Senehase Soduru Yatra වැllawaya

  • Home
  • Senehase Soduru Yatra වැllawaya

Senehase Soduru Yatra  වැllawaya සංවේදී හදවත් ඇති තරුණ තරුණියන් එන්න අප හා එක්වන්න

දරුණු පියයුරු පිළිකා රෝගයක් සමග සටන්වදිමින් සිටි Heather mosher ඇගේ එකම සිහිනය වෙච්ච විවාහය ඇය රෝගතුරව සිටියදී රෝහලේ ...
16/02/2020

දරුණු පියයුරු පිළිකා රෝගයක් සමග සටන්වදිමින් සිටි Heather mosher ඇගේ එකම සිහිනය වෙච්ච විවාහය ඇය රෝගතුරව සිටියදී රෝහලේ සායනය මතදීම අවට සිටි පිරිසද හඬවමින්ම තම පෙම්වතාව විවාහ කරගන්නවා.එහෙත් අවසනාවන්ත ලෙස පැය 18කට පසුව මේ සුන්දර ආදර කතාවත් නිමා කරමින් Heatherට තම ජීවිතයෙන් සමුගන්නට සිදුවෙලා තියෙනවා.😔😔❤️

විනාඩියක් අරන් කියවපන් 😥😥😥😥😥මේ අහිංසක සතාගෙන් ගන්න පුලුවන් හැම වැඩක්ම අරන් අන්තිමේදී ඌව මරලා මසුත් කන තිරිසන් ජාතියක් බව...
16/02/2020

විනාඩියක් අරන් කියවපන් 😥😥😥😥😥

මේ අහිංසක සතාගෙන් ගන්න පුලුවන් හැම වැඩක්ම අරන් අන්තිමේදී ඌව මරලා මසුත් කන තිරිසන් ජාතියක් බවට අපි පත්වෙලා බන්.
මොනවද මේ අහිංසක සත්තු අපිට කරපු වැරැද්ද,

තමන්ගෙ පැටියට තියන කිරි ටික උබලට දුන්නු එකද 😥😪
පොහොර ටික දීලා උබලගේ වගාවන් සරු කරපු එකද 😥😪
උබලගේ කුඹුරු හාලා ගොවිතැන් කටයුතු පහසු කරපු එකද 😥😪
බැරි බර කරට අරන් ගොන් කරත්ත ඇදපු එකද 😥😪

පොඩ්ඩක් හිතපන්. මේ සත්තු තණකොළ කාලා ජීවත් වන අහිංසක සත්තු. කාටවත් හිරි හැරයක් නෑ. ගන්න පුලුවන් හැම වැඩක්ම අරන් අන්තිමේදී මරලා මසුත් කන එක හරිද බන්.
එදා අනාගාරික ධර්මපාල තුමා පාරක් පාරක් ගානේ උද්ඝෝෂණ කළා ගව ඝාතනය නවත්තන්න.
මෑතකදිත් රටේ විවාදයට ලක් වුණා ගව ඝාතනය නවත්තන්න.
ඒත් වැඩක් උන් නෑ. තවමත් උබලගේ බඩවල් වෙනුවෙන් මේ සතා උගේ ජීවිතේ පුද දෙනවා බන් 😥😥
හිතනවද කවදාවත් මේ පව ගෙවන්න පුලුවන් වෙයි කියලා. නෑ ඒක ලේසි නෑ මචන්.

මේ පවු වැඩේට උබලා හවුල් වෙන්න එපා බන් මස් කඩවල් වලින් මේ අහිංසකයගේ මස් ඉල්ලන්න ගිහින්.
ලංකාවේ දවසක හරක් මස් කඩ වහන්නම ඕනි මචන්. මේ අහිංසක සත්තුන්ටත් ජීවත් වීමේ අයිතිවාසිකම දෙන්න ඕනි ❤️
හරක් මස් කනවනම් අදම නවත්තපන් බන් ඒ පවු වැඩේ.. 😥
ඒ පව ගෙවා ගන්න අමාරුයි.

මචන් උබ මේ අහිංසක සතාගේ මස් කන් නැති අභිමානවත් කෙනෙකු නම් Share කරගෙනම යමු බන් හැමෝටම දකින්න😥😥

පුංචි අහින්සක ඉල්ලීමක් තියනවා. Page එකටත් ලයික් එකක් දාන්න.

හෙට (2020/2/14) දිනයේදී ශ්‍රී පාදය වන්දනාව සදහා සහභාගි වන ලංකාව පුරා සිටින සෙනෙහසේ සොදුරු යාත්‍රා💕   සහොදර සහොදරියන්ට පර...
13/02/2020

හෙට (2020/2/14) දිනයේදී ශ්‍රී පාදය වන්දනාව සදහා සහභාගි වන ලංකාව පුරා සිටින සෙනෙහසේ සොදුරු යාත්‍රා💕 සහොදර සහොදරියන්ට පරිස්සමින් ගිහින් එන්න කියා සෙනෙහසේ සොදුරු යාත්‍රා💕 👉වැllawaya අපි ප්‍රාර්ථනා කරනවා.🙏🙏

සල්ලි .....??????ඔබගේ කාලයෙන් පොඩි වෙලාවක් වැය කර හැකිනම් මෙය කියවා බලන්න.ලොව හෙල්ලූ මිනිසෙක්මරණ මංචකයේදී කී කතාවඇපල් සම...
12/02/2020

සල්ලි .....??????

ඔබගේ කාලයෙන් පොඩි වෙලාවක් වැය කර හැකිනම් මෙය කියවා බලන්න.

ලොව හෙල්ලූ මිනිසෙක්
මරණ මංචකයේදී කී කතාව

ඇපල් සමාගමේ සම නිර්මාතෘවරයා වූ ස්‌ටීව් ජොබ්ස්‌ මියගියේ 2011 වසරේ ඔක්‌තෝබර් හය වැනිදාය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු පනස්‌ හයකි. පරිගණක ක්‌ෂේත්‍රය හා දුරකථන ක්‌ෂේත්‍රය ඇතුළු ලෝකයේ මිනිස්‌ ජීවිත වෙනස්‌ කරන සුළු ක්‌ෂේත්‍ර ගණනාවක්‌ බරපතළ ලෙස වෙනස්‌කම්වලට භාජනය කරන්නට සමත් වූ මේ අසහාය මිනිසාට කාටත් පොදු අටලෝ දහම හමුවේ නම් පරාජය වෙන්නට සිදු විය.

ස්‌ටීව් ජොබ්ස්‌ මියගියේ දරුණු අගන්‍යාස පිළිකාවකින් අනන්ත දුක්‌ විඳිමිනි. ඔහු විසින් සිය මරණ මංචකයේදී කළේ යෑයි කියන ප්‍රකාශයක්‌, ඔහු මියගිය පසුව 2015 අවුරුද්දේදී අන්තර්ජාල වෙබ් අඩවි පුරා වේගයෙන් පැතිර යන්නට විය.

මේ ඔහු විසින් කරන ලදැයි කියවෙන ඒ අවසන් ප්‍රකාශයයි.

මම ව්‍යාපාර ලෝකයේ ජයග්‍රහණයේ මුදුන් හිණිපෙත්තටම පැමිණි අයෙක්‌මි. බොහෝ අය දකින පරිදි මගේ ජීවිතය ජයග්‍රහණය පිළිබඳවම වූ සංකේතයකි.

එහෙත්, වැඩ කිරීමෙන් ලද සතුටට අමතරව මා ජීවිතයෙන් ලද සතුටක්‌ ඇතිනම් ඒ ඉතා ස්‌වල්ප වශයෙනි. මා මේ ජීවිතයෙන් ලබා ගත් එකම සතුට ධනවත් වීම පමණකි.

මේ මොහොතේ මේ ගිලන් ඇඳේ වැතිරී ඉඳිමින් මම මගේ මුළු ජීවිතයම මෙනෙහි කරමි. ළඟ ළඟම එළඹෙන මරණය හමුවේ මා මෙතෙක්‌ ආඩම්බරයෙන් දරා උන් ධනවත් බවෙහිත් කීර්තියේත් දීප්තිමත් බව කෙමෙන් දියවී යන අයුරු මට පෙනෙයි.

අද මගේ පණ නල රැඳී තිබෙන්නේ මගේ සිරුරට සවි කර ඇති මේ යන්ත්‍රවල පිහිටෙනි. ඒ යන්ත්‍රවල මුණු මුණුවත්, ඒවායේ කොළ පැහැ එළිත් අඳුරේදී දකින මට මරණයේ දේවතාවන්ගේ හුස්‌ම හඬ කෙමෙන් ළං වෙන්නාක්‌ මෙන් දැනෙයි.

