21/07/2022
පාන්දරම හොරෙන් නිවසකට ඇතුළු වූ තරුණයා ගුටි කා නසී
බලංගොඩ, කිරිඳිගල ප්රදේශයේ නිවසකට අද (21) අළුයම අනවසරෙන් ඇතුළු වී සිටි පුද්ගලයෙකුට නිවැසියන් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.
පොලීසිය සඳහන් කළේ බලංගොඩ මුගුනමලේ ප්රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි පුද්ගලයෙක් එලෙස ඝාතනය කර ඇති බවය.
අද අළුයම 2.30ට පමණ මොහු එම නිවසේ ජනේලයකින් රිංගා නිවසට ඇතුළුවිි ඇති අතර එම අවස්ථාවේදී නිවැසියන් විසින් ඔහුට පහරදීමක් සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදි අනාවරණය වි තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ සිටි සැමියා, බිරිඳ සහ බිරිඳගේ දෙමව්පියන්ද මේ වනවිට බලංගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.