Trinco 1st

Trinco 1st Experience the truth fast

01/03/2024

ත්‍රීකුණාමලය ඩච්බේ වෙරළ තීරයේ නාදුණන මළ සිරුරක්

ත්‍රීකුණාමලය ඩච්බේ වෙරළ තීරයට නාදුනන මල සිරුරක් අද සවස ගොඩ ගසා ඇති බව ත්‍රීකුණාමලය වරාය පොලිසිය කියා සිටි.
මිය ගිය පුද්ගලයාගේ වම් කකුලේ පහල කොටස (වලලුකරෙන් පහල) නොමැති අයෙකු බව පොලිසිය කියයි.

හක්ක පටස් කෑ වන අලියෙකු මරුටත්‍රීකුණාමලය නිලාවේලි පොලිස් වසමට අයත් කෝනේෂ්වරපුරි ප්‍රදේශයේ තිබී මිය ගිය වන අලියෙකුගේ සිරු...
29/02/2024

හක්ක පටස් කෑ වන අලියෙකු මරුට

ත්‍රීකුණාමලය නිලාවේලි පොලිස් වසමට අයත් කෝනේෂ්වරපුරි ප්‍රදේශයේ තිබී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවි නිළධාරීන් විසින් ඊයේ (29) ඊයේ දහවල් සොයා ගෙන ඇත.
මිය ගිය වන අලියා වයස අවුරුදු 35 – 40 අතර වයසේ පසුවන කෙනරකි.හක්ක පටස් හේතුවෙන් මෙම වන අලියා තුවාල ලබා ආහාර ලබා ගැණීමේ අපහසුවෙන් මි යන්නට ඇති බව වනජීවි නිළධාරීන් සැක කරයි.මිය ගිය වන අලියාගේ පපශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේ සිදු කිරීමට නියමිතව ඇති බව ත්‍රීකුණාමලය වනජීවි කාර්යාලයේ නිළධාරීන් කියා සිටිති.

29/02/2024

වැටුප් වැඩි කරන ලෙස බලකරමින් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රීකුණාමලය මංඩපයේ අනද්‍යන කාර්‍ය මංඩලය ත්‍රීකුණාමලය නගරයේදී විරෝධතාවක

27/02/2024

ඩච්බේ වෙරළටත් නොකියා කෙලී
***********************************

ත්‍රීකුණාමලය මුහුදු වෙරළ කූට දේශපාලනඥයන්ට පවරන්න බැහැ - ත්‍රීකුණාමලය ජනතා බලය සංවිධානය

දෙස් විදෙස් සංචාරකයන්කයන් අතර වඩාත් ප්‍රකට ඩච්බේ වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීමකට එරෙහිව ත්‍රීකුණාමලය ජනතා බලය සංවිධානය අද පෙරවරුවේ ත්‍රීකුණාමලය මහ සභාවේ ලේකම්වරයාට පෙත්සමක් භාර දෙනු ලැබීය.
මෙම ඉඩම ත්‍රීකුණාමලය කොටුව බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට අයත් භූමියක් වන අතර,විහාරස්ථානයේ දායක සභාවේ අනුමැතිය මත එය තිලක් පෙරේරා නැමැති අයෙකු වෙත වෙළද ව්‍යාපාරයක් සදහා බදු දී ඇති බව ත්‍රීකුණාමලය කොටුව බෞද්ධ මධ්‍යස්ථානය හා ශ්‍රී සම්බෝධි විහාරස්ථ විහාරාධිපති මෛත්‍රී කල්‍යාණ වංශ තිස්ස හිමියන් අවධාරණය කර සිටි.තිලක් පෙරේරා යනු,ත්‍රීකුණාමලය එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් සංවිධායිකාවක් බව කියන හිටපු නාගරික මංත්‍රීනී දීපානි ලියනගේ මහත්මියගේ බෑණා බවත්,දේශපාලන බලය අයුතු ලෙස යොදා ගනිමින් මහජනයා මෙතෙක් කලක් නිදහසේ ගැවසුණු මෙම වෙරළ තීරය මුදලට විකුණන ස්ථානයක් බවට පත්කර ඇති බවත් ජනතා බලය සංවිධානය චෝදනා කර සිටි.
මේ සම්බන්ධයෙන් අප ත්‍රීකුණාමලය කොටුව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කල්‍යාණ වංශ තිස්ස හිමියන්ගෙන් කල විමසීමකදී කියා සිටියේ,මෙම ඉදිකිරීම් සදහා ත්‍රීකුණාමලය නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබා ගෙන ඇති බවයි.එහෙත්,නාගරික සංවර්ධන අධිකාරිය අවධාරණය කර සිටින්නේ,එවැනි ලිපියක් තම ආයතනය කිසිම අයුරකින් ලබා දී නොමැති බවත්,මෙම ඉදි කිරීමට එරෙහිව තම ආයතනය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත්ය.
ත්‍රීකුණාමලය මහ නගර සභාවේ ලේකම් වී.රාජ් සේකර් මහතාද කියා සිටියේ,මෙම ඉඩම සම්බෝධි විහාරයට අයත් එකක් වුවද,නගර සභාවේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිසි අවසරයකින් තොරව කිසිදු ඉදි කිරීමක් සිදු කල නොහැකි බවත්ය.එසේම මේ වන විට මෙම ඉදිකිරීමට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

