Citizen News

Citizen News Sri Lankan Premium News Network

*රෝගීන් 40%ක් , මරණ 75%ක වැඩිවීමක්* 😨දින 10කින් පසු රට විවෘත කරන්න පුලුවන්ද ? video - https://fb.watch/7Axn91zcVb/
24/08/2021

*රෝගීන් 40%ක් , මරණ 75%ක වැඩිවීමක්* 😨

දින 10කින් පසු රට විවෘත කරන්න පුලුවන්ද ?

video - https://fb.watch/7Axn91zcVb/

Citizen.lk | Sri Lanka News

12/12/2020

Shop online with Store8 now! Visit Store8 on Daraz.

පළා ගිය කොරෝනා රෝගියා සොයා ගැනේIDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිත කන්දකාඩු රැඳවියා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී ප්‍රතිකාර ...
24/07/2020

පළා ගිය කොරෝනා රෝගියා සොයා ගැනේ

IDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිත කන්දකාඩු රැඳවියා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේදී පොලිසිය භාරයට ගෙන ඇති බව යුධ හමුදාපතිවරයා පවසයි.

කන්දකාඩු කොරෝනා රෝගියෙකු IDH රෝහලෙන් පනියි : මහජනතාව විමසිලිමත් වන්නමුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ...
24/07/2020

කන්දකාඩු කොරෝනා රෝගියෙකු IDH රෝහලෙන් පනියි : මහජනතාව විමසිලිමත් වන්න

මුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

එල්. සියාම් නසීම් නැමැති 41 හැවිරිදි එම පුද්ගලයා ත‍්‍රිකුණාමලය වල්ලෙමලර් සින්නම්පිල්ලෙසිමෙයි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

වම් කකුලේ ආබාධයක් හේතුවෙන් ඔහු ඇවිදින විට කොර ගසන තැනැත්තෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නා අය 119 කෙටි දුරකථන අංකයට හෝ 071 - 8 591 017, 071- 8 592 290, 071 - 8 591 864 යන දුරකථන අංකවලට තොරතුරු ලබා දෙන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම සැකකරුගේ ඡායාරූපය පහතින් දැක්වෙයි

නුගේගොඩදී බස් රථයක් හමුදා කැබ් රථයක ගැටෙයි : හමුදා සාමාජිකයෙක් ජිවිතක්ෂයටනුගේගොඩ ගුවන් පාලමේදී බස් රථයක් යුධ හමුදා කැබ් ...
20/07/2020

නුගේගොඩදී බස් රථයක් හමුදා කැබ් රථයක ගැටෙයි : හමුදා සාමාජිකයෙක් ජිවිතක්ෂයට

නුගේගොඩ ගුවන් පාලමේදී බස් රථයක් යුධ හමුදා කැබ් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එක් හමුදා සාමාජිකයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.

මෙම අනතුර අද උදෑසන සිදුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු බස් රථයකට ඊට පසු පසින් පැමිණි තවත් බස් රථයක් අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරිමට යාමේදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යුධ හමුදා කැබ් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

පාසැල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කෙරේපාසැල් සඳහා ලබා දෙන තාවකාලික නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරිමට අධ්‍යාපන අමාත්‍යා...
18/07/2020

පාසැල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කෙරේ

පාසැල් සඳහා ලබා දෙන තාවකාලික නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දිනයන් ලබන සඳුදා දැනුම් දෙන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

පිළියන්දල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 61ක් නිරෝධායනයට : හමුදා නිලධාරියාගේ මවට සහ මිත්තණියට කොරෝනානව කොරෝනා වෛරසය ආස...
18/07/2020

පිළියන්දල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 61ක් නිරෝධායනයට : හමුදා නිලධාරියාගේ මවට සහ මිත්තණියට කොරෝනා

නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වු පිළියන්දල, දැල්තර ප්‍රදේශයේ හමුදා නිලධාරියාගේ මවට හා මිත්තනියටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔවුන් පදිංචිව සිටි පිළියන්දල, දැල්තර වෙළඳසැල් 4ක් ඇතුළු නිවාස 20ක පුද්ගලයින් 62ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදිත එම කාන්තාවන් දෙදෙනා සංචරණය කළ පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ එම රෝහලේ සේවකයින් 11 දෙනෙකු හා රන් භාණ්ඩ අලෙවි සැලක සේවකයින් 06 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මේ අතර කොවිඩ් ආසාදිත බවට පසුගිය දා තහවුරු වූ යුද හමුදා සෙබළෙකු ඉකුත් 7 වැනිදා සිය පවුලේ සාමාජිකයින් ඇතුළු 20 දෙනෙක් සමග කතරගම වන්දනාවේ ගොස් ඇතැයි අනාවරණ වූ බව කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා.

