Digital GARÁ Media

  • Home
  • Digital GARÁ Media

Digital GARÁ Media පෙළහර පාන Digital අස්න෴

අපේ රටේ දේශපාලන සහ ආර්ථික යාන්ත්‍රණය බිඳ වැටී තිබෙන වාතාවරණයක ඊට විසඳුම් සෙවිය හැකි නායකයෙකු වශයෙන් ජනාධිපතිවරයා විසින් ...
16/05/2022

අපේ රටේ දේශපාලන සහ ආර්ථික යාන්ත්‍රණය බිඳ වැටී තිබෙන වාතාවරණයක ඊට විසඳුම් සෙවිය හැකි නායකයෙකු වශයෙන් ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහව අග්‍රාමාත්‍ය ධූරයට පත් කර තිබෙනවා.

ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමත් සමග ලංකාවේ කොටස් වෙලඳපොලේ කිසියම් පිබිදීමක් වගේම ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් සහ විකුණුම් මිලේ පහල යාමක් ද පෙන්නුම් කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉතින් මේ තත්වයත් එක්ක රට ගොඩ දාන්න අගමැතිවරයා විදිහට රනිල්ට ඉදිරියේදී පුළුවන් වේවිද?බැරි වේවිද?

මේ ගැන අපි පසු විපරමක් කරලා බලමු.

රනිල් ඔහුගේ පාලන සමයේදී යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළා නම් පෙන්නුම් කළේ උද්ධමනය පාලනය කිරීම අතිනුයි.

රනිල් බලයට පත්වූ 2001දී 14.16%ක්ව පැවති උද්ධමනය 2004දී 7.58%ක් දක්වා පහත දැමීමට ඔහු සමත් වුණා.

2015දී රනිල්ගේ යහපාලන සමයේදී ලංකාවේ උද්ධමනය 3.77%යි.හැබැයි 2019දී ඔහු එය 3.53%කට අඩු කළා.

ඒ වුණත් රනිල්ගේ පාලන කාලයේදී සිදුවුණු බොහෝ සිදුවීම් වලින් පෙන්නුම් කරන්නේ ඔහු එතරම් සාර්ථක නායකයෙක් නෙමෙයි කියන එකයි.

ණය තත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත්තොත් 2001දී රනිල් බලයට පත්වනවිට රටේ සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 1.45යි.ඒත් 2004 වන විට ට්‍රිලියන 2.14ක් දක්වා එය වර්ධනය වුණා.ඒ වගේම 2015දී ට්‍රිලියන 8.5ක්ව පැවති ලංකාවේ ණය රනිල්ගේ ධූරය අවසන් වූ 2019දී ට්‍රිලියන 13ක් දක්වා වර්ධනය වී තිබුණා.මේ නිසා රනිල් යටතේ ඉදිරියේදී ණය පාලනයක් ඇති වේවිද යන්න ගැන අපට ඇති වෙන්නේ සැකයක්.

ඒ වගේම රනිල් ගැන කතා කළොත් යහපාලන ආණ්ඩු කාලයේදී ඔහු ගැන මගහැර යා නොහැකි අපකීර්තිමත් සිදුවීම් දෙක තමයි බැඳුම්කර වංචාව සහ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය.

සිය සමීපතමයෙකු වන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සහ ඔහුගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස්ට මහ බැංකුවේ බැඳුම්කර මංකොල්ල කන්නට ඉඩ දුන්නේ රනිල් බව අපි අමතක කළ යුතු නැහැ.මේ නිසා අපිට අහිමි වුණු මුදල රු බිලියන 15ක්.

හැබැයි එය දැන දැනත් මහේන්ද්‍රන්ව නීතිය ඉදිරියට පමුණුවන්නට රනිල් වික්‍රමසිංහ කටයුතු කළේ නැහැ කියන එකත් අපි හොඳාකාරවම දන්නවා.

ඒ වගේම තමයි රනිල්ට එල්ල වන අනිත් බරපතල චෝදනාව තමයි ප්‍රහාරයක් එල්ල වන බව දැනදැනම තොරතුරු වසන් කර 2019දී පාස්කු ප්‍රහාරය සිද්ධ වීමට ඉඩ සැලැස්වීම.මේ ප්‍රහාරය නිසා 250-300ත් අතර පිරිසකට සිය වටිනා ජීවිත අහිමි වුණා.

ඉතින් රනිල්ගේ සමයේදී සිදුවුණු මේ සිදුවීම් දෙක ඔහුගේ දේශපාලන ජීවිතයට එක් කළේ විශාල කැලලක්.මේ නිසා 2020දී පලවෙනි වතාවට ජනතාව ප්‍රතික්ශේප කළ පරාජිතයෙකු වීමට රනිල්ට සිදු වුණා.

කොහොම වෙතත් එජාපයට ඉතිරි වී තිබුණු එක් ජාතික ලැයිස්තු ආසනයට පින් සිද්ධ වෙන්න තමයි රනිල් අද මේ විදිහට පාර්ලිමේන්තුවේ රැඳී ඉන්නේ.

ඉතින් රනිල්ගේ පාලන යුග දෙකක සිදුවුණු සිදුවීම් ගත්කල රට ගොඩ දාන්න රනිල්ට පුළුවන් වේවිද කියන එක ගැන අපිට තියෙන්නේ නම් දැඩි කුකුසක්.

11/05/2022
10/05/2022

අපි රත්වෙලා ඇවිලුනොත් පිච්චෙන්නේ අපේ අම්මාව 💔😭
දේශද්‍රෝහීන්ට ඕන නැවත 83/88
ලෝකයේම ඇස් ඇරූ සාමකාමී ගෝල්ෆේස් අරගලයෙන් දිනාගත් දේ නැවතත් සිහි කරගන්න..
දිනූ දේ රැකගමු..
ඔබත් නිවෙන්න..
අන් අයවත් නිවන්න..

10/05/2022

Rajapaka’s Leaving .

🇱🇰

09/05/2022

එක්වෙන්න සැවොම
මේ අන්තිම අවස්ථාවයි රට වෙනුවෙන් ඔබගේ යුතුකම් ඉටුකිරීමට...
226ම ගෙදර යවමු.
හැබැයි...
සෑමවිටම බුද්ධිමත්ව ඉවසීමෙන් සාමකාමීව කටයුතු කරන්න.හන්දියක් හන්දියක් ගානේ සාමාන්‍ය ජනතාවට හිරිහැර සිදුවන ක්‍රියා කිරීමෙන් වළකින්න.

20/04/2022

ශ්‍රී ලාංකිකයනි ,ඔබත් එන්න මව්බිම බේරාගැනීමේ සාමකාමී අරගලයට.
මේ අපට ඇති අවසාන සහ හොඳම අවස්ථාවයි.
එන්න අප්‍රේල් 20 වැනිදා සවස 6 ට ගෝල්ෆේස් පිටියට, ඩිජිටල් ගරා අපිත් එනවා ඔබත් එක්ක

08/04/2022

ශ්‍රී ලාංකිකයනි ,ඔබත් එන්න මව්බිම බේරාගැනීමේ සාමකාමී අරගලයට.
මේ අපට ඇති අවසාන සහ හොඳම අවස්ථාවයි.
එන්න අප්‍රේල් 9 වැනිදා සවස 4 ට ගෝල්ෆේස් පිටියට, ඩිජිටල් ගරා අපිත් එනවා ඔබත් එක්ක

08/04/2022

Join with us for a peaceful demonstration on 09.04.2022 at Galle Face

02/04/2022

රට ගැන නොහිතා තමන්ගේ වාසිය වෙනුවෙන් හොරුන්ට ඡන්දය දුන්නා හොඳටම ඇති.දැන්වත් රටට වෙලා තියෙන විනාසේ දිහා බලලා අපි හැමෝටම ඉන්න විදිහේ රටක් ඉතිරි කරන්න පෙරට එන්න.

#හොරුන්වපන්නලාදාමු
#හොරු එපා
#රට ගැන හිතමු
#අපි තාමත් ප්‍රමාද නැහැ
#රටට ගිය කලක්

30/03/2022

stand up! for the sake of the country, for the nation, for you and your children at least now.
Come forward, and act wisely.

