Lakpriya

Lakpriya Hello! I am a programmer, photographer and video creator. Do not miss any update. Press the bell icon and keep updated! https://youtube.com/lakpriya

ගොඩක් කාලෙකින් Video එකක් දැම්මා.. ⏳King and Queen Restaurant, Galle ▶️ https://youtu.be/aUy6Mf3Ncv8
26/11/2021

ගොඩක් කාලෙකින් Video එකක් දැම්මා.. ⏳
King and Queen Restaurant, Galle

▶️ https://youtu.be/aUy6Mf3Ncv8

ඒ කාලේ 🍃
20/11/2021

ඒ කාලේ 🍃

මාර්ක් අයියා මෙච්චර මහන්සියෙන් හදපු Facebook එකේ නම වෙනස් කරයි කියලා ඔයාලා හිතුව ද? එච්චර මෝඩ නෑ නේ..😂එයා කලේ Facebook, ...
29/10/2021

මාර්ක් අයියා මෙච්චර මහන්සියෙන් හදපු Facebook එකේ නම වෙනස් කරයි කියලා ඔයාලා හිතුව ද? එච්චර මෝඩ නෑ නේ..😂

එයා කලේ Facebook, WhatsApp, Instagram ඇතුලු එයාලාගෙ products ඔක්කොම එක වහලක් යටට ගත්ත එක.. ඒක තමයි Meta company එක!

ඕකම ගොඩක් කාලෙකට කලින් Google ලත් කලා. ඒ කියන්නෙ Android, Chrome, Gmail, Google Drive, Google Maps, Google Photos, Google Play, Search, and YouTube වගේ Google විදියට අපි දන්න products ඔක්කොම Alphabet Inc. එක විදියට එක තැනකට ගත්ත එක.

abc .xyz වලට ගිහින් බලන්න පුලුවන් a වල ඉදන් z වලට එනකල් තියන products ටික. එයාලාට alphabet. com domain එක ගන්න බැරි වුනා ඒක BMW ලට අයිතිව තිබ්බ සහ BMW ලා ඒක දෙන්න අකමැති වුන නිසා..

කොහොම වුනත් virtual world එකකට අරන් යන්න හදන මාර්ක් අයියාගේ metaverse එකට අපිව අරන් යන්න යන විස්තරේ meta. com එකට ගිහින් බලන්න. අපි metaverse එකට ගියාම මාර්ක් අයියා තමයි ඒකෙ GOD 😂

Stop crying it's just a scene!The scene:
20/10/2021

Stop crying it's just a scene!

The scene:

I'm sorry Jonny 😐
15/10/2021

I'm sorry Jonny 😐

😂😂😂
14/10/2021

😂😂😂

සැඟවෙන්නට එපා දැනුම, ඔයා තමයි හෙට දවස අපේ 🌍♥️
29/09/2021

සැඟවෙන්නට එපා දැනුම, ඔයා තමයි හෙට දවස අපේ 🌍♥️

මහන්සි නොවී English Vocabulary එක හදාගන්න ක්‍රමයක් ඕනෙ ද..? ඉස්සර ඉදලා English වචන පාඩම් කරන්න මම ගොඩක් කම්මැලි.. හැබැයි...
21/09/2021

මහන්සි නොවී English Vocabulary එක හදාගන්න ක්‍රමයක් ඕනෙ ද..?

ඉස්සර ඉදලා English වචන පාඩම් කරන්න මම ගොඩක් කම්මැලි.. හැබැයි මම English Movies/TV Series එකක් වගේ බලද්දි English subtitles දාගෙන බලනවා දන්නෙ නැති වචන අහු උනොත් Pause කරලා Dictionary එකක බලල ඒක ඉගෙන ගන්නවා. ඒක තමා මම Vocabulary එක හදාගන්න මම use කරන Method එක. හැබැයි ඉතින් එහෙම නවත්ත නවත්ත බලන්න ගියාම එපා වෙනවානේ... රසවින්දනයට බාධා වෙන එකනේ වෙන්න.. Film එක බලන්න කලින් දන්නැති වචන ටික ඉගෙන ගන්න තිබුණනම්.. ?

So ඔය ගැටලුව විසඳගන්න හැදුවා පොඩි ඇප් එකක්. ඇත්තටම ඒක හැදුවේ මට Use කරන්න. ඒත් ඒක සමහරවිට ඔයාලාටත් වැදගත් වෙයි. මේක PWA (Progressive Web Application) එකක් ඒ නිසා ඕන Device එක්කට Install කරන්න පුලුවන්.. https://filmwordlib.web.app මෙන්න මේ වෙබ් සයිට් එකට ගිහින් ඇප් එක පාවිච්චි කරන්න පුලුවන්. එතනින් ඔයාගේ Computer එකට හරි Phone එකට හරි install කර ගන්නත් පුලුවන්. Fb app එකෙන් link එකට ගියොත් Open in browser දෙන්න, Computer එකෙන් ගිහින් Install කර ගත්තම තමා Use කරන්න ලේසිම.

