Yowun Piyawara - teenage digital Magazine

  • Home
  • Yowun Piyawara - teenage digital Magazine

Yowun Piyawara - teenage digital Magazine Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yowun Piyawara - teenage digital Magazine, Magazine, .

05/01/2024
08/09/2023
•Reader's Space සදහා ලිපියක් මෙම  මාසයට තවම ලැබී නැති අතර අගෝස්තු 21 සදුදාට පෙර එවන්නට හැකිනම් බාරගනු ලැබේ•ඔබ කැමති මාතෘ...
18/08/2023

•Reader's Space සදහා ලිපියක් මෙම මාසයට තවම ලැබී නැති අතර අගෝස්තු 21 සදුදාට පෙර එවන්නට හැකිනම් බාරගනු ලැබේ

•ඔබ කැමති මාතෘකාවක්‍ යටතේ ලිපියක් අපගේ Gmail ලිපිනය වෙත එවන්න.
[email protected]

•ලිපිය සමග ලිපියට අදාල Original High Qullity Photos සහ ඒවායෙ Links අමුණා එවීමට මතක තබා ගන්න

ස්තුතියි !
✍🏼♥️
පියවර පිරිවර

ජූලි මාසයේ සගරාව පාඨක ඔබේ අවකාශය වන' Reader's Space ' සදහා ඔබ කැමති මාතෘකාවක්‍ යටතේ ලිපියක් අපගේ Gmail ලිපිනය වෙත එවන්න....
14/07/2023

ජූලි මාසයේ සගරාව පාඨක ඔබේ අවකාශය වන' Reader's Space ' සදහා ඔබ කැමති මාතෘකාවක්‍ යටතේ ලිපියක් අපගේ Gmail ලිපිනය වෙත එවන්න.
[email protected]

•සංස්කාරක මණ්ඩලයේ තේරීමෙන් වඩා හොද මට්ටමේ පවතින ලිපියක් මේ මාසයෙ පල කරනු ලැබේ.

•ලිපිය සමග ලිපියට අදාල Original High Qullity Photos සහ ඒවායෙ Links අමුණා එවීමට මතක තබා ගන්න

•අවසාන දිනය - ජූලි 17 සදුදා

ස්තුතියි !
✍🏼♥️
පියවර පිරිවර

යොවුන් පියවර Teenage Digital Magazine  07 වන කලාපය download කර ගැනීමට පහත link එක යොදා ගන්න.https://drive.google.com/fil...
07/07/2023

යොවුන් පියවර Teenage Digital Magazine 07 වන කලාපය download කර ගැනීමට පහත link එක යොදා ගන්න.

https://drive.google.com/file/d/1ra02JAfmxepDvI8e3-IsEJshjROxbsnY/view?usp=share_link

‘වඩ්ජ්ඩා’ යනු සෞදි අරාබියෙන් බිහි වූ සිනමා කෘතියක්. ‘වඩ්ජ්ඩා’ ධෛර්යය හීන වී ගෙන යන අප වැනි රටක පුරවැසියන්ට ජීවිතයට ධෛර්යයෙන් මුහුණ දීමට අපට කථා කරන චිත්‍රපටයක්. එසේ කීමට කරුණු රාශියක් බලපානවා. ‘වඩ්ජ්ඩා’ යනු පුරුෂ මූලික සමාජයක ස්ත්‍රීයකගේ නිදහස සීමා කරනු ලැබු රටක ස්ත්‍රියක විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්. තමන් ජීවත් වන භූගෝලීය ප්‍රදේශයේ සැබෑ ස්වරූපය සමස්ත ලෝකයාටම ප්‍රකාශ කිරීමට තරම් ධෛර්යයක් ඇති කාන්තාවක් මෙහි අධ්‍යක්ෂවරිය. එමෙන්ම මෙම චිත්‍රපටය මෙවර ඔස්කා සම්මාන උළෙලද නියෝජනය කරන අතර සෞදි අරාබි කාන්තාවක විසින් අධ්‍යක්ෂනය කරන ලද ප්‍රථම චිත්‍රපටයද ‘වඩ්ජ්ඩා’ වෙයි.
චිත්‍රපටයේ ‘වඩ්ජ්ඩා’ යනු ප්‍රධාන චරිතය නියෝජනය කරන දස හැවිරිදි ගැහැණු දරුවකු වන අතර මූලිකව කථාව ගොඩනැගෙනුයේ ‘වඩ්ජ්ඩාගේ මිතුරා සහ ‘වඩ්ජ්ඩා අතර ඇතිවන පුංචි අමනාපකමක් සමගින්ම, මිතුරාට බයිසිකලයක් තිබීමත් ඔහුට තම හැකියාව පෙන්වීමට තරඟයට මෙන් ‘වඩ්ජාද බයිසිකලයක්

මිලදී ගැනීමට දරන උත්සාහයත් සිනමාවේ සියුම් ශක්තීන් භාවිතයෙන් අප වෙත ගෙන ඒමට ‘වඩ්ජ්ඩාගේ ධෛර්ය අභියෝග කරනවා අද දවසේ පාසල් දරුවන්ට.
එමෙන්ම චිත්‍රපටය අපට පැහැදිලි අදහසක් ගෙන එනවා සෞදි අරාබියේ කාන්තාවගේ ඉරණම පිළිබඳව. වාහන පැදවීමට පුරුෂ පාර්ශවය සමඟ සමාජයේ ගැටීමට ඇති ඉඩකඩ ඇහිරීම ස්ත්‍රී අදහස්වලට ඇති අවතක්සේරුව මෙන්ම බයිසිකලයක් පැදීම නිසා කන්‍යාභාවයට හානිවනවාය වැනි පටු තර්ක මෙන්ම ස්ත්‍රී නිදහස සීමා කරන ස්ත්‍රී ජීවිත සුළු කොට සැළකීම කොතරම් ඒ සමාජයේ මුල් බැසගෙන තිබේද ? යන්න පිළිබඳව අපට මතක් කරනවා. අප විවෘත මනසකින් සිතුවොත් මෙවැනි දේ වෙනස් හැඩයක් හෝ ගනිමින් අද දවසේ අප සමාජයේ ස්ත්‍රීයද පීඩාවට ලක් කරනවා නේද ?

නිවසක පවා අම්මාගේ නංගීගේ අදහස්වලට ඇති ඉඩ අල්පයි නේද ? මඟ තොටේදී ස්ත්‍රීයක් වාහනයක් පදවන විට අප ඇය අපහසුතාවයට ලක් වන අයුරින් වාහනය පදවනවා හෝ උසුළු විසුළු කරනවා නේද ? ස්ත්‍රියට ඇයගේ හැකියාවන් වලින් යා හැකි දුර අප අවම කරනවා නේද ? ඇය අධ්‍යාපනය ලැබීමට මහත් ආශාවෙන් ඉද්දී එයට ඇයට බාධා කරනවා නේද ?

