ පුහුණුවක් ද ලබාතිබේ.

තව දුරටත්:>>>> https://vyapaarikapuvath.lk/?p=7638

යුනිලිවර් ශ්‍රී ලංකා හි නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් අලි තාරික් මහතා වැඩ අරඹයි Author Sinhala News Leave a comment යුනිල.....

‘අගය එකතු කළ බද්ද (වැට්) මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සහමුලින් විනාශ කරයි’2023 ෆැසෙට්ස් ප්‍රදර්ශනයේදී මැණික් හා ස්වර්ණ...
04/01/2024

‘අගය එකතු කළ බද්ද (වැට්) මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සහමුලින් විනාශ කරයි’

2023 ෆැසෙට්ස් ප්‍රදර්ශනයේදී මැණික් හා ස්වර්ණාභරණ පරීක්ෂා කර බලන එම නිෂ්පාදන මිලදී ගන්නා විදේශකයින් පිරිසක්.

2024 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක ආනයනික නොකැපූ මැණික් මත සහ ශ්‍රී ලංකාවේදී සංචාරකයන්ට අළෙවිකරන මැණික් සහ මැණික්ද යොදා ගනිමින් නිපදවන ස්වර්ණාභරණ මත 18% වැට් බද්ද පැනවීමෙන් බරපතල හානියක් සිදුවන බවට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සාමාජිකයෝ දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරති.

තව දුරටත්:> https://vyapaarikapuvath.lk/?p=7607

‘අගය එකතු කළ බද්ද (වැට්) මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සහමුලින් විනාශ කරයි’ Author Sinhala News Leave a comment 2023 ෆැසෙට්ස් ප්‍රදර්ශනය....

⚫දේශීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අද්විතීය චමත්කාරය ලොවටම ප්‍රදර්ශනය කරන FACETS අභිමානවත් 30 වැනි වසර සමරයිශ්‍රී ලං...
03/01/2024

⚫දේශීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අද්විතීය චමත්කාරය ලොවටම ප්‍රදර්ශනය කරන FACETS අභිමානවත් 30 වැනි වසර සමරයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ(SLGJA) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සහයෝගීතාවයෙන් පවත්වනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන ‘FACETS’ හි සාඩම්බරණීය 30 වැනි සංවත්සරයේ උත්කර්ෂවත් සැමරුම එළබෙන නව වසරේදී පැවැත්වේ. ඒ අනුව 2024 වසරේ ජනවාරි 06 වැනිදා සිට ජනවාරි 08 වැනිදා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී මෙම අවස්ථාව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය නිසැකවම දශක තුනක් පුරාවට ශ්‍රී ලාංකේය මැණික් හා ස්වර්ණාභරණවල උරුමයන්ගේ අනර්ඝත්වය තුළින් ගෝලීය වෙළෙඳපල තුළ අත්පත් කරගෙන ඇති ඉහළ කීර්තිය මැනවින් විදහා දක්වන ප්‍රභල සංධිස්ථානයක් වනු ඇත.

තව දුරටත්:>>> https://vyapaarikapuvath.lk/?p=7594

ලින්ක් නැචුරල් ජාතික විශිෂ්ටතා සම්මාන රැසකින් ඇගයුම් ලබයිජනාධිපති අපනයන සම්මාන 2022/23, NCE වාර්ෂික අපනයන සම්මාන 2023 සහ...
29/12/2023

ලින්ක් නැචුරල් ජාතික විශිෂ්ටතා සම්මාන රැසකින් ඇගයුම් ලබයි

ජනාධිපති අපනයන සම්මාන 2022/23, NCE වාර්ෂික අපනයන සම්මාන 2023 සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන 2022 ආදී සම්මාන රැසක් ලින්ක් නැචුරල් සමාගම දිනා ගනියි.

තව දුරටත් >>>> https://vyapaarikapuvath.lk/?p=7585

ලින්ක් නැචුරල් ජාතික විශිෂ්ටතා සම්මාන රැසකින් ඇගයුම් ලබයි Author Sinhala News Leave a comment ජනාධිපති අපනයන සම්මාන 2022/23, NCE වාර්ෂික අපන.....