දසවන බාලදක්ෂ ජම්බෝරිය සියතට ගත් ත්‍රීකුණාමලයේ  පෘතුගීසීන්
24/02/2024

දසවන බාලදක්ෂ ජම්බෝරිය සියතට ගත් ත්‍රීකුණාමලයේ පෘතුගීසීන්

24/02/2024

10th National Scout Jamboree 2024 | Day_04

සුපිලිපන් දේශයක් උදෙසා වු බහුජන සංවිධානයක් නීතිය හා සමාජ සාධාරණත්වයෙන් හෙබි සුපිලිපන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අරමුණු කර ග...
23/02/2024

සුපිලිපන් දේශයක් උදෙසා වු බහුජන සංවිධානයක්

නීතිය හා සමාජ සාධාරණත්වයෙන් හෙබි සුපිලිපන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් දීපව්‍යාප්තව පුළුල් බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීම සදහාවු සාකච්ඡා මාලාව මේ වන විට ආරම්භ වී ඇත.එම සාකච්ඡා මාලාවේ කන්තලේ ප්‍රදේශය මූලික කර ගනිමින් පැවති සාකච්ඡාව ඊයේ (22) කන්තලේ දී පැවති අතර,ඊට කාන්තා හා තරුණ නායකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙම සාකච්ඡාව ජාතික සහයෝගිතා සංවර්ධන පදනම (NCDF ) ආයතනය සහ නැගෙනහිර කාන්තා සංවිධානය එක්ව සංවිධානය කර තිබු අතර,එහිදී ගොඩනඟමින් පවතින බහුජන ව්‍යාපාරයේ ස්භාවය,එහි පොදු අරමුණු ,මූලික ප්‍රතිපත්ති,පුළුල් බහුජන ව්‍යාපාරයේ වැඩපිළිවෙළ පිලිබදව සාකච්ඡා කෙරුණි.

22/02/2024

හබරන පාරේ අනතුරෙන් කතක් මරුට
****************************************

කන්තලේ කිතුල් උතුව ප්‍රදේශයේදී අද( 22) සවස සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් හත්දෙනකු තුවාල ලබා කන්තලේ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකි.

මොවුන් කටුනායක ගුවන් තොටුපලේ සිට කින්නියා බලා පුද්ගලික වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී කන්තලේ කිතුල් උතුව ප්‍රදේශයේදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වෙමින් තිබූ වැලි පටවාගත් ටිපර් රථයක් සමග මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ගල්ඔය පොලිසිය පවසා සිටියි.

තුවාලකරුවන් කන්තලේ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. මියගිය කාන්තාවගේ මෘත දේහය කන්තලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

පොලිසිය කරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළිව ඇත්තේ වෑන් රථයේ රියදුරට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවූ බවයි.ගල්ඔය පොලිසිය අනතුර පිළිබඳව මූලික පරීක්ෂණ පවත්වයි

