කැදැල්ල - Consulting And Advertising Service

  • Home
  • කැදැල්ල - Consulting And Advertising Service

කැදැල්ල - Consulting And Advertising Service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කැදැල්ල - Consulting And Advertising Service, Social Media Agency, .

08/11/2021
අලුතෙන් හදපු ගෙදරට කරන්ට් එක ගන්නද හිතාගෙන ඉන්නෙ..?එහෙනම් ඔයාගෙ ගෙදර/ගොඩනැගිල්ල ඉස්සෙල්ලම මෙන්න මේ විදිහට සූදානම් කරල ති...
12/09/2021

අලුතෙන් හදපු ගෙදරට කරන්ට් එක ගන්නද හිතාගෙන ඉන්නෙ..?

එහෙනම් ඔයාගෙ ගෙදර/ගොඩනැගිල්ල ඉස්සෙල්ලම මෙන්න මේ විදිහට සූදානම් කරල තියන්න ඕනි..!

උපුටා ගැනීම
විදුලිය ලංකා පිටුවෙන්

අලුතෙන් හදපු ගෙදරට කරන්ට් එක ගන්නද හිතාගෙන ඉන්නෙ..?දැන් අපි ඔයාලට ඉදිරිපත් කරන්නෙ, ඒ සම්මත ක්‍රමය හැරුණු කොට, ඒ හා සම්බන...
08/09/2021

අලුතෙන් හදපු ගෙදරට කරන්ට් එක ගන්නද හිතාගෙන ඉන්නෙ..?

දැන් අපි ඔයාලට ඉදිරිපත් කරන්නෙ, ඒ සම්මත ක්‍රමය හැරුණු කොට, ඒ හා සම්බන්ධ වෙනත් නිර්දේශිත ක්‍රම මොනවාද කියල.
උපුටා ගැනීම විදුලිය ලංකා පිටුවෙන්

අලුතෙන් හදපු ගෙදරට කරන්ට් එක ගන්නද හිතාගෙන ඉන්නෙ..?දැන් ගොඩක් අය කැමැත්තෙන් ඉන්නව තමන්ගේ විදුලි මීටරය නිවසේ තාප්පෙට හයි ...
08/09/2021

අලුතෙන් හදපු ගෙදරට කරන්ට් එක ගන්නද හිතාගෙන ඉන්නෙ..?

දැන් ගොඩක් අය කැමැත්තෙන් ඉන්නව තමන්ගේ විදුලි මීටරය නිවසේ තාප්පෙට හයි කරගන්න.

මේ post එකෙ තියෙන්නෙ විදුලි මීටරය ඔයාගේ නිවසේ තාප්පය මත සවිකරගන්න තාප්පය සකස් කල යුත්තේ කොහොමද කියල.

උපුටා ගැනීම
විදුලිය ලංකා පිටුවෙන්

27/08/2021
Structural Design -ගොඩක් දෙනෙක් අපෙන් අහන්නේ"මේ slab එකට අගල් 4 ඇති වෙයිද?""මේ ගෙදර කණු වලට 12 කම්බි ඇතිද?""16 කම්බි ඕනේ...
26/02/2021

Structural Design -

ගොඩක් දෙනෙක් අපෙන් අහන්නේ
"මේ slab එකට අගල් 4 ඇති වෙයිද?"
"මේ ගෙදර කණු වලට 12 කම්බි ඇතිද?"
"16 කම්බි ඕනේ වෙයිද?"
"ගල් බැම්ම නැතුව ටයි බීම් විතරක් ඇතිද?" වගේ ප්‍රශ්න....

ගොඩක් දෙනෙක්ට නොවැටහෙන දෙයක් තමයි ඉදිකිරීම් කරනවා වගේම design කරනවා කියන එකත් වැදගත් බව. Design එකේදි තමයි final output එක කොයි වගේද? ඒකට යන වියදම කොහොමද? කියන එක තීරණය වෙන්නෙ.

Structural design එකක් නැතුව බාසුන්නැහැ හෝ කොන්ත්‍රාත්කරුවන් කියන විදිහට කම්බි දාලා ගෙවල් හදන්න පුලුවන්. ඒත් ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි structural design එකක් නැතිව කරනකොට slab වලට වැඩිපුර කම්බි දාන්වා. 10mm කම්බි 6"න් 6", 6"න් 8" ට.

ඒත් structural engineer කෙනෙක්ට පුළුවන් නිවැරදි විදිහට කම්බි ස්තාන ගත කරලා 8mm කම්බි 10" න් 10" ට උනත් දාන්න.

ඒවගෙම තමයි structural engineer සාලෙ මැදින් කාමර මැදින් පේන්න බීම් දාන්නේ නෑ. ඒවගෙම අඩි 10 කියල කනු අතර පරතරයට සීමවක් නෑ. අඩු වියදමින් කරනවනම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ 6" block ගල්. Block ගල් බිත්ති තියන නිවසක කනු අතර පරතරය අඩි 13-17 උනත් තියන්න පුලුවන් බීම් වලට වියදම අධික ලෙස වැඩි වෙන්නෙ නැතුව.

කනු අතර පරතරය වැඩි වෙනකොට, කනු ගණන අඩු වෙනවා. එතකොට කනුවකට යන excavation, බේස් වලක කම්බි, කොන්ක්‍රීට්, කනුවෙ කම්බි, කොන්ක්‍රීට් formwork මේ සියල්ල අඩු වෙනවා. එහෙම අඩු වෙනකොට වැඩි වෙන්නෙ බීම් එකට කම්බි කිහිපයක්. බීම් එකට කම්බි වැඩි කරන එක ලාබයි තව කනුවක් ගහනවට වැඩිය.

ඒවගෙම තමයි structural drawing එකක් නොමැතිව කරනකොට slab එකක්නම් බේස් වලට 12mm කම්බි, 6" න් 6"ට, slab දෙකක්නම් 16 mm කම්බි දාන වෙලාවල් තියනවා. ඒවගෙම තමයි slab දෙකක්නම් ඔක්කොම කනු 16mm කනු දානවා. මේ දේවල් සියල්ල මුදල් අපතේ යැවීමක්. නිවැරදි structural design එකකින් ඒ සියල්ල අඩු කරගන්න පුලුවන්.

ඉඩමේ slope එකක් තියන, ඒවගෙම පසේ ගැටලුවක් තියන තැනක structural design නැතුව කරන ඉදිකිරීම් වලදි ඉතා අනවශ්‍ය ලෙස අමුද්‍රව්‍ය අපතේ යනවා. සමහර වෙලාවට අමුද්‍රව්‍ය වියදම අඩුයි. හැබැයි හදලා ටික කාලෙකින් ගිලාබැසීම් නිසා බිත්ති පුපුරන්න ගන්නවා.

තව කරුනු කියනවනම්, ඊගාවට ප්‍රසිද්ධ කාරනාව තමයි roof slab දාන්න එපා leak වෙනවා කියන එක. ඒ වෙන්නෙත් නිවැරදි ලෙස කම්බි ස්තානගත නොකිරීම නිසා අව්වට රත්වෙලා concrete එක් පුපුරන එක. ගිලා බැසීම් නිසා වෙන්නත් පුලුවන්. ඒවගේම තව අහල ඇති ඇවිදිනකොට, slab එක දෙදෙරනවා කියන එක. ඒ සියල්ල අවිදිමත් ලෙස, නිසි ව්‍යුහ සැලසුම් නොමැතිව ඉදිකිරීම් වල ප්‍රතිඵල.

නිවස පොඩි උනත් වෘත්තිමය structural engineer කෙනෙක්ගෙ structural design එකකට යනවනම් වියදම සැලකියයුතු ලෙස අඩු කරන්න පුලුවන්. ඒවගෙම දුර්වල පසක් තියන පොලවක, පසු ගැටලු ඇති වෙන්නෙ නෑ design එකෙ විදිහට කලොත්.

Structural design පිලිබඳ අවබෝදයක් නැති බොහෝ දෙනා සේවාදායකයාට කොහෙන්හරි drawing එකකින් අරගත්ත typical detail ටිකක් දාලා මේ විදිහට කලාම ඇති කියනවා. Archtectural පැතිකඩත් ඒවගේ තමයි. ගේ හදාගෙන් යද්දි හෝ තේරෙනවා සමහර හැඩතල ප්‍රායොගිකව කරන්න බෑ කියලා. ඒවගෙම හදලා ඉවර උනාම තේරෙනවා design එක කොච්චර අපිලිවෙලද සහ කොච්චර stressfull ද කියන එක. ඒ නිසා නිවැරදි වෘත්තිකයො ලවා අදාල සේවාව ලබා ගන්න එකේ වටිනාකම අවතක්සේරු කරන්න බෑ.

