Broadcast Sri Lanka

Broadcast Sri Lanka Welcome to the Broadcast Sri Lanka, The No.1 Broadcast news provider in Sri Lanka.

සුබ අලුත් අවුරුද්දක් වේවා !
13/04/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා !

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2️⃣0️⃣2️⃣4️⃣ | Avurudu nakath                       #සිංහලඅවුරුදුනැකැත්
12/04/2024

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2️⃣0️⃣2️⃣4️⃣ | Avurudu nakath

#සිංහලඅවුරුදුනැකැත්

ICCය සංවිධානය කරන ලෝක ශූරතා 4ක් ඇතුළු තරගාවලි 6ක් වෙනුවෙන් ඉදිරි වසර 2 සඳහා දේශීය විකාශන අයිතිය MTV චැනල් පුද්ගලික සමාගම...
12/04/2024

ICCය සංවිධානය කරන ලෝක ශූරතා 4ක් ඇතුළු තරගාවලි 6ක් වෙනුවෙන් ඉදිරි වසර 2 සඳහා දේශීය විකාශන අයිතිය MTV චැනල් පුද්ගලික සමාගම හිමි කරගනී

සිරස සමග ක්‍රිකට් ❤🏏🔺
🔺 ICC Men’s T20 World Cup 2024
🔺 ICC Women’s T20 World Cup 2024
🔺 ICC U19 Women’s T20 World Cup 2025
🔺 ICC Men’s Champions Trophy 2025
🔺 ICC World Test Championship Final 2025
🔺 ICC Women’s Cricket World Cup 2025

අද Chat and Tune පෙලගැස්ම !! හමුවෙමු අප්‍රේල් 12 සිකුරාදා රෑ 9.30 ට 👇👇Monara TV Peo Tv - 104Freesat - 28
12/04/2024

අද Chat and Tune පෙලගැස්ම !! හමුවෙමු අප්‍රේල් 12 සිකුරාදා රෑ 9.30 ට 👇👇

Monara TV

Peo Tv - 104
Freesat - 28

‘බරක්’ තියන තත්පරයක්‘ත්‍රිලක්’ තියන ලලයි ලිලයි🟨🟨 Lakmina Ranasinghe මේ දවස්වල අලුතින්ම ආපු ජනප්‍රියම ටෙලි නාට්‍ය දෙක තමය...
08/04/2024

‘බරක්’ තියන තත්පරයක්
‘ත්‍රිලක්’ තියන ලලයි ලිලයි

🟨🟨 Lakmina Ranasinghe

මේ දවස්වල අලුතින්ම ආපු ජනප්‍රියම ටෙලි නාට්‍ය දෙක තමයි ‘තත්පරයක් දෙන්න සහ ලලයි ලිලයි ලයි’. මේ වෙනකොට සති අන්තයේ ‘බරක්’ තියන තුරුම්පු ආසියා තමයි තත්පරයක් දෙන්න. සතියේ දිනවල ‘ත්‍රිලක්’ තියන තුරුම්පු ආසියා තමයි ලලයි ලිලයි ලයි.

මේ තුරුම්පු ආසියො දෙන්නගෙම අයිතිකාරයා බවට පත් වෙන්න අතිශය ප්‍රථම වතාවට Supun Rathnayaka ට පුළුවන් වෙලා තියනවා. මේ තුරුම්පු ආසියො දෙන්නා චැනල් දෙකක ඉන්න නිසා ටෙලි චැනල් තරගය තවත් උණුසුම්.

තත්පරයක් දෙන්න කියන්නෙ ගැඹුරු තැන් කොනිත්තන, කුතුහලය පිරුනු, බරක් තියන තුරුම්පු ආසියෙක්. ලලයි ලිලයි ලයි කියන්නෙ ආතල් එකේ බලන්න පුළුවන්, ලල්බරිත ත්‍රිලක් තියන තුරුම්පු ආසියෙක්.

දැන් මේ තුරුම්පු ආසියො දෙන්නා ඉන්නෙ ITN එකේ Sudarshana Gunawardana ගෙ සහ ස්වර්ණවාහිනියේ Dhammika Tennakoon ගෙ අතේ. නිර්මාණාත්මකව සහ strategically හිතුවොත් මේ තුරුම්පු ආසියො දෙන්නගෙන් සුපිරි කපෝතියක් ගහන්න මේ දෙන්නට පුළුවන්. අපි බලමු කවුද කපෝතිය ගහන්නෙ කියලා.

