Democracy Watch Sr Lanka

  • Home
  • Democracy Watch Sr Lanka

Democracy Watch Sr Lanka This page is created to share updates and situation of election in Sri Lanka

29/08/2023

Democracy For Economic Recovery

11/03/2023

Need your support to protect democracy in SL

09/03/2023

ඡන්ද අයිතිය දිනාගැනීම උදෙසා වන මහජන නියෝජිත සමුළුව

People's Representative's Conference for Protecting the Franchise

வாக்குரிமையை வென்றெடுப்பதற்கான மக்கள் பிரதிநிதிகள் மகாநாடு

09/03/2023
09/03/2023
02/02/2023

පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක සමය තුළ ඔබ අපේක්ෂකයෙකු ලෙස හෝ ඡන්ද දායකයෙකු ලෙස ප්‍රචණ්ඩත්වයන්ට, තර්ජනයන්ට හෝ සමාජ මාධ්‍ය හිංසනයන්ට පත්වේ නම් හෝ නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරණයන් හෝ මැතිවරණ ව්‍යාපාරය සදහා රාජ්‍ය දේපල අවභාවිතයන් අත් දකින්නේ නම් අපට කියන්න.

සිංහල මාධ්‍ය ඇමතුම් - 0112 584 051
දමිළ මාධ්‍ය ඇමතුම් - 0112 584 047
======================================
உள்ளூராட்சி தேர்தல் பிரச்சார காலப்பகுதியில் ஒரு வேட்பாளர் அல்லது வாக்காளர் என்ற வகையில் நீங்கள் வன்முறை, அச்சுறுத்தல்கள் மற்றும் சமூகஊடகம் வழியான துன்புறுத்தல்களுக்கு உள்ளாகியிருந்தால் அல்லது சட்டவிரோத பிரச்சாரம் அல்லது பொதுச்சொத்துக்கள்(அரச சொத்துக்கள்)
தேர்தல் பிரச்சாரங்களுக்காக தவறாக பயன்படுத்தப்படுவதை அவதானித்தால், தயவுசெய்து கீழே குறிப்பிடப்பட்டுள்ள தொலைபேசி இலக்கங்களினூடாக எமக்குத் தெரியப்படுத்துங்கள்.

தமிழ்மொழி மூல அழைப்புக்கள் - 0112 584 047
சிங்களமொழி மூல அழைப்புக்கள் - 0112 584 051
=====================================
If you have been subjected to violence, threats or social media harassment during the local government election campaign season as a candidate or voter, or if you have experienced illegal campaigning or misuse of public property for election campaigning, please call us through the below numbers.

Tamil Medium Calls - 0112 584 047
Sinhala Medium Calls - 0112 584 051

28/01/2023

The continued efforts of the suspiciously state-sponsored groups to undermine people's right to franchise by repeated threats by members of the election commission to resign is a real threat to the democratic governance in the country.