ජීවත් වෙන්නට ප්‍රමාණවත් තරම් මුදල් උපයා ගත් විට, ධනවත්කම හා බැඳීමක්‌ නැතත් ජීවිතය හා බඳීමක්‌ ඇති අනෙකුත් කාරණා ඉටු කරගන්නට කටයුතු කළ යුතු බව මට දැන් දැනෙයි.

ඒවා ධනවත්කම තරමටම ජීවිතයට වැදගත්ය.

අපේ සමීපතමයන් හා ඇති බැඳීම, කලාව, ළමාවියේදී අප මැවූ සිහින.. මේවා ධනවත්කමට වඩා ජීවිතයට වැදගත්ය.

මේ සියල්ල අත්හැර ධනය පසුපසම හඹා යැමෙන් වනුයේ මා වැනි පැටලුම් සහගත පීඩිත මිනිසෙකු නිර්මාණය වීමය.

දෙවියන් අපට සිතන්නට ශක්‌තිය දුන්නේ අන් අයගේ සිත්හි ඇති ආදරය කරුණාව දකින්නට මිස ධනය විසින් මැවූ මායාවේ දීප්තිය පමණක්‌ දකින්නට නොවේ.

මා විසින් උපයා ගත් සීමාන්තික ධනයෙන් කිසිවක්‌ අද මට ගෙනයන්නට නොහැකිය. මට ගෙනයන්නට හැක්‌කේ මගේ සිතෙහි රැඳුණු ආදරය පිළිබඳ මතකයන් පමණකි.

අපට උපයා ගත හැකි සැබෑ ධනවත්කම් ඒවාය. ජීවිතයට ආලෝකයත් ශක්‌තියත් ලබා දෙන්නේ ඒ ධනවත්කම් මගින් පමණකි. ජීවිතයේදීත් මරණයේදීත් අප හා රැඳී සිටින්නේත් ඒ මතකයන්ගෙන් සැදුම්ලත් ධනය පමණකි.

ආදරයට සැතපුම් දහස්‌ ගණන් දුර යා හැකිය. ජීවිතයට සීමා මායිම් නැත. ඒ නිසා ජීවිතය තුළ සැරිසරන්න. ඔබට හැකි තරම් ඉහළ ඉලක්‌කයකට ගමන් කරන්න.. ඒ සියල්ලට ශක්‌තිය ඇත්තේ ඔබේ හදවතේ හා ඔබේ දෑතෙහිය.

මේ ලොව මිල අධිකම ඇඳ කුමක්‌ද..?

ඒ ගිලන් ඇඳයි..

ඔබට ඔබේ වාහනය ඔබ වෙනුවෙන් පදවාගෙන යන්නට කෙනෙකු මුදලට සොයා ගත හැකිය. එහෙත් ඔබ වෙනුවෙන් ඔබේ රෝගී බව දරාගනිමින් ගිලන් ඇඳක සැතපෙන්නට කෙනෙකු කොතරම් මුදල් ගෙවාවත් සොයා ගන්නට නොහැකිය.

නැති වෙන, විනාශ වෙන භෞතික දේවල් නැවත ලබා ගන්නට හැකිය. එහෙත් නැති වී ගිය ජීවිතයක්‌ නැවත ලබා ගන්නට කවමදාකවත් නොහැකිය.

ඔබ කොතරම් පොත් පත් කියවා ඇති අයකු වුවත්, ඔබට කියවන්නට නොහැකි වූ තවත් එක්‌ පොතක්‌ ඇති බව ශල්‍යාගාරයට ඔබව ගෙනයන මොහොතක ඔබට මතක්‌ වනු ඇත. ඒ නිරෝගී ජීවිතයකට මාර්ගය නම් පොතයි.

අප ඉන්නේ ජීවිතයේ කුමන අවධියක වුවද, ජීවිත කතාවේ තිරය වැසෙන දිනය ඕනෑම මොහොතක එළඹිය හැකිය. ජීවිතය එබඳු අවිනිශ්චිත නාට්‍යයකි.

එබැවින් ඔබේ පවුලට, සැමියාට බිරිඳට, මිතුරු මිතුරියන්ට ආදරය කරන්න.

ඔබට ආදරය කරන්න.

ඔබව මෙන්ම අනෙක්‌ අයවත් ආදරයෙන් රැක බලා ගන්න.

(උපුටා ගැනීමකි)

ආදරය නිසා සිය දිවි අහිමි කරගැනිමමතු ජාතියේ එක්ව විසීමට පතා දිවි නසා ගන්නා පෙම්වතුන්ට පෙම්වතියන්ට ඒ පැතීම නිසා අනාගත භවයේ...
10/02/2020

ආදරය නිසා සිය දිවි අහිමි කරගැනිම

මතු ජාතියේ එක්ව විසීමට පතා දිවි නසා ගන්නා පෙම්වතුන්ට පෙම්වතියන්ට ඒ පැතීම නිසා අනාගත භවයේ එක්ව වාසය කරන්නට ලැබේ ද? ....

නිකම්ම කරන ප්‍රාර්ථනාවල් සිදු වෙත හොත් ලොව හැම දෙනාට ම ලෙහෙසියෙන් ම සුඛිත විය හැකි ය. ලෝකයේ දුඃඛිතයෝ ඉතිරි නො වන්නාහ. නිකම් ප්‍රාර්‍ථනා කළාට යම් කිසිවක් සිදු වන්නේ නො වේ. නිකම්ම යම් යම් දේ අනාගතයෙහි ලබේවා යි පැතීම මුදල් නැතිව බඩු ගන්නට සිතීම වැනි මෝඩ වැඩකි.

අනාගතයෙහි යම් කිසිවක් ලැබීමට පතනවා නම් එය කළ යුත්තේ එය ලැබීමට හෝ සිදුවීමට සෑහෙන පිනක් කොටය. පෙම්වතුන්ට ද සෑහෙන පින්කම් කොට “මේ පින් බලයෙන් අපට අනාගත භවයන්හි එක්ව සුවසේ වාසය කරන්නට ලැබේවා” යි පැතුව හොත් එය සිදුවිය හැකි ය. පින් කොට කරන පැතුම් වුව ද නො වැරදී ම සිදුවනවාය යන නියමයක් නැත. සමහර විට එයත් සිදු නොවී යා හැකි ය.

“ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා”යි තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ සිල්වතුන් ගේ ප්‍රාර්ථනා සිදු වන බව ය. “තඤ්ච ඛො සීලවතො වදාමි නො තථා දුස්සීලෙ” යි ඒ ප්‍රාර්ථනා සිද්ධිය දුශ්ශීලයන් ගැන කියන්නක් නොව සිල්වතුන් ගැන ම කියන්නක් බව ද වදාරා ඇත්තේ ය. ඇතැම් පෙම්වතුන් දිවි නසා ගැනීමේ දී කිසිම පිනක් නො කොට අනාගතයේ එක්ව විසීමට කරන ප්‍රාර්ථනාව කිසි කලෙක සිදුවිය නොහෙන මෝඩ ප්‍රාර්ථනාවෙකි.

පිනක් කොට එසේ කරන ප්‍රාර්ථනාව වුව ද නො වරදවා සිදුවීමට නම් සිල්වත්ව වාසය කළ යුතු ය. සිල්වත්ව විසීමය කියන්නේ ප්‍රාණඝාතාදි දුශ්චරිත පසින් වැළකී සිටීම ය. ඒවායින් කවරක් හෝ කරනවා නම් ඒ තැනැත්තා දුශ්ශීලයා ය. ඒ පව්කම්වලින් ඔහුට අපායට යන්නට සිදු වුව හොත් ප්‍රාර්ථනාව සිදු වන්නට ඉඩ නො ලැබේ.

පින් කොට වුව ද කරන දුශ්ශීලයන් ගේ ප්‍රාර්ථනා සිද්ධිය අනියත වන්නේ එහෙයිනි. මතු ජාතිවල එක්ව විසීමේ ප්‍රාර්ථනාව නො වරදවා ම ඉටු කර ගන්නට නම් පින් කොට එසේ පතා පවින් වැළකෙමින් සිල්වත්ව විසිය යුතු ය.