20/02/2024

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය හෙට විවෘත වේ.
සියල්ල සූදානම් - ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරනු ලබන 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය පෙබරවාරි මස 20 වැනිදා සිට 26 දක්වා ත්‍රිකුණාමලයේ දී පැවැත්වේ. මෙහි සමාරම්භක උළෙල 21 වැනිදා ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. ‘වෙනසක් සඳහා නායකත්වය‘‘ යන තේමාව කරගනිමින් පැවැත්වෙන මෙම කදවුරට දෙස් විදෙස් බාලදක්ෂයන් සහ බාලදක්ෂ නායකයන් 11500 ක් පමණ එක්වීමට නියමිතය. මීට විදෙස් බාලදක්ෂ නායකයන් හා බාලදක්ෂයන් 500 කට ආසන්න පිරිසක් සහභාගි වෙති. මීට අමතරව ප්‍රථම වතාවට බාලදක්ෂිකා ව්‍යාපාරය නියෝජනය කරමින් කණ්ඩායමක් කඳවුරු බඳින අතර පෝතක බාලදක්ෂයන් සඳහා ද දින වෙන්කර තිබේ. ඒ අනුව සමස්ත බාලදක්ෂයන් 12,000 කට ආසන්න පිරිසක් මෙම කාලය තුළ කදවුරුට සහභාගිවීමට නියමිතය. සෑම දිනයකම බාලදක්ෂයන් සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන අතර ඊට ගිනිමැල සංදර්ශන, සංස්කෘතික සංදර්ශන ද ඇතුළත් වේ. 21 වැනිදා සවස 2.00 න් පසු සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් කදවුරු විවෘත කෙරේ.
මෙහි ජම්බරි නායක ලෙස ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා කටයුතු කරන අතර කදවුරු සංවිධායක කොමසාරිස්වරුන් ලෙස වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා සහ නියෝජ්‍ය ජම්බෝරි නායක ලෙස නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම් එ*a එස් මුහීඩ් යන මහත්වරුන් කටයුතු කරති.
මෙහි යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා නැගෙනහිර පලාත් සභාව, නිල බැංකුව ලෙස ලංකා බැංකුව සහ Food & Beverage Partner ලෙස JOHN KEELS දායකත්වයක් සපයයි.
පෙබරවාරි 21 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ අතිගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් සහ නැගෙනහිර ආණ්ඩුකාර ගරු එස්. තොන්ඩමන් මහතා ඇතුලු ප්‍රභූවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ අත්දැකීම් බෙදා හදා ගැනීමට ඔබට ද ආරාධනා කෙරේ.

පෙබරවාරි 21 - සමාරම්භක උත්සවය - පෙ.ව 10.00 ට
- ජම්බොරි ප්‍රදර්ශණය - ප.ව 05.00 ට
පෙබරවාරි 22 - බී පී දිනය - ප.ව 06.00 ට

පෙබරවාරි 22-24 - පෝතක දිනය - පෙ.ව 10.00 ට

පෙබරවාරි 23 - සංස්කෘතික දිනය - පෙ.ව 10.00 ට

පෙබරවාරි 24 - ජාත්‍යන්තර සංස්කෘතික දිනය - ප.ව 07.00 ට

පෙබරවාරි 25 - සිවිල් ගුවන් සේවා සැහැල්ලු ගුවන් යානා සංදර්ශණය - පෙ.ව 10.00 ට
- සමාප්ති උත්සවය - ප.ව 5.30 ට
- විවෘත එළිමහන් සංදර්ශණය - ප.ව 07.00 ට

විමසීම - ප්‍රශංජන රාජපක්ෂ මහතා (මුලස්ථාන කොමසාරිස්) - 0711 558558 / 0769 777859
නුවන් කොඩිකාර මහතා (සහය මුලස්ථාන කොමසාරිස්) 0714 964618

ජාතික සහයෝගිතා සංවර්ධන පදනම සහ ඌව ශක්ති පදනම එක්ව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ පුරවැසියන්  හා තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමි...
19/02/2024

ජාතික සහයෝගිතා සංවර්ධන පදනම සහ ඌව ශක්ති පදනම එක්ව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ පුරවැසියන් හා තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් "ඡන්ද හා පුරවැසි අධ්‍යාපනය " පිලිබද දැනුවත් කිරීමේ වැඩ සටහන් මාලාවක් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටි.
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක් තුල ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩ සටහන සදහා " අර්ථවත් පාලනයක් සදහා තරුණ පරිවර්තනය " යන තේමාව යටතේ පුහුණු කරන ලද තරුණ තරුණියන් දොලොස් දෙනකුගේ දායකත්වය මේ සදහා සපයයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය,ඡන්ද අයිතිය,මානව හිමිකම්,පලාත් පාලන ආයතන නීති වැනි පුරවැසි අධ්‍යාපනයේ ඉතා වැදගත් තේමාවන් හා කාලීන තේමාවන් ඔස්සේ මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන බව ජාතික සහයෝගිතා සංවර්ධන පදනමේ සභාපති සුරංග රූපසිංහ මහතා කියා සිටි.

