Sanka Dissanayake

  • Home
  • Sanka Dissanayake

Sanka Dissanayake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanka Dissanayake, Digital creator, .

16/09/2024
16/09/2024
05/12/2023

“බිරිඳ සහ පෙම්වතියගේ වෙනස"

”මහාචාර්යවරයා දේශනයක් පැවැත්තුවා. අතරමග දි ඔහු ප්‍රශ්නයක් ඇසුවා.

“බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?”
දේශන ශාලාවේ එක එක අය විවිධ පිළිතුරු දුන්නා.
වඩාත් සිත්ගන්නා සුලු පැහැදිලි කිරීම තමයි මේ.
මේක කළේ රෝමියෝ. Charley Romeo.

“භාර්යාව රූපවාහිනිය වගෙයි., පෙම්වතිය ජංගම දුරකථනය වගෙයි.”
“පැහැදිලි කරන්න බලන්න.” මහාචාර්ය තුමා එහෙම කිව්වා.
දැන් චාලි ගොයියා විස්තර කරනවා ඒ ගැන.

“ගෙදරදි ටීවී බලනවා නෙ. ඒ වුණාට එළියට යද්දි මොබයිලය අරගෙන යනවා.එක්කෝ පපුවට තුරුළු කරගෙන. එහෙම නැත්තම් කකුලේ ගෑවි ගෑවි ...
“සමහර වෙලාවට රූපවාහිනිය රස විඳිනවා. ඒ වුණාට මොබයිල් එකත් එක්ක සෙල්ලම් කරනවා.

“රූපවාහිනිය ගන්න වෙලාවෙදි වියදම් ගියාට, පාවිච්ච් කරන්න පුළුවන් නොමිලේ. ඒ වුණාට ජංගමේට ගෙවන්න ඕන. චුට්ටක් හරි අමතර සේවයක් ලබා ගත්තොත් අමතර ගාස්තු එකතු වෙනවා. ගෙවන්නෙ නැතුව හිටියොත් සේවය අත්හිටුවනවා. ආපහු සේවය ලබා ගන්න ඕන නම් අමතර ගාස්තුත් ගෙවන්න වෙනවා.

“රූපවාහිනිය ලොකුයි, මහතයි. අනෙක ඒක පරණයි නෙ දැන්.
“මොබයිලය ඒ වගේ ද? හුරුබුහුටියි, කෙසඟයි, හැඩයි, යන යන තැන අරගෙන යන්නත් පුළුවන්. ඕන නම් වෙන එකකට මාරු කරගන්නත් පුළුවන්. ටී. වී. එකේ කොහෙත් ම ඒ ලක්ෂණ ඇත්තේ ම නෑ.

“නඩත්තු වියදම් පැත්තෙන් ගත්තා ම, රූපවාහිනිය නඩත්තු වියදම් එක්තරා සීමාවකට පවත්වා ගන්න පුළුවන්. ඒත් ජංගමේ නඩත්තු වියදම් වැඩියි. ඒ වගේ ම ජංගමේ විධාන සැරයි.

“රූපවාහිනියට දුරස්ථ පාලකයක් තිබුණාට. ජංගමේට එහෙම එකක් නෑ.
“මේ ඔක්කොටෝ ම වඩා වැදගත් ම සාධකය මෙය යි.

“ජංගමෙත් එක්ක සංවාද කරන්න පුළුවන්. ඒත් රූපවාහිනියත් එක්ක සංවාද නෑ. අහගෙන ඉන්න විතරයි තියෙන්නෙ. ඔබ කැමති වුණත් නැති වුණත් අහගෙන ඉන්න ම වෙනවා. ඒකේ දෙකක් නෑ.

හැබැයි රජෝ. රූපවාහිනියේ උසස් ම ගුණාංගය තමයි ‘වයිරස්’ නැති එක. ඒ වගේ ම මොබයිල වලින් වැඩි හරියක් වයිරස් ම තමයි.

