Puduma Lokaya - පුදුම ලෝකය

  • Home
  • Puduma Lokaya - පුදුම ලෝකය

Puduma Lokaya - පුදුම ලෝකය ජීවත් වන ලෝකයේ නොදත් තතු දැනගැනීමට එක?

ලොව විශාලතම බැටරිය.ඇමෙරිකාවේ Missouri  ප්‍රාන්තයේ පිහිටා ඇති Taum Sauk Hydroelectric Power Station ජල විදුලි බලාගාරය ඉතා...
26/06/2022

ලොව විශාලතම බැටරිය.

ඇමෙරිකාවේ Missouri ප්‍රාන්තයේ පිහිටා ඇති Taum Sauk Hydroelectric Power Station ජල විදුලි බලාගාරය ඉතාමත් අපූරු එකක්. මෙම බලාගාරයෙන් නිපදවන විදුලි බල ප්‍රමාණයට වඩා වැඩි විදුලි බල ප්‍රමාණයක් උපයෝගී කරගෙන නැවත මෙම ජලාශයටම එම ජලය පුරනවා. මේක බැලූ බැල්මටම පෙන්නේ මෝඩ විකාර කතාවක් වගේ.

මෙම බලාගාරයට ජලය සපයන ජලාශය ස්වභාවික එකක් නොවේ. මෙය කන්දක් උඩ කොන්ක්‍රීට් වලින් කෘතිමව නිපදවපු ටැංකියක් කිව්වොත් වඩා නිවැරිදියි. මෙයට ජලය සපයන එකම ස්වභාවික ජල මාර්ගයක්වත් පිහිටා නැහැ.

බලාගාර වල නිපදවන විදුලිය ගබඩා කර තබා ගන්න බැහැ. සිදුවන්නේ ඉල්ලුමට අවශ්‍ය ප්‍රමාණයට සරිලන ලෙස නිපදවා පද්ධතියට එක් කිරීමයි. නමුත් ඉල්ලුමට සරිලන ලෙස නොකඩවා විදුලිය සැපයීමට නම් සෑම විටම සැපයුම වැඩි කර යුතුයි.

Peak time යනු අධික විදුලිය පරිභෝජනයක් ඇති වේලාවයි. මේ වේලාවට තාප බලාගාර ක්‍රියාත්මක කර විදුලිය නිපදවිය යුතුයි. මෙය ලාභ දායක නැහැ. Off Peak time යනු එතරම් විදුලිය පරිභෝජනය නොකරන වේලාවක්. මේ වේලාවට අක්‍රිය කල නොහැකි සුර්ය, සුළං, ජල වැනි බලාගාර විදුලිය බොහොමයක් අපතේ යනවා ඒවා ගබඩා කර ගත නොහැකි නිසා.

Peak time එකේදී ඉහත බලාගාරයේ ජලය භාවිතා කර ඊට පහලින් ඇති බලාගාරයේ ජල විදුලි ටර්බයින කරකවා විදුලිය නිපදවා පද්ධතියට එක් කරනවා. ඉවත් වන ජලය බලාගාරය ආසන්නයේ ටැංකියකට එකතු වෙනවා. මේ නිසා තාප බලාගාර භාවිතය අවම වෙනවා. Off Peak time එකේදී පද්ධතියෙන් අපතේ යන විදුලිය උපයෝගී කරගෙන මෝටර් ආධාරයෙන් පහල ටැංකියේ ඇති ජලය නැවත ඉහල ටැංකියට පුරවනවා.

මේ නිසා සැබවින්ම සිදුවන්නේ අපතේ යන විදුලිය භාවිතා කර මෙම විශාල ජල ටැංකිය පුරවා නැවත ඉල්ලුම වැඩි විට එම ජලයෙන්ම නැවත විදුලිය නිපදවීමයි. මේ නිසා තාප බලාගාර වලින් විදුලිය නිපදවන අධික වියදම ඉතිරි වෙනවා. එම නිසා මෙම බලාගාරයේ නිපදවන විදුලිය සැබෑ ජල විදුලි බලාගාරයකටත් වඩා වටිනවා.

ඇත්තටම බැලුවම මේ විශාල ජල ටැංකිය අපතේ යන විදුලිය ගබඩා කර තබා ගෙන අවශ්‍ය වේලාවට මුදා හරින යෝධ බැටරියක්!!

දැන් නම් අරගලය දින්නා වගෙ දැනෙනවා ❤️
12/04/2022

දැන් නම් අරගලය දින්නා වගෙ දැනෙනවා ❤️

10/04/2022
ඉතිංතව මොන කතාද?මේ තමයි 21 වන සියවසේ ලංකාවෙන් මතුවෙන ලස්සනම ලස්සනවිනය.❤️❤️
10/04/2022

ඉතිං
තව මොන කතාද?
මේ තමයි 21 වන සියවසේ
ලංකාවෙන් මතුවෙන ලස්සනම ලස්සන
විනය.
❤️❤️

දැන් නම් නවත්වනවා බොරු ❤️🙏🔥
10/04/2022

දැන් නම් නවත්වනවා බොරු ❤️🙏🔥

අම්මයි දුවයි තනියම. කලුතර පාලම උඩ මේ දැන්..😥🔥❤❤මිනිස්සු එහෙමයි
10/04/2022

අම්මයි දුවයි තනියම. කලුතර පාලම උඩ මේ දැන්..😥🔥❤❤
මිනිස්සු එහෙමයි

හැංගිලා ඉන්න කොන්දක් නැති නපුංසක පිරිමි ගාව නැති හයියක් උබට තිබ්බ එක ගැන ආඩම්බරයි උබ සුගලා දේවි පරපුරේ ගැහැණියක්. ❤️🙏
03/04/2022

හැංගිලා ඉන්න කොන්දක් නැති නපුංසක පිරිමි ගාව නැති හයියක් උබට තිබ්බ එක ගැන ආඩම්බරයි උබ සුගලා දේවි පරපුරේ ගැහැණියක්. ❤️🙏

එකම පාරක දෙපිල බෙදිලා - සටන් කෙරුවත් හන්දියේ..බංකරේ මා "පෝලිමේ" නුඹ - ඒත් අපි එක පන්තියේ..
02/04/2022

එකම පාරක දෙපිල බෙදිලා - සටන් කෙරුවත් හන්දියේ..
බංකරේ මා "පෝලිමේ" නුඹ - ඒත් අපි එක පන්තියේ..

උඹලගේ හීන පැහැරගත්‍ත උන් තමයි මේ ඉන්නේ!මේ ඉන්නේ මහින්ද රාජපක්ශගේ ඥාති පුත්‍රයාපැන්ඩෝරා පේපර්ස් වල නම තිබුණ නිරූපමා රාජපක...
02/04/2022

උඹලගේ හීන පැහැරගත්‍ත උන් තමයි මේ ඉන්නේ!

මේ ඉන්නේ මහින්ද රාජපක්ශගේ ඥාති පුත්‍රයා

පැන්ඩෝරා පේපර්ස් වල නම තිබුණ නිරූපමා රාජපක්ශගේ පුතා!

තිරුනඩේශන්ගේ පුතා!!

