Starlight Model Management

  • Home
  • Starlight Model Management

Starlight Model Management Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Starlight Model Management, Modeling Agency, .

10/04/2022

100% Herbal products

When I smile I am hiding a tear inside. When I laugh I am hiding the pain inside. When I say everything is OK nothing is...
24/08/2021

When I smile I am hiding a tear inside. When I laugh I am hiding the pain inside. When I say everything is OK nothing is.📸🎬

Photographer- Kamila Medis 📸

It's the very first short film that I directored. I would like to thank everyone who supported me to achieve this target...
02/08/2021

It's the very first short film that I directored. I would like to thank everyone who supported me to achieve this target, specially to my dear teacher and my dear friend Kamila Medis . And also I wanna give a special thank to Sameera Lakshan and Chithra Amarasinghe for their wonderful performance.

2021-January-Batch

10/06/2021

Minari-මිනාරි (කොරියානු "ජලජ සැල්දිරි") යනු "ලී අයිසැක් චුන්" මිය විසින් 2020 වසරේදී රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද IMDB අගය 7.5 ලෙස සදහන් වන චිත්‍රපටයකි.

එහි "ස්ටීවන් යූන්", "හැන් යෙ-රි", "ඇලන් කිම්", "නොයෙල් චෝ " "යොන් යූ-ජුන්" සහ "විල් පැටන්" රංගනයෙන් දායක වේ.

1980 දී පමණ ඇමරිකාවට සංක්‍රමණය වූ කොරියානු පවුලක් වටා ගෙතුණු කතාවකි.
කුඩා ඩේවිඩ් යනු හදවතේ පුංචි සිදුරක් සහිත දරුවෙකි.නගරයෙ හැදෙන මෙම පවුල ආර්ථික අපහසුතා නිසා නගරයෙන් බැහැර වී ගොවිතැන් කටයුතු කිරීම සදහා ගමක් කරා පැමිණෙන මෙම පවුලට සිද්ධ වෙන පවුල් ආරවුල් මෙන්ම බැදීම් අතර සංකීර්ණ තීරණ ගැන මෙම කතාවේ මනාව කියවේ.මිත්තනියගේ පැමිණිම ඇයගෙ පරිණත බව මෙන්ම ඇය කුඩා ඩේවිඩ් ව බලාගන්නා ආකාරය, ඩේවිඩ් සුව වීම වටා ගෙතුණු මෙම චිත්‍රපටය නිර්මාණශීලී කොරියානු චිත්‍රපටයකි.

ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම සහය නිළිය "යොන් යූ-ජුන්"(මිත්තණිය) සම්මානය ලබාගත් අතර හොඳම චිත්‍රපට අතරට තෙරීපත් වීමද විශේෂත්වයකි.අනිවාර්යෙන් නරඹන්න.කියනවට වඩා යමක් මේ චිත්‍රපටය තුළ ගැබ්වෙලා තියනවා.

10/06/2021

PadMan-පෑඩ් මෑන් IMDB 7.9 වන 2018 ඉන්දියානු චිත්‍රපයකි. බෝල්කි විසින් අධ්‍යක්ෂණය සහ රචනා කරන ලද අතර එහි අක්ෂේ කුමාර්, සෝනම් කපූර් සහ රාධිකා අප්ටේ ප්‍රධාන චරිත නිරූපණය කරති.

සමාජ ව්‍යවසායකයෙකු වන ලක්ෂ්මී හට තම බිරිඳගේ ඔසප් වීමේදී භාවිතා කරන අපිරිසිදු රෙදි කඩ පිළිබඳ කලකිරී ඔහු සිව උත්සහයෙන් සමීපාරක්ෂක තුවා නිර්මාණය කරයි.මෙම නිර්මාණය කෙතරම් දුරට සාර්ථක වෙයිද? කාන්තාවන් පිරිමියකුගෙන් මෙවන් දෙයක් බලාපොරොත්තු වෙනවා ද?

මෙම චිත්‍රපටය ලොව පුරා ඩොලර් කෝටි 207.73 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 29 ක්) උපයා ඇති අතර වාණිජමය වශයෙන් මෙන්ම 2018 දී වැඩිම ආදායමක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපටයක් ද වේ. 66 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී පෑඩ් මෑන් සමාජ ගැටලු පිළිබඳ හොඳම චිත්‍රපටය සඳහා සම්මානය ලබා ගත්තේය. චිත්‍රපටයේ අක්ෂේ කුමාර්ගේ(ලක්ෂ්මී) රංගනය පැසසුමට ලක් වූ අතර ඒ සඳහා ඔහුට 64 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය හිමි විය.