උපුටා ගැනීම - thiita designers & consultants pvt(Ltd)

කොන්ක්‍රීට් සවිවීම සහ පදම් කිරිමකොන්ක්‍රීට් එක් දිනක් තුළ 16% ක ශක්තියක්, දින 3 කින් 40 % ක්, දින 7 කින් 65% ක්, දින 14 ...
14/02/2021

කොන්ක්‍රීට් සවිවීම සහ පදම් කිරිම

කොන්ක්‍රීට් එක් දිනක් තුළ 16% ක ශක්තියක්, දින 3 කින් 40 % ක්, දින 7 කින් 65% ක්, දින 14 කින් 90% ක් සහ දින 28 ක් තුළ 99% ක ශක්තියක් ලබා ගනී.
මේ අනුව, වාත්තු කිරීමෙන් පසු ආරම්භක දිනවලදී කොන්ක්‍රීට් වේගයෙන් සිය ශක්තිය ලබා ගන්නා බව පැහැදිලිය, එනම් 90% ක් දින 14 ක් තුළ පමණි. දින 28 ක් තුළ එහි ශක්තිය 99% ක් කරා ළඟා වූ විට, එම කාල පරිච්ඡේදයෙන් පසුවද කොන්ක්‍රීට් අඛණ්ඩව ශක්තිය ලබා ගනී, නමුත් සම්පීඩ්‍යතා ශක්තිය ලබා ගැනීමේ වේගය දින 28 ට සාපේක්ෂව ඉතා අඩුය.

රැඳවුම් බිත්ති රැඳවුම් බිත්ති සාපේක්ෂව දෘඩ බිත්ති වන අතර එය දෙපස විවිධ මට්ටම්වල රඳවා තබා ගත හැකි වන පරිදි පාර්ශ්වීයව පස ...
11/02/2021

රැඳවුම් බිත්ති

රැඳවුම් බිත්ති සාපේක්ෂව දෘඩ බිත්ති වන අතර එය දෙපස විවිධ මට්ටම්වල රඳවා තබා ගත හැකි වන පරිදි පාර්ශ්වීයව පස සඳහා ආධාරක වේ. රැඳවුම් බිත්ති යනු ස්වාභාවිකවම තබා නොගන්නා බෑවුමකට පස සීමා කිරීම සඳහා නිර්මාණය කරන ලද ව්‍යුහයකි (සාමාන්‍යයෙන් බෑවුම් සහිත, සිරස් හෝ සිරස් බෑවුමකට ආසන්නව). බොහෝ විට නුසුදුසු බෑවුම් සහිත භූමි ප්‍රදේශවල හෝ භූ දර්ශනය දැඩි ලෙස හැඩගස්වා ගත යුතු ප්‍රදේශවල සහ කඳුකරයේ ගොවිතැන් කිරීම හෝ මාර්ග මංතීරු වැනි වඩාත් නිශ්චිත අරමුණු සඳහා සැලසුම් කළ යුතු ප්‍රදේශවල විවිධ උන්නතාංශ දෙකක් අතර පස් බැඳීමට ඒවා භාවිතා වේ. පිටුපස පැත්තෙහි පස සහ ඉදිරිපස පැත්තෙහි ජලය රඳවා තබා ගන්නා රැඳවුම් පවුරක් මුහුදු පවුරක් හෝ තොගයක් ලෙස හැඳින්වේ.

නිවැරැදි මාර්ග ආනතියන් පැවතීම අනිවාර්ය වේ
09/02/2021

නිවැරැදි මාර්ග ආනතියන් පැවතීම අනිවාර්ය වේ

ඉඩම් මිලදී ගැනීමකට අදාල ඔප්පුවක් හරියට ලියනවා නම් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු.     ඔබ යම් ඉඩමක් මිලට ගන්න අවස්ථාවලදි සි...
24/01/2021

ඉඩම් මිලදී ගැනීමකට අදාල ඔප්පුවක් හරියට ලියනවා නම් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු.

ඔබ යම් ඉඩමක් මිලට ගන්න අවස්ථාවලදි සින්නක්කර ඔප්පුවක් නොඑසේනම් විකුණුම්කර (Transfer Deed) ඔප්පුවක් ලියන්න සිදුවෙනවා.මේවගේ වෙලාවට බහුතරයක් බලන්නෙ අඩු මූල්‍ය අගයක් ඔප්පුවේ වටිනාකම වශයෙන් සදහන් කරන්න.ඒ වගේම
මේ මිලදී ගන්න ඉඩම නිරවුල්ද? කියලා පරීක්ෂා කිරීමකින් තොරව ලියන එක නම් සුදුසු නෑ කියලා නොතාරිස්වරයා ප්‍රකාශ කලවිට සමහරු එහෙම ගැටලුවක් නෑ,මේක දැන් ලියමු කියලත් කියන අවස්ථා එමටයි.

ඉඩමක් මිලදී ගැනීමට අදාල අපේ නීතිය ප්‍රකාර "ගැණුම්කරු ප්‍රවේශම් විය යුතුයි"

එසේනම් කුමක් කලයුතු ද???

ඉඩමක් මිලදී ගන්නවනම් ඔප්පුව ලියන දවස දක්වා අදාල ඉඩම ලියාපදිංචි වී ඇති ඉඩම් කච්චේරියෙන් (Land Registry) පත් ඉරු අරන් අයිතිය නිවැරැදි හා නිරවුල් අයිතියක් විකුණුම්කරු සතුද?යන්න පරීක්ෂා කිරීම අත්‍යාවශ්‍යයි.පත් ඉරු නොගන්නවා නම් නොතාරිස්වරයා හෝ නොතාරිස් ලිපිකරුවකු මගින් පත් ඉරු පරීක්ෂාව (Search)ක් වත් කරගන්න ඕනෑ.

ඉඩමේ වසර තිහ (30) ක අතීතයට අදාලව පෙලපත (Pedigree) සොයා බැලීමක් කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.(බැංකුවකට උකස්කිරීමක් කරනවා නම් මෙය අනිවාර්යයි)

ඉඩම විෂයෙහි ගැටලුවක් වේ නම් හෝ බැංකු ණයකට වගේ යනවා නම්, අවමය වසර දහයක්වත් නොතාරිස් කටයුතු පිලිබඳ පළපුරුදු නීතිඥ නොතාරිස්වරයකු වෙතින් හිමිකම් වාර්තාවක් (Title Report) හදා ගෙන මිලදී ගැනීම ගැන තීන්දුව ගන්නේ නම් යහපත්.

ඉඩම ගැනීමට ඔබ තීරණය කල පසුව......

ඉඩම ලියාපදිංචි වී ඇති Land Registry එකෙන් අදාල සියලුම පත් ඉරු ලබා ගන්න.පාරවල් වල අයිතිය,වෙනත් පරවශ්‍යතා,කොටස් කීපයක් එකතුවෙලා හැදුනු ඉඩමක් නම් ඒ සියල්ලටම අදාල පත් ඉරු ගන්න.

හිමිකම් වාර්තාව (Title Report)ක් ගන්න එක වටිනවා. මේ ඉඩම හොද අයිතියක් (Clear Title) තියෙන එකක් යන්න වගේම වෙනත් බැදීමකට යටත් නැති බවත් එහිදී සහතික කිරීමක් වන නිසා.

ඉඩම හිමිකරුගෙන් නැත්නම් විකුණුම්කරු ගෙන් ඉඩමේ පිඹුරු පිටපත් ලබා ගන්න.නිවරදිව ස්ථිර මායිම් සලකුණු කර ඇත්දැයි ඉඩමට ගොස් පරීක්ෂා කරන්න.ඒ වගේම පිඹුරු වසර 10 කට වඩා පැරණි නම් සහ/හෝ මායිම් අපැහැදිලි නම් බලයලත් මිනින්දෝරු මහතෙක් ලවා මැනීමකින් පසු පිඹුර (PLAN) ක් අන්දවා ගැනීම වැදගත්.මෙහිදී විකුණුම්කරුට මෙය සිදුකර මායිම් සලකුණු කර දෙන ලෙසට ඉල්ලා සිටින්න පුලුවන්.