ඔය තියෙන්නේ උඹලගේ හීන!!

සිතීමට යමක්,ඇමරිකාවේ ජන අරගලයක් අතර මැද හමුදාව හා පොලීසියේ හැසිරීම…! ❤️
02/04/2022

සිතීමට යමක්,
ඇමරිකාවේ ජන අරගලයක් අතර මැද හමුදාව හා පොලීසියේ හැසිරීම…! ❤️

❤️
01/04/2022

❤️

ක්‍රීඩාව ඇරඹී ඇත. කල්පනා කොට ක්‍රීඩා කිරීම අප සතුය.
01/04/2022

ක්‍රීඩාව ඇරඹී ඇත. කල්පනා කොට ක්‍රීඩා කිරීම අප සතුය.

එකම රටක් අනාගත දෙකක් 🥺
01/04/2022

එකම රටක් අනාගත දෙකක් 🥺

කඳුළු ගෑස් කාපු එවුන් වෙනුවෙන් මිරිහානෙ මිනිස්සු ❤️
31/03/2022

කඳුළු ගෑස් කාපු එවුන් වෙනුවෙන් මිරිහානෙ මිනිස්සු ❤️

වඩන් ඉන්න දරුවගෙ අනාගතේ වෙනුවෙන් පාරට බැස්ස උත්තරීතර අම්මා කෙනෙක් 💜️
31/03/2022

වඩන් ඉන්න දරුවගෙ අනාගතේ වෙනුවෙන් පාරට බැස්ස උත්තරීතර අම්මා කෙනෙක් 💜️

මේ හොරුන් විසින් බිදින ලද බැංකුවක් නොවේ ... වෙනිසියුලාවේ කුණු ගොඩක්... හේතුව මුදල් වල වටිනාකමක් නොමැති වීමයි. වගකිවයුත්ත...
31/03/2022

මේ හොරුන් විසින් බිදින ලද බැංකුවක් නොවේ ... වෙනිසියුලාවේ කුණු ගොඩක්...

හේතුව මුදල් වල වටිනාකමක් නොමැති වීමයි. වගකිවයුත්තා වන්නේ එරට පාලකයන්ය.

එරට ජනගහනයෙන් සියයට 96ක් දුප්පතුන්ය.. මුදල් කුණු ගොඩවල් වල ගොඩගැහෙන රටක දුප්පතාට කවර සරණක්ද ?

මෙයට ප්‍රධානතම හේතුව මුදල් උත්පාදන ක්‍රම වේද වෙනුවට මුදල් print කොට ධරිද්‍රතාවය අඩු කිරීමට එරට පාලකයා විසින් ගත් මෝඩ තීරණයයි.

මෙවන් තැනකට අපේ රට පාලකයා විසින් කෙමෙන් කෙමෙන් ගෙනයමින් පවතී. තීරණය ඔබ සතුයි.

බොරැල්ල කනත්තේ අහම්බෙන් දැක්ක දෙයක්...
31/03/2022

බොරැල්ල කනත්තේ අහම්බෙන් දැක්ක දෙයක්...

ශ්‍රී ලංකාව වැඩිම උද්ධමනය ඇති රටවල් අතරින් ලෝකයෙන්ම 6 වන තැනටහොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂඥ ස්ටීව් එච්...
30/03/2022

ශ්‍රී ලංකාව වැඩිම උද්ධමනය ඇති රටවල් අතරින් ලෝකයෙන්ම 6 වන තැනට
හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂඥ ස්ටීව් එච්. හැන්කේ

සමහර මිනිස්සු තනිකම සැපක් කිව්වේ ඇත්තටම ඒ තනිකම සැපක් නිසා නෙවෙයි...තමන් ආදරේ කරන උන් තමන් ලඟ  නැතුව, නොගැලපෙන උන් එක්ක ...
29/03/2022

සමහර මිනිස්සු තනිකම සැපක්
කිව්වේ ඇත්තටම ඒ තනිකම
සැපක් නිසා නෙවෙයි...

තමන් ආදරේ කරන උන් තමන් ලඟ
නැතුව, නොගැලපෙන උන් එක්ක ලෝකෙට පේන්න එකට ජීවත්
වෙනවා දකින එක පුදුම දුකක් නිසා.🖤

මේ අම්මයි තාත්තායි කව්ද කියන්න මම දන්නෙ නෑ..නමුත් මේ අම්මයි තාත්තා යි දරුවෝ හදන්න ඇති.ගෙවල් දොරවල් හදන්න ඇති..ඒත් තමන් හ...
28/03/2022

මේ අම්මයි තාත්තායි කව්ද කියන්න මම දන්නෙ නෑ..නමුත් මේ අම්මයි තාත්තා යි දරුවෝ හදන්න ඇති.ගෙවල් දොරවල් හදන්න ඇති..ඒත් තමන් හදපු ගෙදරවත් අඩුම තරමින් මේ පින්තූර දෙකටවත් ඉඩ නෑ..

ඒ දරුවන්ගෙ හදවතේ ඉඩ නැති නිසා වෙන්නැති.

හෝමාගම දූවෙවත්තෙ කසළ එක් රැස් කරන මධ්‍යස්ථානයේ සහෝදරවරු මේ පින්තූර දෙක වීසි කරන්න අකැමැත්තෙන් මේ දෙක මෙහෙම තියල තිබුනා..

මං හිතන්නේ නිවසේ ඉඩකඩ කෙසේවෙතත් ඒ දරුවන්ගේ හදවතේ ඉඩකඩ නැතුව ඇති...😥

උපුටාගැනීමකි

කොල්ලෙක් කොච්චර වැරදි කලත්දාලා යන්නේ නැති කෙල්ලෝ නැද්ද?කොල්ලා පොඩ්ඩක්වත් ගනන් ගන්නේ නැත්නම් ඌ මත්තෙම නහින කෙල්ලෝ නැද්ද?ම...
28/03/2022

කොල්ලෙක් කොච්චර වැරදි කලත්
දාලා යන්නේ නැති කෙල්ලෝ නැද්ද?

කොල්ලා පොඩ්ඩක්වත් ගනන් ගන්නේ නැත්නම් ඌ මත්තෙම නහින කෙල්ලෝ නැද්ද?

මොන තරම් දේවල් කියලා බැන්නත් සීරුවෙන් ඒවා අහන් ඉදලා ලං වෙන්න චාටු බස් කියන කෙල්ලෝ නැද්ද?

අත් හරින්න හේතු දාහක් තියෙනකොට
මොන හේතුව ආවත් ඒ හිත මත්තෙම නැහි නැහි ඇලි ඇලි ඉන්න කෙල්ලෝ නැද්ද?

වටේ ඉන්න මිනිස්සු මොන දෙවල් කිව්වත්
ලෝකයක්ම විවේචනය කලත්
අම්මෙක් වගේ ලගින්ම ඉන්න කෙල්ලෝ නැද්ද?

බොරු දේවල් වලට රංඩු වෙලා වරු ගනන් තරහ වෙලා ඉදියත්
ඊලග වරුවේ ඉදන් ආදරෙන් ඉන්න කෙල්ලෝ නැද්ද?

