Right way Sri Lanka

  • Home
  • Right way Sri Lanka

Right way Sri Lanka හරි විදිහට හරි තැනින් ඉගෙන ගන්න

13/09/2022

සුවිසල් යුගයක අවසානය "දෙවන එලිසබෙත්"

Our deepest and heartfelt condolences to the entire Royal Family for the the loss of Her Majesty Queen Elisabeth II. May the Queen Rest In Peace.

Travello DL⭕
travellodl.blogspot.com/
www.instagram.com/travello_dl/

එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි හෙවත් දෙවන එලිසබෙත් මහ රැජිණ 1926 වසරේ අප්‍රේල් මස 21 වන දින මෙලොව එලිය දුටුවා. 1953 වසරේ ජූනි මස 02දා ඇය මහා බ්‍රිතාන්‍ය ඇතුලු හිරු නොබසින අධිරාජ්‍යයේ මහා රාජිණිය බවට පත්වුනු අතර වසර 70කට අධික කාලයක් වූ ඇගේ ධූර කාලය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයයි. අද දින (2022-09-08) ඇය මිය යන විටත් රාජ්‍ය 14ක රැජිණ ලෙස ඇයව පිලිගනු ලැබුවා. වසර 96 තුළ අති විශිෂ්ට අයුරින් රාජ්‍ය පාලනය කිරීමට ඇයට හැකි විය. දෙවන එලිසබෙත් රැජිණ ජිවත්ව සිටින විටදී මෙන්ම ඇගේ මරණය ලෝකයට දැනුම් දීම මෙන්ම ඉන්පසු මෙම රාජ්‍ය ක්‍රියා කළ යුතු ආකාරයත් දක්වා ඇත . එනම්,

🔸රැජිනගේ මරණයෙන් අනතුරුව රාජකීය පවුලෙ පුද්ගලයන් අතර රැජිනගෙ මරණය කතා බහට ලක් වන්නෙ "The London bridge is down" යන රහස් කේත නාමයෙනි.මෙහි අරමුණ වන්නෙ කටකතා පැතිරි රට තුල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වීම වැලැක්වීමයි. මහජනතාවට රැජිනගෙ මරණය නිල වශයෙන් දැනුම් දීමට පෙර රාජකීයන් ඇය මිය ගොස් සිටින කුටියට එක්ව ඇයට අවසන් ගෞරව ප්‍රකාශ දක්වයි.

🔸එංගලන්තයේ රාජකීය දේවස්ථානය ලෙස සැලකෙන "වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ" සීනුව රැජිනගේ මරණය මහ ජනතාවට දැනුම් දෙනවා.මෙහි සීනුව නාද වන්නෙ රාජකීයකුගෙ මරණයකදී පමණක් වීම එහි චාරිත්‍රයකි.මෙම දැනුම් දීමත් සමඟ එංගලන්තය පුරා දෙවස්ථාන වල සීනුනාද වීමෙන් ඇගේ මරණය සංකේතාත්මකව ජනතාවට දැනුම් දීම සම්ප්‍රදාය අනුව සිදු වේ.

🔸Balmoral Castle,රැජින මියගිය බැවින් Edinburgh හි Holyroodhouse වෙත ගෙනගොස් එහි st Giles දේවස්ථානයේ දී ආගමික කටයුතු සිදු කර විශේෂයෙන් ම සැකසූ රාජකීය දුම්‍,රියකින් ඇයව ලන්ඩනය වෙත ගෙන එනු ලබයි.

🔸 ආදාහන උත්සවයේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ Canterbury හි Arch bishop විසිනි.

🔸රැජින මිය ගොස් 9 වන දිනයේදි ඇයගෙ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදු කෙරේ.

🔸මහා බ්‍රිතාන්‍යට හා පොදුරාජ්‍ය මණඩලයට අයත් රාජ්‍ය 15ක් සහ පොදුරාජ්‍ය මණ්ඩලය සාමාජිකත්වය දරන රටවල් 39ක් තිබෙන අතර එහි රැජින නායිකාව ලෙස සඳහන් වන මුදල් නෝට්ටු, මුද්දර හා කාසි රැජිනගෙ මරණයෙන් දින 10ක් ඇතුලත අහෝසි කර භාවිතයෙන් ඉවත් කරණ ලෙස එංගලන්ත රජය විසින් ඉල්ලීමක් කරනු ලබයි.. තව දුරටත් එංගලන්තයට රැජිනක් නොමැති නිසා queen of england යන නාමය භාවිතය නිසා අලුතෙන් පත්වන රජුට එය අගෞරවයක් විය හැකිය.