ඩොලර් අර්බුදය හේතුවෙන් ලංකාවේ තේ කර්මාන්තය අනතුරේ.ලංකාවට ඩොලර් හිඟවීම නිසා නිසි කලට තේ නැව්ගත කිරීමට නොහැකි වීම හේතුවෙන්...
29/03/2022

ඩොලර් අර්බුදය හේතුවෙන් ලංකාවේ තේ කර්මාන්තය අනතුරේ.

ලංකාවට ඩොලර් හිඟවීම නිසා නිසි කලට තේ නැව්ගත කිරීමට නොහැකි වීම හේතුවෙන් දැන්දැන් අපේ අන්තර්ජාතික තේ ගනුදෙනුකරුවන් ලංකාවේ තේ වෙනුවට දකුණු ඉන්දීය තේ මිලදී ගැනීම කෙරෙහි උනන්දු වී ඇති බව වාර්තා වෙනවා.

පසුගියදා පැවති කොචි ඕක්ෂන්හීදි ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවන් හතර දෙනෙකු වන ඉරානය,ඉරාකය,ටියුනීසියාව සහ තුර්කිය යන රටවල් මෙලෙස දකුණු ඉන්දීය තේ මිලදී ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ දකුණු ඉන්දීය තේ අපනයනකරුවන්ගේ සංසදයේ සභාපති දීපක් ෂා පවසා සිටියේ ලංකාවේ ඩොලර් අර්බුදය දකුණු ඉන්දීය තේ වලට ඉතා වාසි සහගත වෙලඳපොල අවකාශයක් උදා කර ඇති බවත් මේ තත්වය තවදුරටත් පැවතුණොත් එය ඉන්දීය තේ සඳහා විශාල පිටුවහලක් වනු ඇති බවත්ය.

ඩොලර් හිඟය මේ විදිහට තේ අපනයන වෙලඳපොලට වගේම තේ නිෂ්පාදන කටයුතු වලට ද සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබෙනවා.

විශේෂයෙන්ම ඩොලර් හිඟය හේතුවෙන් රසායනික පොහොර මිලදී ගැනීමේ අපහසුතා මතුවීම නිසා දැන් අපේ රටේ තේ නිෂ්පාදනය අඩාල වීමේ තත්වයක් නිර්මාණය වී ඇති බවයි ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය නිකුත් කර ඇති දත්ත විශ්ලේෂණය කර බැලු විට අපට පෙනි යන්නේ.

2022 පෙබරවාරි මාසය වන විට ලංකාව නිපදවා ඇති තේ ප්‍රමාණය කිලෝ මිලියන 18.16යි.එය 2021 පෙබරවාරි මාසයේ නිපදවූ කිලෝ මිලියන 22.52ට සාපේක්ෂව කිලෝ මිලියන 4.36ක අඩුවක් පෙන්නුම් කරනවා.

ඒ වගේම තේ අපනයනයේදී ද දක්නට ලැබෙන්නේ කැපී පෙනෙන පසුබෑමක්.

2021 පෙබරවාරි මාසයේදී අපි තේ කිලෝ මිලියන 23.16ක් අපනයනය කර තිබුණත් මේ වසරේ පෙබරවාරි මාසය වන විට අපට අපනයනය කරන්නට හැකි වෙලා තියෙන්නේ තේ කිලෝ මිලියන 21.14ක් පමණයි.ඒ කියන්නේ ගිය වසරට සාපේක්ෂව මේ වසරේ තේ අපනයනය තේ කිලෝ මිලියන 2.02කින් පසුබාලා තියෙනවා.

ඉතින් මේ විදිහට ඩොලර් අර්බුදය තවතවත් දරුණු වුණොත් අපට අනාගතයේදී තේ අපනයනයට වගේම තේ නිෂ්පාදනය කිරිමේදීත් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවිය හැකි බව පුරෝකථනය කරන්න පුළුවන්.

එහෙම වුණොත් සුවහසක් ජනයා ආදරය කළ අපේ 'සිලෝන් ටී' වල මලගම වැඩි ඈතක නොවනු ඇති බව පැවසිය හැකියි.

ඩොලර් සංචිත නැතුව රටේ ආර්ථිකය හොම්බෙන් යන මොහොතක ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ පෞද්ගලික පරිහරණය සඳහා ලෑන්...
25/03/2022

ඩොලර් සංචිත නැතුව රටේ ආර්ථිකය හොම්බෙන් යන මොහොතක ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ පෞද්ගලික පරිහරණය සඳහා ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථයක් ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම ජීප් රථය ගුවන් හමුදාව විසින් ආනයනය කර ඇති බවත් එය ගුවන් හමුදාපතිවරයා විසින් භාවිත කිරීමට නියමිතව තිබෙන බවත් දැක්වෙන ලේඛනයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මේ සම්බන්ධයෙන් සමාජය තුළ දැන් ලොකු කතාබහක් නිර්මාණය වෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මාධ්‍ය වෙත කියා සිටියේ ගුවන් හමුදාව සඳහා ගෙන්වන සියලුම වාහන සාමාන්‍ය ක්‍රියා පටිපාටියට අනුව ගුවන් හමුදාපතිවරයාගේ නමින් ආනයනය කරන බවත් අනුමත ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් වාහනය ආනයනය කළ නිසා මෙය නීති විරෝධී දෙයක් නොවන බවත්ය.

මධ්‍යම අප්‍රිකාව තුළ ලංකාව දායක වූ සාම සාධක කටයුතු සඳහා භාවිත කළ රථයක් වන මේ රථය ආනයනය කිරීම සම්බන්ධයෙන් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ මධ්‍යම අප්‍රිකාවේ අදාළ නිලධාරීන් විසින් වාහනය තක්සේරු කළ පසු එම වාහනය සඳහා ගෙවීම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවන බවයි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා උපකරණ ලබා ගැනීමෙන් ඉතා අවශ්‍ය විදේශ විනිමය ගෙන එන බවයි' ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

රටේ ඩොලර් සංචිත ආරක්ෂා කිරීමේ අරමුණින් පසුගිය මාර්තු 9වනදා මෙරට රජය විසින් භාණ්ඩ 367ක් සඳහා ආනයන සීමා කිරීමේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒත් එවැනි වාතාවරණයක් තිබියදී අනවශ්‍ය විදිහට අනවශ්‍ය මොහොතක වාහන ආනයනය කර ලංකාවේ හමුදා බලධාරීන් සතුටු කිරීමට ලංකා රජය වාහන ගෙන්වන්නේ තමන්ගේ පැවැත්ම උදෙසායි.

වෙනිසියුලාව අද වන විට බංකොලොත් රාජ්‍යයක් වී ඇතත් එම බංකොලොත් බවට රට ඇද දැමු එරට ඒකාධිපති නායක නිකොලාස් මදූරෝ මේ වෙනතුරු යහතින් බලයේ රැඳි සිටින්නේ හමුදාවට පින් සිද්ධ වෙන්නටයි.නිකොලාස් මදූරෝ හමුදා සාමාජිකයන් සතුටු කරමින් ඔවුන්ගේ සුබ සිද්ධිය උදෙසා විශාල කාර්යභාරයක් සිදු කරන නිසා ඔහුගේ බලයට විරුද්ධව හමුදාවේ හිස එසවීමක් සිද්ධ වෙන්නේ නෑ.

ඉතින් ලංකාවේ රජයත් මේ අසිරු මොහොතේදීත් හමුදා සාමාජිකයන් වෙනුවෙන් වාහන ආනයනය කිරීම් ඇතුළු බොහෝ සුබසාධන කටයුතු කරන්නෙත් තමන්ගේ ආරක්ෂාව සඳහා බවයි අපට පෙනි යන්නේ.

අද වන විට ගෝලීය වශයෙන් 25%ක අවශ්‍යතාවය සපුරාලමින් ලොව වැඩියෙන්ම solid tyre නිෂ්පාදනය කරන රට බවට පත් වෙලා තියෙන්නේ ලංකාව....
21/03/2022

අද වන විට ගෝලීය වශයෙන් 25%ක අවශ්‍යතාවය සපුරාලමින් ලොව වැඩියෙන්ම solid tyre නිෂ්පාදනය කරන රට බවට පත් වෙලා තියෙන්නේ ලංකාව.

ඒ වගේම දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන අංගනය වන ෆෙරෙන්ටිකෝ ටයර් කෝපරේෂන් පිහිටා තිබෙන්නෙත් ලංකාවේ.

