SL_Votes

SL_Votes Where you speak and Sri Lanka listens

03/04/2022
කොමිස් වලට නැවෙන දිවවල් එකින් එක අපි හඹා යන්නෙමුඇත්තටම කවුද මේ සිද්ධිකා සේනාරත්න? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ(SLSI) අධ්‍ය...
16/12/2021

කොමිස් වලට නැවෙන දිවවල් එකින් එක අපි හඹා යන්නෙමු

ඇත්තටම කවුද මේ සිද්ධිකා සේනාරත්න? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ(SLSI) අධ්‍යක්ෂ ජෙනරල්. ඊයේ දිනයේදි සිදුවූ විශේෂ සිදුවීමක් මත අප පෙර ලිපියක් මගින් සඳහන් කළ ලොව අංක එකේ ගෑස් මාෆියාව තුළ ඇති සිද්ධිකාගේ භූමිකාවද අපට අධ්‍යනය කරන්නට සිදුවෙනවා.

සිද්ධිකාව අපට මතක් වන්නේ මෙරට විෂකාරක ආහාර ද්‍රව්‍ය ගැන අසත්‍ය පවසා පසුව ඇය විසින් එය අසත්‍යයක් බව පිළිගත් අවස්ථාවයි. එවැනි වගකීම් විරහිත ප්‍රකාශවලින් ජන මනස කැළඹූ ඇයි තවමත් එම ධූරයේ සිටීමත් ගැටලුවක්.

පසුගිය සෙනසුරාදා(12/11) දිනයේදි අප රට වෙත ලඟා වූ ගෑස් නෞකාව ඊයේ(12/14) දිනයේදි ප්‍රතික්ෂේප වුණා කියලා අපට දැනගැනීමට හැකිවුණා මාධ්‍යයෙන්. මාධ්‍ය වාර්තා කළේ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එසේ දැනුම් දුන් බවයි.

ඒ මොහොතෙහිම අප ලිට්‍රො ගෑස් සමාගමෙන් ඒ පිළිබඳව විමසුම් කළත් ඔවුන් කියා සිටියේ ඔවුන්ට එවැනි ආකාරයේ කිසිම දැනුම් දීමක් පාරිභෝගික සේවා අධිකාරියෙන් හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ලබා දී නොමැති බවයි. ගෑස් වල ප්‍රශ්නයක් තිබේ නම් එය අදාළ සමාගමවත් දැනුවත් නොකර, මාධ්‍ය වෙත ලබාදීමට තරම් සිද්ධිකාට ඇති අවශ්‍යතාවය කුමක් ද? අපට නම් එහි සැඟවුණ රහසක් නිරීක්ෂණය වනවා. එමනිසා අප ඒ පිළිබඳව තව දුරටත් සොයා බැලුවා.

එහිදී ඊයේ හවස් වන විට අපට අනාවරණය කරගත හැකි වූ වැදගත්ම කාරණය නම් සිද්ධිකාලා විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කළ එම නිවේදනය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. එම අනාවරණය අප වෙත සිදු කළේද එම පරීක්ෂණය හා සම්බන්ධව සිටි ආයතනයේ නිලධාරියෙකු විසින්. එසේ අසත්‍ය තොරතුරු මාධ්‍යයට ලබාදීමේ චේතනාව කුමක් ද?

මොකක්ද ඒ අසත්‍ය?

ගෑස් වල ගන්ධය නිකුත් කිරීමේ රසායනිකය වන එතිල් මර්කැප්ටන් ඉතා අඩුවෙන් ඇති නිසා ප්‍රතික්ෂේප කරන බවටයි මාධ්‍ය වාර්තා කළේ. නමුත් පසුව කළ විශ්ලේෂණයකදී එය අවශ්‍ය අවම ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ඇති බව නිගමනය වී තිබෙනවා. එහිදී ද්‍රව කලාපයේ සිදු කළ යුතු පරීක්ෂණය වායු කලාපයේ සිදු කරමින් වැරදි දත්ත මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවටත් අපවෙත වාර්තා වූයේ. එමෙන්ම එහි බියුටේන් ප්‍රොපේන් සංයුතිය 71:29 ලෙස නිගමනය වී ඇති නිසා එම ගෑස් තොගයෙහි කිසියම් හෝ ප්‍රමිතියෙන් තොරවීමක් නැති බවටත් එය පාරිභෝගිකයින් වෙත නිකුත් කිරීමට අවශ්‍ය ප්‍රමිතිය සපුරා ඇති බවටත් මේ වනවිට අප වෙත වාර්තා වී තිබේ.

