LINE tv

LINE tv අලුතින් හිතන්න

ඔබේ ලස්සන රුව...line tv ඩිජිටල් අවුරුදු  කුමරා කුමරිය 2024මෙම තරඟයෙන් ජයග්‍රහණය කිරීම සඳහා ඔබ විසින්,1.line tv  එකට Like...
07/04/2024

ඔබේ ලස්සන රුව...line tv ඩිජිටල් අවුරුදු කුමරා කුමරිය 2024

මෙම තරඟයෙන් ජයග්‍රහණය කිරීම සඳහා ඔබ විසින්,

1.line tv එකට Like කර තිබීම අනිවාර්‍ය වේ. ( Like 👍)

2. මෙම Post එක ඔබගේ මිතුරු මිතුරියන් අතර Share කරන්න. වැඩිම shares, likes, සහ comments ලබා ගන්නා තරඟකරුවා ජයග්‍රහණය කරනු ලබයි. එසේම එම comment වල ඔබගේ තරඟ අංකය සඳහන් වී තිබිය යුතුය.

3. ඔබගේ යහලුවන්ගෙන් likes සහ comments ලබා ගැනීම සදහා post එකට ඔවුන්ව mention කල හැකියි.

4. නමුත් ඔබට මේ සඳහා ව්‍යාජ like generators හෝ ව්‍යාජ ගිණුම් භාවිතා කිරීමට නොහැකි වන අතර එසේ කළහොත් ඔබ තරගය තුල නුසුදුස්සකු වනු ඇ

07/04/2024

අවුරුදු කුමරා කුමරිය

24/03/2024
දරුවෙකුට කවදාවත් නොකියව යුතු දේවල් ටිකක්...1- "ඔයා මහ නරක ළමයෙක්" දරුවාගේ මනස ඍණ  ආකල්ප වලින් පුරවන්න එපා. ඔහුගේ හෝ ඇයගේ...
07/03/2024

දරුවෙකුට කවදාවත් නොකියව යුතු දේවල් ටිකක්...

1- "ඔයා මහ නරක ළමයෙක්"

දරුවාගේ මනස ඍණ ආකල්ප වලින් පුරවන්න එපා. ඔහුගේ හෝ ඇයගේ ආත්ම විශ්වාසය බිඳ වැටේ. සෑම විටම හොඳ, සතුට සහ ධන ආකල්ප පමණක් දරුවන්ට ලබා දෙන්න.

2- ඇයි ඔයාට බැරි අයියා/මල්ලි/ අක්කා වගේ වෙන්න?

අනෙක් අය හා සංසන්දනය කිරීම නිසා කුඩා කල සිට ඉරිසියාව වැනි දේවල් ඇති විය හැක. එසේ ම සහෝදර සහෝදරියන් අතර සම්බන්ධතාවන්ට ද එය ගැටලුවක් වෙයි.

3- ඔයාට බෑ ඒක කරන්න

උත්සාහ කිරීමට සහ අවිනිශ්චිතභාවයට බියක් ඇතිවීම මෙයින් සිදු වේ.

4- මා එක්ක කතා කරන්න එපා

දරුවා යනු කුඩා වැඩිහිටියෙකු නොවෙයි දරුවෙකි.
"ඇයි වැඩිහිටියන් මා සමග කතා නොකරන්නෙ"
වැනි දේ තේරුම් ගැනීමට තරම් සමාජ දැනුමක් හෝ දරා ගැනීමේ හැකියාවක් දරුවකු ට නැත. ඔහුට හෝ ඇයට ඉන්න ලඟම නෑයා හෝ මිත්‍රයා තමා හා කතා නොකිරීම සමාජය පිළිබඳ අවිශ්වාසයක් ඇති කිරීමට හේතු වෙයි.

5- ඔයා ගැහැණු ළමයෙක් මෙහෙම කරන්න බෑ.
ඔයා පිරිමි ළමයෙක් මෙහෙම කරන්න බෑ.