ඉතින් ටයර් නිෂ්පාදනය අතින් මේ වගේ සැලකිය යුතු ප්‍රගතියක් ලංකාව අත්පත් කරගෙන තිබුණත් අපේ රටේ මේ වෙනකොට විශාල ටයර් හිඟයක් ඇති වෙලා තියෙනවා.

ඒකට හේතුව මොකක්ද?

ඇත්තටම කියනවා නම් දේශීයව නිපදවන ටයර් අපේ රටේ සපුරන්නේ 50%ක අවශ්‍යතාවයක් විතරයි.

ඒත් විදේශීය වාහන,ට්‍රක්,සැහැල්ලු ට්‍රක් සහ බස් රථ සඳහා අපි යොදා ගන්නේ ආනයනික ටයර්.දත්ත වලට අනුව ඒ විදිහට ආනයනය කරන ටයර් මසකට 150,000ක් අලෙවි වන බව වාර්තා වනවා.

ඉතින් ටයර් වලට මේ වගේ ඉල්ලුමක් දේශීය වෙලඳපොල තුළ ඇති වෙලා තියෙන වාතාවරණයකදී තමයි ඩොලර් අර්බුදයට විසඳුමක් විදිහට 2020 අප්‍රේල් මාසයේ පටන් 'අනවශ්‍ය භාණ්ඩයක්' යැයි සලකා ටයර් ආනයනය කිරීම නතර කිරීමට රජය තීරණය කළේ.

රජය එදා ගත් මේ තීරණයේ ප්‍රතිඵල නිසා අද වෙනකොට ටයර් අර්බුදයක් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා.

මේ ඇති වෙලා තියෙන ටයර් අර්බුදය අපට ඉතා ලේසි-පහසුවෙන් පැත්තකට කරන්න අමාරුයි.

ඒකට හේතුව තමයි මේ ටයර් අර්බුදය අපේ රටේ විශාල ගැටලු රැසකට මග පෑදීම.

මොනවද අහිතකර ප්‍රතිඵල?

Department of Motor Traffic දත්ත වලට අනුව 2020 වසරේදී අපේ රටේ ලියාපදිංචි වී තිබෙන රථ වාහන සංඛ්‍යාව 8,297,852ක්.ඉතින් මේ වගේ විශාල රථවාහන සංඛ්‍යාවක් තියෙන අපේ රටට අනිවාර්යයෙන්ම හොඳ ටයර් සැපයුමක් අවශ්‍ය වෙනවා.

නමුත් මේ කියන රථ වාහන වලට අවශ්‍ය ටයර් සැපයුම සිදු කිරීමට නොහැකි වීම නිසා මුහුණපාන්න වෙලා තියෙන ප්‍රධාන ගැටලුව තමයි වාහන අනතුරු.

පොලිස් දෙපාර්තමේන්තුව පවසන විදිහට 2021 වසරේදී අපේ රටේ වාහන අනතුරු 2325ක් සිද්ධ වෙලා තියෙනවා.ඒ අනතුරු වලින් 2419ක් මිය ගොස් ඇති අතර 13,469ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.ඉතින් ලෝක බැංකුව කියන්නේ මේ වාහන අනතුරු අපේ රටේ GDP එකට 3%කින් බලපෑම් එල්ල කරන බවයි.

ඒ වගේම ඇම්බියුලන්ස් රථ වලටත් භාණ්ඩ ප්‍රවාහනය කරන රථ වලටත් අවශ්‍ය ටයර් නැති වෙනවා කියන්නේ සෞඛ්‍ය පැත්තෙන් වගේම ආර්ථිකය පැත්තෙනුත් ලොකු අර්බුදයක්.

ඉතින් අපේ රටේ වටිනා ජීවිත වගේම ආර්ථිකය දුවන්නෙත් මේ කියන රෝද උඩ.
ඒකට අවශ්‍ය රෝද නෑ කියන්නේ අපිත් නෑ රටට ආර්ථිකයකුත් නෑ කියන එකයි.

ඒ නිසා අපට කියන්න තියෙන්නේ මොලයක් ඇති පාලකයෝ හිටියා නම් රටට ඩොලරුත් ෂුවර්,ටයරුත් ෂුවර්.ඒ නිසා අපි වගේම අපේ රටත් ෂුවර්.

මියන්මාරයේ Global New Light පුවත්පතේ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවට සහල් අපනයනය කිරීම මියන්මාරයට වාසිසහගත වී ඇති බව පැවසෙනව...
19/03/2022

මියන්මාරයේ Global New Light පුවත්පතේ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවට සහල් අපනයනය කිරීම මියන්මාරයට වාසිසහගත වී ඇති බව පැවසෙනවා.

එම පුවත් පත වැඩිදුරටත් සඳහන් කරන්නේ අනෙකුත් රටවලට සහල් අපනයනය කිරීමේදී ටොන් එකකට ලැබෙන FOB මිල ඇ.ඩො 340ත් 350ත් අතර වටිනාකමක් ගන්නා බවයි.නමුත් ලංකාවට සහල් අපනයනය කිරීමේදී ටොන් එකකට ඔවුන්ට FOB ඇ.ඩො.440ත් 450ත් අතරක මිලක් ලැබෙන බව පැවසෙනවා.

එම පුවත් පතට අදහස් පල කරමින් Bayintnaung Rice Wholesale Depot හි ලේකම් ඌ තාන් සඳහන් කර ඇත්තේ යුරෝපය සහ චීනය මෙන් නොව ලංකාවට සහල් අපනයනය කිරීමේදී නීතිරීති වල පවා ලිහිල් බවක් ඇති බවයි. මේ නිසා ලංකාව සමඟ කෙරෙන සහල් ගනුදෙනුව වාසි සහගත වගේම ඉතාමත් පහසුදායක දෙයක් වී ඇති බව තමයි ඔහු සඳහන් කරන්නේ.

ලංකාවට සහල් අපනයනය කරන Bayintnaung Rice Wholesale Depot වැඩිපුර ජනප්‍රිය වෙලා තියෙන්නේ බාල සහල් වලටයි.

*පිටරට හාලේ බත් ටික නැත්තම් බඩ ගින්නේ සිංහලයා

ලංකාවේ ජනතාවගේ ප්‍රධාන ආහාර වේල තමයි බත් කියලා කියන්නේ.

නමුත් රජය විසින් මෑතක සිට අනුගමනය කළ කාබනික පොහොර පමණක් ප්‍රතිපත්තිය නිසා මහ කන්නයට අදාල සහල් නිෂ්පාදනය අඩුවී තිබෙනවා.මේ හේතුවෙන් ලංකාව තුළ ඉදිරියේදී සාගත තත්වයක් ඇති වීමේ අවධානම වැඩියි.

විශේෂයෙන්ම ගෝලීය කුසගිනි දර්ශකයේ (Global Hunger Index 2021) රටවල් 116ක් අතරින් දැනටමත් අපි සිටින්නේ 65වන ස්ථානයේ.ඉතින් අපේ රටේ ඇති වෙලා තිබෙන ආහාර නිෂ්පාදන අර්බුදය නිසා,කුසගිනි දර්ශකයේ මධ්‍යස්ත ස්ථානයක රැඳි සිටින අපි මීට වඩා බැරැරුම් සාගත තත්වයකට නිරායාසයෙන්ම තල්ලු වෙන එක ස්වාභාවිකයි.

ඒ අවධානම වලක්වා ගැනීම සඳහා රජය ඉන්දියාවෙන් සහල් මෙ.ටො.300,000ක් අපනයනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව තමයි 2022 සිට 2023 දක්වා ලංකාවට සහල් සැපයීම සම්බන්ධයෙන් ලංකා රජය මියන්මාරය සමග ජනවාරි 7වනදා ගිවිසුමක් අත්සන් කර තිබෙන්නේ.

ඉතින් ලංකාවේ පාලකයන්ගේ අනුවණ බව සහ නිසි කෘෂි ප්‍රතිපත්තියක් නොමැතිකමින් අපේ රටේ ආහාර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර ඒ අර්බුදය හේතුවෙන් වාසි අත්වෙලා තියෙන්නේ මියන්මාරයේ,ඉන්දියාවේ විකුණා ගන්න බැරි බාල සහල් වලටයි.

*නෙදර්ලන්තයෙන් පාඩම් ඉගෙන ගමුද?