මුල් සටහන - Charley Romeo

04/10/2023

Ahi Dara Pawa (ඇහි දාර පවා) | Group Song | Dream Star Season 11 | TV DeranaWatch Full Episode : https://youtu.be/uZA_LiNtw8kDream Star Season 11 | Top 11 ( T...

🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
17/09/2023

🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

7.11. සුනික්ඛිත්ත විමානය

23/08/2023
රත් පැහැයෙන් සිරි පා යුග     දිලෙනාසක් ලකුණින් දික් විළුඹින්       සැදුනාසෙමෙර චත්‍ර සිරියෙන් ද    බැබලෙනාඅන්න බලන් පුත ...
14/08/2023

රත් පැහැයෙන් සිරි පා යුග දිලෙනා
සක් ලකුණින් දික් විළුඹින් සැදුනා
සෙමෙර චත්‍ර සිරියෙන් ද බැබලෙනා
අන්න බලන් පුත සමිදුන් වඩිනා

සාක්‍ය කුලේ සිවු මැලි කුමරාණෝ
සොඳුරු ලකුණු පිරි පිං සිරුරාණෝ
ලොව සෙතටම වැඩි වීර නරාණෝ
අන්න බලන් පුත බුදු සමිදාණෝ

පුන් සඳ සේ බබලන නිල් අහසේ
දෙව් මිනිසුන් නෙත් සනසන සිත්සේ
වඩින ගමන ඇත් රජුගෙ විලාසේ
නරඹනු පුත සමිදාණන් සිත්සේ

රජ කුලයේ බුදු සමිඳු උපන්නේ
දෙවි මිනිසුන් පා යුග නමදින්නේ
සීල සමාධි සිත තුල පිහිටන්නේ
අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ

නිල් වන් පාටින් නෙත් යුග දිලෙනා
තුන්ග සුසන්ඨිත නාසය තිබෙනා
ඇහි බැම දේදුනු යුගල විලසිනා
අන්න බලන් පුත සමිඳුන් වඩිනා

බබලන තෙද සිහ රජෙකුගෙ වැන්නේ
සිව්මැලි බව මුව රජෙකුගෙ වැන්නේ
රන් වන් රැස් සිරුරෙන් විහිදෙන්නේ
අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ

සිනිඳු සොඳුරු මිහිරෙන් හඬ නැගෙනා
හිඟුල සුරත් පැහැ දිවකින් සැදෙනා
විස්ස බැගින් සුදු දත් පෙළ දිලෙනා
අන්න බලන් පුත සමිඳුන් වඩිනා

නිල් පාටින් සිරසේ කෙස් බැබලේ
රන් වන් රැස් විහිදෙනවා නළලේ
ඌර්ණ රෝම ධාතුව වත කමලේ
බුදු සමිඳුගෙ මුළු සිරුරම බැබලේ

නිල් අහසේ පුන් සඳ පායන් නේ
සඳවට කොට රන් තරු බැබලෙන් නේ
මුණි සඳ ස්‍රාවක මැද සුදිලෙන් නේ
අන්න පුතේ බුදු සමිඳු වඩින් නේ

🙏🙏🙏
01/08/2023

🙏🙏🙏

බොහෝ බෞද්ධයන් ද සිතා සිටින්නේ මෙම උතුම් සිල්පද සුරැකිය යුත්තේ ජීවිතයේ අවසාන කාලයේ බව ය. ඔවුන් හට මේ ලැබුණු උතුම් ම...

05/07/2023

පින්වත් ස්වාමීන් වහන්ස, යෝනිසෝ මනසිකාරය නිවැරදිව වඩන ආකාරය ගැන සරලව පහදා දෙන්න. යෝනිසෝ මනසිකාරයේ යෙදීම යනු ධර්මය...

Address


Telephone

+94768532905

Website

Alerts

Be the first to know and let us send you an email when Sanka Dissanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanka Dissanayake:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share