ඒ අනුව එම පුද්ගලයා සංචාරය අතරතුර නවාතැන් ගත් නවාතැන්පොළේ සිටි 12 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

කෙසේ වෙතත් එය නිරෝධායනයට යොමු කර ඇති ස්ථානයක් බව දන්වමින් අලවා තිබු දැන්වීම් පත්‍රිකාව ඊයේ රාත්‍රියේ කිසිවකු ඉරා දමා තිබූ අතර එහි මත්පැන් සාදයක්ද පවත්වා ඇති බවට වාර්තා වනවා. සිද්ධිය සැලවීමත් සමග අද එහි පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

කන්දකාඩු රැඳවියන් බැලීමට ගිය අයට කොරෝනා ආසාදනය වී නැහැ : යුධ හමුදාපතිකන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ග...
17/07/2020

කන්දකාඩු රැඳවියන් බැලීමට ගිය අයට කොරෝනා ආසාදනය වී නැහැ : යුධ හමුදාපති

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය කිසිවෙකුටත්, කොරෝනා ආසාදනය වී නොමැති බව, පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වෙයි : යුධ හමුදාපති

ජා-ඇල පොලීසියේ ස්ථානාධිපතිවරයාට හදිස්සි මාරු වීමක්වහාම ක්‍රියාත්මක වන පරිදි ජා-ඇල පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට...
17/07/2020

ජා-ඇල පොලීසියේ ස්ථානාධිපතිවරයාට හදිස්සි මාරු වීමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජා-ඇල පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

මැතිවරණ කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිෂම විසින් මෙම ස්ථානමාරුවීම ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.

මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවට මැතිවරණ කොමිසම විසින් ජා-ඇල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව ඊයේ(16) පස්වරුවේ රැස්වූ පොලිස් කොමිසම ජා-ඇල පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානය වෙත මාරුකර හැරීමට තීරණය කර තිබේ.

පුරප්පාඩුවන ජාඇල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරට නව නිලධාරියෙකු පත් කරන ලෙස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පොලිස් කොමිසම විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ

අඟුලාන සිද්ධියට 14ක් අත්අඩංගුවටඅයුතු ජන රාශියක සාමාජිකයන් ලෙස සිටිමින් අඟුලාන පොලිස් ස්ථානයට ගල් වලින් පහරදී අනර්ථය සිදු...
17/07/2020

අඟුලාන සිද්ධියට 14ක් අත්අඩංගුවට

අයුතු ජන රාශියක සාමාජිකයන් ලෙස සිටිමින් අඟුලාන පොලිස් ස්ථානයට ගල් වලින් පහරදී අනර්ථය සිදුකිරීම හා පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට තුවාල සිදුකිරීමට අදාළව සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා.

ඒ අනුව සැකකාරියන් 09ක් හා සැකකරුවන් 05ක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද(17) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන්.

අඟුලාන පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම : සැකකරුවන් 06ක් අත්අඩංගුවට.අඟුලාන පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ලක...
16/07/2020

අඟුලාන පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම : සැකකරුවන් 06ක් අත්අඩංගුවට.

අඟුලාන පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ලකර රජයේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 03ක් ඇතුළු සැකකරුවන් 06ක් අත්අඩංගුවට. - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මහේලට SSC ඉහළම තනතුරක්SSCකී‍්‍රඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පැවැත්වුනා.එහිදී එම  කී‍්‍රඩා සමාජයේ කි‍්‍රකට්...
16/07/2020

මහේලට SSC ඉහළම තනතුරක්

SSCකී‍්‍රඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පැවැත්වුනා.

එහිදී එම කී‍්‍රඩා සමාජයේ කි‍්‍රකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

මීට පෙර SSC කී‍්‍රඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද මහේල ජයවර්ධන කටයුතු කළා.

මහේල ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ කි‍්‍රකට් නායකයෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකුද වනවා.

තවදුරටත් වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් : ලොව පුරා වෛරසය තවත් දරුණු වෙයිලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ...
16/07/2020

තවදුරටත් වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් : ලොව පුරා වෛරසය තවත් දරුණු වෙයි

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 582,743ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (16) වාර්තා කරයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 13681,783 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි එම වාර්තා වල වැඩිදුරටත් දැක්වෙන්නේ.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 7,522,596ක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

තවදුරටත් වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තාවන අතර, ගතවූ පැය 24 තුළ එහි මරණ සංඛ්‍යාව දැක්වුණේ 1,261 ක් ලෙසයි.

දෙවනුව වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තාවන අතර, ගතවූ පැය විසි හතරේ මරණ 962 ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 140,105 ක් ලෙස වාර්තාවුණා.

70,914 ක් වන වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තාවන අතර, ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 3615,991 ක් ලෙසයි.

මේ අතර අසල්වැසි ඉන්දියාවේ දෛනික මරණ 614 ක් වාර්තා වනවා. සමස්ත මරණ සංඛ්‍යාව 24,929 ක් ලෙස සටහන් වන අතර එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 970,169 ක් ලෙසයි.

මැතිවරණ කොමිෂන් සභාව අනතුරු අඟවයිමහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම අපහසු වනු ඇතැ...
16/07/2020

මැතිවරණ කොමිෂන් සභාව අනතුරු අඟවයි

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම අපහසු වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

අද (15) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාවේ දී මේ පිළිබඳව අවධානය යොමු වු බව අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු ඒ බව ප්‍රකාශ කර සිටියා.

වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් යලි ලබන 21 වෙනිදා මැතිවරණ කොමිෂන් සභාව රැස්වී සමාලෝචනයක් කිරිමට බලාපොරොත්තුවන බව මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියා.

ඒ අතර පැෆ්රල් නිරීක්ෂකයන් අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපමාව ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට රජය පියවර ගත යුතු බවයි.

අද මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමු වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් විසින්ද එම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවා.