22/12/2022
22/12/2022
03/09/2022
12/08/2021
03/06/2020

2020 පාර්ලිමේන්තු මැතිවරණය හා කොවිඞ් 19 අභියෝග
මැතිවරණ අභිමුව සිටි ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා කොවිඞ් 19 ව්‍යසනය අභියෝගයක් බවට පත්වීම දැනටමත් සිදුවී ඇත. පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර වර්ෂ 2020 අප්‍රේල් 25 වන දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් නිකුත්කරන ලද ගැසට් නිවේදනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසමට හැකියාව නොලැබුන අතර නාමයෝජනා භාර ගැනීමෙන් පසු, පළමුව මැතිවරණය පැවැත්වීම දින නියමයකින් තොරවද, දෙවනුව විධායකයේ වක්‍රාකාර බලකිරීම මත තාවකාලිකව ජුනි 20 වන දිනටද කල් දමනු ලැබ තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඉක්මවිමට ප්‍රථම නව පාර්ලිමේන්තුව රැස්වීමේ අවශ්‍යතාව පවතින හෙයින් මාස තුනකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවක් නොකැදවා තිබීමෙන් ජනාධිපතිවරයා විසින් චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමක් සිදු කරන්නේද යන්න සහ එහි ආනුශාන්ගික ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් පත්‍රයේ වලංගු බව ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තීබූ මූලික අයිතිවාසිකම් නඩු 8ක් දවස් 10 එක දිගටම කරුණු විමසීමෙන් පසුව නඩුව ඉදිරියට ගෙනයාමට ප්‍රමානවත් නෛතික කරුණු නොමැති බව තීරනය කර නිශ්ප්‍රභා කරන ලදී. එම තත්වය තුල මැතිවරණ කොමිසමට කොවිඩි 19 වසංගතය සම්පූර්ණයෙන් මර්ධනය නොකල පසුබිමක මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට සිදුවී ඇත. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු පරිසරයක් සකසාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව ජනාධිපතිවරයාගේ කාර්ය්‍යභාරයක් වන අතර එහි සැමටම සම තරග බිමක් තුල සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම මැතිවරණ කොමිසමෙහි කාර්ය්‍ය භාරය වේ.
ලෝකයේ රටවල් 30ට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලය තුල සිය මැතිවරණ කල් දමනු ලැබූ අතර දකුණු කොරියාව වෛරසයේ පැතිරයාම යම් දුරකට පාලනය කරමින් සිය පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි පවත්වන ලදී. දකුණු කොරියා මැතිවරණය තුල අනුගමනය කරන ලද දැඩි සනීපාරක්ෂක උපක්‍රමයන් හේතු කොටගෙන මැතිවරණයෙන් පසු යම් තරමකට වෛරසයේ ව්‍යාප්තිය පාලනය කළද නැවත සැලකිය යුතු කාලයකට පසු වෛරසය සීග්‍ර ලෙස පැතිරීමක් සිදු විය. දකුණු කොරියාව වැනි සීඝ්‍ර ආර්ථික වර්ධනයක් හා උසස් තාක්ෂණයක් ඇති රටකට දරාගත හැකි මැතිවරණය සඳහා කළ විශාල අතිරේක වියදම ශ්‍රී ලංකාව වැනි අධික ණය බරක් ඇති රටකට කොතෙක් දුරට දරාගත හැකිද යන්නද සැලකිල්ලට ගත යුතුය. කෙසේ වුවද, කොවිඩි 19 ලෝක ව්‍යාප්තිය නවත්වන තුරු අප සමාජය එකී අනතුරෙන් බැහැර නොවන බැවින් අවම අවදානමක් ඇතිව පශ්චාත් වසංගත තත්වය තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමක් පිලිබඳ සලකාබැලීමට ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද සිදුවී ඇත.