අනිවාර්යෙන්ම නැරඹිය යුතු පිරිමිකමට සමාජයෙහි කාන්තාවන්ගේ අභිමානයට අභියෝග කරන කතාවක්...

08/06/2021

Hamari Adhuri Kahani-හමාරි අධූරී කහානී(අපගේ අවසන් නොවන කතාව) මෝහිත් සූරි විසින් 2015 දී අධ්‍යක්ෂණය කරන IMDB 6.7 ලෙස සදහන් වන 2015 ඉන්දියානු ආදර කතාවක් වටා ගෙතුණු චිත්‍රපටයක් වන අතර එය මහේෂ් භට් විසින් නිෂ්පාදනය කරන ලදී.

මෙම චිත්‍රපටයේ ඉම්රාන් හෂ්මි(ආරව්), වින්ද්‍යා බාලන්(වසූදා) සහ රාජ්කුම්මාර් රාඕ(හරී) රංගනයෙන් දායක වේ.

එය පදනම් වී ඇත්තේ, සම්ප්‍රදානුකූලව ඉන්දීය විවාහයකට එහෙනම් දෙපාර්ශවය කැමැත්ත නොවිමසා කුලය ජාතිය ආගම අනුව දෙමව්පියන් විසින් කතාකරන විවාහයක් හරී හා වසූදා අතර සිදු වේ. ඔවුන්ට දාව දරුවකු බිහි වෙයි. නමුත් අබිරහස් ලෙස වසූදා ගේ ස්වාමියා අතුරුදහන් වෙයි. වසර හයක් ගත වන තුරු තම එකම දරුවා ද රැක බලා ගනිමින් සරණක් පතන එමෙන්ම තරුණ ජීවිතයක් ගෙවන වසූදාගේ ජීවිතයට මහ ලොකු ආදරයක් සෙනෙහසක් රැගෙන "ආරව්" පැමිනෙන අතර ඒ සෙනෙහස ඉදිරියේ වසූදා අසරණ වෙයි. ආදරය පහස විඳින්නට සැරසෙන වසුදාට හරී ගේ(අතුරුදහන් වු ස්වාමියා) නැවත පැමිණීම කෙතරම් දුරට බලපායිද?

අනිවාර්යෙන්ම නරඹන්න.ඉතාමත් ආදරනීය හදවතට තට්ටු කරන කතාවක්...

06/06/2021

A Dog's Purpose

මෙම චිත්‍රපටය බල්ලෙකු වටා ගෙතුණු කතාවක් වන අතර මේ සාරාංශය වනුයේ බල්ලෙකු විවිධ කාල වකවානු හරහා අයිතිකරුවන් හතරක් සමඟ ජීවිත කාල හතරක් හරහා ගමන් කිරීමයි. එම ජීවිත කාල හතර තුළ ඔහු තම අරමුණ කුමක්ද කියා තේරුම් ගනී. අවසානයේ ඔහු තම ප්‍රථම ස්වාමියා සොයා ගැනීමට සමත් වේ.
මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ lasse Hallstrom වන අතර එහි තිරපිටපත ඩබ්ලිව් බෲස් කැමරන් විසින් ලියන ලදී. මෙය comedy හා fantasy ගණයට අයත් වන චිත්‍රපටයක් වේ. මෙහි 2017 ජනවාරි 19 මෙහි ප්‍රථම නිකුතුව සිදුවී ඇත. IMDB අගය 7.2 වේ.

04/06/2021

Hidden Figures (හිඩ්න් ෆිගර්ස්-සැඟවුණු සංඛ්‍යාත) යනු IMDB අගය 8.0 ලෙස සදහන් වන 2016 තියඩෝර් මෙල්ෆි විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු චිත්‍රපටයකි.

එය අභ්‍යවකාශ තරඟය(අමෙරිකාව සහ රුසියාව අතර) අතරතුර ජාතික ගුවන් හා අභ්‍යවකාශ පරිපාලනයේ (නාසා ආයතනයේ) සේවය කළ අප්‍රිකානු ඇමරිකානු කාන්තා ගණිතඥවරියන් තිදෙනෙක් පිළිබඳව 2016 දී එකම නමින් ප්‍රබන්ධ නොවන පොත මත පදනම් තනන ලද චිත්‍රපටියකි.

