Welanka.lk

Welanka.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Welanka.lk, News & Media Website, .

අලි මදිවට හරක් යන්න සපතයක් කල, ප්‍රජාතන්ත්‍රවාදය යන්න කුමක්දැයි බිදකදු නොදන්නා, බල ගෝත්‍රවාදී  දේශපාලන යදමේ තවත් එක් පුර...
27/03/2022

අලි මදිවට හරක් යන්න සපතයක් කල, ප්‍රජාතන්ත්‍රවාදය යන්න කුමක්දැයි බිදකදු නොදන්නා, බල ගෝත්‍රවාදී දේශපාලන යදමේ තවත් එක් පුරුකක් කල අමන වදනක්. 10.00 AM

https://www.youtube.com/watch?v=wwt6HLs8qSs

16/05/2021

ලංකාවේ ෆේස්බුක් ගිණුම් ලක්ෂ 20ක් අත්හිටුවීමට රජය සූදානම්

නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිත කළ යුතුයි – ජනපතිකාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක්...
16/05/2021

නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිත කළ යුතුයි – ජනපති

කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ සමාජිකයන් සමග ඊයේ (11) පැවති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මේකෙදි විවිධ දේවල් කියනවා අස්වැන්න අඩුවෙයි. විශාල පාඩුවක් වෙයි, ගොවියගේ ආදායම අඩුවෙයි. හුඟක් ඇයගේ මතය එහෙම වෙන්නේ නෑ මේක අපිට කරන්න පුළුවන් කියලා. කුඹුරු විශාල ප්‍රමාණයක් තියෙනවා පුරන් වෙලා. අපි පුළුවන් ඒ කුඹුරු වගා කරොත් ඔය කියන කාලය තුළ ඇති වෙන්න පුළුවන් අඩුව පිරිමහ ගන්න. ගිය කන්නයේ ඊට කලින් ගොවීන් ලබාගත්ත ආදායම අපි දන්නවා. යම් අයුරකින් ඒ අයගේ ආදායමෙන් වෙනසක් වුණොත් අපි ඒ අය නිෂ්පාදනය කරපු වී වැඩි මිලට ගන්න පුළුවන්. ඒ අයට ගිය වර ආදායම ම ලැබෙන විදියට. අපි සහතික මිලක් දීලා තියෙනවා රු 50 කියලා. අපිට ඒක රු 60ට ගන්න පුළුවන්. ඒ රු 10 අපි දරාගන්නවා. ඒ නිසා ගොවියට කිසිම බයක් වෙන්න දෙයක් නෑ ඒ ගැන. අපේ රටේ විශාල කොටසක් ඉන්නවා කාබනික පොහොර භාවිතයෙන් වගා කරන. කාබනික පොහොර නිෂ්පාදනය කරන. පුළුවන් නම් මේ පොහොර නිෂ්පාදනය වැඩි කරන්න අපි ආධාර දෙන්න පුළුවන්. දැනට රසායනික පොහොර ගෙන්වන සමාගම්වලට වුණත් පුළුවන් අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනයට කර්මාන්ත ආරම්භ කරන්න. ඉතාම වැදගත් අභියෝගාත්මක කාර්යයක්. නමුත් එය රට වෙනුවෙනුත් අනාගත පරපුර වෙනුවෙනුත්
කරන්න ඕනේ.“

කොරෝනාවෙන් බේරෙන හොඳම ක්‍රමය ගැන ඔබ දැනුවත්ද?කොරෝනා වෛරසයෙන් බේරීමට ඇති හොඳම ක්‍රමය වියදම් වැඩි පී.සී.ආර් පරික්ෂණවත් එසේ...
16/05/2021

කොරෝනාවෙන් බේරෙන හොඳම ක්‍රමය ගැන ඔබ දැනුවත්ද?

කොරෝනා වෛරසයෙන් බේරීමට ඇති හොඳම ක්‍රමය වියදම් වැඩි පී.සී.ආර් පරික්ෂණවත් එසේ නැත්තම් රැපිඩ් ටෙස්ට්වත්, දැඩි සත්කාර ඒකක ඇඳන් වැඩි කිරීමවත්, වෙන්ටිලේටර්ස් දැමීමවත් නොව නාසය සහ කට වසාගෙන අත්දෙක පිරිසිදුව තියා ගැනීම කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

සාමාන්‍ය සර්ජිකල් මාස්ක් එකක 95%ක වැඩිය ආරක්ෂාවක් ඇති බවත් KN 95 මාස්ක් එකකින් ඊට වැඩිය ආරක්ෂාවක් ඇති බවත් මාස්ක් දෙකක් දැමීම මඟින් ඊට වඩා ආරක්ෂාවක් ලබා ගත හැකි බවත් ෆේස්ශිල්ඩ් එකක් දැමීම මඟින් එය ඊටත් වඩා ආරක්ෂාවක් ලැබෙන බව වෛද්‍යවරයා පවසයි.