කොච්චර සල්ලි තිබුනත්
කොච්චර ඇග කද තිබුනත්
කොච්චර ලස්සන හැන්ඩියෝ දැක්කත්
ඉන්න එකාගේ ගුණ වර්ණනනා කර කර තාත්තෙක් වගේ උගේ පස්සෙන් ඉන්න කෙල්ලෝ නැද්ද?

මහ රෑ දෙගොඩහරියේ ගමනක් බිමනක් ගියත්,
උඹ ඇවිත් නිදා ගනින්
මම නිදා ගන්නවා කියන කෙල්ලෝ අතරේ
ඌ එනකම් ඇහැක් පිය වන්නේ නැතුව
ෆෝන් එකේ චාර්ජ් බැහැලා ඕෆ් වෙනකම් කෝල් කර කර වද දෙන කෙල්ලෝ නැද්ද?
කොහේ ගියත් පරිස්සමින් ගෙදර යනකන් හිතේ ගින්දරින් අම්මෙක් වගේ බලන් ඉන්න කෙල්ලෝ නැද්ද?
උඹට ඒක වදයක් කරදරයක් වගේ
පෙනුනත් ඒක තමයි ඒකිගේ ආදරේ

මට උඹ එපා,
මගෙන් ඈත් වෙයන් කිව්වාමත්,
නෑ මං යන්නෑ කියලා උෟ මත්තෙම නහින කෙල්ලෝ නැද්ද?

තමන්ගෙ සතුට දියුණුව
විතරක් හොයන කෙල්ලෝ අතරේ
උඹගෙ සතුටයි දියුණුවයි දකින්න කැමති කෙල්ලෝ නැද්ද?

ලෝකෙම උඹ වැරදියි කිව්වත්
උඹ මත්තෙම නැහෙන ලෝකයක් ඉස්සරහ උඹ හරියි කියලා ඔප්පු කරන්න දඟලන කෙල්ලෝ නැද්ද?

උඹට බැහැ කියල අතෑරල දාන්න හිතපු දේවල් නැහැ ඒක ඔයාට පුළුවන් කියලා උඹට ශක්තියක් උන කෙල්ලෝ නැද්ද?

එපා කිව්වම වෙන උන් ලග හුරතල් වෙන කෙල්ලෝ අතරේ මට වෙන එකෙක් එපා උඹවමයි ඕනි කියලා උඹ මත්තෙම නහින කෙල්ලෝ නැද්ද?

ඉන්නවා,

ඉන්න එකා යකෙක් උනත් ඇත්තටම ආදරේ එකී උෟ ලග ඉන්නවා
යන එකී දෙවියෙක් ලග හිටියත් යනවමයි

කොටින්ම කිව්වොත්
උඹට හොදනම් මට බැරිද
කියන කෙල්ලෝ අතරේ
කොච්චර මොන දේ කලත් ඌ එක්කම දීග යන්න බලාගෙන ඉන්න කෙල්ලෝ ඉන්නවා,

දැන් පොඩි වැරැද්ද කලත්
ලොකු වැරැද්දක් කලත්
මොන දේ කලත්
වටේ එවුන් එක්ක හුරතල් වෙන කෙල්ලෝ අතරේ
ඒ හැම දේම අමතක කරලා තව එකෙක්ට හිමීට හේත්තු වෙන කෙල්ලෝ අතරේ
අර කිව්ව වගේ කෙල්ලෙක් ලබන්න පිං කරන්න ඕනි,

මොකද

අද කාලේ ගොඩක් ආදර කතා එහෙමයි

මුලදි හායි
මැදදි රහයි
අන්තිමට තරහයි

දැන් උඹලා කියයි කොල්ලා කොච්චර වටේ ගියත් අපි බාර ගන්න ඕනිද
ඌට හොදනම් ඇයි අපිට බැරි කියලා නිදහසට කාරනා කියයි,

ඒත් එදා සිද්ධාර්ථ කුමාරයා යශෝදරාව
තනි කරලා හොර රහසේ ගිය වෙලාවේ
එදා යශෝදරාව දැන් උඹලා ඔය කරන දේවල් කලාද?

යශෝධරා දැන සිටියා මතු යම් දිනෙක
බැදීම නිමවෙනවා කියලා
ඒත් ආදරේ නාමයෙන් කිසිදා

හැර ගියාද
තනි කලාද
විවේචනය කලාද

හදවතින් තට්ටු කරලා අහපන්,

කොච්චර හේතු කාරනා තිබුනත්
ආදරේ නාමයෙන්
ඒ හැම දේම ඉවසගෙන ඉදියා නේද?
උඹ ඒකිට කොච්චර බැන්නත් අපහාස කරත් ඒකි ඒ හැම දේම එක හිනාවකින් අමතක කලේ නැද්ද?
උඹ කොච්චර ඒකිට නපුරුකම් කලත්
ඒකි ඒවා ඉවසුවේ නැද්ද?

ඔව් අදත් ඉන්නවා
යශෝදරාව කුලේ ගැහුනු
තාමත් හූල්ල හූල්ල එක ආදරයක් මත්තෙ නැහෙන,
ඒ ආදරේ වෙනුවෙන් තාමත් බලාගෙන ඉන්න,
පිරිමි සීයක් දැක්කත් සත පහකට ගනන් ගන්නේ නැති,
ගැහැණු ඕනි තරම් ඉන්නවා,

ආදරේ තිබ්බේ,
උඹට බැරිනම් මට බැරි නෑ කියන තැනවත්,
වටේම එවුන් අල්ලගෙන හුරතල් වෙන තැනවත්,
වැරදි හොය හොය තමන් නිවැරදි කාරයෙක් කර ගන්න තැනවත්,
බලෙන් තියා ගන්නේ නෑ යන්න ඕනිනම් යන්න පුලුවන් කිව්ව තැනවත්,
උඹට එපානම් මටත් එපා කිව්ව තැනවත්,
දුක අමතක කරන්න තව එකෙක් ගාවට ලං වෙච්ච තැනවත් නෙවෙයි,

ආදරේ තිබ්බෙම එක හිතක් මත්තේ නැහි නැහි ඇලි ඇලි ඉදලා
ඒ හිත මත්තෙම සැනසිලා
හිත් දෙක අල්ලගෙන සංසාරෙන් එතෙර කරපු තැන විතරමයි!

