TV Chilaw

TV Chilaw TV Chillaw is one of the stepping stones in making this vision a reality. The people of this nation are at crossroads today.

A media platform tailor made to spread this message and the success stories that will soon follow. A global pandemic and its effects on our volatile economy and state of affairs has brought people from many walks of life to their knees. In response to unfolding events, a vision was born. A community outreach program by the people for the people, made up of a series of projects and endeavors, as pa

rt of the Corporate Social Responsibility (CSR) initiative of P&I Engineering Solutions Pvt Ltd and Cinemaworkz Pvt Ltd. Our vision
To provide a platform that reaches all corners in a community, to give hope and mend lives. To connect the less fortunate with people and organizations willing to give a helping hand within that community itself. To guide capable entrepreneurs in the community who have lost much in the recent past, and be an overall beacon of hope irrespective of race, color and religion. We courage and welcome able citizens and corporations in the Chilaw community to join hands with us as sponsors, to be a part of this noteworthy cause. Sponsorship may be in the form of equipment and supplies for the cause, donation supplies and products, monetary contributions, services / training or employment opportunities for the less fortunate or financial assistance for small and medium sector businesses in need. Recognition and Benefits for sponsors. Building and Strengthening brand awareness and image
Brand awareness in specific demographic segments
Building product awareness and visibility
Demonstrate corporate social responsibility and goodwill by supporting an important cause
Encouraging public interaction and testing of new products and services
Enhancing credibility
Increasing product sales
Recruiting, retaining and motivating employees.

07/09/2022

රාවණා රජු විසින් කරවන ලද වසර 5000කටත් වඩා පැරණි,අපේ හලාවත - මුන්නේශ්වරම් මහා භද්‍රකාලි කෝවිල.

පාකිස්තානය සහ ශ්‍රීලංකාව අවසාන මහා තරගයට
07/09/2022

පාකිස්තානය සහ ශ්‍රීලංකාව අවසාන මහා තරගයට

සර් මේ පොටෝ ටික වැදගත් වෙයි කියල හිතුන. මේ කූඩුව ලංකා රාජ අලියා කියන පක්ෂියගෙ කුඩුවක්. කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. අප...
25/08/2022

සර් මේ පොටෝ ටික වැදගත් වෙයි කියල හිතුන. මේ කූඩුව ලංකා රාජ අලියා කියන පක්ෂියගෙ කුඩුවක්. කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. අපේ දරැවො තියා මමත් දැක්කමයි. මේ කුඩුව දිගින් අඩි 6 කට වැඩියි. උස අඩි 4 විතර වෙනව. සාමන්‍යයයෙන් දර කෝටු හොන්ඩර 5 කට වැඩියි. මනුස්සයකුට නිදා ගන්න තරම් විසාලයි. මේ කුඩුව හදල තියෙන්නෙ පොලව මට්ටමේ සිට අඩි 150 පමන උසින්. අපි වැඩ කරන ටවර් එකක මුදුනෙ. නොරොච්චෝලෙ බලාගාරයෙ විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ කනුවක.

Lanka Sathosa 🙏
24/08/2022

Lanka Sathosa 🙏

රටේ ඉහලම ධනවතාගේ සිට දුගීම යාචකයා දක්වා සිය දහඩිය මහන්සිය කැප කර රට ගොඩනැගීමට ලබා දෙන මහජන බදු මුදල්,ජනතාවට උපරිම සේවාවක් ලබා දීම වෙනුවෙන් සකසා ඇති ක්‍රියාපටිපාටියෙන් පටහැනිව සිය ව්‍යාපාරයක් පාලනය කරන ආකාරයෙන් වගකීම් විරහිතව වැඩ කරමින් ආයතනයේ මුදල් විනාශ කරන කිසිවෙක් නොරකින අතර, නිවැරදිව ක්‍රියාකරන සියල්ලන් ආරක්ෂා කරමි.

හෙට
05/05/2022

හෙට

ශ්‍රී ලංකාවේ හර්තාල ඉතිහාසය. *හර්තාල් (Hartal) යන්න ඉන්දීය භාෂා සම්භවයක් සහිත වචනයකි. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව, හර්තාල්...
04/05/2022

ශ්‍රී ලංකාවේ හර්තාල ඉතිහාසය.
*

හර්තාල් (Hartal) යන්න ඉන්දීය භාෂා සම්භවයක් සහිත වචනයකි. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව, හර්තාල් යන්නෙන් අදහස් කෙරෙන්නේ 'පොදු වැඩවර්ජනයක්' (a general strike) යන්නයි. ඉන්දීය නිදහස් අරගලය තුළ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහිව අවස්ථා ගණනාවකදී හර්තාල් හට ගැනුණි.

පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාවේ හර්තාල ඉතිහාසය 1953 දක්වා දිව යයි. 1952 පත් වූ ඩඩ්ලි සේනානයක ආණ්ඩුවේ අභිනව මුදල් ඇමති, ජේ. ආර්. ජයවර්ධන විසින් 1953 ජුලි 23 දා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට එරෙහිව ජනතා විරෝධතා ඉස්මතු වූ අතර, ශත 25ට ලබා දුන් හාල් සේරුව ශත 70 දක්වා වැඩිවීම ඇතුළු අතවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම, ප්‍රවාහන ගාස්තු වැඩිවීම ආදී කරුණු රැසක් මෙම ජනතා විරෝධයට හේතුසාධක විය.

ආරම්භයේදී රට පුරා පැනනැගුණූ ආණ්ඩු විරෝධි උද්ඝෝෂණ සඳහා නිසි දේශපාලන නායකත්වයක් නොවූණ ද වෛද්‍ය එස්.ඒ වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ලංකා කොමියුනිස්ට් පක්ෂය, ආචාර්ය එන්.එම් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ලංකා සමසමාජ පක්ෂය හා පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් විප්ලවකාරි ලංකා සමසමාජ පක්ෂය ඇතුළු වෘත්තිය සමිති පොදු ජන විරෝධතාවයට නායකත්වය ලබාදීමට ඉදිරිපත් විය.

ඒ අනුව, ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට එරෙහිව දීප ව්‍යාප්ත හර්තාලයක් කැඳවීම සඳහා ලංකා කම්කරු සමිති සම්මේලය මෙහෙයවීමෙන් 1953 ජුලි 20 පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති සාකච්ඡාවකදී ගනු ලැබූ තීන්දුව දැනුම්දීම සඳහා 1953 අගෝස්තු 11වැනිදා ගෝල්ෆේස් පිටියේ මහා ජන රැළියක් කැඳවන ලදී.

1953 අගොස්තු 13 සහ 14 යන දිනවල හර්තාල් විරෝධතා දිවයින පුරා ඇදී ගියේය. කෙසේ වෙතත්, හර්තාලය තවදුරටත් ගෙනයෑම අනතුරුදායක යැයි පවසමින් කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය සහ විප්ලවකාරි සමසමාජ පක්ෂය වෙනුවෙන් එහි නායකයින් වන පීටර් කේනමන්, එන්.එම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන හර්තාලය ආපසු කැඳවීමට කටයුතු කළද එම උත්සහය සාර්ථක නොවීය.

හර්තාලය හේතුවෙන් ඇතිවු මහජන නොසන්සුන්කාරීත්වයන් පාලනය කිරීමට පොලීසිය හා හමුදාව කටයුතු කළ අතර එහිදී ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 11 ක් මරණයට පත් විය.

හර්තාලය ප්‍රතිඵලයක් ලෙස 1953 ඔක්තෝබර් 12 අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, ‌මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධනට ද සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

1956 මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ රජය පරාජයට පත්වීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුබලය දිනාගැනීමට හර්තාලය මඟින් නිර්මාණය කළ දේශාපාලන විභවය හේතුසාධක වූ අතර, 1953 හර්තාලය මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරයට හා වාමංශික ව්‍යාපාරයට පාඩම් රැසක් උගැන්වූ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැක.
*

(ඡායාරූපය: දීප ව්‍යාප්ත හර්තාලයක් පවත්වන බවට ගත් තීන්දුව දැනුම්දීම සඳහා 1953 අගෝස්තු 11වැනිදා ගෝල්ෆේස් පිටියේ රැස්වීම අමතන සමසමාජ පක්ෂ නායක ආචාර්ය එන්.එම් පෙරේරා සහෝදරයා.)