හෙම්බිරිස්සාව, කැස්ස සමඟ රෝගීන් වාර්තා වන බවත් එම රෝගීන් වාර්තා වීම පුදුමයක් වන්නේ මාස්ක් වැනි දේ පැළදි සිටීම මඟින් එම රෝග වැළදීමේ හැකියාව නැති බැවිනි.

එම පුද්ගලයාට කැස්ස, හෙම්බිරිස්සාව ඇති නම් ඔවුන්ගේ චර්යාව ද තේරුම් ගැනීමට හැකි බවත් ඒ අයට විනයක් නැති බවද පවසයි.

නිවාස සංකීර්ණ වල, පිට්ටනිවල ගෙදර ළමයින් සෙල්ලම් කිරීමට යවන බැවින් ඔවුන් එවිට මාස්ක් නොදා යන බවද පවසයි.

ඒ අසල වයසක උදවිය මාස්ක් නැතිව සිටින බවත් ඒ මඟින් බෝ වීම පුදුමයක් නොවන බවද පෙන්වා දෙයි.

පාරක් බැලූ විට බොහෝ දෙනා මාස්ක් නොමැතිව සිටින බවත් ඒ දමා සිටින්නේත් නිසි ආකාරයෙන් නොවන බවත් පවසයි.

මාස්ක් යන්තරයක් නොවන බවත් එම නිසා නාසය සහ කට වසා නොගැනීම මඟින් රෝගය වැළදිය හැකි බවද අවධාරණය කරයි.

60%කට පමණක් රෝග ලක්ෂණ පෙන්වන බවත් තවත් පිරිසකට රෝග ලක්ෂණ නොපෙන්වන බවද වෛද්‍යවරයා පවසයි.

ඒ මහතා මෙම අදහස් දැක්වුයේ ඒෂියන් මිරර් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

කොරෝනා වෛරසය ගැන තවත් අසුබ ආරංචියක්මීට දින දෙකකට පමණ පෙර කොවිඩ් 19 වෛරසයට අදාළව තවත් විකෘති ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙන අ...
16/05/2021

කොරෝනා වෛරසය ගැන තවත් අසුබ ආරංචියක්

මීට දින දෙකකට පමණ පෙර කොවිඩ් 19 වෛරසයට අදාළව තවත් විකෘති ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙන අතර එය මේ වනවිට ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, බ්‍රිතාන්‍ය සහ තවත් යුරෝපා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින අතර එම ප්‍රභේදය දැනට ලංකාවේ ව්‍යාප්ත වෙමින් තිබෙන බ්‍රිතාන්‍ය ප්‍රභේදයටත් වඩා තවත් 15%කින් පමණ ප්‍රභල බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ ආචාර්ය සංජය පෙරේරා අනාවරණය කළා.

ඒ, මේ සම්බන්ධයෙන් අද (08) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

මේ වන විට ඉන්දියාවේ කොවිඩ් මරණ ඉහළ යාමට මෙම නව වෛරස ප්‍රභේදය බලපා ඇති බවට විශේෂඥයින් මත පළකර තිබෙන අතර ඒ සම්බන්ධ දත්ත රැස්කිරීම මේ වනවිට සිදුවන බවයි ආචාර්ය සංජය පෙරේරා පැවසුවේ.

මෙය ඉතා සැලකිය යුතු කාරණයක් වන අතර ඉන්දුනීසියාව වැනි කොවිඩ් දැඩිව පාලනය කළ රටකටත් එම වෛරසය ඇතුළු වූයේ නම් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන බලධාරීන් වඩා

සැලකිලිමත් විය යුතු බව ඔහු කියා සිටියා.

දැනට පවතින තත්ත්වය හමුවේ එම වෛරසය ශ්‍රී ලංකාවටත් ඇතුළු වුවහොත් එය සෞඛ්‍ය පද්ධතියට කිසි ලෙසකින්වත් දරාගැනීමට නොහැකි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

”මෙවැනි කාරණා වලදී රජයට පමණක් සම්පූර්ණ වගකීම ගන්න බැහැ.ජනතාවත් වගකීමෙන් 50%ක් ගන්න ඕනේ. මම කියන්නේ නැහැ රටම ලොක් ඩවුන් කරන්න කියල. රටේ ආර්ථිකයත් එක්ක ඒක එහෙම කරන්න බැහැ. ගුවන් තොටුපොළවල් සම්බන්ධයෙන් වුණත් වහන්න කියනවා නෙවෙයි වැඩපිළිවෙලක් හදන්න වෙයි නැවත. මොකද නව විකෘති ප්‍රභේදය ඉන්දියාවේ පමණක් නෙවෙයි එංගලන්තයේ පවා තිබෙනවා.