කන්තලේ,තඹලගමුව,මොරවැව,කින්නියා,සේරුවිල,මූතුර් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරමින් පවතින අතර,ග්‍රාමීය ජනයා හා තරුණ ප්‍රජාව පීඩා විදින ගැටළු නිරාකරණය හා ප්‍රජා පාලනයට මහජනයාගේ මැදිහත්වීම කරන්නේ කෙසේද යන්න පිලිබද දැනුම මේ මගින් ලැබුණු බව ඊට සහභාගි වු පිරිස අවධාරණය කර සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කන්තලේ කමල් පාලිත මහතා "ඇත්තටම අපි කරන්නේ ඡන්දෙ කාලෙට එක එක දේශපාලනඥයන්ගේ සුරංගනා කතා වලට රැවටිලා අපේ වටිනා ඡන්දය අවභාවිතා කරපු එක.අපේ ඡන්ද අයිතියේ තියෙන බලය සහ ඒකෙන් ගත හැකි පල ප්‍රයෝජන ගැන අපි කවදාවත් හිතුවේ නෑ.නමුත්,මෙම වැඩ සටහන මගින් අපිට අපේ ඡන්ද අයිතිය ගැන ⁣පුළුල් අවබෝධයක් ලැබුණා.ඒ වගේම පොහොර සහනාධාරය,අස්වැසුම,සමෘද්ධිය වැනි රජයේ වැඩ සටහන් හරහා සිදුවන දූෂණ වංචා හා නොසලකා හැරීම් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිලිබදවත් අපි දැනුවත් වුණා.."

ගයානි කාන්ති මාලා - තඹලගමුව
" තරුණ ප්‍රජාව හැටියට තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබදව අපිට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ..තොරතුරු දැනගැනීමේ අයිතිය තුලින් තරුණ තරුණියන් ලෙස වර්තමාන සමාජයේ සිදුවන වංචා දූෂණ අවම කිරීමට විශාල කාර්‍ය භාරයක් සිදුකල හැකියි.අපේ ප්‍රදේශ තුල සිදුවන වංචා හා දූෂණ සම්බන්ධයෙන් මින් ඉදිරියට අප ඇස් කන් වසාගෙන සිටිය යුතු නැහැ.ඇත්තටම මෙම වැඩසටහන ඉතාමත් වැදගත් හා කාලීන කටයුත්තක් බවයි මගේ හැගීම...

19/02/2024

ඉතිහාසය නව පන්ති ආරම්භය💫

19/02/2024

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ත්‍රිකුණාමලයේ දී...

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය පෙබරවාරි මස 21 දින සිට 26 දක්වා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සංවිධානත්වයෙන් ත්‍රිකුණාමලයේ දී පැවැත්වේ.

මෙවර තේමාව වන්නේ “වෙනසක් සඳහා නායකත්වය”යි.

මෙම කඳවුරට දෙස් විදෙස් බාලදක්ෂයන් සහ බලදක්ෂ නායකයින් 11,500න් පමණ එක්වීමට නියමිතය.

මීට අමතරව ප්‍රථම වතාවට බාලදක්ෂිකා ව්‍යාපාරය නියෝජනය කරමින් කණ්ඩායමක් කඳවුරු බඳින අතර පෝතක බාලදක්ෂයන් සඳහා ද දින වෙන්කර තිබේ. ඒ අනුව සමස්ථ බාලදක්ෂයන් 12,000කට ආසන්න පිරිසක් මෙම කාලය තුළ කඳවුරට සහභාගීවීමට නියමිතය
මෙම බාලදක්ෂ ජම්බෝරියේ දී ගිනිමැල සංදර්ශන සංස්කෘතික සංදර්ශන ද ඇතුළත්ව සෑම දිනයකම බාලදක්ෂයන් සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක වන අතර 21වැනිදා සවස 2.00න් පසු සෑම දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් කඳුවුරු විවෘත කෙරේ.

මෙහි ජම්බරි නායක ලෙස ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා, කඳවුරු සංවිධායක කොමසාරිස්වරුන් ලෙස වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි මහතා, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා සහ නියෝජ්‍ය ජම්බෝරි නායක ලෙස නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්. එස්. මුහීඩ් යන මහත්වරුන් කටයුතු කරති.

මෙහි යටිතල පහසුකම් ගොඩනැගීම නැගෙනහිර පළාත් සභාවත්, නිල බැංකුව ලෙස ලංකා බැංකුවත් සහ ආහාර පාන ජෝන් කීල්ස් සමාගමත් දායකත්වය දරනු ලබයි.

පෙබරවාරි 21 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ නැගෙනහිර ආණ්ඩුකාර ගරු එස්. තොන්ඩමන් මහතා ඇතුළු ප්‍රභූවරුවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වන මෙම 10වන ජාතික බාල දක්ෂ ජම්බෝරියේ අත්දැකීම් බෙදා හදා ගැනීමට සැමට ආරාධනා කෙරේ.