ලංකාව වගේම කුඩා රටක් තමයි නෙදර්ලන්තය.හැබැයි ලෝකයටම ආහාර වැඩියෙන්ම අපනයන කරන රටක් වෙන්නෙත් නෙදර්ලන්තය.

අපට 27%ක ගොවියන් පිරිසක් සිටිද්දී නෙදර්ලන්තයට ඉන්නේ ගොවියෝ 2%ක් විතරයි.
ඒ වුණත් ඔවුන්ගේ නව තාක්ෂණයට පින් සිද්ධ වෙන්න අද නෙදර්ලන්තය කෘෂි කර්මාන්තයෙන් ලොකු දුරක් ඇවිත් ඉන්නවා.ඒ විතරක් නෙමෙයි ලෝකයේ හොඳම කෘෂි වි.වි. වන Wageningen University අයිති වෙන්නෙත් නෙදර්ලන්තයට.

ඒත් එක්තරා කාලයක පෙරදිග ධාන්‍යාගාරය වුණු අපි අද පිටරටින් කෑම ටික එනකන් දත නියවගෙන ඉන්න ජාතියක් බවට පත් වෙලා.

ඉතින් නෙදර්ලන්තය දිහා බලලාවත් අපිට වැරදුණේ කොතනද කියන එක ගැන දැන්වත් පොඩ්ඩක් හිතලා බලමු.

13/03/2022

Institutions in Sri Lanka have been suffering losses for decades and there is an economic famine all over the country. So our country was devastated for one reason

ඉන්දියාවේ ගුවන් සේවාවක් වන Air India පෞද්ගලීකරණය කිරීම පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුණු මාතෘකාවක් වුණා.Air India ගුවන් ...
10/03/2022

ඉන්දියාවේ ගුවන් සේවාවක් වන Air India පෞද්ගලීකරණය කිරීම පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුණු මාතෘකාවක් වුණා.

Air India ගුවන් සේවාවේ දෛනික අලාභය ඉන්දීය රු.කෝටි 20ක්.ඒ වගේම පසුගිය වසරේ අගෝස්තු 31වනදා වන විට Air Indiaහි සමස්ත ණය ප්‍රමාණය ඉන්දීය රු. කෝටි 61,562ක් වූ බවයි ඉන්දීය පුවත් වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් Air India ගුවන් සේවාව ටාටා සමාගමට ලබා දීමට මෝදි රජය ගත් මේ තීරණය කොංග්‍රස් පක්ෂයේ දැඩි විවෙචනයට ලක් වුණා.නමුත් ඒ සම්බන්ධයෙන් DIPAMහී ලේකම් තුහීන් කාන්තා පාණ්ඩේ පැවසුවේ "පාඩු පිට පාඩු ලබන මේ වගේ ගුවන් සේවාවක් පවත්වාගෙන යාමෙන් ඉන්දියාවේ බදු ගෙවන්නන්ට සිදුවන අලාභය මේ මගින් නතර කළ හැකි" බවයි.

පාඩු ලබන ආයතන සම්බන්ධයෙන් ඉන්දියාව ගත් මේ සාධනීය පියවරෙන් ලංකාවේ අපිට ඉගෙන ගත හැකි පාඩම් බොහෝමයක් තියෙනවා.

*පාඩු ලබන ලංකාව

ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව රු.බිලියන 4.5යි.ඒ වගේම 2010 ඉඳන් 2020 වෙනකම් ලංකා දුම්රිය සේවාව ලබා තියෙන පාඩුව රු.බිලියන 331ක් වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් සමාගම ගත්තොත් 2021 පෙබරවාරී මාසය දක්වා වූ මාස 10ක් ඇතුළත ලබා ඇති පාඩුව රු.බිලියන 58යි.එසේම ශ්‍රී ලංකා තැපැල් කාර්යාලය රු.බිලියන 6ක පාඩුවක් ලබද්දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව රු.බිලියන 57ක පාඩු ලබා තියෙනවා.

මේ අපි සඳහන් කළේ පාඩු ලබන ආයතන කිහිපයක තොරතුරු විතරයි.මේ නාමාවලියට තවත් පාඩු ලබන ආයතන සිය ගණනක් වුණත් අපිට ඇතුළත් කරන්න පුළුවන්.

ඉතින් දැන් ඔබට පේනවානේ,ලංකාවේ ආයතන කොච්චර නම් ජාතියට බරක් වෙලා තියෙනවද කියලා.මේ බරේ මිල ගෙවන්න වෙන්නේ ජනතාව වන අපටමයි.ඒ කියන්නේ පාඩු ලබන ආයතන පවත්වාගෙන යාමේ අවසන් වින්දිතයා බවට පත් වෙන්නේ අපි.

ඒ නිසා තමයි බදු ගෙවන අපේ පැවැත්ම වෙනුවෙන් අපිත් ඉන්දියාව වගේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තියකට යා යුත්තේ.

*පෞද්ගලීකරණය නරක නැහැ

හේගලියානු දර්ශනය මත පදනම්ව ෆ්‍රැන්සිස් ෆුකුයාමා ලියු The End of History & The Last Man කෘතිය කියන විදිහට ලෝකයේ අවසාන යුගය වන්නේ ධනවාදී ආර්ථිකය සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයයි.

හැබැයි මේ යථාර්ථය අපේ රටේ පාලකයෝ වගේම මිනිස්සු තේරුම් ගන්න කැමති නැහැ.

ධනවාදයට,පෞද්ගලීකරණයට අපේ රටේ මිනිස්සු දක්වන්නේ සතුරු ආකල්පයක්.ඒ වගේම ලොකු බයක්.මේ නිසා තමයි රටක් විදිහට අපිට හරි ගමනක් යන්න බැරි වෙලා තියෙන්නේ.

ඩෙංග් ෂියාඕ පිංග් චීනයට ධනවාදය ගෙනාවේ 1977දී.නරසිම්හ රාඕ-මන්මෝහන් සිං-අමරනාත් වර්මා තුන් කට්ටුව 1990 දශකයේදී ඉන්දියාවට නියම ධනවාදය ගෙනාවා.

මේ රටවල් දෙකම අද වන විට ධනවාදී ආර්ථිකයේ ඉහලින් වැජඹෙන විට සුබසාධනවාදී ලිබරල්වාදය බදාගෙන ඉන්න ලංකාව ආර්ථික වශයෙන් තාමත් ඉන්නේ එකතැන පල්වෙමින්.

ඉතින් අපේ ආර්ථික දර්ශනය නව ලිබරල්වාදය බවත් පෞද්ගලීකරණය වගේ සංකල්ප තුළින් රට දියුණු කරන්නේ කොහොමද කියන එක ගැනත් ජාතියක් විදිහට අපි මේ වෙලාවේ තේරුම් ගත යුතු වෙනවා.

ඒ නිසා පාඩු ලබන ආයතන තවත් කරගහගෙන අපි බංකොලොත් වෙනවාද?එහෙමත් නැත්තම් ඉන්දියාව වගේ පෞද්ගලීකරණයකට යනවාද?

ඔබේ තීරණය මොකක්ද?

06/03/2022

තෙල් තියෙන්නේ සති දෙකකට කියලා දැන දැනත් බිලියනයක තෙල් ගහලා නිදහස් උත්සවේ ජයට සැමරුවා.දැන් වාහන වලට තෙලුත් නෑ,රටත් අඳුරේ.ඉතින් ඇමතිවරු හැරෙන්න අපි හැමෝම නන්නත්තාරයි.

මේ මොහොත වන විට අපි පැය පහක-හතක දෛනික විදුලි කප්පාදුවකට  මුහුණ දෙනවනේ.නමුත් ඉදිරියේදී-ඒ කියන්නේ මාර්තු මාසය මැද භාගය වන ...
03/03/2022

මේ මොහොත වන විට අපි පැය පහක-හතක දෛනික විදුලි කප්පාදුවකට මුහුණ දෙනවනේ.

නමුත් ඉදිරියේදී-ඒ කියන්නේ මාර්තු මාසය මැද භාගය වන විට මේ විදුලි කප්පාදුව පැය දහයකට වඩා වැඩි විය හැකි බව CEB ඉංජිනේරුවරුන් අනතුරු අඟවනවා.

