නිකෙලෙස් -Nikeles

  • Home
  • නිකෙලෙස් -Nikeles

නිකෙලෙස්  -Nikeles purification of mind

පාරමිතා ප්‍ර‍කරණය(අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්)සිල් රැකීමේ අනුසස් දැක්වෙන කථා☸️☸️☸️මරණාසන්නයේදී පන්සිල් සමා...
04/11/2022

පාරමිතා ප්‍ර‍කරණය(අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්)

සිල් රැකීමේ අනුසස් දැක්වෙන කථා☸️☸️☸️
මරණාසන්නයේදී පන්සිල් සමාදන් වීමෙන් දෙව්ලොව ගිය වෙළෙන්ඳෝ☸️☸️☸️

අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි වෙළෙන්ඳෝ සත්සියදෙනෙක් නැවක නැගී මුහුදෙහි ගියෝ ය. සැඩ සුළඟ නිසා ඔවුන්ගේ නැව ඊයක වේගයෙන් මහ සමුදුර මැදට ගියේ ය. රළ අධික වීම නිසා මුහුද මැද දී නැවට වතුර ඇතුල් වන්නට පටන් ගත. නැවියෝ බිය පත්වී තම තමන් අදහන දෙවිවරුන්ට යදිමින් විලාප කියන්නට හඬන්නට පටන් ගත්හ. එහි සිටි එක් පුරුෂයෙක් මේ මහා භයේ දී මට පිහිටක් ඇද්දෝ යි සිතනුයේ තමා විසින් රක්නා පිරිසිදු සරණ ශීලය දැක නිර්හීතව බද්ධ පර්‍ය්‍යංකයෙන් හුන්නේ ය.

ඔහු එසේ නිර්භීත ව වාඩි වී සිටිනු දුටු සේසෝ මේ මහා භය ඔබට නැත්තේ කවර හේතුවකින් දැයි ඇසූහ. මම නැව් නගිනා දිනයෙහි සංඝයාට දන් දී සරණ ශීලය සමාදන් වී ආවෙමි. එබැවින් මට භයක් නැතය යි හේ කීය. එකල්හි මිනිස්සු "හිමියනි, ඔබට පිහිට වන ඒ සරණ ශීලය අපටත් නො වටනේ දැ" යි ඇසූහ. හේ "සැම දෙනාට ම එය වටනේ ය" යි කීහ. එකල්හි සෙස්සො එසේ නම් ඒ සරණ ශීලය අපටත් දුන මැනවයි කීහ. හෙතෙමේ වෙළෙඳුන් සත් සියය සත් කොටසකට බෙදා වරකට සිය සිය දෙනාට තිසරණ සහිත පඤ්ච ශීලය දිණ.

ඔවුන්ගෙන් පළමු වන සිය දෙනා ඇස්වටය තෙක් වතුරේ සිට සිල් සමාදන් වූහ. දෙවන සිය දෙනා දණ පමණට වතුරේ සිට සිල් සමාදන් වූහ. තුන්වන සිය දෙනා තුනටිය පමණට වතුරේ සිට සිල් සමාදන් වූහ. සතරවන සිය දෙනා පෙකණිය පමණට ජලයෙහි සිට ද, පස්වන සිය දෙනා තන පමණට දියෙහි සිට ද, සවන සිය දෙනා ගෙළ පමණට වතුරේ සිට ද, සත්වන සිය දෙනා කටට එන නො එන තරම් දියෙහි සිට ද, සිල් සමාදන් වූහ.

මෙසේ හේ සැම දෙනාට ම තිසරණ පන්සිල් සමාදන් කරවා නුඹලාට අන් පිහිටක් නැත. ශීලය ම පිහිට ය. එය ම මෙනෙහි කරව යි ඝෝෂා කෙළේ ය. ඒ වෙළඳුන් සත්සිය දෙනා ම දියේ ගිලී මැරී මරණාසන්නයේ දී ගත් ශීලයේ අනුහසින් තව්තිසා දෙව් ලොව උපන්හ. ඔවුන් සැම දෙනාගේ ම විමාන එක් තැනක ම පහළ විය. ගුරුවරයාට සියක් යොදුන් රන් විමනක් හා සෙස්සන්ට එය වටා පසු පසු සිල් සමාදන් වූවන්ට ක්‍රමයෙන් මිටි මිටි වූ විමානයොත් පහළ වූහ. සැමට ම පසු සිල් ගත් සියයට පහළ වූ විමානයෝ දොළොස් යොදුන් පමණ වූහ.

ඒ දෙවියෝ උපන් කෙණෙහි තමන් කළ කුශලයන් ප්‍රත්‍යවේක්ෂා කරන්නාහු පන්සිල් දුන් ආචාර්‍ය්‍යවරයා නිසා ඒ සම්පත් ලද බව දැන, තමන් ගේ ආචාර්‍ය්‍යවරයා ගේ ගුණය සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට සැළ කරනු පිණිස රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි බුදුන් වහන්සේ වෙත පැමිණ, එයින් සදෙනෙක් ආචාර්‍ය්‍යවරයා ගේ ගුණ පැවසීම් වශයෙන් බුදුන් වහන්සේ හමුවෙහි ගාථාව බැගින් කීහ. ඒ ගාථා මෙසේ ය.

(1) "සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය සෙ‍ය්‍යො හොති න පාපියො

-

(2) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය පඤ්ඤා ලබ්භති නාඤ්ඤතො
-

(3) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බේත සන්ථවං
සතං සද්ධම්ම මඤ්ඤාය සොක මජ්ඣෙ න සොචති
-

(4) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය ඤාති මජ්ඣෙ විරොචති
-

(5) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා ගච්ඡන්ති සුග්ගතිං
-

(6) සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙත සන්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා තිට්ඨන්ති සාතතං

ගාථාවල තේරුම මෙසේ ය -

(1) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. බුද්ධාදී සත්පුරුෂයන් ගේ පඤ්චශීල දශශීලාදි සද්ධර්මය දැන ගැනීමෙන් දියුණුවක් වෙයි. පිරිහීමක් නො වෙයි.

(2) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් කරව්. බුද්ධාදී සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන ගැනීමෙන් ප්‍රඥාව ලැබේ. වැලි ආදියෙන් තෙල් ආදිය නො ලැබෙන්නාක් මෙන් අනිකකින් ප්‍රඥාව නො ලැබේ.

(3) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. බුද්ධාදී සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන ගැනීමෙන් ශෝක මධ්‍යයේ ශෝක නොකරයි.

(4) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන ගැනීමෙන් නෑයන් මැද බබළයි.

(5) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන සත්ත්වයෝ සුගතියට යෙති.

(6) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැනීමෙන් සුවය චිර කාලයක් පවති.

තථාගතයන් වහන්සේ ඒ සැම දෙනාගේ ම ගාථා අසා සිට සැමදෙනා ගේ ම කීම් යහපත් බව වදාරා, අපෙන් ද ගාථාවක් අසව් යැයි වදාරා මෙසේ වදාළ සේක.

"සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං
සතං සද්ධම්මමඤ්ඤාය සබ්බදුක්ඛා පමුච්චති"

සත්පුරුෂයන් සමඟ ම එක්වව්. සත්පුරුෂයන් හා මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන සකල දුඃඛයෙන් මිදේ ය, යනු එහි තේරු ම යි. දේවතාවෝ සතුටුව, තථාගතයන් වහන්සේට වැඳ පැදකුණු කොට අතුරුදන් වූහ.

(මේ කථාව දේවතා සංයුක්තයේ ය)

🙏🌷🌷🌷චෛත්‍ය වන්දනාව🌷🌷🌷🙏චෛත්‍ය වන්දනාව හා පූජාව යන දෙයාකාරයකින් කළ හැකිය. දාගැබ බුදු පිළිම බෝරුක් වෙත ගොස් බුදුන්වහන්සේ සි...
30/10/2022

🙏🌷🌷🌷චෛත්‍ය වන්දනාව🌷🌷🌷🙏

චෛත්‍ය වන්දනාව හා පූජාව යන දෙයාකාරයකින් කළ හැකිය. දාගැබ බුදු පිළිම බෝරුක් වෙත ගොස් බුදුන්වහන්සේ සිහි කොට බුදුගුණ සිහි කොට බුදුනට වැඳීමක් පිදීමක් වශයෙන් ඒ තැන්වලදී වැඳුම් පිදුම් කිරීම එක් ක්‍රමයකි. එසේ වඳින්නහුට බුදුරදුන්ට වත් කිරීමේ සිතින්ම මලසුන් පිරිසිදු කිරීම්, මළු හැමදීම්, කසළ ඉවත් කිරීම්, තණ ආදිය ඉවත් කිරීම්, චෛත්‍ය පවිත්‍ර කිරීම්, බෝ රුක්වලට පැන් වක් කිරීම් ආදී වත් කළ හැකිය. එසේ කරන්නහුට ඇති වන කුසල් කෙළින්ම බුදුරදුන් අරමුණු කොට ඇති වන ඒවා බැවින් වඩා උසස් වේ.