අප අවදි වෙමු. ‘වඩ්ජ්ඩා’ සමඟ. මේ ලෝකය වෙනස් කරන්න. ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දෙන්න යහපත් අරමුණු වෙනුවෙන් කැප වෙන්න. සියලු මනුෂ්‍යයන් ලෙස ඒ සමානාත්මතාවෙන් බලන්නට, ස්ත්‍රී පුරුෂ හෝ වෙනයම් භේදයන්ට මනුෂ්‍යයත්වයට බාධා නොවන්නට.

යොවුන් පියවර Teenage Digital Magazine  07 වන කලාපය download කර ගැනීමට පහත link එක යොදා ගන්න.https://drive.google.com/fil...
07/07/2023

යොවුන් පියවර Teenage Digital Magazine 07 වන කලාපය download කර ගැනීමට පහත link එක යොදා ගන්න.

https://drive.google.com/file/d/1ra02JAfmxepDvI8e3-IsEJshjROxbsnY/view?usp=share_link

2014 පමණ කාලයේ සිට තැනින් තැන විටින් විට මතුවෙමින් ආ යුක්‍රේන - රුසියා සංග්‍රාමය 2022 වසරේ පුර්ණ පරිමාණ ආක්‍රමණයක් ලෙසින් මුලු ලොවේම අවධානය දිනාගනිමින් ජිවිත, දේපල හානි ඇතිකරමින් තවමත් ඇවිලෙමින් තිබේ. යුධ ටැංකිවලින්, තුවක්කුවලින්, ප්‍රහාරක ගුවන්යානාවලින් දෙපාර්ශවයම සිදුකරගන්නා දේපල, මිනිස් ජිවිත, පරිසර හානි ලොවට දිනපතා පෙනෙද් දී තවත් යුද්ධයක් ඒ රටවල් දෙක අතර ඇවිලෙමින් තිබේ. ඒ අන්තර්ජාල අවකාශයේ සිදුවන ඩිජිටල් දත්ත යුද්ධයයි.

භුමියේ යුද්ධය ඇවිලීමත් සමග දෙපාර්ශවයම තම තමන්ගේ අවි බලය පෙන්වීමට නොයෙක් විනාශකාරී ක්‍රියාවන්හි නිරතවෙද්දි, තිරය පිටුපස ක්‍රියාත්මත වු සයිබර් අවකාශයේ සටන ගැන දැන් දැන් තොරතුරු නිරාවරණය වෙන්නට පටන්ගෙන ඇත. මේ ගතවන කාලයේ තාක්ෂණික දියුණුවේ අහිතකර බලපෑම්වල උදාහරණ ලැයිස්තුවේ ඉහලින්ම ලියැවෙන කතාව මේ “සයිබර් යුද්ධය” වනු ඇත.

යුක්‍රේන- රුසියා රටවල රජයන් දෙපාර්ශවයම මෙම සයිබර් සටනට සෘජුව දායකවන බව් ඔවුන් මේ සඳහා සහයෝගය දක්වන බව හරිහැටි පිළිනොගන්නත් ඔවුන් මේ සඳහා සහයෝගය දක්වන බව දැන් නොරහසක්. තැන් තැන් වල විසිරී සිටි “හැකර්වරු” එක්කර ගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා පරිදි මේ ක්‍රියාකාරකම් කරගෙන යාමට ඉඩදීම තුලින්ම ඒ බව පැහැදිලිවන අතර එයින් ඉදිරියේදී ඇති විය හැකි අහිතකර බලපෑම නැවත නිවැරදි කල හැකි එකක් නොවනු ඇති සන්නිවේදන, බලශක්ති, භාණ්ඩ හා සේවා, දෛනික ජන ජිවිතය පවත්වාගෙන යාමට අවැසි සියලු කාරණා ආදී දේ නව තාක්ෂණය සමග මුසුකර අන්තර්ජාල පහසුකම් මාර්ගයෙන් ඉටුකරගැනීමට යොමුව තිබු මේ රටවල්, සියලු දේ තාක්ෂණිකව සම්බන්ධ වු වටපිටාවක, සියලු සම්බන්ධතා වල බිඳවැටීම් වලට මුහුණදෙමින් සිටි. දෙපිලකට බෙදී මේ රටවල්වලට උපකාර කරන ඇතැම් රටවල් හා සංවිධානවලටද මේ සයිබර් ප්‍රහාර බලපෑම් එල්ලවෙමින් පවතී.
අන්තර්ජාල වෙබ්පිටු බිඳවැට්ටවීම්, පෞද්ගලික දත්ත සොරාගැනීම්, සන්නිවේදන හා විකාශන සේවා පාලනය පැහැර ගැනීම් මේ සයිබර් යුද්ධයේ මුලික ඉලක්ක බවට පත්ව තිබේ.

killnet යනු රුසියාව තුල ක්‍රියාත්මකවන හැකර් කණ්ඩායමයි. telegream සමුහයක් හරහා එක්වු 100,000 පමණ පිරිසක් තොරතුරු හුවමාරු කරගනිමින් මෙහි ක්‍රියත්මකවන අතර රුසියානු ක්‍රියාකලාපයට සහය දක්වන වෙනත් රටවල පිරිස්ද මේ මෙහෙයුම් වලට සහය දක්වන බව දැන් හෙලිවී ඇත.NATO සංවිධානයේ වෙබ් පිටුව අකර්මණ්‍යය කිරීම, යුක්‍රේනයට යුධ ටැංකි ලබා දෙමින් සහය දක්වන රටවල්වල, රෝහල්වල වෙබ් පිටු හා දත්ත ගබඩා අකර්මණ්‍යය කිරීම මොවුන්ගේ වඩාත් බලපෑම්සහගත සයිබර් ප්‍රහාර ලෙස මේ වන විට තොරතුරු හෙලිවී ඇත.

යුක්‍රේනය තුල බලශක්තිය සම්බන්ධව වැඩකටයුතු කරන සමාගම්වලට එල්ලවන සයිබර් බලපෑමද මේ වනවිට ඉහලගොස් ඇතිබව ඉහලගොස් ඇතිබව තොරතුරු සඳහන් වෙයි.

යුක්‍රේනය තුල සයිබර් ආරක්ෂාව සම්බන්ධව රජයේ මධ්‍යස්ථානය හා සම්බන්ධව කටයුතු කරන IT Army of ukrain සමුහය Telegram හරහා 200,000 අධික සහයෝගී පිරිසක් සමග රුසියාව මෙන්ම මෙම ක්‍රියාකාරීන්ද යෙදි සිටි. සිවිල් සයිබර් ක්‍රියාකාරීන් සහ මිලිටරි සයිබර් ක්‍රියාකාරින් ලෙස දෙපිරිසක් අතික්‍රමණය කරමින් මේ ක්‍රියාවල නිරත වෙයි.