නවකතා කරුවන් විසින් කිවීන් විසින් දිව්‍යමය ගුණයක් කොට වර්ණනා කරන්නා වූ ද, තවත් බොහෝ දෙනකුන් විසින් උසස් ගුණයක් කොට සලකන්නා වූ ද ප්‍රේමය බුදු දහමේ දැක්වෙන සැටියට නම් සත්ත්වයා සුගතියට පමුණුවන පිනක් නොව අවිද්‍යාව හෙවත් මෝඩකම වැඩි වැඩි තරමට වඩ වඩා තියුණුව වඩ වඩා මහත්ව ඇති වන ක්ලේශයෙකි. අවිද්‍යාව නිසා ඇතිවන ප්‍රේමයෙන් අවිද්‍යාව තව දුරටත් වැඩෙන්නේ ය. අවිද්‍යාව වැඩීම නිසා ප්‍රේමය ද තව දුරටත් වැඩෙන්නේ ය. මෙසේ වැඩීම ඒ කෙලෙස් වල සැටියකි. ප්‍රේමය නමැති මේ ක්ලේශය බුදු දහමෙහි බොහෝ තැන්වල දැක්වෙන්නේ රාගය යන නාමයෙනි.

තරුණ තරුණියන් විසින් ඉමහත් මිහිරක් වශයෙන් සලකන මේ රාගය මිහිරක් නොව සත්ත්ව සන්තානය දවන ගින්නකි. එබැවින් තථාගතයන් වහන්සේ “රාගග්ගි දහති මච්චේ රත්තේ කාමෙසු මුච්ඡතෙ” යනුවෙන් රාග නමැති ගින්නෙන් කාමයන්හි ඇලුණු මුළා වූ සත්ත්වයෝ දවනු ලබන්නාහු යි වදාළ සේක. ඇතැම් තරුණ තරුණියන් අපට මතු සංසාරයේ දී වත් එක්ව වාසය කරන්නට ලැබේවා යි පතා, ගඟට මුහුදට පනින්නේ - ඇසිඩ් බොන්නේ රාගයේ දැවීම ඉවසිය නොහෙන තරමට බලවත් වූ විටය.

රාගය පුද්ගල සන්තානය දවන ක්ලේශයකි. එහි දවන ස්වභාවය දැනෙන්නට වන්නේ එය බලවත් වූ විටය. සත්ත්වයනට ඉෂ්ටවිපාක ඇති වන්නේ චිත්ත සන්තානය පිනවන අලෝභ මෛත්‍රී ශ්‍ර‍ද්ධා ප්‍රඥාදි ධර්‍මයන්ගෙනි. චිත්ත සන්තානය දවන රාග ද්වේෂාදීන්ගෙන් අනාගතයෙහි ඇති කරන්නේ ද අනිෂ්ඨ විපාකයෙකි. අකුශල්ය කියනුයේ අනිෂ්ට විපාක ඇති කරන ධර්මයන්ට ය.

දවන ස්වභාවය ඇතියක් බැවින් රාගය ද අනාගතයෙහි අනිෂ්ට විපාක ඇති කරන පාප ධර්මයෙකි. මරණාසන්නයේ දී එය බල පැවැත්වුව හොත් ප්‍රේත ලෝකයෙහි ඉපදිය හැකි ය.

රාගය විශේෂයෙන් ප්‍රේතව ඉපදීමටත් ද්වේෂය නරකයෙහි ඉපදීමටත් මෝහය තිරිසන් යෝනියෙහි ඉපදීමටත් හේතු වන බව දහම් පොත්වල කියා ඇත්තේ ය. මෙලොව සිය අදහස් පරිදි එක්ව විසීමට ඉඩ නො ලැබීමෙන් මතු ජාතියේ දී එක් වන්නට බලාපොරොත්තුවෙන් දිවි නසා ගන්නා තරුණ තරුණියන් ගේ සන්තානවල මරණාසන්නයේ දී අන්‍යොන්‍ය ප්‍රේමය හෙවත් රාගය හෝ මතු වී පවතී.

නැතහොත් බලාපොරොත්තු ඉටු කර ගන්නට නො ලැබීමෙන් වන කෝපය හෝ මතු වී සිටී. නැතහොත් මෝහය මතු වී සිටී. ඒ අවස්ථාවෙහි දී දෙදෙනා කෙරෙහි ම සමානව රාගය මතු වී සිටිය හොත් ඔවුනට සමහර විට ප්‍රේතලෝකයේ එක්ව විසිය හැකි වනු ඇත. එකකු ගේ සන්තානයෙහි රාගයත් අනිකා ගේ සන්තානයෙහි ද්වේෂයත් නැඟ සිටිය හොත් දෙදෙනාට දෙපලකට යන්නට සිදු විය හැකි ය.

දුර්ගතියෙහි වුව ද දිවි නසා ගන්නා යුවළකට එක් වන්නට ලැබෙනවා නම් එය කලාතුරකින් සිදුවන කරුණකි. එබැවින් මතු එක්ව කම් සැප විඳීමේ බලාපොරොත්තුවෙන් දිවි නසා ගැනීම මෝඩකම්වලින් ලොකු ම මෝඩකමක් බව කිය යුතු ය.
උගැ

කතාව හොද නම් page එකට like කරන්න අමතක කරන්න එපා 🙏

10/02/2020

පිස්සා😂🤣😂😂

දිනක් පිස්සන් කණ්ඩායමක්, පිස්සන් කොටුවෙන් හොර රහසේ පැන යාමට සැලසුම් කළහ. කෝකටත් කල් තියා ඊට පෙර පුහුණුවක් ලබා ගැනීම සුදුසු යැයි කල්පනා කළ ඔව්හු පැන යාමට නියමිත දිනයට පෙර දින රාත්‍රියේ කිහිප වරක්ම පිස්සන් කොටුවේ විශාල තාප්පයෙන් එහා මෙහා පනිමින්, පැන යාම සඳහා විධිමත් පෙර පුහුණුවක් ලබා ගත්හ.

අත්හදා බැලීම හිතුවාටත් වඩා හොඳින් සාර්ථක වූ බැවින් ඉතා සතුටට පත් වූ පිරිස, පැන යාම පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතුව එදින නින්දට ගියහ.

එදින මැදියම් රැයේදී ඇද හැලුණු දැඩි වර්ෂාව නිසා තරමක් අබලන්ව පැවැති පිස්සන් කොටුවේ විශාල තාප්පය තෙතබරිත වී පොළවට ඇද වැටුණේ ය.

පසුදා පැන යාමට සැරසුණු පිස්සන් කණ්ඩායම, තාප්පය දෙසට යන විට, පෙර දින රාත්‍රියේ තමා දුටු විශාල තාප්පය තවදුරටත් එහි නොමැති බව දුටු අතර, එහි සිටි නායක පිස්සා මහත් ශෝකයෙන් යුතුව මෙසේ පැවසී ය.

යාළුවනේ, හරිම කණගාටුයි. තාප්පය නැති නිසා අපිට පැනලා යන්න විදියක් නෑ, අපි ඒ වැඩේ කැන්සල් කරමු.
උගැ

ශකීරා කොලොම්බියාවේ බොහෝම ධනවත් පවුලක ඉපදුන කෙනෙක්. ශකීරාගේ පියා රන් ආභරණ ව්‍යාපාරිකයෙක්. ඒත් ශකීරාට වයස අවු : 7 ක් වෙද්ද...
09/02/2020

ශකීරා කොලොම්බියාවේ බොහෝම ධනවත් පවුලක ඉපදුන කෙනෙක්. ශකීරාගේ පියා රන් ආභරණ ව්‍යාපාරිකයෙක්. ඒත් ශකීරාට වයස අවු : 7 ක් වෙද්දි පියාගේ ව්‍යාපාරය බංකොලොත් වුණා. ඔහුට හැමදේම නැතිවුණා. ඒ ප්‍රශ්න ටික විසඳගන්නකම් දෙමව්පියන් ශකීරාව ඇයගේ මාමා ළඟට යැව්වා. නමුත් මාමා ළඟට ගිහින් නැවත ගෙදර එද්දි හැමදේම වෙනස් වෙලා.

"අපේ කාර් එක නැතිවෙලා, මට මතකයි මම ගේ ඇතුලට යද්දි තිබ්බ ගෘහභාණ්ඩ එකක්වත් නෑ. මොකද මගේ තාත්තාට ණය ගෙවන්න වෙලා තිබුණා. මට තේරුමක් තිබුණේ නෑ කොහොමද මේ ව්‍යාපාරය මෙච්චර දුප්පත් වුණේ කියලා". ශකීරා කියනවා..

නමුත් ශකීරාගේ දෙමව්පියන් ඇයට දුක් වෙන්න දුන්නේ නෑ. තියෙන දේවල් වලින් සතුටු කරා. දවසක් ඔවුන් ඇයව ළමා උද්‍යානයකට රැගෙන ගියා. ශකීරා දැක්කා දුප්පත්කමෙන්, බඩගින්නෙන් පීඩා විඳින, අඳින්න ඇඳුමක්වත් නැතුව ඉන්න ළමයින්ව. ඇයට වඩා දුප්පත් ළමයි ඉන්න බව ශකීරා දැක්කා. ඇය තමන්ටම පොරොන්දුවක් කරගත්තා කවදහරි දවසක සාර්ථක වෙලා මේ වගේ දුප්පත් ළමයින්ට උදව් කරනවා කියලා..