පවතින නියං තත්වය නිසා ජල විදුලි උත්පාදනයට ජලය නොමැති වීමත් ඒ වගේම රට පුරා පවතින දරුණු ඉන්ධන අර්බුදයත් මේ සඳහා බලපාන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වගේ අර්බුදකාරි තත්වයක් විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රයේ උද්ගත වෙලා තිබුණත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ කැබිනට් මණ්ඩලයේදී පවසා ඇත්තේ මාර්තු 5වනදායින් පසුව බාධාවකින් තොරව මුළු රටටම අඛණ්ඩව විදුලිය සැපයිය හැකි බවයි.

ඒ වුණත් ඩේලී මිරර් පුවත්පත සිදු කර ඇති අනාවරණයකට අනුව අපට දැනට පවතින පෙට්‍රල් දවස් හතකට සහ ඩීසල් දවස් හතරකට විතරයි ප්‍රමාණවත් වෙන්නේ.ඒ වගේම මීළඟට ලංකාවට ගෙන්වන තෙල් බහලුම ද ප්‍රමාණවත් වෙන්නේ සතියකට විතරයි.

ඉතින් මේ වගේ සීමිත ඉන්ධන ධාරිතාවයක් එක්ක රජය කියන විදිහට මාර්තු 5වනදායින් පස්සේ බාධාවකින් තොර අඛණ්ඩ විදුලි සැපයුමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන එක ගැන අපට තියෙන්නේ ලොකු ප්‍රශ්නාර්ථයක්.

*තිරසර විදුලි උත්පාදනයක් කෝ?

අද වෙනකොට පවතින ගෝලීය පාරිසරික අර්බුද හමුවේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමු වෙලා.

මේ නිසා රටවල් බොහෝමයක් යුගයට අවශ්‍ය වෙන විදිහට තම බල ශක්ති අරමුණු සහ ප්‍රතිපත්ති යාවත්කාලීන කරමින් සාම්ප්‍රදායික බල ශක්ති උත්පාදනය කරන මූලාශ්‍ර වන ගල් අඟුරු,තෙල් සහ ගෑස් වගේ පොසිල ඉන්ධන වෙනුවට සූර්ය බල ශක්තිය,සුලං බලය සහ ජීව ඉන්ධන වගේ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා.

ඒ වගේම New Energy Outlook 2021 වාර්තාව කියන්නේ 2050 වන විට පුනර්ජනනීය බල ශක්ති උත්පාදනය 85%ක් දක්වා වර්ධනය වන බවයි.

ඉතින් මේ වන විටත් චීනය,ඇමරිකාව,EU කලාපය සහ ඉන්දියාව වගේ රටවල් පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කිරීම අතින් පෙරමුණ අරගෙන ඇති බව International Energy Agency පෙන්වා දෙනවා.

එමෙන්ම නෝර්වේ,පැරගුවේ,අයිස්ලන්තය වැනි රටවල බලශක්ති උත්පාදනයට 90%කට වඩා වැඩි ප්‍රමාණයක දායකත්වයක් දෙන්නේ පුනර්ජනනීය බලශක්තියයි.

නමුත් සූර්ය බලය,සුලං බලය හොඳටම ලැබෙන සමකාසන්න රටක් වෙන ලංකාව මේ වගේ ප්‍රතිපත්ති ගැන හිතලා තබා අහලකටවත් ඇවිල්ලා තියෙනවද කියන එක ගැන නම් අපට තියෙන්නේ ලොකු සැකයක්.

ඉතින් බලශක්ති ප්‍රතිපත්තියක් නැති රටක ඉන්න අපට සිද්ධ වෙන්නේ ඉදිරියේදී පැය 10කට වඩා වැඩි කාලයක් අඳුරට වෙලා ඉන්නයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ 88,000ක් වූ නිලධාරීන්ගෙන් 44,000කට වඩා වැඩි පිරිසක් ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා තිබෙන බව ආරංචි මාර්...
28/02/2022

පොලිස් දෙපාර්තමේන්තුවේ 88,000ක් වූ නිලධාරීන්ගෙන් 44,000කට වඩා වැඩි පිරිසක් ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

අපරාධ වලින් තොර විශ්වසනීය ජීවිතයක් ගත කිරීම සඳහා ජනතාවට සාමකාමී පරිසරයක් උදා කර දීමයි පොලිස් දෙපාර්තමේන්තුවේ මූලික දැක්ම සහ කාර්ය-භාර්ය වෙන්නේ.

ඒත් සිවිල් ජනතාවගේ සහ රටේ ආරක්ෂාව මේ විදිහට හෑල්ලු කර පොලිස් දෙපාර්තමේන්තුව විසින් ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව අංක එක බවට පත් කර ගැනීම විශාල ගැටලුකාරී තත්වයක් රට තුළ උද්ගත කර තිබෙනවා.

*ඉන්න VIPලට වගේම හිටපු VIPලටත් ආරක්ෂාව

හිටපු මැති-ඇමතිවරුන්,හිටපු ආණ්ඩුකාරවරුන්,හිටපු ජනාධිපති ආර්යාවන් වගේම ඇතැම් භික්ෂූන් සඳහා ද මේ විදිහට පොලිස් ආරක්ෂාව ලබා දෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

හිටපු අභාවප්‍රාප්ත ජනාධිපතිවරයෙකුගේ ආර්යාවක් සඳහා නිලධාරීන් 17 දෙනෙකු ද නායක ස්වාමීන් වහන්සේලා සඳහා 38 දෙනෙක් ද හිටපු කතානායකවරයෙකුගේ බිරිඳකට නිලධාරීන් දෙදෙනෙක් සහ අගමැතිවරයාගේ වැටුප් වංචා කිරීමේ චෝදනාවට ලක්වුණු උදිත් ලොකුබණ්ඩාර සඳහා දෙදෙනෙකු ද වශයෙන් පොලිස් ආරක්‍ෂක නිලධාරීන් යොදවා තිබෙන බවයි අපට තොරතුරු වාර්තා වුණේ.

මේ ආකාරයෙන් හිටපු ප්‍රභූවරුන්ගේ ද ආරක්ෂාව සැලසීමට සිදුවීම නිසා වසරකට රු.කෝටි 15ක පිරිවැයක් දැරීමට රජයට සිදුවන බව තොරතුරු අනාවරණය වෙනවා.

රටේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවිය යුතු ආරක්ෂක නිලධාරීන් මේ විදිහට ප්‍රභූ මෙන්ම හිටපු ප්‍රභූවරුන් වෙනුවෙන් ද යෙදවීම ජාතියට මහා බරක්.

ඒ වගේම මේ නිසා අද වන විට ලංකාව විවිධ අපරාධ වලට තෝතැන්නක් බවට පත් වෙලා.

*ලොව අපරාධ වැඩියෙන්ම සිදුවන රටක් තමයි ලංකාව

Crime Rate Index 2022 සමීක්ෂණයට අනුව ලංකාව කියන්නේ ලොව අපරාධ වැඩිපුරම සිදුවන රටවල් අතරින් එකක්.

මේ සමීක්ෂණයේදී රටවල් 137ක් අතරින් ලංකාවට හිමි වෙලා තියෙන්නේ 83වන ස්ථානයයි.

මහමග, මහ දවල් සිදුවන මංකොල්ලකෑම්,අපරාධ,අපචාර වැනි පුවත් අද වන විට නිරන්තරයෙන් අපට අසන්නට-දකින්නට ලැබෙනවා.

ඉතින් රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිටින නිලධාරීන් අඩකටත් වඩා මේ විදිහට ප්‍රභූ සහ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවීමෙන් අපේ රට ලොව අපරාධ සුලබව සිදුවන රටවල් අතරින් එකක් වීම පුදුමයක් නෙවෙයි.

'20 වන සියවසේ මහා භූ දේශපාලනික ඛේදවාචකය වන්නේ සෝවියට් රුසියාවේ බිඳ වැටීමයි'රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 1989 සෝවි...
26/02/2022

'20 වන සියවසේ මහා භූ දේශපාලනික ඛේදවාචකය වන්නේ සෝවියට් රුසියාවේ බිඳ වැටීමයි'

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 1989 සෝවියට් රුසියාවේ බිඳ වැටීම විග්‍රහ කළේ ඒ විදිහට.

ඇත්තටම පුටින් කණගාටුවට පත් වුණේ රුසියාවේ සමාජවාදය බිඳ වැටීම ගැන නම් නොවෙයි.