ආර්ථිකව ඉතා අර්බුදකාරී තත්වයක සිටින රුසියාවේ භාණ්ඩ හා සේවා සපයන ප්‍රධාන අන්තර්ජාල දොරටු කීපයක පාලනය අතටගෙන එය අකර්මණ්‍යය කිරීමටIT Army of ukrain වගකිවයුතු බවට තොරතුරු ලැබී ඇත. තවද රුසියාවේ දකුණු ප්‍රදේශයේ දුම්රිය ප්‍රවේශපත් නිකුත්කරන මෙහෙයුම් පද්ධතියද මොවුන් දින දෙකකට අධික කාලයක් අකර්මණ්‍යය කර ඇත. රුසියානු රේඩියෝ නාලිකාවක විකාශනය පැහැරගෙන සාවiය ගුවන් ආක්‍රමණයක් පිළිබඳ තොරතුරු නිවේදනය කරමින් ජන ජිවිතයට බලපෑම් එල්ල කිරීමටද මොවුන් කටයුතු කර ඇත.

සියලු දේ එකිනෙක සම්බන්ධකරමින් නව තාක්ෂණය භාවිතා කරමින් එදිනෙදා වැඩ කටුයුතු කරන ලෝකයක, භු දේශපාලනික පොරපිටියක බලය පෙන්වීමට ඒ තාක්ෂණයම යොදැගැනීම ඉතා අහිතකර අනික් කෙලවරට න්‍යෂ්ටික මිසයිලයක් පවා යැවිය හැක කරමින් දියුණු තාක්ෂණයන් මානව ප්‍රජාවගේ විනාශයටම යොදා ගැනීම කිසිසේත් නොසලකා හැරිමට නොහැකිය. පවතින යුධ තත්වය මැඩපැවැත්වෙන දිනක වුවද, මේ නැඹුරුව හා දත්ත, සමස්ත මානව ප්‍රජාවගේම විනාශයට යොදා නොගනිවියි යැයි වගවිය හැක්කේ කා හටද ?

මුලාශ්‍ර BBC

යොවුන් පියවර Teenage Digital Magazine  06 වන කලාපය download කර ගැනීමට පහත link එක යොදා ගන්න.https://drive.google.com/fil...
09/06/2023

යොවුන් පියවර Teenage Digital Magazine 06 වන කලාපය download කර ගැනීමට පහත link එක යොදා ගන්න.

https://drive.google.com/file/d/1ra02JAfmxepDvI8e3-IsEJshjROxbsnY/view?usp=share_linkc