ශකීරා අවු : 8 දී විතර ගීත රචනයට, සංගීතය හදාරන්න යොමුවුණා. ඒත් පාසලේ සංගීත කණ්ඩායමෙන් ශකීරාව අයින් කළා , කටහඬ ගායනයට ගැළපෙන්නේ නෑ කටහඬ එළුවෙක් වගේ කියලා. ශකීරාගේ බලාපොරොත්තු කඩවුණා. නමුත් ඇගේ පියා කිව්වා කවදාවත් ගායනය නතර කරන්න එපා කියලා. ඇය තීරණය කරා කවුරු මොනා කිව්වත් තමන්ගේ විදිහට ගිත ගයන්න ඕනි කියලා, කාවවත් අනුකරණය නොකර..

ඒත් ශකීරාගේ ගමන ලේසි වුණේ නෑ. ඇගේ පළවෙනි ගීත ඇල්බම් දෙකම අසාර්ථකයි. නමුත් ඇයට ඒ ගැන ගානක්වත් තිබුණේ නෑ. අවු : 18 දී ශකීරා එලියට දාපු ඊළඟ ගීත ඇල්බමය වාර්තා තියමින් විශාල සාර්ථකත්වයකට පත් වුණා.
ශකීරා තමන් පොරොන්දු වුණ විදිහටම කොලොම්බියාවේ ඉන්න දුප්පත් ළමයින් වෙනුවෙන් සමාජ සත්කාරක සංවිධානයක් පිහිටවූවා..

ඉතින් පොඩි කාලේ කටහඬ එළුවෙක් වගේ කියලා පාසල් සංගීත කණ්ඩායමෙන් එලියට දාපු මේ පුංචි ගෑනු ළමයා අද මුලු ලෝකයම දන්න සුපිරි ගායිකාවක්. අද වෙනකොට ඇය වැඩිම ආදායමක් ලබන ලතින් කලාකරුවන් අතර පෙරමුණේ ඉන්න කෙනෙක්. 2014 දී Forbes සඟරාව එළි දක්වන ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුවේ 58 වන ස්ථානය ශකීරා වෙනුවෙන් වෙන් කරා..

"මවක් දරුවෙක් වෙනුවෙන් දක්වන කැපවීම යම් ප්‍රමාණයක්ද එවන් කැපවීමක් මම මගේ සංගීත ගමනට දැක්වූවා"...
- Shakira -

අපේ කොල්ලො
09/02/2020

අපේ කොල්ලො

පාසල් යන වයසේ පසුවන තම එකම දියනිය ගැබ්බර වී ඇති බව දැනගත් පියෙකුගේ විලාපය........(කෙල්ලක් නන් කියවහන්)------------------...
09/02/2020

පාසල් යන වයසේ පසුවන තම එකම දියනිය
ගැබ්බර වී ඇති බව දැනගත් පියෙකුගේ විලාපය........
(කෙල්ලක් නන් කියවහන්)
----------------------------------------------
අවුරුදු 6ක් උනා
මගෙයි
උබලෑ අම්මගෙයි
දීගෙට,,
පැටියෙක්
පේන මානෙක නෑ
මොතරන් දේ
කෙරුවද,,
ටොන් ගානක්
ගිලින්න ඇති
බේත් නන්
උබලෑ අම්මා
ඕසෙට,,
පත්තිනිගේ දේවාල
එකක් ඇතෑරියෙ නෑ
කිරි බාර නන්
කීයක් දුන්නද...................

ගෙයි උන්න
බලු පැටියව
පෙන්න පෙන්න
බැන බැන,,
මගේම අම්මා උනත්
උබලෑ ආච්චි
කිව්වේ
මෙහෙමයි මට,,
"""බලපන්
ගෙදර ඉන්න බැල්ලිටත්
පැටව්
ඉන්නවනේ බොල,,
ඒකට මෙහෙ ඉන්න ගෑනු
ආසාවට බඩක් නෑ
මුන්ගෙ තියෙන
මූසලකම""......................

බනිනකොට හැම එකාම
ඒකිට
වද ගෑනි කිය කිය,,
උහුලගන්නට බැරි උනා මට
උබලෑ අම්මා තමයි
මගේ පන,,
සරනක් නැතුව අපි
දහ අතේ ගිනි අරන්
දුවනකොට,,
අන්තිමට නතර උනේ
ගිහින්,
සිරි මහා බෝදිය ලග.................

දවසකට දෙපාරක්
පැන් කලෙත්
අරගෙන,,
වට 7ක් ඈ ගියේ
කදුලු පෙර පෙර
අඩාගෙන,,,
වැලි මලුවේ වැතිරිලා
දරු පෙමක්
පතාගෙන,,
අනේ ඈ නැහුන හැටි
හිතේ දුක
කියාගෙන.....................

එක දවසක් මහ රෑ,
ආවා අම්මට
ඕක්කාරෙට,,
උබ දන්නවද පුතේ
ඒකී රෑ අඩපු තරමක්
හිතේ ආපු සතුටට,,
දස අතේ පින් දිදී
අත ගාගා බඩ
දවසෙම,,
ඈ ඉතින් පේ උනා
තුන් හිතින්
උබ පතාගෙන........................

ආපු දා ඉදන් උබ
අම්මගේ
බඩට,,
උබ දන්නවද
ඒ අහින්සකී
වින්ද දුකක තරම,,
හැමදාම
එලි වෙනකන්
ඇහැරගෙන,,
මමයි බන් තෙල් ගෑවේ
මහත්තයෝ මට
ඉන්න බෑ කියනකොට....................

දවසක්
විලි රුදාවෙන් ඈ
මර ලතෝනි දෙනකොට,,
දෝතට අරන් දිව්වේ මන්
අත ගගා
ඉවසහන් පන කිය කිය,,
කුස පලාගෙන ඇවිත් උබ
මහ හඩින්
මොර දෙනකොට,,
හිතට ආපු සතුටක්
සත්තමයි මගෙ ඇස් දෙකේ
කදුලු පිරිලා හොදටම........................

කිරි වෑහෙන ඇගේ තනයක්
චූටි කටින්
හපාගෙන,,
ඇගේ තුරුලට වෙලා හිටියා
සුදුම සුදුයි
එදා උබ,,
මැනික කියලා ආදරයෙන්
මන්
අතගාඩ්ඩි ඇගේ හිස,,
නෑ කිසිම සද්දයක්
ඈ හිටියෙ
උඩ බලාගෙන........................

කොයි තරන් නැහුනාද
දරු පෙමක්
පතාගෙන,,
දැකගන්න උබෙ මූන
එද්දි බඩ
පලාගෙන,,
කිරි සුවද ආවත්
දසඅතින්
හමාගෙන,,
අනේ ඒ අසරනී
සදහටම
ඇස් පියාගෙන........................

හීතලේ ඇගේ ලග
හිටපු උබ
මන් වඩාගෙන,,
දන්නවද අඩපු හැටි
උබලෑ අම්මාව
බදාගෙන,,
ඇස් දෙකේ තියන් උබ
රකිනවා
හිතාගෙන,,
දිවුරුවවේ මන් ඇගේ
මිනිය ලග
වැටීගෙන........................

වෙනදා වගේ නෙමෙයි උබ
දවස තිස්සෙම
කැඩපතටම
මූන ඔබනකොට,,
පුයර වෙනුවට කඩපිලේ ඇති
නොයෙක් දේවල්
ගෙන
උලනකොට,,
නිතර මන් ලග දැවටිච්චි උබ
කාබරේටම
සින්න
වෙනකොට,,
උබේ වෙනඩක් නොදැනුනේ ඇයි
හිච්චියේ
අදත් මගෙන්ම අහනවා
මගේ හිත..................................

උබේ යාලුවෝ
තාම සෙල්ලන්
ගෙවල් වල
බත් උයනකොට,,
රාග සිතුවිලි කොහොම ආවද
කියාපන්
අව්ලලා
හිත,,
මලක් වගෙ උබ
පිපෙන්නට පෙර
පරවෙනා දෙස
බල බල,,
කොහොම මම ඉන්නද කියාපන්
හෙටම
මන් මැරෙනවා වින..........................

