Black Fox News SL

  • Home
  • Black Fox News SL

Black Fox News SL පැය 24 x 7 පුරා උණුසුම් පුවත් එසැණින් ඔබ වෙතට

31/03/2023
පිංබර දිනයක් වේවා..!
26/03/2023

පිංබර දිනයක් වේවා..!

අරගලයට එරෙහිව කටයුතු කල සියළු නිලධාරීන්ට මගේ ආණ්ඩුවකින් දඬුවම් දෙනවා..ජනතා අරගලවලට විරුද්ධව කටයුතු කරන ලද සියලුම නිලධාරී...
24/03/2023

අරගලයට එරෙහිව කටයුතු කල සියළු නිලධාරීන්ට මගේ ආණ්ඩුවකින් දඬුවම් දෙනවා..

ජනතා අරගලවලට විරුද්ධව කටයුතු කරන ලද සියලුම නිලධාරීන්ට තම ආණ්ඩුවක් ඇති ස්ථිර වශයෙන්ම දඬුවම් ලබාදෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ්ලිමේන්තුවේ දී පැවැති විවාදයේදී අදහස් පළ කරමිනි.

‘හරක් කටා’ වෙනුවෙන් පෙනී සිටියාට නීතීඥ සාලිය පීරිස්ගේ නිවස ඉදිරියේ විරෝධතා..ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිර...
24/03/2023

‘හරක් කටා’ වෙනුවෙන් පෙනී සිටියාට නීතීඥ සාලිය පීරිස්ගේ නිවස ඉදිරියේ විරෝධතා..

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරියේ අද දිනයේ විරෝධතාවක් පවත්වා තිබිණි.
ඒ මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘හරක් කටා’ වෙනුවෙන් නීතිඥයකු ලෙස ඉදිරිපත්වීමට සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි.

ඉන්දීය ධීවරයින්ගේ බලහත්කාර කොල්ලයට එරෙහිව මන්නාරමේ ධීවරයෝ දහස් ගණනින් වීදි බසිති…ඉන්දීය ධීවරයින් යළිත් වරක්  විශාල වශයෙන...
24/03/2023

ඉන්දීය ධීවරයින්ගේ බලහත්කාර කොල්ලයට එරෙහිව මන්නාරමේ ධීවරයෝ දහස් ගණනින් වීදි බසිති…

ඉන්දීය ධීවරයින් යළිත් වරක් විශාල වශයෙන් උතුරු මුහුදට පැමිණීමට විරෝධය පල කරමින් මන්නාරමේ ධීවරයෝ දහස් ගණනක් මන්නාරම නගරයේ පෙළපාලි යමින් ඊයේ (23) විරෝධය දැක්වූහ.


මන්නාරමේ ධීවර සංගම්වල විරෝධතාවයට සහය දක්වමින් මන්නාරමේ එක්සත් වෙළඳ සංගමය ඔවුන්ගේ සියලුම වෙළද සැල් වසා දමා ඉන්දීය ධීවරයින්ට එරෙහි විරෝධතාවයට සහය දැක්වූහ.

මන්නාරමේ කිතුණු පුජකවරුද ධීවර සංගමයේ විරෝධතාවයට සහය දක්වමින් ධීවරයින් සමග මහමගට බැස විරෝධතා පෙළපාලියේ ගමන් කළහ.

මන්නාරමේ ධීවර සංගම් නියෝජිතයන් කියා සිටින්නේ නාවික හමුදාව යාපනය දෙසට පැමිණෙන ඉන්දීය ධීවරයන් වැඩි වශයෙන් අත් අඩංගුවට ගන්නා විට ඉන්දීය ධීවරයන් විශාල පිරිසක් මන්නාරම් මුහුදට පැමිණ බලහත්කාරයෙන් මසුන් මරණ බවයි.

කෙසේ හෝ නීති විරෝධී ලෙස උතුරු මුහුදට පැමිණෙන ඉන්දීය ධීවරයින්ගේ බලහත්කාර ආක්‍රමණය වහාම නතර කරන ලෙස ඉල්ලමින් මන්නාරමේ විරෝධතාවයට සහභාගී වූ පිරිස රජයටත් නාවික හමුදාවටත් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයටත් යැවීම සඳහා ලිපි මන්නාරම දිසාපති කාර්යාලය වෙත බාර දී තිබුණි.

24/03/2023
23/03/2023

අමානුෂික ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්...

පෞද්ගලික ආරවුලකින් පසු පළිගැනීම සඳහා තමාට පහරදුන් පුද්ගලයාගේ අත්දෙක කපා රැගෙන ගිය අයකු පිළිබඳ පුවතක් මොරටුව ප්‍රදේශයෙන් වාර්තාවී තිබුණි.

අත් කපාදැමීම සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම සාහසික පහරදීම (21) පස්වරුවේ සිදුවී තිබුණේ මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදීය.

එහිදී පුද්ගලයෙකු පැමිණ තවත් පුද්ගලයෙකුට මන්නා පිහියකින් පහර දෙන අයුරු අසල සවිකර තිබූ සීසීටීවී කැමරාව සටහන්වී තිබුණි.

එම පහරදීමෙන් අනතුරුව පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ දෙඅත් මැණික් කටුව ප්‍රදේශයෙන් කපා ඉවත්කොට රැගෙන ගොස් තිබේ.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 40ක එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ පහරදුන් පුද්ගලයා හා පහර කෑ පුද්ගලයා අතර පෙර දිනක බීමත්ව සිටියදී ගැටුමක් සිදුවී ඇති බවය.

ඊට පළිගැනීමක් ලෙස කොරලවැල්ල ප්‍රදේශයේම පදිංචි පහරදුන් පුද්ගලයා මෙම දෙඅත් කාපා එම කොටස් රැගෙන ප්‍රදේශයෙන් ද පළාගොස් ඇත.

ඔහු මීට පෙර ද පුද්ගලයෙකුගේ අතක් වෙන් වනසේ කපා දැමුව ද එය පසුව රෝහලේදී බද්ද කිරීම හේතුවෙන් මෙම පුද්ගලයාගේ දෙඅත් කපා එම කොටස් රැගෙන ගොස් ඇති බවට පොලීසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මකය.

23/03/2023

ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි..

ආර්ථික අර්බුදය මතුවූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමා කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා සිදු කළ විමර්ශනයේ වාර්තාව අධිකරණය හමුවේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුනි.

ඒ, එම අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද කැඳවූ අවස්ථාවේදීය.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු කථිකාචාර්යවරුන් පිරිසක් පෙත්සම් ගොනුකර තිබුණි.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති නීතීඥ අලි සබ්රි, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු පිරිසක් නම් කර තිබේ.