𝐒𝐨𝐮𝐭𝐡 𝐀𝐬𝐢𝐚𝐧 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐄𝐱𝐜𝐞𝐥𝐥𝐞𝐧𝐜𝐞 𝐀𝐰𝐚𝐫𝐝𝐬 𝟐𝟎𝟐𝟑 හිදී 𝐃𝐈𝐌𝐎 𝐂𝐨𝐚𝐬𝐭𝐥𝐢𝐧𝐞 𝐏𝐯𝐭 𝐋𝐭𝐝  සම්මානයෙන් පිදුම් ලබයිDIMO සහ මාලදිවයිනේ පිහිටි...
27/12/2023

𝐒𝐨𝐮𝐭𝐡 𝐀𝐬𝐢𝐚𝐧 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐄𝐱𝐜𝐞𝐥𝐥𝐞𝐧𝐜𝐞 𝐀𝐰𝐚𝐫𝐝𝐬 𝟐𝟎𝟐𝟑 හිදී 𝐃𝐈𝐌𝐎 𝐂𝐨𝐚𝐬𝐭𝐥𝐢𝐧𝐞 𝐏𝐯𝐭 𝐋𝐭𝐝 සම්මානයෙන් පිදුම් ලබයි

DIMO සහ මාලදිවයිනේ පිහිටි Coastline Investments අතර හවුල් ව්‍යාපාරයක් වන DIMO Coastline Pvt Ltd පසුගියදා 7වන වරටත් පවත්වනු ලැබූ South Asian Business Excellence Awards හිදී ‘Best Support Services in the Maritime Industry’ සම්මානයෙන් පිදුම් ලැබීය. JEN Maldives Malé by Shangri-La හිදී පැවැත්වුණු මෙම සම්මාන උළෙල තුළින් නාවික අංශයට DIMO Coastline හි සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක් කෙරුණි.

තව දුරටත්:

DIMO සහ මාලදිවයිනේ පිහිටි Coastline Investments අතර හවුල් ව්‍යාපාරයක් වන DIMO Coas

සාඩම්බරණීය 20 වැනි වසර සමරන විස්වක ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු වන ‘විස්වක’   නව්‍යකරණයෙන් සහ විශි...
21/12/2023

සාඩම්බරණීය 20 වැනි වසර සමරන විස්වක

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු වන ‘විස්වක’ නව්‍යකරණයෙන් සහ විශිෂ්ටත්වයෙන් ආලෝකමත් වූ සිය සාඩම්බරණීය 20 වැනි සංවත්සරය සමරනු ලබයි. නිහතමානී මූලාරම්භයක් සමඟින් ආරම්භ කරන ලද මෙම ආයතනය කැපී පෙනෙන සුවිශේෂී කතාවක් ඉස්මතු කරමින් දශක දෙකක් පුරාවට සාර්ථක දිගු ගමනක් පැමිණ ඇත.

තව දුරටත්:> https://vyapaarikapuvath.lk/?p=7571

සාඩම්බරණීය 20 වැනි වසර සමරන විස්වක Author Sinhala News Leave a comment ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු වන ‘විස්වක’  ...

Variosystems Sri Lanka ආයතනය සිය තෙවන නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කරමින් වසර 25ක අඛණ්ඩ ජයග්‍රහණයන් උත්කර්ෂවත්ව සමරයිවසර 2...
20/12/2023

Variosystems Sri Lanka ආයතනය සිය තෙවන නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කරමින් වසර 25ක අඛණ්ඩ ජයග්‍රහණයන් උත්කර්ෂවත්ව සමරයි

වසර 25ක දිගු කාල පරිච්ඡේදයක් පුරාවට ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය වෙනුවෙන් අසමසම කැපවීමක් සිදුකළ, Variosystems Sri Lanka ආයතනය සිය 03 වැනි නිෂ්පාදන මධ්‍යස්ථානය බඩල්ගම ප්‍රදේශයේදී විවෘත කරයි. මෙම සුවිශේෂී සංධිස්ථානය තුළින් නවෝත්පාදන කටයුතු වෙනුවෙන් සහ මෙහෙයුම් විශිෂ්ටත්වය මෙන්ම තිරසාරභාවය පිළිබඳ Variosystems Sri Lanka ආයතනය දක්වන නොසැලෙන කැපවීම මැනවින් පසක් වේ.

තව දුරටත්:

වසර 25ක දිගු කාල පරිච්ඡේදයක් පුරාවට ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය

Ocean Lanka 2023 NCE අපනයන සම්මාන උළෙලේදී කීර්තිමත් රන් සම්මානයෙන් පිදුම් ලබයිශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකය...
18/12/2023

Ocean Lanka 2023 NCE අපනයන සම්මාන උළෙලේදී කීර්තිමත් රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම, ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරන ලද 31 වන NCE වාර්ෂික අපනයන සම්මාන 2023 හිදී ‘Suppliers to Exporters’ අංශයේ ‘Extra Large’ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය මඟින් සමාගමෙහි සුවිශේෂී කැපවීම සහ දායකත්වය අගයනු ලබන අතර සමාගම සතු විශිෂ්ටත්වය, සාමුහිකත්වය සහ රෙදි ගෙතුම් නිෂ්පාදනයේ නවෝත්පාදනයන් බිහිකිරීමට දක්වන කැපවීම පිළිබිඹු කරයි.