18/02/2024
*_ගෝකණ්නපුර සුරකීමේ එකමුතුව_* මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන _*අසිරිමත් සිරිපා කරුණාව - 2024*_ගෞතම සම්මා සම්බුද්ධ රා...
18/02/2024

*_ගෝකණ්නපුර සුරකීමේ එකමුතුව_* මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන

_*අසිරිමත් සිරිපා කරුණාව - 2024*_

ගෞතම සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී පා කමල වන්දනා කිරීමේ මහා පිංකම

මේ සදහා සහභාගී වීමට කැමති පිංවත් ඔබත් දැන්ම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න . ( පෙබරවාරි 25 ට ප්‍රථමව ආසන වෙන්කරවා ගන්නට කාරුණික වන්න)

දිනය - 2024.03.06 වන දින රාත්‍රී

පිටත්වීම -
ශ්‍රී බෝධිරාජාරාමය
චීනවරාය

ශ්‍රී සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථාන විහාරය (කොටුව පන්සල)
ත්‍රිකුණාමලය

ශ්‍රී මහින්දාරාම විහාරය
මිහිදුපුර
ත්‍රිකුණාමලය

ශ්‍රී ආනන්දාරාමය
සිරිමාපුර
ත්‍රිකුණාමලය

*ආසන වෙන්කිරීම් සදහා විමසීම් -*
*075 5108921*
_*පූජ්‍ය.කටුකුරුන්දේ ගෝතම තිස්ස හිමි*_


පූජ්‍ය. අලුත්ඔය සද්ධාතිස්ස නාහිමි
සභාපති
ගෝකණ්නපුර සුරකීමේ එකමුතුව චීනවරාය
ත්‍රිකුණාමලය

පූජ්‍ය. ත්‍රිකුණාමලයේ ඤානකිත්ති හිමි
ප්‍රධාන කැඳවුම්කරු
ගෝකන්ණ පුර සුරකීමේ එකමුතුව
චීනවරාය
ත්‍රිකුණාමලය

16/02/2024

SLTDA Registration එක, නැත්නම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය කියන්නේ සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ ව්‍යාපාරිකයන්ට ඉතා වැදගත් වෙන ලියාපදිංචියක්.

මේ ලිපිය හරහා BR මහගෙදර අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ ඔබේ ව්‍යාපාරය සඳහා SLTDA Registration එක ලබාගන්නේ කොහොමද කියන කරුණ සම්බන්ධව

✔ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ගුණාත්මකව සංවර්ධන කිරීම සඳහා සංචාරක අමාත්‍යංශය යටතේ තමයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක වෙන්නේ.

✔ ඒ වගේම, සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධව කටයුතු කරන ව්‍යාපාර ACCOMMODATION SERVICE සහ OTHER SERVICE ලෙස ප්‍රධාන කොටස් දෙකකටත්, ඒ කොටස් දෙක යටතේ තවත් කොටස් 29ටත් පහත පරිදි වර්ග කර තිබෙනවා

ACCOMMODATION SERVICE
1. Hotels
2. Boutique Hotels/Villas
3. Guest Houses
4. Bungalows/Rented Homes & Apartments
5. Homestays
6. Service Apartments
7. Ayurvedic Hotels
8. Hostel Accommodation
9. Themed Accommodation & Value-Added Activities
10. Camping Sites
11. Eco Lodge
12. Heritage Tourist Hotel
13. Tourist Apartment Hotel

OTHER SERVICES
1. Restaurants
2. Spa & Wellness Centre
3. Spice Gardens
4. Tour Guides (Chauffeur / National Guide / Area Guide / Site Guide)
5. Tourist Friendly Eating Places
6. Tourist Shops
7. Travel Agents (Destination Management Companies)
8. Water Sports Centre
9. Tourist Drivers
10. Food Court
11. Destination Event Management Companies (DMC)
12. Tourist Vessel Operations
13. Air Based Adventure Tourism Activities
14. Water Based Adventure Tourism Activities
15. Land Based Adventure Tourism Activities
16. Tourism App

✔ ඉහත ව්‍යාපාර වර්ග අතරින් Travel Agency, Rented Apartments, Tourist Friendly Eating Places, Restaurants, Spa, Bungalow, Homestay, Tourist Hotels සහ Guest House යන ව්‍යාපාර වර්ග සඳහා විධිමත් ලියාපදිංචිය (Formal Registration) ලබාගැනිමට පෙර මාස 6ක කාලයකට යටත්ව තාවකාලික බලපත්‍රයක් (Provincial License) ලබාගැනීම SLTDA විසින් මේ වන විට නිර්දේශ කර තිබෙනවා

✔ ඔබේ ව්‍යාපාරය ඉහත කුමන කොටසට අයිති වූවත්, පහත පියවර පරිදි අයදුම් කිරීමෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය ලබාගන්න හැකියාව පවතිනවා