විශේෂයෙන්ම පහුගිය කාලේ ප්‍රයිම් ටයිම් එකේ විවිධ අත්හදාබැලීම් කරලා හෙම්බත් වෙලා හිටිය ස්වර්ණවාහිනියට මේ ලැබිලා තියෙන්නෙ ස්වර්ණමය තුරුම්පු ආසියෙක්. මේ වෙද්දි ITN එකේ තියන ටෙලි නාට්‍ය ආධිපත්‍ය උදුරලා ගන්න ස්වර්ණවාහිනී තුරුම්පු ආසියට පුළුවන් වෙයිද? හරියට plan කරලා ගේමක් ගහනව නම් එක තුරුම්පු කොළයක් උනත් ප්‍රමාණවත් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙලා ඔප්පු කරලා පෙන්නුවනෙ.

මෑත කාලෙදි, ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවට නොගැලපෙනම චා මැක්ස් නමක් ටෙලි ඩ්‍රාමා එකකට දැම්මෙ සුපුන් රත්නායක. ඒ නම තමයි ‘ෆෝචූන් රෙසිඩන්සි’. මේ ටෙලි ඩ්‍රාමා එකට ශ්‍රී ලංකාව ඇතුලෙ ඩිජිටල් රීච් එක අඩු වෙන්න මේ නම යම් ප්‍රමාණයකට හේතු වුනා.

කාපු පරිප්පුවෙන් පාඩමක් ඉගෙනගෙනද කොහෙද මේ පාර සුපුන් රත්නායක තමන්ගෙ ආසියො දෙන්නටම සුපිරි නම් දෙකක් දාලා තියනවා. මේ නම් දෙකම එදිනෙදා ව්‍යවහාරයේ තියන, අපේ කටට හුරු, උච්චාරණය කරන්න ලේසි, අපේ ඩිජිටල් සාක්ෂරතාවට සෙට් වෙන, search barවල ලේසියෙන්ම ටයිප් කරන්න පුළුවන් ප්‍රායෝගිකව සහ න්‍යායාත්මකව ඉතාමත් නිවැරදි නම් දෙකක්.

ඒ අනුව ටෙලි නාට්‍ය නාමකරණය අතින් "තත්පරයක් දෙන්න" කියන නම ඉතා සාර්ථකයි. ඒත් මම ඊටත් වඩා කැමතියි "ලලයි ලිලයි ලයි" කියන නමට. ඒ නමේ තියෙන්නෙ ‘ල’ සහ ‘ය’ කියන අකුරු දෙකේ සරල වර්ණ විතරයි. සිංහල ඕඩියන්ස් එකට සහ ඩ්‍රාමා එකේ තියන ෆන්කාර මූඩ් එකට මේ නම නියමෙටම සෙට්. කොහොම වුනත් ‘ලලයි ලිලයි’ කියලා විතරක් නම තිබ්බනම් තවත් හොඳයි කියලත් මට හිතෙනවා.

"හිල් තියන" නම් අතර "ත්‍රිල් තියන" නමක් තිබුන ගමන් ඒ නම තියන ටෙලි ඩ්‍රාමා එකට මාරම සෝෂල් සහ ඩිජිටල් රීච් එකක් ලැබෙනවා. ලලයි ලිලයි ලයි ටෙලි ඩ්‍රාමා එක සාර්ථක වෙන්න නමත් ලොකු හේතුවක්. මෑත වසර දෙක තුනේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නාමකරණය විදිහට මම නම් තෝරන්නෙ "ලලයි ලිලයි ලයි".

ටෙලි ඩ්‍රාමා එකකට හරියටම සෙට් වෙන සුපිරි ප්‍රායෝගික නමක් දානවා කියන්නෙම ඒ ටෙලි ඩ්‍රාමා එක පළවෙනි කඩුල්ල සාර්ථකව පැන්නා කියන එක.

(ටෙලි නාට්‍යය සඳහා නම් තැබීම 1වන කොටස - https://www.facebook.com/share/tho2saNdPXc48ur5/?mibextid=xfxF2i |

2වන කොටස - https://www.facebook.com/share/MYsDAcyzSqR2hpPb/?mibextid=xfxF2i).