මේ බුදුරදුන්ගේ ධාතු පිහිටි චෛත්‍යයෙක, බුදුරදුන් පරිභෝග කළ වස්තුවෙක, බුදුරදුන්ගේ පිළිරුවකැයි සලකා ඒ චෛත්‍යවලට වැඳුම් පිදුම් කිරීම අනිත් ක්‍රමය ය. එසේ වැඳුම් පිදුම් කරන්නවුන්ට ඇතිවන කුශලය චෛත්‍යයන් අරමුණු කොට ඇති වන්නක් බැවින් පළමු ක්‍රමයෙන් ඇතිවන කුශල් තරම් උසස් නැත. එහෙත් ඒවා සුළු කොට නො සිතිය යුතුය. ඒවාත් ත්‍රිවිධ සම්පත්තිය සලසා දෙන කුසල්ය.

“යෙහි කෙචි ආනන්ද, චෙතිය චාරිකං ආහිණ්ඩන්තා පසන්න්චිත්තා කාලං කරිස්සන්ති සබ්බේ තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපප්ජ්ජිස්සන්ති.”

යනුවෙන් “ආනන්දය, චෛත්‍ය වන්දනාවෙහි අවිදින්නා වූ යමක් පහන් සිතින් කලුරිය කෙරෙත් ද ඔවූහු මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපදනාහ” යි මහ පිරිනිවන් සුතුරෙහි වදාරා ඇත්තේය. චෛත්‍ය වන්දනාව කරන තැනැත්තන් විසින් බොහෝ පින් සිදු කර ගැනීමට නම් වන්දනා කිරීම් මාත්‍රයෙන් නො නැවතී මලසුන් පිරිසිදු කිරීම් ඇමදීම් චෛත්‍ය පිරිසිදු කිරීම් ආදියත් කළ යුතුය.

“අසුක විහාරෙ චෙතියං වන්දිස්සාමිති නික්ඛමිත්වා පසන්නචිත්තා අන්තරා කාලං කරොන්තා පි අනන්තරායෙන සග්ගෙ පතිට්ඨහිස්සන්ති”

යනුවෙන් අසවල් විහාරයේ චෛත්‍ය වඳින්නෙමැ යි නික්ම ගොස් පහන් සිතින් අතරමග කලුරිය කරන්නෝ ද වැරදීමක් නැතිව ස්වර්ගයෙහි උපදනාහ යි මහාපරිනිබ්බාන සුත්තට්ඨකථාවෙහි දක්වා ඇත්තේ ය.
( පුණ්‍යෝපදේශය- අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් )

🙏ස්වාක්ඛාත ගුණය🙏🌷🌷🌷සාධුකාර දීම🌷🌷🌷(සූවිසි මහ ගුණය -අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්)සැවැත් නුවර විසූ එක් රූමත් ක...
07/10/2022

🙏ස්වාක්ඛාත ගුණය🙏

🌷🌷🌷සාධුකාර දීම🌷🌷🌷

(සූවිසි මහ ගුණය -අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්)
සැවැත් නුවර විසූ එක් රූමත් කාන්තාවකගේ සැමියා තථාගතයන් වහන්සේගෙන් බණ අසා ගිහිව සිට මේ ධර්‍මය අනුව නො පිළිපැදිය හැකිය යි සිතා විහාරයට ගොස් එක්තරා පිණ්ඩපාතික තෙරනමක් සමීපයෙහි පැවිදි විය. පසේනදී කොසොල් රජතුමා අස්වාමික වු ඒ කාන්තාව ස්වකීය අන්තඃපුරයටගෙන්වා ගත්තේ ය. දිනක් රජතුමා නිලුපුල් මල් මිටියක් ගෙන අන්තඃපුරයට පිවිස එක් ස්ත්‍රියකට එක මල බැගින් දුන්නේ ය. ඒ කාන්තාවට මල් දෙකක්ම ලැබුණේය. ඕ ඉමහත් ප්‍රීතියකින් එ මල් ගෙන සිප මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ සැමියා සිහි වී හැඬුවා ය. රජතුමා ඇගේ ක්‍රියාව දැක ඇය ගෙන්වා කරුණු විචාළේය. මේ තොමෝ මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ පුරාණ සැමියා සිහි වී හැඬු බව රජුට දැන්වූවා ය. රජුට එය නොපිළිගත හැකි විය. දෙතුන් වරක් ඇසූ කී නමුත් රජු එය විශ්වාස නොකළේ ය. රජතුමා ඇගේ කීම විමසනු පිණිස පසු දින සියලූ ම සුවඳ වර්ග රජගෙයින් ඉවත් කරවා අසුන් පනවා බුදුපාමොක් මහසඟන වැඩම කරවා දන් දී ස්ත්‍රීයගෙන් ඒ භික්ෂුව අසා දැනගෙන බුදුරදුන්වෙත එළඹ “ස්වාමිනි, අපට අනුමෙවෙනි බණ කීමට අසවල් භික්ෂුන් වහන්සේ නවත්වා නුඹ වහන්සේ සෙසු භික්ෂුන් වහන්සේ සමඟ විහාරයට වැඩම කරන සේක්වා’යි සැල කළේ ය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් සමග විහාරයට වැඩම කළ සේක. තෙරණුවන් දහම් දෙසුම අරඹනු සමගම රජගෙය සුවඳ දැයින් පිරීගියාක් මෙන් විය. රජතුමා කාන්තාවගේ කීම සැබෑය යි පැහැදී පසු දින භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ තෙරනුවන්ගේ මුවින් සුවද විහිදිමේ හේතුව විචාළේය. “මහරජ, ඒ භික්ෂුව අතීතයෙහි දහම් අසමින් ප්‍රීතියෙන් සාදුකාර දුන්නේ ය. ඒ පිනෙන් ඒ භික්ෂුවගේ මුවින් සුවඳ විහිදෙන්නේ ය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

සද්ධම්ම දෙසනාකාලෙ - සාධුසාධුති භාසතො,
මුඛතො වාසතෙ ගන්ධො - උප්පලං ව යථොදකෙ”

(මනෝරථපූරණී)

තථාගත ධර්මය ඇසීම් මාත්‍රයෙන් හා සාදුකාරදීම් මාත්‍රයෙන්ද එසේ කරනුවන්ට නොයෙක් අනුසස් ලැබෙන්නේ ඒ ධර්මයේ යහපත් බව හෙවත් ස්වාඛ්‍යාත භවය නිසාය.

බෞද්ධයාගේ අත්පොත(අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් )🌹🌹දශ පුණ්‍ය ක්‍රියා වස්තු 🌹🌹☸️☸️අපචායන පුණ්‍ය ක්‍රියාව ☸️☸️☸...
13/09/2022

බෞද්ධයාගේ අත්පොත(අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් )

🌹🌹දශ පුණ්‍ය ක්‍රියා වස්තු 🌹🌹
☸️☸️අපචායන පුණ්‍ය ක්‍රියාව ☸️☸️☸️☸️

ගරු කළ යුතු පුද්ගලයන්ට හා වස්තූන්ට ගෞරව කිරීම අපචායනය ය. වයසින් හා ගුණයෙන් වැඩි පුද්ගලයෝ ගරු කළ යුත්තෝ ය. ධාතු මහබෝ පෙති පිළිම ආදිය ගරු කළ යුතු වස්තූහු ය. වයසින් අඩු තැනැත්තා විසින් වයසින් වැඩි තැනැත්තන්ට ගරු කළ යුතු ය. වයස, ගුණය යන දෙකින් ගුණය ප්‍රධාන බැවින් වයසින් වැඩි තැනැත්තා විසින් ද ගුණවතාට ගරු කළ යුතු ය. මෙහි ගුණය යයි කියනුයේ කුල ධන තනතුරු ආදිය නො ව උපකාර හා ශීලය ය. බොහෝ උපකාර කළ බැවින් දරුවන් විසින් මා පියන්ට ගරු කළ යුතු ය. සිල්වතුන්ට ශීල ගුණය නිසා ගරු කළ යුතු ය. ශීල ගුණය සියල්ලට ම උසස් බැවින් පැවිදි වූ දරුවාට ගිහි වූ මා පියන් විසින් ද ගරු කළ යුතු ය.

