15/12/2022
( අවශ්‍ය සියලුම කරුණු දැක්විය යුතු නිසා ලිපිය දීර්ඝ වුනත්, තවත් කෙනෙකුගේ අනාගතය සාර්ථක කිරීමට මේ තොරතුරු ඔබට වැදගත් වනවා නොඅනුමානයි. එබැවින් අවසානය තෙක්ම කියවන්න )
අපි හැමෝම උසස් පෙළට ලියලා හොඳ Z score එකක් ලැබුණට පස්සේ ඊළඟ බලාපොරොත්තුව තමයි කැම්පස් පොත පුරවලා කැම්පස් එකකට යන්න.
උසස් පෙළ විභාගෙත් පාස් වෙලා, සැළකිය යුතු Z core හිමි වුණත් අපගේ සරසවි සිහිනය බොද වන්නට හැකිය. නොඑසේනම් උසස් පෙල පන්ති යන්න පටන් ගත් දා සිට කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පාඨමාලාවට වෙනුවට ඔබව වෙනත් පාඨමාලාවකට තේරී පත්වී තිබිය හැක.
සල්ලී තියෙන යාළුවෝ අම්මාගෙන් තාත්තගෙන් සල්ලී අරන් විවිධ ඩිප්ලෝමා පාඨමාලා ගන්න රෙජිස්ටර් වෙද්දී දුප්පත් අම්මා තාත්තගේ ඔයාටත් දැන් හිතෙනවා ඇති, මම විභාගේ පාස් වුනත් කැම්පස් යන්න බැරි වුණා, ඒ නිසා මට උසස් අධ්‍යාපනය හදාරන්න දැන් කිසිදු අවස්ථාවක් නැහැ කියලා.මට මතකයි මගේ යාළුවො දෙන්නෙක්ගේ අදහස් දෙකක් Cut Off Marks ආවාට පස්සේ.
“Maths කරපු මම ඉංජිනේරුවෙක් වෙන්න හීන මැව්වා, ඒ වුනාට කැම්පස් එකේ ඉංජිනේරු පාඨමාලාවට තේරෙන්න බැරි වුණා , PVT කැම්පස් එකකට දාලා උගන්නන්න දෙමව්පියන්ට වත්කමක් නැහැ”
“Commerce කරපු මගේ හීනේ වුණේ ගණකාධිකාරී කෙනෙක් වෙන්න. ඒ වුනාට කැම්පස් එකේ ගණකාධීකරණ පාඨමාලාවට තේරෙන්න බැරි වුණා , PVT කැම්පස් එකකට දාලා උගන්නන්න දෙමව්පියන්ට වත්කමක් නැහැ”
මෙහෙම හිතලා උසස් පෙළ සමත් වුනත් උසස් අධ්‍යාපනය අතහැර දමන රටකට අවශ්‍ය වටිනා බුද්ධිමතුන් පිරිසක් හැම වසරෙම මෙම කාලසීමාවේදී අපට අහිමි වෙයි.
නමුත් ඔබ දන්නවාද ඕනෑම විෂය කාණ්ඩයක් ඔස්සේ (ගණිත, ජීව විද්‍යා, වාණිජ, කලා) ඔබ ලබාගත් Z core අගයට වටිනාකමක් ලබා දෙමින් නොමිලේ උසස් අධ්‍යාපනය ලබා ගත හැකි මෙන්න ඒ තුළින් ස්ථාවර වැටුපක් උපයා ගත හැකි රැකියාවක් තමා සතු කරගනිමින් පැහැබර අනාගතයක් සාදන ආයතනයක් පවතී. ඒ තමයි SLIATE ආයතනය.
මොකක්ද මේ SLIATE ආයතනය කියන්නේ?
Sri Lanka Institutes Of Advance Technological Education ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ 1995 අංක 29 දරණ පනතින් පවත්වාගෙන යනු ලබයි. වත්මන් රජයේ විශ්ව විද්‍යාල අයත් වන උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශය යටතේ පාලනය වෙයි.