මීට අමතරව ඉඩම පිහිටි ප්‍රදේශයේ නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව වෙතින් විස්තර ලබා ගැනීම අවශ්‍යයි.ඉඩම මිලදී ගන්නා අවශ්‍යතාව සදහා (ව්‍යාපාරික,නේවාසික හෝ කර්මාන්ත) සදහා යොදා ගන්න අවසර තියනවා ද? මාර්ග පුලුල් කිරීම්,රජයේ ව්‍යාපෘති ආදියට පවරා ගැනීමට යෝජිතද?නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සදහා හසු වෙනවාද? යන්න විමසීම වැදගත්. ඒ වගේම වීථි රේඛා සහතික (Street Line Certificate) නොපවරවා ගැනීමේ සහතිකය (Non-Vesting Certificate)ලබා ගන්න.ඒ වගේම නාය යාමේ අවදානම සහිත ඉඩමක්ද? (භූවිද්‍යා හා පතල් කර්යංශය සහ ආපදා කලමණාකාර අමාත්‍යංශය වෙතින් මෙවැනි ඉඩම් ලකුණු කර තිබෙනවා) වෙරළ සංරක්ෂණයට අයත්ද?ගොඩ කල ඉඩමක් ද? (මෙහිදී ඉඩමේ නම පිළිබඳ අවධානය යොමු කලයුතුයි.එහි දෙණිය,කුඹුර,වශයෙන් සදහන් වෙනවානම් සැලකිලිමත් විය යුතුයි) ආදියත් විමසා බැලීම වටිනවා.ඒවගේ අවස්ථාවක ඉඩම ගොඩ කිරීමට අවසර ගෙන ඇත්දැයි විමසීම වැදගත්.

ඔබ ඉඩම මිලදී ගන්නා සැබෑ වටිනාකම ඔප්පුවට යොදන්න මැලි කමක් දක්වනවා නම්, ඔප්පුව සදහා යොදන වටිනාකම යොදා සකස් කල කෙටුම්පතක් ඉඩම අයත් පළාතේ ආදායම් කාර්යාලය වෙත අදාල අයදුම් පත සමග භාර දී මතයක් ලබා ගැනීමත්, පසු කාලීනව මුද්දර ගාස්තු සබැඳිව ඇතිවිය හැකි අනවශ්‍ය කරදර අවම කරනවා.ආදයම් කාර්‍යාලය අදාල ග්‍රාම නිලධාරී වසමේ තක්සේරුව අනුව ඔබ යෙදූ වටිනාකම අනුමත කිරීම හෝ වටිනාකමක් නියම කිරීම සිදු කරාවි.එවිට ඒ වටිනාකම යොදා මුද්දර ගාස්තුව ගෙවන්න පුලුවන්.

යම් හෙයකින් ඔප්පුව ලියාපදිංචි උනාට පස්සේ වටිනාකම අඩුවෙන් දාලා,මුද්දර ගාස්තු අඩුවෙන් ගෙවා ඇති බව පලාත් ආදායම් කොමසාරිස්වරයා වෙත නිරීක්ෂණය වුවහොත් අපි ඔප්පුවට යෙදූ වටිනාකම සහ තක්සේරුගත වටිනාකම අතර වෙනසට සියයට අට (8%) දඩයක් අයකරන්න පුලුවන්.

ඉඩම විකුණන කෙනාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම නම් අතිශයින්ම වැදගත්. අයිතිකරුගේ නමින් වංචනිකව සකස්කල හැදුනුම්පත් ආදිය යොදාගෙන ඉඩම් විකිණීම අදවන විට ජාවාරමක්.

ඔප්පුවේ සාක්ෂි අත්සන් කරන පුද්ගලයන් දෙදෙනාගෙන් අවම වශයෙන් එක් අයෙක්වත් විකුණන කෙනාගෙ පවුලෙ ආසන්නම නෑදෑ කෙනෙක් ඇතුලත් කර ගන්නේ නම් ගොඩක් හොදයි.වංචනිකයකුට ඔබ හසුවෙන්න තියන අවස්ථා මෙයින් මග හැරෙනවා.

ඔප්පුව ලියා සහතික කරන අවස්ථාවේදී ඉඩමට අදාල සියලු ලේඛන,ඔප්පු ආදියේ මුල් පිටපත් තම සන්තකයට ගන්න. ඔප්පුව ලියා සහතික කල දිනම ලියාපදිංචිය සදහා කච්චේරියට භාර දෙන්න පුලුවන් නම් වටිනවා.නමුත් බහුතරයක් නොතාරිස්වරු එහෙම කරන්නේ නම් නෑ.

අවැසි නම් එක් දින සේවය යටතේ ලියාපදිංචි කිරීමේ අවස්ථාව දැන් තියනවා.ඒ සදහා අමතර රු.1000/= ක ගාස්තුව වැය කල යුතුයි.සාමාන්‍ය සේවය යටතේ භාර දෙනවානම් රු 100/= ක් ගෙවිය යුතුයි.

ඔප්පුව ලියා සහතික කල දින සිට දින 7ක් තුල මුද්දර ගාස්තුව ඉඩම අදාල පලාතේ ආදායම් කොමසාරිස්ගේ ගිණුමට බැර කල යුතුයි.මෙය ගැණුම්කරු විසින් දැරිය යුතු අතර බොහෝ විට නොතාරිස්වරයා විසින් ලබා ගෙන මුද්දර ගාස්තුව ගෙවීම සිදුකරනවා.මේ මුද්දර ගාස්තු ගෙවන්න පිටපත් 4කින් යුතු වෙනම ලදු පත් බැංකු සතුයි.

මුද්දර ගාස්තුව

පළමු ලක්ෂයට සියයට තුන (3%)
එතැන් සිට වැඩිවන සෑම ලක්ෂයක් සදහා සියයට හතර (4%) ක් වෙනවා.මෙය ඔප්පුවට යොදන වටිනාකමට සාපේක්ෂයි.

නොතාරිස්වරයාගේ ගාස්තුව සාමාන්‍යයෙන් ඔප්පුවෙහි වටිනාකමින් සියයට එක (1%)ක්. නමුත් වටිනාකම අඩු අවස්ථාවකදී නිශ්චිත ගාස්තුවක් අයකරන්න පුලුවන්.වටිනාකම වැඩි අවස්ථාවක සියයට එකේ සීමාවෙන් පහලට ඇවිත් ගාස්තු අයකරන්න නොතාරිස්වරුන් කටයුතු කරනවා.

ගැණුම්කරු නමට ඔප්පුව ලියාපදිංචි වූ පසු එය ලියැවුනු පත් ඉරුව අරන් තබා ගැනීම වැදගත්.

මිලදී ගත් ඉඩම පිළිබඳව නිතර ඔබට සොයා බලන්න හැකියාවක් නැති නම් කේවියට් තහනම් දැන්වීමක් ලියාපදිංචි කරන්න පුලුවන්. එවිට ආරක්ෂිතයි.වසර 2 ක් සදහා කේවියට් තහනම ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු 2500/= ක්.

අමාරුවෙන් හම්බ කරපු සල්ලි දීලා ගන්න ඉඩමක් නිසා උක්ත කරුණු ගැන අවධානය යොමුකරනවා නම්....සුරක්ෂිතයි.

සටහන -
නීතිඥ ප්‍රබුද්ධ තිසරනාත් දහනායක

නිවාස ඉදිකිරීම් හා බැඳුණු නගරසභා නීති – නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු.ඔබ ගොඩනැගිල්ලකට අනුමැතිය ලබා ගන්න සැලසුම් ...
21/01/2021

නිවාස ඉදිකිරීම් හා බැඳුණු නගරසභා නීති – නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු.

ඔබ ගොඩනැගිල්ලකට අනුමැතිය ලබා ගන්න සැලසුම් කරන්නෙක් නම් ඔබගේ සාමාන්‍ය දැනුමට ප්‍රයොජනවත් වේවි. රස්තියාදු නොවී තමන්ගේ බිම් කොටස සඳහා අනුමැතිය ගන්න හිතන කෙනෙක් නම් ඔබට පහත විස්තර සදහන් ලිපියෙන් කියැවෙන ලියකියවිලි සකස් කර ගත්තොතින් එක ලෙසියේන්ම කරගන්න පුලුවන් වේවි..👌

මහා නගර සභා වල හා ප්‍රාදේශීය සභා වල ගොඩනැගිලි අයදුම් පත්‍රය පොතක් විදියට තමයි ලැබෙන්නේ. ඉතින් අපි බලමු මේ අයදුම්පත්‍ර ඉදිරිපත් කිරිමේදි මොනවාද අඩංගු වෙන්න ඕන කියලා. 💬

අයදුම්පත් ඉදිරිපත් කිරිමේ සුදුසුකම වෙන්නේ
නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත්‍ර ඉදිරිපත් කිරීම.(මොනයම් හෝ ඉදිකිරිමකදි )

1.අදාල බිම් කොටස පාදේශිය/නගර සභාව මගින් යෝජිත සංවර්ධනය සඳහා අනුමත කර තිබීම.