ඔයාලටත් මේක පාවිච්චි කරන්න ඕන නම්, මුලින්ම ඔයාලා බලන්න ඉන්න film එකේ English subtitle file (.srt) එක Download කර ගන්න. ඊට පස්සෙ Subtitle file එක app එකට දෙන්න.. එතකොට එයා ඒකෙ තියන Unique වචන ටික List කරනවා පහල දාලා තියනවා වගේ.. පස්සෙ ඔයාට පුලුවන් ඔයා දැනටමත් දන්න වචන Select කරන් යන්න. දන්නෙ නැති වචන පාඩම් කරගන්න ගමන්.. එතකොට මේ ඇප් එක ඔයා දන්න වචන ටික Save කරලා තියාගන්නවා.. පස්සෙ ආය Film එකක් බලද්දි ඒකෙත් Sub එක මෙහෙම දුන්නම, අර ඔයා කලින් දුන්න වචන ටික Filter වෙලා ඔයා නොදන්න වචන ටික තමා New words විදියට පෙන්නන්නේ. මුලදි මුලදි ටිකක් අමාරුයි select කරන්න වෙන නිසා දන්න එවුවා.. ඒත් ඇප් එකට ඒ ටික කියල දුන්නට පස්සෙ පට්ටම ලේසියි..

මේකට Sub file එක දුන්නම අලුත් වචන, ඒ File එකේ තියන ඔයා දන්න වචන, ඔයා දන්න ඔක්කොම වචන වෙන වෙනම ලිස්ට් වෙනවා. ඒකත් ආය මතක් කර ගන්නත් හොදයි. මේක ටික කාලයක් පාවිච්චි කරාද්දි තේරයිවි මොකක්ද වෙන්නේ කියලා.. අලුත් Sub file එකක් දුන්නම, New words එකක්වත් නැත්නම් ඒ කියන්නෙ ඔයා ගොඩ.. තාම මේකේ Dictionary එකක් include කරලා නෑ. ඔයා නොදන්න වචන ටික මොනවා ද කියලා වෙන්කරලා දෙන එක තමයි මූලික අරමුණ.. LKTips Dictionary වගේ Extension එකක් එක්ක මේක use කරන්න දැනට.

එහෙනම් පාවිච්චි කරලා බලල ඔයාලට හිතෙන දේ කියන්න. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම Free! මේකෙන් මට කිසිම ලාභයක්නෑ.. කැමතිනම් පාවිච්චි කරලා රසවින්දනයට බාධා නොවී, ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන් Film බලන්න🙂 හොඳයි කියලා හිතෙනවා නම් Share කරන්න. නැත්තම් මම දෙනවා දෙකක් 🤨

කවුරුහරි ට්‍රැවල් කරන ගමන් රොටියයි ප්ලේන්ටියයි Photo ගහලා "ජීවිතේ විඳින මිනිස්සු" කියලා Facebook දැම්මම මිනිස්සු අහනවා "...
16/08/2021

කවුරුහරි ට්‍රැවල් කරන ගමන් රොටියයි ප්ලේන්ටියයි Photo ගහලා "ජීවිතේ විඳින මිනිස්සු" කියලා Facebook දැම්මම මිනිස්සු අහනවා "උබලට track ද බං" කියලා.

Luxury ප්ලේස් එක්කින් හෙන ගානක් දීල කෑමක් ගන්නවා Photos අරන් "ජීවිතේ විඳිනවා" කියලා දැම්මම කියනවා "අඩේ අපරාදේ සල්ලි ඔය සල්ලි වලින් දුප්පත් මිනිහෙක්ට කන්ඩ අරන් දෙන්න තිබ්බානේ" කියලා.

ස්කූටියෙන් ට්‍රැවල් කරන කපල් එකක් "ජීවිතේ විඳිනවා" කියලා Photo එකක් දැම්මම අහනවා "ඕකටද බං විඳිනවා කියන්නෙ" කියලා.

ලැම්බෝගිනියක් තියන කපල් එකක් පාරෙ අයිනෙ නවත්තලා සුපිරිපරි ෆොටෝ එකක් "ජීවිතේ විඳින මිනිස්සු" කියලා දැම්මම කියනවා "ඔය සල්ලි වලින් දුප්පත් මිනිහෙක්ට ගෙයක් හදලා දෙන්න තිබ්බ නේද" කියලා.

---------------------------

මම නම් කියන්නෙ ඔය ඔක්කොමලා "ජීවිතේ විඳිනවා". විඳින්නෙ නැත්තෙ අර වගේ කතා කියන සෙට් එකම තමයි. උන් විදවනවා, මොකද මිනිස්සු තම තමුන් ආස විදියට "ජීවිතේ විඳිනවා". ඒ විඳින විදියෙන් අනුන්ට කරදරයක් නැත්නම් උන්ගෙ පාඩුවේ ජීවිතේ විඳ ගන්න දීලා, අනන් මනන් කතා නොකිය තමුන්ගේ "ජීවිතේ විඳින ක්‍රමේ" හොයා ගන්න එක තමයි කරන්න පුලුවන් හොඳම වැඩේ.. ❤️

ඔයාලා මේ වරදක් කරනවා මචං.. මොනාද වරදක් මචං. ඔයාලා මේ හැමදේම කිරිබත් කන්ඩ එපා මචං. ඔයාලා කිරිබත් කන්ඩ මචං.. ඒක ප්‍රස්න මච...
04/08/2021

ඔයාලා මේ වරදක් කරනවා මචං.. මොනාද වරදක් මචං. ඔයාලා මේ හැමදේම කිරිබත් කන්ඩ එපා මචං. ඔයාලා කිරිබත් කන්ඩ මචං.. ඒක ප්‍රස්න මචං.. හැමදේටම කන්ඩ එපා මචං.. Hospital එක තමා යන්න වෙනවා මචං.. අවුරද්දට විතරක් කන්න මචං.. හරිද..