ගරු කිරීම වනාහි කයින් ගරු කිරීම ය, වචනයෙන් ගරු කිරීම ය, සිතින් ගරු කිරීම ය යි තුන් ආකාර වේ. ඒ ඒ මනුෂ්‍ය ජාතීන්ගේ චාරිත්‍ර‍වල සැටියට හා ආගම්වල සැටියට ද කයින් ගරු කරන්නා වූ ආකාරයෝ බොහෝ වෙති. පා වහන්, හිස් වැසුම්, කුඩ ඉවත් කිරීම, හුනස්නෙන් නැගී සිටීම, උසසුන්වල නො හිඳීම, වැඳීම යනාදිය බෞද්ධයන් විසින් පවත්වන ගරු කිරීමේ ක්‍ර‍මයෝ ය.

වැඳීමය යනු තමාගේ යටහත් බව, ගරු කරන බව, අවනත බව, කීකරු බව දක්වන්නා වූ ක්‍ර‍මය ය. එය කාය වන්දනාවය, වචී වන්දනාවය, මනෝ වන්දනාවය යි ත්‍රිවිධ වේ. කයින් වන්දනා කිරීමේ ආකාරයෝ ද බොහෝ ය. දෙ අත් එක් කොට ළය ඉදිරියේ තබා වැඳීම ය, දෙ අත් නළල මත තබා වැඳීම ය, දෙ අත් හිස මත තබා වැඳීම ය, දෙ අත් එක් කොට දකුණු දන බිම තබා වැඳීම ය, දෙ අත් එක් කොට දෙ දණ ම බිම තබා වැඳීම ය, දෙ දණය දෙ අතය හිසය යන පස් තැන බිම තබා වැඳීමය යන මේවා කාය වන්දනාවෝ ය. රත්නත්‍ර‍යට වැඳීමේ දී ඉතා උසස් වන්දනාවකින් වැඳීම ද යෝග්‍ය ය. එබැවින් බෞද්ධයන් විසින් රත්නත්‍ර‍ය වැඳීමේ දී පසඟ පිහිටුවා වැඳීමේ ක්‍ර‍මයෙන් ම වැඳීම මැනවි.

වචනයෙන් ගරු කිරීම ය යනු ගරු කළ යුත්තන් හා කථා කිරීමේ දී ද ගරු කළ යුත්තන් ගැන කථා කිරීමේ දී ද ගෞරව දැක්වෙන වචන පාවිච්චි කිරීම හා වචනයෙන් වන්දනා කිරීම ය. “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යනාදි වන්දනාව ප්‍ර‍කාශ වන වචන කීම වාචා වන්දනාව ය. ස්තුති වාක්‍යය, ස්තුති ගීතාදිය කීම ද එයට ඇතුළත් ය.

සිතින් ගරු කිරීමය යනු ගරු කළ යුත්තන් කෙරෙහි සිත නමා ගැනීම හා එතුමන්ලාගේ ගුණයන් ආදරයෙන් සිහි කිරීම ය.

අපචායනයේ අනුසස්

“යෙ මුද්ධ මපචායන්ති - නරා ධම්මස්ස කොවිදා

දිට්ඨෙ ව ධම්මෙ පාසංසා - සම්පරායෙ ච සුග්ගති”

තේරුම:

වෘද්ධාපචායන ධර්මය දක්නා වූ යම් කෙනෙක් වෘද්ධයනට ගරු බුහුමන් කෙරෙත් ද ඔවුහු ඉහතාත්මයෙහි ප්‍ර‍ශංසා කළ යුත්තෝ වෙති. ඔවුනට මරණින් මතු පැමිණිය යුතු තැන ද සුගතිය වේ.

“අභිවාදනසීලිස්ස - නිච්චං වුද්ධා පචායිනො

චත්තාරො ධම්මා වඩ්ඪන්ති - ආයු වණ්ණෝ සුඛං බලං”

තේරුම:

වැඩිමහල්ලන්ට අභිවාදනය කරන ස්වභාවය ඇත්තා වූ නිතර වෘද්ධයන්ට ගරු බුහුමන් කරන්නා වූ තැනැත්තා හට ආයුෂය ශරීර වර්ණය සැපය බලය යන ධර්මයෝ සතර දෙන වැඩෙත්.

අපචායන කුශලය අන්‍යයන් විසින් ගරු බුහුමන් කරන රාජකුලාදි උසස් කුලවල ඉපදීමට හා ගරු බුහුමන් ලැබීමට ද උසස් තනතුරු ලැබීමට ද හේතු වන බව කිය යුතු ය. සැවැත්නුවර විසූ අදින්න පුබ්බක නම් වූ මසුරු බමුණාගේ පුත්‍ර‍ මට්ටකුණ්ඩලී බුදුන් වහන්සේට සිතින් පමණක් ගෞරව කිරීමෙන් තව්තිසා දෙව්ලොව උපන් බව දම්පිටුවාවේ දක්වා තිබේ. එක් සැඩොල් මැහැල්ලක් බුදුන් වහන්සේට වැඳීමේ කුශලයෙන් මරණින් මතු දෙව්ලොව උපන් බව විමානවස්තු ප්‍ර‍කරණයේ දක්වා තිබේ. ගරු කළ යුත්තන්ට ගරු කිරීම කුශලයක් වන්නා සේ ම ගරු කළ යුත්තන්ට අගෞරව කිරීම පාපයක් වන බව ද දත යුතු ය.

🌷🌷කුශල්වල විපාක ලැබීමට ප්‍රාර්ථනාවක් වුවමනා ද? ප්‍රාර්ථනාවක් නැති නම් විපාක නො ලැබේ ද ??🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපායෙහි උපදින්නට පතන ...
01/09/2022

🌷🌷කුශල්වල විපාක ලැබීමට ප්‍රාර්ථනාවක් වුවමනා ද? ප්‍රාර්ථනාවක් නැති නම් විපාක නො ලැබේ ද ??🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

අපායෙහි උපදින්නට පතන කෙනෙක් නැත. එහෙත් පව්කම් කළෝ මරණින් මතු අපායවල උපදිති. අකුශල කර්ම විපාක දීමට ප්‍රාර්ථනාවක් වුවමනා නො වන්නාක් මෙන් කුශල කර්මවලට විපාක දීමටත් ප්‍රාර්ථනාවක් වුවමනා නැත. ප්‍රාර්ථනාවක් ඇතත් නැතත් පින් කළ අය සුගතියෙහි උපදනාහ. එහෙත් පිනක් කළ කල්හි ප්‍රාර්ථනාවක් කිරීමෙහි ප්‍රයෝජනයක් ඇත්තේ ය. එනම් විපාකය තමා කැමති සැටියට ලබා ගැනීම ය. දන්දීම් ආදි වශයෙන් කාමාවචර කුශලයක් කළාම එයින් ඒ තැනැත්තාට මිනිස් ලොවත් ඉපදිය හැකි ය. වෘක්ෂ පර්වතාදියක දෙවියෙක් ද විය හැකි ය. චාතුර්‍මහාරාජිකාදි දිව්‍යලෝක සයෙන් යම්කිසිවක ද ඉපදිය හැකි ය. රූප සම්පත් ධන සම්පත් ආදි නොයෙක් සම්පත් ද ලැබිය හැකි ය. ප්‍රාර්ථනාවක් කළාම ඒ කුශලයෙන් ඉපදිය හැකි තැන්වලින් තමාට කැමති තැනක ඉපදී කැමති සම්පත්තියක් ලබා ගත හැකි ය.