Credits goes - නිර්ණාමිකයි 🌸🖤

දවසේ ජායාරූපය 😊❤️
19/03/2022

දවසේ ජායාරූපය 😊❤️

වසර 63ක් බලාසිටි ප්‍රේමයක් ❤ටෙක්සාස් සිට ලොස් ඇන්ලිස් දක්වා දිවෙන දුම්රියක් තුල මුණගැසෙන තරුණ යුවලක්.ඇය ක්ලාරා.ඔහු ජෝසෆ්...
19/03/2022

වසර 63ක් බලාසිටි ප්‍රේමයක් ❤

ටෙක්සාස් සිට ලොස් ඇන්ලිස් දක්වා දිවෙන දුම්රියක් තුල මුණගැසෙන තරුණ යුවලක්.
ඇය ක්ලාරා.ඔහු ජෝසෆ්.
දෙදෙනා පෙම්වතුන් වෙනවා.පෙම්වතුන් වී විවාහ වෙනවා.
ඒත් ඒ ප්‍රේමයට දළුලා වැඩෙන්න තරම් සෞභාග්‍යමත් කාලයක නෙමෙයි.ඒ ප්‍රේමයේ හිරු කිරණ ලෝකෙ අගිස්සෙන් මුහුදෙ ගිලෙමින් තිබුනු,යුද්ධයක ශේෂ වූ දුම්‍ රොටු අඳුරු වළාවන් සේ අහස වසාගෙන සිටි කාලයක්.ඒ දෙවන ලෝක සංග්‍රාමයේ වේදනාත්මක මතකයන්ගෙන් මිදීමේ මගක් සොයමින් සිටි කාලයක්.ඒ 1948 ජූනි මාසයයි. ජෝසෆ් ක්ලාරා යුවල විවාහප්‍රාප්ත වූ මාසයයි.
විවාහයේ උණුසුම හදවතින් බැහැරව යන්නටත් මත්තෙන් හමුදා සෙබලෙක් වූ ජෝසෆ් ගෑන්ට් හට වහාම සේවයට වාර්තා කිරීමේ නියෝගයක් ලැබෙනවා.ඒ කොරියානු යුධ බිමට.

නික්ම යන්නට මත්තෙන් ඔහු සිය බිරිඳගෙන් එක් අවසන් ඉල්ලීමක් සිදුකරනවා;

"මා නැවත නොපැමිණියහොත් ඔබ මා අමතක කර නැවත විවාහ වෙන්න"

"නැහැ! මම ඔබ එනතෙක් බලාසිටිනවා.." ඒ ඇයගේ ප්‍රතිචාරයයි.

කාලය ගෙවී යනවා.ඔහුගෙන් ඇයට අවසන් වරට ලිපියක් ලැබී සෑහෙන කාලයක් ගතවෙලා.ඔහුගේ ඉරණම අඳුරු වීද..ඈ එසේ සිතන්නට ඇති.සිය පෙම්වතාගේ හදිසි නිහඬවීම කුමක්දැයි සොයාබැලූ ඇයට ,1950 නොවැම්බර් 30 වෙනිදා ක්‍රියාන්විත සේවයේදී සාජන්ට් ජෝසෆ් ගෑන්ට් අතුරුදන් වූ බවට ආරංචි ලැබෙනවා.ඇයට කල හැකිව තිබුනේ එකම දෙයක් පමණයි.ඒ දෙවියන් යැදීම පමණයි.
තවත් වසර තුනක් ගෙවුනු තැන,1953දී ඇමරිකානු චීන සිරකරුවන් හුවමාරුවකින් යළි ඇමරිකාවට පැමණි සෙබළුන් කීපදෙනෙක් සාජන්ට් ගෑන්ට් පිළිබඳ මතකයක් අවදිකරනවා.ඔහු තමන් සමග චීන අත්අඩංගුවේ සිටි බවත් 1951 දී සාගතයෙන් මියගිය බව‍ත් ඔවුන් පවසා සිටියා.

නමුත් ක්ලාරා විශ්වාස කලේ කෙදිනක හෝ තම ප්‍රේමවන්තයා තමා සොයා එනු ඇති බවයි.ඒ නිසා ඇය නිකඩවා දෙවියන් යදිමින් සිටියා.ඇය ඔහුගේ නිර්පද්‍රිත පැමිණීම වෙනුවෙන් යාඥා කලා.ඔහු පැමිණි පසු දෙදෙනා එක්ව ගතකරන ආලෙන් පිරුනු සන්ද්‍යාවන් වෙනුවෙන් යාඥාකලා.

අවසානයේ වසර 63කට පසුව දෙවියන් වහන්සේට ඇයගේ යාඥාවන් ඇසෙන්නට ඇති.නමුත් දෙවියන් වහන්සේ ඇය වෙනුවෙන් එවා තිබුනේ ජාතික ධජයෙන් ආවරණය කරන ලද සීල් තැබූ මිනී පෙට්ටියක්.ඒ තුල තැන්පත් කර තිබුනේ වසර 63කට පසුව කොරියාවෙන් සොයාගත් දිරාගිය අස්ථි කැබලි කීපයක්.පරීක්ෂණ අනුව ඒ සාජන්ට් ජෝසෆ් ගෑන්ට්ගේ අස්ථි කොටස්.

වසර 63කට පසුව තමා සොයා ආ නිහඬව නිදන තම පෙම්වතා ඉදිරියේ එතෙක් කල් සඟවාගෙන සිටි කඳුළු කැට වස්සන වයස අවුරුදු 94 වූ ක්ලාරා ගෑන්ට් සිය පෙම්වතා පිළිබඳ මතකයන් සමග තනිවන මේ ආත්මීය මොහොත කැමරා කාචයේ සටහන් වී තීබුනා

අවශේෂ ලැබුනු දිනට පසුදිනම පූර්ව හමුදා ගෞරව සහිතව සාජන්ට් ජෝසෆ් ගෑන්ට්ව සිය මව්‍ රටේ පස තුල සදාකාලික නින්දක සතපවනු ලැබුවා.

ප්‍රේමය සදාකාලික දැයි නොදන්නා මුත් සදාකාලික වූ ප්‍රේමයන් ඇති බව දනිමි.
ප්‍රේමය අමරණීය දැයි නොදන්න මුත් අමරණීය වූ ප්‍රේමයන් ඇති බව දනිමි.
"වසර 63ක් බලාසිටි ප්‍රේමය" ඒ පාඩම කියාදී ඇත.

©සංකල්ප ගුණතිලක

කැනඩාවේ දුක් විදින ශ්‍රී ලංකාවේ ලුසී..! දැඩි දේශගුණික තත්වයන් හමුවේද (හිම) දුක් විදින ලංකාවේ   .ලූසි 1975 ලංකාවේ උපන් ඇත...
11/03/2022

කැනඩාවේ දුක් විදින ශ්‍රී ලංකාවේ ලුසී..!

දැඩි දේශගුණික තත්වයන් හමුවේද (හිම) දුක් විදින ලංකාවේ .ලූසි 1975 ලංකාවේ උපන් ඇතින්නක්. වයස අවුරුදු 1දී ඇයව යම් පුද්ගලයෙක් මිළදී ගෙන 1977 Skank නමින් ඇයව EVZ නම් කැනඩාවේ එඩ්මන්ටන් නගරයේ සත්ව උද්‍යානයකට විකුණා ඇත. එවිට ඇයට වයස අවුරුදු 2යි. එතැන් පටන් ඇයගේ නම Lucy ලෙස වෙනස්කර ඇත.
ඉන් පසු එඩ්මන්ටන් සත්තු වත්තෙ කුඩා කුටියක සිරව සිට ඇති බව ඔබට දැකගත හැකිය. මෙලෙස අවුරුදු 44ක් ඇය එඩ්මන්ටන් සත්තු වත්තේ ඉතා තද සීතලේ දුක් විදිමින් ජීවත් වෙනවා.