මගේ උකුලට උබව දීලා
අනේ ඈ
ඇස් පියා ගත්තට,,
උබට මොනවද අඩු කරේ මන්
තන් දෙකෙන් කිරි
පොවනවා වින,,
අහින්සක ඈ මේවා දැක්කොත්
වලෙන් අව්දින්
නැගිටගෙන,,
සාප දෙයි මට
ඒකි නැහුනේ
උබට දීලයි ඇගේ පන..........................

ඊයෙ වෙනකන් මගේ ලග හිද
හුරතලෙන්
දැවටුනු
එකී,,
ගේ පුරාවට ඇවිද දුව පැන
සෙල්ලමෙන් වුන්
පොඩි
එකී,,
තනපටේවත්
තාම හරියට
අදින්නට වත්
බැරි එකී,,
දෙවියනේ බඩ උනේ
කොහොමද
අම්මා නැති
අසරන එකී....................😥😥😥😥😥

ආදරයකදී පෙම්වතියක් තම පෙම්වතාගෙන් බලාපොරොත්තු විය යුතු පලමු දේ රැකවරනයි,ආරක්ශාවයි,,පෙම්වතෙක් පෙම්වතියට ලබාදිය යුතු පලමු දේද රැකවරනයි,,ආදරය යනු ලින්ගිකත්වය මූලික කර ගත්තක් නොවේ,,ලින්ගිකත්වය මූලික කර ගත් සම්බන්දයක රැකවරනය යනු හුදෙක් වච්නයක් පමනි,,එවැනි සම්බන්දයක අවසාන ප්‍රතිපලය මෙසේ විය හැක.....

කතාව හොද නම් page එකට like කරන්න අමතක කරන්න එපා 🙏

08/02/2020

ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.
සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.
හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.

#සිංහල කියලා භාෂාවක් තියෙනවා, #සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.

අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
ඒ තමා සිංහල භාෂාව
ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.

සරලවම #සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.

08/02/2020
අපිට අමතක වු ඔහු..        තාත්තා
08/02/2020

අපිට අමතක වු ඔහු..
තාත්තා

27/01/2020

01. නිවසින් බැහැරව යන විට අනිවාර්යයෙන් නාසය හා මුඛය වැසෙන සේ ආවරණයක් පලදින්න. (face mask එකක්)

02. සබන් යොදා නිතර අත් සෝදන්න !

03. කිඹුහුම් යනවිට හෝ කැස්සක් ඇති වනවිට, නාසය හා මුඛය ආවරණය කරගන්න !

04 උණ රෝගය ඇති පුද්ගලයින් සමග ගැටීම අවම කරන්න ! (නිකරුනේ රෝහල් පරිශ්‍ර තුලට යාමෙන් වලකින්න)

05. ඔබට උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇති නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, පොදු ස්ථාන වලට යාමෙන් වලකින්න !

06. නොපිසින ලද සත්ව ආහාර (කිරි, මස්) පරිහරණයේදී සැමවිටම ප්‍රවේසම් වන්න !

07. අඩුවෙන් පිසින ලද හෝ නොපිසූ සත්ව ආහාර පරිහරණයට නොගන්න !

මෙවැනි ක්‍රියාමාර්ග දැනට අනුගමනය කල හැකිය. කරුණාකර ඔබේ දරුවාට පවුලේ උදවියට මෙම ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් අනුගමනය කරන්න වගබලාගන්න !

මේ පාර වැලන්ටයින් වෙනස්ම විදිහකට සමරන්න ❤ලාහුගල,සියබලාණ්ඩුව,බුද්දම,මොණරාගල,වැල්ලවාය,ප්‍රදේශ වල සිටින ඔයත් එයත් එක්ක පෙබර...
27/01/2020

මේ පාර වැලන්ටයින් වෙනස්ම විදිහකට සමරන්න ❤ලාහුගල,සියබලාණ්ඩුව,බුද්දම,මොණරාගල,වැල්ලවාය,ප්‍රදේශ වල සිටින ඔයත් එයත් එක්ක පෙබරවාරි 14 වැනිදට

අපිත් එක්ක ශ්‍රී පාදස්ථාන වදින්න එන්න.

27/01/2020
26/01/2020

සද සේ නිවිලා,හිරු සේ දිලිලා
මගේ ලෝකෙට පිපි අම්මා
කවදත් ලග මා හෙවනැලි මෙන් රැදිලා
මගේ ලෝකේම වුන අම්මා
සසරේ සැමදා ආයෙම ඔබ සොයලා
ඔබේ පුතු වෙමි මගේ අම්මේ

හිරු දවන ගිනි අව්ව මා හට සිසිල් වූ...
ඔබ දැවෙන විට දිවිය ගෙනයන්න මහත් වූ
කදුලැලි සැගවුව අම්මේ .....
සසරේ සැමදා ආයෙම ඔබ සොයලා
ඔබේ පුතු වෙමි මගේ අම්මේ

දන ගාන පොඩි කාලේ කිසිවක් නොදත් මා
ඔබේ දෑත සවියක් වුනා....
ඔබ වින්ද දුක නොදැන හිනහෙච්ච මගේ දිවිය
අද මටම කදුලක් වුනා...
සසරේ සැමදා ආයෙම ඔබ සොයලා
ඔබේ පුතු වෙමි මගේ අම්මේ

26/01/2020



තවම මතකයි මට
එදා මගේ රත්තරං අම්මගෙයි තාත්තගෙයි
සුලඟිල්ලෙ එල්ලිලා,
පුංචි සපත්තු දෙකෙන්,
සුදු වැලි පොළවකට
දෙපා නැගුව හැටි..........
මම නොදන්න කවුදෝ කෙනෙක් ඇවිත්,
ලස්සන මල් පොකුරක් දීලා
ආදරෙන් මාව පිළිගත්ත හැටි.........

ටිකක් විතර බය හිතුනා මට.
උස බිත්ති වලින් වටවුනු
මහ ගොඩනැගිලි වලින් පිරැණු,
හසරක් නොදන්න බිමක
තනිවෙයි කියලා...........

ටිකෙන් ටික
මගේ ලෝකෙ අළුත් වුනා,
ඒ ලෝකෙට අළුත් අළුත් දේවල්
ගොඩක් එකතු වුනා,
ඒ අතරෙ,
කාලයත් එක්ක දළුලන
මගෙ හිත හඳුනගත්ත
කෙනෙක්,
හුරැපුරැදු කෙනෙක්,
මගෙ මනසෙ ඇඳුනා,
ඒ ඔයා.............

මගෙ
සතුට, දුක, කඳුල,
ජය, පැරදුම
ඔයා හරි අපූරැවට තේරැම් ගත්තා,
මේ අතරෙ,
ඔයාගෙ තුරැලට තව අය ආවා
ඔයා ළග කාලයක් නතර වුනු අය
ඇඩූ කඳුලින් ඔයාව දාලා ගියා............

අද,
ඔයා ආදරෙන් හදාගත්ත
මගේ ඇහෙත් පුංචි කඳුලක්
ඉතිං,
මේ කියන්නෙ
යන්න කියලද මටත්.............

එහෙනං,
සඳාදර දෙව්නද ගුරැ මෑණියනි
අවසරයි,
සමුගන්න මටත්
සඳාකාළික නොවී......

26/01/2020

#ධනාත්මකව__සිතමු.

දරුණු අක්ෂි වේදනාවෙන් පීඩා විදිමින් සිටි ධනවත් මිනිසෙක්වාසය කළේය. ඔහු බොහෝ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගත් නමුත් කිසිවෙකුට ඔහුගේ කැක්කුමට ප්‍රතිකාර කිරීමට නොහැකි විය. ඔහු ප්‍රතිකාර ක්‍රම රාශියක් අනුගමනය කළ නමුත් ඔහුගේ වේදනාව වඩ වඩාත් වැඩි වූවා මිස අඩු වූයේ නැහ. ඔහු සිය වේදනාව නැතිකර ගැනිම සඳහා පවතින සෑම විසඳුමක්ම සොයා බැලූවා.පසුව විවිධ රෝගාබාධවලට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රසිද්ධ බුද්ධිමත් භික්ෂුවක් වෙත ගියේය. හාමුදුරුවෝ මිනිසාගේ දෑස් හොඳින් නිරීක්ෂණය කළ අතර පසුව ඉතා සුවිශේෂී විසඳුමක් ඉදිරිපත් කළහ.