මෙම චිත්‍රපටයේ නාසා අධීක්ෂක ලෙස ඔක්ටේවියා ස්පෙන්සර් සහ ඩොරති වෝගන් සහ නාසා ඉංජිනේරු මේරි ජැක්සන් ලෙස ජැනෙල් මොනේ ද, කෙවින් කොස්ට්නර්, කර්ස්ටන් ඩන්ස්ට්, ජිම් පාර්සන්ස්, මහර්ෂලා අලි, ඇල්ඩිස් හොජ් සහ ග්ලෙන් පවෙල් ද සහාය චරිත නිරූපණය කරති.

එකල ඇමරිකාවේ තිබූ කළු සුදු වර්ණ භේදය නාසා ආයතනය තුළ ඇතිවූ කැලඹීමත්, පරිගණක ආගමනයත්, මිනිස් මනස පරිගණකයකට වඩා ශක්තිමත් බවත්, කළු සුදු ප්‍රභේදය පසෙකලා සියලුම දෙනා එකාමෙන් ජීවත් විය යුතු බවටත් ආදර්ශමත් කතා පුවතක් සත්‍ය සිදුවීමක් පාදක කරගෙන කරනු ලැබූ මේ චිත්‍රපටය අනිවාරයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්

04/06/2021

The Impossible (ද ඉම්පොසිබල්) ජේ. ඒ. බයෝනා විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර එයට පදනම් වී ඇත්තේ 2004 ඉන්දියානු සාගරයේ ඇතිවූ සුනාමි ව්‍යසනයට ගොදුරුවූ මරියා බෙලොන් සහ ඇගේ පවුලේ අයට මුහුණ පාන්න සිදු වූ කුරිරු ජල රකුසා ගේ අත්දැකීම්ය.

එහි මරියා ලෙස නඔමි වොට්ස්, ඉවාන් මැක්ග්‍රෙගර් සහ ටොම් හොලන්ඩ් ඇතුළු ජාත්‍යන්තර සම්මානනීය නළු නිළියන් ඇතුළත් වේ.

නිවාඩුවක් ගත කිරීමට තායිලන්තයේ සංචාරයක නිරත වෙන ඇමරිකානු පවුලකට 2004.12.26 ලෝකයම මුහුණ දුන් සුනාමි රළත් එහි බලපෑම බරපතලකම මෙම චිත්‍රපටය මගින් පෙන්නුම් කරයි.තාකෂණික ඥානය මනාව පෙන්වන, ලොකු වෙහෙසක් දරා නිර්මාණය කරන ලද චිත්‍රපටයක් බව මෙය නරඹන විට අනිවාර්යයෙන් දැනෙන බව නිසැකයි.සත්‍ය සිදුවීම් ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීම ඇගයිය යුතුම නිර්මාණයකි.

04/06/2021

Veer-Zaara වීර්-සාරා යනු IMDB අගය 7.8 වන යෂ් චොප්රා විසින් අධ්‍යක්ෂණය කරන ලද 2004 වසරේ තිරගත වූ ඉන්දියානු ආදර චිත්‍රපටයකි.

එහි පෙම්වතුන් ලෙස ෂාරුක් ඛාන්(වීර්) සහ ප්‍රීති සින්ටා රංගනයෙන් දායක වේ.වීර් ප්‍රතාප් සිං ඉන්දීය ගුවන් හමුදා නිලධාරියෙකු වන අතර සාරා හයාත් ඛාන් පාකිස්තාන දේශපාලඥයෙකුගේ දියණියකි. අසත්‍ය චෝදනා මත ඉන්දියානු වීර් වසර 22 ක් පකිස්ථානයේ සිරගත කර ඇති අතර, පාකිස්තානයේ තරුණ නීතිඥවරියක වන සාමියා (රාණි මුකර්ජි) ඔහුගේ නඩුවට එරෙහිව සටන් කරයි. අමිතාබ් බච්චන්, හේමා මාලිනී, දිව්‍යා දත්ත, මනෝජ් බජ්පායි, බෝමන් ඉරානි, අනුපම් ඛර් සහ කිරොන් ඛර් සහාය චරිත නිරූපණය කරති.

