MMD Gossip

MMD Gossip Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MMD Gossip, News & Media Website, Polonnaruwa.

පොළොන්නරුවේ සිරි බලන්න ගිය ජපන් තානාපති වැඩි විස්තර >>> https://bit.ly/3Z0cPfv
19/02/2023

පොළොන්නරුවේ සිරි බලන්න ගිය ජපන් තානාපති
වැඩි විස්තර >>> https://bit.ly/3Z0cPfv

එලිසබෙත් රැජිණ මියගියහොත්?මේ දවස් වල බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ ඉන්නේ ටිකක් අසනීපයෙන්. ඒ නිසා ඇය දිගින් දිගටම ...
08/09/2022

එලිසබෙත් රැජිණ මියගියහොත්?

මේ දවස් වල බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ ඉන්නේ ටිකක් අසනීපයෙන්. ඒ නිසා ඇය දිගින් දිගටම සිය නිළ රාජකාරි බොහොමයක් අවලංගු කරලා වෛද්‍ය උපදෙස් මත විවේක ගන්නවා. ඇයගේ සෞඛ්‍ය තත්වය ගැන මුළු බ්‍රිතාන්‍යයම උනන්දු වෙනවා වගේම ඇයට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා.

කොහොම උනත් රැජිණගේ අසනීප තත්වයත් එක්ක යම් හේතුවකින් ඇය මියගියහොත් මොකද වෙන්නේ කියන එක ගැන ගොඩක් අය උනන්දුවක් දක්වනවා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලවෙනවා. ඇත්තටම එලිසබෙත් රැජිණ හදිසියේ හෝ මියගියහොත් කුමක් කලයුතුද යන්න නිෂ්චිත සැලැස්මක් තියනව. ඒක මේ අද ඊයේ හදපු සැලසුමක් නෙමෙයි වසර ගණනාවක් තිස්සේ පැහැදිලිව තියන නිෂ්චිත සැලැස්මක්.

දෙවන එලිසබෙත් මහ රැජිණගේ මරණය සම්බන්ධ සැලැස්ම හැඳින්වෙන්නේ “Operation London Bridge “ කියන නමින්. ඒ සැලැස්ම තුලට ඇයගේ මරණය නිවේදනය කරන ආකාරය, රැජිණ මරණයට පත්වීම නිසා ප්‍රකාශ කෙරෙන ශෝක කාලය සහ රැජිණගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය ආදී පියවරයන් ගනනාවක් ඇතුලත් වෙනවා.

රැජිණගේ මරණය සිදුවූ වහාම ඇයගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ඒ බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දියයුතු වනවා. ඒ " London Bridge is Down” යන වචන කාණ්ඩය භාවිතා කරමින් රැජිණ මිය යාම නිසා ඇතිවන අනවශ්‍ය මහජන කලබලය නැති කිරීම සඳහා, ඇයගේ මරණය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන තෙක් රැජිණගේ මරණය පිලිබඳව සංනිවේදනය කිරීම සඳහා " London Bridge is Down” යන වාක්‍යය භාවිතා කෙරෙනු ඇති.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු කාර්‍ය්ලය විසින් ඇයගේ මරණය පිළිබඳව වහාම ඇය රාජ්‍යත්වය උසුලන ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව ඇතුළු රාජ්‍යන් 15කටද ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 36කටද රැජිණගේ මරණය නිළ වශයෙන් දැනුම් දිය යුතු වනවා. ඉන් පසුව බ්‍රිතාන්‍ය රැජිණගේ අභාවය පිලිබඳව ගෝලීය වශයෙන් නිවේදනය කරනු ඇති.

සාම්ප්‍රදායිකව බකිංහැම් මාලිගයේ දොරටුවෙහි එල්ලනු ලබන නිවේදනයක් මගින් බකිංහැම් මාලිගය විසින් රැජිනගේ අභාවය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන අතර එදා සිටම සාම්ප්‍රධායක් ලෙස රාජකීය නිවේදන නිකුත් කිරීම් අයිතිය ලද BBC ගුවන් විදුලිය මගින් එම පුවත ලොව පුරා බෙදාහරිනු ඇත. මීට අමතරව වර්තමාන ක්‍රමයන්ට අනුව මාලිගාවේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ගිණුම් මගින් අඳුරු පැහැ පසුබිමක ඇයගේ මරණය සංනිවේදනය කරන අතර සියළු ගිණුම් කළු පැහැ බැනරයකින් සංකේතවත් කරනු ඇති.

රැජිණ මියගිය වහාම චාල්ස් කුමරු රාජ්‍යත්වයට පත්වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ඔහුව රජු ලෙස පිලිගනු ඇති. පසු දිනක පැවැත් වෙන අභිශේක මංගල්‍යයේදී චාල්ස් රජු විසින් වෙනත් නමක් තොරා නොගතහොත් ඔහු 'III වන චාල්ස් රජු' නමින් හැදින් වෙනු ඇති. චාල්ස් රජතුමන් විසින් රැජිණ මියගිය දිනට පසුදින සවස ජාතිය ඇමතීමට නියමිතයි.