දෙවන PCR පරීක්ෂණයෙනුත් බ්‍රසීල ජනපතිට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වෙයිබ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ කළ දෙවන P...
16/07/2020

දෙවන PCR පරීක්ෂණයෙනුත් බ්‍රසීල ජනපතිට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වෙයි

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ කළ දෙවන PCR පරීක්ෂණයෙනුත් තහවුරු වී තිබෙන්නේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙන්නේ පසුගිය සතියේදී.

කෙසේ වෙතත් ඊයේ (15) දිනයේදී මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි සඳහන්.

ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ බ්‍රසීල මාධ්‍ය අමතමින් තමන් දෙවැනි වරටත් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක වූ බවත්, තවමත් රෝගය සුවවී නොමැති බවත් අනාවරණය කර තිබෙනවා.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වන විට බ්‍රසීලය තුළ සමස්ත කොරෝනා ආසාදිතයන් 1,966,748ක් වාර්තා වන අතර, වෛරසය ආශ්‍රිතව මියගිය සංඛ්‍යාව 75,366ක්.

රියදුරු බලපත්‍ර සකස් කිරීම යුධ හමුදාවටමෙතෙක් විශාල  මුදලක් ගෙවා පුද්ගලික ආයතනයක් මගින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍ර සැක...
15/07/2020

රියදුරු බලපත්‍ර සකස් කිරීම යුධ හමුදාවට

මෙතෙක් විශාල මුදලක් ගෙවා පුද්ගලික ආයතනයක් මගින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍ර සැකසීම මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබීය.

සාමාන්‍යයෙන් රියැදුරු බලපත්‍රයක් මහජනතාව විසින් ලබා ගැනීමේ දී ඒ සඳහා රුපියල් 1340ක් වැනි මුදලක් ගෙවීමට සිදු විය.

එමෙන්ම 2009 දී පුද්ගලික සමාගමක් වෙත පවරා දී තිබු රියැදුරු බලපත් නිකුත් කිරීමේ කොන්ත්‍රාත්තුව නිසා අප රටට හිමි විය යුතු අති විශාල මුදලක් වාර්ෂිකව විදේශයට ඇදී ගියේය. වරින්වර එම සමාගමේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කරමින් මෙම කටයුතු පවත්වාගෙන එනු ලැබීය.

මෙම කාරණය සැළකිල්ලට ගනිමින් ඉදිරියේ දී රියැදුරු බලපත් නිකුත් කිරීම ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත පැවැරීමසඳහා ඇති හැකියාව සොයා බැලීමට ඊයේ ( 14) විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහණ සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

එම සාකච්ඡාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, හමුදාපති ලුතිනත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා අමාත්‍යාංශයේ ලේකම් ගාමිනි සෙනවිරත්න යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මේ අනුව ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත්‍රයක් ලබා දීමත්, මෙතෙක් අප රටට අහිමි කළ විශාල මුදලක් රට තුළ ඉතිරි කර ගැනීමටත් පුද්ගලික සමාගමක් සතුවන අපේ තොරතුරු පද්ධතිය ආරක්ෂක අංශ වෙත රඳවා ගැනීමටත් හැකි වන බවත්, ලබන වසරේ සිට රියැදුරු බලපත් සකස් කිරීම ශ්‍රී ලංකා යුධ හමුදාවට පැවැරීමට අවධානය යොමු කර ඇති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී ආරක්ෂක ලේකම් වරයා මෙන්ම යුධහමුදාපතිවරයා ද අදහස් පළ කළේය. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, මහතා කියා සිටියේ ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත්‍රය සකස් කිරීමට හැකි බවයි. රුපියල් 1340ක් ඒ සදහා වැය කිරීම අපරාධයක් බව ද ඒ මහතා කීය.

යුධ හමුදාවට කළ නොහැක්කක් නැති බවකී යුධ හමුදාපතිවරයා රියැදුරු බලපත් සකස් කිරීමේ කටයුතු ඉටු කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව සූදානම් බව ද ප්‍රකාශ කළේය.

මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා යුධ හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව කමිටුවක් පත් කිරීම අමාත්‍ය මහින්ද අමරවීර විසින් සිදු කළේය.

ප්‍රභූ පුද්ගලයෙක් ප්‍රාණ ඇපයට ගත් අවස්ථාවක සිදුකළ යුත්තේ කුමක්ද ? ත්‍රිවිධ හමුදාව, පොලීසිය පාර්ලිමේන්තුවේ මෙහෙයුමකහදිසි ...
15/07/2020

ප්‍රභූ පුද්ගලයෙක් ප්‍රාණ ඇපයට ගත් අවස්ථාවක සිදුකළ යුත්තේ කුමක්ද ? ත්‍රිවිධ හමුදාව, පොලීසිය පාර්ලිමේන්තුවේ මෙහෙයුමක

හදිසි අවස්ථාවක් ඇති වූ විට ප්‍රභූ පුද්ගලයන් බේරා ගැනීම පිළිබඳ පෙරහුරු මෙහෙයුමක් ඊයේ (14) පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව පවත්වනු ලැබුවා.

දේශපාලනඥයෙකු හෝ ඒ හා සමාන ප්‍රභූ පුද්ගලයෙකු ආයුධ සන්නද්ද කණ්ඩායමක් විසින් ප්‍රාණ ඇපයට ගත් අවස්ථාවකදී ඔවුන් බේරා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙලෙස පෙර පුහුණුවක් සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම පුහුණුවීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ගිනි නිවන හමුදාව සහභාගි වී තිබෙනවා.