මෙම චිත්‍රපටය අදටත් හොඳම Romantic Films අතර වැජබෙන අතර,හිතට දැනෙන වදන් රාශියක් ඇති මෙම චිත්‍රපටය ඉන්දියාවේ සුන්දරත්වය,රටකට ජාතික වශයෙන් සමාන බව මිනිසුන් එකම ජාතියක් බව මනාව පෙන්වන ආදර්ශමත් නාට්‍ය කලානුසාරය ගැබ්ව ඇති චිත්‍රපටයකි.

01/06/2021

The Lovely Bones(මරණයට වෙනස් කළ නොහැකි ආදරණීය බන්ධනය-ද ලව්ලි බොන්ස්) යනු IMDB 6.7 වන පීටර් ජැක්සන් විසින් 2009 වසරේ අධ්‍යක්ෂණය කරන ලද ගුප්ත, ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර මාක් වෝල්බර්ග්, රේචල් වයිස්, සුසාන් සරන්ඩන්, ස්ටැන්ලි ටුචි, මයිකල් ඉම්පීරියෝලි සහ සාඕර්ස් රොනාන් රඟපෑමට දායක විය.

තිර රචනය පදනම් වූයේ ඇලිස් සෙබෝල්ඩ්ගේ සම්මානලාභී හා වඩාත්ම අලෙවි වන 2002 එනමින්ම වු නවකතාව මත ය.

එය මරණයට පත් වු ගැහැණු ළමයකු ගන්ධබ්බ සමයේ(ආත්මය සැරිසරන කාලය තුළ) ඇය මරණයට පත් කල ඝාතකයා පසුපස හඹා ගොස් ඇය ඇගේ පවුලේ අයව ඝාතකයාගෙන් ආරක්ෂා කර ගනිමින් ඔහු ඇයව මරණයට පත් කිරීම නිසා පළිගැනීමේ චේතනාවෙන් සහ ඇගේ පවුලට නිදහසේ ජීවත් වීමටත් තම ආත්මය සුවය ලබා ගැනීමට දරන උත්සාහය මේ කතාව තුළ අන්තර්ගත වේ.කීප විටක්ම වාරණයට ද ලක් වූ මෙම චිත්‍රපටය නිර්මාණශීලී මෙන්ම අපව ගුප්ත ලෝකයක් කරා රැගෙන යයි.අනිවාර්යයෙන්ම නරඹන්න..

01/06/2021

Drag Me to Hell (ශාපයක කෙරවර-ඩ්‍රැග් මී ටු හෙල්) යනු සෑම් රයිමි විසින් 2009 රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද IMDB අගය 6.5 වන අද්භූත කුතුහලය දනවන ත්‍රාසජනක චිත්‍රපටයකි.

බැංකු නිලධාරිනියකු වටා ගෙතුණු මෙම කතාවේ, ඇයට “දැඩි තීරණ” ගත හැකි බව ඇගේ ලොක්කාට ඔප්පු කළ යුතු නිසා, මහළු කාන්තාවකගේ උකස දීර්ඝ නොකිරීමට තීරණය කරයි. එම මැහැලිය බැගෑ පත් වුවත් ඇය එම තීරණයේම සිටී. මැහැලිය ට සිදුවූ ලැජ්ජාවට පළිගැනීමක් වශයෙන්, කාන්තාව ණය නිලධාරිණියට ශාප කරයි, එම භයානක ශාපය නිසා ඇය විඳින කරදරත් එම කරදරයෙන් මිදීමට මැහැලිය ලඟට යන නිලධාරිනියට ඇය මිය යාම නිසා ශාපය අවසන් කර ගැනීමට සමාව යැදීමට වත් අවස්ථාවක් නොලැබේ. නමුත් ඇයට එම ශාපයේ භූතාත්මයන් ගෙන් මිදීමටත් ජීවිතය ආරක්ෂා කර ගැනීමටත් මහත් වෙහෙසක් දැරීමට සිදුවෙයි. නමුත් අවසානය කුමක් වේ දැයි ඔබ මේ කතාව නරඹා ම තීරණය කරන්න...

ලෝකයේ බිහිසුණුම චිත්‍රපටත් අතර අමතක කළ නොහැකි චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය අනිවාර්යෙන්ම නරඹන්න..

31/05/2021

ෆොරස්ට් ගම්ප්(Forrest Gump) IMDB අගය 8.8 ක් වන 1994 දී රොබට් සෙමෙකිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර මෙම චිත්‍රපටය එරික් රූත් විසින් රචනා කරන ලදී.