තව දුරටත් https://vyapaarikapuvath.lk/?p=7539

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලි

Alumex හි නවතම ඇලුමිනියම් නිෂ්පාදන තුළින් ඔබේ නිවසට පරිවර්තනීය වෙනසක්Hayleys සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් ද්‍රව්‍ය අංශයේ සු...
18/12/2023

Alumex හි නවතම ඇලුමිනියම් නිෂ්පාදන තුළින් ඔබේ නිවසට පරිවර්තනීය වෙනසක්

Hayleys සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් ද්‍රව්‍ය අංශයේ සුවිශේෂි සන්නාමයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC විසින් එහි නිෂ්පාදන පෙළේ උපායමාර්ගික ව්‍යාප්තියක් පසුගියදා හඳුන්වාදෙන ලදි. ජංගම දුරකථන රදවන සහ ටැබ් යන්ත්‍ර රදවනය (Multifunctional Mobile/ Tab Holder), දර්පණ (Threshold) , බහුකාර්ය රාක්ක (Multipurpose Rack) සහ තවත් ගෘහ උපාංග එකතුවක් නිවෙස්වල දෛනික අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් Alumex PLC නිර්මාණය කර ඇති අතර එමඟින් නිවසේ සුවපහසුව, ක්‍රියාකාරීත්වය, අලංකාරය මෙන්ම ආරක්ෂාව වැඩි දියුණු කරයි.විශේෂයෙන් සකස් කරන ලද අති නවීන ඇලුමිනියම් නිෂ්පාදන තෝරා ගැනීම තුළින් නිවාස හිමියන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දෛනික දිවියේ සුවිශේෂී වෙනසක් ඇති කරමින් පවුල්වල යහපැවැත්ම වැඩිදියුණු කිරීම Alumex PLC හි අරමුණ වේ.

තව දුරටත්>>>> https://vyapaarikapuvath.lk/?p=7536

Alumex හි නවතම ඇලුමිනියම් නිෂ්පාදන තුළින් ඔබේ නිවසට පරිවර්තනීය වෙනසක් Author Sinhala News Leave a comment Hayleys සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් ද්...

DIMO AGRIBUSINESSES, සිය  LOVOL හාවස්ටරය සඳහා වූ  සුවිශේෂී සේවා  සත්කාරය තුළින් ඉහළ වෙළඳපොළ  කොටසක්  වාර්තා කරයිDIMO Agr...
12/12/2023

DIMO AGRIBUSINESSES, සිය LOVOL හාවස්ටරය සඳහා වූ සුවිශේෂී සේවා සත්කාරය තුළින් ඉහළ වෙළඳපොළ කොටසක් වාර්තා කරයි

DIMO Agribusinesses, සිය LOVOL හාවස්ටර්, සඳහා පිරිනමන අද්විතීය අලෙවියෙන් පසු සේවා සත්කාරය තුළින් ලාංකීය ගොවිජනතාව අතර වඩාත් ප්‍රචලිත වීමත් සමඟ පසුගිය කන්නය තුළ LOVOL වෙළඳපොළ කොටස දෙගුණ කරගැනීමට සමත් විය.

තව දුරටත් : https://vyapaarikapuvath.lk/?p=7520

DIMO Agribusinesses, සිය LOVOL හාවස්ටරය සඳහා වූ සුවිශේෂී සේවා සත්කාරය තුළින් ඉහළ වෙළඳපොළ කොටසක් වාර්තා කරයි Author Sinhala News Leave a comment DIMO Agribusinesses,...

𝐃𝐈𝐌𝐎 සංවිධානය කරන ලද 𝐌𝐞𝐫𝐜𝐞𝐝𝐞𝐬-𝐁𝐞𝐧𝐳 𝐒𝐭𝐚𝐫𝐃𝐢𝐬𝐜𝐨𝐯𝐞𝐫𝐲+ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණිMercedes-Benz සඳහා නිවහන වන DIMO, Merced...
11/12/2023

𝐃𝐈𝐌𝐎 සංවිධානය කරන ලද 𝐌𝐞𝐫𝐜𝐞𝐝𝐞𝐬-𝐁𝐞𝐧𝐳 𝐒𝐭𝐚𝐫𝐃𝐢𝐬𝐜𝐨𝐯𝐞𝐫𝐲+ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි

Mercedes-Benz සඳහා නිවහන වන DIMO, Mercedes-Benz මෝටර් රථ තුළ සැඟවුණු සුවිශේෂීත්වයන් හඳුන්වාදීමට Mercedes-Benz පාරිභෝගිකයින් සඳහා සංවිධානය කරන ලද Mercedes-Benz StarDiscovery+ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

තව දුරටත් :>>>> https://vyapaarikapuvath.lk/?p=7517

DIMO සංවිධානය කරන ලද Mercedes-Benz StarDiscovery+ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි Author Business News, Sinhala News Leave a comment Mercedes-Benz සඳහා නිවහන වන DIMO, Mercedes-Benz මෝටර් ...

Ocean Lanka 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වෙයිශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean...
05/12/2023

Ocean Lanka 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම පසුගියදා 25 වැනි වරටත් සංවිධානය කරන ලද ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී කැපී පෙනෙන ජයග්‍රහණයන්ට පාත්‍ර විය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී සිය සමාරම්භක සහභාගීත්වය සනිටුහන් කරමින් Ocean Lanka, අපනයන කර්මාන්තය සඳහා සිය කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් ඇගයීමට ලක්විය. අපනයන විශිෂ්ටත්වය සඳහා ලැබෙන ඉහළම ජාතික පිළිගැනීම ලෙස හඳුන්වන මෙම සම්මාන, කර්මාන්ත ප්‍රමිතීන් සැකසීමට සහ ගෝලීය වෙළඳපොළට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට Ocean Lanka හි කැපවීම විදහා දක්වයි.

තව දුරටත් :>>>> https://vyapaarikapuvath.lk/?p=7492

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලි

වෘත්තීය සංවර්ධන හා තාක්ෂණික සවිබල ගැන්වීමේ පෙරගමන්කරු වන  ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම ස...
30/11/2023

වෘත්තීය සංවර්ධන හා තාක්ෂණික සවිබල ගැන්වීමේ පෙරගමන්කරු වන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව අවසන් වේ

මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා රාජගිරියේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. පශ්චාත් කොවිඩ් අවදියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජිවනය සහ තවත් බොහෝ අභියෝගයන් රැසකට එරෙහිව පියවර ගනිමින් ප්ලාස්ටික් හා රබර් ක්ෂේත්‍රයේ තාක්ෂණික සහ වෘත්තීය හැකියාවන් මෙන්ම දක්ෂතාවයන් සංවර්ධනය කිරීම වෙනුවෙන් තීරණාත්මක ජාතික මෙහෙවරක් ප්ලාස්ටික් හා රබර් ආයතනය විසින් ඉටුකරන ලදී. වසර 63 දීර්ඝ කාල පරිච්ඡේදය තුළ මෙරට අනාගත අවශ්‍යතාව හඳුනාගනිමින් වෘත්තීමය කර්මාන්තයක් ලෙස ප්ලාස්ටික් හා රබර් කර්මාන්තය ස්ථාපනය කිරීමටත්, දැනුම හා පුහුණුව පදනම් කරගත් සුවිශේෂි වැඩසටහන් රැසක් මෙහෙයවීමටත් ප්ලාස්ටික් හා රබර් ආයතනය පුරෝගාමී කාර්යභාරයක නිරත වේ.

තව දුරටත් : > https://vyapaarikapuvath.lk/?p=7474

මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් නිරන්ත

දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව නිපැයුම් දිරි ගැන්වීමට HATCH ආයතනය වෙතින් තවත් සාර්ථක පියවරක්HATCH ආයතනය විසින් GIZ Sri Lan...
30/11/2023

දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව නිපැයුම් දිරි ගැන්වීමට HATCH ආයතනය වෙතින් තවත් සාර්ථක පියවරක්

HATCH ආයතනය විසින් GIZ Sri Lanka සහ යුරෝපා සංගමයෙහි සහයෝගිතාවය ඇතිව දේශීය කෘෂි ක්ෂේත්‍රයට ඉතා වැදගත් වන පරිසර හිතකාමී කෘෂි නව නිපැයුම් වැඩසටහනක් නොබෝදා ක්‍රියාත්මක කරනු ලැබුවා. දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දියණුව සහ නගා සිටුවීම උදෙසා නව නිපැයුම් එළිදැක්වීම සහ ඒවායෙහි වෙළඳපොල සාර්ථකත්වය අත්හදා බැලීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමෙහි ඇති වැදගත්කම මෙහිදී මැනවින් පැහැදිලි වූවා. අප රටෙහි ආර්ථික බලගැන්වීම උදෙසා කෘෂි ක්ෂේත්‍රය වෙතින් සැළකිය යුතු වූ දායකත්වයක් ලබාගැනීමට නම් මෙවැනි දිරි ගැන්වීම් අත්‍යවශ්‍ය වන බව ඉතා පැහැදිලි කරුණක්.