පශ්චාත් කොවිඞ් වසංගත තත්වයක් තුල ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීමේදී වඩාත් අභියෝගාත්මක අංශ කීපයක් පිළිබඳව අවධානය යොමුකළ යුතුය. එහිදී මැතිවරණ ව්‍යාපාරය හෙවත් දේශපාලන පක්ෂ හා අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු වැදගත් ස්ථානයක් උසුලයිග පවතින මැතිවරණ නීතිය යටතේ ප්‍රචාරක රැලි, කුඩා කණ්ඩායම් හමු, ගෙයින් ගෙට යාම් ආදී ක්‍රමවේද ඔස්සේ තම මැතිවරණ වයාපාරයන් මෙහෙවිීමට අපේක්ෂකයින්ට අවසර ඇත. එකී කටයුකු සංවිධානය කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින්, ජන්ද කොට්ඨාශ මට්ටමින් හා ඡන්ද මධ්‍යස්ථාන බල ප්‍රදේශ මට්ටමින් යම් යම් සීමාවන්ට යටත්ව ප්‍රචාරක කාර්යාල පවත්වාගෙන යාමට අපේක්ෂකයින්ට හා පක්ෂ වලට අවසරය ලැබේ. මෙම සියලු ක්‍රමවේදයන් කොවිඞ් 19 වසංගතය පාලනය හමුවේ අභියෝගයට ලක්වී ඇත. කොවිඞ් 19 පාලනයේ ප්‍රධාන උපායමාර්ගයක් වන සමාජ දුරස්ථකරණ මෙම මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේද සමගින් පවත්වාගෙන යාම ප්‍රායෝගිකව පහසු නොවනු ඇත. මැතිවරණ ව්‍යාපාරයකට අවසර නොදී මැතිවරණ පැවැත්වීම අපේක්ෂකයින්ට මෙන්ම ඡන්ද දායකයින්ටද කරනු ලබන දැඩි අසාධාරණයක් මෙන්ම සිය වරණය කිරීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට කළ බාධාවක්ද වනු ඇත. එසේ හෙයින් සෞඛ්‍ය ආරක්ෂිත මැතිවරණ ව්‍යාපාරයක් සඳහා ප්‍රතිපාදන සකස් කිරීමේ වගකීමෙන් මැතිවරණ කොමිසමට බැහැර විය නොහැක. විශාල වශයෙන් ජනතාව ඒකරාශි කරනු ලබන දිස්ත්‍රික් හා මැතිවරණ කොට්ඨාශ මට්ටමින් පවත්වන රැලි සඳහා සීමාවන් පැනවීමත් කොවිඞ් වෛරසය පැතිරීම පාලනය කිරීමට අදාල නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නාවූ කුඩා කණ්ඩායම් රැස්වීම් වලට දේශපාලඥයන් පෙළඹවීම එක් විකල්පයක් ලෙස සලකා බැලිය හැක. ශ්‍රී ලංකාවේ මැතිවරණ ව්‍යාපාර වලට දරුවන් ගෙන ඒම හා දරුවන් සිප ගැනිම වැනි බහුල ලෙස හා කණගාටුදායක ලෙස දක්නට ලැබුනූ අතර එවැනි ක්‍රියාවන් මැතිවරණ ව්‍යාපාරය තුල මුලුමනින්ම තහනම් කළ යුතුය.
බාහිර පුද්ගලයන් හා දේශපාලන ආධාරකරුවන් ගෙයින් ගෙට ගොස් කරන මැතිවරණ ප්‍රචාරණය දැඩි සෞඛ්‍ය තර්ජනයක් එල්ල කළ හැකි බැවින් ඒ සඳහා දැඩි සීමාවන් හා විකල්ප ක්‍රමවේද හදුන්වා දීම අත්‍යාවශ්‍ය වනු ඇත. අපේක්ෂකයන් සඳහා තැපැල් මාර්ගිකව තම ප්‍රචාරක කටයුතු කිරීමට වැඩි ඉඩකඩක් ලබා දීම, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නිසි සැලැස්මක් ඇතිව ප්‍රචාරක කටයුතු සඳහා අවසර දීම සහ කොමිසම මගින් අනුමත කරන සාධාරණ මිලක් මත