Sri Lanka Alert

  • Home
  • Sri Lanka Alert

Sri Lanka Alert Sri Lanka Important Updates

03/04/2022

රටේ පවතින තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජාතික ආරක්‍ෂක මණ්ඩලය කැඳවීමට ආරක්‍ෂක බලධාරීන් තීරණය කර ඇත.⚠️️

මෙරටින් කොවිඩ් ප්‍රභේද රැසක් හදුනාගනී‼️මේවන විට මෙරටින් ශ්‍රීලංකා කොවිඩ් ප්‍රභේදයට අමතර තවත් කොවිඩ් ප්‍රභේද 05ක් හදුනාගෙ...
08/05/2021

මෙරටින් කොවිඩ් ප්‍රභේද රැසක් හදුනාගනී‼️

මේවන විට මෙරටින් ශ්‍රීලංකා කොවිඩ් ප්‍රභේදයට අමතර තවත් කොවිඩ් ප්‍රභේද 05ක් හදුනාගෙන ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සදහන් කරනවා.

මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මරණය වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි රාගම, බටුව...
05/05/2021

මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මරණය වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භණි කාන්තාවක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. අද අලුයම මෙම මරණය වාර්තා වූ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

මේ අතර ගතවූ පැය 24 ක කාලය තුලදී තවත් කොවිඩ් ආසාදිත මරණ 11ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 720ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පෙන්නුම් කරන්නේ.

කැස්බෑව ප්‍රදේශයේ අලුත් අවුරුදු සමයත් සමඟ පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ සියලුම පිරිසට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව ව...
05/05/2021

කැස්බෑව ප්‍රදේශයේ අලුත් අවුරුදු සමයත් සමඟ පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ සියලුම පිරිසට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව වාර්තා වනවා. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් දින 16 කදී කොරෝනා ආසාදිතයින් 400කට ආසන්න රෝගීන් පිරිසක් වාර්තා වනවා.

රෝගීන් අතර අමාත්‍යවරයෙක්ගේ බෑණනුවන් හා කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු ද වන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ.

කැස්බෑවෙන් වැඩිම ආසාදිතයින් ගණන 149 දෙනෙකු ලෙස ඊයේ (04) දිනයේ දී වාර්තා වී තිබුණා.

ඉකුත් 30දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 268 කින් එම රෝගීන් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 55 ක් එම ප්‍රකාශකයා සඳහන් කර සිටින්නේ.

මෙතෙක් වැඩිම රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ දැල්තර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ කහපොල වත්ත ප්‍රදේශයෙනි..
Covid -19 Sri Lanka

කොවිඩ් ගැන අවධානෙන් ඉන්න 'සුවපෙත' App එක ෆෝන් එකට දාගන්නසුවපෙත mobile application එකක්. මේ App එකෙන් පුලුවන්,✳️අපි අවට ක...
05/05/2021

කොවිඩ් ගැන අවධානෙන් ඉන්න 'සුවපෙත' App එක ෆෝන් එකට දාගන්න

සුවපෙත mobile application එකක්. මේ App එකෙන් පුලුවන්,
✳️අපි අවට කොපමන රෝගීන් ප්‍රමාණයක් ඉන්නවද ,
✳️අප සිටින ස්ථානයේ ඉඳල ලඟම රෝගියා ඉන්නෙ කොපමන දුරකින්ද
✳️අප සිටින්නේ අවදානම් කලාපයකද නැතිනම් ආරක්ශිත කලාපයකද යනවග
✳️අපේ රටේ ඕනෑම ස්ථානයක් හා ඒ අවට අවදානම් කලාපයක්ද
✳️ලඟම ඇති ෆාමසියට යන මාර්ගය
✳️ලඟම ඇති රෝහලට යන මාර්ගය
✳️අප සිටින දිස්ත්‍රික්කය, ප්‍රා.ලේ කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම වැනි කලාප තොරතුරු
✳️හදිසි කොවිඩ් දුරකථන අංක හා එම අංක වලට App එක තුලින්ම ඇමතීමේ හැකියාව
✳️නවතම COVID තොරතුරු (Live Updates)
✳️දිනපතා කොවිඩ් වාර්ථා වූ ආකාරය විවිධ ප්‍රස්ථාර මඟින්
දැනගන්න ඒ වගේම සොයා බලන්න.අපි දිගින් දිගටම App එක update කරමින් පවතින අතර ඉදිරියේදී තවත් දේවල් එකතු වීමට නියමිතය.
====================
📱 ඇප් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න : https://play.google.com/store/apps/details...

04/05/2021

තවත් කොවිඩ් ආසාදිතයින් 760ක් වාර්තා වෙයි, අද දින වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1860ක් දක්වා ඉහලට!

මේක සෙල්ලමක් නෙවේ ජනතාව විතරමද වගකියන්න ඕන??කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩි. එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ, ගෝනවත්ත ...
04/05/2021

මේක සෙල්ලමක් නෙවේ ජනතාව විතරමද වගකියන්න ඕන??

කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩි. එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ, ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් ඊයේ (03) මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 86 ,94 අඹුසැමි යුවළ සහ වයස අවුරුදු 82 කාන්තාවක්ය.

මියගිය පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන අතර ඔහුගේ බිරිඳ විශ්‍රාමික හෙදියකි.

මියගිය අනෙක් වයෝවෘද්ධ කාන්තාව මියගිය අඹු-සැමි යුවළගේ දියණියගේ සැමියාගේ මව බව පොලීසිය කියයි.

ඉකුත් 22 දින මොවුන් තිදෙනා අයි ඩි එච් රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර පසුගිය 03 වනදා ඔවුන් තිදෙනාම මියගොස් තිබිණි.

මියගිය අඹුසැමි යුවළගේ දියණිය හා ඇයගේ සැමියා මෙන්ම පුතණුවන් ද කොරෝනා වෛරසය ආසාදිතව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

මියගිය තිදෙනාගේ අවසන් කටයුතු මුල්ලේරියාව ආදාහනාගාරයේ දී පෙරේදා සිදුකර තිබූ බව පොලිසිය කියයි.

උපුටා ගැනිම - covid-19 sri lanka page

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Alert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share