Lucy ගේ දුකට සංවේදී වූ, සත්ව ක්‍රියාකාරින් වසර කීපයක සිට ඇයව මේ සිර කුටියෙන් නිදහස් කර ඇයට සුදුසු පරිසරයකට, අභයභූමියකට යවන්න ලොකු සටනක යෙදෙනවා.
2020 වසරේ පකිස්ථානේ හිටපු ලංකාවේ කාවන්ට නිදහස ලබා අලි අභයභූමියකට යන්න ලැබුනා වගේ 2021 වසරේ ලූසිටත් නිදහස ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.

ලුසීව නැවත ලංකා රජය භාරයට පත්කර අභය භූමියකට මුදා හැරීම සදහා ඔබේ හඩ අවශ්‍ය මොහොතකි.. ලුසීට හඩක් වන්න..

2021/03/16 3:15 pm කොල්ලුපිටිය වාලුකාරමයේ සිට කැනේඩියානු තානාපති කාර්‍යාලය දක්වා නිහඩ පා ගමනට ඔබත් එක්වන්න..

- අජිත් බෙන්තරගේ -
2021 වසරේ පලවූ ලිපියකි

"මට හමුදාවට බැඳෙන්න ඕන වුණේ අවුරුදු දහඅටේ දි". මම මගේ මව් රටේදී සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වෙනවා. ඒ කැඩෙට් නිලධාරියෙක් ව...
10/03/2022

"මට හමුදාවට බැඳෙන්න ඕන වුණේ අවුරුදු දහඅටේ දි". මම මගේ මව් රටේදී සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වෙනවා. ඒ කැඩෙට් නිලධාරියෙක් විදියට හමුදාවට බැඳෙන්න.
මූලික ශාරීරික යෝග්‍යතාවය නැහැ කියලා එතනදි මාව ප්‍රතික්ෂේප වෙනවා.

ඒ නියමිත බර සහ පපුව නොතිබූ නිසා.

නිල ඇඳුමට තිබුන ආසාව නිසා දෙවැනි වරටත් මම ඒ සම්මුඛ පරීක්ෂණයට ම යනවා ඊළඟ අවුරුද්දේ.
ආපහු එනවා නම් හොඳට කාලා ඇඟ හදාගෙන එන්න කියල එතන ඉන්න අය මට හිනා වුණා. ඒ සැරෙත් සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්. ඒ දවසේ ගොඩක් දුකෙන් ගෙදර ආවා.

තුන්වෙනි සැරේට රහස් පොලිස් සේවයට බැඳෙන්න අයදුම්පතක් ඉදිරිපත් කළා. සම්මුඛ පරීක්ෂණයක් පවා නැතිව, මාව අදාළ තනතුරට බඳවා නොගන්නා බවට ලිපියක් යොමු කර තිබුණා. දිගින් දිගටම ප්‍රතික්ෂේප වීම නිසා මම නැවතත් ආරක්ෂක අංශයේ රැකියා සදහා ඉල්ලුම් කිරීම නතර කළා. ඒත් හැමදාම නිළ ඇඳුමට ආදරේ කලා. හමුදාවට එක්වන හීනෙ කවදාවත් හිතින් අත්හැරියේ නැහැ.

ඔය අතරතුර කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය ට එන්න අවස්ථාව මට ලැබෙනවා. එහි දී වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටින අවස්ථාවක, හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් පිරිසක් බඳවා ගැනීම් සඳහා පාසලට පැමිණ ළමුන් සමග කතා බහ කරමින් සිටිනවා මම දකිනවා. මම මේ සංවාදය අසා සිටින්නේ ඉතාම ඕනෑකමින්. එහි සිටි නිලධාරියෙක් එකවරම මගෙන් මෙහෙම අහනවා.

"කැමති නැද්ද හමුදාවට එකතු වෙන්න""

"කැමතියි" දෙවරක් නොසිතාම මම උත්තර දෙනවා. එතනින් පස්සෙ සිද්ද වෙන හැම දෙයක්ම හීනයක් වගේ. හමුදාවේ ලිඛිත පරීක්ෂණය වගේම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙනුත් මම සමත් වෙනවා.

අද මම ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ අධිතාක්ෂණික හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කරුවෙක්. AH 64 Apache කියන්නෙ ලෝකෙ තියෙන බලගතුම ප්‍රහාරක හෙලිකොප්ටර් යානය.

ප්‍රතික්ෂේප වීම් කියන්නේම ජීවිතයට ආශිර්වාදයක්. හීන පස්සේ දුවන්න. ඒ හීන ඇත්තටම සිද්ධ වෙනවා වගේ දකින්න. අන්තිමට ඔබ ජයග්‍රහණය කරනවා.
ඒක ස්ථිරයි!

© අනුජ් පූජිත ගුණවර්ධන

💪 🌎 🇱🇰 👮

ඇත්ගොව්වාට අලියා ලොරියට තල්ලු කළ නොහැක.  එහෙත් අලියාගේ පිටුපසට අත තැබීම නිසා අලියාට සහය වීමට කෙනෙකු සිටින බවට ඌට විශ්වාස...
09/03/2022

ඇත්ගොව්වාට අලියා ලොරියට තල්ලු කළ නොහැක. එහෙත් අලියාගේ පිටුපසට අත තැබීම නිසා අලියාට සහය වීමට කෙනෙකු සිටින බවට ඌට විශ්වාසයක් ඇති වන අතර එය අලියාට උත්ප්‍රේරකයකි. එම මානසික සැහැල්ලුවෙන් අලියා පහසුවෙන්ම ට්‍රක් රථයට ගොඩවනු ඇත.

අපේ ජීවිතයද එසේමය. සමහරුන්ට කායිකව හයිහත්තිය නැති මුත් අපට ඔවුන්ගෙ චූටි තල්ලුව ජීවිතයෙ ඉදිරියට ගෙන යාමට උපකාරයකි. අම්මා තාත්තා එතැනදි ඉහලින්ම ඇත. සමහර විට ඔවුන් වයෝවෘද්ධ විය හැකිය. එහෙත් ඔවුන් පසුපසින් සිටින බව දැනීම පුදුමාකාර මානසික සැහැල්ලුවකි.

අපට ජීවිතයෙ ගැටළුවක් ඇති වූ විට එක් ක්ෂණයෙන්ම සිහියට නැගෙන අය ඔබේ ජීවිතයට වැඩියෙන්ම තල්ලුවක් ලබා දෙන පුද්ගලයායි.

මේ ඇත්ගොව්වා සහ හස්තියා කියා දෙන අපූරු ජීවිත පාඩම එයයි.

නිලන්ත සත්සර ගමගේ ✍️

පහත රූපයේ දැක්වෙන සත්වයා කුඩා සහ අහිංසක පෙනුමින් යුතු වූවත් ඉතාම විශාල ශබ්දයක් නැගිය හැකි සත්ව වර්ගයකි.. එමෙන්ම ඔවුන්ව ර...
08/03/2022

පහත රූපයේ දැක්වෙන සත්වයා කුඩා සහ අහිංසක පෙනුමින් යුතු වූවත් ඉතාම විශාල ශබ්දයක් නැගිය හැකි සත්ව වර්ගයකි.. එමෙන්ම ඔවුන්ව රැකබලා ගැනීමට විශාල වියදමක් දැරීමට ඔබට සිදු වන අතර කිසි දිනෙක මහා බලලුන් සහ අලි ඇතුන් මෙන් ඔබට හීලෑ නොවේ..