ප්‍රාර්ථනාවක් නැති තැනැත්තාට උපදින තැන නියම නැත. මිනිස් ලොව උපදින කෙනකුට වුව ද ප්‍රාර්ථනා කළා ම සුදුසු පෙදෙසක සුදුසු කුලයක ඉපදිය හැකි ය. ප්‍රාර්ථනාවක් නැතිව මිනිස් ලොව උපදින තැනැත්තා හට සමහර විට පව්කම් නොකොට ජීවත් විය නොහෙන පෙදෙස්වල ද ඉපදිය හැකි ය. බොහෝ පව්කම් කරන මිසදිටු කුලවල ද ඉපදිය හැකි ය. එසේ උපන හොත් ඔහුට බොහෝ පව්කම් කරන්නට සිදු වන්නේ ය. එයින් අපාගත වීමෙන් ඔහුට සසර දික් වන්නේ ය. පව් නො කොට ජීවත් විය හැකි තුණුරුවන් පවතින සත්පුරුෂයන් වෙසෙන සත්පුරුෂ සේවනය ලැබිය හැකි පෙදෙසක, සම්‍යග්දෘෂ්ටික කුලයක උපන හොත් ඔහුට එහි ද බොහෝ පින් කොට සසර කෙටි කර ගත හැකි ය. ඉක්මනින් නිවන් දැකිය හැකි ය. එබැවින් පිනක් කළ කල්හි යම් කිසි සුදුසු ප්‍රාර්ථනාවක් කළ යුතු බව -

“ආකාසෙ ඛිත්තදණ්ඩො අග්ගෙන වා මජ්ඣෙන වා මූලෙන වා පතිස්සතීති නියමො නත්ථි. සත්තානං පටිසන්ධිගහණං අනියතං, තස්මා කුසලං කම්මං කත්වා එකස්මිං ඨානෙ පත්ථනං කාතුං වට්ටති.”

යනුවෙන් මජ්ඣිම නිකායේ සංඛාරුප්පත්ති සූත්‍ර‍ අටුවාවෙහි “අහසට විසි කළ දණ්ඩ අගින් බිම වැටෙනවාය කියා හෝ මැදින් බිම වැටෙනවාය කියා හෝ මුලින් බිම වැටෙනවාය කියා හෝ නියමයක් නැත. එමෙන් සත්ත්වයන් ගේ ප්‍ර‍තිසන්ධි ග්‍ර‍හණය අනියත ය. එබැවින් කුශල කර්මයක් කොට යම් කිසි එක් තැනක් පැතිය යුතුය” යි දක්වා ඇත්තේ ය. ප්‍රාර්ථනාවක් වුවමනා නැත, ප්‍රාර්ථනා කළත් නොකළත් කුශලයේ විපාක ලැබෙනවා ය, නිවන පමණක් ප්‍රාර්ථනා කළා ම ඇතය කියා ඇතමුන් කරන අනුශාසනය ඉහත දැක් වූ සංඛාරුප්පත්ති සූත්‍ර‍ අටුවාවට විරුද්ධ බව දත යුතු ය.

පින් කොට ප්‍රාර්ථනාවක් කරන්නහු විසින් නුවණින් එය කළ යුතු ය. සමහර විට නො මනා ප්‍රාර්ථනාවලින් තමාට පමණක් නොව අනුන්ට ද විපත් වේ. පෙර ලක්දිව අනුරාධපුරයේ විසූ ඒක දැරියක් චෛත්‍යයෙහි මල් පුදා “මේ පිනින් මම රූ ඇත්තියන්ගෙන් අග්‍ර‍ වෙම්වා, ළහිරු මඩලෙන් මෙන් මාගේ ශරීරයෙන් රැස් විහිදේවා, මා දක්නා හැම පුරුෂයෝ ම කාමයෙන් මත් වෙත්වා, කිඳුරන් ගේ නාදය බඳු මිහිරි කට හඬ මට ඇති වේවා” යි ප්‍රාර්ථනා කළා ය. මේ ප්‍රාර්ථනාවෙන් ඇය ලැබූ රූප සම්පත්තිය නිසා රටවල් පසක රජවරුන් පස් දෙනකුන්ට සිය දිවි නසා ගන්නට සිදු විය. තරුණයන් පන්සිය දෙනකුන්ට උගැන්වීම කරමින් විසූ උද්දාල නම් බ්‍රාහ්මණ පණ්ඩිතයාට ද සිය දිවි නසා ගන්නට සිදු විය. උද්දාල බ්‍රාහ්මණයා ගේ ශිෂ්‍යයන් විසින් ඈ ද මරවනු ලැබුවා ය. මෙහි විස්තරය රසවාහිණියේ ස්වර්ණ තිලකා වස්තුවෙන් බලා ගත යුතු. බොහෝ භවභෝග සම්පත් පතන්නවුන්ට ද සංසාරය දික් වේ. සසර කොට කර ගැනීමට නම් පිනක් කළ කල්හි මේ පින් බලයෙන් ඉක්මනින් නිවනට පැමිණෙන්නට ලැබේවා යි පැතිය යුතු.

🙏🙏🙏ධර්ම විනිශ්චය( අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් )

☸️☸️☸️☸️☸️   සංසාරය  ☸️☸️☸️☸️☸️☸️“ඛන්ධානඤ්චෙව පටිපාටි - ධාතු ආයතනානි චඅබ්බොච්ඡින්නං වත්තමානං - සංසාරොති පවුච්චති”මෙය අටු...
26/08/2022

☸️☸️☸️☸️☸️ සංසාරය ☸️☸️☸️☸️☸️☸️

“ඛන්ධානඤ්චෙව පටිපාටි - ධාතු ආයතනානි ච

අබ්බොච්ඡින්නං වත්තමානං - සංසාරොති පවුච්චති”

මෙය අටුවාවල එන සංසාරය හඳුන්වන ගාථාවකි. “ස්කන්ධයන්ගේ ද ධාතුන්ගේ ද ආයතනයන්ගේ ද පරම්පරා වශයෙන් නො සිඳී පැවැත්ම සංසාරය යි කියනු ලැබේ”. යනු එහි තේරුමයි. සංසාරය කුමක් දැයි තවත් ක්‍ර‍මයකින් කියත හොත් ජාතියෙන් ජාතිය නැවත නැවත උපදනා සත්ත්වයන්ගේ ජාති පරම්පරාව හෙවත් භව පරම්පරාව සංසාරය යි කිය යුතු ය. ලෝකයෙහි අනන්ත සත්ත්වයෝ ඇත්තාහ. ඔවුන්ගේ සංසාරයේ පටන් ගැනීමක් නැත්තේ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො පුබ්බාකෝටි න පඤ්ඤායති” යි වදාරන ලද්දේ ය. “මහණෙනි, මේ සංසාරය නො දක්නා ලද අක් ඇත්තේ ය. එහි මුල පටන් ගැනීම නො පෙනෙන්නේ ය.” යනු එහි තේරුම ය. එසේ වදාරන ලදුයේ සංසාරයාගේ පටන් ගැනීම වූ මුල් කොන තිබියදී ම තථාගතයන් වහන්සේට එය නොපෙනෙන නිසා නොව සංසාරයා ගේ මුල් කොනක් නැති නිසා ය. නැති දෙයක් කෙසේ පෙනිය හැකි ද? නො හැකි ම ය.

මුල් කොනක් නැත්තා වූ මේ සංසාරය ඉතා දීර්ඝ බැවින් එක් එක් සත්ත්වයකු විසින් අතීතයේ නූපන් ජාතියක් නැත. එක සත්ත්වයකු එක් එක් ජාතියක උපන් වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත. සංසාරය අති දීර්ඝ බැවින් මේ මහ පොළොවෙහි එක් එක් සත්ත්වයකු විසින් නූපන් තැනක් ද නො සිටි තැනක් ද නො මළ තැනක් ද මළ සිරුර නොදැමූ තැනක් ද නැත.

තමා මළ කල්හි මළ සිරුර දැමීමට අනෙකකුගේ මළසිරුරක් නොදැමූ ශුද්ධ ස්ථානයක් වශයෙන් තැනක් නියම කරගෙන සිටියා වූ උපසාළ්හක නම් බමුණා හට තථාගතයන් වහන්සෙ මෙසේ වදාළ සේක.