ඡායාරූපකරණය යන්න සන්නිවේදනය හා නිර්මාණාත්මක කලා අතරින් ප්‍රමුඛතාවයකි. මන්ද, ඡායාරූපකරණය හරහා සිදු කරනුයේ සැබැවින්ම සන්නිවේදන කාර්යයකි. එනම් ඡායාරූප ශිල්පියා හා ග්‍රාහකයා සහ දෙපාර්ශවය අතර පොදු එකගතාවයක් තේරුම් ගැනීමත් උපදවීමත් යන සන්නිවේදන කාර්යය මේ හරහා සිදුවන බව අප සැමට පැහැදිලි වන්නකි. නමුත් විෂේශත්වය වන්නේ ඡායාරූපකරණ සන්නිවේදනයේ පැවැත්ම හා ගුණාත්මකභාවය රඳා පවතින්නේ නිර්මාණශීලීත්වය මත පදනම්වයි. එසේ නම් ඡායාරූපකරණය හා නිර්මාණශීලිත්වය අතර ඇති හාඳකම අවියෝජනීය බව ස්තීරසාර වූවකි.
නිර්මාණශීලිත්වයෙන් තොර ලෝකයට පැවැත්මක් නොමැත. එය එසේම ඡායාරූපකරණයට ද වලංගුවන්නේය. නිර්මාණශීලිත්වය හරහා බුද්ධිමය දායකත්වයක් මෙන්ම හැකියාමය දායකත්වයක් ද සපයන අතර එහි අහුඵලයන් ලෙස නිර්මාණශිල්පියෙකුට ඉහළ මිළක්, සමාජ පෞරුෂත්වයක්, ඒ හරහා අවසානයේදි වෘත්තීයවේදියෙකු හා අදාළ ක්ෂේත්‍රයට කර්මාන්තයට බිහිවීමක් සිදුවීමක් සිදුවන්නේය. ඡායාරූප ශිල්පියාද සැබැවින්ම නිර්මාණශිල්පයෙකි. අප ඇසුරු කරන සමාජයේ ඡායාරූප ශිල්පින් තම පෞද්ගලික පෞරුෂත්වය වර්ධනය කරගෙන ඇත්තේ කෙසේද යන්න හා ඔවුන් වෘත්තීයවේදින් ලෙස ගොඩනැගීම ද සිනමාව, ජනමාධ්‍ය හා මාධ්‍ය කර්මාන්ත තුළ වැජඹෙන අයුරුද ඉහත පැවසු කරුණු සඳහා සනාථන නිදසුනකි. තවද සරලව පැවසුවහොත් ඡායාරූප ශිල්පියා යනු නිර්මාණශිල්පියෙක් වන අතර ඡායාරූපය යනු නිර්මාණයක් වේ.
මෙතෙක් පුන පුනා කීමට උත්සහ දැරූ නිර්මානය යන්න නිර්වචනය කරන්නේ නම් රසවින්දනය කේන්ද්‍ර කරගත් අපූර්ව එනම් පෙර නොවූ විරූ ගොඩනැගුවක්, ඉදිරිපත් කිරීමක් ලෙස පැවසීමට හැක. ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, පතනඅභ්‍යාසය සහ ත්‍රිවේදයන් තුළ නිර්මාණායන් පෝෂණය වේ.
රමණීයත්වය, සෞන්දර්ය, රසය, චමත්කාරය, අපූර්වත්වය, අත්දැකීම්, ආකෘතිය, පරිකල්පනය, ජීවන දෘෂ්ටිය යන්නා වු ලක්ෂණ නිර්මාණයක නිර්මාණාත්මක සන්නිවේදනය ගොඩනගන අත්‍යවශ්‍ය අංගයක් වේ. යම්කිසි රසවින්දනයක්, විනෝදාස්වාදයක්, පෙළඹවීමක්, විඥාපන කාර්යයක් (තොරතුරු සැපයීමේ කාර්යයක්) භාව ප්‍රකම්පනයක්, පණිවිඩ හුවමාරුවක් මෙන්ම ලාභ ඉපැයීමක් ලෙස අරමුණු එකක් හෝ කිහිපයක් මුල්කරගෙන නිර්මාණයක් බිහිවීම ආරම්භ වේ. අත්දැකීම් හරහා නිර්මාණකරුවාගේ මනස තුළ කරන්නා වු භාව ප්‍රකම්පනයන්ගෙන් නිර්මාණකරුවා නිර්මානයන් සිදු කර අවසානයේදී එම භාව ප්‍රකම්පනයන්ම ග්‍රාහකයාට ද උද්ධීපනය කිරීමට උත්සහ දැරීම ශිල්පියෙකුගේ ඉලක්කය වේ.
පොදුවේ ගත් කළ නිර්මාණකරුවෙකු යනු කවුරුන්ද, නිර්මාණ ශිල්පියෙක් යනු කවුරුන්ද, ඔහුගේ කාර්ය භාර්ය කුමක් වන්නේද යන්න ඡායාරූපකරණය තුළ ඡායාරූපශිල්පය මනාව අවබෝධ කර ගැනීම අතිශය වැදගත්ය. ප්‍රථමයෙන් නිර්මාණකරුවෙකු පර්යේෂණ කාර්යයේ නිරත වන්නෙක් විය යුතුමය. එනම් නිර්මාණකරුවෙකු වීමට ප්‍රථම හෝ ඔහු පර්යේශකයෙකු විය යුතුය. තමා නිර්මාණය කරනු ලබන නිර්මාණය හා ඊට අදාල සෑම තොරතුරක්ම පිළිබඳව පුලුල් නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සඳහා නිරන්තරයෙන් තොරතුරු සොයා බැලීම, සංසන්දනය කිරීම, විශ්ලේෂණය කිරීම අත්‍යාවශ්‍යය. එසේම යාවත්කාලීන සමාජ සංවාදයක් නිර්මාණකරුවාට නොඑසේ නම් ඡායාරූප ශිල්පියාට තිබිය යුතුමය. අත්දැකීම් වලින් ප්‍රබලයෙක් විය යුතුයි. විචාරාත්මක බුද්ධියක් තිබිය යුතුයි. පරිශීලන නිර්මාණ ආභාසයද නිර්මාණකරු වැදගත්ය.
උසස් නිර්මාණශීලිත්වයක්, උපක්‍රමණශීලී නිර්මාණාත්මක කුසලතාවයක්, රස ජනනය කිරීමේ කාර්යයක් මෙන්ම යථාර්ථය නිර්මාණයකට භාජනය කිරිමට තේරුම් ගැනීමේ හැකියාවන් සමගම උසස් සන්නිවේදන සංජානන හැකියාවක් සහිත මානුෂීය ඇත්තෙක් විය යුතුය. මෙයින් පැහැදිලි වන්නේ හැකියාව හා පහසුකම් තිබු පමණින් යමෙකු නිර්මාණකරුවෙක් හෙවත් ශිල්පියෙකු නොවන බවයි. කැමරාකරු සහ ඡායාරූපශිල්පියා අතර වෙනස ගොඩනැගෙන්නේ මේ හරහාය. කැමරාවක් තිබු පමණින් එයින් රූප කාචගත කළ හැකි පමණින් නිර්මාණකරුවෙක්, ඡායාරූප ශිල්පියෙක් වන්නේ නැත. නිර්මාණයක් බිහි වන්නේද නැත.
නිර්මාණාත්මක ඡායාරූපකරණය තුළ තේමාව, රූපය හා රූප වින්‍යාසය, චරිත හා වස්තු ගොඩනැගීම මෙන්ම පසුබිම යන මූලිකාංග සතරක් පවතී. තේමාව හරහා තමාගේ අරමුණ තුළ තමාව ග්‍රාහකයාට සංජානනය කරන්නට අවශ්‍ය පණිවිඩය ඉස්මතු විය යුතුයි. එය මූලිකව නිර්මාණකරුට එන අදහස පදනම් ව ඡායාරූපය ගැනීමෙන් (එනම් පෙර නිෂ්පාදන අවධියේදී) හෝ ප්‍රථමයෙන් තමා ලබාගත් ඡායාරූපයට සංස්කරණයක් සමග (පසු නිෂ්පාදන අවදියේදි) නිර්මාණකරුවට අවශ්‍ය පණිවිඩය නිරාකරණය කිරීමත් එයින් මාතෘකා යෙදීමත් කළ හැක. එහිදී රූපයට, හෝ රූප රාමු යොදන්නා වු මාතෘකාව හරහා සෘජුවම තම පණිවිඩය ග්‍රාහකයාට නොදී ව්‍යංගයෙන් සංඥාත්මකව ඉදිරිපත් කිරීමට හැකිනම් එහි නිර්මාණාත්මක ගුණය බොහෝ විට ඉහළ නගී. රූපය සහ රූප වින්‍යාසය තුලදී නිර්මාණාත්මක විය යුතුය. එහිදී වස්තු සංවිධානය, ආලෝකය සංවිධානය, වර්ණ සංයෝජනය යන මූලික පර්යාලෝකයන් තුල කැමරාවෙහි සැකසුම් සැකසීම ඡායාරූප නිෂ්පාදන අවධියේදී සිදු වේ.
එහිදී කැමරා රූප, කැමරා කෝණ ආදිය අවස්ථාචෝචිතව යොදා ගැනීම ද නිර්මාණකරනය තුළ එක් කොටසකි. ඒ ඒ අදාල වු භාව ප්‍රකාශනයන් එලෙසම ග්‍රාහකයාට තාත්විකව දැනවීමට සරිලන සේ රූප රාමු, කෝණ යොදා ගැනීමට මෙම මූලිකාංගය යටතට ගත හැකිය. එසේම චරිත හා වස්තු ගොඩනැගීමද සහ පසුබිම ගොඩනැගීමටද ඡායාරූප පෙර නිෂ්පාදන අවදියේ සිට පශ්චාත් නිෂ්පාදන අවධිය වන සංස්කරණය දක්වා ගොඩනැගෙන්නකි. මේ සියලු කරුණු කාරණා මත පදනම්ව අවසානයේ නිර්මාණය වී ඇති නිර්මාණයත් එහි ගුණාත්මකභාවයත් එසේම ග්‍රාහක ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රියාවලියත් තීරණය වේ.
මේ අනුව ඡායාරූපකරණය හා නිර්මාණකරණය යනු පුලුල් විෂය පතයන් බැවින් සංක්ෂිප්තව ඉහත ඉදිරිපත් කළ අදහස් මගින් ඡායාරූපකරණයට නිර්මාණශීලිත්වය හාදකම් පාන්නේ අවියෝජනීයත්වය සමග යන්නට තහවුරක් දෙමිනි. එබැවින් ඔබද ඡායාරූපකරණය තුළ ශිල්පීයත්වය මගින් නිර්මාණවේදියෙකු වන්නට රුචි නම් මේ සියලු කාරණා තව දුරටත් පුලුල්ව විමසා, අධ්‍යයනය කර අපූර්ව නිර්මාණකරුවෙකු වන්නට මෙය ආරාධනාවක්ම වේවා.
සත්‍යා ප්‍රනාන්දු

යොවුන් පියවර Teenage Digital Magazine  06 වන කලාපය download කර ගැනීමට පහත link එක යොදා ගන්න.https://drive.google.com/fil...
09/06/2023

යොවුන් පියවර Teenage Digital Magazine 06 වන කලාපය download කර ගැනීමට පහත link එක යොදා ගන්න.

https://drive.google.com/file/d/1ra02JAfmxepDvI8e3-IsEJshjROxbsnY/view?usp=share_linkc