2.එම අනුමත මානක සැලැස්මේ (survey plan) පිටපතක් ඉදිරිපත්කල යුතුය.

3.ඉදිරිපත්කරන සැලසුම ඉදිරිපෙනුම,පැති පෙනුම, හරස්කඩ, ක්ෂේත්‍ර සැලසුම, සංවර්ධනයේ මාතෘකාව, ඇතුළත් විය යුතුය.

4.අත්තිවාරම් හරස්කඩ ඇතුලත්ව තිබිය යුතුය.

5.ඉදිරිපත් කරන සැලසුම නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව හා අදාල පරිමාණයන්ගෙන් යුක්තව සකස්කර තිබීම.

6.සුදුසුකම්ලත් පුද්ගලයෙකු සහතික කර තිබීම (structural engineer/charted engineer/electrical engineer/charted architecture.etc).

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-
පාදේශිය/නගර සභාවේ ගොඩනැගිලි අංශය.

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- -රු : 500ක් පමණ.

ඉදිරිපත් කලයුතු වේලාවන් :-
කාර්යාලීය දිනවල -පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා – ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- එය ගොඩනැගිලි ස්භාවය අනුව වෙනස් වේ.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-
සති 02 ක් හෝ 08 ක් අතරතුර.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

1. නේවාසික 🏘️

*පාදේශිය/ නගර සභාව විසින් අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්

*අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03 ක් ( පාලාත් පාලන ආයතනය අනුව වෙනස් වේ

*ඔප්පු පිටපතක්.

*අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.(වරිපනම් කියන්නේ මාර වටිනා ලියවිල්ලක් අනිවාර්යෙන් ගෙවන්න. දැනට ගෙවන්නේ නැත්තන් හද ගන්න )

*වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.

*අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ හෝ වරලත් ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.

*ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්

2. වාණිජ හා කර්මාන්ත. 🏦🏫🏛️🏪

*ප්‍රාදේශිය/ නගර සභාව මගින් වාණිජ හෝ කර්මාන්ත භාවිතය සඳහා අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මේ පිටපතක්.

*අයදුම්පතේ සඳහන් පරිමාණ හා මිනුම් වලට යටත්ව අඳින ලද ගොඩනැගිලි සැලසුම්පත් පිටපත් 03/04 ක්

*ඔප්පු පිටපතක්.

*අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.

*වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.

*අන්ධ බිත්තියක් ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුය.

*ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය.

*කර්මාන්ත භාවිතය සඳහා නම් මූලික සැලසුම් නිරාකරණ අයදුම්පතක් ඉදිරිපත් කල යුතුය.

අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-
නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි ක්‍රියාත්මක 1986.03.10 දිනට ප්‍රථම බෙදා වෙන්කල ඉඩම් කැබලි සම්බන්ධයෙන්.
වැඩි විස්තර නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් ලිපිනයට ගිහින් බලා ගන්න..🔎🙏

http://www.uda.gov.lk/index.php?optiid=205&lang=si

කුමන හෝ ගොඩනැගිල්ලක් තනන්න ඔබ අදහස් කරනවා නම් ඔබට මේ ලිපිය ගොඩක් වැදගත් වේවි.

කොහොමද රජයේ නිතියට අනුව තමන්ගේ සැලසුම් සකස් කර ගන්නේ කියලා ඔබට යම් අදහසක් ලබාගන්න සහ ඔබ මහන්සියෙන් උපයපු ධනය නාස්ති නොවන විදියට කලමණාකරනය කර ගන්න ඔබට හැකි වේවි. ඉතින් දහසක් වැඩ රාජකාරි මධ්‍යයේ මෙසේ ලිපි යොමු කරන්නෙ, දශක 5කට අධික කාලයක් අප ආයතනය සමඟ කටයුතු කරන ඔබ ඇතුලු සියලුම දෙනාගේ වාස්තු විද්‍යාව,ජොතිර්විද්‍යාව, පිලිබද සමාජගත වි ඇති දුර්මත ඉවත් කිරිමටත් ඒ ඉපැරණි විද්‍යාවන් නුතන සාමාජයට ගැලපෙන ලෙස අර්ථකථනය කරගන්නේ කෙසේද යන්න පිලිබද දැනුවත් කිරිම අපගේ වගකිමක් වන නිසාය. ඉතින් අප විසින් ඔබට ගෙන එන මෙම ලිපි කියවා හැකිතාක් බෙදාහරින්න..🔎

නිවාස ඉදිකිරීම් හා බැඳුණු නගරසභා නීති – නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු

1.නේවාසික ගොඩනැගිල්ලක් එය ඉදිකරනුලබන බිමෙන් 2/3 කට වඩා වැඩි බිම්ප්‍රමාණයක් වසානොගත යුතුය. (කර්මාන්ත සහ වානිජ ගොඩනැගිලි සදහා මෙම අනුපාතය 4/5 කි.)
ඒකෙන් කියැවෙන්නේ ගොඩනැගිල්ලේ යට තට්ටුවේ(බිම් මහලේ) ප්‍රමාණය, එය ඉදිකරනු ලබන ඉඩමෙහි වර්ගඵලයෙන් 2/3 කට වඩා අඩුවියයුතු බවයි.

2.නේවාසික ගොඩනැගිලි ඒකක එකක් වර්ගඅඩි 3000 නොඉක්මවිය යුතුය.
ඔබේ ගොඩනැගිල්ලේ මුළු ගෙබිම් ප්‍රමාණය (සියළු මහල් වල එකතුව වර්ගඅඩි 3000ට වඩා අඩුවිය යුතුය. නැතහොත් නිවාස (ඒකක) දෙකක් ලෙසින් අනුමැතිය සදහා ඉදිරිපත් කල යුතුය. ඒ ඒ සියළු ඒකකයන් එකිනෙකින් ස්වායක්තව නිවසක මූලික අවශ්‍යතා සපිරිය යුතු අතර වරිපනම් අංකද දෙකක් ලැබෙනු ඇත.

3. මුළුතැන්ගෙවල් / ගබඩාකාමර / නාන කාමර / ගරාජ / විවෘත ආලින්ද / බරාඳයන් හැරුණකොට අනෙකුත් සියළු කාමර වල ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 90 කට නොඅඩු විය යුතුය.
මුළුතැන්ගෙය සදහා අවම ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 60 කි. නාන කාමරයක පැවතිය

උපුටා ගැනීමකි

වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම්
Umesh R.I. ජයසිංහ

☎️ 0️⃣7️⃣7️⃣ - 9️⃣0️⃣6️⃣3️⃣0️⃣9️⃣5️⃣

✉️ umesh [email protected]

ගෙදරක foundation එකට ගල් බැම්මද? Tie beam එකද ? නැත්තන් ඒ දෙකමද?දැවෙන ප්‍රශ්න ‼️‼️‼️‼️‼️‼️කියවලම බලන්නකො මොකක්ද හොද කියල...
04/01/2021

ගෙදරක foundation එකට ගල් බැම්මද? Tie beam එකද ? නැත්තන් ඒ දෙකමද?

දැවෙන ප්‍රශ්න ‼️‼️‼️‼️‼️‼️

කියවලම බලන්නකො මොකක්ද හොද කියලා......

සාමාන්‍යෙන් බිම් මහලෙහි බිත්ති වල බර පොලොවට යන්නෙ ගල් බැම්ම (rubble foundation) හරහා. ඒවගෙම නිවසක බිම් මහල, පිහිටි පොලොවෙන් ඉහලට ඔසවලා තමයි හදන්නෙ. එහෙම ඔසවනකොට එකතු වන පස් රදවා ගැනීමටත්, පොලොව හාරගෙන එන සත්ව උවදුරු වැලක්වීමත් rubble foundation මගින් සිද්ද වෙනවා. ඒකට උඩින් කනු එකෙනික යා වෙන විදිහට tie beam එක දානවා. Tie beam එක දාන තාක්ෂණික කරුනු කීපයක් තියනවා. නිවසකට මූලික වශයෙන් tie beam එක දාන්නේ පොලවේ ඇති වන සුලු ගිලා බැසීම් නිසා ඇතිවන ආතතිය බිත්තියට සම්ප්‍රේෂණය නොවීමට. ඒකයි tie beam නැති ගෙවල් වල බිත්ති වල ඉරි යන්නෙ.