“උපසාළ්හක නාමානං - සහස්සානි චතුද්දස

අස්මිං පදෙස දඩ්ඪානි - නත්ථි ලොකෙ අනාමතං”

මේ ප්‍රදේශයෙහි උපසාළ්හක යන නම ඇතියවුන් ගේ මළ සිරුරු ම තුදුස් දහසක් දවා තිබේ. ලෝකයෙහි නොමළ තැනක් නම් නැතය යනු එහි අදහස යි.

ඉතා දීර්ඝ වූ මේ සංසාරයෙහි එක් එක් සත්ත්වයකුගේ මව නො වූ සත්ත්වයෙක් ද පියා නො වූ සත්ත්වයෙක් ද සහෝදරයකු නො වූ සත්ත්වයෙක් ද සහෝදරියක නො වූ සත්ත්වයෙක් ද පුත් නො වූ සත්ත්වයෙක් ද දූ නොවූ සත්ත්වයෙක් ද සුලභ නො වෙත් යයි බුදුන් වහන්සේ වදාළ සේක.

තවද අනවරාග්‍ර‍ සංසාරයෙහි එක් සත්ත්වයකු විසින් බිව් මව් කිරි ද, හැඬූ කඳුළු ද, අනුන් විසින් හිස කපනු ලැබීමෙන් ගැලූ ලේ ද යන මේ එක එකක් ම සාගර ජලයට අධික බව ද තථාගතයන් වහන්සේ වදාළ සේක.

තවද සංසාරය ඉතා දීර්ඝ බැවින් දිළිඳු වූ විරූප වූ කෙනකු දුටු කල්හි මම ද මේ දීර්ඝ වූ සංසාරයෙහි මෙසේ විසුයෙමැයි ද අලංකාරයෙන් සැරසී සිටින සැප ඇති කෙනකු දුටු කල්හි මම ද පෙර මෙබඳු සැප ලැබුවෙමි යි ද නිශ්චයට පැමිණිය යුතු බව ද තථාගතයන් වහන්සේ වදාළ සේක.

සසර සැරිසරන්නා වූ සත්ත්වයන් සුගතියෙහි ද උපදින නුමුත් බොහෝ සෙයින් උපදින්නේ දුගතියෙහි ය. එ බැවින් ඔවුනට සතර අපාය සිය නිවෙස බඳු ය. එක් එක් සත්ත්වයකු විසින් වර්ෂ සිය ගණනකට වරකුදු පිපාසාව සන්සිඳෙන පමණට පැනක් හා කුසගින්න සන්සිඳෙන පමණට අහරක් ද නො ලැබ ඉතා දුකසේ කල් යවන ප්‍රේත ව අතීතයෙහි උපන් වාරයන්ගේ ප්‍ර‍මාණයක් ද නැත්තේ ය. භයානක රූප ඇති යම රකුසන් විසින් වෑ පොරෝ වලින් කපමින් යහුල්වලින් හනිමින් ගිනියම් වූ ලොහො ගුලි ලෝදිය මුව බහාලමින් අපමණ දුක් දෙන සඤ්ජීවාදි නරකවල උපන් වාරයන්ගේ ප්‍ර‍මාණයක් නැත්තේ ය. නිවනට නො පැමිණ සසර රැඳුන හොත් සත්ත්වයාට මතු ද එසේ ම කටුක දුක් බොහෝ විඳින්නට සිදු වන්නේ ය. කරුණු මෙසේ හෙයින් සසර රැඳී සිටීමේ භයානකත්වය කියා නිම කළ නොහේ. ඒ බව දත් බුද්ධාදි උත්තමයෝ සංසාර බන්ධනය සිඳ සසරින් එතර ව නිවන් පුරයට පිවිසුනාහු ය. දුකින් මිදෙනු කැමැත්තෝ ඒ නිවනට පැමිණීමට උත්සාහ කරත්වා!

බෞද්ධයාගේ අත්පොත =අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නා හිමි 🙏🙏

24/08/2022

ධර්ම චින්තා 01 | Ganogodawila Soma Thero

භාවනාවට පෙර සුදානම සහ භාවනාව හදුනා ගමු

Subscribe Now :
https://www.youtube.com/watch?v=tkrouRJJqL4

https://youtu.be/ufUhPbsKgoIපිරිසිදු අද්‍යාත්මයක් සකස් කරගෙන මිනිසා මිනිසෙකු වශයෙන් ගොඩනගා ගැනිමේ වැදගත්කම
22/08/2022

https://youtu.be/ufUhPbsKgoI
පිරිසිදු අද්‍යාත්මයක් සකස් කරගෙන මිනිසා මිනිසෙකු වශයෙන් ගොඩනගා ගැනිමේ වැදගත්කම

19/08/2022

ඔනම දෙයක් පුරුදු කරගන්න ගියහම යම් යම් අපහසුතා මතු වෙනවා.
පුරුදු කරාට පසුව ඒ දෙවල් නිරායාසයෙන් අපට ලැබෙනවා.

නමුත් මේ සියල්ල සිද්ධ වන්නෙ හෙතු ඵල දමට අනුවයි ඒ බව අප වතගත් යුතු වන්නේ ය.
මේ කයෙහි නිස්සාර භව සහ ක්‍රියාවළිය තේරුම් ගමු.

16/08/2022
13/08/2022

අතහැරිම මුළාව
නිවරදිව ලොක ධර්මතා අද්‍යනය කොට එම සංකල්පනා ඔස්සේ අත් හැරිම ආරම්භ කරමු.
අද්‍යාත්මික සැනසිම හෙවත් නිරාමිස , විරාගික ප්‍රිතිය විදින මිනිසුන් වෙමු.
දවසට විනාඩි දහයක් කර හැකි භාවනාව.
අනිත්‍ය සංඥාව වඩමු.

සම්පූර්ණ දේශනාව සදහා පිවිසෙන්න.
https://youtu.be/X_rNZsGRndE

වර්තමානයේ බොහොමයක් දක්නට ලැබෙන නිරාගමික යැයි කියා ගන්නා බෞද්ධ විරෝධී සංවිධානවලට හසුවන සිංහල බෞද්ධයන් ඇසිය යුතු ම ධර්ම දේ...
12/08/2022

වර්තමානයේ බොහොමයක් දක්නට ලැබෙන නිරාගමික යැයි කියා ගන්නා බෞද්ධ විරෝධී සංවිධානවලට හසුවන සිංහල බෞද්ධයන් ඇසිය යුතු ම ධර්ම දේශනාවක්.
බුද්ධ දර්ශනය යනු තවත් එක් ආගමක් නොවේ. මෙහි ඇති හරය යම් මට්ටමකට හෝ අවබෝධ කරගතහොත් මිත්‍යා මතවලින් මිදී සැබෑම වූ නිරාගමික බෞද්ධ දර්ශනයට අනුව ගොඩ නැගී,
නිවරදිම නිරාගමිකත්වය අත්විඳිය හැක. මෙම දේශනාව තුල අනෙකුත් ආගම් සමඟ සංසන්දනය කරමින් කරුණු දක්වන අතර බෞද්ධ දර්ශනය සහ අනෙකුත් ආගම් අතර ඇති වෙනස මනාව පෙන්වා දෙනු ලැබේ. මිත්‍යා දෘෂ්ටියෙන් මිදී ධර්මයේ පහස ලබන අයෙකු සිංහල ජාතිය සහ බෞද්ධ දර්ශනය ආරක්ෂා කර ගත යුතු අන්දම සහ තම සිත මෙහෙයවිය යුතු ආකරය මනාව පැහැදිලි කෙරේ.
සියලු දෙනා මෙය අසත්වා සියලු සිත් පැහැදෙත්වා. ධර්ම දානය උදෙසාම වේවා ! .තවත් කල් මේ ශාසනය රැකුමට බුදු පුතුන් වහන්සේලා බිහිවෙත්වා !