තව දුරටත්:>>>>>> https://vyapaarikapuvath.lk/?p=7481

දේශීය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව නිපැයුම් දිරි ගැන්වීමට HATCH ආයතනය වෙතින් තවත් සාර්ථක පියවරක් Author Sinhala News Leave a comment HATCH ආයතනය ව.....

“The Palace Gampaha” ව්‍යාපෘතිය වෙනුවෙන් Orel Corporation සහ Prime Residencies අතර සහයෝගීතා ගිවිසුමක්ශ්‍රී ලංකාවේ ප්‍රමු...
29/11/2023

“The Palace Gampaha” ව්‍යාපෘතිය වෙනුවෙන් Orel Corporation සහ Prime Residencies අතර සහයෝගීතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි උපාංග නිෂ්පාදකයා වන Orel Corporation විසින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Residencies හි දැවැන්ත ඉදිරි ව්‍යාපෘතියක් වන The Palace Gampaha වෙනුවෙන් ඇතිකරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිළ වශයෙන් නිවේදනය කරන ලදී. මෙම නවතම සංවර්ධන ව්‍යාපෘතියෙහි බාහිර විදුලි පද්ධති පිළිබඳව මූලික වගකීම සහ දායකත්වය Orel Corporation විසින් දරනු ලැබේ.

තව දුරටත්:>>> https://vyapaarikapuvath.lk/?p=7471

“The Palace Gampaha” ව්‍යාපෘතිය වෙනුවෙන් Orel Corporation සහ Prime Residencies අතර සහයෝගීතා ගිවිසුමක් Author Sinhala News Leave a comment ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුල...

පෘතුගීසීන් ලංකාවට පැමිණ වසර 500 කට පසුව, ශ්‍රී ලංකාවෙන් පෘතුගාලයට බුද්ධ ප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම.පෘතුගාලයේ වෙසෙන ශ්‍ර...
27/11/2023

පෘතුගීසීන් ලංකාවට පැමිණ වසර 500 කට පසුව, ශ්‍රී ලංකාවෙන් පෘතුගාලයට බුද්ධ ප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම.

පෘතුගාලයේ වෙසෙන ශ්‍රී ලාංකික රසික සහ ගයත්‍රී විතානගේ පවුලේ ඉල්ලිම මත අස්ගිරි විහාරයේ අනුනායක පූජ්‍ය වෙදුරුවේ ශ්‍රී උපාලි හිමියන් ශ්‍රී දළදා මාලිගාවෙන් බුද්ධ ප්‍රතිමාවක් පෘතුගාලයේ පිහිටුවා ඇති ථෙරවාද තායි බෞද්ධ ආරාමයක් වන සුමේධාරාම විහාරස්ථානයට පරිත්‍යාග කිරීම සදහා අගෝස්තු මස 1 වැනිදා මහනුවරදී ලබාදෙන ලද්දේ පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වසර 518කට පසුවය.

තව දුරටත්:>>>> https://vyapaarikapuvath.lk/?p=7463

පෘතුගීසීන්ලංකාවටපැමිණවසර 500 කටපසුව, ශ්‍රීලංකාවෙන්පෘතුගාලයටබුද්ධප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම. Author Sinhala News Leave a comment පෘ....

ශ්‍රී ලංකාවේ මැණික් උරුමය සහ වගකීම පිළිබඳ ප්‍රදර්ශනය කරන FACETS Sri Lanka 2024 හි  පුරෝගාමී තිරසාර කුටිය එළිදැක්වේශ්‍රී ...
24/11/2023

ශ්‍රී ලංකාවේ මැණික් උරුමය සහ වගකීම පිළිබඳ ප්‍රදර්ශනය කරන FACETS Sri Lanka 2024 හි පුරෝගාමී තිරසාර කුටිය එළිදැක්වේ

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කරන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2024 වෙනුවෙන් ප්‍රථම වරට ‘තිරසාර ප්‍රදර්ශන කුටිය’ සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ. මෙම සුවිශේෂි අවස්ථාව ඔස්සේ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ඉතිහාසය සහ එහි නව්‍ය ප්‍රවණතාවන් පිළිබඳ මෙන්ම ඒ සඳහා ප්‍රජාවගේ සහභාගීත්වය, සදාචාරාත්මක භාවිතය සහ වගකීම් ආදිය පිළිබඳව පැමිණෙන නරඹන්නන් දැනුවත් කිරීමට අපේක්ෂා කරන අතර එය සහභාගීවන්නන්ගේ ආකර්ෂණය නිසැකවම දිනාගැනීමට සමත් වනු ඇත.

