⏺️ Online පහසු කරන
මුදල් නැති One LINE
One LINE කියන්නේ Zero Budget ව්‍යාපෘතියක්. කිසිදු මූල්‍යමය ආදායමක් හෝ වියදමක් නැහැ. කෙටියෙන් කිව්වොත් මුදල් ආධාර එකතු නොකරන එකක්. Online අධ්‍යාපනය ලබා ගන්න උපකරණ සොයා දෙන්න සිදුකෙරෙන මනුදම් වියමනක් විදියට One LINE හඳුන්වන්න පුළුවන්.
සමාජයේ විවිධ කණ්ඩායම් අතරට මේ පණිවිඩය හරියටම ගෙන යෑමේ අභියෝගය මුලදී ඇති වූ තත්ත්වයක්. අදහස් යෝජනා තිබුණත් ක්‍රියාත්මක කරන්න මුදල් තිබුණේ නැහැ. අපට තිබුණේ දැඩි අවශ්‍යතාවය, ඒ නිසාම අසීමිත කැපවීම සහ අපි ළග තිබුණ දැනුම හැකියාව සහ අත්දැකීම්.
අපේ මානුෂික මෙහෙයුමට හැඩයක් පාටක් තේමාවක් ඕන වුණා. පිනි පලසකට එකතු වුණු මල් වගේ හැමෝගෙන්ම ගලාගෙන ආ අදහස් සන්නාමයකට ගන්න ඕන වුණා. මෙහිදි මුලින්ම ඒ වෙනුවෙන් නිර්මාණශීලී හැකියාව එකතු කලේ දිවුලපිටිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ලසිත. (Lasitha Pradeep )
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පෝෂ
One LINE ....
ඔව් Online වචනය තරමටම දැන් සැවොම One LINE වෙත සමීපයි...
ඒ වෙන කිසිවක් නිසා නොව බොහොමයක් දේ අද වනවිට Online හරහා සිදුවන නිසාවෙනි. අධ්‍යාපනයද මෙකල Online වී හමාරයි .
නමුදු යම්කිසි තැනක ගැටලුවක් ඇත. මේ සදහා දුරකථනයක් මිලදී ගැනීමට නොහැකි දෙමාපියන් හට ද
හෙට දවස භාර ගන්නට සැරසී සිටින පුංචි මල් කැකුළු පිපී ඇත. ඒ මල් කැකුළු තුල ද දහසකුත් සිහින හා උත්සාහයන් ද ඇති.
ඔවුන් උදෙසා Online අධ්‍යාපන කටයුතු සිදු කර ගනු වස් ජංගම දුරකථන පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සම්බන්ධීකරණය කරනු ලබයි. මේ සඳහා APayy Radio නිළ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් එකතු වන්නෙමු.අප මෙහිදී සක්‍රීය දායකත්වයක් ලබා දෙනු ලබයි.
මෙම ව්‍යාපෘතිය සඳහා කාරුණික සිත් ඇති ඔබ වෙනුවෙන් කරන විවෘත ආරාධනාවයි මේ.....
අප විසින් කිසිදු මුදල් ආධාර එකතු කිරීමක් සිදු නොකරන නමුදු අලුත්ම ජංගම දුරකථනයක් හෝ භාවිත