මේ Elon Musk සහ Jack Ma ගෙ ඩිබෙට් එකක්. දෙන්න එක්ක AI, Education, Jobs වගේ දේවල් ටිකක් ගැන කථා කරනවා. Jack Ma චාටර් වුනා...
01/08/2021

මේ Elon Musk සහ Jack Ma ගෙ ඩිබෙට් එකක්. දෙන්න එක්ක AI, Education, Jobs වගේ දේවල් ටිකක් ගැන කථා කරනවා. Jack Ma චාටර් වුනා වගේ කට්ටිය හිතුවට ටික්ක වෙලා හිතලා බැලුවම මිනිහා කියපුවගේ පට්ට තේරුමක් තියනවා. එයා කියන එකක් තමයි, "AI එකක් මිනිස්සු හැදුවට කවදාවත් AI එකකට මිනිහෙක් හදන්න බෑනේ" ඇත්තනේ 😂

https://youtu.be/f3lUEnMaiAU

29/07/2021

අපේ WheresNow ඇප් එක සඳහා අපි නිර්මාණය කරපු පොඩි ඇඩ් එකක් ❤️
ඔවු ඒ ලස්සන කටහඬ මගේ තමයි 🙈😹
Edited by Shalitha Chamodya ⭐

WheresNow for family safety and employees management 📍ඇප් එකේ Screenshot කිහිපයක් 🔥https://wheresnow.net වෙබ් සයිට් එකෙන...
20/07/2021

WheresNow for family safety and employees management 📍

ඇප් එකේ Screenshot කිහිපයක් 🔥

https://wheresnow.net වෙබ් සයිට් එකෙන් ඔක්කොම විස්තර ටික බලාගන්න!

15/07/2021

පවුලේ ආරක්ෂාව සහ සේවක කළමනාකරණය සදහා අප විසින් නිර්මාණය කෙරූ WheresNow 50K Downloads කඩඉමත් පසු කරමින් ඉදිරියටම🔥

නවතම Update එක තුලින් පාරිභෝගිකයන්ට වඩාත් විස්වාසදායක මෙන්ම අත්‍යවශ්‍යම වන ගුණාංග ද එකතු කර ඇත! දැනට මෙය ලංකාවේ අයට පමණක් සීමා වුවත් ඉතා නුදුරේදීම ලෝකයේ අනෙකුත් අයටත් භාවිතා කිරීමට හැකියාව ලැබෙන පරිදි නිෂ්පාදනය කරනු ඇත!

No more "Where are you?" messeges!!!
WheresNow for Family Safety and Employee management
https://bit.ly/WheresNow

Tiktok ඇත්තටම ගොන්ද? Tiktok කියන්නෙ චීනයේ ByteDance කියන සමාගම විසින් හදපු Short Videos දාන්න පුළුවන් Social Media Platf...
08/07/2021

Tiktok ඇත්තටම ගොන්ද?

Tiktok කියන්නෙ චීනයේ ByteDance කියන සමාගම විසින් හදපු Short Videos දාන්න පුළුවන් Social Media Platform එකක්. ඒකෙ දාන්න පුලුවන් තත්පර 15 ත් මිනිත්තු තුනත් අතර Videos.. ඇත්තටම ඔය කියන විදියට මේක ගොන්ද? එහෙම නැත්නම් ජරාවක්ද? නෑ ඇත්තටම අවුල ඇප් එකේ නෙවෙයි අවුල තියෙන්නෙ ඒකට Videos දාන අයගේ සහ එක බලන අයගේ.. ඇත්තටම ඒක අවුලක් කියන්නත් බෑ.. ඒ කියන්නෙ සාපේක්ෂව අවුල්.. මොකද Creator කෙනෙක්ට අයිතියක් තියනවා එයා කැමති දෙයක් හදන්න.. බලන අයටත් එහෙම තමයි. සමහර එවුව අපට සාපේක්ෂව ගොන් දෙයක් තමයි.. ඒ වුනාට ඒක බලන අයට එහෙම නෙවෙයිනේ. Audience is always right!