ඒ වගේම තමයි දැනට ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින වෛරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබෙන චීනයේ සයිනෝෆාම් එන්නතද ඇතුළුව හොඳ ආරක්ෂාවක් ලබා දෙන බව තහවුරු වෙලා තිබෙන්නේ. දැන් මේ නව වෛරස ප්‍රභේදයට දැනට තිබෙන එන්නත්වල බලපෑම ගැනත් දත්ත රැස්කරමින් තිබෙනවා.”

කොරෝනා එන්නත ගැන ජනතාව උනන්දු කරන්න ලොතරැයියක්කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ඇතැම් පිරිස් තුළ ඇති අඩු උනන්දුව තුරන් කිරීම ...
16/05/2021

කොරෝනා එන්නත ගැන ජනතාව උනන්දු කරන්න ලොතරැයියක්

කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ඇතැම් පිරිස් තුළ ඇති අඩු උනන්දුව තුරන් කිරීම පිණිස අපූරු උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බලධාරීන් පියවර ගෙන තිබේ. මෙහි දී ඔවුන් බලාපොරොත්තු වන්නේ විශාල තෑගි මුදලක් පිරිනමන ලොතරැයියක් පැවැත්වීමටයි.

මෙම ලොතරැයියට සහභාගි විය හැක්කේ කොවිඩ් එන්නත ලබා ගත් පුද්ගලයන්ට පමණි. සතියකට එක් වරක් බැගින් සති පහක් අඛණ්ඩව දිනුම් ඇදීම් සිදුවනු ඇත. එක් දිනුම් ඇදීමක දී ජයග්‍රාහකයාට ඇමෙරිකානු ඩොලර් මිලියනයක තෑග්ගක් හිමි වේ. එය ලංකා රුපියල්වලින් කෝටි 20 කට ආසන්න මුදලකි. එම මුදල් පිරිනැමෙන්නේ රජය පිහිටුවා ඇති කොවිඩ් සහන අරමුදල මගිනි. පළමු දිනුම් ඇදීම මැයි 26 වැනි දින පැවැත්වෙනු ඇති බව සඳහන් වේ. මෙම ලොතරැයියට සහභාගි විය හැක්කේ වැඩිහිටි ජනතාවට පමණි. මෙයට අමතරව වයස අවුරුදු 12-17 අතර පුද්ගලයන්ට සහභාගි විය හැකි ලොතරැයියක් ද පැවැත්වීමට ඔහියෝ ප්‍රාන්තය සැලසුම් කර ඇත. නමුත් එහි ජයග්‍රාහකයන්ට තෑගි මුදල් පිරිනැමීමක් සිදු නොවේ. ඔවුන්ට පිරිනමනු ලබන්නේ රජයේ විශ්වවිද්‍යාලයක වසර 4 ක පාඨමාලාවක් සඳහා ශිෂ්‍යත්වයකි.

ඇමෙරිකාව මේ වන විට එන්නත්කරණය අතින් ඉදිරියෙන්ම සිටින රටකි. ජනගහනයෙන් සියයට 58 කට පමණ එන්නත් ලබා දී ඇති බව වාර්තා වේ. ඇමරිකාවේ නිදහස් දිනය සමරන ජුලි 4 වැනි දින වන විට ජනගහනයෙන් සියයට 70 කට එන්නත ලබා දීම ජනාධිපති ජෝ බයිඩ්න්ගේ අපේක්‍ෂාවයි. කෙසේ වෙතත් එන්නත් ලබා ගැනීමට එන සංඛ්‍යාවෙහි යම් අඩු වීමක් පසුගිය සතිවල දක්නට ලැබිණි. එන්නත් සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති සැක සංකා මෙයට හේතු වී ඇතැයි යන්න බලධාරීන් ගේ අදහසයි. එන්නත් ලබා ගැනීමට ජනතාව උනන්දු කිරීම සඳහා විවිධ ප්‍රාන්තවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. තෑගි මුදල් ලබා දීම, ක්‍රීඩා තරග නැරඹීමට ප්‍රවේශපත් ලබා දීම, විවිධ ආහාර පාන ආදිය නොමිලයේ ලබා දීම වැනි උපක්‍රම ඒ අතර වන බව සඳහන් ය.

සහන් වික්‍රමගේ

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය වගඋත්තරකරුවන් ලෙස නම් කර තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට සඳහන්...
16/05/2021

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය වගඋත්තරකරුවන් ලෙස නම් කර තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට සඳහන් කරමින් ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඇය ඉකුත් 03 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ සිය පෙත්සමෙන් සඳහන් කර ඇත.