හෙලිකොප්ටර් යානා, නාවික හමුදා බෝට්ටු, ගිලන් රථ සහ ගිනි නිවන රථද යොදා ගත් බවයි සඳහන්

මහනුවර මැතිවරණ ප්‍රචාරණයට ගිය හිටපු ඇමති මහින්දානන්ද ආරක්ෂාව නිසා උසාවි නොඑයිහිටපු රාජ්‍ය  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ...
15/07/2020

මහනුවර මැතිවරණ ප්‍රචාරණයට ගිය හිටපු ඇමති මහින්දානන්ද ආරක්ෂාව නිසා උසාවි නොඑයි

හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව පවරා ඇති නඩුවක් සැප්තැම්බර් මස 03 වෙනිදා කැදවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

2014 වර්ෂයේ ක්‍රීඩා අමාතයවරයා ලෙස කටයුතු කිරීමේදී ක්‍රීඩා උපකරණ මිල දී ගැනීමේදී රුපියල් පන් කෝටි තිස් එක් ලක්ෂයකට අධික මුදලක් අවභාවිත කර ඇතැයි කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිෂන් සභාව අලුත්ගමගේට සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා සිටියේ තම සේවාදායකයා පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ මහමැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වී ඇති බවත් එම ප්‍රදේශ වල කොරෝනා රෝගීන් වාර්තා වී ඇති බැවින් සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවයි.

දෙවන විත්තිකරු වන සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු ද විවෘත අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුද මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සහභාගි වී ඇති බැවින් අධිකරණයෙන් පිටත රැදී සිටින නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

විදුලි බිලට සහනයක් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියවිදුලි බිලට සහනයක් ලබා දීමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.ඒ අන...
15/07/2020

විදුලි බිලට සහනයක් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

විදුලි බිලට සහනයක් ලබා දීමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මාසයේදී තමන්ට ලැබුණු විදුලි බිලේ මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසයන් සඳහා පියවීමට පාරිභෝගිකයින් හට අවසර ලබා දීමට තීරණය කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ

කන්දකාඩු සිට පිටතින් හමුවී ඇත්තේ රෝගීන් 20ක් පමණයි : අසත්‍ය පුවත් දැමු අයට වැඩවරදී - නියෝජ්‍ය පොලිස්පතිකන්දකාඩු පුනුරුත්...
15/07/2020

කන්දකාඩු සිට පිටතින් හමුවී ඇත්තේ රෝගීන් 20ක් පමණයි : අසත්‍ය පුවත් දැමු අයට වැඩවරදී - නියෝජ්‍ය පොලිස්පති

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ඇතිවූ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ අසත්‍ය ප්‍රචාරණ සිද්ධි සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායම් 03ක් යොදවා විමර්ශන ආරම්භ කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට මේ දක්වා පිටතින් හමුවී ඇත්තේ රෝගීන් 20 දෙනෙකු පමණක් බවත් ඔවුන් ගෙන්ද 16 දෙනෙකු රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තා වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

මහනුවර ප්‍රදේශයේ පුද්ගලයින් 600ක් සම්බන්ධයෙන් ජාතික පුවත් පතක් විසින් අද දිනයේදී පළ කොට ඇති පුවතක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මෙන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය අංශ විසින් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි ලෙස අනුගමනය නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් හෙට සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශක කර සිටියේ.

ආයතනවල සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ප්‍රධානීන්ගේ වගකීමක් : ජනපති කියයිකොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති වත්මන්...
15/07/2020

ආයතනවල සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ප්‍රධානීන්ගේ වගකීමක් : ජනපති කියයි

කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති වත්මන් වාතාවරණය හමුවේ වෛරසය ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් 19 වසංගතය සතුටුදායක ලෙස පාලනය කිරීමට හැකිවන තෙක් කණ්ඩායම් ආශ්‍රිතව වෛරසය පැතිරයාමේ ඉහළ අවදානමක් පවතී.

කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඊට නිදසුනකි. එබැවින් කණ්ඩායම් ආශ්‍රිතව පහසුවෙන් කළ හැකි පරීක්ෂණ අඛණ්ඩව කළයුතුව ඇතැයි ජනාධිපතිතුමා අවධාරණය කරයි.

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය සමග ඊයේ (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නේය.

රට සාමාන්‍ය තත්ත්වයට පැමිණියද අවදානම පහව ගොස් නැති බැවින් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අත් නොහළ යුතුය. පුනරුත්ථාපන සහ සිර කඳවුරු, විශ්වවිද්‍යාල, පාසල් වැනි ආයතන උණ පරීක්ෂාව වැනි සරල පරීක්ෂණ දෛනිකව කරගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මුව ආවරණ පැළඳීම, අත්සේදීම සහ දුරස්ථභාවය පවත්වාගැනීම හැම විටම කළ යුතුය.උණ, උගුර ආශ්‍රීත ආසාදන ඇතුළු රෝගී තත්ත්වයක් හටගෙන ඇතිනම් ඒ බව තේරුම් ගෙන සමාජ ඇසුරට නොයාමෙන්ද වසංගත මර්දනයට දායක විය හැකි බව ජනාධිපතිතුමා පැවසීය.

නව නාවික හමුදාපති පත් කෙරේජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත ...
15/07/2020

නව නාවික හමුදාපති පත් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න පත් කරයි.

අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යයේ : නිවාඩු දින හෝ ඇඳිරිනීතිය පැනවීමක් නැහැ - රජයෙන් විශේෂ නිවේදනයක්කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාර...
15/07/2020

අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යයේ : නිවාඩු දින හෝ ඇඳිරිනීතිය පැනවීමක් නැහැ - රජයෙන් විශේෂ නිවේදනයක්

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම එම වෛරසය රටතුළ ව්‍යාප්තවීම වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට රජය විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව, අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීම, ආසාදිතයින් හඳුනාගැනීම, ආශ්‍රිතයින් හඳුනා ගැනීම හා ඔවුන් නිරෝධායනයට යොමු කිරීම යන සියලු අදාළ ක්‍රියාමාර්ගයන් මේ හා සම්බන්ධිත ප්‍රදේශයන් හා ස්ථාන ආවරණය වන පරිදි ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කර ඇත.

මේ අයුරින්, අදාළ ස්පර්ශකයින් හඳුනාගෙන පරීක්ෂණ හා නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන අවස්ථාවන්හිදී ඔවුන් නියත වශයෙන්ම කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුන්වමින් සාවද්‍ය ප්‍රචාරයන් පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව පෙනී ගොස් ඇත. තවද, මෙම තත්ත්වය නිසා විවිධ ආයතන වසා දැමීමට කටයුතු කරන බව ඇතුලු විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරන ආකාරයද දැකිය හැකිය.

එමෙන්ම, මෙම තත්ත්වය මත රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරීමට හා ඇඳිරිනීතිය පැණවීමට කටයුතු කරන බවට වන විවිධ අසත්‍ය තොරතුරු ඇතැම් පාර්ශ්වයන් විසින් අඛණ්ඩව සමාජගත කරමින් සිටින බවද නිරීක්ෂණය වේ. නමුත්, මේ දක්වා එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය විසින් අවධාරණය කරයි.

ඒ අනුව, මෙවැනි සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමේ අරමුණ වන්නේ ජනතාව නොමග යවමින් සමාජය තුළ අනවශ්‍ය කැළඹීම් ඇතිකිරීම බවද පැහැදිළි වේ. මේ අයුරින් සාවද්‍ය ප්‍රචාරයන් සමාජගත කරන පිරිස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන මෙන් රජය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

මෙහිදී, යම් පුද්ගලයකු කොවිඩ් 19 වෛරසය ආසාදිතයකු බවට තහවුරු වුවහොත් ඒ බව මෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හා සමාජය දැනුවත් විය යුතු සියලු කරුණු පිළිබඳ නිල තොරතුරු ක්ෂණිකව මහජනතාව වෙත දැනුම් දීමට රජය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.

එබැවින් අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රචාරයන්ට නොරැවටී මෙම අවස්ථාවේ වඩාත් අවබෝධයෙන් කටයුතු කරන මෙන් හා විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවලින් දැනුවත් කර ඇති සියලු සෞඛ්‍යාරක්ෂණ උපක්‍රම දැඩිව අනුගමනය කරමින් ආරක්ෂිතව හා විචක්ෂණශීලීව කටයුතු කරන මෙන් රජය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

තැපැල් ඡන්ද භාවිත කිරීම තුන්වන දිනටත් : ඡන්දය දැමීමට නොහැකිවන අයට අතිරේක දින දෙකක්තැපැල් ඡන්ද භාවිත කිරීම පසුගිය 13 දිනෙ...
15/07/2020

තැපැල් ඡන්ද භාවිත කිරීම තුන්වන දිනටත් : ඡන්දය දැමීමට නොහැකිවන අයට අතිරේක දින දෙකක්

තැපැල් ඡන්ද භාවිත කිරීම පසුගිය 13 දිනෙන් ආරම්භ වූ අතර එදින සිට ලබන 17 වැනිදා දක්වා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු අද (15) සිදුකෙරෙන්නේ තෙවන දිනයටයි.

සියලු පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු, සෞඛ්‍ය අංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්ද සලකුණු කිරිමට අද දිනය වෙන් කර තිබේ.

හෙට (16)සහ අනිද්දා (17) යන දිනයන් හි සියලු පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු, සෞඛ්‍ය අංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙම දිනයන්හි දී තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සඳහා තවත් අතිරේක දින දෙකක් ඒ සඳහා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔවුන්ට ලබන 20 සහ 21 යන දිනයන් හි තැපැල් ඡන්දය භාවිතා කිරිමට හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

තවත් කොරෝනා ආසාදිතයන් 4ක්තවත් කොරෝනා ආසාදිතයන් 4ක් කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබෙනවාමුළු ආසාදිතයන් ...
14/07/2020

තවත් කොරෝනා ආසාදිතයන් 4ක්

තවත් කොරෝනා ආසාදිතයන් 4ක් කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබෙනවා

මුළු ආසාදිතයන් 2661 දක්වා ඉහළට:වසංගත රෝග විද්‍යා අංශය

කන්දකාඩු වලින් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තව කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හමු වූයේ...
14/07/2020

කන්දකාඩු වලින් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තව කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හමු වූයේ ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා .

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිතයින් ගණන 2653 ක්

කොරෝනා නිසා මොබිටෙල් - කොළඹ ශාඛාවක් වැසේකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආය...
14/07/2020

කොරෝනා නිසා මොබිටෙල් - කොළඹ ශාඛාවක් වැසේ

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ කොළඹ 2 , W.A.D. රාමනායක මාවතේ පිහිටි කාර්යාලය වසා දැමීමට පාලනාධිකාරිය කටයුතු කළ බව එම ආයතනය සඳහන් කරනවා.

එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කොරෝනා ආසාදිතයකු ඇසුරු කළ අයෙක් මෙම කාර්යාලයට පැමිණ තිබීම පූර්ව සූදානමක් ලෙස මෙම පියවර ගත් බවයි .

Covid latest update - Sri Lanka
14/07/2020

Covid latest update - Sri Lanka

දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් - PCR පරීක්ෂණ වහාම වැඩි කරන්න - GMOAරට තුළ දෙවන කොරෝනා රැල්ලක් ඇති වීමේ අවදානම මැඩපැවැත...
14/07/2020

දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් - PCR පරීක්ෂණ වහාම වැඩි කරන්න - GMOA

රට තුළ දෙවන කොරෝනා රැල්ලක් ඇති වීමේ අවදානම මැඩපැවැත්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් තත්ත්ව වාර්තාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රසිද්ධ කර තිබෙනවා .

එහි දැක්වෙන්නේ දැනට දෙදහසකට අඩු මට්ටමේ පවතින PCR පරීක්ෂණ ප්‍රමාණය 2500 දක්වා වහා වැඩි කළ යුතු බවයි .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ සම්පූර්ණ වාර්තාව පහතින්

කන්දකාඩු සමිපතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට : PCR පරීක්ෂණ වැඩි කරන්න - ජනපති උපදෙස් දෙයිකොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් ක...
14/07/2020

කන්දකාඩු සමිපතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට : PCR පරීක්ෂණ වැඩි කරන්න - ජනපති උපදෙස් දෙයි

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග ලොව බොහෝ රටවලට පෙර එය මර්දනයට වගකිවයුතු රජයක් ලෙස ඉතා සාර්ථකව පියවර ගත් බව ජනාධිපතිතුමා සිහිපත් කළේය. “එහිදී විවිධ අභියෝගවලට මුහුණදීමට සිදු විය.

මනා සැලැස්මක් ඇතිව ඒවා එකින් එක ජයගනු ලැබීය. නිරෝධායන කඳවුරු ගැන එදා කිසිදු රටකින් අසන්නට නොලැබිණ. එය හඳුන්වා දුන්නේ අපය. අද බොහෝ දෙනෙකුට මේ බව අමතක වී ඇතැයි” ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී එතුමා මේ අදහස් පළ කළේය.

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය, යුද හමුදාව, බුද්ධි අංශ සහ පොලීසිය දායක කර ගනිමින් ජනවාරි 26 දින කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරිණ.

චීනයේ, වූහාන්හි අසරණව සිටි සිසුන් මුදා ගැනීමේ සිට සියලු රටවල් අභිබවා රජයක් ලෙස වගකීමෙන් ගත් පියවර ජනාධිපතිතුමා සිහිපත් කළේය.
රජය නායකත්වය දෙමින් තීරණ ගැනීම සහ සෑම අංශයක්ම දායක කරගැනීම යන ලක්ෂණ අභියෝග ජය ගැනීමට පාදක වූ බව ජනාධිපතිතුමා පැවසීය.

රටවල් 74ක සිට පුද්ගලයන් 16,279 දෙනෙකු මවුබිමට රැගෙන විත් නිරෝධායනය කර නිවෙස් වෙත පිටත් කර හැරිණ. නිරෝධායන මධ්‍යස්ථාන 70ක් පවත්වාගෙන යමින් කළ මෙහෙය ද ජනාධිපතිතුමා මතකයට නැංවීය.

“නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපනයට සැලසුම් කිරීමේ දී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා පැමිණියා. ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවලින් පැමිණි පිරිස නිරෝධායනයට යොමු කිරීමේ දී ඔවුන්ගෙන් විරෝධතා ආවා. ඉදිරියටත් කුමන බාධක පැමිණිය ද අභියෝග ජය ගනිමින් ජනතාව රැක ගැනීමේ වගකීම අත්හරින්නේ නෑ” ජනාධිපතිතුමා අවධාරණය කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් හමු වූ කොවිඩ් ආසාදිතයන්ගේ සමිපතමයන් හඳුනාගෙන නිරෝධායනට යොමු කර තිබේ. ඒ ආශ්‍රිත වළලු 04ක් දක්වා පුළුල් පරාසයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

උද්ගත වූ තත්වය පාලනය කිරීමට සමත් වූ අයුරින් ඉදිරියේ දී මතුවන අභියෝග ජය ගැනීමට රජය සැලසුම් කර ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් සමාජය තුළ වසංගතය පැතිරයාම අවම මට්ටමේ තබා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට දැන්වීය.

ආසාදිතයන් හඳුනාගත් රාජාංගනය අතුළු සෙසු ස්ථානවල PCR පරීක්ෂණ වැඩිකරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා වසංගතය පිළිබඳ අලුත්ම තොරතුරු සහ රජය ගෙන යන ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කරන ලෙස නිලධාරීන්ට දැන්වීය.

කොවිඩ් වසංගත මර්දනයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග අද රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවට ලක් විය.