ලොව උඩුයටිකුරු කරන නව වෛරසයක් සයිබිරියාවෙන්, ආසියාවට සුනාමි අවදානමක් : 2022 වර්ෂය වෙනුවෙන් බාබා වැන්ගා ගේ අනාවැකි!!2022 ...
28/12/2021

ලොව උඩුයටිකුරු කරන නව වෛරසයක් සයිබිරියාවෙන්, ආසියාවට සුනාමි අවදානමක් : 2022 වර්ෂය වෙනුවෙන් බාබා වැන්ගා ගේ අනාවැකි!!
2022 වර්ෂයේදී සයිබීරියාවෙන් නවතම වෛරසයක් හමුවෙනු ඇති බවට "බෙල්කන් හි නොස්ට්‍රඩමස්" යනුවෙන් හඳුන්වනු ලබන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.
බාබා වැන්ගා විසින් 2022 වසර සඳහා පළකර ඇති අනාවැකි අනුව සයිබීරියාවේ හිමමත තිබෙන මෙම වෛරසය පර්යෙක්ෂකයින් විසින් සොයා ගැනෙනු ඇති බවත් එය මනුෂ සංහතියට දැඩි තර්ජනය ගෙන දෙනු ලබන වෛරසයක් වන බවයි ඇය විසින් සඳහන් කර ඇත්තේ.
ඩයනා කුමරියගේ මරණය, 9/11 දින අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යයේ ඉවත්වීම ඇතුළු අනාවැකි රැසක් පළකර සිටි බාබා වැන්ගා 1911 වර්ෂයේදී බල්ගේරියාවේ උපත ලැබූ කාන්තාවක් වනවා. ඇය කුඩා කාලයේදී ටෝර්නේඩෝවකට හසුවීමෙන් අතුරුදහන්වී පැය කිහිපයකට පසුව ගම්වැසියන් විසින් සොයා ගනු ලැබූ අතර, එතැන් පටන් ඇය ගේ දෙනෙත් අන්ධ විය.
තමාව දුවිලි කුණාටුවකින් ඔසවා ගෙන ගිය බවත් එහිදී කවුරුන් හෝ තමන්ට කතා කරන ශබ්දය ඇසුණු බව පැවසූ බාබා වැන්ගා අනාගතයේදී සිදුවිය හැකි දේ ගැන අනාවැකි පළකිරීමේ හැකියාව තමන් සතුව බව ප්‍රකාශ කර සිටියා.
පළමුව ඇයගේ එම ප්‍රකාශය ගම්වැසියන් විසින් හාස්‍යට ලක් කෙරුණද පසුව ඇය විසින් පලකරනු ලැබූ අනාවැකි එකිනෙක සැබෑ වීමත් සමග ඇයට "බෙල්කන් හි නොස්ට්‍රඩමස්" යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවා.
1996 වර්ෂයේදී මියගිය බාබා වැන්ගා විසින් වර්ෂ 5079 දක්වා ලෝකය තුල සිදුවිය හැකි ඇතැම් කරුණු සම්බන්ධයෙන් අනාවැකි පළකර තිබෙනවා. මේ එළඹෙන 2022 වර්ෂය සඳහා ඇය විසින් පළකර තිබෙන අනාවැකි සමහරක් විදෙස් මාධ්‍ය විසින් පළකර තිබෙනවා.
ඒ අනුව,
සයිබිරියාවෙන් ඉතා භයානක වෛරසයක් හමුවෙනු ඇති බවත් දිනෙන් දින ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හමුවේ මෙම වෛරසය ලෝකය තුල ව්‍යාප්ත වෙනු ඇති බවත් එහි ප්‍රථිපලය මනුෂ්‍ය සංහතියට දැඩි බලපෑමක් එල්ල කරනු ලබන බවට බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා.
ඉන්දියානු සාගර කලාපය සහ ඔස්ට්‍රේලියාව ඇතුළුව ආසියානු කලාපයට බලපාන ප්‍රබල සුනාමි තත්ත්වයක් සහ භූමිකම්පා තත්ත්වයක් සම්බන්ධයෙන් ද ඇය විසින් අනාවැකි පළකර තිබෙනවා.
මේ අතර කෘමි උවදුර හේතුවෙන් ඉන්දියාවේ සිදුවන වගා විනාශය සහ උෂ්ණත්ව සෙල්සියස් අංශක 50 ඉක්මවා වාර්තා වනු ඇති බවට ද ඇය අනාවැකි පළකර ඇත.
ලොවපුරා පානිය ජල ගැටළුව උග්‍ර අතට හැරීම, ලෝකයේ බහුතරයක් මනුෂ්‍යයින් සැබෑව නොව අත්‍ය යථාර්ථය තුල ජීවත්වීමට හුරුවීම සම්බන්ධයෙන් ද බාබා වැන්ගා අනාවැකි පළකර තිබෙනවා.
මේ සියල්ලටම අමතරව 2022 වර්ෂයේදී පිටසක්වල ජීවින් විසින් පෘථිවියට ග්‍රාහකයක් උපයෝගී කරගනිමින් පහරදීම ( බාබා වැන්ගා විසින් මෙය හඳුන්වා ඇත්තේ 'Oumuamua' යනුවෙනි) සිදුකරනු ඇති බවටද ඇය සිය අනාවැකි අතර සඳහන් කර ඇත.