එම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේ විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා සිටියේ ආර්ථික අර්බුදය මතුවූ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමා කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා සිදු කළ විමර්ශනයේ වාර්තාව අධිකරණය හමුවේ ගොනුකර ඇති බවය.

ඒ අනුව අමෙරිකානු ඩොලරය රුපියල් 203 ක අගයක ස්ථාවරව රඳවා ගැනීම, 2022 ජනවාරි මස 18 වනදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා මෙරට විදේශ සංචිතවලින් අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීම සහ ආර්ථික අර්බුදය මතුවූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමා කිරීම යන කාරණා තුන පිළිබඳ විමර්ශන පවත්වා වාර්තාව ඉදිරිපත් කර තිබේ.

රජයේ විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අදාළ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති බව දැනුම් දුන් අතර එහි පිටපත් විවෘත අධිකරණයේදී විනිසුරුවරුන් වෙත භාරදුනි.

මෙම පෙත්සම් පිළිබඳ විභාගය අගෝස්තු මස 05, 06, 07, 11, 12 සහ 13 යන දිනවල පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරනු ලැබීය.

බූරු මූණා මානසික වෛද්‍යවරයෙක් හමුවට...පොලිස් අත්අඩංගුවෙන් පළායෑම සහ ඝාතන සිද්ධීන් රැසක වෙඩික්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති සැ...
23/03/2023

බූරු මූණා මානසික වෛද්‍යවරයෙක් හමුවට...

පොලිස් අත්අඩංගුවෙන් පළායෑම සහ ඝාතන සිද්ධීන් රැසක වෙඩික්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති සැකකරුවෙකු වන රවිඳු සංඛ ද සිල්වා නොහොත් "බූරු මූණා" කළුබෝවිල රෝහල වෙත රැගෙනවිත් තිබේ.

සැකකරුව (22) කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පැවසීය.

ඉකුත් 20 වනදා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත සැකකරුව ඉදිරිපත් කිරීමේදී තමන් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නා බවට "බූරු මූණා" පැවසීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත අද සැකකරුව මෙලෙස මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

විනාඩි 20කට පමණ ආසන්න කාලයක් සැකකරු පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහු දැනට ලබාගන්නා ඖෂධ ඒ ආකාරයෙන්ම ලබාගන්නා ලෙසට උපදෙස් ලබාදී ඇත.

ඉකුත් 17 වන දින සැකකරුව අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව හංවැල්ල දස වේල්ල දුරකථන කණුවක් යට සඟවා තිබූ C4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662ක ප්‍රමාණයක් සොයා ගෙන තිබුණි.

ඒ අනුව සැකකරු ත්‍රස්තවාදී සංවිධානයක් සමග සබඳතා පවත්වන්නේ ද යන්න සොයා බැලීම සඳහා දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගේ අවසර ලබාගත් බව පොලීසිය පැවසීය.

සැකකරු මේ වන විට නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානයක විශේෂ සිරමැදිරියක රඳවා දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්...යුක්‍රේනයේ උසස් පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇත...
23/03/2023

රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්...

යුක්‍රේනයේ උසස් පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් එම පුහුණු පාසලේ ගොඩනැගිල්ලකට බරපතළ හානි සිදුව ඇති බවය.

ප්‍රහාරයෙන් තවත් 7දෙනෙකුට ආසන්න පිරිසක් තුවාළ ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සංක්‍රමණිකයින් නිසා කැනඩාවේ ජනගහනය වාර්තාගත ලෙස ඉහළට ......සංක්‍රමණිකයින් නිසා කැනඩාවේ ජනගහනය වාර්තාගත ලෙස ඉහළට සංක්‍රමණ...
23/03/2023

සංක්‍රමණිකයින් නිසා කැනඩාවේ ජනගහනය වාර්තාගත ලෙස ඉහළට ......

සංක්‍රමණිකයින් නිසා කැනඩාවේ ජනගහනය වාර්තාගත ලෙස ඉහළට
සංක්‍රමණිකයින් නිසා කැනඩාවේ ජනගහනය වාර්තාගත ලෙස ඉහළට
March 23, 2023 10:14 am

2022 වසරේදී කැනඩාවේ ජනගහනය වාර්තාගත ලෙස වර්ධනය වී ඇති බව නවතම දත්ත අනුව දැක්වෙයි.

එරට සංඛාලේඛන කාර්යාලය නිකුත්කළ දත්ත අනුව පසුගිය වසරේදී එරට ජනගහනයට මිලියන 1.05ක් එක්වී තිබේ.

ඉන් බහුතරයක් එනම් 95.9%ක් සංක්‍රමණිකයින් බව දැක්වෙයි.

වසරක් තුළදී කැනඩාවේ ජනගහනය මිලියනයකට වැඩි ගණනකින් වැඩිවී ඇත්තේ එරට ඉතිහාසයේ පළමු වරටය.

මේ වනවිට කැනඩාවේ ජනගහනය මිලියන 39.5 කි.

අයිෆෝන් මගින් දත්ත බටහිර ඔත්තු සේවා ආයතනවලින් ලබා ගැනීමේ අවදානමක්…අයිෆෝන් භාවිතය නතර කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර...
23/03/2023

අයිෆෝන් මගින් දත්ත බටහිර ඔත්තු සේවා ආයතනවලින් ලබා ගැනීමේ අවදානමක්…

අයිෆෝන් භාවිතය නතර කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ක්‍රෙම්ලිනයේ සිය නිලධාරීන් වෙත දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



ඒ අනුව අප්‍රේල් මස පළමුවනදා සිට ඔවුන්ගේ දුරකථන වෙනස් කරන ලෙස රුසියානු ජනපති දැනුම් දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.



අයිෆෝන් හි උපාංගවල ඇතුළත් දත්ත බටහිර ඔත්තු සේවා ආයතනවලින් ලබා ගැනීමේ අවදානමක් පවතින බැවින් එම පියවර ගත යුතු අතර “අයිෆෝන් විසි කරන්න – නැත්නම් දරුවන්ට දෙන්න” ලෙස රුසියානු ජනාධිපතිවරයා ක්‍රෙම්ලිනයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ වෙනුවට වෙනත් මෙහෙයුම් පද්ධතියක් සැපයීමට හැකියාව පවතින බවත් අදාළ තීරණය ඉදිරියේ දී එරට දේශපාලනයේ නිරත පිරිස් වෙත ක්‍රියාත්මක කරවීමට ද පියවර ගනු ඇති බව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කර ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බලතල වැඩිවන පනතක්…ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ බලතල ඉහළ දමමින් 2009 අංක 35 දරන ආරක්‍ෂක මාණ්...
23/03/2023

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බලතල වැඩිවන පනතක්…

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ බලතල ඉහළ දමමින් 2009 අංක 35 දරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පනත සංශෝධනය කරමින් නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.