තව දුරටත් :- https://vyapaarikapuvath.lk/?p=7459

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කර

Baby Cheramy සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව නිවෙස් තුළදී දරුවන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම...
22/11/2023

Baby Cheramy සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව නිවෙස් තුළදී දරුවන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම පිළිබඳව මාර්ගෝපදේශ කෘතියක් එළිදක්වයි.

දරුවන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ මෙහෙවරෙහි ඉදිරියෙන් සිටින Baby Cheramy , ශ්‍රීලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ එක්ව දරුවන්ට නිවසේ දී සිදුවන අනතුරු වැළැක්වීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. ඒ අනුව 2023 නොවැම්බර් 7 වැනි දින ළමා ආරක්ෂාව නඟා සිටුවීම සඳහා දෙපාර්ශවයේ සහයෝගීතාව තහවුරු කරමින් අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරුණු අතර එහිදී ළමා රෝග පිළිබඳව මහාචාර්ය මනෝරි ගමගේ සහ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කල්‍යාණි ගුරුගේ විසින් රචිත මාපිය මාර්ගෝපදේශ කෘතිය එළිදැක්වීම ද සිදුවිය. ළමා මනසට ගැළපෙන සිත් ඇදගන්නා භාෂාවකින් රචනා කර ඇති මෙම කෘතියේ ඉතා වැදගත් කරුණු රැසක් මෙන්ම කවි සහ චිත්‍ර ආදී රසවත් බොහෝ දේ අන්තර්ගත වන අතර ඒ සඳහා ජාතික ළමා ලේකම් කාර්යාලය – කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ අනුමැතිය ද හිමි වී තිබේ.

තව දුරටත් : >>>> https://vyapaarikapuvath.lk/?p=7441

දරුවන් වෙනුවෙන්  වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ 

ස්වර්ණාභරණ කලාවේ නව පෙරළියක් සනිටුහන් කරමින් රාජා ජුවලර්ස් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩ දී විවෘත වේශ්‍රී ලංකාවේ ස්...
21/11/2023

ස්වර්ණාභරණ කලාවේ නව පෙරළියක් සනිටුහන් කරමින් රාජා ජුවලර්ස් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩ දී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් ආභරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින් විවිධත්වයෙන් යුතු ආකර්ෂණීය ස්වර්ණාභරණ එකතුවක අත්දැකීම පාරිභෝගිකයා වෙත ලබාදෙමින් සිය අභිමානවත් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩදී විවෘත කරන ලදී.

තව දුරටත් :- https://vyapaarikapuvath.lk/?p=7452

ස්වර්ණාභරණ කලාවේ නව පෙරළියක් සනිටුහන් කරමින් රාජා ජුවලර්ස් සිව්වැනි ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩ දී විවෘත වේ Author Sin...

Hayleys Solar වෙතින්   සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වා දෙයිශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බල ශක්තිය ...
21/11/2023

Hayleys Solar වෙතින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බල ශක්තිය ආශ්‍රිත නිෂ්පාදන සපයන්නා (Solar Provider) වන Hayleys Solar විසින් ඔවුන්ගේ නවතම පෙරළිකාර නිෂ්පාදනය ලෙස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වා දෙන ලදි. මෙය ශ්‍රී ලංකාවේ ජල සැපයුම් අභියෝගවලට තිරසාර හා කාර්යක්ෂම විසඳුමක් වන අතර මෙමඟින් කෘෂිකර්මාන්ත කටයුතුවල සිට නිවසේ දෛනික ජල අවශ්‍යතාවලදී ද වැයවන බලශක්තියේ සැලකිය යුතු ඉතිරියක් ලබාදෙයි. පහසුවෙන් ස්ථාපනය කිරීමේ හැකියාව සහ ධාරිතා කිහිපයකින් යුත් මෙම පොම්ප ස්ථාවර ජල සැපයුමක් සහතික කිරීම සඳහා ධනාත්මක බලපෑමක් ලබා දෙන අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා Hayleys Solar හි කැපවීම ද මෙමඟින් මැනවින් ප්‍රදර්ශනය කරයි.

තව දුරටත්: >>>> https://vyapaarikapuvath.lk/?p=7449

Hayleys Solar වෙතින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වා දෙයි Author Sinhala News Leave a comment ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර...

