13/06/2024
පසේ ස්වභාවය ගැන රටට කියන භූ රසායන සිතියම්…
සංවර්ධනයේ නාමයෙන් සිදුවන මානව ක්‍රියාකාරකම් නිසා මහපොළොවට සහ මිනිසාට අත්විය හැකි අනිසි ප්‍රතිඵල බොහෝමයකි.එසේ සිදුවිය හැකි හානි පිළිබඳව පිළිබඳව නිගමනයන්ට පැමිණ ඒවායින් මිදීමට ප්‍රතිකර්ම කිරීම සඳහා මේ වන විට භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය ජාතික මෙහෙවරක් ආරම්භ කර තිබෙනවා.එනම් භූ රසායන සිතියම් පිළියෙල කිරීමයි.මේ එම කාර්යභාරය පිළිබඳව භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රධාන රසඥ වයි.ජී ශ්‍යාමලී සිරිවර්ධන මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි.
මේ වන විට රටේ දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා. මෙම සංවර්ධන ක්‍රියාදාමය නිසා භූමිය හා පරිසරය විශාල වශයෙන් දූෂණයට ලක් වෙනවා. මෙම සංවර්ධන ක්‍රියාදාමයෙන් සිදුවන පරිසර දූෂණය අධ්‍යයනය කිරීමට සංවර්ධන ක්‍රියාදාමයට පෙර එම ප්‍රදේශ වල රසායනික සංයුතිය පිළිබඳව දත්ත පද්ධතියක් අවශ්‍ය වෙනවා. එය Baseline Data ලෙස හඳුන්වනවා. මේ නිසා අප තීරණය කළා මෙම ප්‍රදේශවල පසෙහි රසායනික සංයුතිය පිළිබඳ දත්ත එකතු කිරීමට. ඒ අනුව මේ වන විට භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූවිද්‍යා සහ විද්‍යාගාර අංශය මගින් එම දත්ත එකතු කර භූ රසායන සිතියම් පිළියෙල කිරීම ආරම්භ කර තිබෙනවා. භූ රසායන සිතියම් ගත කිරීම ලෙස හඳුන්වන්නේ දීප ව්‍යාප්ත ලෙස පස් සාම්පල එකතු කර ඒවායේ රසායන විශ්ලේෂණයන් සිදු කොට එම තොරතුරු සිතියම් ගත කිරීමයි. මේ වන විට හම්බන්තොට මොරවක, මාතර, තංගල්ල, රක්වාන, කිබොල්කැටිය වැනි ප්‍රදේශවල පරීක්ෂණ සිදුකර එම සිතියම් ගත කිරීම් අවසන් කර භූ රසායන සිතියම් පිළියෙල කර තිබෙනවා. අනුරාධපුරය, මැදවච්චිය, පොලොන්නරුව, හොරොව්පතාන, කවුඩුල්ල, කැකිරාව දත්ත එකතු කර අවසන් කර සිතියම් පිළියෙල කිරීමට සූදානම් කර තිබෙනවා. එමෙන්ම වව්නියාව, පාන්කුලම, නිලාවේලි, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල දත්ත එකතු කරමින් පවතිනවා. විශේෂයෙන්ම මෙලෙස සිතියම් ගත කිරීම සිදු වන්නේ පසෙහි රසායනික සංයුතිය සොයා එක් එක් මුලද්‍රව්‍ය වල සමාන සහ සමාන සාන්ද්‍රන ඇති ලක්ෂ යා කොට ඒවායේ සාන්ද්‍රන රේඛා ඇඳීමයි. ඒ හරහා කිසියම් මූලද්‍රව්‍යක සාන්ද්‍රනය සාමාන්‍ය අගයකට වඩා වැඩි හෝ අඩු වන ස්ථාන හඳුනා ගැනීමට හැකි වෙනවා. ඒ සමගම මෙවැනි සිතියම් ගත කිරීමේදී එක් වැදගත්කමක් වන්නේ රටේ ඛනිජ සම්පත ගවේෂණය සඳහා ඉවහල් වීමයි. එම ගවේෂණ හරහා රට පුරා විහිදී ඇති විවිධ ඛනිජ සම්පත් පිළිබඳ තොරතුරු එක් රැස් කර ගත හැකි වෙනවා.මේ සිතියම් ගත කිරීම් වර්තමානයට මෙන්ම අනාගතයටත් එකසේ ප්‍රයෝජනවත් වෙනවා.එමෙන්ම මෙම ඛනිජ සම්පත් ඇසුරින් දේශීය කර්මාන්ත වලට ආදායම් ඉපයීමට මෙන්ම විවිධ අයුරින් යොදා ගැනීමටත් පුළුවන්. එක් එක් ප්‍රදේශවල පසෙහි රසායනික සංයුතිය එම ප්‍රදේශවල පස ඇති වීමට බලපෑ භූ විද්‍යාත්මක ලක්ෂණ හා දේශගුණික ලක්ෂණ මත රඳා පවතිනවා.එමනිසා යම් ප්‍රදේශ පසෙහි ඇති මූල ද්‍රව්‍ය එම ප්‍රදේශයේ පසෙහි සරු භාවය, වැවෙන ශාකවල ස්වභාවය, ජලයේ තත්ත්වය සහ මිනිස්, සත්ව සෞඛ්‍යය කෙරෙහි බලපානවා. එම නිසා පසෙහි රසායනික සංයුතිය නිසා පසෙහි රසායනික සංයුතිය සහිත භූ අධ්‍යයනයන්හි දී ඉතා වැදගත් වේ.