ඉකුත් පෙබරවාරි මාසයේ දී මේ සඳහා අනුමැතිය හිමිවී තිබෙන අතර ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලබන නව පනත නීතිපතිවරයාගේ නිෂ්කාශනයට යොමුකර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම නව පනත පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසු මෙරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පූර්ණ බලතල සහිත ධුරයක් බවට පත් වේ.



එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය පැවැති සමයේ දී ද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය මෙරට තුළ පූර්ණ බලතල සහිත ධුරයක් බවට පත් නොකෙරුණු අතර එය පැවැතියේ ආරක්‍ෂක ලේකම්වරයාට යටත්ව ය.එල්ටීටීඊයට එරෙහි විජයග්‍රාහී මානූෂීය මෙහෙයුමේ නිමාවෙන් පසු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කෙරෙද්දී එම ධුරය පූර්ණ බලතල සහිත ධුරයක් බවට පරිවර්තනය කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී තිබුණු අතර එවකට රජය එය ක්‍රියාත්මක නොකරනු ලැබීය.

ඇමරිකානු රහස් ඔත්තු සේවයේ ප්‍රධානියකු ඇතුළු විශේෂ දූත පිරිසක් ඉකුත් පෙබරවාරි මස 14 වැනිදා ශ්‍රී ලංකාවේ එක්දින නිල සංචාරයක යෙදුණු අතර ඔවුන් මෙරටට පැමිණ පිටවයෑමෙන් තෙදිනකට පසු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ බලතල ඉහළ නැංවීමේ පනත් සංශෝධන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

කෙසෙල්ගමුඔයේ තිබි බිලිදියෙකුගේ මලසිරුරක්..බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙ...
23/03/2023

කෙසෙල්ගමුඔයේ තිබි බිලිදියෙකුගේ මලසිරුරක්..

බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ තිබි අලුත උපන් හෝ ගබ්සාවක් කරන ලද බිලිදියෙකුගේ මල සිරුරක් (22) දින සොයාගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

ත්‍රිරෝද රථවල භාණ්ඩ සොරකම් කිරිමේ ජාවාරමක් සිසිටිවි ඔස්සේ හෙලිවේ…හැටන් නගරයේ වෙලදසැල් වලින් භාණ්ඩ ලබාගැනිමට පැමිණෙන පාර...
23/03/2023

ත්‍රිරෝද රථවල භාණ්ඩ සොරකම් කිරිමේ ජාවාරමක් සිසිටිවි ඔස්සේ හෙලිවේ…

හැටන් නගරයේ වෙලදසැල් වලින් භාණ්ඩ ලබාගැනිමට පැමිණෙන පාරිභෝගිකයන් සතු ගමන් මළු සහ වටිනා භාණ්ඩ සොරකම් කිරිමේ ජාවාරමක් අනාවරණය කර ගැනිමට හැටන් නගරයේ වෙලදසැල් හිමියන් සමත්වි ඇත.

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී තරුණයෙකු මරුට… දෙදෙනෙකුට බරපතලයි…මන්නාරම මාන්තෙයි බටහිර අඩම්පන් පොලිස් වසමේ උයිලන්කුලම...
23/03/2023

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී තරුණයෙකු මරුට… දෙදෙනෙකුට බරපතලයි…

මන්නාරම මාන්තෙයි බටහිර අඩම්පන් පොලිස් වසමේ උයිලන්කුලම් ප්‍රධාන මාර්ගයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට පොලීසිය පවසයි.

රන් මිල විශාල ලෙස පහල බසී...කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොලේ රන් පවුමක මිල මේ වන විට තව දුරටත් පහළ බැස තිබේ.ජාත්‍යන්තර මූල්...
23/03/2023

රන් මිල විශාල ලෙස පහල බසී...

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොලේ රන් පවුමක මිල මේ වන විට තව දුරටත් පහළ බැස තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් හිමිවීම සමඟ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම මත මෙම මිළ පහළ යාම සිදුව ඇත.

බලෙන් පොවා මත්කර 14 හැවිරිදි දැරියක සමූහ දූෂණය කළ හැටි....වයස අවුරුදු 14 ක පමණ දැරියක් මත්පැන් පොවා සමූහ දූෂණයට ලක් කිරී...
23/03/2023

බලෙන් පොවා මත්කර 14 හැවිරිදි දැරියක සමූහ දූෂණය කළ හැටි....

වයස අවුරුදු 14 ක පමණ දැරියක් මත්පැන් පොවා සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මත පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව අච්චුවේලි පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව අතවරයට පත් දැරිය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට ඇති අතර එහිදී අදාළ දැරිය ලිංගික අතවරකට ලක්ව ඇති බව හෙළිව තිබේ. තවද එහිදී ඇය මත්පැන් පානය කොට ඇති බවද හෙළිව තිබේ.

කෙසේ වෙතත් යාපනය අච්චුවේලි ප්‍රදේශයේ දැරියකට බලහත්කාරයෙන් මත්පැන් පොවා ඇය සමූහ දුෂණයට ලක් කළ බවට අච්චුවේ පොලීසියට පසුගියදා පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ ඔස්සේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

ඒ අනුව වයස අවුරුදු 22 හා 31 පුද්ගලයින් දෙදෙනකු සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කොට ඇති අතර එහිදී ඔවුන් අප්‍රේල් මස 03 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

ගුප්ත බලයෙන් සාත්තු කළ ඥානක්කාගේ  දියණියගේ නිවසින් මිලියන 08ක රන් බඩු උස්සලාකලෙක මේ රටේ විධායක ජනාධිපතිවරයා ඇතුළු සකලවිධ...
23/03/2023

ගුප්ත බලයෙන් සාත්තු කළ ඥානක්කාගේ දියණියගේ නිවසින් මිලියන 08ක රන් බඩු උස්සලා

කලෙක මේ රටේ විධායක ජනාධිපතිවරයා ඇතුළු සකලවිධ බලවතුන්ට දේව වරමින් ආරක්ෂාව සැපයූබව කියන ගුප්ත බලයෙන් අගතැන්පත් අනුරාධපුර ඥානා මෑණියන්ගේ දියණියගේ නිවසේ තිබූ රුපියල් අසූලක්ෂ පනස් දහසක් පමණ වටිනා රන් ආභරණ සහ මුදල් සොරකමක් පිළිබඳව අනුරාධපුර පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඥානා මෑණියන්ගේ බෑනනුවන් විසින් (20) අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත්තේ රන් ආභරණ සමග රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලක් ද කොල්ලකරුවන් විසින් සොරකම් කරගෙන ගොස් ඇති බවය.