ස්ත්‍රී පුරුෂ භාවය හා සම්බන්ධ නීති රීති පැනවීම නුසුදුසු ය.
කිසිදු භේදයකින් තොරව තමාට කැමති දේ කිරීමට දරුවන්ට ඉඩ දිය යුතුයි.

6- මට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න.

බොහෝ වැඩිහිටියන් තමා යම් හෙයකි දෙයකින් පීඩාවට පත් වූ අවස්ථාවක මේ වැඩි වචන භාවිතා කරයි.
තමාට ඇති වේදනාව නිසා මෙසේ ප්‍රකාශ කළත් දරුවාට දරා ගත නොහැකි මට්ටමකින් දරුවාව ඉවත් කිරීම දරුවන් අසරණ හැඟීමකින් වෙලයි. එසේම පෞරුෂය ද බිඳ වට්ටයි.

7- ඉන්නකො " මම තාත්තා ආවම කියන්නම්"

මෙවැ දෑ නිසා දීර්ඝ වේලාවක් භය සහ කාංසාව වැනි හැගුම් දරුවාගේ හිත තුල ක්‍රියාත්මක වන බැවින් වැඩිහිටි වියේ මානසික සෞඛ්‍යයට මෙය නරක බලපෑම් කළ හැක.

8- කිසිම ළමයෙක් ඔයා වගේ නෑ, ඔයා මේවා කරන්න තරම් පොඩි ළමයෙක් නෙමෙයි

වැඩිහිටියන් පවා සමහර විටෙක පුංචි දරුවන් කරන දේවල් කරයි. පුංචි දරුවකු වයසට වඩා අඩු යමක් කරන විට එය කෑගසා දඬුවම් කිරීමට වරදක් නොවන බවත් එය හුදෙක් මනුෂ්‍ය ස්වභාවයක් වන නිසා එවැනි දෑ දරුවන්ගෙන් සිද්ධවෙන බවත් වටහා ගත යුතුය.

ශ්‍යාමලී පතිරගේ,ගේ ෆේස්බුක් පිටුවෙන් !
ස්තූතියි !

"වෙනස් කරන්න ඔබේ සිතුවිලි,
වෙනස් කල හැක, ඔබේ ජීවිතය...!"

දිනේෂ් ජයවර්ධන
පුද්ගල සංවර්ධන දේශක හා වෘත්තීය මාර්ගෝපදේශක

07/03/2024
විදුලි බිල අඩු කරන මිල ගණන් මෙන්න.!මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, විදුලි ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට අයක...
05/03/2024

විදුලි බිල අඩු කරන මිල ගණන් මෙන්න.!

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, විදුලි ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බවත් එය 33.3%ක අඩුවීමක් බවයි.

ඒකක 31 – 60 ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව 28%කින් පහළ දැමීමටත් ඒකක 61 – 90 ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව 30%කින් පහළ දැමීමට කටයුතු කර ඇත.

ඒකක 91 – 180 ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව 24%කින් පහළ දැමීමට කටයුතු කර ඇති අතර ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා 18%කින් විදුලි බිල අඩු කිරීමට කටයුතු කර ඇත.

ආගමික ස්ථානවලට 33%ක අඩුකිරීමක්, හෝටල් සහ කර්මාන්ත අංශවල 18%කින් අඩුකිරීමක්, පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල 23%කින් අඩුකිරීමක්, රාජ්‍ය අංශය සඳහා 22%කින් අඩුකිරීමක් සහ වීදි ලාම්පු සඳහා විදුලි බිල 20%කින් අඩුකර ඇත.

පරිනත  පි රි මි යෙ කු ට  ආදරය කරන්න.. !!නිහඬ ගැඹුරු නමුත් ආදරය උතුරන පි.රි.මි.යෙ.කු සමග ප්‍රේමයෙන් බැඳෙන්න..හදවත පෑරුණු ...
05/03/2024

පරිනත පි රි මි යෙ කු ට ආදරය කරන්න.. !!

නිහඬ ගැඹුරු නමුත් ආදරය උතුරන පි.රි.මි.යෙ.කු සමග ප්‍රේමයෙන් බැඳෙන්න..

හදවත පෑරුණු තත්පරයකදී ලයට තබා වැළඳ උණුසුම සදන මිනිසෙකු වෙනුවෙන් හුස්ම ගන්න...

මු.ර.ණ්.ඩු වන දහස් වාරයකදී පවා මුවින් නොබැන ප්‍රේමය පුදන මිනිසෙකු වෙනුවෙන් මැ.රි මැ රී ඉපදෙන්න...

වසරක් දෙකක් නොව දශක කීපයක් දුර ඇදී යන කතාවක් තුල පවා ප්‍රේමය යාවත්කාලින කල හැකි මිනිසෙකු වෙනුවෙන් පමණක් කඳුළක් හෙළන්න...

අහම්බෙන් ඉඳ හිට වැටෙන කඳුළු බිඳුවකට වඩා සිනහව පමණක් මුව මත රන්දන සැමියෙකුගේ බිරිඳක් වන්න...

ඉඳ හිට රවමින් සැර කරන තරවටුව අස්සෙත් ආදරය පමණක්ම පෙන්නන මිනිසෙකු වෙනුවෙන් ජීවිතය කැප කරන්න...

"මගේ ය කා අවුස්සන්න එපා" කිව්වත් ය.කෙ.ක් කිසිදා නොඇවිස්සී හිත නොරිදන මිනිසෙකු වෙනුවෙන් හුස්ම ගන්න...

අවුරැල්ලකින් පවා පීඩා නොදී දෑත් තුල හොවා රැකගත හැකි පි.රි.මි.යෙකු වෙනුවෙන් පමණක් දරුවෙකු වදන්න..

ජීවිතයම එක් සිනහවක් වෙනුවෙන් කැප කර මිහිපිට සුරපුරක් මවා දුන් මිනිසාගේ ලය මත පමණක් තෘප්තිමත් අවසන් හුස්ම හෙළන්න.

Copied

27/02/2024

ලස්සන කියලා දෙයක් තියනවා නම් මෙන්න

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Tharindu Abeysinghe, Nhi Priyantha, Nira...
13/02/2024

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Tharindu Abeysinghe, Nhi Priyantha, Niranjala Krishmali

වර්ෂික පාසල් සැලසුම
12/02/2024

වර්ෂික පාසල් සැලසුම

Clarence Wijewardhane (1943-1996)කාලා බීලා සංතෝසයෙන් ඉදලාසිංදු 1000 ක් විතර කරලාඒවා තව අවුරුදු 100 ක් ඉදිරියට අහන්න තියල...
09/02/2024

Clarence Wijewardhane (1943-1996)

කාලා බීලා සංතෝසයෙන් ඉදලා
සිංදු 1000 ක් විතර කරලා
ඒවා තව අවුරුදු 100 ක් ඉදිරියට අහන්න තියලා
අවු 53න් මෙලොවින් ගිය සුන්දර මිනිසෙක්

Thank you, Clarance! 🙏

📷 ©_ original owner

මයික් එකකින් ගීතයක් ගායනා කරන්න හෝ කතාවක් පවත්වන්න උඹටත් හිතුනොත් මේක මතක තියාගනිං බ්‍රෝ... දැක්ක නිසා වැදගත් වෙයි කියලා...
09/02/2024

මයික් එකකින් ගීතයක් ගායනා කරන්න හෝ කතාවක් පවත්වන්න උඹටත් හිතුනොත් මේක මතක තියාගනිං බ්‍රෝ...
දැක්ක නිසා වැදගත් වෙයි කියලා ඔන්න copy කරලා දැම්මා 🎤🎶

🎤උඹේ හඬ ඉතා හොඳින් මික්සර් එක ඇතුලටම යන්නනම් මයික් එකෙන් බොරුකැටයම් නොදා මයික් එක හරි විදිහට බෙල්ල මුලින් අල්ල ගනින්..බූරුවෙක් වගේ මයික් එකේ දැලවහන්න එපා..එතකොට මික්සර් එකේ ඉන්න අයියට මලපනිනව.. 👹️👺