ලෝකයම පිළිගත් NVQ මට්ටම් අනුව NVQ 7 යනු විශ්ව විද්‍යාලයකින් ලබා දෙන උපාධියයි. ඔබට SLIATE තුළින් මෙහිදි ලැබෙන්නේ NVQ 6 Higher National Diploma (HND) සහතිකයයි. ඔබට ඉන්පසුව තමාගේ අවශ්‍යතාවය මත පහසුවෙන් උපාධිය (Degree) දක්වා යෑමටද අවස්ථාව ඇත. සෑම පාඨමාලවක්ම ඉංග්රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.
ඇයි අපි SLIATE හැදෑරිය යුත්තේ?
** සියලුම පාඨමාලා නොම්ලේ පැවැත්වෙයි.
* උපාධිදාරී දේශක මණ්ඩලය
* නේවාසිකාගාර පහසුකම්
* පුස්තකාල පහසුකම්
* මහපොළ ශිෂ්‍යාධාර
* නොමිලේ Wi-fi හා අන්තර්ජාල පහසුකම්
* බස් / දුම්රිය සහන කාලය
* ක්‍රීඩා පහසුකම්
රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?
* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි
* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
* උපාධිදාරී දේශක මණ්ඩලය
* බහුමාධ්‍ය පහසුකම් හා වැඩමුළුව පහසුකම් ආදිය සමග භාෂා කාඞ් සහ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර
SLIATE ආයතනයේ පවතින පාඨමාලා කිහිපයක් ගැන තොරතුරු පහත වෙයි.
*උසස් ජාතික ගණකාධිකරන ඩිප්ලෝමාව Higher National Diploma In Accountancy
***(උපාධි සමානාත්මතාවය ලබා දී ඇත.)
පාඨමාලා කාලය: වසර 4කි
* දෙවන වසර අවසානයේ මාස 6ක අනිවාර්‍ය පුහුණුවක් ලැබිය යුතුයි.(audit firm එකක හෝ account section එකක පුහුණුව ලැබිය හැක)
ඉතිරි අවුරුදු 2ක පුහුණුව ලබන ගමන් සති අන්තයේ පාඨමාලාව හැදෑරිය හැක.
පාඨමාලාව අවසානයේ ගණකාධිකාරි අංශයේ රැකියාවක් ලබාගත හැක.
පාඨමාලාවේ විශේෂත්වය :-
- 1990 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 46/90 මගින් පිළිගත් විශ්ව විද්‍යාලයක වාණිජවේදී (B.com) උපාධියකට සමාන වේ.
- HNDA සම්පුර්ණ කළ සිසුන්ට වරලත් ගණකාධිකාරණ පාඨමාලාවේ විධායක අදියරේ KE01, KE02, KE03-Tax, Ke03-law සම්පූර්ණයෙන් ම නිදහස් වීම
- HNDA තෙවන වසර සම්පූර්ණ කළ සිසුන්ට AAT පළමු සහ දෙවන අදියර නිදහස් වේ
- සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ පාඨමාලාවෙහි (CMA) Fundation level සහ Operation Level සම්පුර්ණයෙන් ම නිදහස් වීම් සහ Managerial Level හි විෂයන් 03 ක් නිදහස් වීම.
- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ විභාගයේ ව්‍යාපාර ගිණුම්කරණය විෂය නිදහස් වීම.
- HNDA ඩිප්ලෝමාධාරීන්ට Hertfordshire University (UK) අවසාන වසර දක්වා නිදහස් වීම් හිමි වීම.
- HNDA ඩිප්ලෝමාධාරීන්ට MBA සහ PHD උපාධි හැදෑරීමට අවස්‍ථාව උදාවීම.
- HNDA නිම කිරීම රජයේ ගණකාධිකරණ සේවයේ විභාගයට සහ රජයේ විගණකාධිකරණ විභාගය සඳහා පෙනී සිටීමට සුදුසුකම් ලැබීම.
රැකියා අවස්ථා :-
- පොදු සමාගම් හැර අනෙකුත් සමාගම් විගණනය කිරීමේ බලය ලැබීම
- රාජ්‍ය විගණන සේවය
- රජයේ ගණකාධිකාරණ සේවය
- පෞද්ගලික විගණන ආයතන වල සේවය කිරීමට් අවස්ථාව හිමි වීම
- විදේශ රටවල ගණකාධිකරණ සේවයේ රැකියා සදහා විශේෂ සුදුසුකමක් වීම (Special Australia, Canada, Middle East countries)
*උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව Higher National Diploma In Engineeering
උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව (HNDE) ඉංජිනේරුවන් වීමේ සිහිනය යථාර්ථයක් කරගැනීමට කදිම තෝතැන්නක්. තෝරාගත හැකි ඉංජිනේරු ක්ෂේත්‍රය
1.සිවිල් ඉංජිනේරු ( Civil Engineering )
2. විදුලි ඉංජිනේරු ( Electronical Engineering )
3. යාන්ත්‍රික ඉංජිනේරු (Mechanical Engineering )
4. ගොඩනැගිලි සේවා ඉංජිනේරු (Building Service Engineering)
5. ප්රමාණ සමීෂණ (Quantity Survey)
*පාඨමාලා කාලය : වසර 3 1/2
*දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය. හැදැරීම හැකි SLIATE ආයතනය : ලබුදූව , යාපනය , මට්ටක්කුලිය පාඨමාලා කාලයෙන් පසුව Assistant Engineer තනතුර යටතේ රැකියාවට සම්බන්ධ විය හැකිය.
*උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව (HNDM)
මෙම උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව,පුර්ණ කාලීන වසර 3ක්
පුරා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී
NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.
1.විවෘත විශ්ව විද්‍යාලයේ BM අවසන් කළහැකි වීම.
2.CMA ආයතනයේ තාක්ෂණික අදියර සහ අන්තර්මාධ්‍ය අදියර නිදහස් වීම.
3.IPM ආයතනයේ FCHRM සහ CCHRM අදියරයන් නිදහස් වීම.
4.AAT ආයතනයේ පදනම් හා අන්තර් මාධ්‍ය අදියරයන් නිදහස් වීම.
5.SLIM ආයතනයේ පදනම් අදියරේ විෂයන් 2ක් නිදහස් වීම.
*හැදැරීම හැකි SLIATE ආයතන
බදුල්ල/අම්පාර/දෙහිවල/මහනුවර/ගාල්ල/කුරුණෑගල/යාපනය/නාවලපිටිය
*උසස් ජාතික ව්‍යාපාර මූල්ය පිලිබඳ ඩිප්ලෝමාව HNDBF
මූල්ය ක්ශේත්රයේ ප්රවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.ව්යාපාර මූල්ය පිලිබඳ ශ්රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට
ඔබටත් අවස්තාවක් .
පාඨමාලා කාලය : වසර 2 1/2
*දෙවන වසර අවසානයේ මාස 6 ක පුහුණු කාලය.
හැදැරීම හැකි SLIATE ආයතනය : දෙහිවල (මෙම පාඨමාලාව හැදෑරිය හැක්කේ දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ පමණි)
පාඨමාලා කාලයෙන් පසුව Accounts Assistance තනතුර යටතේ රැකියාවට සම්බන්ධ විය හැකිය.
*උසස් ජාතික ව්යාපාර පරිපාලන ඩිප්ලෝමාව Higher National Diploma in Business Administration - HNDBA
මූල්ය ක්ශේත්රයේ ප්රවීනයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්තාවක්.ව්යාපාර මූල්ය පිලිබඳ ශ්රී ලංකාවේ හැදෑරියහැකි එකම උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට
ඔබටත් අවස්තාවක් .
පාඨමාලා කාලයෙන් පසුව යොමු විය හැකි රැකියා ක්ෂේත්‍ර
1. පරිපාලන ක්ෂේත්රයේ රැකියා
2.බැංකු ක්ෂේත්රයේ රැකියා
3.කළමනාකරණය ක්ෂේත්රයේ රැකියා
4.ගිණුම්කරණය ක්ෂේත්රයේ රැකියා
5.අළෙවිකරණ ක්ෂේත්රයේ රැකියා
6.පරිඝණක ක්ෂේත්රයේ රැකියා
ව්යාපාර පරිපාලන ඩිප්ලෝමාව ව්යාපාරි ලෝකයේ සියලුම ක්ෂේත්ර ආවරණය වන ලෙස සැකසුනු පාඨමාලාවකි..
*පාඨමාලා කාලය වසර: 2 1/2
*දෙවන වසර අවසානයේදී මාස 6 ක ප්රායෝගික පුහුණුව .