භූ රසායනික සිතියම්කරණයේ තවත් වාසියක් වනුයේ පරිසරය ආශ්‍රිතයෙන් ඇතිවන රෝග හඳුනා ගැනීමට හැකි වීමයි. උදාහරණයක් ලෙස ඇතැම් ප්‍රදේශ ප්‍රදේශවල වකුගඩු රෝග, දත් ආශ්‍රිත රෝග සහ අයඩින් වැඩි වීම නිසා ඇතිවන රෝග සහ ඒවායේ මූලාශ්‍ර හඳුනාගත හැකි වෙනවා. ඇතැම් ප්‍රදේශවල ජනතාවගේ දත් අවපැහැ වීමක් සිදු වෙනවා. රටේ විද්‍යාත්මක අංශය ප්‍රදේශ කාශ කරන්නේ එම ප්‍රදේශයේ ජලයෙහි ෆ්ලෝරයි අධික ලෙස අඩංගු බවයි. එසේ ජලයේ ෆ්ලෝරයි අධික ලෙස අඩංගු වීම එම ප්‍රදේශයේ පස් වල දායකත්වයක් තිබෙනවා. නමුත් අපි මේ කරන පර්යේෂණ නිසා එය වඩාත් නිවැරදිව හඳුනා ගැනීමට හැකි වෙනවා. පසෙහි තිබෙන මූලද්‍රව්‍ය වල ප්‍රමාණාත්මක අගය සොයා ගැනීමට භූ රසායන සිතියම්කරණය එක් පැත්තකින් වැදගත් වෙනවා. එමඟින් රටේ සෑම ප්‍රදේශයකම පස්වල රසායනික තත්වයන් ගවේෂණය කර තිබීම හරහා වර්තමානයේ හෝ අනාගතයේ දී පරිසරයට වන හානි පිළිබඳව නිගමනයට එළඹීමට හැකි වෙනවා. මෙම භූ රසායන සිතියම් ගත කිරීම් ලංකාවට අලුත් දෙයක් වුවත් මේ වන විට ඇමෙරිකාව ජපානය චීනය ඇතුළු බලවත් රටවල් සියල්ලන්ම මෙවැනි සිතියම් ගත කිරීම් අවසන් කර තිබෙනවා. යම්කිසි ප්‍රදේශයක කර්මාන්ත ආරම්භ කිරීම නිසා එම පරිසරයට හා ප්‍රදේශයේ ජනතාවට සිදුව සිදුවිය හැකි හානිය විශ්ලේෂණය කිරීමට මෙම සිතියම් මගින් පුළුවන්. එමෙන්ම පසුගිය කාලයේ දී වැඩි වශයෙන් සංවර්ධනයට ලක් වූ ප්‍රදේශයක් වන හම්බන්තොට ප්‍රදේශයේ සංවර්ධනය ආරම්භයේ දී අපි පස් සාම්පල් පරීක්ෂා කර දත්ත ලබා ගත්තා. එම ප්‍රදේශය සංවර්ධනය වීමෙන් පසුව අනාගතයේදී එම ප්‍රදේශය පස් සාම්පල් පරීක්ෂාකර සිදුවී ඇති පරිසර හානිය මිනුම්ගත කරනවා. ඒ වගේම ඕනෑම ප්‍රදේශයක වර්තමාන තත්ත්වය හා අනාගත තත්ත්වය මැන ගත හැකි දත්ත මධ්‍යස්ථානයක කාර්යභාරය ඉටු වෙනවා. මෙම පරීක්ෂණ සිදුකරන්නේ තෝරාගන්නා ලද ප්‍රදේශයක වර්ග කිලෝ මීටරයක වපසරියක පස් සාම්පල් ලබාගෙන ඒවායේ අඩංගු විවිධ මූල ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීම මගිනි. මෙම විශ්ලේෂණ සඳහා පරමාණුක අවශෝෂණ වර්ණාවලිය දීප්තමානය ( Atomic Absorption Spectriphoto Meter ) සහ ICPOES - ( Inductively Coupled Plasms Optical Emission Spectrometry උපකරණ යොදා ගන්නවා ගන්නවා මෙමගින් පරිසරයට අහිතකර ආසනික්, කල්මියම්, ක්රෝළුමියම්, වැනි බැර ලෝහ මෙන්ම කෘෂි කර්මාන්තයට හිතකර පොටෑසියම්, මැග්නීසියම්, සින්ක් වැනි ලෝහ වර්ගද විශ්ලේෂණය කර සිතියම් ගත කිරීම සිදුවෙනවා. දැනට නිමකර ඇති ප්‍රදේශවල සිතියම් සහ දත්ත එම තොරතුරු අවශ්‍ය කෙරෙන පරිසර හා සෞඛ්‍ය ඇතුළු ඕනෑම කෙනෙකුට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
තොරතුරු - ප්‍රධාන රසඥ වයි.පී.ශ්‍යාමලී සිරිවර්ධන මහත්මිය (භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය)
සාකච්ඡා කොට සකස් කිරීම - මාධ්‍ය අංශය (භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය)