Ulalena උලලේනා

Ulalena උලලේනා උලලේනා Ulalena

සංරක්ෂිණ සංකතියක් උදෙසා..... environment

නියම සල් වර්ගය  මෙයයි.රැවට්ටුව ඇති, වෙනත් ගස් වර්ග පෙන්වා. සිදුහත් කුමරුන් ගේ, උප්පැත්තිය සිදුවු ශාක වර්ගය  ලෙස සමාජයට ත...
17/09/2023

නියම සල් වර්ගය මෙයයි.

රැවට්ටුව ඇති, වෙනත් ගස් වර්ග පෙන්වා. සිදුහත් කුමරුන් ගේ, උප්පැත්තිය සිදුවු ශාක වර්ගය ලෙස සමාජයට තවමත් පෙන්වන්නේ වැරදි ගස් වර්ගයක්. නිවැරදි ශාක වර්ගය දක්වන පිංතූර ය මෙයයි. සෝරියා රොබොස්ටාර් (Soria robusta) යනුවෙන්
හැදින්වෙන මෙම ශාකය හොර ශාක පවුලට අයත් වුවකි.
මෙම සල් ශාකය, කොණ්ඩඤ්ඤ සහ
වෙස්සග බුදුවරුන්ගේ බෝධි වෘක්ෂ ලෙසද සදහන් වෙනවා.
මාගේ ගෙවත්තේ බෝධි
වෘක්ෂ අතර මෙම ශාකය ද රෝපනය කර
තිබෙනවා .

මේ තියෙන්නෙ නාරිලතා මලක්.අපේ ගෙවත්තෙ විකසිත වු මල් කිනිත්තක්. මෙය සොබාදහමේ  අලංකාර නිර්මාණය ක්. නාරිලතා මල් දකින, දඹදිව ...
10/09/2023

මේ තියෙන්නෙ නාරිලතා මලක්.අපේ ගෙවත්තෙ විකසිත වු මල් කිනිත්තක්. මෙය සොබාදහමේ අලංකාර නිර්මාණය ක්.
නාරිලතා මල් දකින, දඹදිව විසූ තපසුන්ගෙ දැහැන් බිදී ගියාලු. හිත හීලෑ කරගන්න බැරුව ගියාලු.
අපේ රටේ තත්වය එයිට වෙනස්. දැහැන් බිදෙන්න නාරිලතාම ඕනෙ නැහැ. සායක්, ගවුමක්, ඔසරියක්, පළල් නෙරියක් දුටුවිට ඇතැම් භාවනායෝගීන්ගේ දැහැන් මුලුමනින් බිදීයනවා. ඉන්පසු වල්මත් වෙනවා.
ලංකාව සමග බැලූවිට ඉංදියාව ඉන්නෙ කොච්චර පිටුපසින්ද.

හොරාට රැකවරණය  දුන් තනිඅලියා.අද මාතෘකාව  කල්පයකට වතාවක් සිදුවන අලකලංචියක් ගැනයි. නම්දැරෑ හොරු රංචුවක් හිටියා. උන් රටක් බ...
19/03/2023

හොරාට රැකවරණය දුන් තනිඅලියා.

අද මාතෘකාව කල්පයකට වතාවක් සිදුවන අලකලංචියක් ගැනයි.

නම්දැරෑ හොරු රංචුවක් හිටියා. උන් රටක් බංකොලොත් කළා. රජවරු,සිටුවරු සේ සිටි උන්ව ඌරන්, කපුටන්,
බූරුවන් සේ ඇමතුවා. මේ
ගොන්රැළ අවසානයේ
එලවා දැමීමට ජනතාව
සූදානම් වුණා.

වස ලජ්ජාවේ බැරි වැඩක් මේක.
අවසානයේ අපගේ, හෙළ
කලාකරුවා මෙවැන්නක්
පවසා සිටිනවා.

හොරු රංචුව, ආරක්ෂාව
සදහාත් , බේරීම සදහාත්
තනි අලියෙක් තෝරා
ගන්නවා. අලියාත් චාටු
බස්වලට රැවටෙනවා.

මහලු තනි අලියා උද්දාමයට පත්වී
හොර ගොන් රජාගේ
උප්පරවැට්ටියට අහු
වෙනවා.
ඉහවහ ගිය සතුට නිසා
අලියා ගොනාව ගිලිනවා.
එකෙනෙහිම හොර
ගොනාට රැකවරණය
ලැබෙනවා.

හැම ජරාවක්ම,බේරේ
වැවට සේ, තනිඅලියා ට
සියලු පව්වලට
කරගැසීමට
ඉන්පසු සිදුවෙනවා.