අසත්‍ය තොරතුරු මාධ්‍ය වෙත වාර්තා කරමින් සිද්ධිකාලා බලාපොරොත්තු වන්නෙ කුමක් ද? ප්‍රශ්නාර්ථය එයයි. මේ වනවිට ජනමාධ්‍ය හරහා මෙම ගෑස් නැව පිළිබඳව අනිසි බියක් ඇති කිරීමට සිද්ධිකා සේනාරත්න සමත්ව තිබෙනවා. ඇයට එය යළි නිවැරදි කළ හැකි ද? ලිට්‍රෝ ගෑස් ආයතනයට එම පුවත හරහා සිදුවූ හානියට සිද්ධිකා කළේ හිතාමතා කිසියම් හෝ පාර්ශවයකගේ වුවමනාවකට ද?

අප ඔබට කිව්වා මේ ඇතිව තිබෙන ගෑස් අර්බුධය සම්බන්ධයෙන් විවිධ අනාවරණ රැසක් සිදු කරන බවට. එහි පළමු ලිපියෙන් අප අනාවරණය කළා ලිට්‍රො වර්තමාන සභාපති පිළිබඳව සහ ඔහු සටන් කරමින් සිටින ඕමාන් ට්‍රේඩින් ගෑස් මාෆියාව සම්බන්ධව. මෙම ගෑස් අනතුරු සිදුවීමට ආරම්භ වූයේද සභාපතිවරයා විසින් එම මාෆියාව හෙළිකිරීමත් සමග බව අප ඔබට සඳහන් කළා.

එම මාෆියාවට සම්බන්ධ වූවන් අප එකින් එක ඔබට අනාවරණය කිරීමට සූදානම්. සිද්ධිකා මෙම රඟදක්වන භුමිකාව තුළිනුත් අප හට සැක සංකා මතුවීම පිළිබඳව සාධාරණ තර්කයක් ඇති බව ඔබට වැටහෙනවා ඇත. සිද්ධිකා මාෆියාකරුවන්ගෙ බලල් හස්තයක් ද? සිද්ධ්කාගේ අවශ්‍යතාවය ගෑස් පිළිබඳ අනියත බියක් සමාජ ගත කරමින් ලිට්‍රෝ සමාගම හා මාෆියාවට එරෙහිව හඬනගන්නන් අපහසුතාවයකට පත් කරමින් මාෆියාකරුවන්ගේ මන දොල පිනවමින් සිය මඩිය තර කර ගැනීමද?

මෙම සිදුවූ වැරදි තොරතුරු සමාජගත කිරීම පිළිබඳව වහාම මාධ්‍ය හමුවකට පැමිණ සිද්ධිකා එය නිවැරදි කළ යුතුයි. එසේ නොමැති නම් ඇය සම්බන්ධව අපගේ විනිශ්චයන් සියල්ල සත්‍යක් වනු ඇති. ලිට්‍රෝ සමාගමද වහා ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.

මේ සියල්ල සම්බන්ධයෙන් දූෂණ විරෝධි හඬ අවධියෙන්. අප හඹා යන්නෙ ලොව අංක එකේ මාෆියාව පසුපසයි. ඒ සමග නොබියව නැගීසිටින ගෞරවනීය රාජ්‍ය නිලධාරීන් සහ පොදු මහජනතාවට අප ශක්තියක් වනු ඇත.