රුපියල් මිලියන 100ක වන්දි මුදලට අමතරව දේශපාලන පළිගැනීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වන ලෙස තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට අමතරව දේශපාලන

පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනා සහ නීතිපතිවරයා මෙන්ම ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් පිරිස ද මෙහිදී වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසින් ඉකුත් 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

කොවිඩ් රෝගීන්ට නිවසේ රඳවා ගෙන ප්‍රතිකාර කිරීමට ගියහොත් විවිධ ගැටළු පැන නැගිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගම...
16/05/2021

කොවිඩ් රෝගීන්ට නිවසේ රඳවා ගෙන ප්‍රතිකාර කිරීමට ගියහොත් විවිධ ගැටළු පැන නැගිය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා

නිවෙස්වල සිටින රෝගියෙක් කඩිනමින් රෝහලට ගෙන යාමට පහසුකම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සතුව නොමැති බවත් වෛද්‍යවරු නිවෙස්වලට යාමට තරම් ප්‍රමාණවත් පිරිසක් නැති බවත් ඔහු පෙන්වා දෙනවා.

පහසුකම් නොලැබුනොත් මේ තත්ත්වය හමුවේ නිවෙස්වල රෝගීන් මිය යාමේ අවදානමක් තිබෙන බවත් එසේ වුවහොත් තත්ත්වය දරුණුවිමට ඉඩ ඇති බවත් ඔහු සඳහන් කළා.

කොවිඩ් 19 අවදානම් තැනකට තල්ල වී ඇති අතර බිම් මට්ටමේ පහසුකම් නොමැතිවීමෙන් ගැටළු මතුව ඇති බවත් රෝගීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනටමත් අසභ්‍ය වචනයෙන් බැණ වදින බවත් උපුල් රෝහණ මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

මෙම පෝස්ටුව ඵල කිරීමේදී, මෙම ස්ථානයේ තිබූ නොසන්සුන් ගතිය හා අනතුරේ රෝගීන් වහාම රෝහල්ගත කිරීමේ මෙන්ම මාර්ගය වාහන ධාවනයට ඉ...
15/05/2021