ගොනාගේ අං තට්ටුව
අලියාගේ මුව තුල
හිරවීමෙන්....අලියා මාන්නය නිසාත්,හරකා
හොරකම නිසාත්, උගුලක
පැටලෙනවා. (මධ්‍ය කාලීන සිංහල කලා
කෘතියේ 89වැනි පිටුවේ
සදහන් චිත්‍රය දුරදිග දුටු
සිහල කලා කරුවාගේ
අසහාය චින්තනයේ
මහිමය නොවන්නේද.

අරුණ පද්මපෙරුම විසින්- පාසල් පරිසර අධ්‍යාපන උපදේශක.කුරුලු විද්‍යා කවය කොළඹ විශ්ව විද්‍යාලය

මුහුණු පොතට එකතු කිරීම - තරිදු ධනුෂ්ක ජයමහ

(පරිසරය හා ජීවිතය ගැන මෙම ලිපිපෙළ read කරන share කරන සැමට ස්තුතියි .)

10/02/2023
පාසල් පරිසර අධ්‍යාපනවැඩසටහන.Viharamahadevi Balika Vidyalaya Kiribathgoda විහාර මහා දේවී බාලිකා විදුහල .කිරිබත්ගොඩ .https...
02/01/2023

පාසල් පරිසර අධ්‍යාපන
වැඩසටහන.

Viharamahadevi Balika Vidyalaya Kiribathgoda
විහාර මහා දේවී බාලිකා
විදුහල .කිරිබත්ගොඩ .
https://www.facebook.com/ViharamahadeviBalikaVidyalayaKiribathgoda

සංරක්ෂණ සංස්කෘතියක්
තුළින් යහපත් දරුවකු
ගොඩනැගීම තේමා කර ගනිමින් දියත් වුවකි.

වර්ෂ 1992 වසරේදී කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විදුහල තුළ ද පාසල් පරිසර අධ්‍යාපන වැඩසටහන ආරම්භ කරන ලදී.
මහාචාර්ය ,සරත් කොටගම මහතාගේ ලිපියක් සමග විද්‍යාලය වෙත මා ගියෙමි. එවිට විදුහල්පතිනිය වූයේ
S. Premadasa මහත්මියයි.
ලිපිය කියවා තේරුම්ගත්
එතුමිය, ආරම්භයක්ලෙස පංතියක් මේ සදහා ලබා දීමට පොරොන්දු වූයේය.සතියට කාල පරිච්ඡේද දෙකක් ඒ සදහා වෙන් කෙරිණ. විද්‍යා ගුරුතුමියක වු දමයන්ති රූපසිංහ කැදවා, ඇයගේ කාල පරිච්ඡේදවල පරිසර විද්‍යාව ඉගැන්වීමට අවස්ථාව උදාකර දුන්නේය. මසකට කාල පරිච්ඡේද 7ක් හෝ 8 ක් මේ සදහා වෙන්වූහ. ආරම්භයේදී එය විශේෂ සිද්ධියකි. එය අප වැඩසටහනට මහත් ශක්තියක් වූයේය.

මාස කීපයක් යන විට පංතියේ දරුවන් දැක්වූ
කුසලතා මෙන්ම යහපත් ආකල්ප හේතුවෙන් 1994 වසරේ සිට 10වසර
සියලු දරුවන්ට පරිසර විෂය උගන්වන ලෙස මට
උපදෙස් දෙන ලදී. ඒ අනුව පංති පහකට විෂය
ඉගැන්වීමට සිදුවිය. සිසුවියන් 190ක් පමන , පුරා වසරක් විෂය ඉගෙන ගත්තේය. මාසයකට කාල පරිච්ඡේද 20ක් මේ සදහා වෙන්කළ පළමු විදුහල මෙය වූහ.

මෙම පංති භාරව කටයුතු කළ ගුරුවරුන් කීපයක්, තම කාල පරිච්ඡේද මේ සදහා වෙන්කර දීම ඉතා මහගු පරිත්‍යාගයක් වුහ. එම ගුරුවරුන් අතර,
ලලනි අල්ගම, කොන්සි කල්දේරා, මෙත්තා වික්‍රමසිංහ. යසින්තා රණතුංග, එස්.එල් ගුනවර්ධන, ලංකා රාජකරුණා, ඩේසි අබේගුණවර්ධන ,නෙරංජලා හෙට්ටිආරච්චි සහ ආර්.දමයන්ති යන මහත්මීන් ගෞරවයෙන්
සිහිපත් කරන්නෙමි.