SRI LANKA
09/12/2021

SRI LANKA

ඉදිරි දින කිහිපයේත් ගෘහස්ථ ගෑස් පරිභෝජනයේදී පෙරට වඩා සැලකිලිමත් වන්නැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ...
08/12/2021

ඉදිරි දින කිහිපයේත් ගෘහස්ථ ගෑස් පරිභෝජනයේදී පෙරට වඩා සැලකිලිමත් වන්නැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ජනතාවට දැනුම් දෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි දිනවලදී දැනට ගෘහස්ථව භාවිත කරන ගෑස් සහ අලෙවි නියෝජිතයින් සතුව ඇති ගෑස් පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

07/12/2021

අවාසනාවන්ත ලෙස අප අතරින් වෙන්ව ගිය,ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට පාකිස්තාන අග්‍රාමාත්‍ය ගරු ඉම්‍රාන් ඛාන් මැතිතුමා අවසන් ගෞරව දැක්වූ අවස්ථාව.
Imran Khan Foundation
#ටීවීචිලව්

"• මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ  දෙවන අදියර...
24/11/2021

"• මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර( බී පැකේජය) බ්‍රහස්පතින්දා( 25) විවෘත කෙරේ.
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ( බී පැකේජය) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් බ්‍රහස්පතින්දා(25) පෙරවරුවේ සුබ මොහොතින් විවෘත කිරීමට නියමිතව තිබේ.
දැනට මිලියන හයක් වන කටුනායක ගුවන්තොටුපළේ වාර්ෂික මගින් හැසිරවීමේ ධාරිතාවය සමස්ථ ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරුව මගීන් මිලියන පහළොවක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතය.
ජපන් ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ බී පැකේජ ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුළුමුදල රුපියල් බිලියන 6.1කි. සමස්ථ ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් බිලියන සියය ඉක්මවයි.
2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්හුවා අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය .
යහපාලන රජය සමයේ අත්හැර දමා තිබූ මෙම ව්‍යාපෘතියේ ඒ පැකේජයේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්වීමත් සමගම සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත් වීමෙන් යළි ආරම්භ කිරීම සඳහා කටයුතු කෙරුණ අතර ඉදිකිරීම් මන්දගාමීව සිදුකෙරුණු බී පැකේජයේ ඉදිකිරීම් කඩිනම් කිරීමටද පියවර ගැණිනි.
නව ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ඉදිකර අවසන් වනවිට බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගුවන් යානා නැවැත්වීමේ අංගන ප්‍රමාණය 49ක් දක්වා වැඩිවන අතර එමගින් දැනට පවතින ගුවන් යානා නැවැත්වීමේ පහසුකම් දෙගුණයක් වනු ඇත .
මෙහිදී බැහැරුම් පත දිගු කිරීම තුළින් ගුවන් යානා වලට නව පර්යන්ත ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමේ පහසුකම් සපයයි.
බී පැකේජය යටතේ දුරස්ථ අංඟනය නිම කිරීමෙන් අනතුරුව දැනට පවත්නා අංගනය වර්ග මීටර් 269000 සිට වර්ග මීටර් 479000ක් දක්වා පුළුල් වන අතර මෙමගින් අනාගතයේදී අපේක්ෂිත ඉල්ලුමට සහ ගුවන් යානා මෙහෙයුම් වළට ඉහල පහසුකම් සැළසේ.
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ සමස්ථ ව්‍යාපෘතිය අවසන් වන විට පිරික්සුම් කවුළු 53 සිට 149 ක් දක්වා වැඩිවන අතර විගමන කවුළු සංඛයාව 21 සිට 53 ක් දක්වාත් ආගමන කවුළු සංඛ්‍යාව 27 සිට 83ක් දක්වාත් වැඩිකෙරෙයි. දැනට අටක් වන එයා සයිට් ආරක්ෂක පාලන ස්ථාන තිහක් වන අතර සම්බන්ධතා දොරටු 24ක් දක්වා වැඩිවේ.පවතින ගුවන් බස් දොරටු සංඛ්‍යාව 6 සිට 16ක් දක්වා වැඩිවන අතර ගුවන් සේවා විවේකාගාර සංඛ්‍යාව 4සිට 10ක් දක්වා ඉහල යයි.
නව ව්‍යාපෘතිය යටතේ ගංවතුර ඵලදායි ලෙස පාලනය කළ හැකි වන පරිදි ඉදිකර ඇති ජල රැඳවුම් පොකුණු මගින් භූගත ජලය ස්ථානගත කිරීමට පියවර ගෙන ඇත.
ලොව නැගෙනහිර සහ බටහිර යාකෙරෙන ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන පරිදි සංවර්ධනය කිරීම මහින්ද චින්තනයේ මෙන්ම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද ප්‍රමුඛ ප්‍රතිපත්තියකි."උපුටා ගැනීමකි
Photos - Prasanna Ranatunga Page.