ඕකෙ Algorithm එක වැඩ කරන විදිය අනුව අපි ආස දේවල් තමයි අපට Suggest වෙන්නෙ.. ඔයා දිගට බල බල රැදිල ඉන්න Videos අනුව ඊලගට ඔයා කැමති වෙන්නෙ මෙහෙම එක්කට කියල ඇප් එක හිතා ගෙන ඊලගට එන්න ඕන Video එක Decide කරනවා. ඔයාට මන්දමානසික දේවල් Suggest වෙනවා කියන්නෙ ඇත්තටම ඔයා එවුවට ආසයි කියල ඇප් එක හිතාගෙන ඉන්නෙ. ඒ එන එවුවට ඔයා මන්දමානසිකයි කියනවා නම් ඒ කියන්නෙ ඔයා තමයි මන්දමානසිකයි 🤣 හැබැයි ඇප් එකේ මුලින්ම දාගද්දි ඇප් එක දන්නෙ නෑ මේ මොකෙක්ද ආවේ කියලා.. ටිකක් කල් ගියාම තමයි ඌ ඉගන ගන්නෙ ඔයා කවුද කියලා.. ඔයාලා මන්දමානසික නොවෙන විදිහට හිටියොත් මන්දමානසික නොවෙන දේවල් පෙන්නයි.. ඒ අනුව හිතන්න තියෙන්නේ ඇප් එකට මන්දමානසිකයි කියල බනපු උන් තමයි මන්දමානසික කියන එක.. නොදැනුවත්ව හරි එයාලා කැමති දේවල් එවුව තමයි එයාලට පෙන්නලා තියෙන්නෙ..ඒ කියන්නෙ ඇප් එකේ අවුලක් නෙවෙයි..

මේකේ Short Videos නිසා ඉගෙන ගන්න කෙනෙකුට උනත් මාර දෙයක් කරන්න පුලුවන් මේක ඇතුලේ. මම නම් ගොඩක්ම follow කරන්නෙ පිටරට චැනල්.. ලංකාවේ බොහොම අතලොස්සක්.. මාරම දේවල් ටිකක් ඉගෙන ගන්න පුලුවන් තත්පර ගානෙන්.. කොහෙත්ම මේක හදපු අයට බැනලා වැඩක් නෑ.. App store වල තරු එකක් දාලා වැඩක් නෑ.. බැනගන්න තියෙන්නෙ තමුන්ටම තමයි.. (Privacy ප්‍රශ්න ගැන කියන්න දන්නෑ) අනිත් රටවල් වල අය මේවගේ දේවල් වලින් ප්‍රයෝජන ගනිද්දි අපි බැන බැන ඉන්නවා. ඔයාට සාපේක්ෂව අවුල් කන්ටෙන්ට් එකක් දැක්කොත් බැනල Comment කරන්නෙ Share කරන්නෙ නැතුව කෙලින්ම report කරල දාන්න ඕන. ඒක Guidelines වලට එකග නැත්නම් එයාලා අයින් කරල දායි.. facebook, YouTube ඔය මොන platform එකේ වුනත් කරන්න ඕන ඔහොම තමයි. ගොඩක් අය කරන්නෙ උඩ දාලා පයින් ගහන එක එතකොට තව අය දැන ගන්නවා.. ඇබ්බැහි වෙනවා කියලත් ප්‍රශ්නයක් තියනවා ඒකත් තියෙන්නේ ඉතින් තමන්ගෙ අතේ.. දරුවෙක් නම් එයාලගෙ අම්මලා තාත්තලා අතේ.. අන්තිමට කියන්නෙ වෙන කෙනෙක් බනිනවා කියලා තමුනුත් බනින් නැතුව හොයල බලල බනින්න! මේ පහලින් දාලා තියෙන්නෙ මම වෙලාවක් හම්බුන වෙලාවට බලන ලංකාවේ කීපදෙනෙක්ගේ Tiktok Channels ටිකක් ❤️

වහල්ලු වර්ග කීපයක් ඉන්නවා.- තමන් වහලෙක් කියල දැනගෙන, 'ආසාවෙන්' වහල්කම් කරන වහල්ලු.- තමා වහලෙක් කියල දැනගෙන, ඒකට අකමැති ව...
05/07/2021

වහල්ලු වර්ග කීපයක් ඉන්නවා.

- තමන් වහලෙක් කියල දැනගෙන, 'ආසාවෙන්' වහල්කම් කරන වහල්ලු.

- තමා වහලෙක් කියල දැනගෙන, ඒකට අකමැති වෙලා, නිදහස් වෙන්න කිසිම දෙයක් 'නොකර' ඉන්න වහල්ලු.

- තමා වහලෙක් කියල දැනගෙන, ඒකට අකමැති වෙලා, නිදහස් වෙන්න දෙයක් 'කරන' වහල්ලු.

- තමා වහලෙක්ද කියලවත් 'දන්නැති' වහල්ලු.

කොරෝනා 😳නෑ නෑ, දන්නවද මේ මොනවද කියලා?
01/07/2021

කොරෝනා 😳
නෑ නෑ, දන්නවද මේ මොනවද කියලා?