ඉගෙන ගන්නා පංති කාමර, පිළිවෙලට හා පිරිසිදු ව පවත්වාගෙන යාම, පාසල් භුමිය පොලිතින් වලින් මුක්ත කිරීම, උපන්දින තෑගි ලබාදීම ,බිත්ති පුවත්පත් පවත්වාගෙන යාම, සුවිශේෂී දේවල් ය.

පරිසර අධ්‍යයන චාරිකා මහත් ජනප්‍රිය වුයේය. පිළිකුත්තුව ,අරංකැලය, ගම්පහ උද්භිද උද්‍යානය .ජාතික කෞතුකාගාරය යන ස්ථාන වෙත සිය වතාවකට වැඩියෙන් අධ්‍යයන චාරිකා ගෙනගොස් තිබේ.

රාගම වෛද්‍ය පීඨයට ළමුන් රැගෙන ගොස් මහාචාර්ය කාලෝ පොන්සේකා සමග පැවැත්වු වැඩ සටහන් පෙළ තවත් අංශයකි. ගුවන් විදුලි පුහුණු වැඩසටහන ක් ද දරුවන් සදහා පවත්වන ලදී.

පාසල් 15ක් සම්බන්ධ කර ගනිමින් කැළණි පාලම අසල සිට කිරිල්ලවල මහා විදුහල් භුමිය දක්වා ගිය පරිසර පා ගමනේ ගිමන් තොටුපල වුයේ විහාර මහා දේවී විදුහලයි.

මෙම විදුහල තුළ වසර 15ක් පමණ කාලයක් පරිසර අධ්‍යාපනය ළමුනට ඉගැන් වු අතර, එම කාලය තුල දස වතාවක් පමන මහාචාර්ය සරත් කොටගම විද්‍යාලය වෙත පැමිණියහ.
මෙම වැඩසටහන් උදෙසා විශේෂ දෙසුම් පැවැත්වීමට පැමිණි ,විශාරද සුනිල් එදිරිසිංහ ,මැරතන් කරුණාරත්න, කථිකාචාර්ය මාපා තිලකරත්න මහාචාර්ය චන්දුසිරි පල්ලියගුරු, කථිකාචාර්ය පුෂ්ප රුද්‍රිගු විශේෂ යෙන් සදහන් කල යුතුය.

වසර 30ක් සපිරෙන පරිසර අධ්‍යාපන වැඩඩසටහනේ වසර 15ක කාලයක් මෙම විදුබිමේ දරුවන්, සමග ගත කිරීමට ,කොළඹ විශ්ව විද්‍යාලයේ කුරුලු විද්‍යා කවයට හැකිවිය. වසර පහළොවක් ගතවනතුරු පැවැත්වු වැඩසටහනට පාසලින් ගමන් වියදමක් හෝ නො ගැනීම තවත් සුවිශේෂි ⁣දෙයකි.

එසේම මෙවැනි දේ පිළිබද
විමසාබලා ඒවායේ ඵල
තවදුරටත් ලබා ගැනීම
අතීතය උදෙසා කරන ආචාරයකි.....
(මගහැරුණු තතු හැකිනම් එකතුකරන්න.) ස්තුතියි...
අරුණ පද්මපෙරුම.

ඊළගට අප යොමුවන්නේ,එදා මෙදා තුළ වසර 30ක කාලයක් තිස්සේ පරිසර විද්‍යාව
තවමත් උගන්වන කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ
කටයුතු විපරමි කිරීමටයි..

2023 වසරටඅතපුදන අදහස මෙයයි .ඔබත් මාත් අතරකිට්ටු  සබඳතාවයක්ඇතිවා මෙන්මනැතිවා විය  හැකියි .එහෙත්  ලෝකයේ  කොහේ හෝඅසාධාරනයක්...
01/01/2023

2023 වසරට
අතපුදන අදහස මෙයයි .

ඔබත් මාත් අතර
කිට්ටු සබඳතාවයක්
ඇතිවා මෙන්ම
නැතිවා විය හැකියි .

එහෙත් ලෝකයේ කොහේ හෝ
අසාධාරනයක් සිදුවන
සෑම මොහොතකම
ඔබ ඊට
එරෙහි වන්නේ නම්
අපි සහෝදරයෝ වෙමු.

තවද!
පාලකයන් ගේ
ඉවුරේ නොව,
පීඩිතයින්ගේ
ඉවුරේ ජීවත්වී
ඔවුනට උපකාර කර
අතහිත දෙන්නේනම්
අපි සහෝදරයෝ වෙමු.

නව වසර
ශුභ වසරක් වේවායි
සැමට පැතිය නොහැකිය.
හොරැන්ට සහ බොරුකාරයන්ට
හසුනොවී
ජීවත්වන සැමට
සුභ වසරක් වනවා
නියතය
මෙයට,
අරැණ පද්මපෙරැම.