ඔහු කණගාටුවට පත් වුණා නම් පත් වුණේ සෝවියට් රුසියාව බිඳ වැටීමත් සමග තමන්ගේ රටේ දේශ සීමා කේන්ද්‍ර කර ගෙන සිද්ධ වෙමින් තිබු අර්බුදකාරී තත්වය ගැනයි.

විශේෂයෙන්ම ගත්තොත් රුසියාවේ බිඳ වැටීමත් සමග රුසියානු බැම්මෙන් මිදුණු නැගෙනහිර යුරෝපයේ රටවල් රැසක් යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලබා ගත්තා.

ඊටත් වඩා රුසියාව වේදනාවට පත් කළ සිදුවීම වුණේ ඇමරිකාවේ නේටෝ සංවිධානය රුසියාවේ දොරකඩට පැමිණීමයි.2008 වසරේදී ඇමරිකාවේ බරැක් ඔබාමා ජනාධිපතිවරයා නේටෝ සංවිධානයට බැඳෙන ලෙසට යුක්රේනයට කළ යෝජනාව රුසියාව දැක්කේ තමන්ගේ රට වට කරන 'ඇමරිකානු කඳවුරුවාදී කුමන්ත්‍රණයක්' විදිහටයි.

ඒකේ ප්‍රතිඵලය වුණේ 2014 වසරේදී රුසියාව,යුක්රේනයට අයත් ක්‍රිමියාව ආක්‍රමණය කර රුසියාවට ඈඳා ගැනීම.

ඉතින් පසුගිය සඳුදා දිනයේදී යුක්රේනයේ සටන්කාමී ප්‍රදේශ වන Luhansk සහ Donetsk ස්වාධීන රාජ්‍ය විදිහට පිළිගැනීමත් ඒ වගේම යුක්රේනයට බ්‍රහස්පතින්දා අලුයම සිට ප්‍රහාර එල්ල කිරීමත් තුළින් අපි දකින්නේ
රුසියාව තමන්ව ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියේම තවත් දිගුවක්.

කෙසේ වෙතත් රුසියාව සමග කෙරෙන භූ දේශපාලනික ගනුදෙනුවේදී මීට වඩා සංයමයකින් යුක්රේනයට තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය හසුරුවන්නට තිබුණා කියලයි අපි විශ්වාස කරන්නේ.

විශේෂයෙන්ම තුෂ්ණි යුධ කාලේදී ෆින්ලන්තය අනුගමනය කළ නොබැඳී විදේශ ප්‍රතිපත්තිය හෙවත් ෆින්ලන්තකරණ වි/ප්‍ර (Finlandization) සහ ස්කැන්ඩිනේවියානු රටවල 'නෝමැඩික් තුලනය' (Normadic balance) රුසියාව සම්බන්ධයෙන් යුක්රේනයට අනුගමනය කරන්නට තිබුණු හොඳ ප්‍රතිපත්ති වනවා.

නමුත් ඒ වගේ ප්‍රතිපත්ති ගැන සලකා බලන්නේ නැතුව එදා ඇමරිකාවේ 'නේටෝ ඇම' ගිල දැමීමේ ප්‍රතිඵල තමයි යුක්රේනය අද වන විට භුක්ති විඳින්නේ.

රුසියාවේ ආක්‍රමණයට ප්‍රතිචාරයක් විදිහට සම්බාධක දැමීම හැර ඇමරිකාවට ඇතුළු බටහිර රටවලට මේ වෙලාවේදී හැකි දෙයක් නැහැ.මොකද ඇමරිකාව සහ එහි ලෝක පර්යාය එදා වගේ අද බලවත් නොවන නිසා.

මේ නිසා යුක්රේනය ෆින්ලන්ත මාදිලියේ නොබැඳී විදේශ ප්‍රතිපත්තියකට ගමන් කළ යුතුයි.එසේ වුවහොත් එය යුක්රේනයට සහ එහි ජනතාවටත් ඒ වගේම රුසියාවටත් ඉතාමත් සුබවාදී වනු ඇති බව අපි නිගමනය කරනවා.

21/02/2022

While all citizens of Srilanka suffers, POLITICIANS continue living their luxrious lifestyle from our hard earned money .
Is it fair for the politicians to party while we suffer ?

Bandula Gunawardena Keheliya Rambukwella Anura Kumara Dissanayake Dilum Amunugama Wimal Weerawansha Lohan E. Ratwatte Bimal Rathnayake

අපි ඔබෙන් මෙන්න මෙහෙම සරල ප්‍රශ්නයක් අහනවා.කිරිපිටි,ගෑස්,සිමෙන්ති වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ අද වෙනකොට වෙලඳපොලේ සීමිත ප්‍රමාණය...
21/02/2022

අපි ඔබෙන් මෙන්න මෙහෙම සරල ප්‍රශ්නයක් අහනවා.

කිරිපිටි,ගෑස්,සිමෙන්ති වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ අද වෙනකොට වෙලඳපොලේ සීමිත ප්‍රමාණයක් තිබෙනවා කියලා ඔබ හැමෝම දන්නවානේ.

නමුත් මේ පුවත් අතරේ කවදාවත් අපේ රටේ මත්පැන් හිඟයක් එහෙම ඇති වෙලා තියෙනවා කියලා ඔබට ඇහිලා තියෙනවද?දැනිලා තියෙනවද?නැත්තම් පෙනිලා තියෙනවද?

නෑ නේද?

සරලව ගත්තොත් අපේ රටේ අරක්කු හිඟයක් හෝ අරක්කු වෙනුවෙන් මේ වගේ දිගු පෝලිම් සංස්කෘතියක් හැදිලා නැහැ.

මොකක්ද ඒකට හේතුව?ඒකට ප්‍රධාන හේතුව තමයි මත්පැන් වෙනුවෙන් අපේ රටේ දේශපාලනයෙන් හිමි වෙලා තියෙන රැකවරණය.

*අපේ මිනිස්සු සහ අරක්කු

ලංකාව කියන්නේ මත්පැන් පානය වැඩි වශයෙන් සිදුවන රටක්.World population review සිදු කර තිබෙන සමීක්ෂණයකට අනුව ජනගහනයට සාපේක්ෂව අපේ රටේ පුරුෂයන් 4.74කුත් කාන්තාවන් 1.19ක පිරිසකුත් මද්‍යසාර පානයේ නිරත වෙනවා.

මේ විදිහට ලංකාවේ සැලකිය යුතු පිරිසක් මත්පැන් පානය කෙරෙහි ලොල් වී ඇති නිසාම මත්පැන් පානය අතින් අපේ රටට ලෝකයෙන්ම හිමි වෙලා තියෙන්නේ 122වන ස්ථානයයි.

එසේම මත්පැන් වලින් අපේ රටට ලැබෙන ආදායමත් සුළුපටු නැහැ.2015දී සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත වලට අනුව නම් ලංකාවට මත්පැන් වලින් ලැබෙන ආදායම ඇ.ඩො.මිලියන 100කට වඩා වැඩියි.එමෙන්ම මත්පැන් අලෙවිය සඳහා 2006 සිට 2018 දක්වා නිකුත් කර ඇති බලපත්‍ර ප්‍රමාණය 619ක්.

ලංකාවේ මත්පැන් ව්‍යාපාරයේ ප්‍රධාන මොලකරුවෝ තමයි දේශපාලකයෝ.

ඉතින් නීති විරෝධීව එතනෝල් මෙරටට ගෙන්වීමේ සිට ආදායම්-බදු නොගෙවා හොරට අරක්කු ගුදම් පවත්වාගෙන යාම දක්වා වූ මේ කියන සමස්ත මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලියට දේශපාලනයෙන් විශාල ආශීර්වාදයක් සහ රැකවරණයක් ලැබෙනවා.

රට වසා දැමු කාලයේදී මිනිසුන්ට අරක්කු මිලදී ගැනීමට නොහැකි වීම හේතුවෙන් මත්පැන් ව්‍යාපාරයට උදා වුණේ නරක කල දවසක්.මේ නිසා ඔන්ලයින් ක්‍රමයට අරක්කු ඩිලිවරි කිරීම වගේම ඇතැම් අවස්ථා වලදී ලොක් ඩවුන් පැවති වාතාවරණ තුළ පවා බාර් විවෘත කර ජනතාවට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දුන් අවස්ථා පවා අපි දැක්කා.