සොරකම් කර ඇති රන් භාණ්ඩ අතර, රුපියල් ලක්ෂ 48ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද රන් තැලි 03ක්ද, රුපියල් ලක්ෂ 09ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද වළලු දෙකක්ද, රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද මුදු දෙකක්ද, රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද කරාබු ජෝඩු 02ක්ද, වන බව ව්‍යාපෘති කළමනාකරුවෙක්වන ඥානා මෑණියන්ගේ බැණනුවන් පොලිසියට පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ අල්මාරියේ පෙට්ටි තුනක තිබුණු මෙම රන් ආභරණ ප්‍රමාණය (20) සොයන විට නොතිබුණු බවත් 02 දා උත්සවයකට සහභාගී වීම සඳහා ඒවා පැළඳ යළි එම ස්ථානයේම තැන්පත් කළ හෙයින් පසුගිය 02 දාත් 20දාත් අතර අදාල වත්කම් සොරකම් කර ඇති බවත්ය.

මේ වනවිට නිවසේ වසර 06ක් තිස්සේ සේවය කළ මෙහෙකාරිය මෙම සොරකමට සැක කරන බව පොලිසිය පවසයි. ඇය දැනට ඇයගේ සැමියාත් සමග ආ ගිය අතක් නැති බව ද පොලිසිය කියයි.

බූරු මුණාට ඝාතන කොන්ත්‍රාත්තුවක් දුන් කතක් මාට්ටු...බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන රවිඳු වර්ණ රංග...
21/03/2023

බූරු මුණාට ඝාතන කොන්ත්‍රාත්තුවක් දුන් කතක් මාට්ටු...

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන රවිඳු වර්ණ රංග නොහොත් බුරු මුනාට කොන්ත්‍රාත්තුවක් දී ද්විත්ව ඝාතනයක් සිදුකළ බව කියන කාන්තාවක් හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිඟිති නැමැති මත් ද්‍රව්‍ය ජාවාරම් කාරියක් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට සැකකාරිය ප්‍රති විරුද්ධ පාතාල කල්ලියක් අතින් ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධ කරුවකු කටා රොෂාන් නැමැත්තාගේ නැගණිය බව පොලීසිය සඳහන් කරයි.

ඉකුත් ඔක්තෝම්බර් 31 මෙම දිවිත්ව ඝාතනය සිදුකර තිබුණේ හික්කඩුව ප්‍රදේශයේ දී ය.

සැකකාරිය එම දිවිත්ව ඝාතනය සිදු කිරීම සඳහා බුරු මුනා ට රුපියල් ලක්ෂ විස්සක් මෙන්ම ගිනි අවියක් ත්‍රීරෝද රථයක් යතුරු පැදියක් ලබාදී ඇති බවට අනාවරණය වී ඇත.

සැකකාරිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 2 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය කියයි.

IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්...ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් ප්‍රබල බලපෑමක්...
21/03/2023

IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්...

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් ප්‍රබල බලපෑමක් කළ හැකි ප්‍රතිසංස්කරණයන් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා මහත්මිය පවසනවා.

ඉහළ උද්ධමනය, ක්ෂය වූ සංචිත, තිරසර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවදානම් මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි අවපාතයකට මුහුණ දෙමින් දැවැන්ත ආර්ථික හා සමාජීය අභියෝග රැසකට මුහුණ දී ඇතැයි ඇය අවධාරණය කරනවා.

අර්බුදයෙන් ගොඩ ඒමට නම්, ප්‍රතිසංස්කරණ සඳහා ශක්තිමත් හිමිකාරීත්වයක් සහිතව විස්තීරණ ණය පහසුකම් සඳහා සහය දක්වන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ජෝර්ජියේවා මහත්මිය පැවසුවා.

නිවැරදි සහ ප්‍රමාණවත් ලෙස ප්‍රාග්ධනීකරණය වූ බැංකු පද්ධතියක් පවත්වා ගැනීම ඉතා වැදගත් වන අතර මූල්‍ය අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීමට අවධානය යොමු කළ යුතු බව ඇය වැඩිදුරටත් පැවසුවා.

දූෂණය මැඩලීමේ අඛණ්ඩ උත්සාහයන් ක්‍රියාත්මක කළ යුතු බවත් වඩාත් පුළුල් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් මෙහෙයවිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා මහත්මිය අවධාරණය කරනවා.

පුංචි ඡන්දේ නෑ! ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේදී...අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත් එළඹෙන නොවැම්බ...
21/03/2023

පුංචි ඡන්දේ නෑ! ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේදී...

අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත් එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

ගමින් ගමට සුවධරණී දීප ව්‍යාප්ත වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක උත්සවය පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේදී පසුගිය 18 වනදා පැවති අවස්ථාවේදී ඇමතිවරයා මේ බව කියා සිටියා.

එහිදී තවදුරටත් අදහස් පළ කරමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවා.

“මේ වන විට පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ මතය ඉදිරිපත් කරල තියෙනවා. රට පුරා පළාත් පාලන ආයතනවල සභිකයින් අට දහසක් පමණ ඉන්නවා. මේක රටට බරක් නිසා තමයි සීමා නිර්ණය කොමිසමක් පත් කරලා එම සභික ප්‍රමාණය අඩු කරන්න පියවර ගත්තෙ. එහි වාර්තාව ලැබුණු සැනින් ඉදිරි කටයුතු කරන්න සූදානම් .

ඒ කියන්නේ මැතිවරණය කල් දානවා කියන එක නෙමෙයි. අපි කිසිසේත්ම මැතිවරණ කල්දාන්නෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ කල් දැමීම සුදුසු නෑ. අපි හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වනවා. හැබැයි ලබන අප්‍රේල් විසිපස් වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නැහැ. ලබන නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව නම් කිව හැකියි.”

මොරටුවේ කුඩු රැජින අත්අඩංගුවට...විදේශගතව සිට රත්මලාන, ගල්කිස්ස, මොරටුව යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රත්ම...
21/03/2023

මොරටුවේ කුඩු රැජින අත්අඩංගුවට...

විදේශගතව සිට රත්මලාන, ගල්කිස්ස, මොරටුව යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රත්මලානේ දේවින්ද නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන හවුල්කාරියක් ලෙස සැලකෙන කාන්තාවක් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය "මොරටුවේ කුඩු රැජින" ලෙස හැඳින්වෙන බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.