ඊට එහා පැත්තේ සිටින්නේ කැන්ගරුවෙකි.. මම කැන්ගරුවන් ගැන වැඩිය දන්නේ නැත..

ස්වභාව ධර්මය බිහි කල මුරණ්ඩුම සහ ආදරණීයම සත්වයාට සුබ කාන්තා දිනයක් වේවා.. ❤️😘

උපුටාගැනීමකි

අයරිෂ් රෝසමල 🌹සිය පෙම්වතාට වෙඩි වැදී බිමවැටුන පසු කෝපයටත් කලබලයටත් පත්වී පෙම්වතාගේ අවියෙන්ම ඉංග්‍රීසි හමුදාවට වෙඩි තබන අ...
06/03/2022

අයරිෂ් රෝසමල 🌹

සිය පෙම්වතාට වෙඩි වැදී බිමවැටුන පසු කෝපයටත් කලබලයටත් පත්වී පෙම්වතාගේ අවියෙන්ම ඉංග්‍රීසි හමුදාවට වෙඩි තබන අයර්ලන්ත තරුණියක්..

ඇයගේ තුවාල ලැබූ පෙම්වතා පසුව බේරාගනු ලැබූ අතර ඈ සටනේදී ඉංග්‍රීසි හමුදාව අතින් මිය ගියාය.

ඈ මිය ගිය පසු තමන් සමග මෙතෙක් සටන් කළේ කෙල්ලක බව ඉංග්‍රීසීන් දැන ගත්හ.ඈට ගෞරව කිරීමක් ලෙස ඔවුහු අයර්ලන්ත විමුක්ති හමුදාවටම ඇගේ සිරුර රැගෙන යාමට ඉඩදී බලා සිටියහ.

එක් ඉංග්‍රීසි නිලධාරියෙකු තවත් නිලධාරියෙකුට මෙසේ පවසන ලදී.

"බලපන්..අපි යුද්ධ කරන්නෙ අපි ගැන මෙලෝ තැකීමක් නැති රැජිනක් වෙනුවෙන්.ඈ සටන් කළේ ඇගේ පෙම්වතා වෙනුවෙන්,මාතෲ භූමිය වෙනුවෙන්.."

අයරිෂ්වරු එක් කාන්තා දිනයකදී මේ චායාරූපය කන්තා දින තේමා චායාරූපය ලෙස තෝරා ගත්හ.එහිදී ඇගේ දිවිය අරුත් ගැන්වෙන ලෙස

"ශක්තිමත් ගැහැනියකට ආදරය කරන්න.ඈ දිනෙක ඔබගේ යුධ හමුදාව වනවා ඇත."

යන්න ලියා තිබිණ..

🌹🌹🌹

-Copied-

පුටින්. 🖤දෙවන ලෝක සංග්‍රාමයේදී, සොල්දාදුවෙකු තම නිවසට යාමට නිවාඩුවක් ලබා ගත් අතර, ඔහු තම නිවස අසල වීදියට ළඟා වූ විගසම, ම...
02/03/2022

පුටින්. 🖤

දෙවන ලෝක සංග්‍රාමයේදී, සොල්දාදුවෙකු තම නිවසට යාමට නිවාඩුවක් ලබා ගත් අතර, ඔහු තම නිවස අසල වීදියට ළඟා වූ විගසම, මළ සිරුරු පටවාගෙන නවතා ඇති හමුදා ට්‍රක් රථයක් දැකීමට ලැබුනි. සතුරු හමුදා තම නිවෙස ආසන්න ප්‍රදේශයටද බෝම්බ දමා ඇති බව ඒ අනුව ඔහුට පසක් විය.

එම ට්‍රක් රථයේ මළ සිරුරු දුසිම් ගණනක් තිබූ අතර ඒවා සමූහ මිනීවළකට ප්‍රවාහනය කිරීමට සූදානම් වෙමින් තිබුණි.

ගොඩ ගැසී තිබූ මළසිරුරු වෙත අවසන් ගෞරවය දක්වන්නට මලමිනී ඉදිරියේ සිටගත් සොල්දාදුවාට මල සිරුරු අතර තිබුනු කාන්තා මලසිරුරක පාදයක තිබූ සපත්තුවක් දැක එය ඔහු කලින් තම බිරිඳට මිල දී ගත් සපත්තුව බව මතක් විය.

ඒ අනුව ට්‍රක් රථයට මඳක් නවතින්නැයි පවසා ඔහු තම බිරිඳ යහතින් දැයි පරීක්ෂා කිරීමට කඩිමුඩියේ ඔහුගේ නිවසට ගිය නමුත් බිරිඳ නිවසේ නොසිටි බැවින් ඔහු ඉක්මනින් සිරුර පරීක්ෂා කිරීමට නැවත ට්‍රක් රථයට පැමිනි අතර එහි සිටින්නේ ඔහුගේ බිරිඳ බව තහවුරු කර ගත්තේය !!

ඔහුගේ තම බිරිඳ සමූහ මිනීවළක මිහිදන් කිරීමට අකමැති වූ අතර, නිසි ලෙස භූමදානය කිරීමට සූදානම් කිරීම සඳහා ඇයගේ සිරුර ට්‍රක් රථයෙන් ඉවත් කර ඔහුට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී ඔහුට ඒ සඳහා අවසර ලැබුනු අතර, ඇයගේ සිරුර රථයෙන් ඉවතට ගැනීමේදී ඇය තවමත් සෙමින් හා අපහසුවෙන් හුස්ම ගන්නා බව පෙනී ගිය නිසා ඔහු ඇයව රෝහලට ගෙන ගිය අතර එහිදී අවශ්‍ය ප්‍රථමාධාර කඩිනමින් ලබා දීම නිසා ඇයට නැවත ජීවිතය ලැබුණි!!

මේ සිදුවීමෙන් වසර ගණනාවකට පසු පණපිටින් වැළලීමට ගොස් දිවි බේරාගත් සෙබල බිරිඳ ගැබ්ගෙන පිරිමි ළමයෙකු බිහි කළාය.

ඔහුට "ව්ලැඩිමීර් පුටින්" ලෙස නම් තබන ලදී.

© Hasitha Hemal
පරිවර්තන අයිතිය සුරකින්න.

ආරම්භ කිරීමට කතන්දර දෙකක්:1. Nokia ඇන්ඩ්‍රොයිඩ් ප්‍රතික්ෂේප කළේය.2. Yahoo ගූගල් ප්‍රතික්ෂේප කළේය.පාඩම:1. අවදානම් ගන්න.2....
18/02/2022

ආරම්භ කිරීමට කතන්දර දෙකක්:
1. Nokia ඇන්ඩ්‍රොයිඩ් ප්‍රතික්ෂේප කළේය.
2. Yahoo ගූගල් ප්‍රතික්ෂේප කළේය.