Tie beam එක විතරක් දාන එක පිරිවැය අඩු කිරිමේ උපක්‍රමක් නමුත් සීමා සහිතයි. ගැටලු ගොඩයි. tie beam එක විතරක් දාන ක්‍රමයෙදි වෙන්නෙ බිම් මහලෙ බිත්ති වල බර කොටසක්, tie beam එක හරහා පොලවට යනවා තව කොටසක් tie beam එකෙන් column එකටත් එතනින් footing (බේස් වලටත්) යනවා. ඒ විදිහට බර ගමන් කරන නිසා ඒ සියලු කරුනු පිලිබදව සැලකිය යුතුයි. බිම් මහල පොලොවෙන් උඩට එසවෙන මට්ටම අනුව tie beam එකෙ උස වෙනස් වෙනවා. ඒවගෙම මේක කරන්න පසෙහි තත්වය බලපානවා.

නිවස වට වන බිත්තියක්නම්, සතුන් හාරගෙන එන එක වලක්වන්න පොලොවෙන් යටට ගල් බැම්ම අවශ්‍යයි. එහෙම නැතිනම් ටයි බීම් එක පොලවෙන් යටට යවන්න ඕනි, ඒක වියදම් වැඩිය. ඒවගෙම blind wall එකක බොහො විට L හැඩැති බේස්වලවල් යොදා ගන්නවා. එහෙම උනාම උඩු මහල් වල බරෙන් වැඩි කොටසක් බිත්තියට එන නිසා හරි ප්‍රමිතියෙන් යුතු බැම්ම දාන්න ඕනි. ඒවගෙම උඩු මහල් වල ව්‍යුහය (විශේෂයෙන් beam) සහ footing (බේස්) හරියට design කරල තියෙන්න ඕනි. හේතුව තමයි උඩු මහලක බර ගල් බැම්ම නැති, tie beam එක පමනක් තියන බිතියට සම්ප්‍රේශනය උනොත් ඉතාමත් ගැටලුකාරියි. ඉහත කරුනු වලින් පැහැදිලියිනෙ tie beam එක විතරක් දාන්න පුලුවන් බිත්ති සිමා සහිත බව ඒවගෙම අවදානම වැඩි බව.

නමුත් බොහෝ ඉදිකිරීම් කරුවන් මේ සියල්ල මගහැර හැම බිත්තියටම tie beam එක විතරක් දානවා. සේවාදායකයත් කැමතියි මූලික වියදම අඩු නිසා නමුත් පස්සෙ බිත්ති පුපුරන, අත්තිවාරම ගිලා බසින වගේ ගැටලු ආවම පරක්කු වැඩියි. නිසි ප්‍රමිතියට ඉහල කරුනු සලකා බලා කරනවනම් වියදම ටිකක් අඩු කරගන්න පුලුවන්. ඒත් මුලු නිවසට යන වියදම එක්ක ගත් කල ඉතිරිය අඩුයි. ඒවගෙම එම ඉතිරිය නිසා ගන්න risk එක වටිනවද කියන එක ප්‍රශ්නයක්.

ඉහත කියලා තියන නිර්නායකයන් සැලකිල්ලට ගෙන පස ශක්තිමත් බිමක, low cost නිවාස වලට මේක කරන්න පුලුවන්. විශේෂයෙන්ම තනි තට්ටුවෙ නිවාස. තට්ටු දෙකක නිවසකට පස හයිය පොලවකනම් කරන්න ඕනි ගල් බැම්ම දාල බර දරන බිත්ති (load bearing walls) යොදාගනිමින් කොන්ක්‍රීට් සහ කම්බි අඩු කරන එක. ඒ ක්‍රමය වඩා ආරක්ශාකාරියි සහ වියදම අඩුයි. ඒවගෙම බිම් මහලේ විශාල ජනෙල් වැනි openings තියනවනම්, ටයි බීම් එක පමනක් ඒ තැන් වලට යොදන්න පුලුවන් costeffective වෙන්න. ඉදිකිරීම් පිරිවැය අඩු කරන්න ඕනිනම් කරන්න ඕනි ඒවගේ නිවැරදි ව්‍යුහ ඉඃජිනේරු උපක්‍රම මගින්.

පස දුර්වල තැනක ගල් බැම්ම මගින් බිත්ති වල බර පොලවට සම්ප්‍රේෂණය කරන්නෙ නෑ. ගිලා බැසීම් වෙනවා. එවැනි අවස්තා වල බිම් මහලේ බිත්ති වල බර සම්පූර්ණයෙන් ටයි බීම් එක හරහා බේස් එකට යන විදිහට තමයි design කරන්නෙ. එවැනි අවස්තාවක බේස් වල ලොකු කරන්න ඕනි. කරන්නම් වාලෙ කිරිමෙන් ඉතාමත් ගැටලුකාරී අතුරු ප්‍රතිඵල ඇතිවේ. ඉදිකිරීම් පිරිවැය අඩු කරන්න ඕනි නිවැරදි ව්‍යුහ ඉංජිනේරු ක්‍රමවේද මගින්. කරන්නම් වාලෙ නොවෙයි.

By Thiita designers & consultants pvt(Ltd)

නිවසක් සාදා ගැනීමේදී සිදුවන වියදම් අවම කරගත හැකි ප්‍රායෝගික ක්‍රමමෙම පෝස්ට් එකෙන් එකේ සකච්ජා කරන්නේ සමාන්‍ය මධ්‍යම පාංති...
18/12/2020

නිවසක් සාදා ගැනීමේදී සිදුවන වියදම් අවම කරගත හැකි ප්‍රායෝගික ක්‍රම

මෙම පෝස්ට් එකෙන් එකේ සකච්ජා කරන්නේ සමාන්‍ය මධ්‍යම පාංතිකයෙකුට තට්ටු දෙකක පමණ නිවසක් සාදා ගැනීමේදී සිදුවන වියදම් අවම කරගත හැකි ප්‍රායෝගික ක්‍රම පිළිබදවයි. සරලවම කියනවානම් ඔයා ලක්ෂ 40 – 50 ක විතර ගෙයක් හදන්න ණය අරගෙන, නැත්නම් තමන්ගේ මුලු සේසතම යොදවන අයට පෝස්ට් එක ගොඩාක් වැදගත් වේවී. අනිත් වැදගත්ම දේ තමයි බාල අමුද්‍රව්‍ය භාවිතයෙන් තොරව වෙනත් ක්‍රම වලින් වියදම අවම කරගන්නා ආකාරය ගැන පමණයි මෙතනදි සකච්ජාවෙන්නේ.

මුලින්ම කරන්න ඕන වැඩෙ තමයි තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට තමන්ට යොදවන්න පුළුවන් මුදලට අනුව හොද Plan එකක් ඇඳගන්න එක. ඒකියන්නේ රටට ලෝකෙට පේන්න කවදාවත් හදලා ඉවරකරගන්න බැරි මහ විශාල ගෙවල්නම් හදන්න යන්න එපා. මොකෝ එහෙම කරපු අය අන්තිමේ ණය වෙලා ඒ ගෙවල් නඩත්තු කරගන්නවත් බැරුව ජීවිත කාලේම සිතින් විඳවනවා. ජීවිතේ කියන්නේ ගෙවල් හදහදා ඉන්න එකම නෙවෙයි. ඒක එක දෙයක් විතරයි.

ඉතින් මේ විදිහට හොද සැලසුමක් අදින්න හොද සැලසුම් ශිල්පියෙක්ගේ (ඇතැම්විට ව්‍යුහාත්මක ඉන්ජිනේරුවරයකුගේද) සහාය ලබගන්න ඕන. ගොඩක් අය වියදම් අඩුකරගන්න කියලා මේගොල්ලන්ව කපලා දානවා. අන්තිමේදී මේ පිළිබද නිසි අවබෝධයක් නොමැති අයගේ උපදෙස් අරගෙන අමාරුවෙ වැටෙනවා. ඒ නිසා මේ අයගේ සේවය ලබාගැනීම වටිනවා. එතකොට තමයි තමන්ගේ අවශ්‍යතාවයට සහ තමන් ලග ඇති මුදලට සරිලන විදිහේ හොද සැලසුමක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සෙ තියෙන්නේ සැලසුම අනුමත කරගන්න.

එහෙම හොද සැලසුමක් ඇඳගත්තාට පස්සේ මතක ඇතුව ගෙදර වතුර බට, අපවහන බට වාගේ බට එන විදිහ සහ ගෙදර කර්න්ට් වයර්, CCTV වයර් වාගේ ඒවා එන විදිහත් සැලසුම් කරගන්න.