තත්පරයක් දෙන්න වැඩේ ගැන කියනව නම් මට ඒකෙ තියන ලොකුම අව්ල තමයි බ්‍රිජට් මැඩම්ගෙ රූම් එකේ දොර! ඒක අරිනකොට වහනකොට ස්‍රෑස්... ග්‍රෑරාස්! ග්‍රාස්... ජ්රාජ්... ජහ්ර්ර්!! බ්රාබ්‍රෑස්… ග්‍රෑස්... ග්‍රග්‍ ර් ර්... ර්ගෑග්‍ර්.... කියලා සද්දෙ ඇහනෙවා.

ඩිජිටල් සහ ඩාවිංචි මෘදුකාංග තාක්ෂණයට සාපේක්ෂව තත්පරයක් දෙන්න එකේ වර්ණ සංයෝජනයේ බරපතල අවුලක් මට දැනෙනවා. සමහර වෙලාවට හිතෙන්නෙ පාට හේදිලා ගිය කළු සුදු ටෙලි ඩ්‍රාමා එකක් බලනවා කියලා.

පෙම්වතා, පෙම්වතිය, අම්මා, තාත්තා, වෛද්‍යවරයා, පොලිස් නිලධාරියා, ත්‍රීවීල් රියදුරා, සහෝදරයා, සහෝදරිය, මුදලාලි, ගුරුවරිය වගේ චරිත අපිට එදිනෙදා මුණගැහෙන නිසා ඒ වගේ 'හුරු චරිත' මවන්න අධ්‍යක්ෂවරුන්ටත්, නළු නිළියන්ටත් පහසුයි.

ඒත් හිරගෙයක් ඇතුලෙ ඉන්න කාන්තා රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරිණියන් වගේ එදිනෙදා ජීවිතේ නිතර මුණගැහෙන්නෙ නැති 'නුහුරු චරිත' ගොඩනගනවා කියන එක රංගන ශිල්පීන්ට සහ අධ්‍යක්ෂවරුන්ට විතරක් නෙමෙයි, පිටපත් රචකයින්ට සහ වේශ නිරූපණ ශිල්පීන්ට පවා ගොඩක් අමාරු වැඩක්.

මොනා වුනත් ඉන්දියානු සහ බටහිර සිනමාව ඒ අභියෝගය සාර්ථකව ජයගෙන තියනවා. ඒත් ඒ නුහුරු චරිත ගොඩනැගීමේ අභියෝගය ශ්‍රී ලංකාව ඇතුලෙ සාර්ථකව ජයගන්න තත්පරයක් දෙන්න නිළි කණ්ඩායමට පුළුවන් වීමම විශිෂ්ටයි.

දුර්ලභ නුහුරු චරිත ගොඩනැගීම අතින් තත්පරයක් දෙන්න දෙවෙනි වෙන්නෙ කොඩි ගහ යට, මනෝකාය, කූඹියෝ, වීරයා ගෙදර ඇවිත්, දඬුබස්නාමානය, ගොළු තාත්තා, අනිච්චාවත සංඛාරා සහ ඒ වගේ තවත් ටෙලිනාට්‍ය කිහිපයකට විතරයි.

මේ නුහුරු චරිත ගොඩනගන අභියෝගෙ හොඳටම ජයගත්තෙ Tharindi Fernando. තරින්දිගේ රංගනය ගැන පුළුල් හැදෑරීමක් කරන්නෙ නැතුව ඇය ගැන ලියන එක ඇයට කරන අසාධාරණයක් නිසාත්, තරින්දිගේ රංගනය ගැන වෙනම ලියන්න හිතාගෙන ඉන්න නිසාත් මම ඇය ගැන දැන් කියන්නෙ නෑ.

මගේ පෞද්ගලික ගණනය කිරීම්වලට අනුව තරින්දිට අමතරව මේ කතාවේ රංගනය අතින් ඉහළින්ම ඉන්නෙ Samantha Paranaliyanage සහ Semini Iddamalgoda. පූජන ඇතූ අනිත් අයත් දොඹෙන් දෙනවා.