මෙම පෝස්ටුව ඵල කිරීමේදී, මෙම ස්ථානයේ තිබූ නොසන්සුන් ගතිය හා අනතුරේ රෝගීන් වහාම රෝහල්ගත කිරීමේ මෙන්ම මාර්ගය වාහන ධාවනයට ඉඩ හල යුතු බැවින්ද, ලේ පිරුණ මාර්ගය නැවත යථා තත්වයට පත් කිරීමේ අවශ්‍යතාවයන් පැවති නිසා මා හට මේ සත්කාරයට උරදුන් යාන්ත්‍රණය නිවැරදිව සටහන් කිරීමේදී අඩු ලුහුඬුකමක් සිදුවිය.
ඒ මොහොතේ සිට මේ මොහොත දක්වා රෝගීන් රෝහලට බාර දුන් තැනැත්තා රෝහලේ රෝගීන් බාර ගන්නා අවස්ථාව දක්වා සෙවූ නමුත්, සඳහන්ව ඇත්තේ තුවාලකරුවකුගේ මස්සිනා කෙනෙකුගේ නම ය.
විමර්ශණයේ සැබෑ ඉසිවරයා සොයාගත්තේ මේ මොහොතේ වන අතර, ඇය ගාල්ල මහාධිකරණයේ ගෝපිකා ලොකුගේ මහත්මිය ය. ඈ ඒ මොහොතේ මා මෙන්ම, Mask එක පැළඳ සිටි නිසාත්, ස්ථානයේ දැඩි ඝෝෂාකාරී තත්වය නිසාත්, ඈ පිළිබඳව මා ලද තොරතුර ප්‍රමාණවත් නොවූ අතර, මෙහිදී නිවැරදි තොරතුර ලැබීමෙන් ඒ ගුණවත් නීතිඥ මහත්මිය ගැන සටහන් කරමි. ඇය, ගෝපිකා ලොකුගේය.
මම, 2020.05.13 දින ගාල්ල බෙලිගහ හංදියේ රාජකාරි නිරතව සිටියදී, නැවැත්වීමට අණක් නොලැබූ යතුරු පැදියක් මා අසල නතර කලේය. එහි පිටුපස අසුනේ සිටි කාන්තාව, මා අමතා හදිසියෙන් මෙසේ කියාගෙන ගියේය. "සර්, ජූල්ගහ හංදියට මෙහා, බටගන්විල බෝධිය ලඟ ලොකු අනතුරක්. ලේ පෙරෙන ලෙඩ්ඩු පාරේ. වාහන නවත්වන්නෙ නෑ කිසිවෙක්......" මැසිවිල්ල එක හුස්මට කියා සිටියේය.
මා ඇයට, " බොහෝම ස්තුතියි, මං බලන්නම්." කියා වහාම තත්පරයක් වත් සුනංගු නොවී එදෙසට යතුරු පැදියේ ඉගිල්ලුනෙමි. පාර සෙනඟින් පිරී ඇත. ඒ අතරින් එහෙත් පාරේ වැටී සිටින තුවාලකරුවන් දෙදෙනා බල බල ඉදිරියට ඇදෙන වාහනය.
එකෙනෙහිම නතර කලේ කාර් රථයකි. එයින් බැස ගත්තේ කාන්තාවක් සහ පිරිමි දරුවෙකි. "ලෙඩ්ඩු අරන් එන්න" යි හෙතෙම කියා සිටියේය. වාහනයේ රියදුරු අසුනේ සිටියේ ගාල්ල මහාධිකරණයේ නීතිඥ ගෝපිකා ලොකුගේය. " ඔබ අගෙයි" මා ඒ මහතා අමතා කියද්දී රැස්ව සිටි පිරිසෙන් කොටසක් තුවාල කරුවන් දෙදෙනා ඔසවා කාර් රථයේ ඉදිරි සහ පිටුපස අසුනට රෝගීන් දෙදෙනා ඔසවා හාන්සි කර තැබීය. ඒ අවස්ථාවේ තුවාල කරුවන් දෙදෙනාගේ මුහුණු ලෙයින් තෙත්ව තිබූ අතර, දෙදෙනාගේම මුවෙන් හා නාස් වලින් ලේ කැටි පිටින් පිටවනවා මා දුටුවෙමි.
එසේ වන්නට ඇත්තේ, ඔවුන්ගේ යතුරු පැදිය වේවැල්වල පාර නම්, කන්දක් සහිත පාරේ ඇවිත්, නතර කර ගන්නට බැරුව අතුරු මාර්ගය අයිනේම තිබූ තාප්පයේ ගැටී ඇති නිසාය. සැබැවින්ම , මේ ක්ෂණයේ වාහනයක් ප්‍රධාන පාරේ නොපැමිණියේ වාසනාවකටය.
රෝගීන් පිටත් කල වහාම, මම අසල නිවසින් වතුර සහිත බාල්දි 6 ක් ඉල්ලාගෙන ලේ මතට ගසා පාර සෝදා දැමුවෙමි.
ලේ සහිත තුවාල කරුවන් වාහනයකට නංවා ගැනීමෙන්, වාහනයේ සීට් කවර හා වාහනය ඇතුලත අපිරිසිදු වනවා ඇත. ඊට කම්පා නොවූ ගරු අධිකරණයේ යුක්තිය පසිඳලන, උගත් නීතිඥ මහත්මිය ඊට කම්පා නොවී, සිය කැමැත්තෙන්ම කරනු ලැබූ සේවය අධිකරණය සේවය වෙනුවෙන්ම ප්‍රසංසා කල යුතු සේවයකි. තුවාල කරුවන් රෝහලට රැගෙන ගිය පසු මා සමග කතාකල, නීතිඥ මහත්මිය දරුවා සමග තුන් රෝද රථයක නිවසට ගියේය. ඇගේ වාහනය පැදවූයේ වැඩිමහල් පුත්‍රයා බවට පසුව දැනගතිමි.
මේ තුලින් මිනිසාට දෙන්නෙ කදිම ආදර්ශවත් පණිවුඩයකි. එනම් මිනිස්ගති, මහා වටිනාම සම්පතක් බවය. කිසිවෙකු කරදරේ වැටුනාම පිහිට වන්නන් දෙවියන් සේ ය. ඒ ගති, වචනයෙන් කීමට තරම් බැරිය.
කළු කබාය තුල ගුණවතුන් සිටිනා බවට මේ සත්කාරය, කදිම නිදසුනකි.
මෙය නීතිඥ ගෝපිකා ලොකුගේ මහත්මියට උපහාරයක් ලෙස සනිටුහන් කරමින්, රෝගී තුවාලකරුවන් දෙදෙනා ඉක්මනින් , සුවපත් වන්නැයි මම ප්‍රාර්ථනය කරමි.
- විමල් ජයසේකර -

14/05/2021
ආයුධ පෙන්වන්න එපා යැයි මවගේ කීම නොඅසා ගිය කොස්ගොඩ තාරකට උන දේසංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ කොස්ගොඩ තාරක හෙවත් ධර්මකීර...
14/05/2021

ආයුධ පෙන්වන්න එපා යැයි මවගේ කීම නොඅසා ගිය කොස්ගොඩ තාරකට උන දේ

සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ කොස්ගොඩ තාරක හෙවත් ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නැමැත්තාට බස්නාහිර උතුර බුද්ධි කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මීරිගම පොලිස් වසමේ රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා සැකකරු අද (13) අලුයම රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ සිද්ධියකදී කොස්ගොඩ තාරක මියගිය බවයි.