උපුටා ගැනීම
දූෂණ විරෝධි හඬ සංවිධානය

10/12/2021

#බුද්ධියෙන් විමසන්න 👇

මේ රටට හැමදාම වෙන්නේ මේක.
හොරුන්ට ගහන්න ගියාම හොරු ඔකෝම එකතු වෙනවා.
ඊට පස්සේ හොරකමට විරුද්ධව නැඟී ඉන්න මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්නේ නැ. ඉතිං රටක් හැදේවිද ?

16/12/2020

මේ රටේ කෙල්ලෝ කොල්ලෝ ටිකක් කරපු ලස්සන වැඩක්

16/08/2020

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කෙරෙන, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලෙන සුරකිමු ලංකා පොලිස් ආරක්ෂක කමිටු නැවතත් බස්නාහිර පළාතේ ස්ථාපිත කෙරේ.
අළුත් වැඩපිළිවෙළක් .....
ඔබේ ගමටම වෙන්වූ පොලිස් නිලධාරියෙක් .....
ඔබේ දායකත්වය සදහා ඔබේ ප්‍රදේශයේ ප්‍රජා පොලිස් ස්ථානාධිපති වහාම හමුවන්න.

05/08/2020

මේ අවස්ථාව තීරණාත්මකයි

04/08/2020

මම ජාතිවාදියෙකු නොවන්නේ ඇයි?

මම ජාතිවදියෙක්නම් කොහොමද මගේ ලේ දෙන්නේ දෙමළ මිනිසුන්ට.

2020.07.18 තරුණ සමුළුවේදී

03/08/2020

මහ පෙළොවේ යතාර්ථයක් විය හැකි නායකයෙක්.

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාට සංඝරත්නයේ ආශිර්වාදය

02/08/2020

පාර්ලිමේන්තුවට පත්කර යැවීමට ඉතාම සුදුසු පුද්ගලයෙක්

29/07/2020

කැබිනට් මණ්ඩලයේ සිටිය යුතුම තුන්කල් දුටු මිනිසෙක්

29/07/2020

පරිවාර සේනාවේ සිටිය යුතුම කෙනෙක්

24/07/2020

වෙනමුකුත් ඔනේ නෑනේ මල්ලි ඒ සර්ගේ ඒකම ඇති. ආයේ කිසි දෙයක් ඔනේ නෑ කතා කරන්න.

22/07/2020
13/07/2020

එදා 19 සංශෝධනය පාර්ලමේන්තුවට ඉදිරිපත් කරද්දී 225 න් 224 ක්ම ඉඳගෙන තමා හිටියේ ඔය කථා කරන අප්පුහාමිලා ඔක්කොම.

06/07/2020

05/07/2020

04/07/2020

04/07/2020

02/07/2020

01/07/2020

මජර දේශපාලනය ගන්ධයෙන් පිරීගිය දූවකි.අප එය පිරිසිදු කර සුවද විලවුන් ඉසින්නෙමු ද?තව තවත් කසල එක් කොට සුපුරුඩු පශ්චාත්තාපයේ...
01/07/2020

මජර දේශපාලනය ගන්ධයෙන් පිරීගිය දූවකි.
අප එය පිරිසිදු කර සුවද විලවුන් ඉසින්නෙමු ද?

තව තවත් කසල එක් කොට සුපුරුඩු පශ්චාත්තාපයේ ගිලෙන්නෙමු ද?

තීරණය ඔබ සතුය!

System එක Change කරන්න Talks දුන්නට මදි X ගහද්දි ඇස් බැන්දුම ගලවන්න.
30/06/2020

System එක Change කරන්න Talks දුන්නට මදි X ගහද්දි ඇස් බැන්දුම ගලවන්න.

ඔබ කරන්නම ඕනී 👇
29/06/2020

ඔබ කරන්නම ඕනී 👇

29/06/2020

29/06/2020

Address


Telephone

+94768750628

Website

Alerts

Be the first to know and let us send you an email when SL_Votes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL_Votes:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share