හාමුදුරුවෝ මිනිසාට කීවා සති කිහිපයක් හරිත වර්ණය කෙරෙහි පමණක් අවධානය යොමු කර වෙනත් වර්ණ දෙස් බැලීමෙන් වළකින්න කියලා.මිනිසා වේදනාවෙන් මිදීමට ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටියා. ඉතින් මේ ධනවත් මිනිසා චිත්‍ර ශිල්පීන් කණ්ඩායමක් පත් කරලා හරිත තීන්ත අඩංගු බැරල් මිල දී ගෙන ඔහු අවට ඇති සෑම වස්තුවක්ම කොළ පැහැයෙන් වර්ණ ගැන්වීමට නියම කළේය. .

සති කිහිපයකට පසු හාමුදුරුවෝ මිනිසාගේ සුවදුක් බැලීම සඳහා මිනිසා බැලීමට පැමිණියහ. හාමුදුරුවෝ මිනිසාගේ කාමරය දෙසට ඇවිද යද්දී ධනවත් මිනිසා පත් කළ චිත්‍ර ශිල්පියෙක් භික්ෂුව මතට කොළ පැහැති තීන්ත බාල්දියක් වත් කළේය. මුළු කොරිඩෝව සහ කාමරයම කොළ පැහැයෙන් වර්ණාලේප කර ඇති බව භික්ෂුවට දැකගත හැකි විය. සෑම දෙයක්ම හරිත ලෙස පින්තාරු කිරීමට හේතුව භික්ෂුව අර මිනිසාගෙන විමසූවා.ධනවත් මිනිසා පැවසුවේ හරිත වර්ණය දෙස පමණක් බැලීමට ඔබ කිවුව නිසා හැමදේම කොල පාට,එහෙම නැත්නම් හරිත වර්ණයෙන් වර්ණ ගැන්වූවා කියලා.

මෙය ඇසූ භික්ෂුව සිනාසෙමින් මෙහෙම කිවුවා.

“ඔබ ඩොලර් කිහිපයක් වටිනා හරිත වර්ණ ඇස් කණ්ණාඩි යුගලයක් මිල දී ගත්තා නම්, ඔබේ ධනයෙන් විශාල කොටසක් ඉතිරි කර ගත හැකිව තිබුණි. ඔබට ලෝකයම හරිත ලෙස පින්තාරු කිරීම කළ නොහැක. ”
-------------------------------------------------------------
අපි අපගේ දැක්ම වෙනස් කරමු, ඒ අනුව ලෝකය දිස්වනු ඇත.ලෝකය දෙස වෙනස් විදියට දකින්නනම් අපි ඒ දිහා බලන විදිය වෙනස් කර ගනිමු.

25/01/2020

ජීවිතය පාට පෙට්ටියක් එක එක ජාතියෙ පාට තියනවා හරියට අපිට සිද්දවෙන දේවල් වගේ සමහර පාට ගෑවම පුදුම ලස්සනයි හරියට අපි අපේ ජිවිතේ හරි පාරෙ යනව වගේ... සමහර පාට ගෑවම කිසි ලස්සනක් නෑ කියල දැන දැනත් ඒ පාටම ගානවා හරියට ජිවිතේ වැරදි පාරෙ යනව වගේ, සමහර පාටවල ලස්සන වැඩි කරන්න තවත් පාට එකතු කරන්න ඕන හරියට හොඳම යාලුවො එකතු වුණා වගේ... සමහර පාට අතට ගත්ත ගමන් හිතෙනවා මේක තමයි මෙතනට ගැලපෙනම පාට කියල හරියට නිවැරදි තීරණයක් ගන්නව වගේ සමහර පාට අතට අරගෙන ටිකක් වෙලා ගියාම හිතෙනවා මේ පාට නම් ගැලපෙන්නෙම නෑ කියල හරියට මොලේ පෑදෙනවා වගේ... සමහර පාට හදිස්සියට ගානවා,හරියට ක්ෂණික තීරණයක් ගන්නව වගේ සමහර පාට ගාන්දෝ නොගාන්දෝ කියල හිතෙනවා හරියට ස්ථිර තීරණයක් ගන්න බෑ වගේ...සමහර පාට ගෑවට හිතපු තරම් ලස්සනක් නෑ හරියට අපේ විශ්වාසෙ වගේ සමහර පාට වෙනස් කරන්න හැදුවට එහෙම කරන්න බෑ හරියට අපි පසුතැවෙනවා වගේ... සමහර පාට ගැලපෙන්නෙ නෑ කියල දැනෙන්නෙ ටිකක් වෙලා යනකොට හරියට වැඩකට නැති දේකට වෙලාව වෙන්කළා වගේ, සමහර වෙලාවට ගාපු පාටවල් වෙනස් කරල ඊට උඩින් වෙන පාටක් ගාද්දි ගොඩක් අමාරු වෙනව, හරියට මහා දුකක් හිතේ තියාගෙන හිනාවෙන්න හදනව වගේ... සමහර පාටවල ලස්සන වැඩි කරන්න ඊට උඩින් තව පාට ගාද්දි කලින් ගාපු පාට පේන්නෙම නැතුව යනවා, හරියට මුල අමතක වෙනව වගේ, ඒත් මේම හැම පාටක්ම එකතු වුණොත් විතරයි චිත්‍රයකට පුදුමාකාර අර්ථයක් එන්නෙ, හරියට ජීවිතේට එකතුවුණු අත්දැකීම් වගේ තවත් වෙලාවකට හිතෙනව ඒ ඇදපු චිත්‍රය ගුලි කරල විසිකරල දාන්න හරියට ජිවිතේ දිහා ආපහු හැරිල බලනව වගේ... එහෙම වෙලාවට ඒ විසිකරපු චිත්‍රයෙ ගාපු පාට අමතකම කරල වෙනමම කොළේක අලුතින් පාට කරන්න ගන්නව හරියට ජිවිතේ යථාර්ථය තේරුණා වගේ, ඒත් ඒ වෙලාවට අපිට ඒ පාට ඉක්මනට ගාගන්න තරම් ශක්තියක් නෑ හරියට හෙම්බත්වෙච්ච අපේ හිත වගේ..

වූහාන් කොරෝනා වෙෙරසය. ජර්මනියේ සිටින චීන වෛද්‍ය විද්‍යාඥයෙක් මෙම වෛරසය මාර්තු අග දී උපරිම පීඩාව කරනු ඇතැයි කියනවා. Chine...
25/01/2020

වූහාන් කොරෝනා වෙෙරසය.

ජර්මනියේ සිටින චීන වෛද්‍ය විද්‍යාඥයෙක් මෙම වෛරසය මාර්තු අග දී උපරිම පීඩාව කරනු ඇතැයි කියනවා. Chinese Cobra කියන සර්පයාගෙන් මනුෂ්‍යන්ට පැමිණ ඇති බවට සාක්ෂි.

මියගිය ගණන 19ක්, 629කට අධික රෝහලේ.

(මෙම පෝස්ට් එක වෙෙරසය ගැන දිනපතා යාවත්කාලීන කිරීම ට බලාපොරොත්තු වෙනවා)

23 ජනවාරි. දකුණු චීනයේ සිට.

වෙෙරසය පටන්ගත්තා යැයි සැළකෙන චීනයේ වූහාන් නගරය අද උදයේ 10 සිට වසා දමයි. මිලියන 11ක් මේ නගරයේ වාසය කරයි.

සෞඛ්‍ය ආරක්ෂක මුහුණ ආවරණ සියල්ල තොග අවසන්. කිසිම pharmacy එක්ක හෝ අන්තර්ජාලයෙන් තොග සොයා ගත නොහැකිය.

මියගිය ගණන 17ක්, 570කට අධික රෝහලේ.

ශ්‍රී ලංකාව මේ ගැන බය විය යුතු ද? පැහැදිලි වම ආරක්ෂක විය යුතු ය. මෙම වෙෙරසය 2002-03 සා'ස් (SARS) වලට වඩා දරුණු යි.

හදිසි උණ, තද කැස්ස, තද හිසේ කැක්කුම වැනි රෝග ලක්ෂණ පෙන්වීම ගැන සැළකිලිමත් වන්න. මෙය මිනිසුන් අතර වේගයෙන් පැතිරෙන නිසා, උගුර සැමවිටම තෙත්ව තබා ගන්න. උණු වතුර බොන්න.