Rocell නිෂ්පාදන වෙනුවෙන් CNCI Achiever   විශිෂ්ඨතා සම්මානය සහ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මානය හිමි වේශ්‍රී ලංකාවේ ප්‍රම...
16/11/2023

Rocell නිෂ්පාදන වෙනුවෙන් CNCI Achiever විශිෂ්ඨතා සම්මානය සහ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මානය හිමි වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදකයා ලෙස සිය විශිෂ්ටත්වය යළි වරක් පසක් කරමින් Royal Ceramics Lanka PLC (Rocell) පසුගියදා පැවැති CNCI Achiever Awards 2023 සම්මාන උළෙලේදී නිෂ්පාදන විශිෂ්ටත්වයේ සම්මානයන්ගෙන් පිදුම් ලැබුවේය. කොළඹ Galadari හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ මහා පරිමාණ නිෂ්පාදන අංශය වෙනුවෙන් Rocell දක්වන දායකත්වය සහ කැපවීම ඉහළ ඇගයීමකට ලක් විය.

තව දුරටත් :>>>>> https://vyapaarikapuvath.lk/?p=7435

Rocell නිෂ්පාදන වෙනුවෙන් CNCI Achiever විශිෂ්ඨතා සම්මානය සහ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මානය හිමි වේ Author Sinhala News Leave a comment ශ්‍රී ලංක...

මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක්වෙමින් සංවිධානය කරන ලද “DIMO කෙයා කෑම්ප් ” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සාර්ථකව නිමා වේ...
15/11/2023

මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක්වෙමින් සංවිධානය කරන ලද “DIMO කෙයා කෑම්ප් ” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සාර්ථකව නිමා වේ

මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක්වෙමින් DIMO Agribusinesses දිවයිනේ කෘෂිකාර්මික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් නොමිලේ සංවිධානය කරන ලද “DIMO කෙයා කෑම්ප්” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර පසුගියදා විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් සාර්ථකව අවසන් විය.

තව දුරටත්:>>>> https://vyapaarikapuvath.lk/?p=7430

මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක්වෙමින් සංවිධානය කරන ලද “DIMO කෙයා කෑම්ප් ” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සාර්ථකව න.....

කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් පැවැති Hatch AccelerateHER ...
15/11/2023

කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් පැවැති Hatch AccelerateHER Demo Day වැඩසටහන සාර්ථකව අවසන් වේ

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු අරමුදලේ සහාය ඇතිව, Hatch විසින් කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය වෙනුවෙන් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ නව්‍ය accelerator වැඩසටහන වන AccelerateHER Demo Day වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදි. මාස 03ක් පුරා පැවැති මෙම වැඩසටහනේදී කැපී පෙනෙන ප්‍රගතියක් සහ ව්‍යාපාරික නැඹුරුතාවයක් ප්‍රදර්ශනය කළ කාන්තා නව ව්‍යවසායකයින් හත් දෙනෙකු වෙත උපාධි සහතික පිරිනැමීම ද සිදු වූ අතර නව ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරවල ආයෝජනය සහ සුරක්ෂිත බව තහවුරු කිරීමේ අරමුණින් ඔවුන්ව ආයෝජකයින් සහ පාර්ශවකරුවන් වෙත හඳුන්වා දීම ද මෙහිදී සිදු විය.

තව දුරටත් :>>>> https://vyapaarikapuvath.lk/?p=7427


ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු අරමුදලේ සහාය ඇතිව, Hatch විසින්&nb

දුර්ලභ මැණික් නිර්මාණවල අද්විතීය සුන්දරත්වය FACETS Sri Lanka 2024 හි දී ප්‍රදර්ශනය කෙරේශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ ස...
13/11/2023

දුර්ලභ මැණික් නිර්මාණවල අද්විතීය සුන්දරත්වය FACETS Sri Lanka 2024 හි දී ප්‍රදර්ශනය කෙරේ

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර සහයෝගීතාවයෙන් පැවැත්වෙන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka ප්‍රදර්ශනය 2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ හි දී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙහිදී විශේෂ ප්‍රදර්ශන කුටි කිහිපයක් ද සංවිධානය කිරීමට නියමිත අතර මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණවල අද්විතීය චමත්කාරය ප්‍රකට කරන සුවිශේෂී සැමරීමක් බවට පත් කිරීමට බලාපොරොත්තු වේ.