කිරිපිටි,ගෑස් සහ ගෑස් පිපිරීම් වගේම සිමෙන්ති කියන්නේ අපේ ප්‍රශ්න මිස දේශපාලකයාගේ ප්‍රශ්න නෙමෙයි.එය කවදා හෝ දවසක දේශපාලකයාගේ ප්‍රශ්නයක් වූ දවසට විතරක් ඔවුන් එයට උපරිමයෙන් මැදිහත් වෙනවා ඇති.

ඉතින් අරක්කු කියන්නේ දේශපාලකයාගේ සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගේ ව්‍යාපාරික ප්‍රශ්නයක්.ඒ නිසා තමන්ගේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් බලයේ ආශීර්වාදය ඇතුව ඔවුන් එවැනි ගැටලු වලට රිසිසේ මැදිහත් වෙනවා නොඅනුමානයි.

අපි ඔයාලගෙන් සරලව අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්.ඇන්ඩ්‍රොයිඩ් ද? ඇපල් ද?මේ දෙක අතරින් ඔයා වැඩිපුරම කැමති මොකකටද?ලංකාවේ විත...
19/02/2022

අපි ඔයාලගෙන් සරලව අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්.

ඇන්ඩ්‍රොයිඩ් ද? ඇපල් ද?

මේ දෙක අතරින් ඔයා වැඩිපුරම කැමති මොකකටද?

ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ බහුතරයක් දෙනාගෙන් මේ ප්‍රශ්නය ඇහුවොත් එයාලා මේකට දෙන උත්තරය වෙන්නෙත් ඇන්ඩ්‍රොයිඩ්.

ඔව්,ඇත්තටම කිව්වොත් අද වන විට ලංකාව ඇතුළු ලෝකයේ බහුතරයක් දෙනාගේ තේරීම ඇන්ඩ්‍රොයිඩ් බව Electronics Hub සිදු කරලා තියෙන නවතම සමීක්ෂණයකින් හෙලිදරව් වෙලා තියෙනවා.

රටවල් 142ක් මුල් කරගෙන සිදු කර ඇති මේ සමීක්ෂණයේදී සොයා ගෙන තියෙන්නේ එයින් රටවල් 74ක්ම ඇන්ඩ්‍රොයිඩ් තෝරාගෙන ඇති බවයි.ඒ වගේම රටවල් 65ක් ඇපල් වලට වැඩි කැමැත්තක් දක්වා තිබෙන අතර රටවල් තුනක් මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා නොදුන් බවයි Electronic Hubs කියා සිටින්නේ.

*සමීක්ෂණයෙන් මොනවද හොයාගෙන තියෙන්නේ?

මහද්වීපික වශයෙන් ගත්තොත් ලංකාව ඇතුළු ආසියා-ශාන්තිකර කලාපයේ රටවල් 13ක් ඇන්ඩ්‍රොයිඩ් සඳහා වැඩි නැඹුරුවක් දක්වා ඇති අතර ඇපල් වලට වැඩි කැමැත්තක් ලබාදී ඇත්තේ පාකිස්තානය ඇතුළු රටවල් 12ක් පමණයි.

ඒ වගේම ඉරානය ඇතුළු මැද පෙරදිග රටවල් 8ක් ඇන්ඩ්‍රොයිඩ් තෝරා ගනිද්දි සෞදි අරාබිය ඇතුළු රටවල් 6ක් තෝරාගෙන තිබෙන්නේ ඇපල්.

ඇන්ඩ්‍රොයිඩ් ලබාගෙන තියෙන මේ ජයග්‍රහණය ආසියානු කලාපයට විතරක් සීමා වෙන්නේ නැහැ.

සමීක්ෂණයට අනුව අප්‍රිකාවේ රටවල් 17ක් ද උතුරු ඇමරිකාවේ රටවල් 2ක් ද දකුණු ඇමරිකාවේ රටවල් 5ක් ද සිය මනාපය ඇන්ඩ්‍රොයිඩ් වලට පල කරද්දි ඇපල් වලට කැමැත්ත දක්වා තිබෙන්නේ පිලිවෙලින් 15,1 සහ 4ක් වශයෙනුයි.

කොහොම නමුත් ඇන්ඩ්‍රොයිඩ් ලබාගෙන තියෙන මේ ආධිපත්‍යය යම්තාක් දුරකට පසුබා තිබෙන්නේ යුරෝපීය මහද්වීපය තුළ පමණයි.සමීක්ෂණයේදී සොයාගෙන තියෙන විදිහට යුරෝපයේ රටවල් 20ක් තෝරාගෙන තියෙන්නේ ඇපල්.ඇන්ඩ්‍රොයිඩ් වලට මනාපය පල කර තිබෙන්නේ රටවල් 17ක් පමණයි.

ඉතින් දැන් ඔයාලට පේනවානේ ෆෝන් යුද්ධයෙන් කවුද දිනලා තියෙන්නේ කියලා.

*ඇන්ඩ්‍රොයිඩ් මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ ඇයි?

තාක්ෂණික වශයෙන් තම පාරිභෝගිකයාට සුපිරිම අත්දැකිමක් ලබා දෙන්නේ ඇපල්.හැබැයි ඇපල් කියන්නේ අපේ අතේ ගාණට සරිලන දෙයක් නම් නෙවෙයි.ඒ කිව්වේ ඇපල් ෆෝන් එකක ගාණ හරිම සැරයි.

ඒත් අපේ අතේ-මිටේ සරිලන ගාණකට ඇන්ඩ්‍රොයිඩ් එකක් මිලදී ගන්න අපට පුළුවන් වෙලා තියෙනවා.

ඉතින් ඇපල් තාක්ෂණික වශයෙන් හිතකාමී වෙනකොට ඇන්ඩ්‍රොයිඩ් හිතකාමී වී තියෙන්නේ පාරිභෝගිකයාගේ පොකට්ටුවටයි.

මේ නිසා තමයි අද වන විට ඇන්ඩ්‍රොයිඩ් මේ තරම් විශාල ජනප්‍රියත්වයක් ලෝක මට්ටමෙන් ලබා ගෙන තියෙන්නේ.

"හැඳි ගාන්නේ නැති හොද්ද රස නෑ වගේ ගහන්නේ-බනින්නේ නැතුව දරුවෙක් හදන්න බැහැ"දරුවෙක්ගේ වැරැද්දකට දඬුවම් කරන අම්මලා-තාත්තලා ...
17/02/2022

"හැඳි ගාන්නේ නැති හොද්ද රස නෑ වගේ ගහන්නේ-බනින්නේ නැතුව දරුවෙක් හදන්න බැහැ"

දරුවෙක්ගේ වැරැද්දකට දඬුවම් කරන අම්මලා-තාත්තලා ඒ දඬුවම සාධාරණීකරණය කරන්න යොදා ගන්නා ප්‍රසිද්ධම කතාව තමයි ඒ.

අද කාලේ අපේ රටේ වගේම ලෝකයේ අනෙකුත් රටවල සිටින බොහෝ දෙමාපියන් ද කල්පනා කරන්නේ දරුවන් විනයානුකූල කිරීමේ සහ මෙල්ල කිරීමේ හොඳම මාර්ගය දඬුවම් කිරීම කියලයි.

අපේ දෙමාපියන්ගේ මේ කියන පටු ආකල්පයේ ප්‍රතිඵලයක් විදිහට අද වන විට ලොව පුරා රටවල දරුවන් 60%කට ආසන්න පිරිසක් මාපියන්ගේ හිංසනයේ ගොදුරක් වී ඇති බව WHO සංවිධානය කියා සිටිනවා.

මේ වගේ දරුවන් විශාල ප්‍රමාණයක් අද වන විට මාපිය හිංසනයේ ගොදුරක් වෙලා තියෙන්නේ ඇයි?

ඒකට හේතුව තමයි දරුවෙකු තුළ විනය ගොඩ නගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපේ දෙමාපියන්ට හරි හැටි අවබෝධයක් නොමැතිකම සහ දඬුවම් කිරීමට ඔබ්බෙන් නිර්මාණශීලීව දරුවෙකු තුළ සාරධර්ම ගොඩනගන්නේ කොහොමද කියන දේ ගැන දෙමාපියන් සතු නිසි අදහසක් නොමැතිකම.