විධ්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සෑම අපේක්ෂකයාටම සාධාරණව භාවිතා කිරීමට අවකාශ සලසා දීම වැනි විකල්පයන් පිළිබඳව මැතිවරණ කොමිසම අවධානය යොමුකළ යුතුය. මැතිවරණ නීතිය අනූව දැනට පවතින පෝසටර් සහ කටවුට් තහනම ඒ අයුරින්ම පවත්වාගෙන යාම පරිසරයේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා මෙන්ම මැතිවරණ ප්‍රචන්ඩක්‍රියාවන් අවමකිරීම සඳහා අත්‍යාවශ්‍ය වනු ඇතග පෝස්ටර් ගැලවීම, ගැලවීම සහ පවතින පෝස්ටර යටකර වෙනත් අපේක්ෂකයකුගේ පෝස්ටර ඇලවීම මැතිවරණ නිරීක්ෂකයින්ට අනූව විවිධ දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් අතර මෙන්ම එකම දේශපාලන පක්ෂයේ අපේක්ෂකයින් අතරද ගැටුම් වැඩිවීම සඳහා පසුගිය මැතිවරණ වලදී හේතු වී ඇත. කෙසේ වුවද විධිමත් උපමාන පද්ධතියක් අනූව සමාජ මාධ්‍ය මැතිවරණ ප්‍රචාරණය සඳහා ලබා දීම වඩාත් යෝග්‍ය පියවරක් වනු ඇතග එහිදී වෛරී කථනය හා අසත්‍ය ප්‍රචාර හැකි උපරිම මට්ටමින් වැලැක්වීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් හදුන්වාදීම අත්‍යාවශ්‍ය වේග මේ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන මැතිවරණ නිතිය තුල නොමැතිවීම කොමිසම මුහුණ දෙන තවත් අභියෝගයක් වනු ඇත.
කොවිඩි 19 අභියෝගය හමුවේ මැතිවරණ පැවැත්වීමේදී අවධානය යොමු කළ යුතු තවත් සුවිශේෂ ක්‍ෂේත්‍රයක් ලෙස මැතිවරණ නිළධාරීන් පුහුණු කිරීම පෙන්වාදිය හැකිය. 2019 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය අවසන් වී මාස 6ක් පමණ වන මෙවන් අවස්ථාවක නැවත මැතිවරණ නිළධාරීන් පුහුණු කළ යුතුද යන ප්‍රශ්නය කෙනෙකුට නැගිය හැක. මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදයේ සැලකිය යුතු වෙනසක් නොමැති බැවින් එම තර්කය සාධාරන බැව් පෙනුනද, කොවිඞ් තර්ජනය සියයට සියයක් තුරන්වීමට පෙර මැතිවරණය පවත්වන්නේ නම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ මැතිවරණය පැවැත්වීම පිළිබඳ උපදෙස් පංති පැවැත්විීම අත්‍යාවශ්‍ය කරුණක් වනු ඇත. එහිදී මැතිවරණ නිළධාරීන් සීයය දෙසීය වැනි සංඛ්‍යා සහභාගී වන පුහුණු පන්ති වෙනුවට නව තාක්ෂණය භාවිතා කරමින් පවත්වනු ලබන අන්තර්ජාලය හරහා සිදුකරන පුහුණු හෝ ස්වඅධ්‍යයන වැඩසටහන් හදුන්වාදීම කෙරෙහි මැතිවරණ කොමිසම අවධානය යොමු කළ යුතුය. මෙම ක්‍රමවේදයේ වර්ධනය මගින් පුහුණු වැඩසටහන් සඳහා වැය වන අධික වියදම අවම කිරීමට මෙන්ම අනවශ්‍ය පරිදි රජයේ නිළධාරීන්ගේ කාලය අපතේ යාම කළමනාකරණය සඳහා අවස්ථාවක් සැලසෙනු ඇත.