සදිප්තා සෙනෙහසේ නවාතැනට දුරකථන ඇමතුමක් දුන්නේ ඉක්මනින් කතාබහ කරන්න වෙලාවක් ඉල්ලලා . ඇයට තිබෙන ප්‍රශ්නය තමයි මෙවරත් ඇය කැම්පස් යන්න සමත් නොවන එක.
ඇගේ දෙමාපියන් කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න කියලා. ඒත් සදිප්තාගේ කැමැත්ත කලාවට. ඇ පළමු සැරේ විද්‍යා අංශයෙන් විභාගය කළා ක්‍ දෙකයි, ී එකයි.
“ඔයා මොනවාද කරන්න හදන්නේ ? ”
ඔයාට ඔය ප්‍රතිඑල වලින් මොනවත් කරන්න බෑ ?
අම්මා, තාත්තා ඇතුළු බොහෝ දෙනෙක් කියන්නේ එහෙම
මටත් හිතාගන්න බෑ මට මොනවාද කරන්න පුළුවන්. මේ ප්‍රතිඵල වලින් කැම්පස් යන්නත් බෑ. මට කරන්න පුළුවන් වෙන දෙයක් ගැන අදහසකුත් නැහැ.
“ගෙදර අය කිව්ව නිසා මේ පාරත් විභාගේ කරාට, ගිය පාරට වඩා ප්‍රතිඵලයක් ලැබෙයි කියලා හිතෙන්නේ නෑ.
මම අදක්ෂ ළමයෙක්. මට තේරෙන්නේ නෑ මොනා කරන්නද කියලා.
ක්‍ දෙකයි ී එකයි කියන්නේ ඔබ උසස් පෙළ සමත් විශ්ව විද්‍යාලයට අවම සුදුසුකම් තිබෙන කෙනෙක් කියන එකයි. අදක්ෂයෙක් නොවෙයි. ලංකාවේ විශ්ව විද්‍යාලවලට ඒවායේ ඉඩකඩ අනුව සීමිත පිරිසක් ගන්න නිසා තමයි ඔයාට විශ්ව විද්‍යාලයට යන්න බැරි.. ඔයාට උපාධියක් හදාරන්න අඩු සුදුසුකමක් තිබෙනවා ”
අනාගත රැකියාවක් ගැන නිශ්චිත අදහක් නැති වීම නිසා ඔබ අදක්ෂයෙක් හා කිසිම දෙයක් බැර කෙනෙක් වෙන්නේ නැ...
අපිට රැකියා ලෙස පෙන්වලා තියෙන්නේ ීජසැබජැ කළොත් වෙද්‍යවරයෙක්, ඵ්එයි කළොත් ඉන්ජිනේරුවරයෙක් වැනි පටු ක්ෂේත්‍රයක්. ඔබට කරන්න හැකි බොහොදෙ තිබෙනවා අපි එකක් තෝරාගමු.
ඒ කතා බහත් එක්ක සදිප්තා ලොකු නිදහසක් ලැබුවා. තමා අදක්ෂයෙක් නොවන බව තේරුම් ගත්තා. කරන්න වැඩ ඕනෑ තරම් තිබෙනවා. කැමිපස් සිහිනයක් විතරක් ම නොවයි.

යොවුන් පියවර Teenage Digital Magazine  06 වන කලාපය download කර ගැනීමට පහත link එක යොදා ගන්න.https://drive.google.com/fil...
09/06/2023

යොවුන් පියවර Teenage Digital Magazine 06 වන කලාපය download කර ගැනීමට පහත link එක යොදා ගන්න.

https://drive.google.com/file/d/1ra02JAfmxepDvI8e3-IsEJshjROxbsnY/view?usp=share_linkc