🙏🙏🌷පින් අනුමෝදන් වීම🌷🙏🙏අනුන් අනුමෝදන් කරවන, දෙන පින් සතුටින් පිළිගැනීම පින් අනුමෝදන් වීම ය. පත්තානුමෝදනා යනු ද එයට නමෙකි...
08/08/2022

🙏🙏🌷පින් අනුමෝදන් වීම🌷🙏🙏

අනුන් අනුමෝදන් කරවන, දෙන පින් සතුටින් පිළිගැනීම පින් අනුමෝදන් වීම ය. පත්තානුමෝදනා යනු ද එයට නමෙකි. පින් කැමති සත්පුරුෂයෝ ශ්‍ර‍මණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට දන් දී පින් සිදු කර ගනිති. එයින් ඔවුන්ගේ කීර්තිය ද පැතිර යයි. ප්‍ර‍තිග්‍රාහකයෝ ද ඒ පින්වතුන්ගේ ප්‍ර‍ත්‍යය ලබා සැපවත් වෙති. පර සම්පත්තිය නො ඉවසන ස්වභාවය වූ ඊර්ෂ්‍යාව සත්ත්වයන් තුළ දීර්ඝ කාලයක පටන් පැවත එන පාපයෙකි. ඒ නිසා සෑම දෙනාට ම දන් දෙන සත්පුරුෂයන්ට වන පුණ්‍යලාභය ගැන හා ප්‍ර‍තිග්‍රාහකයන්ට වන ප්‍ර‍ත්‍යය ලාභය ගැන ද සතුටු විය නො හැකි ය. එබැවින් ඊර්‍ෂ්‍යා ඇතියෝ දායක ප්‍ර‍තිග්‍රාහක දෙපක්ෂයට ම නින්දා කරති. පින් අනුමෝදන් නො වෙති. ප්‍ර‍තිග්‍රාහකයන්ට වන ලාභය ගැන අසත්පුරුෂයෝ තුළ වඩාත් ඊර්‍ෂ්‍යාව ඇති වේ. එබැවින් ඔවුහු වඩාත් ප්‍ර‍තිග්‍රාහකයන්ට නින්දා කෙරෙති. ලාභය වැළැක්වීමට තැත් කෙරෙති. පින් අනුමෝදන් වීම වනාහි ඊර්‍ෂ්‍යාවට ප්‍ර‍තිපක්ෂ පුණ්‍ය කර්මයෙකි. එ බැවින් එය ලැබිය හැක්කේ දායක ප්‍ර‍තිග්‍රාහක දෙපක්ෂයට ඊර්‍ෂ්‍යා නො කරන්නා වූ සත්පුරුෂයන්ට පමණකි. යම් කිසිවකු පිනක් කොට අනුමෝදන් කරවන කල්හි ඊර්‍ෂ්‍යා විරහිත පිරිසිදු සිතින් එය අනුමෝදන් විය හැකි සත්පුරුෂයාට පින් අනුමෝදන් වීමේ කුශලය ලැබේ. අනුන් පිනක් කරනු දකින අසන කල්හි පින් නුදුන්නේ ද ඒ පින අනුමෝදන් විය හැකිය. කෙනකු භික්ෂූන්ට දන් දෙනු දුටු කල්හි “මේ සත්පුරුෂයා දන් දී පින් සිදු කර ගන්නේ ය. මොහු නිසා භික්ෂූන් වහන්සේ ද සුවපත් වන්නාහ. මොහු ද පින් සිදුකර ගනී වා, භික්ෂූන් වහන්සේ ද මොහු නිසා සුවපත් වෙත්වා”යි සිතන තැනැත්තා හට පින් අනුමෝදන් වීමේ කුශලය ලැබේ. පින් අනුමෝදන් වීමෙන් වන්නා වූ කුශලය අනුමෝදන් වන කුශලයාගේ කුඩා මහත්කමේ සැටියට ද අනුමෝදන් වන තැනැත්තා කෙරෙහි ඒ අවස්ථාවේ දී ඇති වන ශ්‍ර‍ද්ධාදි ධර්මයන්ගේ සැටියට ද කුඩා මහත් වේ. එහි විපාකය පරදත්තුපජීවික ප්‍රේතයන්ට හා ඇතැම් භූතයන්ට එකෙණෙහි ම ලැබේ. සෙස්සන් සුදුසු අවස්ථාවල දී ලැබේ.(🙏🙏බෞද්ධයාගේ අත්පොත,අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් )

*බුදුපියාණන් වහන්සේගේ අන්තිම අවවාදය*“හන්දදානි භික්ඛවෙ, ආමන්තයාමි වො වයධම්මා සඞ්ඛාරා. අප්පමාදෙන සම්පාදෙථතේරුම:මහණෙනි, මම ...
04/08/2022

*බුදුපියාණන් වහන්සේගේ අන්තිම අවවාදය*

“හන්දදානි භික්ඛවෙ, ආමන්තයාමි වො වයධම්මා සඞ්ඛාරා. අප්පමාදෙන සම්පාදෙථ

තේරුම:

මහණෙනි, මම දැන් තොපට (අවසාන වශයෙන්) කථා කරමි. සකල සංස්කාරයෝ ම නැසෙන ස්වභාවය ඇත්තෝ ය. තෙපි පමා නො වී සියල්ල සිදු කර ගනිව්.”

අඳුරෙන් එළියට☸  අඳුරෙන් එළියට පියමන් කරනු වස්.......මිලමුදල් ,කුල ,ජාති  පක්ෂ පාට දුරැර පැටලී ඇති භව චක්‍රයෙන් මිදෙන්නට ...
01/08/2022

අඳුරෙන් එළියට☸


අඳුරෙන් එළියට පියමන් කරනු වස්.......

මිලමුදල් ,කුල ,ජාති පක්ෂ පාට දුරැර පැටලී ඇති භව චක්‍රයෙන් මිදෙන්නට උත්සුක් වෙමු..

මාහැඟි වූ මනුශ්‍ය ජීවිතය හරවත්ව , පිළිවෙත් පුරා ධර්ම මාර්ගයේ පියමන් කිරීමට තවමත් ඔබ ප්‍රමාදද ??????☝️

ඊර්ෂ්‍යාව, ක්‍රෝධය කුමටද මිනිසුන්ට ...
හිත පිරිසිදු නම් මනුස්සකම ඇත්නම් එයයි උසස් ගුණය ඔබගේ...
☝️☝️☝️තරහ යන තැන නිවී ඉන්නට ....
ඊර්ෂ්‍යාවට, මුදිතා වඩන්නට .
ගුණය තුළ වැජඹිලා
ඉන්නට.....
අදුරෙන් එළියට
නුඹත් පැමිණෙන්න ..

තෙරුවන් සරණයි 🙏🙏

දේශනා මළාව සදහා පිවිසෙන්න

https://youtube.com/playlist?list=PLQp54BItdCcbUFx3wVsPCzp96zFUiEWOD

☸️☸මෛත්‍රී  රූපයෙන් වඤ්චක රාග☸️☸️☸️තමා විසින් රාග වශයෙන් ඇලුම් කිරීම නුසුදුසු කෙනෙකු යන හැඟීම ඇති කෙනකු සම්බන්ධයෙන් යම් ...
29/07/2022

☸️☸මෛත්‍රී රූපයෙන් වඤ්චක රාග☸️☸️☸️

තමා විසින් රාග වශයෙන් ඇලුම් කිරීම නුසුදුසු කෙනෙකු යන හැඟීම ඇති කෙනකු සම්බන්ධයෙන් යම් කිසිවකුට රාගය ඇති වුවහොත් ඒ තැනැත්තා ඒ රාගය දුරු කිරීමට උත්සාහ කරයි. දුරු නොවේ නම් වැඩෙනු නො දෙන්නට උත්සාහ කරයි. වැඩුණේ වී නම් ක්‍රියාකාරී වීමට නොදෙන්නට උත්සාහ කරයි. තමාහට නුසුදුසු පරිදි ඇති වූ ඒ රාගයට බියෙන් එය දුරු කර ගැනීමට උත්සාහ කරන්නා වූ තැනැත්තා කෙරෙහි වැඩෙන්නටත් ක්‍රියාකාරීත්වයට පැමිණෙන්නටත් ඉඩ නො ලබන්නා වූ ඒ රාගය පසුව ඒ තැනැත්තා ගේ අදහසට සුදුසු වන සැටියට පුද්ගල තත්ත්වයට සුදුසු වන සැටියට මෛත්‍රී වේශය ගන්නේ ය. මෛත්‍රී වේශයෙන් හෙවත් මිත්‍ර‍ත්වයේ ආකාරයෙන් ඒ තැනැත්තා කෙරෙහි ඒ රාගය පහළ වන්නේ ය. එසේ පහළ වූ කල්හි ඔහුට එය රාගය ම බව නො දැනෙන්නේ ය. එයට රැවටුණු වූ හෙතෙමේ “මෛත්‍රිය හෙවත් මිත්‍ර‍ත්වය සැම දෙනා සමග ම පැවැත්වීමට සුදුසු දෙයකැ” යි මෛත්‍රී වේශයෙන් පැමිණි රාගය පිළිගන්නේ ය. එයට වැඩෙන්නට අවකාශ දෙන්නේ ය. එසේ අවකාශ ලැබූ රාගය මෛත්‍රී වේශයෙන් ක්‍ර‍මයෙන් වැඩී පසුව රාගයේ සැටියට ම සිට ක්‍රියාකාරිත්වයට ද පැමිණෙන්නේ ය. මෙබඳු කරුණු වලින් පරෙස්සම් වීම ඉතා දුෂ්කර ය. නුවණැතියෝ ද මේවාට මුළා වී අන්තයේ දී වරදට පැමිණෙති. මෛත්‍රී රූපය ගන්නා රාගය බොහෝ සෙයින් පැවිද්දන් කෙරෙහි ඇති වේ. එයට වසඟ වී අන්තිමේ දී ඔවුහු ශ්‍ර‍මණ ධර්මයෙන් ද පිරිහෙති.

වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම( අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නා හිමි)

🙏සංඝ  රත්නය🙏🌷🌷අඤ්ජලිකරණීය ගුණය 🌷🌷දෝත් නඟා වැඳීමට සුදුසු බව අඤ්ජලිකරණිය ගුණය ය. ලෝකයෙහි දෙවියන්ට ද රජුන්ට ද තවත් උසස් අයට...
24/07/2022

🙏සංඝ රත්නය🙏
🌷🌷අඤ්ජලිකරණීය ගුණය 🌷🌷

දෝත් නඟා වැඳීමට සුදුසු බව අඤ්ජලිකරණිය ගුණය ය. ලෝකයෙහි දෙවියන්ට ද රජුන්ට ද තවත් උසස් අයට ද භය නිසා ද ලාභ නිසා ද මනුෂ්‍යයෝ දෝත් නඟා වඳිති. ඔවුනට වැඳීමෙන් ලැබිය හැක්කේ අත්‍යල්ප ඵලයකි. සුප්‍රතිපන්නාදි ගුණවලින් යුක්ත බුද්ධශ්‍රාවකයකුට එක් වරක් දෝත් නඟා වැඳීම ම අනන්තඵල දායක ය. එබැවින් ඒ බුද්ධශ්‍රාවකයෝ විශේෂයෙන් අඤ්ජලීකර්මයට සුදුස්සෝ වෙති. එබැවින් සෙස්සන් විසින් වඳින දේවබ්‍රහ්මයෝ ද, රජහු ද, තථාගතශ්‍රාවකයනට වඳිති. කලින් දුටු දුටු මිනිසාට වදිමින් සිටි සැඩොල් කුලයේ උපන් සුනීතට පැවිදි වීමෙන් පසු දේවබ්‍රහ්මයන් පැමිණ වැන්දේ අඤ්ජලිකරණිය ගුණය නිසා ය. සිල්වත් භික්ෂුන්ට දෝත් නඟා වැදීම තබා ප්‍රසන්න සිතින් උන් වහන්සේලා දෙස බැලීම් මාත්‍රයෙහි ද බොහෝ අනුසස් ඇති බව මංගල සුත්‍ර අටුවාවෙහි මෙසේ දක්වා තිබේ.

“භික්ඛුනං පන පසන්නචිත්තෙන පියචක්ඛුහි දස්සනමුලකෙනා පි පුඤ්ඤෙන අනෙකානි ජාති සහස්සානි චක්ඛුමිභි රොගො වා පිළිකා වා වාතපිත්තාදිදොසො වා න හොති. විපස්සන්නපඤ්චවණ්ණ සස්සිරිකානි හොන්ති. චක්ඛුනි රතන විමානෙ උග්ඝාටිත මණිකවාටසදිසානි, සතසහස්ස කප්පමත්තං දෙවෙසු ච මනුස්සෙසු ච සබ්බසම්පත්තීනං ලාභී හොති.”

(සුත්තනිපාතට්ඨකථා 269)

දැකිමෙන් පමණක් නො ව සිල්වත් භික්ෂුන් සිහිකිරිම් මාත්‍රයෙහි ද බොහෝ අනුසස් ඇති බව ආකඬ්ඛෙය්‍ය සුත්‍ර අටුවාවෙහි මෙසේ දක්වා තිබේ.

‘යස්ස භී භික්ඛුනො කාලකතො පිතා වා මාතා වා අම්භාකං ඤාතකො ථෙරො සීලවා කල්‍යාණධම්මොති පසන්නචිත්තො හුත්වා තං භික්ඛුං අනුස්සරති: තස්ස සො චිත්තපසාදො පි තං අනුස්සරණමන්තම්පි මහප්ඵලං මහානිසංසමෙව හොති, අනෙකානි කප්පසහස්සානි දුග්ගතිතො වාරෙතුං අන්තෙ ච අමතං පාපෙතුං සමන්ථමෙව හොති”

(පපඤ්ච සූදනි 130)

(සූවිසි මහ ගුණය -අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් )

බුදු ගුණ ඇසිමේ පින ඔබත් ‍රැගෙන යන්න
15/07/2022

බුදු ගුණ ඇසිමේ පින ඔබත් ‍රැගෙන යන්න

බුද්ධ පූජාවේ වැදගත්කම | පුජ්‍ය කිරුළපන ධම්මවිජය හිමි
14/07/2022

බුද්ධ පූජාවේ වැදගත්කම | පුජ්‍ය කිරුළපන ධම්මවිජය හිමි

වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම1. අභිජ්ඣා විසමලෝභෝ චිත්තස්ස උපක්කිලේසෝ🌷🌷🌷🌷🌷ලෝභයෙන් සත්ත්වයා අපායට පැමිණවීම.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷ලෝභය...
13/07/2022

වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම

1. අභිජ්ඣා විසමලෝභෝ චිත්තස්ස උපක්කිලේසෝ
🌷🌷🌷🌷🌷ලෝභයෙන් සත්ත්වයා අපායට පැමිණවීම.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ලෝභය සත්ත්වයා ලවා අනේක පාපයන් කරවා මරණින් මතු ඒ සත්ත්වයා නරකාදි සතර අපායට පමුණුවන්නේ ය. දස අකුශල කර්ම පථයෙන් එකකුදු නො වන්නා වූ තමාගේ වස්තුව කෙරෙහි ද, අඹුදරුවන් කෙරෙහි ද පවත්නා ආලය වූ ලෝභය ද, සත්ත්වයා තිරිසන් අපායටත් ප්‍රේත අපායටත් පමුණුවන්නේ ය. හුදෙකලා වූ ලෝභය නිසා ම තිරිසන් බවට ප්‍රේත බවට පැමිණෙන්නා වූ සත්ත්වයෝ බොහෝ ය.

පෙර සතළිස් කෝටියක් ධනයට හිමිව සිටි එක් සිටුවරයෙක් ඒ ධනයට ආශාවෙන් කාලක්‍රියා කොට ධන නිධාන සමීපයේ මීයෙක් වූයේ ය.

පෙර සැවැත් නුවර විසූ තිස්ස නම් වූ භික්ෂුවක් අලුත ලැබුණු සිවුරකට ආසාවෙන් සිටියදී කලුරිය කොට ඒ සිවුරෙහි ම හිනිකුණු ව උපන්නේ ය. දෙව්ලොව ඉපදීමටත් පින් ඇත්තා වූ ද ඒ භික්ෂුව ලාමක වූ ලෝභය හිනිකුණකු කෙළේ ය. හිනිකුණු ව සිවුරෙහි සත් දිනක් සිට කලුරිය කොට පසු ව මහණදම් පිරීමේ කුශලයෙන් තුෂිත දිව්‍යලෝකයෙහි උපන්නේ ය.