මොරටුව පොලිස් වසමේ මොරටුවැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී 49 හැවිරිදි එම සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත.

එහි දී හෙරොයින් ග්‍රෑම් 05.250ක්ද ඇය සන්තකයේ තිබී හමුවිය.

බස් රථයක් හදිසියේ ගිනිගනී....හොරණ රත්නපුර මාර්ගයේ බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද (21) අලුයම  පෞද්ගලික බස් ...
21/03/2023

බස් රථයක් හදිසියේ ගිනිගනී....

හොරණ රත්නපුර මාර්ගයේ බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද (21) අලුයම පෞද්ගලික බස් රථයක් හිටි හැටියේ ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

ගින්න හට ගැනීමත් සමගම එහි සිටි මගීන් පිටතට පැන දිවි බේරාගෙන තිබුණි.

රත්නපුර සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ බස්රථය හොරණ බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිට බස් නැවතුමේ නවත්වා මගීන් රැගෙන යළි ගමන් ආරම්භ කිරීමත් සමගම බස් රථයේ ඉදිරිපස කොටස ගිනි ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

බස්රථයේ එම අවස්ථාවේ මගීන් හතළිහකට අධික පිරිසක් සිට ඇති අතර කිසිවෙකුටත් එහිදී තුවාල සිදුවී නැත.

තරුණ මළ සිරුරක් වව්නියාවේ වැවේ පාවේ…වව්නියාව වැවේ වාන ආසන්නයේ ජලයේ පාවෙමින් තිබූ තරුණයාගේ මළ සිරුර මේ දක්වා හඳුනාගැනීම...
21/03/2023

තරුණ මළ සිරුරක් වව්නියාවේ වැවේ පාවේ…

වව්නියාව වැවේ වාන ආසන්නයේ ජලයේ පාවෙමින් තිබූ තරුණයාගේ මළ සිරුර මේ දක්වා හඳුනාගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති හෙයින් වහාම පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකරන ලෙසට වව්නියාව මහෙස්ත්‍රාත් ටී. තිරුවරුල් මහතා නියෝග කොට සිටියේය.
වව්නියාව වැවේ වාන මතින් ඇති මාර්ගයේ පුද්ගලයෙකු ගමන් කරන අවස්ථාවේදී ජලයේ පාවෙමින් තිබූ අදාල මළ සිරුර දැක වව්නියාව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය අදාල ස්ථානය පැමිණ මළ සිරුර පරික්ෂා කිරීමේදී මිය ගොස් ඇත්තේ අවුරුදු 25 ත් 30 ත් අතර තරුණයෙකු බවට හඳුනාගනු ලැබීය.

CDට එක දිනකවත් සේවා දිගු එපා.. දේශබන්දු පොලිස්පති කරන්න..- ආණ්ඩුවේ මන්ත‍්‍රීන් එක හඬින් ජනපතිට කියති..පැවත්වුණු ආණ්ඩු ප...
21/03/2023

CDට එක දිනකවත් සේවා දිගු එපා.. දේශබන්දු පොලිස්පති කරන්න..- ආණ්ඩුවේ මන්ත‍්‍රීන් එක හඬින් ජනපතිට කියති..

පැවත්වුණු ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පොලිස්පතිවරයා පිලිබදව සකච්ඡා වී ඇත. මෙහිදී වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට එක් දිනකට හෝ සේවා දිගුවක් ලබා නොදෙන ලෙසට මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට තදින්ම ප්‍රකාශ කර ඇත. 2022 මැයි 09 සිදුවූ කලහකාරී තත්වය මර්ධනය කිරීමට කිසිදු පියවරක් පොලිස්පති චන්දන වික්‍රමරත්න නොගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු මෙහිදී චෝදනා කර ඇත.

මෝටර් රිය පෙරැළී ගුරුවරයා මරුට..පස්සර - ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදි අද (20) මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරැලී එහි ගමන...
21/03/2023

මෝටර් රිය පෙරැළී ගුරුවරයා මරුට..

පස්සර - ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදි අද (20) මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරැලී එහි ගමන් ගත් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ මඩොල්සිම විද්‍යාලයේ ගුරුවරයෙක් බව හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි .

බූරු මූණාට රැකවරණය දුන් නිතීඥවරයෙකු ගැනත් තොරතුරු එලියටරවිඳු සංඛ හෙවත් බූරු මූණාට සැඟව සිටීමට ආධාර අනුබල දුන් නිතීඥයෙකු ...
21/03/2023

බූරු මූණාට රැකවරණය දුන් නිතීඥවරයෙකු ගැනත් තොරතුරු එලියට

රවිඳු සංඛ හෙවත් බූරු මූණාට සැඟව සිටීමට ආධාර අනුබල දුන් නිතීඥයෙකු ඇතුළු පුද්ගලයින් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඒ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, දින 90ක කාලයක් රඳවා තබාගැනීමට අවසර හිමිවීමෙන් අනතුරුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළවූ තොරතුරුවලට අනුවයි. එහිදී සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ, මෙරටින් පලායාම සඳහා ගුවන්තොටුපළට ගිය අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන කටුනායක ගුවන්තොටුපළ පොලිසියට ලබා දීමෙන් පසු පැනගිය මොහු දින දෙකක කාලයක් මීගමුව ප්‍රදේශයේ හෝටලයක නැවතී සිට ඇති බවටයි.

පසුව ඔහු කළු පැහැති මෝටර් රථයකින් කුරුණෑගල, කොස්කැලේ ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී කොළඹ සිට පැමිණි අදාළ නිතීඥවරයා මෝටර් රථයක නංවා දඹුල්ල ප්‍රදේශයට කැඳවාගෙන ගොස් ඇති අතර බූරු මූණා එතැන් සිට ත්‍රිරෝද රථයක් ගොස් පනාගොඩ යුධ හමුදා කඳවුරේ සේවය කළ විශ්‍රාමික උසස් හමුදා නිලධාරියෙකුගේ තිරප්පනේ ප්‍රදේශයේ නිවසක රැදී සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. පසුව ඔහු පසුගිය 16 වැනිදා තිර්ප්පනේ සිට රුවන්වැල්ල ප්‍රදේශයට පැමිණ එහි හෝටලයක් නවාතැන්ගෙන තිබෙනවා.

ඊට පසු දින කුරුණෑගල සිට දඹුල්ල දක්වා සැකකරු රැගෙනයාමට පැමිණි නිතීඥවරයා සමඟ ඔහු අධිකරණයට භාර වීමට එමින් සිටිය දීයි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙම නිතීඥවරයා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කර බවට ද හෙලිව තිබෙනවා.

