16/11/2021
සමගි ජන බලවේගයෙන් විරෝධතා රැල්ලක් 😂 (මොහොතක් අරන් කියවන්න)
දැන් මිනිස්සුන්ට හාල් නෑ, සිමෙන්ති නෑ, මේ ආණ්ඩුව මර්දනය කරන්නේ විපක්ෂය නොවේ රටේ අහිංසක මහජනතාවයි. අපි ඒ වෙනුවෙන් අරගල කරනවා අපි මහජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. මෙහෙමයි දැන් රැලි සංවිධානය කරන අය කියන්නේ. තව ගොඩක් දේවල් කියනවා.......
පොඩ්ඩක් අතීතය ගැන හිතුවොත් කලින් ආණ්ඩුව බලයේ ඉන්න කාලයේ මහින්ද රාජපක්ෂ ඇතුලු දැන් රජයේ ඉන්න මන්ත්‍රීලත් කිව්වේ ඔය ටිකමයි ඇහූවේ දැන් සැපද කියලා... ඒ කියපු දේවල් දැන් ඉන්න විපක්ෂම සටන් පාඨ කරගෙන කියවනවා.අහනවා දැන් සැපද කියලා හොදට හිතලා බැලුවොත් තේරෙනවා මේ ආණ්ඩුවවත් දැනට ඉදපු කිසිම ආණ්ඩුවක් මේ ප්‍රශ්න විසදුවෙත් නෑ විසදන්නෙත් නෑ ඒවා දේශපාලන සටන් පාඨ කරගත්තා විතරයි.
ඇත්තටම හිතලා බැලුවොත් විපක්ෂයට ජනතාව ගැන කැක්කුමක් තියෙනවනම් රට ගැන කැක්කුමක් තියෙනවනම් ඇයි විපක්ෂයට රජය එක්ක එකතු වෙලා මේ ප්‍රශ්න වලට විසදුම් ගේන්න බැරි ආණ්ඩු බලයම ඕනද ඕවා කරන්න. හිතලා බලන්න.
මේ රැලි සංවිධානය කරලා කරන්නේ ආයෙත් බලය ලබා ගැනීමට පමණක් බව ඔබ අවබෝධ කර ගත යුතුයි. ඇත්තටම කොහොමද මේ නගර වලට ජනතාව එන්නේ ඇත්තටම එයාලගේ කැමැත්තෙන්ද? නෑ.. ප්‍රාදේශීය දේශපාලකයන් බස් වලින් බත් පැකට් දීලා අරක්කු බාගයක් දීලා මිනිස්සු ගෙන්වගන්නේ... ඒ එන ජනතාව තමා ඔබ දකින්නේ මාධ්‍ය වලින් පේන්නේ දකින්නේ.. ඒ රැලි වල කියන්නේ ජනතාවගේ සැබෑ මතය නොවේ. පටු පරමාර්ථ මත දේශපාලනය කරන දේශපාලන පක්ෂ වල මතය බව මතක තබා ගන්න.
එම නිසා එම දේශපාලන පක්ෂ වලට කඩේ යන්න ඔබගේ වටිනා කාලය වැය නොකරන්න ඔබ වග බලා ගන්න.