ජන්ද පැවැත්වීමට අදාල යටිතල පහසුකම් සම්පාදනයද කොවිඞ් 19 හමුවේ අතිරේක අවදානමකට ලක්වීම නොවැලැක්විය හැකිය. ජන්ද පෙට්ටි, ජන්ද පත්‍රිකා හා අනෙකුත් ලිපි ද්‍රව්‍ය බෙදාහැරීමේ සිට මැතිවරණ නිළධාරීන් ප්‍රවාහනය, නවාතැන් පහසුකම් හා ආහාර පාන සැපයීම සහ ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම ආදී සෑම කටයුත්තකදීම වෛරසයේ ව්‍යාප්තියට සුලු හෝ ඉඩක් නොලැබෙන ආකාරයෙන් අතිරේක සැලකිල්ලකින් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වනු ඇත. මැතිවරණ කටයුතු සඳහා නිළධාරීන් අනුයුක්ත කිරීමේදී යම් යම් රෝගී සහ ගර්භනී භාවය වැනි තත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින් මැතිවරණ රාජකාරි සඳහා නොයෙදීම මෙහිදී වැදගත් වන අතර එය හේතුකොට ගෙන විශාල නිළධාරීන් පිරිසක් මැතිවරණ රාජකාරි සඳහා යොදාගත නොහැකි තත්වයට පත්වීමට ඉඩ ඇත. අනෙක් අතින් සමහර නිළධාරීන් කොවිඞ් ආසාදනය වීමේ බිය නිසා මැතිවරණ රාජකරිී සඳහා සහභාගී වීමෙන් වැලකී සිටීමට දරන උත්සාහයන් නිසා ප්‍රමාණවත් නිළදාරීන් පිරිසක් සේවයේ යෙදවීමද මැතිවරණ කොමිසමට මුහුණ දීමට සිදුවන තත්වයක් විය හැක. එසේ හෙයින් ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ හා ක්‍රමදවේයන් පිලිපැදීමට අවශ්‍ය පසුබිම සපයන බවට විශ්වාසයක් ගොඩනැගීම අවශ්‍ය වේ.
ඡන්ද මධ්‍යස්ථාන පිහුටුවීමේදී මීටරයක පරතරය ඇතිව නිලධාරීන්ට කටයුතු කිරීමට හැකියාව ඇතිවන ලෙස ඉඩ පහසුකම් වැඩි ස්ථාන යොදාගැනීමට සිදුවන අතර බෙදා වෙන්කරන ලද කුඩා පන්ති කාමර ඇති පාසල් වල ජන්ද මධ්‍යස්ථාන පිහිටුවීමෙදී ඒ සඳහා විකල්ප ක්‍රමවේදයන් පිළිබද විමසා බැලීමට සිදුවේ. සමහර ස්ථාන වලදී තාවකාලික කූඩාරම් ජන්ද මධ්‍යස්ථාන ලෙස සකස් කිරීම වැනි තත්වයන්ට යොමුවිමට සිදුවනු ඇත. එමෙන්ම සෑම ජන්ද මධ්‍යස්ථායක්ම මහජන සෞඛ්‍ය නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ පිහිටුවීම හා පවත්වාගෙන යාම ජන්දය සඳහා යටිතල පහසුකම් සැපයීමේදී වැදගත් වනු ඇත. ජන්ද මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සම්බන්ධිකරණය කරනු ලබන ග්‍රාම නිළධාරී මහත්ම මහත්මීන්ට මේ වන විටත් ගම් මට්ටම්න් කොවිඞ් අවධානම කළමනාකරණය පිළිබඳ යම් අවබෝධයක් ලැබි ඇති හෙයින් එය මැතිවරණ කළමනාකරණය සඳහා වාසි දායක තත්වයක් වනු ඇත.
අවම කොවිඞ් අවධානම් තත්වයක් යටතේ වුවද මැතිවරණ දිනයේ ඡන්ද මධ්‍යස්ථාන කටයුතු පවත්වාගෙන යාම සහ ඡන්ද ගණන් කිරීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමුකිරීමට මැතිවරණ කොම්සමට සිදු වනු ඇත. දකුණු කොරියාව කොවිඞ් අවදානම කළමනාකරණය කරමින් මැතිවරණය පැවැත්වීමට යොදාගත් භාවිතයන් අපගේ ආර්ථික ශක්තීන් හා කළමනාකරණ ක්‍රමවේදයන් අනූව ගලපාගැනීමට උපායමාර්ගිකව අපට යොමුවිය හැක. දකුණු කොරියානු ඡන්ද දායකයින් 26%ක් පමණම කලින් ඡන්දය ප්‍රකාශ කිරීම හෙවත් ඇඞ්වාන්ස් වෝටින් යන ක්‍රම වේදය භාවිතා කිරීම යම් තරමකට මැතිවරණ දින තද බදය අඩුවීමට හේතු වුවා විය හැකිය. එය මැතිවරණ දිනයේ අතිවන ඡන්ද පෝලිම් වල ප්‍රමාදය සඳහා නිවැරදි විසදුමක් වන්නට ඇත. ශ්‍රී ලංකාවේ දැනට භාවිතා වන තැපැල් ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වඩාත් පුළුුල්ව යොදාගැනීමෙන් මෙවැනිම