සියළු දෙනා නීරෝගී වේවා.ස්තුතියි ප්‍රථම අයිති කරැට
-

ඇමරිකාවේ හිම සහිත රාත්‍රියක කෝටිපතියෙකු තම නිවස ඉදිරිපිට මහලු දුප්පත් මිනිසෙකු දුටුවේය. ඔහු මහල්ලාගෙන් ඇසුවේ, "පිටත සීතල...
24/01/2020

ඇමරිකාවේ හිම සහිත රාත්‍රියක කෝටිපතියෙකු තම නිවස ඉදිරිපිට මහලු දුප්පත් මිනිසෙකු දුටුවේය. ඔහු මහල්ලාගෙන් ඇසුවේ, "පිටත සීතලයි, ඔබට
උණුසුම් ඇඳුම් නැත, ඔබට සීතල දැනෙන්නේ නැද්ද?
මහලු මිනිසා පිළිතුරු දෙමින්, "මට උණුසුම් ඇඳුම් නැත, නමුත් මම අනුවර්තනය වී ඇත."
කෝටිපතියා පිළිතුරු දෙමින්, “මා එනතෙක් ඉන්න.
දැන් මම මගේ කාමරයට ගොස් ඔබට උණුසුම් රෙද්දක් ගෙනෙන්නෙමි.
දුප්පත් මහල්ලා ඉතා සතුටින් සිටි අතර ඔහු එනතුරු බලා සිටින බව පැවසීය.
කෝටිපතියා තම නිවසට ඇතුළු වී එහි කාර්යබහුල වී දුප්පත් මිනිසා ගැන අමතක විය.
උදේ ඔහු දුප්පත් මහල්ලා ගැන සිතුවේය. ඔහු වහාම නිවසින් පිටතට ගියේ මහල්ලා සොයා ගැනීමටය
නමුත් සීතල නිසා මහල්ලා මියගොස් සිටිනු ඔහුට දැකගත හැකි වූ අතර මහලු මිනිසාගේ අතේහි ගුලි කර තිබූ කොල කැබැල්ලක මෙසේ ලියා තිබුනි
“මට උණුසුම් ඇඳුම් නොමැති විට, මම අනුවර්තනය වූ නිසා සීතල සමඟ සටන් කිරීමට මට හැකියාව තිබුණි.
නමුත් ඔබ මට උදව් කරන බවට පොරොන්දු වූ විට, මම ඔබේ පොරොන්දුවට ඇබ්බැහි වූ අතර සීතලට එරෙහි වීමේ හැකියාව මට අහිමි විය.
“ඔබ පොරොන්දුවක් දීමට පෙර සිතා බලා බොරු පොරොන්දු ලබා දීමෙන් වළකින්න.

පසු ලියමන (සාගර හිමි)
‍මෙය ඉතා හොඳ කතාවක්...අපේ ජීවිත වලට

ඔබ කෙනෙකුගෙන් උපකාරයක් ගන්න හැම විටම මේක මතක තබාගත යුතු ඔබ නැති කරගන්නේ ඔබව ම බව. ඔබ බාහිර ලෝකයෙන් පිහිටක් ලබන හැම විටකම ඔබ තුලින් ම නිර්මාණය වන ශක්තිය ඔබට අහිමි වෙයි. කිසිවෙකුගේ උපකාර නොමැති විට ඔබට ජිවිතය එපා වෙනු ඇත.

එබැවින් අත්‍යාවශ්‍ය හේතුවක් නොමැති කිසිවෙකුගෙන් උපකාර නොලබා ජීවත් වීමට හුරු වන්න එය ඔබව ඕනෑම දුස්කර අවස්ථාවකට ඔරොත්තු දෙනෙ කෙනෙකු කරන්නේ ය.
‍මෙය මා ලියන්නේ ඔබව ශක්තිමත් කිරීමට මිස දුර්වල කිරීමට නොවේ. එබැවින් ශක්තිමත් වීම සදහාම මේ වදන් උපකාරී කරගනිත්වා.
‍තෙරුවන් සරනයි නමෝ බුද්ධාය(හිතන්නට යමක් බොහො දෙනෙකුට)

#උපුටා_ගැනිමක්

😥😥😥
23/01/2020

😥😥😥

20/01/2020

#සිංදුවේ_තේරුම_තේරුම්_ගෙන_ජීවත්_වෙමු.

෴ ගඟට කපන ඉණි ෴

ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නොවේ බඹුටත් මරු ලඟාවෙති
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති.…

මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
ගඟේ මහිම නැතිවෙයි දිය හිඳුනාම
දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම…

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම…

කන බොන කෑම තනියම වලඳන්න එපා
අසරණ කෙනෙක් ආ විට එලවන්න එපා
අනුවණකමින් පව් සිදුකරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා… ///

තාත්තා ගැන ලියපු එකම රචනාව.මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා  හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර  හිටපු කැතම කෙනා එයා...
20/01/2020

තාත්තා ගැන ලියපු එකම රචනාව.

මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර හිටපු කැතම කෙනා එයා. ගමනක් යන්න ගියත්, මගුල් ගෙදරකට ගියත්, එයා අපිට අලුත් ඇඳුම් අරන් දුන්නා. හැබැයි එයා ඇන්දෙ පරණ ඇදුම්. අළුත් අවුරුද්දටත් එහෙමයි.

මට මතකයි එක අලුත් අවුරුද්දකට අපේ තාත්තා අයියලාටයි අක්කටයි මටයි ඇදුම් අරන් ආවා. අම්මටත් ගෙනාවා.. හැබැයි එයා සරමක්වත් අරන් තිබුණේ නෑ.

ආහ් මේ පාරත් පරණ ඇඳුම් ඇඳලා වගේ නැකතට ඉන්න හදන්නෙ...

අම්මා එහෙම කියද්දි තාත්තා හිනා වෙලා නිකං හිටියා. තාත්තා ලස්සනට ඉන්න කැමතිම නැද්ද අප්පා. මට එහෙමත් හිතුණා. අපේ ස්කෝලෙට එන සමහර තාත්තලා ආවේ ප්‍රින්සිපල්ටත් වඩා ලස්සනට. ළමයි මට එයාලගේ තාත්තලාව පෙන්නුවා. අර ඉන්නෙ අපේ තාත්තා. මගේ තාත්තා හැමදාම ආවේ පරණ විදිහට. අර ඉන්නේ මගේ තාත්තා කියලා මාත් යාලුවන්ට පෙන්නුවා. හැබැයි එයාලා මගේ තාත්තා දිහා එහෙම ගෞරවයකින් බැලුවේ නෑ.

මගේ තාත්තා කන්න කැමති කිසිම කෑමක් තිබුණෙ නෑ. ඒක හරිම පුදුම දෙයක්. එයා අපිට හැම දේම කන්න අරන් එනවා. පාන්, කේක්, චීස්, රයිස්, පළතුරු... වගේ ලෝකේ තියෙන හැම රසවත් කෑමක්ම එයා අපිට ගෙනැල්ලා දීලා තියෙනවා. ඒවා අම්මා බෙදද්දි මේ ටික තාත්තට කියලා කොටසක් අරන් තියනවා. කිසිම දවසක තාත්තා ඒ ටික ඉවර වෙනකං කෑවේ නෑ කියලා මට මතකයි. මං පොඩි එකා. තාත්තා මිදි ගෙඩි පහෙන් එකක් කාලා හතරක් මට දෙනවා. චොකලට් එහෙම නොකාම මට දෙනවා. බත් කද්දි රසම කෑම ටික මං බොහොම වේගෙන් කාලා ඉවර කරනවා. තාත්තා එයාගේ පිගානේ තියෙන රසම දේවල් මගේ පිගානට දානවා.

ඇයි

මං ආස නෑ පුතේ...

මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. ඉන් පස්සේ හුරතල් කරන්නත් එනවා.
හැබැයි මං අද දන්නවා. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන රසම කෑම බීම අපිට කවන්න. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන ලස්සනම ඇදුම් අපි අදිනවා බලන්න. තාත්තා කැමති වුනේ අපි මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා බලන්න. අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අත් හරින්න කියලා තාත්තා නිහඩවම මට කියලා දුන්නා. මගේ තාත්තා තමයි මගේ ආගම. මං තමයි එයාගේ එකව ශ්‍රාවකයා. ඒ තාත්තා මට ආයේ කවමදාකවක් මුණ නොගැසෙන බව ඇත්තක්. මොකද මිනිස්සු එහෙම අත් හැරියාම, අනුන් වෙනුවෙන් ඒ තරං කැප වුණාම, සංසාරෙන් එතෙර වෙනවා. අන්න ඒ නිසයි මං මෙහෙම ලියන්නෙ. තාත්තලා කියන්නේ තවමත් සසරින් එතෙර නොවුණු බුදුවරු. මේ ඔවුන්ගේ අවසන් භවය.