✔ ලියාපදිංචි පියවර ආරම්භයට පෙර ඔබගේ ව්‍යාපාර වර්ගය අනූව, SLTDA Registration සඳහා අවශ්‍ය ලිපිලේඛණ සූදානම්කරගත යුතුයි. එක් එක් ව්‍යාපාර වර්ගය අනූව වෙන් වෙන් වූ ලිපිලේඛණ පවතින බැවින් පහත link එක වෙත පිවිස අදාල ව්‍යාපාර වර්ගය click කිරීමෙන් අවශ්‍ය ලිපිලේඛණ මොනවාද කියා ඔබට දැනගත හැකියි.

https://sltda.gov.lk/si/register-with-us

එම සියළු ලිපිලේඛණ බලයලත් පාර්ශවයක් විසින් ‘සත්‍ය පිටපත’ ලෙස සහතිකකළ යුතු බවට SLTDA විසින් නිර්දේශ කර ඇත

0️⃣1️⃣ පියවර : අයදුම්පත ගොනු කිරීම

අවශ්‍ය ලිපිලේඛණ සූදානම් නම්, පහත link එක වෙත පිවිස Formal Registration සහ Provincial License අතරින් ඔබේ ව්‍යාපාර වර්ගයට අදාල ලියාපදිංචිය තෝරා, ඔබගේ ව්‍යාපාරයේ වර්ගය (Business Type) නිවැරදිව තෝරා NEXT කරන්න.

https://eservices.sltda.gov.lk/ApplicationMain.aspx

පසුව ඔබට දිස්වන අයදුම්පත්‍රය නිවැරදිව පුරවා, SLTDA තුළ ඔබගේ ගිණුම සඳහා භාවිතකල යුතු Email Address එක සහ අවශ්‍ය පරිදි Password එක යොදා ඊට පහතින් දැක්වෙන කොටු ලකුණූ කර SUBMIT කරන්න.

0️⃣2️⃣ පියවර : SLTDA මගින් මූලික අයදුම්පත අනුමත කල බවට ඔබව email හරහා දැනුවත් කෙරෙනු ඇත.

0️⃣3️⃣ පියවර 03 : ලේඛණ සහ ඡායාරූප උඩුගත (Upload) කිරීම

ඔබගේ මූලික අයදුම්පත අනුමත බව ඔබට දැනුම්දුන් පසු ඔබ පෙර ලබාදුන් Email Address සහ Password එක භාවිතයෙන් ඔබගේ ගිණුමට ඇතුළු වී ඉල්ලා ඇති පරිදි සුදානම් කරගත් ලිපිලේඛණ සහ ඡායාරූප උඩුගත කරන්න.

0️⃣4️⃣ පියවර : ගෙවීම් සිදු කිරිම

Formal Registration එකක් නම් ඔබට 03 පියවර සමගම ADMIN FEE ගෙවීමට හැකියාව ඇත.

Provincial License එකක් නම් ඔබ විසින් ගොනුකල ලේඛණ සහ ඡායාරූප අනුමත බවට ඔබව දැනුවත් කිරීමෙන් පසු අදාල ගෙවීම සිදුකල හැක.

ඔබ විසින් උඩුගත කල සියළුම ලේඛන වල Hard Copies පහත ලිපිනයට ලියාපදිංචි තැපෑල හෝ කුරියර් හරහා හැකි ඉක්මනින් යොමු කිරීමත් කල යුතුයි.

📍 අධ්‍යක්ෂක,
ප්‍රමිති හා තත්ත්ව ආරක්ෂණ අංශය
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
අංක 80, ගාලු පාර, කොළඹ 03

0️⃣​5️⃣ පියවර
ඔබ ගොනු කරන ලද විස්තර පරීක්ෂා කිරීමෙන් පසුව;

Formal Registration නම් ඔබව ඒ පිළිබඳව දැනුවත් කර SLTDA විසින් භෞතික පරීක්ෂාව සඳහා කටයුතු සූදානම් කෙරෙනු ඇත

Provincial License නම් මුදල් ගෙවූ පසු අදාල තාවකාලික බලපත්‍රය DIGITAL COPY එකක් ලෙසින් එම මොහොතේම හා HARD COPY එකක් ලියාපදිංචි තැපෑල මගින් ඔබට ලැබෙනු ඇත.

Provincial License එක ලබාගැනීමෙන් පසු, Formal Registration සඳහා පහත සඳහන් පියවර ඉදිරි මාස 6ක කාලයක් තුළ සම්පූර්ණ කරගැනීම ඔබගේ වගකීම වේ.

0️⃣​​​6️⃣ පියවර
SLTDA විසින් සිදුකල පරීක්ෂාවේ වාර්තාව පද්ධතියට ඇතුළත් කිරීම සිදුකෙරෙන අතර, ලියාපදිංචි ගාස්තුව සහ බලපත්‍ර ගාස්තුව ගෙවන ලෙසට ඔබ වෙත දැනුම් දේ.