පාසල් පරිසර  අධ්‍යාපන  වැඩසටහන .ජයකොඩි මහා විදුහලhttps://www.facebook.com/JayakodyMVhttps://www.facebook.com/JayakodyMah...
26/12/2022

පාසල් පරිසර අධ්‍යාපන වැඩසටහන .

ජයකොඩි මහා විදුහල
https://www.facebook.com/JayakodyMV
https://www.facebook.com/JayakodyMahaVidyalaya
වැලිපිල්ලෑව

සංරක්ෂණ සංස්කෘතියක්
තුළින් යහපත් පුද්ගලයකු ගොඩනැගීම තේමා කර ගනිමින් දියත් වු අධ්‍යාපන වැඩසටහනකි මෙය.

වසර 30ක් වු එදා මෙදා කාලය තුළ එයට උරදුන් විදුහල්පතිවරැන් ,ගුරැවරැන්,දේශකයන්,මෙන්ම දෙමාපියන් ගැන වචනයෙන් හෝ සදහන් කිරීම යුතුකමකි.

මහාචාර්ය සරත් කොටගමගේ සිතෙහි පැවති අදහසකි,පාසල් දරැවන් සදහා පරිසර විෂය හදුන්වා දීම.එය භාරගෙන වැඩ කිරීමටඅරුණ පද්ම පෙරුම වන මා එකග වූහ.

අවුරුදු දහයක පමණ කාලයක් එතුමා සමග වැඩකිරීමෙන්, දේශන පැවැත්වීමට යාමෙන් හා ජනමාධ්‍ය සාකච්ඡා සියයකට ආසන්නව පැවැත්වීමෙන් පාසල් පරිසර පාඨමාලාව සකසාගත් අප ,දෙවනුව දරුවන් සදහා ඉගැන්වීම ආරම්භ කළේය .

මුල්ම පාසල-
ජයකොඩි මහා විදුහල
කඩවත ගණේමුල්ල මාර්ගයේ,වැලිපිල්ලෑව නගරය අසල පිහිටි විදුහලකි.

වර්ෂ 1992⁣ නවය වසර පංතියක් පරිසර විෂය ඉගැන්වීමට මා වෙත ලබාදෙන ලදී.සතියට දින දෙකක් විෂය උගන්වන ලදී.එම දරුවන්ට පුරා වසර එක හමාරක් විෂය

උගන්වන ලදී.පරිසර කිුයාකාරකම් සදහා
පාසල් වේලාවෙන් බැහැරව සවස් වනතුරු
කටයුතු කිරීමට සිදු වුහ.
මුල් මාස දහය තුළ,විශේෂ දේශන තුනකට මහාචාර්ය සරත් කොටගම පැමිණියේය.1994වන විට විද්‍යාලයේ ජනප්‍රිය ම වැඩසටහන මෙය වූයේය.අවසානයේ පරිසර විෂය සදහා සියලු පංතිවල කාල පරිච්ඡේද වෙන් කරන ලදී.

පාඨමාලාව මුලින්ම හදුන්වාදුන් ජයකොඩි මහා විදුහලේ එවකට විදුහල්පති වුයේ
පුෂ්ප විමල් ගුණරත්න මහතායි.එතුමාගේ මුල්ම විදුහල්පති පත්වීමත්,අප පාඨමාලාවේ මුල්ම විදුහලත් මෙයයි.

මුල්ම පංතිය සදහා,සහතික පිරිනමන දින,එතුමාගේ කතාවේ උපුටාගත් කොටසක් පහතින් දක්වමි.
පරිසරය ඉගැන්වීමට දුන් මුල්ම පංතිය දක්ෂතාවයෙන් යුත් සිසුන් නොසිටි එකකි.මාස හයක පමණ කාලයක් තුළ විද්‍යාලයේ
කැපී පෙනෙන පංතියක් ලෙස එය පරිවර්තනය කිරීමට පරිසර පාඨමාලාවට හැකි විය.

1992 සිට 2006 දක්වා වසර 14ක් පරිසර පාඨමාලාව මෙම විදුහලේ උගන්වන ලදී.
එම කාලය තුල සිටි විදුහල්පතිවරුන් මෙසේය.
1.පුෂ්ප විමල් ගුණරත්න
2එම්.එස්.චන්දරසේකර
3.ධනවතී සෙනවිරත්න
4අසෝක මහින්ද

පාසල් පරිසර අධ්‍යාපන වැඩසටහනේ දෙවන පාසල වුයේ කිරිබත්ගොඩ වි.බා.විදුහලයි.ඊලග post
එක එම විදුහල වෙතයි.