එය 1986 දී වින්ස්ටන් ගෘම්ගේ නවකතාව මත පදනම් වූ අතර ටොම් හැන්ක්ස්, රොබින් රයිට්, ගැරී සීනයිස්, මයිකල්ටි විලියම්සන් සහ සැලි ෆීල්ඩ් යන නළු නිළියන් රංගනයෙන් දායක වේ.

20 වන සියවසේ එක්සත් ජනපදයේ ඇලබාමාහි මන්දබුද්ධික එහෙත් කරුණාවන්ත හදවතක් ඇති ෆොරස්ට් ගම්ප් (හැන්ක්ස්) ගේ ජීවිතයේ දශක කිහිපයක් ගෙවී යන ආකාරයත්, ජීවිතයේ යථාර්ථය පෙනි පෙනී, යථාර්ථයට නොඇලී මතුපිටින් ජීවිතය ගෙවන ගම්ප් හට වාසනාව පෑදෙන ආකාරයත්, මන්දබුද්ධික පුද්ගලයකුට ආදරය උරුම නැද්ද? පවුලක් උරුම නැද්ද? තමාගේ ලෙයින් දරුවෙකු ලබන්නට හැකියාවක් නැත්ද? තමාට ආදරය කරන සියලුම දෙනා ජීවිතයේ තමාව අත ඇරලා යද්දි එය ජීවිතයට දරා ගන්නේ කෙසේදැයි මෙම කතාවෙන් නිරූපණය කෙරේ.

චිත්‍රපටය නවකතාවට වඩා සැලකිය යුතු ලෙස වෙනස්ය. අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපට 50 අතර Forrest Gamp සමත් වෙයි. අනිවාර්යයෙන් නරඹන්න...

30/05/2021

The Help(ද හෙල්ප්-උදවුව) IMDB 8.0 ගනිනා මෙම චිත්‍රපටය 2011 ටේට් ටේලර් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද අතර මෙය කැතරින් ස්ටොකට්ගේ The Help 2009 නවකතාව පදනම් කරගත් චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ ජෙසිකා චැස්ටයින්, වියෝලා ඩේවිස්, සිසිලි ටයිසන්, බ්‍රයිස් ඩලස් හොවාර්ඩ්, ඇලිසන් ජැනී, ඔක්ටේවියා ස්පෙන්සර් සහ එමා ස්ටෝන් ඇතුළු නළු නිළියන් රංගනයෙන් දායක වේ.

චිත‍්‍රපටය තරුණ සුදු ජාතික කාන්තාවක් සහ ජනමාධ්‍යවේදියෙකු වන “ස්කීටර්” 1963 දී සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය අතරතුර කළු ජාතික ගෘහ සේවිකාවන් දෙදෙනෙකු වන අයිබිලීන් ක්ලාක් සහ මිනි ජැක්සන් සමඟ ස්කීටර් ගෘහ සේවිකාවන්ගේ දෘෂ්ටි කෝණයෙන් පොතක් ලිවීමට තීරණය කරයි, සුදු පවුල් සඳහා වැඩ කරන විට ඔවුන් මුහුණ දෙන ජාතිවාදය හෙළි කරයි.

ගෘහ සේවිකාවන් විදින දුක් මහන්සිය, ඔවුන් වර්ශ ගනන් තම රාජකාරිය ස්වාමියා රකිමින් ඔවුන් ගේ අකටයුතු ඉවසීම, තමන් ට තමාගේ ජීවිතයේ සුන්දර පැත්තක් දකින්න වෙරදරන කළු ජාතික සේවිකාවන්ගේ ඇහැට කඳුලක් උනන සුන්දර කතාවක්... පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි කතාවක්... ආදරය සෙනෙහස අපිට මග ඇරෙන බොහොමයක් දේ කියා දෙන කතාවක්... අනිවාර්යෙන්ම නරඹන්න නරඹා ඔබේ පෞද්ගලික අදහස් තවත් අයකුට උපකාරී වන අන්දමෙන් comment කරන්න

28/05/2021
31/03/2021

"KM Film & Acting Academy is an educational institution dedicated to teaching aspects of filmmaking and acting including such subjects as film production, fi...

Address


Telephone

+94771905326

Website

Alerts

Be the first to know and let us send you an email when Starlight Model Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Starlight Model Management:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share