හැම කොටසක් අවසානයේම සහ කොටසින් කොටස කුතුහලය ඇවිස්සෙන ටෙලි ඩ්‍රාමා අපේ රටේ බිහිවෙන්නෙ කලාතුරකින්. තත්පරයක් දෙන්න කියන්නෙ ඉතා කලාතුරකින් බිහිවෙන රංගනයෙන් සහ තිර රචනයෙන් කුතුහලය අවුස්සන දුර්ලභ නිර්මාණයක්.

ලලයි ලිලයි ලයි කියන්නෙ බොහෝ තරුණ නළු නිළියන්ගෙ රස එකතු කරලා පදමට හදපු, ලස්සනට ගලාගෙන යන, ත්‍රිලක් තියන ෆෘට්සැලඩ් වැඩක්. මෑත කාලෙදි මම දැකපු ටෙලි ඩ්‍රාමා අතරින් නළු නිළියෝ උපරිම නිදහසේ play කරන ඩ්‍රාමා එක තමයි ලලයි ලිලයි ලයි. මේකෙ සාර්ථකත්වයට ඒ නිදහස් ඇක්ට් එකත් ලොකු හේතුවක්. ඒත් රන්දික වගේ කෙනෙක්ට නිදහසේ ප්ලේ කරන්න දෙද්දි, ඒක කතාවේ ගලා යාමටත්, අනිත් චරිතවලටත් බලපාන නිසා අධ්‍යක්ෂවරයා ගොඩක් සැලකිලිමත් වෙන්නම ඕනෙ.

ජනප්‍රිය නළු නිළියන් වැඩි වුනාම එන ප්‍රශ්න ලලයි ලිලයි ඇතුලෙ අනිවාර්යෙන්ම ඇති. වැඩේ පට්ට හිට් එකක් නිසාත්, මෙගා වර්ගයේ වැඩක් නිසාත්, තව ඉස්සරහට යද්දි කෝකියන්ගෙන් සුප් එක පරිස්සම් කරගන්න සුපුන්ට සිද්ධ වෙයි. ඩ්‍රාමා එකේ දැන් තියන ගැම්ම දිගටම තියාගන්න එක ලේසි නෑ ඉතිං.

මේ ලල් වැඩේ ඇතුලෙ දක්ෂ සහ ජනප්‍රිය යන අංශ දෙකේම නළු නිළියෝ රොත්තක් ඉන්න නිසා ලලයි ලිලයි ලයි බලන්න ලොකු දායක සභාවක් ස්වභාවිකවම හැදෙනවා කියලා සුපුන් මුල ඉඳලම strategically හිතන්න ඇති. ඒ නිසා චරිතයක් හදලා හරි නළු නිළියන්ව අරං තියනවා.

මොනා වුනත් මේ හැමෝම රඟනවා රැඟිල්ලක් උදාර ultra pro max විදිහට. මගේ විග්‍රහයට අනුව නම් ලලයි ලිලයි ලයි හොඳම රංගනය Uma Aseni ගෙ. රංගනයේ තියන අත්තකිලමතානු සහ කාමසුකල්ලිකානු යෝග දෙක මැද්දෙ හරිම සීමාව තෝරගෙන විශිෂ්ට දස්කම් පෙන්නන්න පුළුවන් සීමිත නිළි කුලකයේ ඉන්න උමාට, ලලයි ලිලයි ලයි කියන්නෙ උදාර වේදිකාවක්.

තත්පරයක් දෙන්න සහ ලලයි ලිලයි ලයි ඩ්‍රාමා දෙකම මිනීමැරුමකින් ආරම්භ වීම, CCTV ඔස්සේ පරීක්ෂණ කිරීම, ඒ CCTV සීන් දෙකටම අහඹු ලෙස සමන්ත පරණලියනගේ සම්බන්ධ වීම, කතා දෙකේ සමහර script writing සයන්ස්වල න්‍යායාත්මක සමානකම් තිබීම වගේ අතිශය පොදු ලක්ෂණ මේ ටෙලි ඩ්‍රාමා දෙකේ තිබුණත්, අධ්‍යක්ෂණය පැත්තෙන් මේ දෙක අතිශය වෙනස්ම පාරවල් දෙකක යන පට්ට වැඩ දෙකක්. වෙන වෙනම ගත්තොත් ස්ක්‍රීන් ප්ලේ දෙකෙත් අමුතු රහක් තියනවා.