රථ ගායෙන් උපන්විෂ වළාකුළු.කොළඹ අහසෙහි විෂ වළාකුළක්.යනුවෙන්  ලිපියක් 1987 දෙසැ 28 විදුසර පුවත්පතේ විය.1999 ජුනි27 දින තවත...
09/12/2022

රථ ගායෙන් උපන්
විෂ වළාකුළු.

කොළඹ අහසෙහි විෂ වළාකුළක්.යනුවෙන් ලිපියක් 1987 දෙසැ 28 විදුසර පුවත්පතේ විය.
1999 ජුනි27 දින තවත් ලිපියක් ලක්බිම පුවත්පතේ ඵලවී තිබිණ.

මෙයට මුළික හේතුව විධියට දක්වන්නේ අධික
වාහන පරිහරණයත්,වාහන තදබදයත් වේ.ඒ නිසා ම පිටවන කළු දුම් කන්දරාවයි.
කාබන්මොනොක්සයිඩ්,
සර්පර් ඩයොක්සයිඩ්,ඊයම් අංශු
විෂ වළාවේ මාරාන්තික හතුරන්ය.

2022 දෙසැම්බර් මාසයේ 8වන දින නැවතත් එම භයානක තත්ත්වය උදාවිය.පත්තර හා සෙසු ජනමාධ්‍ය මේ අහිතකර තත්ත්වය ගැන ඉතා මැනවින් ජනතාව දැනුමත් කළේය.එහෙත් විසදුම?.

විසදුමක් ගැන කතාබහ
යටපත් විය හැකිය.හේතුව ,ලංකාවේ මිනිසුන්ගේ ජානවලට රථගාය ඇතුල්වී තිබේ.ජපානය,චීනය වැනි රටවල මිනිසුන්ට වසංගත තත්ත්වයේ රථ
ගායක් නැත.

මෙයට විසදුම වන්නේ,පොදු වාහන සේවය දියුණු කිරීමය.දෙවනුව වාහනයක් ධාවනය වන විට එහි සිටියයුතු අවම පිරිස තීරණය කළ යුතුය .බොහෝ පුද්ගලික වාහනවල ගමන් කරන්නේ එක් අයෙකි.නගරයට ඇතුලුවන කාරයක අඩුම වශයෙන් සිටිය යුතු ගණන තීරණය විය යුතුය.වාහන තදබදය පාලනයට මෙවැනි දේ ඉතා වැදගත්ය.ගාමීය පාසල්වල ගූණාත්මකබව ඉහළ නංවා ,නගරයේ ඉගෙනීමට එන සිසුන් ගණන අඩු කල යුතුය.ජනපිුය පාසල්වල
ශාඛා ,නගරයෙන් පිට ඉදිකල යුතුය.අග නගරවල ඇති ගබඩා සංකීර්ණ.නගරයෙන් පිටත ස්ථාපනය කළ යුතුය.

මිනිසුන්ගේ රථගාය අවමකර,පොදු ගමනාගමනය දිරි ගන්වා,විෂ වායුවෙන් මුක්ත වු යහපත් පරිසරයක් ගැන වත්මන් පාලකයින් ගෙන් බලාපොරොත්තු විය නොහැකිය .
සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඇති ජාතික ජනබලවේගය(N.P.P ) මෙම ගැටලුව කදිමට විසදනු නියතය.එතෙක් ජනාකීර්ණ පරිසරයට ඇතුලු වන අවස්ථාවලටදී මුව ආවරණය පළදා ගනිමු.

(එහෙත් උද්ඝෝෂණයකදී මුව ආවරණ අවශ්‍ය නැත.සටන්පාඨ වලට විෂවළාවන් විනාශවනු නියතය.)

අරුණ පද්මපෙරුම විසින්- පාසල් පරිසර අධ්‍යාපන උපදේශක.කුරුලු විද්‍යා කවය කොළඹ විශ්ව විද්‍යාලය

මුහුණු පොතට එකතු කිරීම - තරිදු ධනුෂ්ක ජයමහ

(පරිසරය හා ජීවිතය ගැන මෙම ලිපිපෙළ read කරන share කරන සැමට ස්තුතියි .)

පායා එන පහන් තරුව.මිරිවැටි සගලක් ඉල්ලා හැඩුවෙමිපායුග නැති ඔබ දකින  තුරාකුංකුම අංජන ඉල්ලා හැඩුවෙමිනෙත්යුග නැති ඔබ  දකිනතු...
07/12/2022

පායා එන පහන් තරුව.