16/01/2023

රජයේ සේවක වැටුප අර්බුදයේ.. කොටස් දෙකකට ගෙවන්නැයි භාණ්ඩාගාරය දැනුම් දේ…

රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරීන්ගේ වැටුප වෙන වෙනම අවස්ථා දෙකකදී ගෙවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර තිබේ. රටේ මුල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන මෙම තීරණය මහා භාණ්ඩාගාරය විසින් ගෙන ඇත. ඒ අනුව මාණ්ඩලික සහ මාණ්ඩලික නිලධාරීන්ගේ වැටුප් ‍වෙන වෙනම ගෙවීමට හැකිවන පරිදි භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.

මාණ්ඩලික හා මාණ්ඩලික නිලධාරින්ට වෙන වෙනම වැටුප් ගෙවීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද එම ලිපියේ වැඩිදුරටත් දන්වා දී තිබේ.

"හිතුමතේ ජීවිතේ " මරණයට - දේහය භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙයි ..පසුගිය කාලයේ මාධ්‍ය පුරා මාධ්‍ය පුරා විවීධ පුවත් මැ...
16/01/2023

"හිතුමතේ ජීවිතේ " මරණයට - දේහය භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙයි ..

පසුගිය කාලයේ මාධ්‍ය පුරා මාධ්‍ය පුරා විවීධ පුවත් මැවූ හිතුමතේ ජීවිතේ නමින් ප්‍රසිද්ධව සිටි පුද්ගලයා පසුගිය 13 වන දින ජීවිතක්ෂයට පත් වී තිබෙයි.

මෙම පුද්ගලයාගේ දේහය මේ වන විට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර දේහය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත්ව නැති බව වාර්තා වෙයි

තම එකම නැගණිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු හය දෙනෙකු ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම නියමව වසර හතළිස් තුනක් බන්ධනාගාරගතව සිටි බව පැවසෙන , 1972 වසරේදී නම කිවූ සැණින් කාගේත් සිත් සලිත කරවන "හිතුමතේ ජීවිතේ" නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වූ පුද්ගලයකු ඉකුත් දා ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර ඔහුගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා භාරකරුවෙකු වෙතොත් තොරතුරක් ලබා දෙන ලෙස බොරලැස්ගමුව පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මොහු නමින් බටුගහගේ දොන් සුමතිපාල වන අතර කළුතර ප්‍රදේශයේ උපන් පුද්ගලයෙකි. ඔහුට සිටියේ එකම නැගණියකි. ඇයගේ සුරූපී බව හේතුවෙන් 1972 වසරේදී පැවති බක්මහ උළෙලකදී අවුරුදු කුමාරිය ලෙස තේරී පත්ව තිබුණි . එහෙත් ජයග්‍රහණයෙන් පසුව සිය නැඟණිය එදින නිවසට නොපැමිණීම නිසා රාත්‍රී 07 පමණ සිය පියා සමග සුමතිපාල නැගණිය සොයා නගරය පුරා සැරිසරා තිබු අතර එහිදී ඔවුන්ට හමුවූ නැගණියගේ පාසල් මිතුරියකගෙන් දැනගන්නට ලැබුනේ කළුතර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා මෝටර් රථයකින් නැගණිය පැහැරගෙන පළා ගිය බවයි .

ඒ අනුව සුමතිපාල සහ පියා දිගින් දිගටම අතුරුදන් වූ නැගණිය සොයා විපරම් කිරීමේදී දැන ගන්නට ලැබුනේ එම පොලිස් නිළධාරියා ඔහුගේ ඥාතිවරයකුට අයත් හෝටලයකට රැගෙන ගොස් එහිදී ඇයව දූෂණය කොට මරා දමා ඇති බවටයි. මේ බව බටුගහගේ දොන් සුමතිපාල පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍යයට පවසා තිබුණි .

පසුව තම එකම නැගණිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ කළුතර මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව මොහු විසින් ඝාතනය කළ බවත් ඊට වරදකරු කරමින් 1975 වසරේදී බෝගම්බර බන්ධනාගාරය තුළදී තමාව එල්ලා මරා දමන ලෙසටත් අධිකරණයෙන් නියෝගයක් කර තිබූ බවත් ඔහු පවසා තිබුණි .

පසුව මරණ දඬුවම නියමව බන්ධනාගාරය තුළ සිරදඬුවම් නියම ව සිටියදී මොහු අවස්ථා කිහිපයකදී ඉන් පැනගොස් තම නැගණිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ තවත් පස් දෙනෙකු අවස්ථා කිහිපයකදී විටින් විට ඝාතනය කළ බව ද එහිදී ඔහු පවසා තිබුණි .

ඒ අනුව මනුෂ්‍ය ඝාතන සිදු කිරීම හා බන්ධනාගාරයෙන් පලායාම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් නැවත නැවතත් බන්ධනාගාරගතව සිටියදී 1978 වසරෙදී එවකට රජය විසින් එල්ලුම්ගහ තහනම් කිරීමත් සමග මොහුගේ මරණ දඬුවම ප්‍රමාද වී තිබුණි.

මේ අතර බන්ධනාගාරය තුළදීත් ඉන් පිටතදීත් මොහුගේ ක්‍රියා ක්‍රියාකලාපය හේතුවෙන් මොහුට " හිතුමතේ ජීවිතේ " නමින් අන්වර්ථ නාමයක් පටබැදුණු බව ඔහු කියා සිටී.

මෙලෙස බන්ධනාගාර ගතව සිටි බටුගහගේ දොන් සුමතිපාල නොහොත් "හිතුමතේ ජීවිතේ " නමැති මොහුට වසර 43 මාස 08 පසුව ඉකුත් 2018 වසරේදී ජනාධිපති සමාව යටතේ නිදහස ලැබී තිබූ අතර පසුව ඔහු ඉන් නිදහස්ව පැමිණ කුලියාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට වී නිදහසේ කල්ගත කරමින් සිටි බවට ද වාර්තා වී තිබුණි .

මොහු නමින් බටුගහගේ දොන් සුමතිපාල වන අතර කළුතර ප්‍රදේශයේ උපන් පුද්ගලයෙකි. ඔහුට සිටියේ එකම නැගණියකි. ඇයගේ සුරූපී බව හේතුවෙන් 1972 වසරේදී පැවති බක්මහ උළෙලකදී අවුරුදු කුමාරිය ලෙස තේරී පත්ව තිබුණි . එහෙත් ජයග්‍රහණයෙන් පසුව සිය නැඟණිය එදින නිවසට නොපැමිණීම නිසා රාත්‍රී 07 පමණ සිය පියා සමග සුමතිපාල නැගණිය සොයා නගරය පුරා සැරිසරා තිබු අතර එහිදී ඔවුන්ට හමුවූ නැගණියගේ පාසල් මිතුරියකගෙන් දැනගන්නට ලැබුනේ කළුතර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා මෝටර් රථයකින් නැගණිය පැහැරගෙන පළා ගිය බවයි .