🔸එංගලන්තයේ කොඩි කණුවල ඇති එංගලන්ත ධජයන් හා අනෙකුත් රාජකීය ධජයන් සියල්ලම අඩකුඹු කරනු ලබයි.

🔸එංගලන්තයේ ජාතික ගීය ඇරඹෙන්නෙ "God save the queen" ලෙස වන අතර රැජින මිය ගිය පසු එංගලන්තයට තවත් රැජිනක් නොමැති නිසාවෙන් එය ද ජාතික ගීයෙන් ඉවත් වේ.

🔸රැජිනගෙ මරණය සමඟ දින 12ක ශෝක කාලයක් දැනුම් දේ.මේ කාලය ඇතුලත දී බ්‍රිතාන්‍ය විනෝද උද්‍යාන,සිනමාහල් හා වෙනත් ජනයා විනෝද වෙන ස්ථාන සියල්ල වසා තබන ලෙස රජය ජනවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.

🔸 රාජකීය නිලවෙබ් අඩවිය සිය මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා කලුපාට පසුබිමක රැජිනගේ මරණය පිලිබද දැන්වීම පමණක් මෙම දින 12 ඇතුලත දී සිදූ කරයි.

🔸එංගලන්තයේ ප්‍රධාන ම මාධ්‍ය නාලිකාව වන BBC තමන්ගෙ සියලුම විනෝද වැඩසටහන් මේ කාලය තුල ප්‍රදර්ශනය නවතන අතර නිවේදක නිවේදිකාවන් කලු ඇඳුමෙන් සැරසී සිටියි.

🔸ශෝක කාලය තුළදි බ්‍රිතාන්‍යයෙ සියලුම ආර්ථික මර්මස්ථාන සියල්ල වසා දැමනු ලබන අතර (විශේෂයෙන් ම බ්‍රිතාන්‍ය කොටස් වෙලඳපොල) මෙම නිසා ඇතිවිය හැකි පාඩුව පවුම් බිලියන ගණනක් විය හැකි බව වාර්තා වේ.

🔸රැජිනගෙ අවසන් කටයුතු සිදුවීමට පෙර ලෝකයෙ පුරා සිටින බ්‍රිතාන්‍යයන් මෙන් ම පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් පුරවැසියන් රැජිනට අවසන් ගෞරව දැක්වීමට බ්‍රිතාන්‍යට පැමිණීම නිසා හීත්‍රෝ ගුවන්තොටුපල ඉතිහාසයේ කිසිදා නොවූ ලෙස අතිශය කාර්‍යබහුල නිදිවර්ජිත දින කිහිපයකට සූදානම් වේ.

🔸චාල්ස් කුමරු හා කැමීල කුමරිය රජු සහ රැජින වන අතර විලියම් කුමරු හා කේට් කුමරිය වේල්ස් හි කුමරු හා කුමරිය බවට පත් වේ...

එකතුවෙන්න අපිත් එක්ක අපිව Follow කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා ✍️❤️
Travello DL⭕
travellodl.blogspot.com/
www.instagram.com/travello_dl/
-------------------------------------------------
"Travello DL" Our aim is to show the beautiful places of Sri Lanka to the whole world through our eyes. Come and go with us on the trip to the unseen world that refreshes the mind and soothes the soul.

විශිෂ්ඨ ඡායාරූපයක් ⭕National Geographic සගරාවේ පලවී තිබූ මේ ඡායාරූපයේ කලු පැහැයෙන් දිස්වන්නේ සීබ්‍රා සතුන්ගේ සෙවනැලි වන ...
25/03/2022

විශිෂ්ඨ ඡායාරූපයක් ⭕

National Geographic සගරාවේ පලවී තිබූ මේ ඡායාරූපයේ කලු පැහැයෙන් දිස්වන්නේ සීබ්‍රා සතුන්ගේ සෙවනැලි වන අතර මෙය හොදින් නිරීක්ෂණය කර බැලුවහොත් ඔබට සීබ්‍රා සතුන් දැකගත හැකී.