ලංකාවේ තියන ප්‍රසිද්ධ Facebook Group එකක, මල්ලි කෙනෙක් පෝස්ට් එකක් දාලා තිබුණා, Online අධ්‍යාපන කටයුතු වලට සහභාගි වෙන්න ...
26/06/2021

ලංකාවේ තියන ප්‍රසිද්ධ Facebook Group එකක, මල්ලි කෙනෙක් පෝස්ට් එකක් දාලා තිබුණා, Online අධ්‍යාපන කටයුතු වලට සහභාගි වෙන්න මේ 6 වසරේ ඉගෙන ගන්න මේ පුංචි නංගිට පවුලේ ආර්ථික අපහසුකම් නිසා Device එකක් ගන්න විදියක් නෑ කියලා. ඉතින් ඒක දැකලා එයාට Smartphone එකක් අරන් දෙන්න Born in December අපි කටයුතු කලා. ඒ විදියට අපි අරන් යවපු Smartphone එක එයාට ලැබිලා තිබුනා ❤️

ගොඩක් සතුටුයි මේ වගේ උදවුවක් කරන්න පුළුවන් වුන එකට.. අපි මේ වගේ ආර්ථික අපහසුකම් තියන අයට පුලුවන් විදියට උදවු කරන්න තමා මේ December එකේ අපේ project එකට කරන්නත් හිතාගෙන හිටියේ. ඒත් මේ නංගිට ඉක්මනින් අවශ්‍ය නිසා අපි ඉක්මනින් මේ දේ කලා.. මේ වැඩේට මුදලින් උදවු කරපු අපේ Born in December සෙට් එකට වගේම, මේ ගැන අපට කිවුව, smartphone එක එහෙට ගියාට පස්සෙ එයාලගෙ ගෙදර ගිහින් අවශ්‍ය ඇප්ස් ටික දාලා දීලා උදවු කරපු මල්ලිටත් ගොඩක් ස්තුතියි! 😇

ඔයාලත් කැමති නම් ඉස්සරහට අපි කරන්න ඉන්න වැඩේට සහභාගීත්වයක් උදවුවක් කරන්න, අපට කියන්න. මේ December එකේ අපි මේ project එක කරන්නෙ තුන්වෙනි පාරට. මේකට සම්බන්ධ වෙන්න December ම ඉපදෙන්න ඕන කියල එකක් නෑ. ඒක නිකන් නමක් විතරයි 🙂

ඉතින් ලංකාවේ කොයිතරම් ප්‍රමාණයක් ලමයි ඇද්ද මේ විදියට online අධ්‍යාපන කටයුතු වලට සහභාගි වෙන්න බැරි. ඉතින් අපිට ගොඩක් සතුටුයි මෙහෙම එක දරුවෙක්ට හරි අපට පුළුවන් විදිහට උදවු කරන්න ලැබුන එක ගැන.. Data card එකක් වුනත් ඒ අයට ලොකු දෙයක්. ඔයාලටත් පුලුවන් විදියට මෙහෙම අයට උදවු කරන්න 🙏

25/06/2021
වගකීමේන් කියන්නෙ! 😌
24/06/2021

වගකීමේන් කියන්නෙ! 😌

Hello Everyone✌🏻We did some basic changes for our channel. Mainly we have changed our channel name from "Lakpriya" ➡️ " ...
21/06/2021

Hello Everyone✌🏻

We did some basic changes for our channel. Mainly we have changed our channel name from
"Lakpriya" ➡️ " Lakpriya and Dinithi"
Then, We have updated our,
📸 Channel cover and
📸 Channel logo

So, when you come to visit us, Do not panic!! It is us guys!! ☺️▶️ https://www.youtube.com/channel/UC9qT8yXpKTiV9gVwcIDnNug

These changes and advancements was done after thinking future advancements of the channel. We hope to share travelling related content here!! Hope you will be with us and share your love 👣🚆🚄🚂🚉

So far, altogether we have published 15 VLOGS. We got 500+ subscribers and 25K+ views. 😍 With the numbers it may not a big deal. But it is achieved only sharing links on our social media profile. Yeah, without promotions, without sending bulk messages to all the contents🙆 So thank you all for your love and support!! 😘

Hope to continue content creating after this pandemic and we are sorry for the inconvenience 😞

කිවී රැජින ❤️ 2019 අග භාගයේ දි වගේ මම දකිනවා Facebook එකේ Video(1) එකක් share වෙනවා. ඒකෙ තියන්නේ කවුද ගැහැණු කෙනෙක් එයාල...
20/06/2021

කිවී රැජින ❤️

2019 අග භාගයේ දි වගේ මම දකිනවා Facebook එකේ Video(1) එකක් share වෙනවා. ඒකෙ තියන්නේ කවුද ගැහැණු කෙනෙක් එයාලගෙ රජය අවුරුදු 2ක් ඇතුලත කරපු වැඩ විනාඩි 2 කින් කියාගෙන කියාගෙන යනවා.. කියන්නෙත් Key headline achievements ටික විතරයි. මෙයා මේ විඩියෝ එක කරන්නෙ Challenge එකක් විදියට.. විනාඩි 2යි තත්පර 56ක් එයාල කරපු වැඩ ටික කියලා දානවා. එදා තමා මම දැන ගත්තෙ මේ New Zealand වල අගමැතිනිය වන Jacinda Arden මැතිනිය කියලා. අපේ රටේ නම් වැඩේ වෙන්නත් කලින් බස් වලින් සෙනඟ කන්දක් ඇදලා මිනිස්සුන්ගෙ සල්ලි කෝටි ගානක් වියදම් කරලා ලොකූ සංදර්ශනයක් තියලා. TV වල Advertisement දාලා.. ලයිට් කනුවක් කනුවක් ගානෙ poster ගහලා. බොරු රැලි හදලා.. ඒ කිවුව ටිකවත් කර ගන්න බෑ.. අන්තිමට කරපු 🍑කුත් නෑ..