ඒ අනුව සුමතිපාල සහ පියා දිගින් දිගටම අතුරුදන් වූ නැගණිය සොයා විපරම් කිරීමේදී දැන ගන්නට ලැබුනේ එම පොලිස් නිළධාරියා ඔහුගේ ඥාතිවරයකුට අයත් හෝටලයකට රැගෙන ගොස් එහිදී ඇයව දූෂණය කොට මරා දමා ඇති බවටයි. මේ බව බටුගහගේ දොන් සුමතිපාල පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍යයට පවසා තිබුණි .

පසුව තම එකම නැගණිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ කළුතර මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව මොහු විසින් ඝාතනය කළ බවත් ඊට වරදකරු කරමින් 1975 වසරේදී බෝගම්බර බන්ධනාගාරය තුළදී තමාව එල්ලා මරා දමන ලෙසටත් අධිකරණයෙන් නියෝගයක් කර තිබූ බවත් ඔහු පවසා තිබුණි .

පසුව මරණ දඬුවම නියමව බන්ධනාගාරය තුළ සිරදඬුවම් නියම ව සිටියදී මොහු අවස්ථා කිහිපයකදී ඉන් පැනගොස් තම නැගණිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ තවත් පස් දෙනෙකු අවස්ථා කිහිපයකදී විටින් විට ඝාතනය කළ බව ද එහිදී ඔහු පවසා තිබුණි .

ඒ අනුව මනුෂ්‍ය ඝාතන සිදු කිරීම හා බන්ධනාගාරයෙන් පලායාම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් නැවත නැවතත් බන්ධනාගාරගතව සිටියදී 1978 වසරෙදී එවකට රජය විසින් එල්ලුම්ගහ තහනම් කිරීමත් සමග මොහුගේ මරණ දඬුවම ප්‍රමාද වී තිබුණි.

මේ අතර බන්ධනාගාරය තුළදීත් ඉන් පිටතදීත් මොහුගේ ක්‍රියා ක්‍රියාකලාපය හේතුවෙන් මොහුට " හිතුමතේ ජීවිතේ " නමින් අන්වර්ථ නාමයක් පට බැදුණු බව ඔහු කියා සිටී.

මෙලෙස බන්ධනාගාර ගතව සිටි බටුගහගේ දොන් සුමතිපාල නොහොත් "හිතුමතේ ජීවිතේ " නමැති මොහුට වසර 43 මාස 08 පසුව ඉකුත් 2018 වසරේදී ජනාධිපති සමාව යටතේ නිදහස ලැබී තිබූ අතර පසුව ඔහු ඉන් නිදහස්ව පැමිණ කුලියාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට වී නිදහසේ කල්ගත කරමින් සිටි බවට ද වාර්තා වී තිබුණි .

සම්බාහන මධ්‍යස්ථාන ගැහැණු - පිරිමි ලෙස වෙන් කිරීමට සැලසුම්..පිරිමින්ට පිරිමි සහ කාන්තාවන්ට කාන්තාවන් පමණක් සම්බාහන රාජකා...
16/01/2023

සම්බාහන මධ්‍යස්ථාන ගැහැණු - පිරිමි ලෙස වෙන් කිරීමට සැලසුම්..

පිරිමින්ට පිරිමි සහ කාන්තාවන්ට කාන්තාවන් පමණක් සම්බාහන රාජකාරියේ නිරත විය හැකි අන්දමින් නීති සම්පාදනය වන බව ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන පවසයි.

ඒඩ්ස් ඇතුළු ලිංගිකාශ්‍රිත රෝග බහුල වශයෙන් සම්බාහන මධ්‍යස්ථාන හරහා ව්‍යාප්තවීම නිසා මෙලෙස නීති සම්පාදනය කිරීමට තීරණය කර ඇත.

සම්බාහන මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර පළපුරුදු වෛද්‍යවරයකුද අනිවාර්ය විය යුතුය. එසේම සම්බාහන කටයුතුවල නිරත වන කාර්ය මණ්ඩලය වෘත්තීයමය දැනුමකින්, පුහුණුවකින් හෙබි විය යුතු බවත් කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය

තලේබාන්වරු නිෂ්පාදනය කළ සුපිරි මෝටර් රථය...තලේබාන් සහ තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය විවිධ හේතු නිසා පසුගිය කාලයේ...
16/01/2023

තලේබාන්වරු නිෂ්පාදනය කළ සුපිරි මෝටර් රථය...

තලේබාන් සහ තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය විවිධ හේතු නිසා පසුගිය කාලයේ පුවත් අතරට පැමිණියේය. සටන්කාමී කණ්ඩායම 2021 දී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කර ඇති අතර එතැන් සිට ප්‍රවෘත්ති සිරස්තලවල රැඳී සිටීමට තලේබාන් සංවිධානය සමත් විය.

දැන් තලේබාන් සංවිධානය ඔවුන් විසින් දේශීයව නිපදවූ මෝටර් රථයක් එළිදක්වා තිබේ. තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ ප්‍රථම දේශීය නිෂ්පාදිත සුපිරි මෝටර් රථයහඳුන්වා දුන්නේ Mada 9 ලෙසිනි.

එම මෝටර් රථය මෑතකදී එළිදැක්වූ නමුත් එය තවමත් මූලාකෘති මට්ටමේ පවතී. ENTOP සහ Afghanistan Technical Vocational Institute (ATVI) හි ඉංජිනේරුවන් 30 දෙනෙකු පමණ මෙම නිෂ්පාදනයට නායකත්වය දෙන ලදී.

Mada 9 නවීකරණය කරන ලද Toyota Corolla එන්ජිමකින් බලගන්වයි. කාර්ය සාධන සංඛ්‍යා තවමත් අනාවරණය වී නැතත් පසුකාලීනව, ENTOP Mada 9 විද්‍යුත් පවර් ට්‍රේනයක් සමඟ ගැලපීමට නියමිත බව වාර්තා වේ.

තලේබාන් සංවිධානයේ උසස් අධ්‍යාපන අමාත්‍ය අබ්දුල් බකී හකානි ප්‍රකාශ කළේ මෙම මෝටර් රථය තම ජනතාවට ආගම සහ නවීන විද්‍යාවන් ලබා දීමට තලේබාන් පාලනයේ කැපවීම ඔප්පු කරන බවයි.

