20/02/2022
උණ බම්බු බීම බට වතුර බෝතල් ශ්‍රී ලංකාවෙත්
බීම බට වලින් සිදුවන ප්ලාස්ටික් දුෂණය සම්බන්ධයෙන් සහ ඒ සඳහා ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින නොයෙකුත් පරිසර හිතකාමී විසඳුම්,
පරිසර දූෂණය ගෝලීය වශයෙන් මිනිසාට මෙන්ට සකල ජෛව පද්ධතියට ඉමහත් බලපෑමක් සිදුකරන යුගයක ප්ලාස්ටික් නිසා පරිසරයට සිදුවන බලපෑම පරිසර දුෂණ දර්ශකවල ඉහලින්ම සටහන් වනවා. මේ අතරිනුත් ප්ලාස්ටික් බීම බට හා ප්ලාස්ටික් බෝතල් වලින් සාගර ජීව ප්‍රජාවට සිදුවන බලපෑම අප මුහුණ දී ඇති බරපතල ගැටළුවක්. ඇමරිකා එක්සත් ජනපදයේ භාවිත වන ප්ලාස්ටික් බීම බට ප්‍රමාණය මිලියන 500ක්. 2017 වසරේ සිදුකරනලද සමීක්ෂණයන්ට අනුව ප්ලාස්ටික් බීම බට බහුලවම හමුවන අපද්‍රව්‍ය අතර 11 වන තැන ගන්නවා. වසර 200 කටත් වැඩි කලයකදී පවා දිරාපත් වීම අසීරු ප්ලාස්ටික් බීම බට එම කාලය තුලදී කෙතරම් ජීවිත සංඛ්‍යාවකට කොපමණ බලපෑමක් සිදු කරනවා ද?
පරිසර හිතකාමී බීම බට ආදේශක වල ලෝකයා යොමුවන්නේ ඒ නිසයි .
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල උණබට භාවිතයෙන් බීම බට නිෂ්පාදනයට යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේද කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ග්‍රාමයේ සාම්ප්‍රදායික උණ කර්මාන්තයෙහි යෙදෙන පිරිස් අතර මෙම උණ බම්බු බීම බට ජනප්‍රිය වෙමින් පවතිනවා. යටියන්තොට ප්‍රදේශය Ceylon Reed Bambo හෙවත් සාමාන්‍ය ව්‍යවහරයේ අප හඳුන්වන බට ගස් සඳහා කදිම නිවහනක්.
Ceylon Reed Bamboo ( රණ බට ) එසේත් නැතිනම් Ochelandra stridula විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කැලෑ උණ ගස් තණකොළ පවුලට අයත් ශ්‍රී ලංකාවට ආවේණික උණ විශේෂයක්. සාමාන්‍යයෙන් මලානික කොළ පැහැයක් ගන්න මෙම ශාකය වියලිමේදී දුඹුරු පැහැයට හැරෙනවා. මෙහි මතුපිට රළු වන අතර තෘණ දණ්ඩ වඩාත් ඍජු ස්වරුපයක් සහිතයි. සාමාන්‍යයෙන් මීටර් 1-2 උසකින් යුක්ත වන මෙම ගස් සෙන්ටිමීටර 4-8 දක්වා පළලකින් යුක්තයි. කෑගල්ලේ සහ රත්නපුර දිස්ත්‍රික්ක වල බහුලව හමුවන මෙම ශාකය බොහෝවිට දක්නට ලැබෙන්නේ තෙත් කලාපිය වැසි වනාන්තර ආශ්‍රිතව සහ ගඟ ඉවුරු දෙපසය.
යටියන්තොට සංස්කෘතික සහ අත්කම් මධ්‍යස්ථානයේ කාර්මික ප්‍රජාව මෙම උණ බට භාවිත කර විවිධ නිර්මාණ සිදු කරන අතර බිම බට ආදේශකය ඒ අතරින් අපට වැදගත් නිර්මාණයක්.
මෙම බීම බට නිෂ්පාදනය සිදුවන ආකාරය පිලිබඳ අපට දැනගන්න ලැබුනේ පහත අයුරින්.
කපන ලද උණ බට පළමුව උණුවතුරෙහි දමා තම්බා ගන්නවා. මෙහිදී 1:4 අනුපාතය විනාකිරි සහ ජලය මිශ්‍ර කරන ලද ද්‍රාවණයක් භාවිත කරනු ලබන්නේ විනාකිරි වල ඇති ස්වභාවික පදම් කිරීමේ ගුණය නිසයි. තැම්බීමේදී උණ බටයේ වර්ණය මලානික කොළ පැහැයේ සිට හිරියල් කහ පැහැයට මාරු වන අයුරු දැක ගත හැකියි. ඉන්පසුව මෙම බට දඬු අවශ්‍ය බිම බටයේ ප්‍රමාණයන්ට අනුව කපගනු ලබනවා.