මෙතැන් සිට පියවරෙන් පියවර බලමු කොහොමද ගේ හදන වැඩේ යන්නෙ කියලා.

1 බාස් තෝරාගැනීම.

අපේ අය ගෙවල් හදන ක්‍රම ටික,

- ඉදිකීරීම් සමාගමකට හෝ කොන්ත්‍රාත් කරුවෙකුට සම්පුර්ණයෙන්ම කොන්ත්‍රාත් පැවරීම.
- දවසේ කුලියට බාස්ලා ගෙන්වීම.
- තමන් විසින් අමුද්‍රව්‍ය සපයාදී බාස්ලාට වැඩ ටික කොන්ත්‍රාත් දීම.
......ඉතින් මේවායින් මම දකින හොදම ක්‍රමය තමයි අපි විසින් අමුද්‍රව්‍ය සපයලා බාස්ලාට වැඩ ටික විතරක් කොන්ත්‍රාත් දෙන එක. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ නියම විදිහට කලමනාකරණය කරගෙන වියදම් අඩු කරගන්න.

මේ විදිහට බාස්ලාට වැඩ පවරනකොට එකපාර සම්පුර්ණ ගේම නැතුව කොටස් විදිහට වැඩ පවරන්න. මොකද ඒ ඒ දේවලට දක්ෂ බාස්ලා ඉන්නවා. හැමෝම හැමදේම හරියට කරයි කියලා හිතන්න අමාරුයි.
........අපි හිතමු අත්තිවාරමට බාස් ගෙනෙක් තෝරනවා කියලා. එතකොට මුලින්ම බාස්ලාගේ අත්තිවාරම් දැමිල්ලට ගන්න මිල ගණන් හොයලා බලන්න. එහෙම කීපයක් එකතුකරලා ඒකෙන් අඩුම ගණන් තියන තුන් හතර දෙනෙක් තෝරලා ඉතුරු අය අයින් කරන්න. ඊට පස්සෙ ඒ තොරපු අය අන්තිමට කරපු වැඩ 7 ක් 8ක් වත් බලලා හොද කෙනා වැඩට ගන්න. හැබැයි ඒ බාස් වැඩ පටන්ගන්න කලින් එයා කියපු මිල ගණන් සහිත එයාගේ අත්සනින් සහතික කරපු ලියවිල්ලක් ගන්න. මොකද නැත්නම් වැඩ පටන්ගෙන ටික දවසකින් කියයි රුපියල අවප්‍රමාණය වෙලා නිසා ගාණ වැඩි කරන්න ඕන කියලා.

මෙහෙම වැඩකරනකොට තමනුත් ලග ඉදලා කරන වැඩ ගැන හොද සෙවිල්ලෙන් ඉන්න. වැඩ ප්‍රමාණය මැනලා බාස්ලාට සල්ලි දෙන්න. කොයි වෙලාවකවත් බස්ලා තරහා කරගන්න එපා. තරහෙන් වැඩකරන බාස් කෙනෙක්ගෙන් හරියට කරන වැඩේ කෙරෙන්නෑ.

තව දෙයක් තමයි ඔය බඩු ගන්නකොට නම් කොයිම වෙලාවකවත් බාස්ලාව එක්කන් යන්න එපා. ගොඩාක් තැන්වල Bathroom කරන බාස්ලයි ටයිල් අල්ලන බාස්ලයි කියනවා “යමු මහත්තයා මම හොද ඒවා ටිකක් තෝරලා දෙන්නම්” කියලා. ඊට පස්සේ බඩු ගන්නකොට කඩෙන් බාස්ට කොමිස් එකක් දෙනවා. ඒ කොමිස් එකේ ගාණත් එකතුකරලා තමයි බඩු ගන්න කෙනාට ගන්නවෙන්නේ.

2 අත්තිවාරම දැමීම.

අත්තිවාරම දන්න නූල් ඇද්දායින් පස්සේ අනිවාර්යයෙන්ම මුලුපරස් තියනවාද කියලා බලන්නම ඕන. මොකද මේක වැරදුනා කියන්නෙ ඉතින් සොරි තමයි.
....අත්තිවාරම, බේස් වලවල් කපනකොට බස්ලා දම්මලා කපනවාට වඩා පොඩි ස්කැවේටර් යන්ත්‍රයකින් ඒ වැඩේ කරන එක තමයි වියදම අඩුම. හැබැයි මේක කරන්න පුළුවන් තද පසක විතරයි. මෙහෙම අත්තිවාරම් කපන්න පලපුරුදු ස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරුවෝ ඉන්නවා. මේත් එක්කම මතක ඇතුව වැසිකිළි වලවල්, වෙනත් අපජලය යවන වලවල් තියනවානම් ඒවාත් කපාගන්න.
...අත්තිවාරම බඳින්න කලින් මතක ඇතුව ඔය පයිප්ප අනංමනං තියන ඒවා දාගන්න. සමහරවිට බස් කියයි ඕවා පස්සේ දාගන්න පුළුවන් කියලා. හැදුවාට පස්සේ තමයි තේරෙන්නේ. ඊට පස්සේ අත්තිවාරම බදිද්දි බදාම හදනකොට වැලි වෙනුවට ගල් කුඩු ගන්න එක තමයි ලාබම. ඒකට වැලි කොහෙත්ම ඕන වෙන්නේනෑ. ගල් කුඩු බදාමෙන් අත්තිවාරම විතරක් නෙවෙයි ඕනෑම කළුගල් බැම්මක් බදින්න පුළුවන්.

3 Column, Beam, Slab

මේවා ඉතින් කොන්ක්‍රීට්නෙ. කොන්ක්‍රීට් දාන්න,

- කම්බි ගන්නකොට ලංවා කම්බි තමයි මම දකින විදිහට හොදම කම්බි.
- මේකටනම් වැලිම පාවිච්චි කරන්න වෙනවා. ගල් කුඩුනම් දාන්න එපා.
- සිමෙන්තිනම් ඉතින් සංස්ථාම තමයි.

මේ කොන්ක්‍රීට් වැඩ කරන්න ඒවාටම හොද පලපුරුද්ද තියන බාස්ලා ඉන්නවා. මන් අර කලින් කිවුව විදිහට මේකටත් හොද බාස් කෙනෙක් තෝරගන්න.
............Slab එක දානකොට ICC එකෙන් (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නෙවෙයි ) හදුන්වාදීපු ක්‍රමයක් තියනවා. එකේ වියදම් අඩු වෙනවා කියන්නේ ගඩොලින් අගල් 9 ට බිත්ති බැන්දහම Column, Beam නැතුව කෙලින්ම මේ Slab එක දාන්න පුළුවන් නිසාලු. ඒත් මේක කරපු අය කියනවා මන් දැක්කා මේක නිසා වියදම ඩබල් වුනා කියලා. තව මේ Slab එකේ යට සිමෙන්ති ගල් වාගේ පේන්න තියනවා. එතකොට ඒක වහන්න වෙනම සිවිලිමක් දාන්න වෙනවා. අනික මේ Slab එක සෑම තැනකටම යොදාගන්න බැරි කතාවකුත් කියනවා. ඉතින් මටනම් හිතෙන්නේ අපිම බාස්ලා දාලා අමුද්‍රව්‍යත් අපිම දීලා සාමාන්‍ය විදිහට කරන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නෙ. මේක සංවාදයට විවෘත්තයි.

4 බිත්ති බැදීම.
............බිත්ති බදින්න අපිට බ්ලොක් ගල් හෝ ගඩොල් භාවිතා කරන්න පුළුවන්. ගොඩාක් අය කියනවා බ්ලොක් ගලෙන් බැන්දහම රස්නෙ වැඩියි කියලා. ඒකට විසදුම් ලෙස තාප පරිවරනයක් සහිත වහල සෙවිලිකිරීමේ ද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන්. තව බිත්ති පේන්ට් කරනකොටත් මොකක්ද එකක් තියනවා කියලා අහලා තියනවා. ඒගැනනම් හරියට දන්නෑ. ඒගැන දන්න අය ඉන්නවානම් විස්තර කියන්න. කොහොම වුනත් බ්ලොක් ගලෙන් බදින එක තමයි වියදම අඩු කරගන්න පුළුවන් හොදම විදිහ.
..........මෙහෙම බ්ලොක් ගල් වලින් ගේ හදන්න අපිට ගොඩාක් ගල් ඕන වෙනවා. එතකොට සාමාන්‍යයෙන් බහුතරයක් දෙනා කරන්නෙ බ්ලොක් ගල් හදන තැනකින් සල්ලි වලට ගන්න එක. ඒත් අපිට පුළුවන් කුලියට බ්ලොක් ගල් ගහන මැෂින් එකක් අරගෙන සේවකයෙකුත් දම්මලා නියම ප්‍රමිතියට බ්ලොක් ගල් ටික හදාගන්න. මේ ක්‍රමයෙන් බ්ලොක් ගල් සදහා යන මුදලෙන් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගන්න වගේම ඉතා උසස් තත්වයේ බ්ලොක් ගල් ලබාගන්න පුළුවන් වෙනවා.

බිත්ති බදිනකොට බදාම වලට තනිකරම ගල් කුඩු ගන්න බෑ. නමුත් වැලිත් සමග යම් ප්‍රමාණයක් යොදාගන්න පුළුවන්. ඒගැන දන්න අය ඉන්නවානම් කරුණු කියන්න.

බිත්ති කපරාරු කරන්න JAT Holding සමාගමෙන් Master Plaster කියලා එකක් හදුන්වාදීලා තියනවා. මේක භාවිතාකලාම කපරාරු කරන්නයි පොටි අදින්නයි යන වියදමෙන් විශාල ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන් කියලයි කියන්නේ. මේක පාවිච්චි කරපු අය ඉන්නවානම් විස්තර දෙන්න.

5 පොළව කොන්ක්‍රීට් කිරීම හා කපරාරු කිරීම.
........මේ දෙකටම ගල් කුඩු භාවිතා කරන්න පුළුවන්. හැබැයි සම්පුර්ණයෙන්ම ගල් කුඩු ගන්න පුළුවන්ද කියන්නනම් දන්නෑ. ඒත් මන් දැකලා තියනවා සමහරුනම් පොළවට දාන්න හදන කොන්ක්‍රීට් එකට තනිකරම දාන්නේ ගල් කුඩු. ඒගොල්ලෝ කියන්නේ පොළවට වැඩි බරක්, ශක්තියක් ඕන්නැති නිසා වැලි දන්න ඕන්නෑ කියලා. මේවා ගැන දන්න අය උපදෙස් දෙන්න.

6 අමුද්‍රව්‍ය.

- වැලි, ගල් කුඩු, කොන්ක්‍රීට් ගල්.
......මේවා ගන්නකොට පුළුවන් තරම් එකපාර ගන්න. ඒකියන්නේ පොඩ්ඩ පොඩ්ඩ ගේන්න ගිහාම ප්‍රවාහනයට, පටවන්න, බාන්න වාගේ ඒවාට සෑහෙන්න වියදමක් යනවා. ඉතින් ලොකු ලොරියක විශාල ප්‍රමාණයක් එකපාර ගෙනාවහම ඒ මුදල් ගොඩාක් ඉතිරි කරගන්න පුළුවන්.

තව දෙයක් තමයි මේවා ගන්න කලින් කීප තැනකින්ම ගිහිල්ලා මිල ගණනයි, ඒ මිලට ලැබෙන ප්‍රමාණයයි අහගන්න. අපි හිතමු එක තැනක වැලි 14 000 යි කියනවා. තව තැනක 15 000 යි කියනවා. ඊට පස්සේ අපි බලන්න ඕන මේ දෙපොලෙම තියන වැලි වල ප්‍රමාණය. එතකොට මේ 15 000 ට තියන වැලි ප්‍රමාණය, 14 000 ට තියන වැලි ප්‍රමාණයට වඩා වැඩියි කියමුකො. මෙතන මුදලේ වැඩිවීම 1 000 නෙ. ( 15 000 – 14 000 = 1 000 ) ඊට පස්සේ අපි බලන්න ඕන අර වැඩිය තියන වැලි ප්‍රමාණය 1 000 ට ගන්න පුළුවන්ද කියලා. එහෙම ගන්න බැරිනම් 15 000 ට තියන වැලි ටික ගන්න එක තමයි ලාබම.

- සිමෙන්ති.
.......සිමෙන්ති ගනිද්දිත් කරන වැඩේට අවශ්‍ය ප්‍රමාණයට එකපාර ගන්න. හැබැයි අරගෙන ගොඩාක් කල් තියාගන්න එපා. මොකද කල් යනකොට කැට ගැහෙනවා. සිමෙන්ති ගන්න තැනින් අහන්න තමන් ගොඩක් ගන්නවා ඒ නිසා Discount එකක් දෙන්න පුළුවන්ද කියලා. එහෙම කැමති වෙච්ච තැනකින් ගන්න.බිත්ති බදින්න සංස්ථා ,ස්ලැබ් එකට නම් TOKYO SUPER තමා හොදම.

- කම්බි.
........ලංවා කම්බි තමයි ගොඩාක් අය නිර්දේශ කරන්නෙ. කම්බි ගන්න කලින් ගෙදරට යන සම්පුර්ණ කම්බි ගණන බලන්න. මෙහෙම බලනකොට සම්පුර්ණ කම්බියම ඕන වෙන ගණනයි, කම්බි කොට කෑලි එන ඒවා ගණනයි, ඒ කෑලි කොච්චර දිගට ඕන වෙනවාද කියන එකයි බලන්න ඕන. හැමෝම වාගේ කරන්නේ කම්බි කොට කෑලි ඕන වෙනකොට අර අළුතෙන් ගත්ත දිග කෑලිම කපලා ගන්න එක. ඒත් මට දැනගන්න ලැබුනා ඔරුවල වානේ සංස්ථාවේ තියනවා කියලා කොටට කැපිච්ච කෑලි. ඉතින් ඒ තමන්ට ඕන ඔක්කෝම කම්බි ටික කෙලින්ම ඔරුවල වානේ සංස්ථාවෙන් එකපාර ගන්න එක තමයි ලාබම. කොකටත් කම්බි ගන්න කලින් වානේ සංස්ථාවට කෝල් කරලාම අහගන්න. එක තමයි වඩාත් සුදුසුම.

- ටයිල්.
......ටයිල්නම් හොදම රොසෙල් තමයි. ඊලගට ලංකා ටයිල් එක හොදයි. ටයිල් ගන්නකොටත් ඔක්කෝම එකපාර ගන්න. තව දෙයක් තමයි ඔය අවුරුදු කාලෙට, දෙසැම්බර් නත්තලට එහෙම මේවායේ Discount දෙනවා. අන්න ඒවාගේ කාලෙක ගත්තොත් Discount එකකුත් ගන්න පුළුවන්.

7 වහලය.
..........වහල ගහන්නත් දැන් අළුතෙන් Total Roofing Solutions කියලා වර්ග ඇවිත් තියනවා. මේවා ගැනනම් කියන්න හරියටම දන්නෑ. නමුත් සාමාන්‍ය වහල ගහලා සිවිලිම් ගහන්න යනවාට වඩා වියදම අඩු ඇති. ඒගැන දන්න අයගේ උපදෙස් බලාපොරොත්තු වෙමි.

8 උළුවහු, ජනෙල්, දොරවල්.
..........උළුවහු, ජනෙල්, දොරවල් සඳහා ඇළුමිනියම් භාවිතා කරන්න පුළුවන්. සමහරු කියනවා ඇළුමිනියම් දැම්මහම ගෙදර වටිනකම අඩු වෙනවා කියලා. ඒත් දැන් ඇළුමිනියම් තියනවා ලී වාගේම හදපුවා. ගුල්ලෝ වාගේ සතුන්ගෙන් හානි වෙන්නේ නැතිඑකයි, තෙතමනයෙන් දිරායෑම් වෙන්නේ නැතිඑකයි තමයි මේවායේ තියන අනිත් වැදගත්ම වාසි දෙක වෙන්නෙ.

මීට අමතරව මම දැකලාතියනවා සමහරු ඔය පරණ ගෙවල් වලින් අයින්කරපු උළුවහු, ජනෙල්, දොරවල් වල ලී අරගෙන ආයිත් අමුතුවෙන්ම උළුවහු, ජනෙල්, දොරවල් හදලා තමන්ගෙ ගෙට සවිකරගන්නවා. මේවා බොහෝවෙලාවට කොස් හා දෙල් ලී. ඒත් මේවායේ කොලිටිය ගැන නම් කියන්න දන්නෑ.