භාතිකාභය රජතුමා රුවන්වැලි  මහා සෑය වන්දනාමාන කරන්න යන අයට සලපතල මළුවේ තිබෙන බුද්ධ මන්දිරය පසුකරගෙන ඉදිරියට යනවිට රන් වැල...
21/03/2022

භාතිකාභය රජතුමා

රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරන්න යන අයට සලපතල මළුවේ තිබෙන බුද්ධ මන්දිරය පසුකරගෙන ඉදිරියට යනවිට රන් වැලි මහා සෑයට වන්දනාමාන කරගෙන සිටින රජ කෙනකුගේ ප්‍රතිමාවක් දැක ගත හැකිය ඒ ඒ භාතිකාභය රජතුමා ගේ ප්‍රතිමාවයි.
රුවන්වැලි මහා සෑයට මහත් ශ්‍රද්ධාවෙන් පූද පූජාවන් පැවැත්වූ රජතුමා තමයි භාතිකාභය රජතුමා නොයෙකුත් පින්කම් කළ රජතුමා සෑම උදෑසනක ම ආහාර අනුභවයට ප්‍රථමයෙන් රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරයි . එසේම රාත්‍රී ආහාර අනුභවය ට පෙරද අනිවාර්යෙන් මහා සෑය වන්දනාමාන කරයි.දවසක් රජතුමාට රාජතාන්ත්‍රික වැඩක් යෙදිලතිබුණ බැවින්එදින රාත්‍රියේ ආහාර අනුභවයට පෙර රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරිමට කිරීමට අමතකවිය. බත් පිඩක් අතට ගත් විගස අද මම මහා සෑයට වන්දනාමාන කරේ නැහැ නේද යන්න සිහි පත්වුණා.එතුමා රාජ පුරුෂයන් ගෙන් අසනවා අද මම මුත්තණුවන් ට වන්දනාමාන කළේ නෑනෙ ද කියා.එතුමා මුත්තණුවන් ලෙස ගෞරවයෙන් සැලකුවේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ වැඩ සිටින මහා සෑයයි.රාජපුරුෂයන් අද ඔබතුමා සවස මහා මහා සෑයට වන්දනාමාන කළේ නැති බව පවසනවා.රජතුමා මහත් කලබලයට පත් වෙලා අතට ගත් බත් පිඩ රන් තලියට දමල ඉක්මනින්ම මහා සෑය වෙත පිටත් වෙනව.දකුණු වාසල් දොරටුව ඇර වගෙන විහාරයට ඇතුළු වෙලා නැගෙනහිර දොරටුවෙන් මහා සෑ මළුවට ඇතුළු වී මහත්වූ සද්ධාවෙන් මහා සෑය වන්දනාමාන කරන විට මහා කළුවර වැටී රාත්‍රිය උදා වෙලා තිබුණේ එදා රජතුමාට පුදුම සිදුවීමක් සිදුවුණාඑතුමාට ඇසෙනවා මිහිරි හඬින් පිරි සජ්ඣායනා කරනවා එතුමා මලුව වටේ ම ඇවිද ගොස් බැලුවා නමුත් පේන තෙක් මානයකවත්කිසිම භික්ෂුවක් නැහැ එතුමා එතැන් සිට මහා සෑය දෙස බලා සත් ක්‍රියාවක් කරාඋදේ සවස මා මේ සෑයට ඉතාම ගෞරවයෙන් වැඳපුදාගන්න සත්‍යය සත්‍යයේ නාමයෙන් මේ ධාතු ගර්භය ඇතුලෙන් ඇසෙන මේ මිහිරි පිරිත් සජ්ඣායනාව ගායනා කරන්නේ කවුද කියා දැනගෙන මිසක් මම මේ මළුවේ නොනැගිටිමි ප්‍රාර්ථනාවක් අධිෂ්ඨානයක් කළා.භාතිකාභය රජ තුමාගේ දැහැමි බැවින් හා ගුනා නුභාවයෙන් ශක්‍ර දෙවියන්ගේ පඩුපුල් ආසනය උණවුනා.සක්‍ර දෙවියන් මොකක්ද හේතුව යැයි විමසා බලන විට රජතුමාගේ සත්‍යක්‍රියාව දැක ගන්නට ලැබුණාමෙය දුටු ශක්‍ර දෙවියන් වහාම ඉර්ධි බලයෙන් ධාතු ගර්භයට වැඩම කළා ධාතු ගර්භය තුළ ඉර්ධියෙන් මහරහතන් වහන්සේලා වැඩම කොට පිරිත් සජ්ඣායනා කරන හඬ තමයි මහ රජතුමාට ඇසී තිබෙන්නේ
ශක්‍ර දෙවියන් පැමිණ මහරහතන් වහන්සේලාට මේ බව සැල කරා ඉන් එක් රහතන් වහන්සේ නමක් ඉර්දි බලයෙන් දාතුගර්භයෙන් එළියට පැමිණ
භාතිකාභය රජතුමා ගේ අතින් අල්වාගෙන සෘද්ධඉර්දි බලයෙන් ම රජතුමාව ධාතු ගර්භය තුළට රැගෙන ගියා රජතුමා හිතේ හැටියට ධාතූන් වහන්සේලා වැද නමස්කාර කර ගත් ඉන්පසු නැවතත් මහරහතන් වහන්සේ නමක් රජතුමාගේ අතින් අල්වාගෙන ඉර්ධි බලයෙන් ම ධාතු ගර්භයෙන් පිටට පැමිණියා ඉර්දි බලසම්පන්න ඕනෑම රහතන් වහන්සේ නමකට තවත් කෙනෙක් අතින් අල්වාගෙන ඉර්දියෙන් ගමන් කළ හැකි බව බුදු රජාණන් වහන්සේගේ කාලයේත් දේශනා කොට ඇත.බුදුරජාණන් වහන්සේ දිනක් නන්ද කුමරුගේ අතින් අල්වාගෙන දොව්ලොව ගිය බවක් අප අසා ඇත.