රැජිණ ලොව කුමන ස්ථානයකදී මිය ගියද ඇයගේ මරණය බකිංහැම් මාලිගයේ සිංහාසන කාමරය වෙත ගෙන ආයුතු බව සැලසුමේ සඳහන් වේ. විදේශ රටකදී රැජිණ මියගියහොත් Royal Air Force අංක 32 බලඝණයට අයත් අංක 146 දරණ ගුවන් යානයෙන් ලංඩන් වෙත රැගෙන එනු ඇති. ඇය ස්කොට්ලන්තයේදී හෝ වෙනත් මාලිගාවකදී අභාවයට පත් උවහොත් ඇයගේ දේහය රැගත් දෙන රාජකීය දුම්රිය මගින් ලන්ඩන් සෙනට්ෆැන්කරාස් දුම්රිය පලට ප්‍රවාහනය කෙරෙන අතර එහිදී බ්‍රිතාන්‍ය ආග්‍රාමාත්‍යවරයා විසින් දේහය පිලිගැනීමට නියමිත වේ.

රැජිණගේ අභාවයෙන් පසු ගෙවෙන සිව් වන දිනයේදී ඇයගේ දේහය රාජකීය හමුදා ගෞරවාචාර සහිත විශාල පෙරහැරක් මගින්‍ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහිටි වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත ගෙන යන අතර දින 4 ක් එම ස්ථානයේ දේහය තැම්පත් කෙරෙනු ඇත. ඒ අතර පාර්ලිමේන්තුව රැස්වී රැජිණගේ අභාවය පිලිබඳව ශෝක ප්‍රකාශයක් සිදු කරන අතර චාල්ස් රජු රාජ්‍යත්වයට පත්වීම පාර්ලිමේන්තුව විසින් පිලිගනු ඇත. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව දින 10 ක් සඳහා කල්තැබීමට නියමිත වේ.

රැජිණගේ අවසන් කටයුතු සිදුකෙරෙන දින ජාතික ශෝක දිනයක් වශයෙන් නම් කෙර. එදින පෙරවරු 9ට බිග් බෙන් සීනුව නාද කරමින් ශෝකය ප්‍රකාශ කරන අතර පෙරවරු 11ට ඇයගේ දේහය වෙස්මින්ස්ටර් ඇබේ දේවස්ථානය වෙත ගෙනයනු ඇති. එහිදී රැජිණගේ දේහය පිලිබඳව අවසන් දේව මෙහෙය සිදුකිරීමට නියමිත අතර පසුව රැජිණගේ දේහය වින්සර් මාලිගාව පරිශ්‍රයේ ඇති රාජකීය සොහොන් ගැබ තුල තැම්පත් කෙරෙනු ඇති.

උපුඩ ගැනීම = තිලාන් ජයසේකර
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට.

සුබ ගමන් රැජිණියනි. RIP💔👑️
08/09/2022

සුබ ගමන් රැජිණියනි. RIP💔👑️

ලක්ෂ 16ක් පමණ වු රාජ්‍ය සේවයේ නිරතවුවන්ගෙන් දස ලක්ෂයක් පමණ කිසිඳු ඵලදායී සේවාවක් සිදුනොකරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසන...
29/08/2022

ලක්ෂ 16ක් පමණ වු රාජ්‍ය සේවයේ නිරතවුවන්ගෙන් දස ලක්ෂයක් පමණ කිසිඳු ඵලදායී සේවාවක් සිදුනොකරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

රාජ්‍ය සේවය රාජ්‍ය සේවකයින් විසින්ම විවේචනය කරන තත්ත්වයකට පත්ව ඇති බව කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.

රටේ දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනාට නිසි වගකීමක්, කාලවකවානු සහිතව ලබාදිය යුතු බවත්; දේශපාලඥයා, රාජ්‍ය සේවකයා සහ මහජනතාව කැපවීම් සිදුකළ හොත් රට ඉක්මනින් ගොඩගැනීමට හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාදයකින් තොරව ගොවිජනතාවටමහ කන්නයට අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවිජනතාවට ලබා දීමට ප...
21/08/2022

මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාදයකින් තොරව ගොවිජනතාවට

මහ කන්නයට අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවිජනතාවට ලබා දීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අද (20) පෙරවරුවේ අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව උන්වහන්සේ සමග පැවති සාකච්ඡාවේදීයි.

මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීමෙන් රටේ ආර්ථික ගැටලු සමනය කර ගැනීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබුණා.

අටමස්ථානාධිපති නා හිමියන් සමග පැවති සාකච්ඡාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා තිබුණේ කෘෂි ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ආර්ථික ගැටලු විසඳීමට රජය පියවර ගනිමින් සිටින බවයි.

19/08/2022
පෙරේදා කොවිඩ් මරණ 05 ක් වාර්තා වේ, ඊයේ නව ආසාදිතයින් 166 යි පෙරේදා කොවිඩ් මරණ 05 ක් වාර්තා වේ, ඊයේ නව ආසාදිතයින් 166 යි ...
19/08/2022

පෙරේදා කොවිඩ් මරණ 05 ක් වාර්තා වේ, ඊයේ නව ආසාදිතයින් 166 යි
පෙරේදා කොවිඩ් මරණ 05 ක් වාර්තා වේ, ඊයේ නව ආසාදිතයින් 166 යි පෙරේදා (17) දිනයේ කොවිඩ් මරණ 05 ක් වාර්තා වූ අතර, ඊයේ (18) දිනයේ කොරෝනා ආසාදිතයන් 166 ක් වාර්තා වී තිබුණා. ඔවුන් සියල්ල දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 668,663 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,629 ක් දක්වා ඉහළ යනවා.

19/08/2022
සියලූ දේ ලද සැනින් එසනින්
19/08/2022

සියලූ දේ ලද සැනින් එසනින්

News & media website

Address

Polonnaruwa
51000

Alerts

Be the first to know and let us send you an email when MMD Gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other News & Media Websites in Polonnaruwa

Show All