හිමි අහිමි ජීවිතය.සංකල්පනාව,නදීකා ගයාත්‍රී........ඔබෙත් කවි සිතුවිලි සහ සංකල්පනා,අපිට එවන්න.අපි ඒව හැඩකරල,අපේ චැනල් එකෙන...
09/11/2021

හිමි අහිමි ජීවිතය.
සංකල්පනාව,
නදීකා ගයාත්‍රී........
ඔබෙත් කවි සිතුවිලි සහ සංකල්පනා,අපිට එවන්න.
අපි ඒව හැඩකරල,
අපේ චැනල් එකෙන් ලෝකෙටම පෙන්නනව.
ඔයාව,
ඔයාගෙ හැකියාව.

උතුම් වූ නිවනින් සැනසෙත්වා!
28/10/2021

උතුම් වූ නිවනින් සැනසෙත්වා!

🛑 දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 21 දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ.
15/10/2021

🛑 දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් 21 දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ.

මිනුවන්ගොඩ ශ්‍රී සිද්ධ සූනියම් හා රත්න කම්බිලි කළු කම්බිලි  දේවාලයට පැමිණි දරුවෙකුගේ නිවසේ පැවැත්වූ තොවිලයකින් කාලයක් පු...
12/10/2021

මිනුවන්ගොඩ ශ්‍රී සිද්ධ සූනියම් හා රත්න කම්බිලි කළු කම්බිලි දේවාලයට පැමිණි දරුවෙකුගේ නිවසේ පැවැත්වූ තොවිලයකින් කාලයක් පුරා ශරීර ගතව සිටි මළ යක්ෂ ආත්මයක් මුදා හැරීම,බන්ධන මාලාවක් කැපීම , බහිරව පූජාව හා බෝධි පූජා පවත්වා ආරක්ෂක යන්ත්‍ර පැලැන්දවීම.
---
ආශා මෑණියෝ.

මිනුවන්ගොඩ ශ්‍රී සිද්ධ සූනියම් හා රත්න කම්බිලි කළු කම්බිලි දේවාලයේ,ආශා මෑණියන් විසින් පසු ගිය ඔක්තෝබර් 06 වන දින ප...

12/10/2021

ගුප්ත විද්‍යා මන්ත්‍රාචාරිනී,
ආශා මෑණියන්ගේ නිල ෆේස් බුක් පිටුව
www.facebook.com/ashamaniyo

ගුප්ත විද්‍යා මන්ත්‍රාචාරිනී,
ආශා මෑ?