🎤මයික් එකයි උඹේ කටයි අතර පරතරය උපරිම අඟල් 2ක් හෝ 3ක්...මයික් එක තොලේ ගෑවුනාට අවුලක් නෑ..හැබැයි උඹ කතා කරන කොට හඩේ උස්පහත් වෙන විදිහට මයික් එක සහ තොල් අතර පරතරය ගලප ගනින්..

🎤මයික් එක ඉස්සරහ ගෑල්ලමයෙක්👰 වගේ කුලෑටි නොවී කට ඇරලා හොඳ ගැම්මට කතා කරපං... ඒකට මික්සර් එකේ ඉන්න අයියා හරි කැමතියි..🤪

🎤දැන් ඉතින් මික්සර් එකේ ඉන්න අයියාට කියලා උඹෙ හඬට අවශ්‍ය අඩුම කුඩුම ටික ඉල්ලපන්..ඒකියන්නෙ බේස්,ට්‍රෙබල්,ලෝ මිඩ්,හයි මිඩ්,ඉෆෙක්ට්ස් වගේ දේවල් අවශ්‍ය විදිහට කියල හදාගනින්..හැබැයි ගොනෙක් වගේ එක එක ගායකයන්ගේ කටහඬවගේ හදන්න කියලා මික්සර් එකේ අයියාට කියල කුණුහරුපෙන් අහගන්න එපා..මොකද මික්සර් එක ඇතුලේ එක එකාලගෙ උගුරුදඬු නෑනෙ...😕

🎤දැන් ඉතින් බෙරිහන්දෙන්නෙ නැතුව ලස්සනට කටහඬ පාලනය කරගෙන වැඩේ කරපං...

🎤වැදගත්ම දේ මයික් එක අල්ලන විදිහ සහ වොයිස් එක ගැම්මට එලියට දෙන එක බව මතක තියාගනිං..වෙඩින්වල සහ සමහර රැස්වීම්වල මයික් එක බඩේ හෝ පපුවෙ තියාගෙන සැරින්සැරේ මික්සර් එකේ අයියාට රවන ගොරවන එවුන් දැන් තේරුම් ගන්න ඕනෙ මොකද උඹේ කටහඬ හරියට ස්පීකර් වලින් ඇහෙන්නෙ නැත්තෙ කියලා..කටහඬ එලියට එන්න නම් ගැම්මට කතාකරන ගමන් හෝ සින්දුව කියන ගමන් මයික් එකේ බෙල්ලෙන් අල්ලං හරියට තොල් ලඟින් තියාගනිං...🤓

මේක උඹට කවදාහරි වැදගත් වෙයි...(වෘත්තීය මට්ටමෙන් මයික්‍රපෝනය භාවිතාකරන කිසිවෙකුට මෙම ලිපිය අදාල නොවේ)
ජය..💐🎤🎶💯🔥🎈💐

මයික් ටයිසන්ලට පේන්න ශෙයාර් පාරක් දාමුද ෆ්‍රෙන්ඩ්ස්ලා..

🌹🌹🌹🌹🌹🌹

සම්පත් බැංකුවේ මුල් අයිතිකරු අද පැව්දි උතුමෙක්...🙏සම්පත් බැංකු නිර්මාතෘවරයා වන්නේ "ඇල්බට් එදිරිසිංහ" මැතිතුමාය. අදවනවිට ...
09/02/2024

සම්පත් බැංකුවේ මුල් අයිතිකරු අද පැව්දි උතුමෙක්...🙏

සම්පත් බැංකු නිර්මාතෘවරයා වන්නේ "ඇල්බට් එදිරිසිංහ" මැතිතුමාය. අදවනවිට එතුමා පැවිදි උතුමෙකි. එසේම වයස අවුරුදු එකසිය හතක අයුෂයක් භුක්තිවිඳින අයෙකි. එතුමන් ගිහි කාලයේත් හොඳ බෞද්ධයෙක් වූවාසේම බෞද්ධයන් ගැන හිතපු ඉතාම සාමකාමී මිනිසෙකි. එතුමාගේ වැදගත්කම තමයි මොන තරම් ධනවතෙක් වුණත් අපේ මුදුන් මුල නැත්නම් ජාතියේ පදනම අමතක නොකිරීම.