හෙල්මට් හෙවත් හිස් ආවරණ නොමැතිව මෝටර් සයිකලයක ඉගිල්ලී යන්නට හදන පාසල් වයසේ නව යෞවනයන් තුන්දෙනෙකුට එහි ඇති භයානකකම ගැන අවවාද කළ එක් දරු පියෙකු එම යෞවනයන් විසින් කළ පහරදීමක් නිසා මිය ගියේය.
මේ ඛේදනීය මිනිමැරීම ගැන ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සිදුවු කතාබහ නව යෞවනයන් වෙත දෝෂාරෝපණය කිරීමට පමණක් සීමා වී තිබිණි. නව යෞවනයා හා මෝටර් සයිකල් ගැන ඊට වඩා පුළුල් කතාබහක් අවැසි බවයි අපේ හැඟීම.
කැපී පෙනීම
නව යෞවනයාට ආවේණික ලක්ෂණයක් වන්නේ ‘තමා කියන කෙනෙක් සිටින බව’ හෙවත් ස්වසංකල්පය ඇති වීමයි.
මේ ‘තමා’ ව ප්‍රකාශ කිරීමට ඔහුට/ඇයට ස්වභාවික වුවමනාවක් පවතී. තමා සිටින බව, තමාත් ‘යමෙකු’ බව ඒත්තු ගැන්වීමේ වුවමනාව ‘කැපී පෙනීමට’ ඇති යොමුවක් ලෙසද හඳුනාගත හැක.
පංතිකාමර ඉගෙනීම තුළ කැපි පෙනේන්නේද, ක්‍රීඩා වැනි අප රට තුළ යෞවනයාට ඇති සීමිත ක්ෂේත්‍රවල කැපි පෙනීමට හැක්කේද නව යෞවන යෞවනියන්ගේ සුළු පිරිසකට පමණි. තවත් පිරිසකට පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ඊට අවස්ථාවක් නොලැබේ.
මෝටර් බයික් හා රංචුව
‘පාපැදියක්’ පැදීම මෝටර් සයිකල් නැති යුගයේ නව යොවුන් පිරිමි දරුවෙකුගේ සිහිනයක්. පාපැදියෙන් රංචු ගැසි ගමන් බිමන් යාම එකල තාරුණ්‍යයේ ප්‍රකාශනයක් විය. එය නව යව්වනයා කිසියම් දක්ෂතාවයක් අත්පත් කර ගැනීමකි.
පාපැදියේ තැන අද මෝටර් බයික් විසින් ඊට වඩා විශාල ආකර්ශනයක් සහිතව අත්පත් කරගෙන ඇත. එයට මෝටර් බයික් පිළිබඳ වෙළඳපොළ ප්‍රචාරණය ද ඉවහල්වී ඇත.
විවිධ මාදිලියේ මෝටර් සයිකල් ගැනත් ඒවායින් ඉගිල්ලිී ගමන් කිරිමේ යෞවන වීරත්වයක් ගැනත් ප්‍රචාරණය යෞවන හා තරුණ පරම්පරාව පමණක් නොව ස්ත්‍රීයද ඉලක්ක කොට ඇත.
වෙළඳ දැන්වීම් පමණක් නොව, චිත්‍රපටි තුළින්ද මේ මෝටර් සයිකල් උන්මාදයට තල්ලුවක් ලබා දේ.
විරුද්ධ ලිංගික ආකර්ශනය
ශ්‍රී ලංකාවේ එක්තරා ජනප්‍රිය මෝටර් සයිකල් වෙළඳ දැන්වීමක අදහස පහත පරිදි විය.
අහවල් වර්ගයේ මෝටර් සයිකලයක හිමිකරුවෙකු වෙත්නම් ප්‍රේමවන්තියක් ඔබව සොයාගෙන එන අතර ප්‍රේමවන්තියගේ පවුලේ අයද ඔබට කැමැති වනු ඇත.
විරුද්ධ ලිංගික ආකර්ශනය නමැති යෞවනයේ තවත් ස්වභාවික ලක්ෂණයක් සමඟ මෝටර් සයිකල් බද්ධ කොට අළෙවි ප්‍රවර්ධනය සිදු කිරීම තරුණ, තරුණියන් දෙපක්ෂයටම බලපෑමක් කර ඇත.
මීට කළකට පෙර කප්පම් ගැනීම සඳහා ප්‍රාථමික පාසල් සිසුවෙකු පැහැරගෙන ගොස් මරා දැමු තරුණයෙකු පාපොච්චරණය කර තිබුණේ, තමාගේ පෙම්වතියගේ ආසාව ඉටුකිරීම තමන් අහවල් වර්ගයේ මෝටර් සයිකලයක් ගැනීමට එම පැහැර ගැනීම කළ බවත්, තමාට එම සිසුවා මැරීමට වුවමනාවක් නොතිබු බවත්ය.
මෙවැනි සිදුවීම් විශාල ගණනක් සමාජය තුළ සැඟවී ඇත. මෝටර් සයිකල් උන්මාදය ජීවිතයේ වගකිම් ගැන, ස්වභාවය ගැන ගැඹුරු හැගීමක් නැති නව යෞවනයට බරපතළ විනාශයක් කැඳවා ඇත.
ආර්ථික ප්‍රශ්නය හා මව්පියන්
මෝටර් සයිකලයක් ගැනීම පහසු කටයුත්තක් නොවේ. එසේම එය නඩත්තු කිරිමද පහසු නැත. ‘පෙට්ට්‍රල්’ ගැසීමට වූවද විශාල මුදලක් අවශ්‍යය. ලීසිං ක්‍රමයට ඉක්මනින් ගත හැකි වුයද නව යව්වනයට ඒ සඳහා දෙමාපිය, වැඩිහිටි මැදිහත්වීම අවශ්‍යය.
තමන් හරි හම්බ නොකරන නව යෞවනයාට මෝටර් සයිකලයක් ගැනීම මෙන්ම නඩත්තු කිරීම කියන්නේම දෙමව්පියන් විසින් වැය කළ යුතු දෙයකි. මත්ද්‍රව්‍යවලට මුදල් සොයන්නා සේ මොටර් බයික් පවත්වා ගන්න මුදල් සොයන අය වෙති.
නව යොවුන් දරුවන්ට දෙමාපියන් විසින් මෝටර් සයිකල් අරන් දීම රෝද දෙකක් සවි කළ මිනි පෙට්ටියක් අරන් දීමක් බවට පත්වන අවස්ථා රැසක් පසුගිය කාලය තුළ වාර්තා වී ඇත.
‘පුතා දිගින් දිගටම මෝටර් සයිකලයක් ඉල්ලුවා. දහ අට වැනි උපන් දිනයට මම අරන් දුන්නා. රු. 100 000 ක් ණයටත් අරගත්තා. දවස් දෙකයි දෙයියනේ ගියේ. එයා ගෙදර ආවේ මිනි පෙට්ටියකින්’
යව්වනයන්ගේ මෝටර් සයිකල් මරණ පිටුපස මෙවැනි කතා රැසකි. විශේෂයෙන් මව්වරුන් ව ඒ සඳහා නම්මවා ගන්නට යොවුන් පුතාලා සමත් වේ.
‘මම අපේ බිරිඳට කිව්වා ඔය වැඩේ කරන්න එපා කියලා. තමන් හරි හම්බ කරලා මෝටර් සයිකලයක් ගන්න තුරු අපි අරන් නොදී ඉමු කියලා. ඒත් අම්මයි පුතයි එකතුවෙලා මම කිව්ව දේ ඇහුවේ නෑ. අපිට හිටියේ එකම පුතායි. එයාව නැති කරගත්තා විතරක් නෙවෙයි තවත් පවුලක දරුවෙකුත් නැති වුණා. ඒ නැති වුණු දරුවත් ඒ පවුලේ එකම පිරිමි දරුවා. පවුල් දෙකම විනාශ වුණා.’ ඒ තවත් තාත්තා කෙනෙකුගේ අත්දැකීමක්.
‘හුගාක් යෞවනයෝ මෝටර් සයිකල් පදින්නේ බලපත්‍ර නැතිව. දෙමව්පියන්ටත් ඔවුන්ව පාලනය කරන්න බැරිවෙලා. වෙළඳපොළ බලවේග විසින් හා ආවේග විසින් ඔවුන්ව පාලනය කරනවා. ඔවුන් බහුතරය මව්පියන්ගේ දරුවෝ නොවෙයි. වෙළඳපොළ ක්‍රමයේ දරුවෝ. මම නම් කියන්නේ රෝද හතරට කෙසේ වෙතත් රෝද දෙකට ලයිසන් දෙන්න ඕනි වයස අවුරුදු 25 ක් වත් උනාම’
ඒ කතාව කිව්වේ බලපත්‍ර නැතිව පැදවු මෝටර් සයිකලයක් හැපි සදාකාලික අකර්මන්‍යතාවයට පත්ව සිටින තිදරු පියෙක්.
අනතුරු හා සමාජ පිරිවැය
ලංකාවේ මහා මාර්ග අනතුරු වලින් වැඩීම ප්‍රතිශතය මෝටර් සයිකල් අනතුරු. ඒ මගින් අහිමි වන ජීවිත පූර්ණ හෝ අර්ධ අකර්මන්‍යයතාවයට ලක්වන ජීවිත, දරුවන් හා මව්පියන් අහිමි වීම නිසා පවුල්වලට අහිමි වන ආර්ථීක හා සමාජීය අහිමිවීම් ගත් විට එය විශාල ආර්ථීක හා සමාජ පිරිවැයක්.
මෝටර් සයිකල් අනතුරු රටක මුලු අනතුරුවල ප්‍රතිශතයක් ලෙස ගත් විට, පොදුවේ 40% ක් පමණ වෙනවා. ඒ අනතුරුවලින් වැඩිම ප්‍රතිශතයක් අවුරුදු 25 ට අඩු පුද්ගලයින් අතින් සිදු වන බව හඳුනාගෙන තිබෙනවා. බොහෝ විට මෝටර් සයිකල් අනතුරුවලට හේතු වන්නේ අධික වේගය, අනාරක්ෂීතව පැදවීම, මාර්ග නීති පිළිනොපැදීම ආදියයි.
මෝටර් සයිකලයක හිමිකරුවෙකු වීමට එහා ගිය ජීවිත ඉලක්කයක් ඇති කරගන්න හැකි නව යෞවනයන් බවට නව යෞවනය පත් කරන්න වැඩිහිටි පරපුර හා අධ්‍යාපන ක්‍රමය සමත් විය යුතුයි. එසේ නොමැතිව සිදුවීමක් සිදුවූ විට ඒ ගැන විවිධ අදහස් පළ කිරීම තේරුමක් නෑ.