අද කාලේ ටෙලි ඩ්‍රාමා එකක් හිට් කරගන්න ඒකෙ තියන තේමා ගීතයෙන් ලැබෙන්නෙ උදාර දායකත්වයක්. සුපුන් තමන්ගෙ ආසියො දෙන්නත් එක්ක මේ කඩඉමත් අති සාර්ථකව පහුකරලා තියනවා.

තත්පරයක් දෙන්න තේමා ගීතයට නම් ජූරි ඇගයීම් ලැබෙන්න නියමිත වුනත්, ප්‍රේක්ෂකයන්ගෙ පැත්තෙන් හිතලා බැලුවොත් මට නම් තේමා ගීතයක් විදියට ලලයි ලිලයි ලයි සින්දුව තමයි වැඩේට හරියටම සෙට් වෙන, සාර්ථකම සහ ලල්බරිතම තේමා ගීතය.

පානම් බොක්කේ පොරවල් රටේ රාළලා
පෙනේ නැතුව නයා වැහුන නයි අල්මේදා
වංශෙ කබල් පිස්සු ඩබල් තාත්තගේ පුතා
ඕන දෙයක් ප්‍රීති හෙටක් සුවඳ නිර්මලා

උදාර බව තව වැඩිවෙයි ලලයි ලිලයි ලයි
ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි
කට ඇරගෙන බලන් ඉන්න ලලයි ලිලයි ලයි
හුස්ම ගන්න අමතක වෙයි ලලයි ලිලයි ලයි

තත්පර නවතින්න තත්පරයක් දෙන්න
පාඩුවෙ ඉන්න ඇගෙ දිවියට ඉඩ දෙන්න

රුදුරු ගොරසපුන් ගැවසෙන මිනිස් පුරේ
අසනි කුසුම් පූදිනවා සැරින් සැරේ
සෙල්මුවා හදක මිනි මල් පෙති දැදිරි කළේ
ඉනික්බිති ඉහිරුනු කිරි කොතලට දුක කිමද ඵලේ

🟨🟨 ලක්මිණ රණසිංහ

Special thanks to -

මේ ලිපියට පූර්ව සංවාද අදහස් එකතු කරන්න දායක වුන, ජාත්‍යන්තර සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ, සිනමා ජූරි සභික Vimukthi Jayasundara සහ අති දක්ෂ තිර පිටපත් රචක, නාට්‍ය අධ්‍යක්ෂ Asanka Sayakkara නිර්මාණවේදීන්ට විශේෂ ස්තූතිය පුදකරනවා.

ශ්‍රී ලාංකික ප්‍රධාන මාධ්‍ය නාලිකා අතරින් ප්‍රථම වරට මිලියන 5 ක YouTube Subscribers සීමාව පසු කරමින් Tv දෙරණ ශ්‍රී ලංකා ...
07/04/2024

ශ්‍රී ලාංකික ප්‍රධාන මාධ්‍ය නාලිකා අතරින් ප්‍රථම වරට මිලියන 5 ක YouTube Subscribers සීමාව පසු කරමින් Tv දෙරණ ශ්‍රී ලංකා ඩිජිටල් අවකාශයේ තබා තිබූ අද්විතීය වාර්තාව යළි අලුත් කළ වගයි! 🫶❤️✨

Enjoy the people's channel "Sirasa TV" now in HD under channel no. 306 on SLT-MOBITEL PEOTVNow you can enjoy your favori...
05/04/2024

Enjoy the people's channel "Sirasa TV" now in HD under channel no. 306 on SLT-MOBITEL PEOTV
Now you can enjoy your favorite programs now with true HD quality.

For SLT-MOBITEL Fibre customers only

04/04/2024

04/04/2024

"රටට අවශ්‍ය අලුත් ජාතික නායකයින් නිර්මාණය කරන නාලිකාවක් "
මොනරා TV නාලිකා ප්‍රධානී බුද්ධික වික්‍රමාදර

මොනරා TV ටෙලිවිෂන් සම්ප්‍රාප්තියටසුබ පැතුම්..!
03/04/2024

මොනරා TV
ටෙලිවිෂන් සම්ප්‍රාප්තියට
සුබ පැතුම්..!