එකල පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් රුපියල් පණහක් ඉල්ලගෙන කොළඹ පැමිණ තනිවම දියුණු වූ දැවැන්ත මිනිසෙක්.

ඒ අභාෂය ලබමින් අද එතුමාගේ දූ පුතුන්ද එවැනිම සත්පුරුෂ බෞද්ධයින්සේ කටයුතු කරමින් සිටිති. ඔහුන් විසින් ලංකාවෙ සියලු දහම් පාසල් හා විහාරස්ථාන සදහා පුණ්‍ය කටයුතු සිදුකරමින් තම පියාණන්ගේ අඩිපාරේ ගමන්කරමින් වැඩදායක දරුවන්සේ වැඩකටයුතු කරමින් සිටිති.

එසේ සෑම බෞද්ධයෙක්ම එතුමන් අනුගමනය කරමින් දැවැන්ත ආර්ථික, ව්‍යවසායකයින් බවට පත්වී රට දැය සමයට ද සේවය කිරීමට අදිටන්කරගත යුතුය. එසේම තම අධ්‍යාත්මය ද මැනවින් නිර්වාණය කරා මෙහෙයවමින් තමාට මෙන්ම සමාජයට ද ඵලදායි දිවියක් ගතකිරීමට මේ මොහොතේ අධිෂ්ඨානයක් ඇතිකරගමු...!

තෙරුවන් සරණයි හැමෝටම.! 🙏🙏🙏

Sampath Bank

සිංදු හතරක් කියා කෝටිපති වෙච්ච රටේ...සිංදු 2000ක් ලියා...උපන්ගෙයිම අවසන් ගමන් යන අපේ ගේයපද රචකයන්ගේ  ඛේ ද  වාචකය..... ...
08/02/2024

සිංදු හතරක් කියා කෝටිපති වෙච්ච රටේ...
සිංදු 2000ක් ලියා...
උපන්ගෙයිම අවසන් ගමන් යන අපේ ගේයපද රචකයන්ගේ ඛේ ද වාචකය.....

මැණිකේ ඔබේ සිනාවේ.., දෑස පා සිනා කියන රහස තේරුණා..., මධු සඳෙන් තවත් සුපුන් සඳක්..., නෙත් යුග රන් තරු..., සුදු සඳ රැස් ගලන..., ශ්‍රීණි විභූෂිත ලංකා..., සීත වනමල් පෙතේ... ,කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක..,දුනුකෙයියා මලක් වගේ..,මාගේ මේ රට..,සඳක් නැගී සඳක් ගිලෙයි

මේ ගීත හැම තැනම ගායනා කරපු විදිහට රුපියල් 10 ගානේ ගෙව්වත් මේ මනුස් සයට කෝටිපතියෙක් විදිහට ජීවත් වෙන්න තිබුණා.

සුබ ගමන් හේම ශ්‍රී ද අල්විස් කලාකරුවාණෙනි..

උපුටා ගැනීමකි...

සනත් නිශාන්ත ..ජීවිතය ට සමුදේ
25/01/2024

සනත් නිශාන්ත ..ජීවිතය ට සමුදේ

08/01/2024

රද්දොලුගම ගෙවල් කීපයකට නඩූ...මදුරු කීටයන් හමූවේ ....

05/01/2024

7වෙනිදා ජිවිතේ පසුපසට යනවා ලූ

Address


Telephone

+94760499535

Website

Alerts

Be the first to know and let us send you an email when LINE tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LINE tv:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share