විශේෂ විමර්ශනය සඳහා සහභාගීවී සිටි තාරක විසින් පොලීසියට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත්කළ අවස්ථාවේ බස්නාහිර උතුර කොට්ඨාශයේ නිලධාරීන් විසින් ගිනි අවි භාවිතාකර බලය පාවිච්චිකිරීමක් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

එහිදී ඇතිවූ සිද්ධියේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුද තුවාල ලබා ප්‍රතිකාර කිරීම සඳහා වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇත.

වෙඩි පහරකෑ කොස්ගොඩ තාරක මීරිගම රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදීත් මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

බස්නාහිර උතුර බුද්ධි කොට්ඨාස භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කොස්ගොඩ තාරක”, මීරිගමදී සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

සැකකරුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ රැදවුම් නියෝග මත රදවා සිටි කොස්ගොඩ තාරකව හදිසියේ පෑලියගොඩ විශේෂ අපරාධ ඒකකයට රැගෙන ගොස් තිබුණේ ඊයේ (12) පස්වරුවේදී.

අදාළ සැකකරුව ආයුධ පෙන්වීමට ගෙන ගොස් ඝාතනය කිරීමට ඉඩක් ඇති බව සඳහන් කරමින් කොස්ගොඩ තාරක හෙවත් ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකරගේ මව අවස්ථාවන් දෙකකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර තිබුණා.

එමෙන්ම ඇයගේ උපදෙස් මත නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මහතා ඊයේ (12) දිනයේ මානව හිමිකම් කොමිසන් සභාවට, පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට හා පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලිපි 4 ක් ද යොමු කර තිබු අවස්ථාවකදී මෙම සිද්ධිය ඇති වී තිබු බව නිව්ස් 19 වාර්තාකර තිබුණේ.

අදාළ ලිපිවලින් කොස්ගොඩ තාරකගේ මව පෙන්වා දී ඇත්තේ අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි රැදවියන් ප්‍රසිද්ධ ස්ථාන වෙත රැගෙන ගොස් ප්‍රශ්න සහගත ලෙස මරණයන් සිදුවීමේ පූර්ව අත්දැකීම් ඇති බැවින් සිය පුත්‍රයාගේද මානව අයිතිවාසිකම් කුමන මොහොතක හෝ උල්ලංඝණය වීමට ඉඩ ඇති බවට සාධාරණ බියක් ඇති බවයි.

එමෙන්ම පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට හා පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ හදිසියේ පෑලියගොඩ විශේෂ අපරාධ ඒකකය වෙත රැගෙන ගිය තම දරුවාගේ ජීවිතයට එල්ලවී ඇති තර්ජනය පිළිබදව මීට පෙර මානව හිමිකම් කොම්සම හා අධිකරණය දැනුවත් කර ඇති බවයි.

ඉන් අනතුරුව අද අලුයම මෙම සිද්ධිය සිදුවීමද විශේෂත්වයක්.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ජයාරූප ගැනීම් තහනම්මංගල උත්සව, සාදා පැවැත්වීම සම්පුර්ණයෙන් තහනම් කල බව රජය ප්‍රකාශයට පත් කළේය....
14/05/2021

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ජයාරූප ගැනීම් තහනම්

මංගල උත්සව, සාදා පැවැත්වීම සම්පුර්ණයෙන් තහනම් කල බව රජය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ජයාරූප ගැනීම් සිදු කල නොහැකි බව පොලිසිය පවසයි.

විවාහ උත්සව සම්බන්දයෙන් වැඩි දුරටත් කලම්බෝ ගැසට් සිදුකල විමසුමට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ විවාහ ලියාපදිංචි කිරීම අවම පිරිසක් යටතේ උපරිම 15 දෙනෙකුට යටත්ව 17වනදායින් පසු සිදුකිරීමට අවසර තිබුණත් ජයාරූප ගැනීමටද අවසර ඇත්තේ එම අවස්ථාවේ දී පමණක් බවය.

ඒ අනුව වෙනත් ස්ථානයට යෑම පුද්ගල ඒකරාශිවී ජයාරූප ගැනීම් සිදු කල නොහැක. එමෙන්ම වෙනත් ජයාරූප ගැනීමද මෙම කාල සීමාවේදී තහනම් කර ඇත. අදාල පිරිස් ප්‍රමාණයට යටත්ව සිදුවන විවාහ ලියාපදිංචියකට පළාත් සංචරණ සිමා යටතේ වෙනත් පළාතකට යෑමේ අවසර හිමි වේ.