කොවිඩ් මර්දන ව්‍යාපාරය සාර්ථකව රට පුරා ක්‍රියාත්මක කිරීමට දිවා රෑ නොබලා අඛණ්ඩව දායක වන සියලුදෙනා තමා ඉතා ඉහළින් අගයන බව ද ජනාධිපතිතුමා පැවසීය.

පොළොන්නරුවෙන් ආසාදිතයන් දෙදෙනෙක්මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2651 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අද (14) සවස 3.3...
14/07/2020

පොළොන්නරුවෙන් ආසාදිතයන් දෙදෙනෙක්

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2651 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (14) සවස 3.30 වන විට තවත් වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

රාජාංගනය සහ පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශවලින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් සමග සමීප සබඳතා පැවැත් වූ පුද්ගලයින් දෙදෙනෙක් නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ

රවී , ඇලෝසියස්ගෙන් ප්‍රකාශ ගන්න : නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිට නියෝග2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්...
14/07/2020

රවී , ඇලෝසියස්ගෙන් ප්‍රකාශ ගන්න : නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිට නියෝග

2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ජුලි මස 25 වෙනිදාට පෙර තමන් වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත

හෝමාගම යුද හමුදා නිලධාරීන් දෙදෙනකුට කොරෝනා : 35 දෙනෙකු ස්වයං නිරෝධායනයටකන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමා...
14/07/2020

හෝමාගම යුද හමුදා නිලධාරීන් දෙදෙනකුට කොරෝනා : 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට

කන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට සොයා ගත් පුද්ගලයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්න විජේසූරිය ප්‍රකාශ කර සිටිනවා.

මෙම හමුදා නිලධාරීන් දෙදෙනා නිවාඩු ලබා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සිය නිවෙස් බලා පැමිණ සිටි අයවලුන් වන අතර ඔවුන්ව යලි කඳවුර වෙත කැඳවීමත් සමග ආපසු කන්දකාඩු බලා ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදිත බවට හෙළිවූ එක් යුද හමුදා සාමාජිකයකු ප්‍රතිකාර ලබා ගැනීම සදහා ගිය හෝමාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයා සහ සේවකයින් ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇත. මිට අමතර එම හමුදා සාමාජිකයා රන් භාණ්ඩ මිලදී ගැනිම සදහා ගිය වෙළඳසැලේ සේවකයෙකු ද නිරෝධායනට යොමු කිරීමට කටයුතු කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්න විජේසූරිය සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා ආසාදිතයින් - මහරගම පිළිකා රෝහලට , අධිකරණයටත් ගිය බව හෙළිවේගම්පහ දිස්ත්‍ර...
14/07/2020

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා ආසාදිතයින් - මහරගම පිළිකා රෝහලට , අධිකරණයටත් ගිය බව හෙළිවේ

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර ප්‍රකාශ කර සිටිනවා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උප්දෙෂකවරයෙකුට සහ ඔහු සමග එහි ගිය රියදුරෙකුටයි.

මෙම දෙදෙනා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට යලි පැමිණි අයවළුන් වන අතර රියදුරා වශයෙන් කටයුතු කර තිබෙන ගම්පහ, ටිකිරිරාජ මාවතේ පදිංචි පුද්ගලයා පසුගිය 07 වෙනිදා ගම්පහ අධිකරණයේ පැවති නඩු විභාගයකට අදාලව විවෘත අධිකරණයේදී සාක්ෂි පවා ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

පසුව ඔහු සිය බිරිඳ සමග මහරගම පිළිකා රෝහලටද ගොස් ඇති බවට හෙළිව ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර සඳහන් කළේ.

රියදුරා වශයෙන් කටයුතු කළ කොරෝනා ආසාදිත පුද්ගලයා ස්ථාන රැසක සංචරණය කොට ඇති බවත් ඔහු ප්‍රිය සම්භාෂණ කිහිපයකට ද සහභාගිව ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි දාන නිවසකට ද ගොස් ඇති බවට කරුණු අනාවරණය කොට ගෙන තිබෙනවා.

කන්දකාඩු මධ්‍යස්ථානයේ රෝගීන් වාර්තා වීමත් සමග ඔවුන් දෙදෙනා නිවසේ දී ස්වයං නිරෝධායනයට යොමු කොට සිදුකළ PCR පරීක්ෂණ වලදී ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

තංගල්ල නගරයේ කොරෝනා පැතිරීමේ අවධානමක් - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකොවිඩ් අසාදිත යුධ හමුදා සාමාජිකයා නිසා තංගල්ල නගරයට වෛරසය ව...
14/07/2020

තංගල්ල නගරයේ කොරෝනා පැතිරීමේ අවධානමක් - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී

කොවිඩ් අසාදිත යුධ හමුදා සාමාජිකයා නිසා තංගල්ල නගරයට වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් ගජධීර පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම හමුදා සාමාජිකයා පොදු ප්‍රවාහන ඔස්සේ තංගල්ල නගරයට පැමිණ ඇති බවයි.