සීතල පවන් රැල් ගලා එයිකවුළු දොරින්ඒ පවන් රැල් අතරමතකයේ පිටු සැලිණිනව වසක් පිටුපසටඅතීතය විවර වුණිවේදනාවෙන් මසිතරහසින්ම වැ...
20/01/2020

සීතල පවන් රැල් ගලා එයි

කවුළු දොරින්

ඒ පවන් රැල් අතර

මතකයේ පිටු සැලිණි

නව වසක් පිටුපසට

අතීතය විවර වුණි

වේදනාවෙන් මසිත

රහසින්ම වැලපුණා

හද දැවී අළු වුණා

නුඹව සිහිපත් වී යළිත්

නොමියන මතකයේ

ඉරුණු පිටු අතර රැඳි

නුඹේ සිනා මුවැති

හඬවයි තව තවත්

මගේ සිත හද දෙකම

මගේ ලොවේ දිනිඳු වූ

නුඹ මගේ පියාණන්

තිමිර පටල තුළ වෙලි වෙලී

මගේ සිත නුඹ සොයයි

ලබන්නට සහනයක්

ඒ වප් මහේ රුදුරු හෝරාවේ

හිරු පැහැර ගත්තා ඔවුන්

මුසාවෙන් මගේ සිත රවටලා

පීදෙන්න වෙර දැරූ

මගෙ පැතුම් මල් පොකුරු

වැලපිලා වේදනාවෙන් මිලින විය ශෝකයෙන්

පියාණනි නුඹ ලොවෙන්

වෙන් කළා සදහටම

හඬන්නට කඳුළු බිඳු

නැති නමුත් නෙත් දෙකේ

වේදනාවෙන් මහද

අඬ අඬා සදහටම

මිලින වූ හිරුමඬල

යළි නොපායන නමුත්

අමරණීයයි නුඹෙ සුවඳ

සත් වසක් මා නුඹෙන්

ඒ ලැබූ පිතු සෙනෙහෙ

පාරවයි මගේ හිත ඉකි ගසා හඬවමින්

සදාකල් නොමියනා

මතකයයි නුඹ

හඬන මේ මඳ පවන

මට ගෙනේ

නුඹෙ සුවඳ

අතීතයෙ පිටු අතර

පැන යමින්

පෙනේ මට නුඹ

සිසිර සුළඟේ චංචල වූ

කඳුළු සයුරේ පෙඟී දිය වී

නොමැකෙන ලෙස නුඹේ රුව

ඇත සිත්තම්ව

මගේ සිත හද පුරා

නොමියෙනා මතකය

නුඹය මා සදාදර තාත්තේ

මේ කවිය රචනා කර ඇත්තේ #සුපුන්_චාගා_විජේවීර_විසිනි.

නත්තල් තැග්ග
20/01/2020

නත්තල් තැග්ග

19/01/2020

#ලාහුගල_සියබලාණ්ඩු_බුද්දම_මොණරාගල #බුත්තල_වැල්ලවාය
අවට සිටින තරුණ තරුණියක් නම් අපිත් එක්ක ශ්‍රී පාදය වදින්න යන්න කැමති නම් #පෙබරවාරි__01ට
කලින් අපට කියන්න....

Contact :-
සුපුන් 0715393367
තුෂාල් 0719127318

අපේම එකෙක් ලොකු කරදරෙක පුලුවන් අය උදවු කරන්න "කුනු ගොඩක් වෙලා තිබුන ලංකාවේ තාප්ප වල චිත්‍ර ඇදලා ලස්සන කරපු අපේ කොල්ලො කෙ...
02/01/2020

අපේම එකෙක් ලොකු කරදරෙක පුලුවන් අය උදවු කරන්න
"කුනු ගොඩක් වෙලා තිබුන ලංකාවේ තාප්ප වල චිත්‍ර ඇදලා ලස්සන කරපු අපේ කොල්ලො කෙල්ලො ටික දැන් අලුත්ම වැඩක් පටන් අරගෙන එ තමයි දුප්පත් අහින්සක මිනිස්සුන්ට උදවු කරන්න මේ වැඩේට දැනටමත් ගොඩක් අය එකතු වෙලා ලංකා වසි තරුන කොල්ලො කෙල්ලො එකතු වෙලා මේ අලුත් වැඩේට.මුහුනු පොතේ උඩ පහල ගිය කොල්ලො කෙල්ලෝ දැන් එකතු වෙලා හැමෝම එක අම්මගෙ තාත්තගේ සහොදර සහොදරියො වගේ වැඩ කරනව අපිට දවසක් හරි අහින්සක ලමයෙක්ගෙ අහින්සක අම්ම කෙනෙක්ගෙ තාත්ත කෙනෙක්ගෙ හිතක් සනසන්න තියෙනව නම් කොච්චර දෙයක්ද? අපිට අපිම උදවු කරන එ ගැන්ම එ හැගිම නිකන් එන්නෙ නැ බන් අපි සිංහල බෞද්ධයන් හැටියට අත්තටම ආඩම්බර වෙන්න පුලුවන් මේ අය දිහා බැලුවම අපිටත් ආඩම්බරයි අපේ කොල්ලො කෙල්ලො ටික දිහා බැලුවම"
මෙහෙම හිතපු අපේම කොල්ලෙක්ගේ ගෙදරක් අද කරන්ට් ලික් එකක් නිසා වෙච්ච දේ තමයි මේ අපිත් හිතුවා අපිට පුලුවන් විදියට අපේ සහොදරයට උදවු කරන්න මේ අයට උදවු කරන්න කැමති අය ඉන්නව නම් අපිට කියන්න
Account nu -: 2311441
H.P.H.M.Hemapriya

වැඩි විස්තර සදහා÷ 0715393367(supun)
0785598071(thushal)

2019 වසර අවසාන හමුවීම. වැල්ලවාය සෙනෙහසේ සොදුරු යාත්‍රා💕 අපි මොණරාගල ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සිට.
31/12/2019

2019 වසර අවසාන හමුවීම. වැල්ලවාය සෙනෙහසේ සොදුරු යාත්‍රා💕 අපි මොණරාගල ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සිට.

සෙනහසේ සොදුරු යාත්‍රාවට💕 අපිත් එක්වෙමු💕÷මේ මොකක්ද? #වැල්ලවාය සෙනහසේ සොදුරු යාත්‍රාව කියලා අසරන අයට උදවු කරන ගෲප් එකක්💕÷ම...
29/12/2019

සෙනහසේ සොදුරු යාත්‍රාවට💕 අපිත් එක්වෙමු💕

÷මේ මොකක්ද?
#වැල්ලවාය සෙනහසේ සොදුරු යාත්‍රාව කියලා අසරන අයට උදවු කරන ගෲප් එකක්💕

÷මේකෙන් කරන සේවවල් මොනවද?
#අපෙන් උදවුවක් ඔන කරන අසරන අයට උදවු කරනව💕

÷ මේක කරන්නේ කවුද?
#අපි වගේම සහොදරයො ටිකක්💕

÷අපිටත් මේකට බැදෙන්න බැරිද?
#ඔනැම කෙනෙක්ට මේකට බැදෙන්න පුලුවන්
(අපගේ නිති වලට එකග වෙන්න පුලුවන් ඕනම කෙනෙක්ට)💕

÷කොහොමද මේකට බැදෙන්නේ?
#කැමති අය අපිට sms එකකින් කියන්න💕

අපිත් නත්තල් සැමරුවා හබැයි ⁣වෙනස්ම විදිහකට  වැල්ලවාය  බලහරුව ප්‍රදේශයේ අසරණ ළමුන් දෙදෙනකුට ඉගෙනීමේ වැඩකටයුතු වලට අවශ්‍ය ...
29/12/2019

අපිත් නත්තල් සැමරුවා හබැයි ⁣වෙනස්ම විදිහකට වැල්ලවාය බලහරුව ප්‍රදේශයේ අසරණ ළමුන් දෙදෙනකුට ඉගෙනීමේ වැඩකටයුතු වලට අවශ්‍ය බඩු ටිකක් අරන් දුන්නා ඒ ඇස් වල තිබුණු සතුටු කදුලු තමයි අපිට ලැබුණු නත්තල් තෑග්ග. ⁣

සෙනෙහසේ සොදුරු යාත්‍රා💕 වැල්ලවාය Aපී

මේ වගේ අපි පෙබරි 14 සිරිපා කරුනා කරලා එන ගමන් සිරිපා මර්ගය සුද්ද පවිත්‍ර කරන වැඩ පිලිවෙලක් සන්විදානය කරලා තියෙනවා ඔයත් අපහා එක්විමට කැමතිද? වැඩි විස්තර සදහා පහත අන්ක අමතන්න
0719127318-තුශල්
071 539 3367-සුපුන්

Address


Telephone

+94715393367

Website

Alerts

Be the first to know and let us send you an email when Senehase Soduru Yatra වැllawaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share