මොනරා TV ආඩම්බරකාර ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය
03/04/2024

මොනරා TV ආඩම්බරකාර ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය

සතුටින් ජීවත්වීමේ කලාව 'මොනරා TV " සමාරම්භය අදයි...
03/04/2024

සතුටින් ජීවත්වීමේ කලාව 'මොනරා TV " සමාරම්භය අදයි...

ජනතාවගේ ආදරය දිනාගත්ආදරණීය නාලිකාව තවත් ඉදිරියට යමින් අද දින සිට සිරස T.V...,HD තාක්ෂනය ඔස්සේ නැරඹිය හැක.
02/04/2024

ජනතාවගේ ආදරය දිනාගත්
ආදරණීය නාලිකාව
තවත් ඉදිරියට යමින්
අද දින සිට සිරස T.V...,HD තාක්ෂනය ඔස්සේ නැරඹිය හැක.

02/04/2024

නාලිකාව පිළිබඳව මොනරා ඩිජිටල් වෙත අදහස් දක්වා ඇති මොනරා tv නාලීකා ප්‍රධානී බුද්ධි වික්‍රමාදර මෙම නාලිකාව "සතුටින් ජීවත්වීමේ කලාව" යන තේමාව ඔස්සේ එළිදක්වන බව සඳහන් කර තිබේ.

මොනරා TV New Logo
02/04/2024

මොනරා TV New Logo

සිරස 𝐍𝐨𝐰 𝐎𝐍 𝐇𝐃සිරස TV නාලිකාව HD තාක්ෂණය සමඟ සම්බන්ධ වෙමින් විකාශන කටයුතු දියත් කරයි.අද පෙ.ව 07.51 ට යෙදුණු සුබ මොහොතින්...
02/04/2024

සිරස 𝐍𝐨𝐰 𝐎𝐍 𝐇𝐃

සිරස TV නාලිකාව HD තාක්ෂණය සමඟ සම්බන්ධ වෙමින් විකාශන කටයුතු දියත් කරයි.අද පෙ.ව 07.51 ට යෙදුණු සුබ මොහොතින් සිරස TV නාලිකාව සිය HD විකාශනය දියත් කරන ලදි.

පියෝ TV පාරිභෝගිකයන්ට නාලීකා අංක 306 ඔස්සේ සිරස TV HD නාලිකාව නැරඹිය හැක.

සිරස පියෝ TV HD පරික්ෂණ අත්හදා බැලීම පිළිබඳව අප ඔබට සමාජ මාධ්‍ය ඔස්සේ මුල්ම වරට අනාවරණය කළෙමු.

සිරස TV freesat සමඟ ද නුදුරේදීම HD විකාශය අරඹනු ඇත.

රේඩියෝ අහන හැමෝටමSupreme Breaking News එකක්...බලන්න SUPREMEUHF 47 (679.25 MHz) - දිවයින පුරාUHF 49 (695.25 MHz) - බස්නාහ...
01/04/2024

රේඩියෝ අහන හැමෝටම
Supreme Breaking News එකක්...

බලන්න SUPREME
UHF 47 (679.25 MHz) - දිවයින පුරා
UHF 49 (695.25 MHz) - බස්නාහිර
UHF 28 (527.25 MHz) - දකුණ
UHF 56 (751.25 MHz) - සබරගමුව
UHF 32 (559.25 MHz) - වයඹ, උතුරුමැද, මාතලේ

--------------------------------------------------

බලන්න TNL
VHF 11 (217.25 MHz) - පිළියන්දල
UHF 21 (471.25 MHz) - කොළඹ
VHF 04 (62.25 MHz) - නුවර එළිය
UHF 26 (511.25 MHz) - ගොන්ගල
UHF 26 (511.25 MHz) - මහනුවර
VHF 11 (217.25 MHz) - කරගහතැන්න
UHF 21 (471.25 MHz)- බදුල්ල
UHF 26 (511.25 MHz) - රත්නපුර
UHF 26 (511.25 MHz) - අවිස්සාවේල්ල

TNL Digital Supreme වෙත ! 🔱TNL රූපවාහිනී නාලිකාවේ නිල You tube නාලිකාව,TNL නිල facebook පිටුව,ඉසිර ගුවන්විදුලි facebook ...
31/03/2024