මිරිවැටි සගලක් ඉල්ලා හැඩුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඩුවෙමි
නෙත්යුග නැති ඔබ දකිනතුරා

පරිහරණයේදී මුල් තැන දිය යුතු අවස්ථා මෙයින් පෙන්වයි.
පා යුග අහිමි අයෙකු අභියස,තමාට පාවහන් ඉල්ලා හැඩීමත්,අන්ධයෙකු අභියස තමාට නයනාලේප ඉල්ලා හැඩීමත් නොකල යුතු චපල දෙයක් බව තරයේ කියාදෙයි.
මේ සියලු ගුණධර්ම බුදුදහමෙන් අපට ලැබුණු දායාදයි.
දැන් බුදුදහම වල්වැදී ඇත.බුදුදහම යටපත්වී බුද්ධාගම කරලියට විත් තිබෙි
ඇති වී තිබෙන මෙි වෙනස දේශපාලුවන්හට හිසේ මලක් පිපීමකි.
පුජාවල් පසුපස යන මිනිසුන් වැඩිවී ඇත.මල් පුජා, පහන් පුජා, බෝධි පුජා අජරාමෙට ඇත.

උදව් උපකාර රහිතව,ආත්මාර්ථකාමීව යන මේ ගමනට විරාම
ය තැබිය යුතුමයි.අහිමි වු
සාරධර්ම නැවතත් මිනිසුන් අතර රෝපණය කල යුතු වෙයි
ඒ පහන්තරුව පායාවිත් තිබෙයි.ජාතික ජන බලවේගය එහි දැක්මයි.ශක්තිමත් දහමක් සහ විප්ලවීය පක්ෂයක මගපෙන්වීම තුළ ගමන් ගන්නා NPP ගමන ශ්‍රී ලංකාවේ හෙටදිනය ආලෝකමත් කරණු නියතය
සංවර්ධනය යනු ඵලදායී ශ්‍රම ශක්තියි.සංවර්ධනය කරලියට ගැනීමට ගොවීන්ට,කම්කරුවන්ට පමණක් නොහැකි වෙයි. බුද්ධිමතුන් ගේ මග පෙන්වීම සුවිශේෂි වෙයි.
නැතිනම් සිදුවන්නේ මිරිගුවක් පසුපස නැවත යාමකි.එසේ නැතිනම් දුප්පත් රාජ්‍යයක් නැවත ස්ථාපිත කිරීමකි.

රතු ධජ නංවවු.
රතු බල පෙන්වවු
කම්කරුවනි,ගොවියනි
එක්වවු.

යුගයේ අවසාන හෝරාව එළඹී ඇත.අවධියෙන් සිටින්න.

අරුණ පද්මපෙරුම විසින්- පාසල් පරිසර අධ්‍යාපන උපදේශක.කුරුලු විද්‍යා කවය කොළඹ විශ්ව විද්‍යාලය

මුහුණු පොතට එකතු කිරීම - තරිදු ධනුෂ්ක ජයමහ

(පරිසරය හා ජීවිතය ගැන මෙම ලිපිපෙළ read කරන share කරන සැමට ස්තුතියි .)

හැදෙන කෙනෙකු ටමේ කතාවත් අතැඹුලකි.මකත තියා ගනිල්ල,කවදහරි  සුද්දො මේ රට දාල යනවා .උන්  යන්නෙ , උන්ගෙ දරුවෝ  වගේ කලු සුද්ද...
26/10/2022

හැදෙන කෙනෙකු ට
මේ කතාවත් අතැඹුලකි.

මකත තියා ගනිල්ල,
කවදහරි සුද්දො මේ රට දාල යනවා .
උන් යන්නෙ , උන්ගෙ දරුවෝ වගේ කලු සුද්දො
විසි තිස් දහක් බෝකලාට
පස්සෙ.ඊට පස්සෙ මෙි රට පාලනය කරන්නෙ
මේ කලු සුද්දො .

උන් සිංහල භාෂාවට, සිරිත් විරිත් වලට වෛර කරනවා.

උපදින්න ඉන්න දියසෙන්ලා, තිඹිරි ගෙදරදීම මරාදමන්න
මේ කලු සුද්දන්ට පුළුවන් බව මතක තියාගනිල්ලා.

අපේ හාමුදුරුවන්ටත් මෙි කලු සුද්දො ඉනා බෙහෙත් දෙනවා .

ඉන්පසු උඹලාගේ කොල්ලො,කෙල්ලන්ට
ඇටිකෙහෙල් කාපු රිලවු වගේ,නියෝ-නියෝ ඉන්න සිද්ධවේවි.