පෙර එක් ගොවියෙක් ඔහුගේ කෙතට ලෝභයෙන් සිට මැරී ඒ සමීපයෙහි ඌරුව උපන්නේ ය. ඔහුගේ භාර්‍ය්‍යාව ද භාජනවලට ලෝභයෙන් සිට මැරී ගැරඬි දෙනක් වූවාය. ඔවුන්ගේ දුවක් ද ඇය ජල ක්‍රීඩා කළ පොකුණට ලෝභයෙන් සිට මැරී එහි මැඩි දෙනක් වූවාය. මෙකල ද මෙසේ ඒ ඒ දෙයට ලෝභ කොට තිරිසන් ව උපදින්නන් බොහෝ විය හැකි වුවත් ඔවුන් ගැන දැන ගන්නට ක්‍ර‍මයක් නොමැති බැවින් ඒ බව මනුෂ්‍යයෝ නොදනිති. ලෝභයෙන් මියගොස් ඒ ඒ තැන්වල ප්‍රේත ව උපන්නන් බිය ගැන්වීම් රෝග කිරීම් ආදියෙන් මිනිසුන්ට කරදර කරන බැවින් සමහර විට ඔවුන් ගැන පමණක් අසන්නට ලැබේ. මරණින් මතු මෙසේ දුගතියට නොපැමිණෙනු කැමැත්තෝ මේ ලෝභය සිය සිත්වලින් දුරු කොට සිත ශුද්ධ කරත්වා!

(අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් )

අටලෝ දහම පිළිබදව සම්පූර්ණ දේශනාව
12/07/2022

අටලෝ දහම පිළිබදව සම්පූර්ණ දේශනාව

සංසාරගත බැඳීම් අවසන් වන්නේ නික්ලේෂි බවෙන්
11/07/2022

සංසාරගත බැඳීම් අවසන් වන්නේ නික්ලේෂි බවෙන්

බුදු දහම සර්ව අශුභවාදී දහමක් ද? | Ven.Galagedara Naradawansha Thero
11/07/2022

බුදු දහම සර්ව අශුභවාදී දහමක් ද? | Ven.Galagedara Naradawansha Thero

චතුරාර්‍ය සත්‍යයේ පළමු සත්‍ය වන දුක්ඛ සත්‍ය පිළිබඳව සරළව විග්‍රහ කරන දේශනාවකි.සම්පුර්ණ ධර්ම දේශනාව සදහා පිවිසෙ.....

දානය තුලින් නිරාමිස සුවයක් විදිමු
10/07/2022

දානය තුලින් නිරාමිස සුවයක් විදිමු

අසාදාරන ලෝකයේ සදාරනය සොයා ගමු
10/07/2022

අසාදාරන ලෝකයේ සදාරනය සොයා ගමු

අටලෝ දහමින් කම්පා නොවි සාර්තකව ලෝක අසදාරන ඉදිරියේ නැගි සිටිමු.

උපාසකත්වය ගැන දැන ගත යුතු කරුණු🙏🙏උපාසක ගුණ දශය🙏🙏“දසිමෙ මහාරාජ, උපාසකස්ස උපාසක ගුණා. කතමෙ දස? ඉධ මහාරාජ, උපාසකො සංඝෙන සමා...
14/06/2022

උපාසකත්වය ගැන දැන ගත යුතු කරුණු
🙏🙏උපාසක ගුණ දශය🙏🙏

“දසිමෙ මහාරාජ, උපාසකස්ස උපාසක ගුණා. කතමෙ දස? ඉධ මහාරාජ, උපාසකො සංඝෙන සමාන සුඛ දුක්ඛෙ, ධම්මාධිපතෙය්‍යො විහරති යථාබලං සංවිභාගරතො හොති. ජිනසාසන පරිහානිං දිස්වා අභිවුද්ධිං වායමති, සම්මා දිට්ඨිකෝ හොති. අපගත කොතුහල මංගලිකො ජීවිත හෙතුපි න අඤ්ඤං සත්ථාරං උද්දිසති. කායිකං වාචසිකං ච රක්ඛිතං හොති. සමග්ගාරාමො හොති සමග්ගරතො, අනුසුය්‍යකො හොති, න ච කුහක වසෙන සාසනෙ චරති, බුද්ධං සරණං ගතො හොති. ධම්මං සරණං ගතො හොති. සංඝං සරණං ගතො හොති. ඉමෙ ඛො මහාරාජ, දස උපාසකස්ස උපාසක ගුණාති.”

මෙය, නාගසේන ස්ථවිරයන් වහන්සේ විසින් මිළිඳු මහරජුට වදාරන ලද්දකි. එහි තේරුම මෙසේ ය.

මහරජ, මේ කරුණු දශය උපාසකයාගේ උපාසක ගුණයෝ ය. කවර දශයක් ද යත්? මහරජ, මේ ශාසනයෙහි උපාසක තෙමේ:

සංඝයා හා සමාන සුවදුක් ඇත්තේ ධර්මය අධිපති කොට ඇත්තේ වෙයි.
දන්දීමෙහි ඇලුණේ වෙයි.
සර්වඥ ශාසනයාගේ පිරිහීම දැන එය නගා සිටවීමට උත්සාහ කරන්නේ වෙයි.
දුරු කරන ලද කෝතුහල මංගල ඇත්තේ සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි.
ජීවිතය නිසාවත් සර්වඥයන් වහන්සේගෙන් අනෙකකු තමාගේ ශාස්තෘවරයා වශයෙන් නො දක්වන්නේ වෙයි.
කායකර්ම වාක්කර්මයන් ආරක්ෂා කරන්නේ වෙයි.
සමගියෙහි ඇලුණේ වෙයි.
ඊර්ෂ්‍යා නො කරන්නේ වෙයි.
අන්‍යයන් රැවටීමට සර්වඥ ශාසනයෙහි හැසිරෙන්නේ නො වෙයි.
බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සංඝයා සරණ ගියේ වෙයි.
මහරජ, මේ කරුණු දශය උපාසකයාගේ උපාසක ගුණයෝ ය.

බෞද්ධයාගේ අත්පොත🙏(අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් )

03/06/2022

පෙරකර පව් ගැන සිත සිත කල්ගත නොකර, මේ මොහොතේ පටන් ධර්මයෙහි හැසිරෙමු..🙏🙏🙏

15/05/2022

මෙය වේවි නිසැකයෙන්ම වෙසක් පොහොය දින තුළ ඔබට දායාද වූ
වටිනාම පණිවුඩය.

☸️ප්‍රතිපත්තිය පුරමින් වගකීමද ඉටු කරමු .නුවණින් විමසා බලමු..

👉නිවැරදි භික්ෂුව කවුරුන්ද යන්න උපාසකයා හදුනා ගත යුතුය..
බුදුපියාණන් වහන්සේගේ අවවාදයට අනුව හික්ෂුව විසින් බොහෝ ජනයාගේ හිත සුව පිණිස ධර්මය දායාද කරමින් ගමන් කරයි..
☝️නමුත් නිවැරදි ධර්මය යනු කුමක්ද යන්න ඔබ හැදින ගත යුතුය..මිනිස්සු විසින් බුදුපියාණන් වහන්සේ විසින් කල්ප කාලාන්තරයක් පාරමි පුරමින් දායාද කල දහම වර්තමානයේ විකෘති වන අවස්ථාවක බුද්ධ පුත්‍රයෙකු හට බලා ගෙන සිටිය හැකිද?එය රැක ගැනීම සමස්ත සමාජය සතු වගකීමකි..

👉භික්ෂුණී ශාසනය .
සාක්ෂිවලට අනුව භුක්ෂු ණී සාසනය පොලොන්නරු යුගයෙන් පසු අතුරුදහන් වී ඇත..අද සිටින්නෙ සිල් මෑණිවරු පමණි..දස සිල් රකිමින් තම දිවි පෙවෙත නෙක්ඛම්මයට හරවාගත් දස සිල් මාතාවන්ය..
ඔබ විසින් මෙම ගාම්භීර ධර්මය වටහාගත යුත්තෙ මහත් විමසිල්ලෙනි..
මන්ද බොහෝ පිරිස් පිවිතුරු දහම අල්ලන් සිටින්නේද වැරදි තැනකින් ය..

බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උත්තරීතර පරම ගම්භීර දහම වචනයකට සීමා නොකර ,පටලවාගත් දහම් කරුණු පිළිබඳ මනා අවබෝධය ලබා, ශාක්‍ය පරපුරේ සැබෑ පුතුන් ,දියණිවරුන් ලෙස පුරන්නට පිළිවෙත් මේ වෙසගේ ඔබටත් සිත් පහළ වේවා.

Address


Alerts

Be the first to know and let us send you an email when නිකෙලෙස් -Nikeles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share