මම තව Video(2) එකක් දකිනවා Amarica වල මාධ්‍යවේදියෙක් මෙයාව Interview කරන්න New Zealand වලට යනවා. ඉතින් වාහනයක් එනවා එයාව ගන්න. කවුද එන්නෙ? වාහනයේ ඇවිල්ල තියෙන්නෙ අගමැතිනිය.. මොකක්? ඔවු එයා තමයි.. පස්සෙන් වාහන කීයක් ඇවිල්ලද? නෑ එයා විතරයි එයාම Drive කරගෙන.. ඔවු ඒ මාද්‍යවේදියාව දාගෙන එයාලගෙ ගෙදරට යනවා Interview එක කරන්න. ඇහුවම පුදුම හිතෙනව නේද? පුදුම හිතෙනවා වගේම ලැජ්ජ වෙන්නත් ඕනෙ අපි පත්කරල පාර්ලිමේන්තු යවන උන් දැක්කම.. අපෙ එවුන් යන්නෙ කොහොමද කියල කියන්න ඕනෙ නෑනේ.. මම දවසක් නුවර යනකෙට ඔන්න ඇම්බියුලන්ස් එකක් එනවා ඉස්සරහින් පාරත් පටුයි කරන්න දෙයක් නෑ කියලා වාහනේ පුලුවන් තරම් අයිනට ගන්නවා. Traffic එකත් තියනවා හොදටම. ඇම්බියුලන්ස් එකට ඉඩ දුන්න කියලා ඒක යද්දිම බලද්දි මෙන්න බොලේ VIP වාහන 60ක් විතර ඒක පස්සෙන් යනවා.. මම හරියටම දන්න නෑ ඒ ගියේ මොකාද කියල. දෙයියනේ බං මනුස්සකම... කරන්න පුළුවන් උපරිම තුච්ච වැඩක් ඒ කරපු එකානම් කලේ.. මෙවුව ගැන කියන්නත් ලැජ්ජයි.

තව මේ අවුරුද්දේ මුල මම දකිනවා New Zealand රට එයාලගෙ අසල්වාසී රට වලටත් එක්ක වැක්සීන් එක ගෙන්නවා.. ඊයෙ දවස වෙද්දි එයාලගෙ රටේ 567 188 දෙනකුට එන්නත දීලා එයාත් පළමු මාත්‍රාව ගන්නවා. අනෙ අම්මො.. ඒකට අපේ රටේ වෙන හැටි ගැන කියන්න ඕනෙ නෑනේ? අපි තමා හොඳටම කරල තියෙන්නෙ.. 🤣

අපෙ රටවල් දෙක සංසන්දනය කරන එක ටිකක් ගොන් වැඩක් තමයි, නමුත්.. ඇත්තටම සතුටුයි මෙහෙම කෙනෙක් ලෝකෙට ඉන්න එක. කතාව තියෙන්නෙ පිරිමි අයට කොන්ධක් තියනවා ගැහැණු අයට වඩා කියලා.. එහෙම එකක් නෑ.. පේනවානේ අපේ රටේ අයගෙ කොන්ද.. ඔයාලා නිකන් ඉන්න ගමන් හිතල බලන්න අපේ රටේ අනාගතය වෙනුවෙන් අපට මොකක්ද කරන්න පුළුවන් කියලා.. අපේ මිනිස්සු කවදා බුද්ධිමත් වෙයිද ප්‍රඥාවන්ත වෙයිද?

(1): https://fb.watch/6eE_XQyHAg/
(2): https://fb.watch/6eF27gXc2I/

- Lakpriya

මම දැක්ක මේ උදවු කරපු මිනිස්සුන්ට අම්බානක බැනල Comment කරලා. මිනිහෙක්ට උදවු කරල ඒක පොටෝ අරන් Social Media Share කරන්න එප...
18/06/2021

මම දැක්ක මේ උදවු කරපු මිනිස්සුන්ට අම්බානක බැනල Comment කරලා. මිනිහෙක්ට උදවු කරල ඒක පොටෝ අරන් Social Media Share කරන්න එපාලු. මම නම් කියන්නෙ උදවු කරල පොටෝ ගහල අනිවාර්යයෙන්ම දාන්න. ඔයා ඒක Social Media දාන්නම හිතන් කරත් කමත් නෑ එහෙම කරන්න. හැබැයි ඒ Photo වල ඉන්න අනිත් අයගේ අවසරය මත.. එයාලා අකමැති නම් මූනවල් Blur කරල හරි දාන්න. කොහොම වෙලා හරි අනික් මිනිහට උදවුවක්නේ වෙන්නෙ.. Photo දැම්ම කියල ඔය බනින වුන් එහෙමවත් කරන් නෑනේ.. 🤣

සමහරු බැනලා ඇදුම් ගැන කියල මේකප් දාලා ගිහින්ලු කියල. එතකොට වැරහැලි ඇදන්ද යන්න ඕන කියන්නෙ..😅 ට්‍රිප් ගිහින් වගේලු. ඉතින් ට්‍රිප් එකක් යන ගමන් ඔහොම උදවුවක් කරන්න පුළුවන්නම් කොච්චර හොඳක්ද? ඇදුම් අදින එක විලාසිතා කරන එක තම තමන්ගෙ කැමත්ත, අදින විදිය නීතියානුකූලයි නම් සදාචාරාත්මක නම් මොන රෙද්දක් ඇදන් ගියත් අපට ලබ්බද 🤣