මෙසේ ධාතු ගර්භය තුළ සත් රුවනින් සදා ඇති නොයෙකුත් දේ දැක රජතුමා ධාතු ගර්භය තුළ ඇති තමා දුටු සියලුම දේ රට වැසියන්ට දැක ශ්‍රද්ධාව උපදවා ගැනීමට
රනින් ඒ හා සමානම ආකෘතීන් සදවා මිනිසුන්ට වන්දනා මාන කිරීමට සැලැස්වූ බව ඉතිහාසයේ සඳහන් වේ.මීට අමතරව එතුමා රුවැන් වැලි මහාසෑයසඳුන් කල්ක තවරා සමන් මල්වලින් කොත් කැරැල්ල දක්වා සුවඳ මලින් වසා දින හතක් පුරා අහසින් වතුර ඉසූ රෝමයෙන් අනගි පබුලු ගෙන්වා පබුලු වියන් තනා රුවන් වැලිසෑ රදුන්ට පුදපූජා කල ශ්‍රේෂ්ඨ ශ්‍රද්දා සම්පන්න රජෙක් භාතිකාභය රජතුමා.🙏

04/03/2022
කොයි වෙලාවේ බැලුවත් අතේ සතේ නැද්ද ?⭕කැමති නැද්ද තමන්ගෙම  කියලා ව්‍යාපාරයක් පටන් ගන්න.⭕කැමති නැද්ද ලෝකේ වටේටම ඔයාගේ බඩු ව...
04/03/2022

කොයි වෙලාවේ බැලුවත් අතේ සතේ නැද්ද ?

⭕කැමති නැද්ද තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න.
⭕කැමති නැද්ද ලෝකේ වටේටම ඔයාගේ බඩු විකුණන්න.
⭕කැමති නැද්ද අතරමැදියෙක් වෙලා හොද ආදායමක් ලබාගන්න.
⭕නිදහසේ ඉන්න වෙලාව ප්‍රයෝජනයට ගෙන මාසෙකට ලක්ෂයකට වඩා ආදායමක් ගන්න කැමතිද ?
⭕ලැබෙන සෑම මුදලක්ම ඔබගේ බැංකු ගිණුමට.

eBay Dropshipping
හරි විදිහට හරි තැනින් ඉගෙන ගන්න කැමතිද ?

අපෙන් ඔබට සුවිශේෂ වරප්‍රසාද රැසක්

1.Ebay Account සහ payoneer Account ඔබට සාදා දීම.
2.ebay තුල නිවැරදිව භාණ්ඩ විකුණන ආකාරය පිළිබඳව ඔබට කරුණු පැහැදිලි කර දීම.
3.පාඨමාලාවෙන් පසු නැවත නැවතත් දැනුම ලබා දීම.
4.ebay සහ payoneer පිළිබඳ ගැටළු වලට පිළිතුරු දීර්ඝකාලීනව ලබාදීම.
5. තනි තනිව සොයා බැලීම.
6. පූර්ණකාලීන අමතර පන්ති හරහා දැනුම යාවත්කාලීන කිරීම.

ඉතින් ඇයි තවත් හිත හිත කාලේ ගත කරන්නේ කතා කරන්න අපිට.
ඔබගේ පහසුව සඳහා online or offline යන ආකරයෙන් පාඨමාලාව වෙන්කරවා ගත හැක.

🔹අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.
✅ වැඩි විස්තර සදහා පහත Whtsapp Group එක හරහා හෝ ඇමතුම් මඟින්
අපව සම්බන්ධ කරගන්න.
https://chat.whatsapp.com/JICLxdPGrLf77vaLBvctye

☎️ WhatsApp : +94 075 8 162 206

04/03/2022

Address


Telephone

+94758162206

Website

Alerts

Be the first to know and let us send you an email when Right way Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share