*විනය කියන්නේ මොකක්ද?

වගකීමකින් යුතුව හැසිරෙන්නේ කොහොමද සහ අවස්ථානූකූලව තමන්ගේ හැසිරීම පාලනය කරන්නේ කොහොමද කියන දේ දරුවන්ට ඉගැන්වීම අපි හඳුන්වනවා,දරුවෙකුව විනය ගැන්වීම විදිහට.

මෙහි මූලික අරමුණ වෙන්නේ දරුවෙකුට හැඟීම් පාලනය කිරීමට සහ හැසිරීම කළමනාකරණයට අවශ්‍ය මූලික අඩිතාලම සපයා දීමයි.මේ අඩිතාලම සපයා දිය යුත්තේ දෙමාපියන් වන ඔබ.

දරුවෙකුගේ අතින් වැරැද්දක් සිදුවීම බොහෝම සාමාන්‍ය දෙයක්.ඒ වගේ අවස්ථාවකදී තමයි දෙමාපියන් දරුවන්ට හරි දේ සහ වැරදි දේ මොකක්ද කියන දේ ගැන බොහෝම සාවධානව කියා දිය යුතු වන්නේ.

නමුත් එවැනි අවස්ථා වලදී බොහෝ දෙමාපියන් කරන්නේ ඒ ගැන සාවධානව කියා දීම වෙනුවට දරුවන්ට දඬුවම් කිරීම පමණයි.

මේ විදිහට දඬුවම් කිරීමෙන් දරුවන්ට සිදුවන කායික සහ මානසික හානිය සුළුපටු නැහැ.

*මොනවද ප්‍රතිඵල?

American Academy of Pediatrics නිකුත් කර ඇති Physical Punishment & Mental Disorders වාර්තාව කියන්නේ දරුවෙකුට දඬුවම් කිරීම නිසා ඔවුන්ට ඉගෙනීමේ දුබලතා ඇති කරන Axis 1 සහ පෞරුෂත්ව දුබලතා,බුද්ධී හිනතාවය ඇති කරන Axis 2 වැනි මානසික රෝග ඇතිවන බවයි.ඊට අමතරව…

1.දරුවෙකු බියසුළු වීම හෝ ආක්‍රමණශීලී වීම

2.දරුවන්ගේ stress hormone ඉහල යාම සහ මානසික සමබරතාවය බිඳ වැටීම

3දරුවාගේ ආත්ම ගෞරවයට හානී වීම

4.මාපිය-දරු සබඳතා බිඳ වැටීම වැනි දරුණු ප්‍රතිඵල ද ඊට අයත්.

*දඬුවම් නොකර දරුවෙක් හදන්නේ කොහොමද?

1.දරුවන් වැරැද්දක් කළ විට ළඟට ගෙන ඔවුන්ට ආදරයෙන් සහ ඉවසීමෙන් යුතුව හරි-වැරැද්ද කියා දෙන්න

2.හොඳ දේ කළ විට ඔවුන්ව අගයන්න;තෑග්ගක් හෝ වෙනත් ප්‍රදානයක් ලබා දෙන්න.එවිට ඔවුන් වැඩි වැඩියෙන් හරි දේ කිරීමට පෙළඹේවී

3.සෑම විටම දඬුවම් කිරීමට එහා ගිය නිර්මාණශීලී අදහස් අනුගමනය කරන්න

ඉතින් අවසාන වශයෙන් දෙමාපියන් වන ඔබගෙන් අප ඉල්ලා සිටින්නේ ඔබේ රත්තරන් දරු පැටවුන්ට ගහන්න-බනින්න එපා කියලයි.

For inquiries:      |       +94 77 637 5375      |       [email protected]      |          

මේ වන විට ඩෙංගු රෝගීන් 8303ක් ලංකාවෙන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා සිටිනවා.පෙබරවාරී මාසයේදී පමණක් වාර්ත...
15/02/2022

මේ වන විට ඩෙංගු රෝගීන් 8303ක් ලංකාවෙන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා සිටිනවා.පෙබරවාරී මාසයේදී පමණක් වාර්තා වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 301ක්.

මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න මහත්මිය සඳහන් කර සිටියේ ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන් බවයි.

ඉතින් ඩෙංගු රෝගය මේ විදිහට නැවතත් හිස ඔසවමින් තිබෙන්නේ,අපි මාරාන්තික ඔමික්‍රෝන් කොරෝනා වසංගතය සමග සටන් කරමින් සිටින තීරණාත්මක මොහොතකයි.

වසංගත රෝග දෙකක් ළඟළඟ මේ ආකාරයෙන් සමාජය තුළ ව්‍යාප්ත වීම ඉතාමත් බැරැරුම් තත්වයක් විදිහට හඳුන්වන්නට පුළුවන්.

මේ බැරැරුම් තත්වයෙන් මිදෙන්නට නම් පුරවැසියන් විදිහට ඔබ සිදු කළ යුත්තේ මේ රෝග තත්වයන් පිළිබඳව දැනුවත් වී නිසි සෞඛ්‍ය ක්‍රමවේද පිළිපැද ඔබේ වටිනා ජීවිතය රැක ගැනීමට පියවර ගැනීමයි.

*ඩෙංගු vs කොරෝනා?මොනවද සමානකම්?මොනවද අසමානකම්?

මාරාන්තික ඩෙංගු සහ කොරෝනා වෛරසය අතර ඇති මූලික සමානතාවය වන්නේ අධික උණ සහ හිසරදය ඇති වීමයි.

ඒ වගේම ඇඟ පතේ වේදනාව,අධික විඩාබර ගතිය සහ සමේ ආසාත්මිකතා ඇති වීමත් මේ වෛරසද්වයේ තවත් සමානකමක් විදිහට හඳුනා ගන්නට පුළුවන්.

නමුත් ඩෙංගු සහ කොරෝනා වෛරසය අතර පැහැදිලි අසමානකම් රැසක් ද පවතිනවා.

උදාහරණයක් වශයෙන් ගත්තොත් යම්අයෙකුට ඩෙංගු රෝගය වැලඳෙන්නේ ඊඩිස් ඊජිප්ටයි නමැති මදුරුවා දෂ්ඨ කිරිමෙනුයි.නමුත් කොරෝනා වෛරසය වැලඳෙන්නේ පුද්ගල අන්තර් සබඳතාවයේ ප්‍රතිඵලයක් ලෙසයි.

ඩෙංගු රෝගය වැලඳි දවස් 2 සිට 7 දක්වා රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ දින 2 සිට 14 දක්වා කාලය අතරතුරයි.

එසේම ඩෙංගු වලදී ප්‍රධාන වශයෙන්ම මතු වන්නේ වමනය සහ ඔක්කාරය.ඒත් කොරෝනා රෝගයේදී කැස්ස සහ සෙම් රෝග තත්වය මතු වන අතර ඒ ඔස්සේ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී එය අවසානයේදී නියුමෝනියා තත්වයක් කරා රෝගියාව ගෙන යනවා.

ඩෙංගු රෝගයට ස්ථිර ප්‍රතිකර්මයක් මෙතෙක් කිසිවෙකුත් සොයා ගැනීමට සමත් වී නැහැ.ඒත් කොරෝනා වෛරසය සඳහා රටවල් කිහිපයක් එන්නත් සොයාගෙන තිබුණද ඒවා පවතින්නේත් 100%ක් සාර්ථක මට්ටමක නොවෙයි.

*ඩෙංගු වලක්වාගනිමු.

ඩෙංගු වසංගත තත්වය වලක්වා ගැනීමට නම් ඔබට කරන්නට තිබෙන්නේ නිවස අවට ඩෙංගු මදුරුවන් වර්ධනයට උපකාරී වන ජලය එක්රැස් වූ පොල් කෝම්බ,ටින් වැනි අපද්‍රව්‍ය විනාශ කිරීමයි.

එමගින් හිස ඔසවන මේ ජාතික ව්‍යසනය පරදවන්නට පුරවැසියන් වශයෙන් ඔබට හැකි වේවී.

Address


Alerts

Be the first to know and let us send you an email when Digital GARÁ Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

Story of GARA

We are Creative Content Creators. We focus on developing performance-driven content with Organic Growth. We have a mix of Millennials and Zoomers, who values the tradition but prefers the fusion. Try us! will take your content to the next level