එම නිසා නගරය තුළ වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවත් මුඛ ආවරණ පැලදීම සහ දුරස්ථභාවය රැකගෙන දැඩි අවධානයෙන් ජනතාවට පසුවන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

ඔහු මලෙස අදහස් පළකලා

"තංගල්ල ප්‍රදේශයේ කොවිඩ් අසාදිත යුධ හමුදා සාමාජිකයෙක් සොයාගෙන තියනවා. ඔහු 5 වනදා පොදු ප්‍රවාහන ඔස්සේ පැමිණ තංගල්ලට , පට්ටියපොළ ප්‍රදේශයේ තම නිවසේ දින 5ක් ගතකරලා තියනවා. මෙහිදී අප කියන්න කැමතී මොහුගෙන් කොවිඩ් නගරයට ව්‍යාප්ත වීමේ අවධානමක් තියනවා. ඒ නිසා අප නගර වාසීන්ගෙන් ඉල්ලන කැමතී මුඛ ආවරණ පැලදීම සහ දුරස්ථභාවය තියාගෙන දැඩි අවධානයෙන් පසුවෙන්න කියලා තංගල්ල ජනතාවගෙන් ඉල්ලන්න කැමතී"

පියල් ද සිල්වා, අද්මිරාල් ධුරයට උසස් කරයි23 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, "අද්මිරාල් ධුරයට" උසස් කිර...
14/07/2020

පියල් ද සිල්වා, අද්මිරාල් ධුරයට උසස් කරයි

23 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, "අද්මිරාල් ධුරයට" උසස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.

නාවික හමුදාපතිවරයාගේ එම උසස්වීම අද (14) දිනයේ සිට බලපැවැත්වෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කළේ.

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2646ක් වෙයි : ඊයේ ආසාදිතයන් 29ක්මෙරට කොරෝනා අසාදියන්ගේ ගණන 2646ක් දක්වා ඉහළ ගියා.ඊයේ(13) මෙරටි...
14/07/2020

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2646ක් වෙයි : ඊයේ ආසාදිතයන් 29ක්

මෙරට කොරෝනා අසාදියන්ගේ ගණන 2646ක් දක්වා ඉහළ ගියා.

ඊයේ(13) මෙරටින් ආසාදිතයන් 29 දෙනෙකු හදුනා ගනු ලැබුවා.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලය 14 දෙනෙක්.

සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 11 දෙනෙක්

රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්

මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් ලෙසයි ඊයේ දිනයේ වෛරස ආසාදිතයන් සටහන් වුණේ.

ආසාදිතයින් 508 දෙනෙකු මේ වන විට කන්දකාඩු පොකුරෙන් හඳුනාගෙන තිබෙනවා.

ඉන් 429 දෙනෙකු පුනරුත්තාපන වෙමින් සිටි අය වන අතර 61 දෙනෙකු කාර්යය මණ්ඩල සාමාජිකයින් බවයි සඳහන්.18 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

PCR පරික්ෂාවට ගෙන ගිය රැඳවියා පැනයාමට තැත් කරලා : 8 වන මහලෙන් වැටී ජීවිතක්ෂයටකොරෝනා වැලදී ඇතිදැයි පරීක්ෂාව සදහා ඇතුලත් ක...
14/07/2020

PCR පරික්ෂාවට ගෙන ගිය රැඳවියා පැනයාමට තැත් කරලා : 8 වන මහලෙන් වැටී ජීවිතක්ෂයට

කොරෝනා වැලදී ඇතිදැයි පරීක්ෂාව සදහා ඇතුලත් කල හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි රැඳවියෙකු රෝහලෙන් පැනයාමට යාමෙදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම රැඳවියා PCR පරීක්ෂණය සඳහා මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට මාරු කොට තිබෙන බවයි රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

14/07/2020

තැපැල් ඡන්දය අද දෙවන දිනයටත් : ලොක් ඩවුන් කළ ප්‍රදේශ වල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම තාවකාලිකව නවතී

එළඹෙන මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු අද (14) දෙවන දිනටත් සිදු කෙරෙනවා.

සියලුම පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමයි අද සිදු කෙරෙන්නේ.

ඊයේ (13) දිනෙන් ආරම්භ වූ අතර එය හෙට, සිට ලබන 17 වැනිදා දක්වා සිදුකිරීමට නියමිතයි.

ඊයේ දිනයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩල සඳහා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබුණා.

මේ අතර, පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදී ඇත්තේ මේ මස 16 සහ 17 වනදායි.

එම දිනවලදී ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයෙකුට ලබන 20 සහ 21 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී තැපැල් ඡන්දය භාවිත කළ හැකියි.

මෙවර මහමැතිවරණයට අදාලව තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයන් හත්ලක්ෂ පන්දහස් අසුපහක් සුදුසුකම් ලබා සිටිනවා.

තවද සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ සහ නිරෝධායනය වන නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

යාපනය විශ්ව විද්‍යාලය වැසේ : සිසුවෙකුගේ සහෝදරයෙකුට කොරෝනායාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය ඊයේ (13) වනදා සවස සිට...
14/07/2020

යාපනය විශ්ව විද්‍යාලය වැසේ : සිසුවෙකුගේ සහෝදරයෙකුට කොරෝනා

යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය ඊයේ (13) වනදා සවස සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. මේ මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාගද දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුගේ සහෝදරයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරණ අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

කොරෝනා රෝගය වැළදුණු යුද හමුදා සාමාජිකයාගේ සහෝදරයා ගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහි ප්‍රථිපල ලැබෙන තෙක් මෙලෙස විශ්ව විද්‍යාල මණ්ඩපය තාවකාලිකව වසා තැබීමට තීරණ කළ බවයි කිළිනොච්චියේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

Address


Alerts

Be the first to know and let us send you an email when Citizen News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share