ඒ උදවුව දැකලා "අනේ මුන් උදවු කරල Photo ත් දාලා" කිය කිය ඊරිසියාවෙ පැලි පැලී මූන පු🍑 කරන් ඉන්නෙ නැතුව, ඒක දැකල අහල සතුටු වෙන්න. අපිටත් මේ වගේ උදවු කරන්න ඕන මේ වගේ දේකට එකතු වෙන්න ඕන කියල හිතන්න. ඒක කරපු මිනිසුන්ට ආය කරද්දි Support එකක් දෙන්න. සමහරු කියනවා අපි නම් උදවු කරල ඔහොම Photo දැම්මෙ නැල්ලු. ඉතින් හා. ඒ ඔයාගෙ විදියනේ. මේක මෙයාලගේ විදිය, දෙකෙන්ම වෙන්නෙ හොඳක් නම් ආය මොනවද එකකට බනින්නෙ.. මමනම් හිතන්නෙ ගාතාවක් කියන්නෙ නැතුව පිං අනුමෝදන් කරගන්න තියන හොඳම ක්‍රමය මෙන්න එහෙම උදවු කරන දෙයක් දැකලා සතුටු වෙන එක.. ❤️

- Lakpriya

Online Entrepreneur 💸💰දවසක් මම දැක්ක පොඩි දෙයක්. ලංකාවේ ප්‍රසිද්ධ Entrepreneur කෙනෙක් දාපු Post එකකට තව කෙනෙක් Comment එ...
13/06/2021

Online Entrepreneur 💸💰

දවසක් මම දැක්ක පොඩි දෙයක්. ලංකාවේ ප්‍රසිද්ධ Entrepreneur කෙනෙක් දාපු Post එකකට තව කෙනෙක් Comment එකක් දාලා තිබුනා "ඔයා තමා ලංකාවේ ඉන්න හොඳම සාර්ථකම Online Entrepreneur" කියලා. එයා එතකොට පහලින් Reply කරල තිබුනා. "බොහොම ස්තූතියි.. ඒත් මම Online Entrepreneur කෙනෙක් කියනවාට කැමති නෑ. මම Entrepreneur කෙනෙක්. Online Entrepreneur කියලා වචනයක් නෑ.. එහෙම කියාගන්න අයට වඩාත්ම හොඳම වචනෙ Freelancer කියන වචනෙ" කියලා. ඉතින් මම ඕක ගැන ටිකක් කල්පනා කලා ඇත්තටම ඒක එහෙමද කියලා. මම දන්න දේවල් එක්ක හිතල බැලුවා. මම "භාෂා" විශේෂඥයෙක් නම් නෙවෙයි නමුත් මට මෙහෙම හිතුනා.. (නිවැරදි කිරීම් වලට යටත්ව)

ඇත්තටම Online Entrepreneur කියල වචනයක් තිබ්බෙ නෑ තමයි, ඒක හරි.. තියෙන්නෙ Entrepreneur කියල වචනයක්.. A person who sets up a business or businesses, taking on financial risks in the hope of profit (Oxford languages) ඒ කියන්නෙ Profit එකක් ගන්න හිතේ තියාගෙන Financial Risk එකක් අරන් Businesses ගොඩනගන කෙනාට.. නැත්නම් ලොකු ප්‍රශ්නෙකට උත්තරයක් හොයාගෙන ලෝකෙ වෙනස් කරන කෙනාට.. හැබැයි වචනයක් ගොඩක් අය භාවිතා කරද්දී ඒ වචනෙ/වාක්‍යය භාෂාවට එකතු වෙනවා. හැබැයි එහෙම එක්ක අර්ථ දැක්වීම හැදෙන්නෙම මිනිස්සු අතින්ම තමයි. මිනිස්සු භාවිතා කරන විදියට.. උදාහරණයක් විදියට කවුරු හරි කිවුවොත් "මේ වාහනය නම් තෙල් බොනවා අප්පා.." කියලා අපි දන්නවා මේ මනුස්සයා මේ කිවුවේ මොකක්ද කියලා.. ඒ න්‍යායට අනුව ඉතින් ඇත්තටම Online Entrepreneur කියල වචනයක් තියනවා එහෙම කට්ටියක් ඉන්නවා.. මට දැනෙන විදියට ඒකෙන් කියන්නෙ "අන්තර්ජාලය භාවිතයෙන් මුදල් උපයන කෙනා විධියට", හැබැයි ඕක වෙනස් වෙන්න පුළුවන්. මම කලින් කිවුව වගේ භාෂාවනේ.. එහෙම අයගේ හැසිරීම මත, මිනිස්සු දෙන අර්ථ දැක්වීම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා හරි විදියට හරි තැනේදි එහෙම වචන භාවිතා කරන්න වෙනවා.. මොකද ඔය වචනේ misuse කරන්න ගියාම කෙල වෙන්න අපිටම තමයි.. අනික ඔය වචනෙ Use කරල පොඩිඋන්ගෙ අධ්‍යාපනය කඩා කප්පල් වෙනවානම් එතන ලොකු අවුලක් තියනවා. ඉතින් මේක මගේ මතය.. ඔයාලට වෙනම මතයක් තියෙන්න පුලුවන්.. මම කිවුව දේ වැරදි වෙන්න පුලුවන්. කොහොම වුනත් සංවාදයට විවෘතයි..