සෙනෙහස නවාතැන
සදිප්තා සෙනෙහසේ නවාතැනට දුරකථන ඇමතුමක් දුන්නේ ඉක්මනින් කතාබහ කරන්න වෙලාවක් ඉල්ලලා . ඇයට තිබෙන ප්‍රශ්නය තමයි මෙවරත් ඇය කැම්පස් යන්න සමත් නොවන එක.
ඇගේ දෙමාපියන් කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න කියලා. ඒත් සදිප්තාගේ කැමැත්ත කලාවට. ඇ පළමු සැරේ විද්‍යා අංශයෙන් විභාගය කළා ක්‍ දෙකයි, ී එකයි.
“ඔයා මොනවාද කරන්න හදන්නේ ? ”
ඔයාට ඔය ප්‍රතිඑල වලින් මොනවත් කරන්න බෑ ?
අම්මා, තාත්තා ඇතුළු බොහෝ දෙනෙක් කියන්නේ එහෙම
මටත් හිතාගන්න බෑ මට මොනවාද කරන්න පුළුවන්. මේ ප්‍රතිඵල වලින් කැම්පස් යන්නත් බෑ. මට කරන්න පුළුවන් වෙන දෙයක් ගැන අදහසකුත් නැහැ.
“ගෙදර අය කිව්ව නිසා මේ පාරත් විභාගේ කරාට, ගිය පාරට වඩා ප්‍රතිඵලයක් ලැබෙයි කියලා හිතෙන්නේ නෑ.
මම අදක්ෂ ළමයෙක්. මට තේරෙන්නේ නෑ මොනා කරන්නද කියලා.
ක්‍ දෙකයි ී එකයි කියන්නේ ඔබ උසස් පෙළ සමත් විශ්ව විද්‍යාලයට අවම සුදුසුකම් තිබෙන කෙනෙක් කියන එකයි. අදක්ෂයෙක් නොවෙයි. ලංකාවේ විශ්ව විද්‍යාලවලට ඒවායේ ඉඩකඩ අනුව සීමිත පිරිසක් ගන්න නිසා තමයි ඔයාට විශ්ව විද්‍යාලයට යන්න බැරි.. ඔයාට උපාධියක් හදාරන්න අඩු සුදුසුකමක් තිබෙනවා ”
අනාගත රැකියාවක් ගැන නිශ්චිත අදහක් නැති වීම නිසා ඔබ අදක්ෂයෙක් හා කිසිම දෙයක් බැර කෙනෙක් වෙන්නේ නැ...
අපිට රැකියා ලෙස පෙන්වලා තියෙන්නේ ීජසැබජැ කළොත් වෙද්‍යවරයෙක්, ඵ්එයි කළොත් ඉන්ජිනේරුවරයෙක් වැනි පටු ක්ෂේත්‍රයක්. ඔබට කරන්න හැකි බොහොදෙ තිබෙනවා අපි එකක් තෝරාගමු.
ඒ කතා බහත් එක්ක සදිප්තා ලොකු නිදහසක් ලැබුවා. තමා අදක්ෂයෙක් නොවන බව තේරුම් ගත්තා. කරන්න වැඩ ඕනෑ තරම් තිබෙනවා. කැමිපස් සිහිනයක් විතරක් ම නොවයි.

දෙමව්පියන්ට අපගේ ජීවිතයට කොතරම් දායකත්වයක් දැක් විය හැකිද ? යන්න පිළිබඳව ඔබ මීට පෙර සිතා බලා තිබෙනවාද ?දෙමව්පියන්ට පමණක්...
09/06/2023

දෙමව්පියන්ට අපගේ ජීවිතයට කොතරම් දායකත්වයක් දැක් විය හැකිද ? යන්න පිළිබඳව ඔබ මීට පෙර සිතා බලා තිබෙනවාද ?
දෙමව්පියන්ට පමණක් නොව, වැඩිහිටියන්ටද අපගේ ජීවිතයට දැක්විය හැකි බලපෑම මහඟුය. මෙම දායකත්වය ධනාත්මක ලෙසින්ද සෘණාත්මක ලෙසින්ද බලපා හැක. ජීවිතය ජයගත් බොහෝ මිනිසුන්ට තමන් අගය කළ, ඔවදන් ලබා ගත් වැඩිහිටි පුද්ගලයන් නොසිටියාය කිවහොත් මා සාවද්‍යය. කෙසේ වෙතත් වෙනත් පුද්ගලයෙකු විසින් හෝ එසේත් නැත්නම් ඔබේම දෙමව්පියන් ඔබට දක්වන සහයෝගය හා ධනාත්මක බලපෑම නිසා ඔබගේ ජීවිතයේ ගන්නා තීරණ රඳා පවතින්නේ නම් ඔබේ ජීවිතය ගැන නැවත වරක් හැරී බැලිය යුතුයි.
ඔබේ හිත මිතුරන්, දෙමව්පියන් වැඩිහිටියන් වන ඔබ ජීවත් වන සමාජය ද ඔබ එදිනෙදා වාසය කරන නිවස, පාසල යන ඔබ වටා ඇති ඒ පරිසරයද ඔබේ පාලනයෙන් වෙන්ව පවතිනා සාධකයක් ය. නමුත් ඔබ තුල ඇති කර ගත් යුතුම ගුණාංගයක් ඇත. ලෝකය ජයගෙන ලෝකය තුල නව දැක්මක් වෙනසක් ඇති කිරීමට ක්‍රියාකල මිනිසුන් තුල පමණක් ඇති මේ ගුණාත්මක ලක්ෂණය ඔබ තුලද ඇති කර ගැනීමට අද මම ඔබට ආරාධනා කරමි. එය ස්වයං - විනය නම් වේ. අවට පරිසරය කෙසේ වූවත්, ඔබේ මිතුරන් කෙසේ කාලය කා දැමුවත්, ඔබේ ආදරණීය දෙමව්පියන් ඔබට කුමන දායකත්වයක් ලබා දුන්නත් ඔබ ස්වයං විනයක් ඇති කරගත් යෞවන, යෞවනියක් නම් ඔබ ජීවිතය ජය ගනිවි නිසැකයෙන්ම.
ස්වයං විනය දැඩි අධිෂ්ඨානයක් හා ස්වකැමැත්තක් ඇතිව කැප වී වැඩ කිරීමෙන් පමණක් ලගා කර ගත හැකි ඉතා වටිනා ගුණාංගයකි.
ස්වයං විනයක් ඇති කර ගත් කෙනෙකුගේ ඇති ප්‍රධානම ලක්ෂණය නම් ීැකf ඵදඑසඩ්එසදබ වේ. ඔබේ සියලු කටයුතු වලදී ඔබට සහය වන ඔබට මග පෙන්වන ඔබේම මිතුරා බවට පත්වන්නේ ඔබමය. ඔබ මතක තබා ගත යුතු කාරණය වන්නේ ඔබේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඔබේ වන බවත් ඔබ කාලයක් ගත් තීරණ නිසා අද ඔබ සිටින තැන ඔබට උරුම වී ඇති බවත්ය. අපගේ ජීවිතවලට අරමුණක් තිබිය නොහැකිද ? ඔබ මෙලොවට පැමිණ ඇත්තේ කාලය කා දැමීමටද ? නැතිනම් ජීවත්වන ටික කාලයට ලෝකය වෙනස් කිරීමටද ? අප සියල්ලන්ටම හැකියාවන් සහ දුර්වලතා වැඩි අඩු වශයෙන් ඇති, නමුත් සියයට එකක ජනතාවකට ආසන්න පිරිසක් පමණක් තම හැකියාවන් හඳුනාගෙන දුර්වලතා මග හරවාගෙන ජීවිතය ජය ගනී.