0️⃣​7️⃣ පියවර
ඔබ විසින් ගාස්තුව නිසි පරිදි ගෙවූ පසු, එය තවවුරු කරගැනීමෙන් පසුව ඔබ වෙත විද්‍යුත් තැපෑල මගින් ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන අතර අදාල ලියාපදිංචි සහතිකය ඔබ වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙනු ලැබේ.

SLTDA ගාස්තු දැනගන්න 👇
https://www.sltda.gov.lk/storage/common_media/payment-structure.pdf

SLTDA Registration එක මොන විදිහට කරගන්නත් කලින් ඔයාගේ බිස්නස් එක හරියට ලියාපදිංචි වෙලා තියෙන්න ඕන. ඒක කරගන්න හරියනම තැන හැමෝම දන්න BR මහගෙදර

නැවුම් බලාපොරොත්තු සමගින් ආරම්භ කරන ඔබේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමේ සිට සියළුම අත්‍යවශ්‍ය සේවා එකම වහලක් යටින් සාධාරණ අයකිරීම් යටතේ ලබාගන්න.

සමාගම් ලියාපදිංචිය සඳහා රු. 24,900/= සිට තෝරාගැනීමට සේවා පැකේජ කිහිපයක්

පොඩි ගානක් ගෙවලා SLTDA Registration එකත් කරගන්න පුළුවන් අපෙන්ම 😁

වැඩි විස්තර සඳහා අමතලාම බලන්නකෝ
📞 071 0 52 42 65
📞 077 9 76 86 84

Whatsapp හරහා සම්බන්ධවන්න
077 976 8684

Find us on Google
https://g.page/brmahagedara

BR මහගෙදර
Exito Global Holdings Pvt Ltd
නො. 4A/2/1, කන්දවත්ත පාර, නුගේගොඩ

Like us on Facebook
BR මහගෙදර

❤❤ඉතිහාසය ගොඩදාන හොදම තැන ❤❤
16/02/2024

❤❤ඉතිහාසය ගොඩදාන හොදම තැන ❤❤

''ත්‍රිකුණාමලය - සේරුවිල බස්රථ සේවය ඇරඹෙයි..'' මෙතෙක් මගී ප්‍රවාහන බස්රථ ධාවනය වූයේ ත්‍රිකුණාමලයේ සිට මූතූර් දක්වා පමණි....
14/02/2024

''ත්‍රිකුණාමලය - සේරුවිල බස්රථ සේවය ඇරඹෙයි..'' මෙතෙක් මගී ප්‍රවාහන බස්රථ ධාවනය වූයේ ත්‍රිකුණාමලයේ සිට මූතූර් දක්වා පමණි. සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි නාහිමියන් විසින් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් W. M. H. උදය කුමාර මහතාගෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ත්‍රිකුණාමලයේ සිට මුතූර් - තෝප්පූර් හරහා සේරුවිල පින්බිම දක්වා නව මගී ප්‍රවාහන බස්රථ සේවාවක් මේ සතියේ සිට අරඹන ලදී. ඒ සඳහා බස්රථ 4ක් සේවයේ යොදවා ඇති අතර උදෑසන ගමන් වාර සතරක් සහ සවස ගමන් වාර සතරක් ලෙස දිනය තුල සමස්ත ගමන් වාර 8ක් ක්‍රියාත්මක වේ. ඒ අනුව පොදු ප්‍රවාහන සේවා මගින් වන්දනාවේ පැමිණෙන පින්වතුන්ට ද සේරුවිල ප්‍රදේශවාසීන්ට ද විශාල යහපතක් සැලසේ. සවස ගමන් වාරයන් හි බස්රථ කාර්යමණ්ඩල සඳහා නවාතැන් පහසුකම් නාහිමියන් මුල් වී සපයා දී තිබේ.
සේරුවිල නාහිමියන්ගේ ඉල්ලීම ඉටු කිරීමට කැපවී ක්‍රියා කළ නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් W. M. H. උදය කුමාර මහතාට විශේෂයෙන් සිහිපත් කළයුතු අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මැතිතුමාටත් නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් R.P.M.S. රත්නායක මැතිතුමාටත් නැගෙනහිර පළාත් ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් M. මනිවනන් මහතාටත් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ (ධාවන සැලසුම්) ප්‍රශාන් ගොඩගමගේ මහතාටත් දිස්ත්‍රික් කළමනාකාර M. මූසිම් මහතාටත් විශේෂ පුණ්‍යානුමෝදනාව හිමි වේ.

ගමන් වාර පිටත්වීම් පහත පරිදිය.