හැදෑරිය හැකි ආයතන - දෙහිවල, ලබුදූව, නුවර, යාපනය
*උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
HNDTHM මගින් ඔබටත් නව රැකියා රැසක් සපිරි සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක්.
*පාඨමාලා කාලය වසර 3කි. එයින් වසර දෙකහමාරක් අද්‍යන කාලය ලෙසත් ඉතිරි සමාසිකය SLIATE මගින් ලබාදෙන පුහුණු කාලය ලෙසත් පවතියි.
පාඨමාලාව නිම කිරීමෙන් පසු අවශ්‍යතාව අනුව තවදුරටත් අද්‍යාපන කටයුතු උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා දිගු කරගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියානු විශ්වවිද්‍යාල ද්විත්වයක් වන LINKAN හා MSU විශ්වවිද්‍යාල හා සම්බන්ධව සිදුකරගත හැකිය.
රැකියා අවස්ථා
Tourism Department Officer
Sri lanka port authority and Srilankan Custom
Hotel(management level )
Job in srilanka Tourism Development Authority(SLTDA)
Transportation Company
Foreign Sector
Job In Cruise Ship
Event Management sector
Tour Operator
Aviation Service
Cargo Company
Consultation
SLIATE පද්ධතිය තුළ පවතින පාඨමාලා අතරින් විදේශ බාශා ප්‍රවීණත්වයක් ලබා දෙන එකම පඨමාලාව වනුයේ මෙයයි.
හැදෑරීමට හැකි SLIATE ආයතන,: දෙහිවල,බදුල්ල,ගාල්ල,නුවර,යාපනය,නාවලපිටිය
*උසස් ජාතික තාක්ශනික කෘෂිකර්මය ඩිප්ලොමා පිාඨමාලාවHNDTAgri
කෘෂි කර්ම ව්‍යවසායක ක්ශේත්‍රයේ ඉහල පිලිගැනිමක් ඇත..පාඨමාලා කාලය
වසර 03කි,වසරක අනිවර්‍ය පුහුනු කාලසිමාවක් ඇත.
හැදැරිය හැකි sliate ආයතන - හාඩි අම්පාර,ලබුදුව,නයිවල
මීට අමතරව පවතින තවත් පාඨමාලා හා ඒවා පැවැත්වෙන ආයතන අයත් දිස්ත්‍රික්ක.
HNDM - Badulla, Ampara, Dehiwala, Jaffna, Kandy, Galle, Kurunagala,Nawalapitiye
HNDA - Ampara, Anuradhapura, Badulla, Batticaloa, Dehiwala, Galle, Kandy, Kurunagala, Jaffna, Veyangoda, Trincomalee, Kegalle, Tangalle, Rathnapura, Samanthurai
HNDIT-Agri - Ampara, Galle, Gampaha
HNDBS - Galle, Colombo
HNDBA - Dehiwala, Jaffna, Kandy, Galle
HNDBF – Dehiwala
HND-English - Ampara, Anuradhapura, Badulla, Batticaloa, Dehiwala, Galle, Kandy, Kurunagala, Jaffna, Trincomalee, Kegalle, Samanthurai
HNDE Civil - Colombo, Galle, Jaffna
HNDE Electrical - Colombo, Galle, Jaffna
HNDE Mechanical - Colombo, Galle, Jaffna
HNDFT – Gampaha
HNDIT - Ampara, Badulla, Dehiwala, Jaffna, Kandy, Kegalle, Kurunagala, Colombo, Galle, Gampaha, Trincomalee
HNDQS- Colombo, Galle
HNDTHM - Badulla, Dehiwala, Jaffna, Kandy, Galle, Nawalapitiya
මෙම වසරේ අගදී 2022 වසර සදහා අයදුම්පත් කැදවන අතර ඒ පිළිබඳව අපි මෙලෙසින්ම දැනුවත් කරන්නෙමු.
අයදුම් කිරීමට අවම සුදුසුකම්
* සැළකිය යුතු z අගයක්
* අපොස සා/පෙළ ඉංග්‍රීසි සඳහා සම්මාන සාමාර්ථයක්
තොරතුරු : SLIATE වෙබ් අඩවිය
www.sliate.ac.lk , දැනට පාඨමාලාව හදාරන විද්‍යාර්ථයන්