ප්‍රථිඵලයක් ලබාගත හැකි වනු ඇත. විශේෂයෙන් අවධානම් රැකියාවල නියුතු හෙදියන්, වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්ය්‍ය මණ්ඩල, ආබාධිත පිරිස්, ජනමාධ්‍යවේදීන් සහ මැතිවරණ කිරීක්ෂකයින් ආදී කන්ඩායම් සඳහාද තැපැල් ඡන්දය පුළුල් කිරීම මගින් තවත් සැලකිය යුතු පිරිසක් මැතිවරණ දින ඡන්ද පෝලිමට එක් වීම අඩුකර ගත හැක. එමෙන්ම මැතිවරණ දිනයේ ඡන්ද පොලට පැමිණෙන ඡන්ද දායකයින් මීටරයේ පරතරයෙන් රඳවා තබාගැනීම, සියලුදෙනා විෂබීජානුහරණයට කර ඡන්ද පොල ඇතුලට ගැනීම, මාස්ක් එක පැලද පැමිණීමේ අවශ්‍යතාව හා අනන්‍යතාව තහවුරු කරගැනීම සහ ජන්ද සලකුණු කිරීමේ කුටිය විෂබීජානුහරණය වැනි අභියෝගාත්මක කාරණා සඳහා මුහුණ දීමට නව උපායමාර්ගයන් අනුගමනය කිරීමට මැතිවරණ කොමිසමට සිදුවනු ඇත.
අතිවිශාල නිළධාරීන් හා පක්ෂ නියෝජිතයන් පිරිසක් එක ශාලාවකට රැස් කරමින් සිදු කරන ජන්ද ගණන් කිරීමේ ක්‍රමවේදය තව දුරටත් මෙම මැතිවරණයේදී සිදුකරනවාද යන්න හෝ එසේ නොමැතිනම් පළාත්පාලන මැතිවරණයේදී මෙන් යම් ආකාරයක ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් ගණන් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරනවාද යන කාරනය පිලබදවද මැතිවරණ කොමිසමේ අවධානය යොමු කළ යුතුව ඇත. ඒ සඳහා පවත්නා මැතිවරණ නීතිය අවසර නොදෙන මුත් ගණන්කිරීමේ මධ්‍යස්ථාන වලදී කුඩා කණ්ඩායම් ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිලිබදව සලකා බැලීමට හැකිවනු ඇත. කෙසේ වුවද සාමාන්‍ය අවස්තාවලදී මැතිවරණ නිළධාරීන් අනුගමනය කරන සම්පූර්ණයෙන් ආවරණය කරන ලද කාමර තුල විශාල පක්ෂ නියෝජිත පිරිසක් ඉදිරියේ ගණන් කිරීම වැනි ක්‍රමවේද භාවිතා කිරීමට නොහැකි වීමත් ඒ හෙයින්ම මනාප සංඛ්‍යාවන් පිලිබද අවිශ්වාසයන් ගොඩනැගීම අවම කිරීමට පියවර ගැනීමත් අභියෝගාත්මක කරුණක් වනු ඇත.
සමස්ත මැතිවරණ ක්‍රමය දෙසම විමසිලිමත්ව බැලීමේදී ප්‍රකට වන කරුණක් වනුයේ මැතිවරණ ක්‍රමයේ සමහර භාවිතාවන් වෙනස් කිරීමට මැතිවරණ කොමිසමට හැකියාව ඇතත් තැපැල් ඡන්ද අයිතිය පුළුුල් කිරීම, සමාජ මාධ්‍ය භාවිතය විධිමත් කිරීම සහ ඡන්ද ගණන්කිරීමේ ක්‍රමවේද සංශෝදනය වැනි දේ සඳහා නීති සංශෝදනය කිරීමේ අවශ්‍යතාව පවතින බවයි. මේ මොහොතේ පරණ පාර්ලිමේන්තුව කැදවන්නේ කුමටද යනුවෙන් අසන ප්‍රශ්නයට තවත් එක් ප්‍රභල හේතුවක් ලෙස පවතින මැතිවරණ නීතියේ යම් සංශෝධන සිදුකර කොවිඞ් 19 අභියෝගය හමුවේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස්කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දිය හැක.
කෙසේ වුවද පවතින දේශපාලන තත්වය තුල නැවත පරන පාර්ලිමේන්තුව කැදවීම පිලිබඳ අපේක්ෂාවකට කිසිදු ඉඩක් නොමැති බැවින් මැතිවරණ කොමිසම හැකි පමණ සිය ශක්තිය අනූව සකස් කරනු ලබන නියෝග අනුව නිදහස් හා සාධාරන මැතිවරණයකට ඉඩ කඩ සලසනු ඇතියි අපේක්ෂා තබාගැනීමට සිදුව ඇත.