පිටත් වීම් -
සේරුවිල සිට ත්‍රිකුණ‍ාමලයට :
පිටත්වීම පෙ.ව. 6.00
පිටත්වීම පෙ.ව. 10.00
පිටත්වීම ප.ව. 1.00
පිටත්වීම ප.ව. 3.30

ත්‍රිකුණ‍ාමලය සිට සේරුවිලට :
පිටත්වීම පෙ.ව. 6.45
පිටත්වීම පෙ.ව. 10.15
පිටත්වීම ප.ව. 12.45
පිටත්වීම ප.ව. 4.15

14/02/2024

කින්නියා ඊච්චන්තිව් කලපුවේ ඔරුවක් පෙරලී 02 ක් මරුට

නර්තනයට කැමති ඔබටමයි
13/02/2024

නර්තනයට කැමති ඔබටමයි

12/02/2024

අඩු ආදායම්ලාභී දරුවන්ට ආහාර වේලක්

12/02/2024

අඩු ආදායම්ලාභී දරුවන්ට ආහාරවේලක්

மேலும் இம்மானவர்களுக்கான நவம்பர் டிசம்பர் மாதத்துக்கான மதிய உணவும் வழங்கும் திட்டவும் முன்னெடுத்து கொண்டு செல்லப்படுகிறது இதே தொடர்ந்து இந்த ஆண்டு பாடசாலை ஆரம்பமான நேற்று முதல் ஆற்றல் உபகரணங்கள் வழங்கி வைக்கப்பட்ட மாணவர்களுக்கான அதாவது ஒரு வேலை உணவு கொண்டு வர வசதி இல்லாத மாணவர்களுக்கான உணவு திட்டமும் இவர்களால் முன்னெடுக்கப்பட்டிருந்தது என்பது குறிப்பிடத்தக்கது

11/02/2024

*_නමෝ බුද්ධාය !_*

*"අපි අපේ දරුවන්ට අත්වැලක් වෙමු".*

අප ත්‍රිකුණාමලය නගර හා කඩවත් වල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාබී දූ දරුවන් 100 දෙනෙක් උදෙසා අධ්‍යාපන උපකරණ ලබාදීමට *ගෝකණ්ණපුර සුරැකීමේ එකමුතුව* සැලසුම් කර ඇත.
ඒ සදහා ඔබ පිංවත් තුමාට හා තුමියන්ලාට ද්‍රව්‍යමය වශයෙන් හැකි ප්‍රමාණයකට සහභාගි විය හැකිය.

1. පැන්සල්
2. පෑන් රතු හා නිල්
3. මකන කෑලී
4. ගම් බෝතල්
5. පිටු 60/120 පොත්
6. පිටු 60/120 CR පොත්
7. පිටු 120/200 පොත්
8. පිටු 120/200 කොටුරූල් පොත්
9. කවකටු පෙට්ටි
10. ච්ත්‍ර පොත් පිටු 60
11. ස්ටේපර්
12. A4 කොළ
12. පොඩි ළමයි ට පොඩි වතුර බෝතල්
13. කෑම පෙට්ටි.

ලබාදිය හැකිය.

සුපිංවත් ඔබ සියළු දෙනාගේ ද්‍රව්‍යමය ආධාර පෙබරවාරි 20 වන දා වන විට අප වෙත බාර දීමට කාරුණික වෙන මෙන් සිහිපත් කරමි.

තෙරුවන් සරණයි .

විමසීම :-
0711708830
ත්‍රිකුණාමලයේ ඤාණකිත්ති හිමි

0754109451
ත්‍රිකුණාමලයේ සුඛිතවංස හිමි

0755108921
කටුකුරුන්දේ ගෝතම හිමි

අලුත්ඔය සද්ධාතිස්ස නා හිමි
සභාපති
ගෝකණ්නපුර සුරකීමේ එකමුතුව
ශ්‍රී බෝධිරුක්ඛාරාමය
චීනවරාය
ත්‍රිකුණාමලය
2024.02.11

මෙන්න ඔබට රැකියා අවස්ථාවක්
11/02/2024

මෙන්න ඔබට රැකියා අවස්ථාවක්

06/02/2024
06/02/2024

කෙහෙලිය රඹුක්වැල්ල
අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

05/02/2024

කන්තලේ ප්‍රදේශයේ පැල් රකිමින් සිටි ගොවීන් පිරිසකට දෙබර ප්‍රහාරයක්

චීනවරාය බෝධිරාජාරාම  ධර්මපාල දහම් පාසලේ නිදහස් දින සැමරුම
04/02/2024

චීනවරාය බෝධිරාජාරාම ධර්මපාල දහම් පාසලේ නිදහස් දින සැමරුම

Address


Telephone

+94784207744

Website

Alerts

Be the first to know and let us send you an email when Trinco 1st posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share