සයිබර් ආරක්ෂණය පිළිබඳ නීති සම්පාදනය කිරීම        • විද්‍යුත් සන්නිවේදනයේ දියුණුවත් සමඟ ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අපරාධකරුව...
12/10/2021

සයිබර් ආරක්ෂණය පිළිබඳ නීති සම්පාදනය කිරීම

• විද්‍යුත් සන්නිවේදනයේ දියුණුවත් සමඟ ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අපරාධකරුවන් විසින් සයිබර් අවකාශය හා විද්‍යුත් සන්නිවේදනය යොදාගෙන සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාකාරම්, සංවිධානාත්මක අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහාත්, සයිබර් ආරක්ෂණ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහාත් ආරක්ෂක සයිබර් විධාන පනත නමින් පනතක් කෙටුම්පත් කෙරේ.

இணையத்தள (Cyber) பாதுகாப்பு தொடர்பான சட்டம் வகுத்தல்.

இலத்திரனியல் தொடர்பாடல்களின் வளர்ச்சியால் தீவிரவாதக் குழுக்கள் மற்றும் குற்றச் செயல்களில் ஈடுபடுவோர் பயங்கரவாத செயற்பாடுகள், திட்டமிட்ட குற்றங்கள் மற்றும் சமூக விரோதச் செயல்களுக்காக இணையவெளி மற்றும் இலத்திரனியல் தொடர்பாடல்களைப் பயன்படுத்துவதை தடுக்கவும், இணையத்தள பாதுகாப்புக்கு ஏற்படும் ஆபத்து நேர்வுகளுடன் கூடிய செயற்பாடுகளைத் தடுத்தல் மற்றும் நாட்டில் முறையான இணையத்தள பாதுகாப்புச் சூழலை உருவாக்குதல் போன்ற நோக்கங்களை அடைவதற்காக புதிய சட்டமொன்றை அறிமுகப்படுத்தல்.

Legislation on cyber security

* With the advancement of electronic communication, a Security Cyber ​​Command Act was enacted to prevent terrorist groups and criminals from using cyberspace and electronic communications for terrorist activities, organized crime and anti-social activities, and to implement cyber security strategies.

12/10/2021

බනින කෙනාටද පව්,
බැනුම් අහන කෙනාටද පව්?
----
උතුම් ධර්ම දේශනාව සදහා බැතිබර දායකත්වය.
ගුප්ත විද්‍යා මන්ත්‍රාචාරිනී,
ආශා මෑණියෝ.
මිනුවන්ගොඩ ශ්‍රී සිද්ධ සූනියම් හා රත්න කම්බිලි කළු කම්බිලි දේවාලයේ,
ආශා මෑණියන් විසින් පසු ගිය ඔක්තෝබර් 06 වන දින පැවැත්වූ තොවිලයකින් කාලයක් පුරා ශරීර ගතව සිටි මළ යක්ෂ ආත්මයක් මුදා හැරීම,බන්ධන මාලාවක් කැපීම හා බහිරව පූජාව හා පින් දී බෝධි පූජා පැවැත්වීම අවසන සිදු කල ධර්ම අනුශාසනාව.
සජීවී පටිගත කිරීමකි.

සර් ❤️ රෑත් වැඩ ආදරණීය ජනතාව වෙනුවෙන්,
03/08/2021

සර් ❤️
රෑත් වැඩ ආදරණීය ජනතාව වෙනුවෙන්,

ඉන්දියානු සාගරයේ අන්දමන් සහ නිකෝබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුවු රිච්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබල යුත් සි...
03/08/2021

ඉන්දියානු සාගරයේ අන්දමන් සහ නිකෝබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුවු රිච්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබල යුත් සිදුවු භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට සුළු මොහතකට පෙර නිවේදනය කර සිටියා.

17/07/2021

Irata Akeekaru - Male Version By CJ
Chaminda Joseph
Starring : MRS World Peace 2021 (03rd Runner-up) Nilusha Fernando

“ The purpose of our lives is to be happy.” — Dalai Lama.
17/07/2021

“ The purpose of our lives is to be happy.” — Dalai Lama.

12.07.2021 - 10.00 pmදෛනික තත්ත්ව වාර්තාවஇலங்கையின் நாளாந்த நிலைமை அறிக்கைDaily Situation Report
13/07/2021

12.07.2021 - 10.00 pm
දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை அறிக்கை
Daily Situation Report

13/07/2021

Address


Telephone

+94777193228

Website

Alerts

Be the first to know and let us send you an email when TV Chilaw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share