වසර 69ක කාලයක් ජීවත්වී,1933දී මියගිය
අනගාරික ධර්මපාල තුමා අද තත්ත්වය ගැන කියූ අනාවැකියයි මේ.එය කොතරම් තාත්ත්වික දැයි ඔබට වැටහෙනු නියතය.
මෙම අදහසත්.මතු සදහන් කවියත් ගලේ කෙටුවාසේ මතක තබා ගන්න.

නරින් ඌරන් රිලවු පන්නමු.
කපුටු ගති ජීවිතෙන් දුරලමු.
පලාපෙත්තන් වගේ නොසිටිමු.
කඩි රැලක් සේ අපි යමු.

අරුණ පද්මපෙරුම විසින්- පාසල් පරිසර අධ්‍යාපන උපදේශක.කුරුලු විද්‍යා කවය කොළඹ විශ්ව විද්‍යාලය

මුහුණු පොතට එකතු කිරීම - ලහිරු මාධව හපුආරච්චි - තරිදු ධනුෂ්ක ජයමහ

(පරිසරය හා ජීවිතය ගැන මෙම ලිපිපෙළ read කරන share කරන සැමට ස්තුතියි .)

මගුලෙ දේශපාලනය,ඕව කරල කාටද හරියන්නෙඅපි හොයාගත්තොත්අපි කනව.....දැන් තත්වෙ මොකදහොයා ගත්තත්කන්න තියෙනවද.හොරුන්ව ආරක්ෂාකරන්න...
05/07/2022

මගුලෙ දේශපාලනය,

ඕව කරල කාටද හරියන්නෙ
අපි හොයාගත්තොත්
අපි කනව.....දැන් තත්වෙ මොකද
හොයා ගත්තත්
කන්න තියෙනවද.
හොරුන්ව ආරක්ෂා
කරන්නෙ දෙයියො
ඒ ගැන කිසි සැකයක් නැහැ
තෙල් පෝලිම් ලග
ගෑස් පෝලිම් ලග
බෙහෙත් පෝලිම් ලග
දෙයියො නැහැ.
පාසලට යන දරැවො ලග
අහිංසක කාන්තාවො ලග
දුප්පත් ගොවි ජනයා ලග
ගම්බිමි වැඩබිමි ලග
දෙයියො නැහැ.
තිස්තුන් කෝටියම ඉන්නෙ
මහ එවුන්ගෙ
රෙද්ද අස්සෙ.
රටට හෙණ ගහල තියෙනකොටවත්
එන්නෙ නැති දෙයියො
මොන මගුලකටද.
ආයි තොපි එන්නම එපා
රෙද්ද අස්සෙම ඉදපියව්.
දෙයියොත් එපා,
දේවාලත් එපා,
කපුවොත් එපා,
අපි බුදුන් සරණ ගිය
මිනිස්සු .
ඒකියන්නෙ අපි
බුද්ධියේ සරණ පතන
මිනිස්සු .
අපි ගෞතම බුදුන් ගේ
මිනිස්සු.

ඇත්තම කථාව මේකයි.වඩාත් නිවැරදි දේ පවසන්නේ තරැණයන්.වැරදි  හා අඩුපාඩු  දෙපාරක් නොසිතා සකස්කර  ගන්නේත් තරැණයන් .එකම කණගාටු...
28/06/2022

ඇත්තම කථාව මේකයි.

වඩාත් නිවැරදි දේ පවසන්නේ තරැණයන්.
වැරදි හා අඩුපාඩු දෙපාරක් නොසිතා
සකස්කර ගන්නේත් තරැණයන් .
එකම කණගාටු දායක කරැණ වන්නේ
ඔවුන්ව තේරැම් ගැනීමට හෝ
ඔවුන්ව අගය කිරීමට
සූදානම් නැති
වල් බූරැ වැඩිහිටියන් පිරිසක් ජීවත්වීවයි.
තරැණයන් ඊලග මොහොතේ හෝ නිවැරැදි වුවත්,
මරණය දක්වාම නිවැරැදි නොවන
වැඩිහිටියන් ඉන්නා රට
සිරිලංකාවයි.
තරැණයන් යනු රටේ වැඩිහිටියන් ගේ දරැවන් ය.
රටෙි පාලකයන් ගේ දරුවෝ ය.
ඔවුන්ව තලා පෙලා,සිරකර
වදහිංසා දීම කිසිසේත් නොකළ යුතුය
ඉතිහාසය පුරාම පාලක පංතියේ උපදෙස්මත
විනාශ වුයේ
කඩියන්,නයිකුඹින්බදු තරැණ පරපුරය.
ඉතිරිවු බහුතරය කලුකුඹින් සේ ය.
උන් ලක්ෂ ගනන් හිටියත් කරදරයක් නැත
තැබෑරැම්වල කිුකටි මැචි ලග
පෑගි පෑගී සිටින උන්ගෙන්
පාලකයන්ට
කිසිදු කරදරයක් නැත.