ENTOP හි ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් රීසා අහමඩ් පවසන්නේ සුපිරි මෝටර් රථය “දැනුමෙහි වටිනාකම ජනතාව වෙත ගෙන යනු ඇති” බවත් එය ලෝක වේදිකාවේ ඇෆ්ගනිස්ථානයේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට උපකාරී වනු ඇති බවත්ය.

මනුෂ්‍ය ඝාතන තුනක්..පුද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. ඊයේ (15) රාත්‍රි...
16/01/2023

මනුෂ්‍ය ඝාතන තුනක්..

පුද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. ඊයේ (15) රාත්‍රි කාලයේ ගිරිඋල්ල පොලිස් වසමේ උදියාවල ප්‍රදේශයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, අවුරුදු 41 හා 39 වයසවල පසුවන දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. ඉන් එක් පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකා සැරයන්වරයෙක් බව පොලීසිය පවසයි.

මෘත ශරීර දඹදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (16) සිදුකිරීමට නියමිතව ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර වැල්ලම්පිටිය පොලිස් වසමේ ලංසියාවතත් ප්‍රදේශයේදී‍ කාන්තාවක් නිවසක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. එසේ මියගොස් ඇත්තේ, 61 හැවිරිදි ලංසියාවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම ඝාතනය නිවසේ මෙහෙකාර කාන්තාව විසින් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර සැකකාර කාන්තාව ප්‍රදේශයෙන් පළාගොස් ඇත. සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ව්‍යාපාරිකයෙකු ට වෙඩිතැබීමක්...හොරණ කුඹුක ප්‍රදේශයේ අද (16) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා හොරණ මූලික ර...
16/01/2023

ව්‍යාපාරිකයෙකු ට වෙඩිතැබීමක්...

හොරණ කුඹුක ප්‍රදේශයේ අද (16) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අද අලුයම එකත් දෙකත් අතර කාලයේදී හොරණ කුඹුක ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇත. පොකුණුවිට සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථය පසුපසින් යතුරුපැදියකින් හඹා ගොස් කුඹුක ප්‍රදේශයේ වෙල්යායක් අසල දී නවතා වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

වෙඩිවැදීමට ලක්ව ඇත්තේ, පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. තුවාල ලැබූ ව්‍යාපාරිකයා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

රඹුක්කන රත් කළ කුරිරු ද්විත්ව ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට...රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේදී මළ සිරුරු සොයාගත් තරු...
16/01/2023

රඹුක්කන රත් කළ කුරිරු ද්විත්ව ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට...

රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේදී මළ සිරුරු සොයාගත් තරුණයින් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් මාවනැල්ල හා වැලිඔය ප්‍රදේශවලදී ඊයේ (15) අත්අඩංගුවට ගත් බවය. මාවනැල්ල ප්‍රදේශයේදී අතුරුදන්වූ බවට වාර්තා වී තිබූ තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළදමා තිබියදී පසුගිය 12 වනදා සොයාගත්තේය.

මාවනැල්ල ප්‍රදේශයේදී අතුරුදන්වූ බවට වාර්තා වී තිබූ තරුණයන් දෙදෙනා අතරින් එක් අයෙකුගේ මළ සිරුර පළමුව සොයාගත්තේය. ඒ, රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ නිවසක් පිටුුපස වළදමා තිබියදීය. මාවනැල්ල, කිරිංගදෙණිය හා කෙරමිණියවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 19 හා 25 යන දෙදින තුළ අතුරුදන්ව ඇති බවට මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

අතුරුදන්ව තිබුණේ 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නම් 28 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි. මේ අතර කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට කිසිවෙකුගෙන් තොරතුරක් ලැබී තිබුණේ රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හුරීමළුවේ ෆර්හාන් නමැත්තාගේ නිවස තුළ තරුණයන් දෙදෙනෙකු ඝාතනය කරන අයුරු තමා දුටු බවය.

පොලීසිය පැවසුවේ, තරුණයන් දෙදෙනා හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූවන් බවත් පසුගිය නොවැම්බර් මස රටේ හෙරොයින් හිඟයක් මතුවීමත් සමග ඔවුන් අයිස් මිලදී ගැනීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසට ගොස් ඇතැයි හෙළි වූ බවය. මොවුන් ද මින් පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කර ඇති බවට ද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය කෑගල්ල මහ රෝහලේ විශේඥ අධිකරණ වෛද්‍යවරුන් ද සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ පිටුපස කොටස පරීක්ෂා කළේය. නිවසේ පසුපස කොටසේ කොන්ක්‍රීට් තට්ටුවක් දමා කුකුළු කොටුවක් සැකසීමට සකස් කළ ස්ථානයක් පොලීසිය විසින් කණිනු ලැබුවේ ඒ අතරතුරය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ තරුණයින් දෙදෙනාගේ‍ මළ සිරුරු සොයාගැනීමට හැකිවුණි. සිද්ධියට සම්බන්ධ හුරීමළුවේ ෆර්හාන් නමැත්තා ඇතුළු ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙකු ප්‍රදේශයෙන් පළාගොස් සිටි අතර පොලිසියේ විමර්ශනවලට අනුව මාවනැල්ල හා වැලිඔය ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවකු නිවසේ සඟවා තිබූ මරණකරුවෙකුගේ යතුරුපැදිය ද විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

කෝටි දෙකක වාලම්පුරිය....අලෙවි කිරීමට සුදානම් කර තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමග පුද්ගලයෙක්...
16/01/2023

කෝටි දෙකක වාලම්පුරිය....

අලෙවි කිරීමට සුදානම් කර තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමග පුද්ගලයෙක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 14 වන දා වව්නතිව් පොලිස් වසමේ ඉරට්ටචෝනමඩු පාසල අසල ප්‍රදේශයේ දී විශේෂ මෙහෙයුමක් සිදුකර ඇත.

එහි දී නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු වට ප්‍රමාණය සෙ.මී 34ක් හා දිග සෙ.මී 23ක් වන මිල අධික වාලම්පුරියක් සන්තකයේ තබාගෙන සිටි කන්නන්කුඩා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයකු අත්අඩංගුවට තිබේ.

සැකකරුව වැඩිදුර විමර්ශන සඳහා වව්නතිව් පොලීසිය වෙත භාර දී ඇත. ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වව්නතිවි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Address


Alerts

Be the first to know and let us send you an email when Black Fox News SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Black Fox News SL:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share