පාඩම:
1. අවදානම් ගන්න.
2. වෙනස්කම් වැලඳ ගන්න.
3. කාලයත් සමඟ වෙනස් වීම ඔබ ප්‍රතික්ෂේප කළහොත් ඔබට පසුතැවිමට
හැකිය.

තවත් කථා දෙකක්:
1. ෆේස්බුක් වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් පවරා ගනී.
2. Grab උබර් පවරා ගනී.

පාඩම:
1. ඔබේ තරඟකරුවන් ඔබේ සහචරයින් බවට පත්වන තරමට බලවත් වන්න.
2. ඉහළම ස්ථානයට පැමිණ තරඟය තුරන් කරන්න.
3. නව්‍යකරණය දිගටම කරගෙන යන්න.

තවත් කථා දෙකක්:

1. කර්නල් සැන්ඩර්ස් වයස අවුරුදු 65 දී KFC ආරම්භ කළේය.
2. කේඑෆ්සී හි රැකියාවක් ලබා ගත නොහැකි ජැක් මා, අලිබබා ආරම්භ කළේය.

පාඩම:
1. වයස යනු සංඛ්‍යාවක් පමණි.
2. සාර්ථක වන්නේ දිගටම උත්සාහ කරන අය පමණි.

අන්තිම නමුත් අවම නොවේ:
1. ලැම්බෝගිනි ආරම්භ කරන ලද්දේ ට්‍රැක්ටර් හිමිකරුවෙකුගෙන් පළිගැනීමේ ප්‍රතිපලයක් ලෙසය. ෆෙරාරි හි නිර්මාතෘ එන්සෝ ෆෙරාරි විසින් අපහාස කරන ලදී.

පාඩම:
1. කිසි විටෙකත් කිසිවෙකු අවතක්සේරු නොකරන්න !!
2. සාර්ථකත්වය හොඳම පළිගැනීමයි.

- වෙහෙස මහන්සි වී වැඩ කරන්න.
ඔබේ කාලය නැනවන්තව ආයෝජනය කරන්න.
අසමත් වීමට බිය නොවන්න.

පහත පින්තූරයේ පරිදි අවුරුදු දහයක් තුල කැමරාකරු සහා හෙලිකොප්ටර් නියමුවාට තම රැකියාව අහිමි විය.සෑම විටම නව්‍යකරණය වන්න...
.......................................................

කෙනෙක් නිසා පිස්සු වැටීච්ච ,පොරොන්දු ගොන්නක බලාපොරොත්තු වෙන් මග බලන් ඉන්න ආදරවන්තයෙක්. රකින්න බැරි නම් දෙන්න එපා පොරොන්ද...
17/02/2022

කෙනෙක් නිසා පිස්සු වැටීච්ච ,පොරොන්දු ගොන්නක බලාපොරොත්තු වෙන් මග බලන් ඉන්න ආදරවන්තයෙක්.

රකින්න බැරි නම් දෙන්න එපා පොරොන්දු !
ඉෂ්ට කරන්න බැරි නම් දෙන්න එපා බලාපොරොත්තු !

" පිස්සුවෙන් ආදරේ කරාට කමක් නැ හැබයි පිස්සෙක් වෙන්න ආදරෙ කරන්න එපා කවදාවත් "

ගෑණු ,පිරිමි බේදයක් නැ . උහුලන්න බැරි උනොත් කඩන් වැටෙනවාමයි ✍️

ප්‍රේමයේ වටිනාකම දන්නේහිතකින් හිතකට මාරුවෙවීසැනසෙන අය නෙවෙයි...භවයෙන් භවයට එකම හිතක් සනසන අයයි....❤️❤️
17/02/2022

ප්‍රේමයේ වටිනාකම දන්නේ
හිතකින් හිතකට මාරුවෙවී
සැනසෙන අය නෙවෙයි...
භවයෙන් භවයට එකම හිතක්
සනසන අයයි....❤️❤️

බලාපොරොත්තු නොවුනඅමිහිරි සිදුවීම් බහුලව ඇති ජිවිතයකකෙනෙකු සුළු කොට තකන එක පුංචි සිදුවීමක් වුවදමහත් කොට සලකනු ඇත_________...
16/02/2022

බලාපොරොත්තු නොවුන
අමිහිරි සිදුවීම්
බහුලව ඇති ජිවිතයක
කෙනෙකු සුළු කොට තකන
එක පුංචි සිදුවීමක් වුවද
මහත් කොට සලකනු ඇත___________🥀

මතක තබාගන්න !

වැඩිපුරම
අසාමාන්‍ය සිනහවකින්
කල් ගෙවන්නේ ද
එවැනි දරාගැනීම්
බහුල ජීවිත බව________🦋

රසාරි ✍🏻

සමහර ආදර කතා පටන් ගත්තේ මෙතන ♥️
15/02/2022

සමහර ආදර කතා පටන් ගත්තේ මෙතන ♥️

අවුරුදු 23 - 24 පහු වෙද්දිඅපේ මිනිස්සු ඇහුවේබඳින්නේ නැද්ද....බදින්න කෙනෙක් හොයමුද..කෝ යාළු වෙලා හිටපු එක්කෙනා...මොකද උනේ...
13/02/2022

අවුරුදු 23 - 24 පහු වෙද්දි
අපේ මිනිස්සු ඇහුවේ
බඳින්නේ නැද්ද....
බදින්න කෙනෙක් හොයමුද..
කෝ යාළු වෙලා හිටපු එක්කෙනා...
මොකද උනේ...
ඕවා....

යාළු වෙලා ඉද්දි උන්ම පත්තු කරපු ගිණි...
ඇවිලි ඇවිලි යද්දි...
උන්ම අද අහනවා බඳින්නේ නැත්ද..
කෝ කලිං හිටපු කෙනා කියලා...

බඳින්න කෙනෙක් ඉද්දි...
අපේ උන්ම හොයනවා ඒ කවුද...
අපිට වඩා හොඳයිද...
මොනවද කරන්නේ...
කොහොමද මේ අයට කැමති උනේ...
අරවා මේවා ගොඩක්....
ඇත්තටම උන්ට මොකටද ඕවා..

වෙඩිමට ආවහම...
කොල්ලා ලස්සනද...
ආව කාර් එක මොකද්ද...
සාරිය කීයද...
කොල්ලගේ පවුල කොයි වගේද...
කෙල්ල කොයි වගේද...
කෙල්ලට කවුද ඇන්දුවේ මේකප් වැඩිද...
සියල්ලම හරි ලස්සනට හොයලා....
හිත යටින් පුපුර පුපුර...
අනේ සුභ මංගලං කියලා...
ලොකූ බත් පිගානක් කාලා...
හිත ඇතුලෙන් පුපුර පුපුර...
යන්නේ අපේම උන්...