කපුටු කාක් කාක් කාක්කපුටු රංචුව පන්නා දැමිය යුතුයි.රට තුල පවතින්නේ දැවැන්ත අර්බුදයකි. පාලක පන්තියේ වැඩි පිරිසක් ජාතික සම...
22/04/2022

කපුටු කාක් කාක් කාක්

කපුටු රංචුව පන්නා දැමිය යුතුයි.
රට තුල පවතින්නේ දැවැන්ත අර්බුදයකි. පාලක පන්තියේ වැඩි පිරිසක් ජාතික සම්පත් සොරා කෑම නිසා ඇති වූ අර්බුදයකි. මෙම විරෝධතා සමග නිතර කියවෙන්නේ කපුටාගේ නමයි.

“ කපුටු කාක් කාක් කාක්
බැසිල් බැසිල් බැසිල්”

යන කියමන රට පුරාම දිවා රෑ ඇසෙයි.
උද්ඝෝෂකයින්ගේ වචනයට සීමා වූ කපුටා ගැන තවත් වටිනා දෙයක් දැන ගනිමු,

කපුටාගේ පැතිරීම,
හිම මහද්වීපයේ හැර සෑම රටකම කපුටා දකින්නට ඇත. එහෙත් දිත්ව පුරවැසිකමක් මූට නම් නැත. අප රටේ කපුටන් වර්ග දෙකක් වෙසෙති. කපුටාගේ වැඩිමහල් සහෝදරයා “රේවන්” (Rewan) යනුවෙන් හැදින්වේ. යුරෝපයේ පදිංචි පක්ෂියෙකි. බාල සහෝදරයා “කව්ඩා” (Drongo) යනුවෙන් නම් ලබයි. අප රටෙත් සුලභ ව දකින්නට ඇත. “කපුටු බාලයා” කියාද ඌ අමතයි. කපුටාගේ ලගම නෑයා වන්නේ “කැහිබෙල්ලා” (Blue Magpie) යි. වැසි වනාන්තරවල දිවි ගෙවයි. මේ සියලු නෑදෑයන් සමගින් කපුටු පව්ලේ ප්‍රමාණය වර්ග 100 පමණ වාර්තා වෙයි.

ලංකාවේ දැකීමට ලැබෙන කපුටන් වර්ග දෙක වන්නේ,
01. කොළඹ කපුටා
02. ගම් කපුටා

කපුටා පිලිබදව බොද්ධ සාහිත්‍යයේ සදහන් කාරනා දැනගැනීම මෙම උද්ගෝෂණයට තවත් ශක්තියකි.

බුද හිමියන් වනගතව වැඩ වාසය කරන අවස්තාවක එම ස්තානයට වැඩම කල මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අරභයා කපුටාගේ නරක ගති රාශියක් පිළිබදව බුදු හිමියන් දේශනා කර ඇත. ඉන් පහක් මෙසේය.

01. සොර සිත.
02. අසීමිත කෑදරකම.
03. අපිරිසිදුකම.
04. ආක්‍රමණසීලී බව.
05. ඕන දේ මෙන්ම එපා දේත් එකතු කිරීම.

පාලක පංතියට නම් මෙම කපුටු ගති ගහට පොත්ත සේය. උන් ගොඩනැගූ කපුටු සංස්කෘතිය විනාශ කර යහපත් දේශයක් උදා කිරීමට සිංහල, දෙමළ, මුස්ලිම්, යන සියලු පීඩිත ජනතාව අත්වැල් බැද ගත යුතුය.

“සාමකාමී උද්ගෝෂනයක් සමගින්
හොරුන් පලවා හරින සමාජයක් ගොඩනගමු.”

අරුණ පද්මපෙරුම විසින්- පාසල් පරිසර අධ්‍යාපන උපදේශක.කුරුලු විද්‍යා කවය කොළඹ විශ්ව විද්‍යාලය

මුහුණු පොතට එකතු කිරීම - ලහිරු මාධව හපුආරච්චි - තරිදු ධනුෂ්ක ජයමහ

(පරිසරය හා ජීවිතය ගැන මෙම ලිපිපෙළ read කරන share කරන සැමට ස්තුතියි .)

Address

Ragama

Telephone

+94717241641

Website

Alerts

Be the first to know and let us send you an email when Ulalena උලලේනා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ulalena උලලේනා:

Share

Category


Other Ragama media companies

Show All