සැරසිලි, මල් ප්‍රවාහනය වැනි එකී උත්සව සාද සරසණ ආයතන අතවශ්‍ය සේවා යටතට නොගෙනෙන නිසා ඔවුන්ටද මෙම කාලසීමාවේදී එකී අවශ්‍යතාවයන් සිදු කල නොහැකි බවද පොලිස් මාධ්‍ය අංශය පැවසුවේය. මිනිසාගේ ජිවත් වීමට අතවශ්‍ය සේවා පමණකට අවසර ඇත.

අවම පිරිස් ප්‍රමාණයකින් නිරෝධායන රෙගුලාසි යටතේ අවසර ලබා දී ඇති කටයුතු කිරීමට වගබලා ගත යුතු බව ද නීතියෙන් රිංගා යාම නොව රෝගයෙන් රිංගා යෑමට ජනතාවට හිතට ගතයුතු බව පොලිසිය අවවාද කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න මහතා විසින් නිකුත් කල නව සෞක්‍ය මාර්ගෝපදේශන වලට ප්‍රකාරව එක් දිනයකදී නිවසකින් පිටවිමට අවසර දී ඇත්තේ එක පුද්ගලයෙකුට පමණි. එය තීරණය වන්නේ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතේ අංකයෙහි ඇති අවසාන ඉලක්කම අනුවය. අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලද, එය ඔත්තේ අංකයක් නම් ඔත්තේ දිනවල ද නිවසින් බැහැරව යා හැකිය, අවසාන අංකය බිංදුව නම් එය ඉරට්ටේ අංකයක් ලෙස සැලකෙන අතර රාජකාරී කටයුතු සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා මෙය අදාළ නොවන බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ.

සංචරණ සීමා පනවා නොමැති අවස්ථාවේදී මෙම හැඳුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් බැහැරව යාම සිදුකළ හැකය. මේ අතර නැවත දැනුම් දෙනතුරු විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් කර ඇති අතර විවාහ ලියාපදිංචි කිරීම් පමණක් ලඟම ඥාතින් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේය.

පිලියන්දල කොවිඩ් අවදානම දිගටමකොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල COVID-19 සඳහා ඉහළ අවදානම් ප්‍රදේශයක් ලෙස දිගටම පවතියි.අද පෙරව...
14/05/2021

පිලියන්දල කොවිඩ් අවදානම දිගටම

කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල COVID-19 සඳහා ඉහළ අවදානම් ප්‍රදේශයක් ලෙස දිගටම පවතියි.

අද පෙරවරු 06 ට අවසන් වන පැය 24 ක කාලය තුළ පිලියන්දල සිට කෝවිඩ් ආසාදිත පුද්ගලයින් 146 දෙනෙකු සොයාගෙන ඇති බව COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPC) පවසයි.

මෙම කාලය තුළ වැඩිම කොවිඩ් ආසාදන සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයෙන් නාරාහේන්පිට කෝවිඩ් රෝගීන් 24 ක්, තලංගම 19 ක්, අවිස්සාවැල්ල 15 ක්, නවගමුව 14 ක්, මුල්ලේරියාව නවගමුව සහ කොට්ටාව යන ස්ථාන 13 බැගින්, මට්ටක්කුලිය සහ කොටහේන යන ස්ථාන 10 බැගින් අනාවරණය වී තිබේ.

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසා සිටියේ, දිනකට කොවිඩ් ආසාදිත මරණ 2ක් වාර්තා වීමේ ප්‍රවණතාවයක් මේ වන විට ඇතිව තිබෙන බවය.

එම ආසාදිත මරණ ප්‍රමාණය ඉදිරි සතිය වන විට තවත් වර්ධනය විය හැකි බවත් පැවසු ඇය, දැඩි අනතුරුදායක තත්ත්වයක් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පවතින බව කියාසිටියාය.

බහුතරයක් කොවිඩ් මරණ නිව්මොනියාවෙන්(12) දිනය තුළ කොවිඩ් මරණ 18ක් සිදුවීමෙන් මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක...
14/05/2021

බහුතරයක් කොවිඩ් මරණ නිව්මොනියාවෙන්
(12) දිනය තුළ කොවිඩ් මරණ 18ක් සිදුවීමෙන් මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ තහවුරු කළ මරණ වදුරඹ, ඉමදූව, වලස්මුල්ල, මතුගම,මැල්සිරිපුර, කුරුණෑගල ,අලව්ව, මොරන්තුඩුව, ඕමල්පේ, ඇඹිලිපිටිය, හල්දඩුවන, කන්දේගෙදර, පස්සර, කොළඹ 05, වව්නියාව, තල්ගස්වල සහ බේරුවල යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