9 Bathroom.
.........Bathroom එකේ වියදම අඩු කරගන්න තියන හොදම විදිහ තමයි අවශ්‍ය ප්‍රමාණයට පමණක් සෑදීම. මොකද සමහරු ගොඩාක් විශාල Bathroom හදනවා. ඊට පස්සේ වියදම ගොඩාක් වැඩි වෙනවා වාගේම නඩත්තු කරන්නත් කරදර වෙනවා. ඒ නිසා Bathroom එකට ගිහින් කරන වැඩ වලට හොදට ඉඩ ඇතිවෙන්න පමනක් සදාගන්න. Bathware ගනිද්දි හොද වර්ගෙකින් ගන්න. අඩුම තරමෙ රොසෙල් එකෙන් හරි ගන්න. මොකද ගේ කොච්චර හොද වුනත් Bathroom එක සවුත්තුනම් වැඩක්නෑ. අවුරුදු කාලෙට, නත්තලට රොසෙල් එකේ Discount දෙනවා. තව Tap, Shower වාගේ එවත් හොද වර්ග වලින්ම ගන්න.

10 වයරින් බඩු, වතුර බට, වැහි පීලි, අපවහන ද්‍රව්‍ය හා තීන්ත වැනි ද්‍රව්‍ය.
................මේවා බෙදාහරින නියෝජිතයන්ගෙන් (Agent) ගන්න පුළුවන්නම් ගොඩාක් වියදම් අඩු කරගන්න පුළුවන්. නැත්නම් ඉතින් සාමාන්‍ය හාඩ්වෙයාර් වලින් ගන්නවාට වැඩිය ඒ භාන්ඩ විතරක්ම තියන තැන් වලින් එකපාර ගන්නඑක තමයි ලාබම. මේ බඩුනම් අනිවාර්යයෙන්ම හොද වර්ග වලින්ම දන්න ඕන. තීන්ත ගන්නකොට නම් තමන්ට ඕන ප්‍රමාණය බලලා ඒකට හරියන්න ලොකු බකට් වලින්ම ගන්න. පොඩ්ඩ පොඩ්ඩ කීපයක් ගන්නකොට වියදම ගොඩාක් වැඩිවෙනවා.

නමුත් සමහරුන්ට මේ හැම දෙයක්ම කරන්න බැරිවෙන්න පුළුවන්. ඒ වුනාට පුළුවන් තරමක්වත් කරනවානම් එකෙන් වියදම ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඒවාගේම තමයි මේ කරුණු වලට අමතරව ඔයාලා දන්න වෙනත් දේවල් තියනවානම් එවත් මෙතන දාන්න. මොකද ඒක ගොඩාක් දෙනෙකුට උපකාරයක් වේවී...

උපුටාගැනීමකී - ගෞරවය මුල් හිමිකරුට හිමි විය යුතුයි

තෙත් නිවාරන වැටිය නොහොත් DPC- Damp Proof CourseDPC නැතහොත් තෙත් නිවාරන තැටිය යනුවෙන් මෙය හදුන්වන්න පුළුවන්. මෙය දමන්නේ අ...
18/12/2020

තෙත් නිවාරන වැටිය නොහොත් DPC- Damp Proof Course

DPC නැතහොත් තෙත් නිවාරන තැටිය යනුවෙන් මෙය හදුන්වන්න පුළුවන්. මෙය දමන්නේ අත්තිවාරම උඩින්. මේක දාලා ඉවර උනාම තමා අත්තිවාරමේ වැඩ ඉවරයි කියලා කියන්න පුළුවන්. දැන්නම් මේ DPC දානවා ලැබෙන්නේ බොහොම අඩුවෙන්, කොටින්ම කිව්වොත් දන්නේ නැතිම තරම්. මේකට ලොකු මුදලක් වැය නොවුනත් මෙය දාන්න මම කියන්නේ ඒකයි. මේ ලිපිය කියවා ඔබ තීරණ කරන්න මේක දාන්න ඕනේද නැද්ද කියලා.

මුලින්ම බලමුකෝ මේ DPC කියලා කියන්නේ මොකක්ද කියලා. මේකේ සරළ තේරුම තමා නමේම තියෙන තෙත් නිවාරන කියන වචනේ තේරුම වන තෙතමනය වැලැක්වීම වන බාධකය කියලා කියන එක. මේතනදී මේ කතා කරන තෙතමනය එන්නේ පොලොවෙන්. එහෙම අත්තිවාරම හරහා ඇවිල්ලා මේක බිත්ති දිගේ උඩට යන්න බලනවා. එය යන එක වැලැක්වීදමට අත්තිවාරම හා බිත්තිය අතර තිරස් ලෙස යොදන බාදකය තාමා මේ තෙත් නිවාරන වැටිය කියලා කියන්නේ. මම හිතනවා දැන් හැමොටම DPC කියන්නේ මොකක්ද කියලා අදහසක් ඔළුවට යන්න ඇති කියලා.

හරි දැන් තෙන් නිවාරන වැටියක් අපට ඕන කරන්නේ ඇයි?

ඔයලා මීට කලින් දැකලා තියනවාද අත්තිවාරමට ආසන්නව තියෙන බිත්තිවල කපරාදුව ඉරිගිහිල්ලා හරි පිපිරිලා ගිහිල්ලා හරි තියෙනවා. වැස්ස කාලෙදී වාගේ තෙත් පැල්ලම් එහෙම බිත්තිවල තියෙනවා. ගොඩක් වෙලාවට මේ ලක්ෂණ එළියේ බිත්තිවලින් තමා දකින්න තියෙන්නේ, ඒවාගේම ඇතුළත බිත්තිවලත් තද වැසි තියෙන කාලෙට මෙක හොදින් දැක බලා ගන්න පුළුවන්.මෙන්න මෙවා තමා සරලව කිව්වොත් DPC එක නැත්නම් වෙන්නේ.

මේ ක්‍රියාවලිය සිද්ද වෙන්නේ මේ නිසයි.වැසි කාලේදී පොළව සාමන්‍ය දවස්වලට වඩා තෙතමනයෙන් වැඩියි.මේවාගේ වෙලාවන්වලදී අත්තිවාරමේ තියෙන කළුගල් වලින් තෙතමනය ඉහලට ඇදෙනවා.මේ කියාවලිය කේශාකර්ෂණය කියාලා තමයි හදුන්වන්නේ.මේ ඉහළට එන තෙතමනය පහසුවෙන් බිත්තිවලට උරා ගන්නවා. තෙත් පැල්ලම් විදිහට පෙන්න තියෙන්නේ මේවා තමයි.

මේක නවත්ව ගන්න මොකද කරන්න ඕනේ

රයිසයකින් හලා ගත් වැලි 1:3 අනුපාතයට සිමෙන්ති වැලි මිශ්‍රණයක් සදා ගත යුතුයි. මෙය අගල් ¾” ඝනමකට සිටින සේ අත්තිවාරම මත ඇතිරිය යුතුයි.මතක ඇතිව මෙය අත්තිවාරම දෙසට ලම්බක වන සේ දාන්න ඕනේ.මේක මෙහෙම දැම්මට පසුව තද අව්වට නිරාවරනය වෙන්නේ නැති වෙන්න පොලිතීන් හෝ කාඩ්බෝඩ්වලින් වහලා තියන්න. නැත්නම් මේවා දැම්ම එකේ කිසි ප්‍රයෝජනයක් නැති වෙනවා.

මේ විදිහට අතුර ගත්තට පස්සේ ලොකු පිඩනයක් නොදෙන අයුරින් දින තුනක් පමණ තෙත් නිවාරන වැටිය පදම් වෙනකම් වතුර දා ගන්න ඕනේ. (හැකිනම් මල් බාද්දියක් භාවිතා කරන්න)

ඊට පස්සේ දින 5ක් පමණ වැටිය වෙලෙන්න තියලා, වැටිය මතට උණුකරන ලද තාර (Bitumen Emulsion) හරි DPC තාර (ලේසියෙන් කඩෙන් ගන්න පුළුවන්) හරි පින්සලකින් ගා ගන්න. මේ ආලේපය වැඩියේ දියාරුත් නැති උකුත් නැති ප්‍රමාණයට හදාගන්න ගන්න ඕනේ. ආලේයය අවසන් වූ පසු ඒක වෙලෙන්න කලින් සිහින් වැලි සමාන ලෙස තුනියට ඉහ ගන්න. ඊළග දවසෙත් මේ විදිහටම ආලේප කරලා වැලි ඉහන්න ඕනේ. දැන් වැටිය වෙලුනාට පස්සේ බිත්ති බදින්න පුළුවන්.

Source: www.civillk.com

Address


Telephone

+94776066153

Website

Alerts

Be the first to know and let us send you an email when කැදැල්ල - Consulting And Advertising Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share