10/10/2019
10/10/2019

අන්තර්ජාතික ජනරජ ආයතනයෙහි සහ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනයෙහි ඒකාබද්ධ ධූත පිරිස විසින්නොවැම්බර් 16 වන දින පැවැත්වෙන ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධය‌ෙන් ඉදිරිපත් කරන නිර්‌ද‌ේශ

https://www.ndi.org/sites/default/files/FINAL%20Sri%20Lanka%20PEAM%20Press%20Release-Sinhala.docx.pdf

NDI/IRI joint Election Observation mission has issues a pre election assessment.For Immediate Release: October 10, 2019J...
10/10/2019

NDI/IRI joint Election Observation mission has issues a pre election assessment.

For Immediate Release: October 10, 2019

Joint NDI/IRI International Election Observation Mission Releases Recommendations in Advance of Sri Lanka’s Nov. 16 Presidential Election
COLOMBO, Sri Lanka – Today, the International Republican Institute (IRI) and the National Democratic Institute (NDI) international pre-election assessment delegation to Sri Lanka released a statement on its findings and recommendations for Sri Lanka’s November 16 presidential election. The statement is also available in Sinhala and Tamil.
From September 30 to October 4, 2019, the delegation met with party representatives from across the political spectrum. This included the Election Commission; members of Parliament; government officials; civil society representatives, including leaders of citizen election observer groups; women political activists; representatives of media-related organizations; and representatives of the international and diplomatic communities. Based on these meetings and on-the-ground observations, the delegation’s statement offers recommendations to help improve the prospects for transparent, secure and credible elections, as well as public confidence in the process.
Key recommendations include:
• Media Bias: The Election Commission should promulgate stronger guidance on the responsible and ethical use of media – print, broadcast, and social – and promotional materials by candidates and their supporters during the election campaign. Public and private media outlets should abide by this guidance, especially in relation to unbiased and equitable coverage of all candidates. Following the presidential election, Parliament should consider legislation, in conjunction with the Election Commission, to curb hate speech, misinformation and disinformation in private media, while protecting freedom of expression and access to information.
• Campaign Finance: To increase the transparency of the electoral process and empower citizens to make more informed choices, presidential candidates should make public the asset and liability declarations they submit to the Election Commission. Over the long-term, Parliament should take up the issue of campaign finance limits, reporting, and foreign contributions.
• Voter Education: The Election Commission, political parties, media, and civil society should increase voter education initiatives, especially regarding the preferential vote system and ballot marking. There should be an increase in targeted voter education campaigns for women, young people and citizens who live in rural areas, focusing on the importance of each citizen’s vote, access to electoral dispute resolution mechanisms, and accessibility and accommodations for persons with disabilities.
• Code of Conduct: Sri Lanka’s political parties should agree to a voluntary, multiparty Code of Conduct facilitated and enforced by the Election Commission that is consistent with best practices, and helps mitigate the potential for violence and the spread of misinformation, disinformation and hate speech.
These recommendations are intended to address key challenges Sri Lanka faces ahead of the election, such as concerns regarding understanding of the preferential voting system, barriers to the full participation of women and other marginalized groups, partisan media coverage, and a lack of campaign finance laws.
“Sri Lanka is facing a consequential national election, one that could determine the future direction of the country’s democracy,” said delegation leader Ambassador Karl Inderfurth, former Assistant Secretary of State for South Asian Affairs. “The 2019 Easter Sunday attacks threatened to undermine the harmony that Sri Lanka has long sought. This election is an opportunity for the country to reinforce its commitment to pluralism and peaceful coexistence. Ethnic harmony is crucial to the country’s underlying peace and security.”
“This election is a unique chance for Sri Lanka to move forward and reaffirm pluralism and diversity that are vital to peace and progress,” said former Deputy Assistant Secretary of State for Political-Military Affairs Kara Bue, who also lead the delegation. “We also look forward to future elections that should present additional opportunities for women to be included in political leadership positions.”
IRI and NDI conducted this mission in accordance with the Declaration of Principles for International Election Observation and recognize that it is the people of Sri Lanka who will determine the credibility and legitimacy of their elections and their country’s democratic development.
In addition to Ambassador Inderfurth and Ms. Bue, the delegation also included Hon. Maria Chin Abdullah, Malaysian Member of Parliament; Mr. S.Y. Quraishi, former Election Commissioner of India; Mr. Manpreet Singh Anand, Regional Director for Asia and the Pacific, NDI; and Mr. Scott Mastic, Vice President for Programs, IRI.

For more information, contact:
Clayton McCleskey, Phone: +1 202-728-5429, Email: [email protected]
# # #
The National Democratic Institute (NDI) is an independent, nonprofit, nonpartisan organization working to support and strengthen democratic institutions worldwide through citizen participation, openness and accountability in government. More information is available at www.ndi.org.

A nonprofit, nonpartisan organization, the International Republican Institute (IRI) advances freedom and democracy worldwide by helping political parties to become more responsive, strengthening transparent and accountable governance, and working to increase the role of marginalized groups in the political process – including women and youth. More information is available at www.iri.org.

The National Democratic Institute is a nonprofit, nonpartisan organization working to support and strengthen democratic institutions worldwide through citizen participation, openness and accountability in government

10/10/2019

DemocracyWatchlk is dedicated to provide you election information as a citizen initiative and analyse real situation of election campaigns. This page will share information and analysis related 2019 Presidential election form nomination onward.

06/10/2019

Address


Alerts

Be the first to know and let us send you an email when Democracy Watch Sr Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Democracy Watch Sr Lanka:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share