තව දුරටත් :>>>> https://vyapaarikapuvath.lk/?p=7413


දුර්ලභ මැණික් නිර්මාණවල අද්විතීය සුන්දරත්වය FACETS Sri Lanka 2024 හි දී ප්‍රදර්ශනය කෙරේ Author Sinhala News Leave a comment ශ්‍රී ලංකා මැණික් හා ස්....

ශ්‍රී ලංකාවේ පාසල්වල ව්‍යවසායකත්වය පෝෂණය කිරීම වෙනුවෙන් Schoolpreneur 2023 ක්‍රියාවට නංවයිශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර ...
10/11/2023

ශ්‍රී ලංකාවේ පාසල්වල ව්‍යවසායකත්වය පෝෂණය කිරීම වෙනුවෙන් Schoolpreneur 2023 ක්‍රියාවට නංවයි

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය පිළිබඳව ඇති නැඹුරුතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ලංකා වාණිජ මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන කාර්යාලය (ILO) සමඟ එක්ව ‘Schoolpreneur 2023’ නමින් පාසල් ව්‍යවසායකත්ව දින වැඩසටහනක් එළඹෙන නොවැම්බර් 16 වෙනිදා දියත් කිරීමට නියමිතය. මෙය දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර අනුරාධපුරය, බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, පුත්තලම, රත්නපුරය, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන දිස්ත්‍රික්කයන්හි දී අදාළ පළාත් උත්සව සංවිධානය කිරීමට නියමිතය.

තව දුරටත් :>>>> https://vyapaarikapuvath.lk/?p=7409

ශ්‍රී ලංකාවේ පාසල්වල ව්‍යවසායකත්වය පෝෂණය කිරීම වෙනුවෙන් Schoolpreneur 2023 ක්‍රියාවට නංවයි Author Sinhala News Leave a comment ශ්‍රී ලංකාවේ පාසල...

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාව නැරඹීමට බ්‍රිතාන්‍යයේ නියෝජිතයන් පිරිසක් පැමිණෙයිශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප...
10/11/2023

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාව නැරඹීමට බ්‍රිතාන්‍යයේ නියෝජිතයන් පිරිසක් පැමිණෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ BOI කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාව නැරඹීම සඳහා පසුගියදා බ්‍රිතාන්‍යයේ නිල නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණෙනු ලැබීය. මෙම සංචාරයට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වෙළෙඳ නියෝජිත වන ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්‍රික් මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්විය. මෙම ක්ෂේත්‍ර සංචාරය තුළදී, යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් මෙහෙයවනු ලබන සමාජ හා පාරිසරික පාලන වැඩසටහන්, ප්‍රධාන තිරසාර ව්‍යාපෘතීන්, ප්‍රජා සහභාගීත්ව ක්‍රියාකාරකම් හා වැඩසටහන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත්, ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය සන්නාම කිහිපයක දේශීය නිෂ්පාදනයන් සිදුවන ආකාරය සියැසින්ම දැක බලාගැනීමේ හැකියාවත් මෙම නියෝජිතයන් පිරිසට හිමිවිය. 1940 වසරේ පළමු නිෂ්පාදන මධ්‍යස්ථානය ආරම්භ කිරීමත් සමඟ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ ගමන්මඟ ඇරඹුණු අතර පසුව 2012 වසරේදී රුපියල් මිලියන 05ක ආයෝජනයකින් හොරණ ප්‍රදේශය වෙත ගෙන යන ලදී. තවද, 2017 වසරේදී කර්මාන්තශාලාව අති නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ අරමුණින් රුපියල් බිලියන 7.5ක් ආයෝජනය කරන ලද අතර වර්තමානය වනවිට ශ්‍රී ලාංකීකයන්ගේ ජනාදරයට පත් සන්ලයිට්, ලක්ස්, ලයිෆ්බෝයි , සිග්නල් සහ පෙයාර්ස් බේබි ඇතුළු නිෂ්පාදන රාශියක් හොරණ යුනිලිවර් ශ්‍රී ලංකා කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය වේ.

තව දුරටත් - https://vyapaarikapuvath.lk/?p=7406

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන

2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජා ජුවලර්ස් රන් සම්මානයෙන් පිදුම් ලබයිශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රම...
08/11/2023

2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජා ජුවලර්ස් රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රන් සම්මානයෙන් පිදුම් ලබමින් සිය විශිෂ්ටත්වය සනාථ කරනු ලැබීය. කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙල පසුගියදා නෙළුම් පොකුණේ දී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

තව දුරටත් :> https://vyapaarikapuvath.lk/?p=7393

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසි

Address


Alerts

Be the first to know and let us send you an email when Vyapaarika Puvath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share