Disclaimer: පහල තියන වාහන දෙකෙන් පලවෙනි එක මගේ.. මම ජීවිතේ පළමු වතාවට පැදපු Car එකත් ඒක.. ❤️ අනිත් එක නම් මගේ නෙවෙයි Google Search කරලා ආව එකක් ගත්තෙ.. Online Entrepreneur ලගේ අවධානය ගන්න.. 😁
උඩ මම දාපු දෙබස ඒ විදිහටම වුනේ නෑ මගේ ඔලුවේ තිබුන විදිහට Type කලේ..

ආසද Programming Language එකක් නොමිලේම ඉගෙන ගෙන Online Certificate එකකුත් ගන්න? 🎉SoloLearn කියල Website එකක් තියනවා.. එකෙ...
08/06/2021

ආසද Programming Language එකක් නොමිලේම ඉගෙන ගෙන Online Certificate එකකුත් ගන්න? 🎉

SoloLearn කියල Website එකක් තියනවා.. එකෙන් ඔයාලට පුලුවන් වැඩ කිඩ ටික Free ම ඉගෙන ගන්න. දෙන Example ටික Computer එකේම Run කර ගන්න පුලුවන් විදියට සෙට් කර ගන්න. SoloLearn Pro එක අවශ්‍ය නම් විතරක් ගන්න පුළුවන්. එතකොට Pro Practices වලට try කරන්න පුලුවන්. ඒක නැතත් අවුලක් නෑ. ඔයලට පුලුවන් ඒක ඔයාගේ Computer එකේම කරල ඉගෙන ගන්න. අවශ්‍ය දේ කියල දීලා ප්‍රශ්න ටිකක් අහනවා ඒ ටික Complete කරගෙන ඉස්සරහට යන්න තියෙන්නෙ.. Python, JavaScript, Java වගේ Programing Languages 24ක්ම තියනවා.. නිකන් ඉන්න ගමන් ට්‍රයි එකක් දාලා බලන්න. https://sololearn.com එකෙන් sign up වෙලා වැඩ පටන් ගන්න. අවසානෙට මේ වගේ Certificate එකක් ගන්න පුළුවන්.. මේ තියෙන්නෙ මම ගත්ත එක 👇 https://www.sololearn.com/certificates/course/en/21903459/1024/landscape/png

- ලක්ප්‍රිය සෙනෙවිරත්න

"I am Groot" ?
05/06/2021

"I am Groot" ?

පොඩි එකා සෙල්ලමක් නේ බං කරන්නෙ.. ඇයි ඒක සිරා ගන්නෙ ? 😂වැඩේ කියන්නෙ පොරගෙ තාත්තා ඒක සිරා අරන්.. අප්පෙ.. අපි ඒ කාලේ කරපුව ...
04/06/2021

පොඩි එකා සෙල්ලමක් නේ බං කරන්නෙ.. ඇයි ඒක සිරා ගන්නෙ ? 😂
වැඩේ කියන්නෙ පොරගෙ තාත්තා ඒක සිරා අරන්.. අප්පෙ.. අපි ඒ කාලේ කරපුව අපේ අම්මලා තාත්තලා සිරා ගත්ත නම් මොනවගෙන් මොනවා වෙයිද දන්නෑ.. 😂

ඇයි මහපොළොවෙ මිනිස්සු අගහරුම colonise කරන්න ට්‍රයි කරන්නේ..? සිකුරු ග්‍රහයාට ඕක කරන්න බැරි ද? දෙකේම ප්‍රශ්න තියනවා තමයි....
30/05/2021

ඇයි මහපොළොවෙ මිනිස්සු අගහරුම colonise කරන්න ට්‍රයි කරන්නේ..? සිකුරු ග්‍රහයාට ඕක කරන්න බැරි ද? දෙකේම ප්‍රශ්න තියනවා තමයි. සිකුරු වල Cloud cities වගේ හදන්න කිසිම ට්‍රයි එකක් දෙන්නෙ නැත්තෙ ඇයි? අගහරුගේ ජීවය තිබුන තමයි. ඒත් දැන් ඒක ජීවය ඉන්න අවදිය පහු කරල ඈතට ගිහින් තියෙන්නෙ. පෘථිවියටත් ඕක වෙනවා. ඊලඟ Earth වෙන්න ඉන්නෙත් Venus.. එහෙම තියෙද්දිත් ඇයි Venus ව අර වගේ explore කරන්න මිනිස්සු පෙලබෙන්නැත්තේ..? 🤔

එයාල සේරම යාළුවෝ මල්ලී.. 😏
29/05/2021

එයාල සේරම යාළුවෝ මල්ලී.. 😏

Address


Alerts

Be the first to know and let us send you an email when Lakpriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share