බැඳපු ගමන් අපේ මිනිස්සු හෙව්වේ...
සුදු රෙද්දේ රතු පාට පැල්ලම....
ඒක උනේ නැත්නම්...
අනේ ඉතිං ඒ කෙල්ල කලිං කොල්ලා එක්ක මෙහෙමනේ...
අපි කිව්වා ඕවා වේද්දිම...
දැන් ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න එපැයි...
මොනවා කරන්නද...
හරි හරියට කතාව...
අනේ ඉතිං තවමත් සුදු රෙද්දේ රතු පැල්ලමට කෙල හලන මිනිස්සු..
ඔව් අපේම උන් තමයි...

බැඳලා අවුරුද්දයි....
බබලා නෑ නේද තාම....
දැන්නම් හදන්න කාලේ හරි...
බැදපු උනුත් බබලා හදන්නේ සමාජෙට ඕන විදිහටද...
දැවෙන ප්‍රශ්ණ....
පලවෙනි බබානම් හරි කෝ දෙවනියා..
කෝ තුන්වෙනියා...
ආයේ ටික දවසකින් තුන්වෙනියා පැනලා 4ක් උනොත් අම්මෝ වැඩි නැත්ද...
4ක් හදන්න උබලා දෙන්නට ඕක නවත්ත ගන්න බැරි උනාද...
ළමයි නැත්නම් අනේ පව් එයාලට ළමයි නෑ..
පෙර කරපු පව් පඩිසන් දීලා...
ඒත් අපේ උන්ට ළමයි වැඩි උනත් වැරදී...
ළමයි නැතත් වැරදී...
ඒත් අපිම තමයි.....

ඔතනින්න එහාට තව කොච්චරක්ද කිනවනං වාහන, ගෙදර දොර, ළමයගේ ඉස්කෝලේ...
අන්තිමට මැරුණම පෙට්ටිය තේක්කද, බුරුතද, වලදාපු තැන නැත්නම් පිච්චුවද වලේ ගැඹුර පවා අපේ උන්ට කතා හදන්න සුපිරි මාතෘකා...
ඒ විතරක්ද දානේ දුන්නේ පන්සලටද, පල්ලියටද, ඇයි අපිට කිව්වේ නැත්තේ වගේම පුළුවන්නං මැරුණ මනුස්සයා අද වෙද්දි අපායෙද දිවිය ලෝකේද සුවර්ගෙද කියලාත් හොයලා තමා අපේ උන් නවත්න්නේ...

ඇත්තටම මොකටද අපිට මේවා...
අපිත් බයයි සමාජෙට ...
ඇයි බය...
මිනිස්සු කොයි විදිහට කතා හැදුවත්...
අපේ ජීවිතේ හරි විදියට හෘදසාක්ෂියට එකඟව අපි වැඩ කරනවනම් ඇයි අපි බය...
අපි බඳින්නේ අපිට ගැලපෙන කෙනා...
අපි ළමයි හදන්නේ අපේ ස්ථාවරය ගොඩ නැගුනම...
ඒක එකාද දෙන්නද නැත්නම් දහයක් උනත් ඒක අපේ කැමත්ත මොකටද ඕවා පිට උන්ට...
සාමාජෙට බය නොවී තමන්ගේ ගමන හිමින් යමං...
අනිත් උන්ට උබ ඇහි පිල්ලමක් ගැහුවත් වැරදී...
උන් බලං ඉන්නෙත් ඒක...
අන්න අරූ දෙපාරක් ඇහි පිල්ලම් ගැහුවා ඒක පොඩ්ඩක් වැරදී...
ඕකත් කියන්න බැරි නෑ..

මේ මොන දේ කලත් උඹ උබේ පාඩුවේ උබේ ගමන යනං වැරදි වැඩ නොකර...
ඒ වගේම උබත් මතක තියාගනිං කාගෙවත් ජීවිතවලට එබිකම් නොකර ස⁣හයෝගෙන් මේ ජීවිත ගමන යන්න....
එතනිං මේ ගොඩක් දේවල් හරි ලස්සනට වෙනස් වෙයි...
මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන්...

- ඇන්ජි -

ඔබ කරන රැකියාව සාර්ථක වේවා ..!!දින කීපයකට පෙර හක්මන ප්‍රදේශය පසුකරන අතරතුර දුටු, පාරේ සුදු ඉරෙනුත් එහා පැත්තෙ අහිංසකව රැ...
12/02/2022

ඔබ කරන රැකියාව සාර්ථක වේවා ..!!
දින කීපයකට පෙර හක්මන ප්‍රදේශය පසුකරන අතරතුර දුටු, පාරේ සුදු ඉරෙනුත් එහා පැත්තෙ අහිංසකව රැකියාවට උදෙන්ම යන මිනිසෙක්..
ඔහුටත් රහසෙ මේ පින්තූරය ගත්තෙ, ඔබටත් ඔහුගේ සේවය අවැසිනම් අමතන්න පුලුවන් බව දුටුව නිසාමයි..
ඡායාරූප වල අයිතිය මුල් හිමිකරු සතුයි.

එය ආදරය නම් විය....මෙම ඡායාරූපයේ සිටින 85 හැවරදි මහලු මිනිසාගෙන් ඡායාරූප ශිල්පියා අසනවා. "ඔබ අතින් අල්ලාගෙන සිටින විට ඔබ...
12/02/2022

එය ආදරය නම් විය....

මෙම ඡායාරූපයේ සිටින 85 හැවරදි මහලු මිනිසාගෙන් ඡායාරූප ශිල්පියා අසනවා. "ඔබ අතින් අල්ලාගෙන සිටින විට ඔබේ බිරිඳ ඇයි අහක බලාගෙන ඉන්නෙ" යනුවෙන්. එයට පිළිතුරු දෙමින් මහලු මිනිසා පවසන්නේ

"මගේ බිරිඳ මට වඩා තරුණයි. නමුත් ඇයට කිසිවක් මතක නැහැ. ඇය අතීතයේ අමතක වූ රෝගයකින් පෙලෙනව. කොටින්ම ඇය දන්නේ නැහැ මා ඇගේ සැමියා බව වත්."

ඡායාරූප ශිල්පියා ඉන් විමතියට පත්ව නැවත අසනවා. "ඇය ඔබව නොදන්නා නිසා ඇය තරමක කණස්සල්ලෙන් සිටින බවයි පෙනෙන්නට තිබෙන්නේ. ඇයට කිසිවක් මතක නැත්නම් ඔබ හැමදාම මෙලෙස ඇයව ඇවිදින්න එක්කන් යෑමෙන් ඇති ඵලේ කුමක්ද?"

එවිට මෙම මහළු මිනිසා සිනාසෙමින් පිළිතුරු දුන්නේ

"ඇයට මා ඇගේ සැමියා බව මතක නැති වුවත් මට ඇය මගේ බිරිඳ බව හොදින් මතකයි. ඇය මා ආදරය කල එකම තැනැත්තියයි" යනුවෙන්....

එය නම් ආදරයම විය....

පරිවර්තන සටහන
මනුජිත් අබේරත්න

12/02/2022

පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්ත මේධා ජයරත්නව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. නිවේදන ශිල්පිනියක් ද ව....

Address


Alerts

Be the first to know and let us send you an email when Puduma Lokaya - පුදුම ලෝකය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share