මෙම උණ බම්බු බීම බට පරිසර හිතකාමී මෙන්ම මන පෙනුමකින්ද යුක්තයි. වඩාත්ම වැදගත් කරුණ නම් මෙම බීම බට නැවත නැවත භාවිත කල හැකි තිරසාර විසඳුමක් වීමයි.
පරිසර සුරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති සියල්ලන්ගේ ඇස යොමු විය යුතු මෙම නිෂ්පාදනය් ආයෝජන හා රැකියා අවස්ථා රැසකටද මනා පිටුබලයක් සපයනවා.විශේෂයෙන්ම ග්‍රාමීය කුඩා කර්මාන්තයක් ලෙස අවම තාක්ෂණික පහසුකම් යටතේ සිදුවන මෙම කර්මාන්තය රජයේ මෙන්ම පුද්ගලික අංශයේ ව්‍යවසයකයන්ගේ ද අවධානය යොමු විය යුතු පැතිකඩක්.
උණ සහ බට ශාකයන් නැවත වර්ධන වේගය අතරින් ලෝකයේ පළමු තැන හිමි කරගන්නවා. ඒ අනුව බැලුවද බීම බට සඳහා වන උණ ගස් පරිභෝජනය ඉතා කෙටි කාලයකදී නැවත පරිසරයට එක කල හැකියි. නිවර්තන කලාපිය රටක් වශයෙන් සියලුම භෞතික සම්පත් වල හිමිකම් කියන ශ්‍රී ලංකාවේ අපට මෙම උණ බට වලින් තැනූ බිම බට පරිසර හිතකාමී ප්‍රවනතාවයක් ලෙස වර්ධනය කල හැකි නම් එය තිරසාර සංවර්ධනයක් සඳහා, ලියකියවිලි වලට පමණක් සිමා නොවූ සැබෑ විසදුමක් වනු නොඅනුමානයි.
තොරතුරු : යටියන්තොට අත්කම් හා සංස්කෘතික මධ්‍යස්ථානය ( 071 952 2500 )
Nowadays environmental pollution is one of the major problems in the world, it is affected to both humans and animals. According to the researches huge portion of the environmental pollution occurs due to plastic pollution.
Plastic pollution is the accumulation of plastic objects (plastic bottles and much more). It is affected to both humans and animals. In the earth plastic has been found in as estimated 90% of all the sea animal species .By recycling or using other materials, we can help to reduce plastic trash which will end up in our lands and sea .
At first we must recycle small plastic things which can be found in our surroundings which were thrown away as trash in our day to day life .The best example for this is straws, we daily use straws to drink beverages and soft drinks. Some people use straws even to drink a glass of water. Though at first ,this small thing may not seem like a lot but it has already created a giant problem for the environment.
Ex- in USA they use 500 million straws every day ,and also plastic straws are the 11 th most found trash in 2017 ,and it takes up to 200 years for a plastic straw to decompose and they can not be recycled in most places.
There is a good solution for this plastic straws ,that is ,we can use eco friendly material for that .
Now lots of countries make straws by using bamboo, it is like a trend around some natural beverages. In our country, Sri Lanka, in the Kegalle district, there is a small village called as Yathiyanothta. In there, the villagers are making crafts by using bamboo and some bamboo species, in that area there are lots of Ceylon reed bamboo trees.
Ceylon reed bamboo( Ochlandra Stridula ) also known as forest bamboo is a species of bamboo in the grass family ,it is endemic to Sri Lanka .This plant is pale green in colour ,which is becoming brown on drying ,and the surface is rough ,culms are straight, the height of this tree is 1 - 2 m and the width is 4 - 8 cm . This species can be found extensively in Rathanpura and Kegalle districts, in waste lands of rainforests and near the branches of rivers. In our country Ceylon reed bamboo are used to make wattle, daub walls and fences.
In yathiyanothta village, there are cultural centre and craft centre, in there villagers make bamboo crafts, but really they don’t have enough technology to make their crafts.
In here they also make strews using Ceylon reed bamboo.
Firstly they cut Ceylon reed bamboo poles and then boil those poles. They add some vinegar to the water and boil it. Then they add vinegar in 1:4 ratio. After that they use vinegar as a natural preservation method. During the boiling, the colours of poles are changed from pale green to yellow ochre. Then they cut that bamboo poles according to the straw sizes.
Actually those bamboo straws have good looks and they are eco friendly and also they are sustainable, because we can use them again and again. By using this method we can ensure the well-being of the environment while creating job opportunities for the people. Since bamboo has one the highest growth rates, cutting bamboo trees to make straws will not harm the nature. So this method is a very good sustainable method to protect the environment from plastic pollution.
Article by: Naduni Katuwandeniya
Translated by: Nayanathara Dhananjalee Hendeniya