One Sri Lanka

  • Home
  • One Sri Lanka

One Sri Lanka One Sri Lanka

22/04/2023
22/04/2023
22/04/2023

මේ රටේ මගී ප්‍රවාහනය වෙනුවෙන් මෙරටට ගෙන්වා ලංගම විසින් ධාවනය කරන බස්රථ බොහොමයක් බස් නොව ලොරි බව ලොව ප්‍රකට මෝටර් රථ ධාවන ශූරයෙකුවන ඩිලන්ත මාලගමුව පවසනවා. ලංගම රියදුරන් වෙනුවෙන් වැඩ මුළුවක් අවසන් කළ පසු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMA) සමඟ එක්ව මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පවසා සිටියා.

“අද අපේ රටේ මගීන් ප්‍රවාහනය කරන්නේ මගීන් ප්‍රවාහනය කරන්න ඕන වාහන නෙමෙයි. ඒවා බස් නෙමෙයි ඒවා ඇවිල්ලා ලොරි. ඇත්තටම මං මේ ලංගම රියදුරන්ට පුහුණුවක් කළා. ඒ වෙලාවේ ඇත්තටම මම ලංගම බස් එක එලෙව්වා. ඒ මට ඒ ගැන දැනගන්න ඕන හින්දා. අත්තටා ඒවා තියෙන්නේ එලවන්න පුළුවන් තත්වයක නෙමෙයි. ඒවා ලොරි. බ්රේක් ගැහැව්වම බ්රේක් එක ලොක් වෙනවා.

ඒවගේ සශ්පෙන්ෂන් වැඩ කරන්නේ නැහැ. වංගුවක් ගනිද්දී මුළු බස් එකම ඇලවෙනවා. එහෙම ඇලවෙන්නේ ඒකේ සශ්පෙන්ෂන් හදලා තියෙන්නේ මගී ප්‍රවාහනයට නොවන හින්දා. වෙන රටකනම් මගීන් ප්‍රවාහනයට මේවට ලයිසන් එක හම්බවෙන්නේ නැහැ. කඳුරට ඉඳලා එනකොට බස් පෙරලෙන්න එක හේතුවක් තමයි මේ ලොරිවල ABS බ්රේක්වත්, එක්ශෝර්ස් බ්රේක්වත් නැති එක. ඉතින් රියදුරු මහත්තුරු කකුල තියාගෙන එන්නේ බ්රේක් එකට. ටික වෙලාවක් ගියහම බ්රේක් නැති වෙනවා. ඒ වගේ වෙලාවක බ්රේක් නැතුව ගියහම රියදුරාටත් කරන්න දෙයක් නැහැ.

මම ලංගම මහත්වරුන්ගෙන් අහපුවහම ඔවුන් කිව්වා ඔවුනුත් විරුද්ධ වුණා කියලා මේ ලොරි ගෙනල්ලා මගීන් නග්ගගෙන ධාවනය කරන එකට. එහෙම තියෙද්දී මේවට අනුමැතිය දුන්න කව්රු හරි කවදා හරි මේකට වග කියන්න ඕනේ.

මොකද අපි ඇවිල්ලා සත්තු නෙමෙයිනේ ලොරිවල පටවාගෙන යන්න. අපි මිනිස්සු. අපි දියුණුයි කිව්වට තාම අපිව යවන්නේ ලොරිවලට ෂීට් ගහලා. ෂීට් බෙල්ට නැහැ, හෙඩ් ඩ්‍රෙස් නැහැ.

අපි නිතරම කියනවා රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව හරි අඩුයි කියලා. සාධාරණව හිතලා බලන්න, මේ වගේ ලොරියක ෂීට් ගහපු එකක පැයකට වඩා වැඩි කාලයක් ගෙවාගෙන වැඩට ආපුවහම වැඩ කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම වැඩ කරන්න බැහැ.

මට ලංගම රියදුරු මහත්වරු ගැන දුක හිතුණා. ඒ කට්ටිය පැනඩෝල් තියාගෙන ඉන්නේ. මොකද මේක බස් එකක් කිව්වට ඒක ලොරියක්නේ, ඉතින් ඒක එලවනකොට ඇඟට හරි අමාරුයි. ඒ හින්දා එලවන ගමන් පැනඩෝල් බොනවා ඇඟේ අමාරුවට. ඔය වාහනවල රියදුරු අසුන අඩි එකහමාරක් උස හීන් බටයක් උඩ තියෙන එකක්. වැදුනොත් ඉස්සෙල්ලාම කඩලා යන්නේ රියදුරු අසුන. මම රියදුරන්ට කිව්වා බස් එක කොහේ හරි වැදුනොත් ඉස්සෙල්ලාම මැරෙන්නේ ඔය ගොල්ලෝ කියලා.

මේ කිසි දෙයක් කමිටුවකින් බලලා නැහැ. මේවා ලංගම කට්ටිය ඉල්ලපු බස් නෙමෙයි. රජයෙන් හරි, ප්‍රවාහන අමාත්‍යාංශයෙන් හරි දෙන දෙයක් තමයි ලංගම අයටත් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ.

මම රජයෙන් ඉල්ලන්නේ ඉදිරියටවත් මේ ලොරි වලට ෂීට් ගහලා මගීන් ප්‍රවාහනය කරන්න අවසරය දෙන්න එපා කියලා. ආපු බස් වලට කරන්න දෙයක් නැහැ. මම ඉල්ලන්නේ මින් ඉදිරියටවත් මේවා ගේන්න එපා. විශේෂයෙන් ටාටා, ලේලන්ඩ් කියන්නේ ලොරි. දැන් අලුතින් ලේලන්ඩ් එකට ටර්බෝ එකකුත් හයි කරලා. ඒකෙන් වේගය වැඩි කරලා තියෙනවා බ්රේක් ගැන අවදානයක් නැහැ. එතකොට හසුරුවාගන්න අපහසුයි. බ්රේක් වල කාර්යක්ෂමතාවයක් නැහැ. මේ ගැන දන්නේ නැත්නම් අපෙන් හරි අහගන්න. අපි ස්වේච්ඡාවෙන් මේ දේවල් කියලා දෙන්නම්” යයි ප්‍රවීණ ධාවන ශූර ඩිලන්ත මාලගමුව පවසනවා.

උපුටා ගැනීමකි

13/03/2023
12/03/2023
12/03/2023

සම්පුර්ණ විස්තරය මෙතැනින් බලන්න
👉👉👉👉 https://tinyurl.com/mr48wk9k

http://nethgossip.lk/article/41297
11/07/2022

http://nethgossip.lk/article/41297

වැඩබලන ජනාධිපති තනතුර සඳහා නම් කිහිපයක්ම මේ වන විට යෝජනා වී තිබෙනවා. දැනට අගමැති වන රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන.....

Address


Alerts

Be the first to know and let us send you an email when One Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share