එම මරණ 18න් 11ක්ම කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ද සෙසු මරණ 08 කොවිඩ් නියුමෝනියාව සහ වෙනත් රෝගී තත්වයන් හේතුවෙන් සිදුව ඇත. මියගිය කොවිඩ් රෝගීන්ගෙන් 12 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 06 දෙනෙකු කාන්තාවන් වේ. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 38ත් 95ත් අතර වයසේ පසුවන්නන් වේ. ශ්‍රී ලංකාව තුළ මුලින් පැවති වෛරස ප්‍රභේදයට සාපේක්ෂව දැන් පැතිරයන වෛරස ප්‍රභේද ගැබිනි කාන්තාවන්ට ඉතාම හානිදායක බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

එමෙන්ම හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ආර්. ප්‍රතාපන් මහතා පවසා සිටියේ, ගැබිනි මව්වරුන්ට සෙසු ආසාදිතයින්ට ලබාදෙන ඖෂධ සියල්ල ලබා දිය නොහැකි තත්ත්වයක් පවතින බවය.

මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය පී. ඩී කොග්ගලගේ මහතා පවසා සිටියේ, කොවිඩ් වැළඳෙන දරුවන් ඇතැම් අවස්ථාවල දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කළ ද මරණාසන්න විය හැකි බවය.

එකම පවුලේ අය සිය වාහනයක යාමේදී මුහුණු ආවරණ නොවේකම පවුලේ අය පෞද්ගලික වාහනයක යන විට මුහුණු ආවරණය පැළඳීම අවශ්‍ය නොවන බව සෞඛ...
14/05/2021

එකම පවුලේ අය සිය වාහනයක යාමේදී මුහුණු ආවරණ නොවේ

කම පවුලේ අය පෞද්ගලික වාහනයක යන විට මුහුණු ආවරණය පැළඳීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

පෞද්ගලික වාහනයක එකට ගමන් කිරීමේදී විවිධ පවුල්වල පුද්ගලයින්ට පමණක් මුහුණු ආවරණ පැළඳිය යුතු බව කාර්යාංශය පැවසීය.

COVID-19 පිළිබඳ අලුතින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව එකම පවුලේ සාමාජිකයින් තම වාහනයක ගමන් කරන විට මුහුණු ආවරණ පැළඳිය යුතු බව පුවත්පතක වාර්තා වීමෙන් පසුව මෙම පැහැදිලි කිරීම නිකුත් කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ එහි අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය වරදවා වටහාගෙන ඇති බවත් මාධ්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපිය නිවැරදි කිරීමට පියවර ගන්නා බවත්ය.

සංචරණ සීමා නිසා මිනිස්සු ඇවිදින් නැති නිසා එයාලට කන්න නෑරි ලන්කා පොලිසිය … කෞරුත් කට ඈරියොත් බනින සෙවාවක් නමුත් නිල ඈදුම...
14/05/2021

සංචරණ සීමා නිසා මිනිස්සු ඇවිදින් නැති නිසා එයාලට කන්න නෑ

රි ලන්කා පොලිසිය … කෞරුත් කට ඈරියොත් බනින සෙවාවක් නමුත් නිල ඈදුම ඈතුලෙ සිටින මිනිසුන්ගෙ හදවත් හරිම සුන්දරයි… මොන දෙ උනත් එන්න එන්න නිල ඈදුම අඩින මෙ නිලදාරින් වෙනස් වීගෙන එනව.. නෑති බෑරි වෙලාවෙදි මෙහෙම හෑගීමක් තියන එක ගෑන සතුටු වෙනවා ..ශ්‍රි ලන්කා පොලොඉසිය හට අපගෙ උත්තමාචාරය

8 දෙනෙක්ට විතර වැක්සින් එක අරන් දුන්නා – රාජිතතමා සමඟ හිතවත් පුද්ගලයින් 8 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා ගැනීමට උදව් කල බව සමඟ...
14/05/2021

8 දෙනෙක්ට විතර වැක්සින් එක අරන් දුන්නා – රාජිතතමා සමඟ හිතවත් පුද්ගලයින් 8 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා ගැනීමට උදව් කල බව සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර තිබුනේ සිරස නාලිකාව සමඟ පැවති වැඩසටහනට සහභාගී වෙමිනි.

මේ වනවිට දුප්පත් පොහොසත් භේදයකින් තොරව කොවිඩ් උඩුදුවා ඇති බවද, තමා සමඟ හිතවත් පුද්ගලයන් එන්නත ලබා ගැනීමට උදව් ඉල්ලූ බවත් එම උදව්ද තමා සිදුකල බවත් රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවසුවේය.

එක මිනිහෙක්ගේ හරි ජීවිතේ බේරෙන බවත්, තමන් අදත් 8 දෙනෙක්ට විතර වැක්සින් එක ලබා දුන් බවත් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සඳහන් කලේය.

Address


Alerts

Be the first to know and let us send you an email when Welanka.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Welanka.lk:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share