මෙම සුන්දර භූ තලයේ ඉපදී ඉපදු පමණින් ජීවත්වන තවත් එක් මනුස්සයෙක් වනවාට වඩා ජීවිතයේ කම්කටලු මගහරවාගෙන ලෝකයට, ඔබේ දෙමව්පියන්ට කුරුසයක් නොමවි ජීවිතය ජය ගැනීමට අධිෂ්ඨාන කර ගන්න.
එසේ නම් ස්වයං විනයක් ඇති කර ගන්නේ කෙසේද ?
ඔබ ඉතා තරබාරු අයෙකුනම් ඔබ හොදාකාරවම දන්නා කාරණය තමා අධික ලෙස ආහාර පරිභෝජනය ඔබේ එම තත්ත්වයට හේතු වී ඇති බව. ඒ ආකාරයෙන් ඔබට ස්වයං විනයක් නැති වීමට හේතුව සොයා ගත් විට ඔබට ස්වයං විනයක් ඇති කර ගැනීම තවත් පහසු වේ.
විද්‍යා වාර්තා හා සමික්ෂණ පෙන්නුම් කරන්නේ මිනිසෙකු ලෙස ඇති කර ගත යුතු ස්වයං විනය නැති වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ දුර්වල
මානසික මට්ටම්ය. මෙය තවත් අතකින් දුර්වල මානසික සෞඛ්‍ය මට්ටමක් ලෙසද දැක්විය හැක. දැන් ඔබට වැටහෙනවා ඇති, මා පෙර ්රඑසජකැ වලදීද මානසික සෞඛ්‍ය පිළිබඳ එතරම් දැඩි උනන්දුවක් දක්වන්නට වූ කාරණය පිළිබඳව, ස්වයං විනයක් ඇති වන්නේ තමන් පිළිබඳ හොඳ තේරුම් ගැනීමක් ඇති කරගත්, අවට පරිසරය පිළිබඳ හොඳ අවධානයක් යුත්, තම ජීවිතයේ වටිනාකම තේරුම් ගෙන තම හැකියාවන් හා දුර්වලතා හඳුනාගත් මානසික සෞඛ්‍යයක් හිමි අයෙකුට පමණි.
කෙසේ වෙතත් ස්වයං විනයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන ඔබ සැමට එය සඳහා ප්‍රවේශ මාර්ග කිහිපයක් ම ඇත.
01. අඛණ්ඩ ලෙස ව්‍යායාම්වල නිරත වීම
මෙහිදි මා විසින් විශේෂයෙන්ම කිව යුතු කාරණය නම් තමන්ගේ ශරීරයට දරා ගත නොහැකි විටදි එය නොසලකා හැර අධිෂ්ඨානශීලිව තම මනස පාලනය කර ගෙන කරන අඛණ්ඩ ව්‍යායාමයයි. නැති වී ගිය ස්වයං විනය හා මානසික සෞඛ්‍ය ඇති කර ගැනීමට විද්වතුන් පෙන්වා දෙන ප්‍රධානතම ක්‍රමය මෙය වේ. මා විසින්ද මෙය පෞද්ගලිකව භාවිතා කර ප්‍රතිඵල අත්විඳ ගත් ක්‍රමයක්, මගෙන් ගිලිහී ගිය ජීවිතය මට යලි ලබා දීමට හැකියාව ලබා දුන්නේ අඛණ්ඩ ව්‍යායාම්වල නිරත වීමය. මෙහිදී මතක තබා ගත යුතු කාරණය වන්නේ නොකඩවා අවම දින 22-30 මෙහි නිරත වීමය. ඕනෑම දෙයක් එතරම් කාලයක් නිරත වන විට ඔබේ මනස එයට හුරු වී පුරුද්දක් බවට පත්වන්නේය. ඔබම සිතා බලන්න ලොව ජයගත් සාර්ථක මිනිසුන් බොහොමයක් පාහේ මෙම ක්‍රමය භාවිතා කරනු ඇත.
02. භාවනාව
භාවනාව නැතහොත් ඵැාසඒඑසදබ පිළිබඳව ඔබ සියලු දෙනාම අසා ඇත. නමුත් කවදාවත් උත්සාහ කිරිමට නම් පෙළඹුනේ නැතිව ඇති. තවත් සමහරෙක් එක්වර උත්සාහ කර බලා එය නිශ්ඵල ක්‍රියාවක් යැයි අත හැර දමා ඇත. ඊට ප්‍රධානතම හේතුව වන්නේ භාවනාව පිළිබඳ අප දකින්නේ පූජ්‍ය පක්ෂය විසින් පමණක් සිදු කරන අලස ක්‍රියාවන් ලෙසම නමුත් අඛණ්ඩ භාවනාව නිරත වෙන 0.01 සාර්ථක මිනිසුන් එහි වටිනාකම හොදාකාරවම දැනුවත්ය. නමුත් වසර 13 ක් පුරා පොත් පුරවලා කඩපාඩම් කරන්න උගන්වන ෑාමජ්එසදබ ීහිඑැප එකක් තුල ජීවිතයේ සාර්ථකත්වය සොයන්නට නොහැකිය. නමුත් ඔබ සමාජ ජාලා වල නොඉවසිල්ලෙන් සැරිසරන විට ඵැාසඒඑසදබ යැයි ඇතුලත් කළොත් මටත් වඩා හොඳට එහි වටිනාකම ඔබටම සොයා බලා ගත හැකියි. එම නිසා රැල්ලට නොයා ඕනෑම දෙයක් පිළිබඳ
තාර්කික බුද්ධියකින් පැහැදිලි දැක්මක් හොඳ තීරණයන් මගින් නිගමනයකට පැමිණීම ඔබව ඉහලට ඔසවා තබයි.
ස්වයං විනයක් ඇති කර ගත හැක්කේ යහපත් මානසික සෞඛ්‍යයක් තුල පමණි. එම නිසා සෑම විටකම මතක තබා ගත යුතු කාරණය නම් ඔබේ මානසික සෞඛ්‍යයට හිතකර දෑ වල පමණක් යෙදිමයි. ඔබගේ මනස විකෘති වන දේවල් වලින් වැලකී සිටීමට සෑම විටකම උත්සාහ කරන්න. එවිට ඔබටත් ස්වයං අභිප්‍රේරණයකින් යුත් විශිෂ්ඨ වූ පුද්ගලයෙකු ලෙස නැගිටීමට හැකියාව ලැබෙනු ඇත.

Address


Telephone

+94762229879

Website

Alerts

Be the first to know and let us send you an email when Yowun Piyawara - teenage digital Magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yowun Piyawara - teenage digital Magazine:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share