TNL Digital Supreme වෙත ! 🔱

TNL රූපවාහිනී නාලිකාවේ නිල You tube නාලිකාව,TNL නිල facebook පිටුව,ඉසිර ගුවන්විදුලි facebook පිටුව යන සියල්ල Supreme TV කළමනාකරණය යටතට පත්ව තිබේ.
ඒ අනුව මේ වනවිට රූපවාහිනී නාලිකා දෙකක්, එක් ගුවන් විදුලි නාලිකාවක් සහ වෙනස් ඩිජිටල් නාලිකා තුනක් සහිත මාධ්‍ය ජාලයක් ලෙස Supreme TV මාධ්‍ය ආයතනය කටයුතු කරයි.
TNL රූපවාහිනී පැරණි ලාංඡනය ඩිජිටල් මාධ්‍ය තුළ ද වෙනස් කර ඇත.

Radio Supreme ඇර⁣ඹේ….ශ්‍රී ලංකාවේ නවතම ගුවන්විදුලි නාලිකාව වන Radio Supreme  නාලීකාව අද ප.ව 02.00 ට ආරම්භ විය.Supreme TV...
31/03/2024

Radio Supreme ඇර⁣ඹේ….

ශ්‍රී ලංකාවේ නවතම ගුවන්විදුලි නාලිකාව වන Radio Supreme නාලීකාව අද ප.ව 02.00 ට ආරම්භ විය.

Supreme TV සහ අනුබද්ධිත නවතම ගුවන්විදුලි නාලිකාව වන්නේ Radio Supreme ගුවන්විදුලි නාලීකාවයි.

මීට පෙර ඉසිර TNL භාවිත කළ සංඛ්‍යාත වන 89.1 MHz/89.3 MHz ඔස්සේ ගුවන්විදුලි විකාශන කටයුතු සිදුකරයි.

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ ජනමාධ්‍ය ජාලය වන සුප්‍රීම් මීඩියා (Supreme Media) යටතේ මෙම නාලිකාව පවතී.

"මගේ රට - මගේ හඬ" Radio Supreme තේමාවයි

89.1 MHz/89.3 MHz දීපව්‍යාප්ත සංඛ්‍යාත පහත පරිදි වේ.

🗼89.1 MHz-පිලියන්දල
🗼89.3 MHz-බම්බලපිටිය
🗼89.1 MHz-හන්තාන
🗼89.3 MHz-ගොන්ගල
🗼89.3 MHz-කරගහතැන්න
🗼89.1 MHz -අවිස්සාවේල්ල
🗼89.3 MHz-නමුනුකුල
🗼89.3 MHz -මිනුවන්ගල
🗼89.1 MHz-යෝගමුවාකන්ද
🗼89.1 MHz-මවුන්ට් ඔළිෆන්ට්

මෙම නව ගුවන්විදුලි පිළිබඳව අප මීට දින කිහිපයකට පෙර මුල්ම වරට සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට තොරතුරු වාර්තා කළෙමු

“බයිස්කෝප්" අප්‍රේල් 1 වනදා සිට සතියේ දිනවල රාත්‍රී 7.30 ට...
27/03/2024

“බයිස්කෝප්" අප්‍රේල් 1 වනදා සිට සතියේ දිනවල රාත්‍රී 7.30 ට...

“Swarna Sri Mega Night” in Jaela
23/03/2024

“Swarna Sri Mega Night” in Jaela


ජනප්‍රිය නම්.. එතන... අංක එක නම් ඒත් එතන...ජයවේවා ... දෙරණ..
22/03/2024

ජනප්‍රිය නම්.. එතන...
අංක එක නම් ඒත් එතන...
ජයවේවා ... දෙරණ..

IPL Supreme සමඟ TNL ඔස්සේත්මාර්තු 22 වන දා සිට ආරම්භ වන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය Supreme TV හා සමගාමීව TNL රූපවාහ...
22/03/2024

IPL Supreme සමඟ
TNL ඔස්සේත්

මාර්තු 22 වන දා සිට ආරම්භ වන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය Supreme TV හා සමගාමීව TNL රූපවාහිනී නාලිකාව ඔස්සේ ද විකාශය කරයි.

Live & Exclusively On,

📺 Supreme TV
UHF 47 (679.25 MHz) - දිවයින පුරා
UHF 49 (695.25 MHz) - බස්නාහිර
UHF 28 (527.25 MHz) - දකුණ
UHF 56 (751.25 MHz) - සබරගමුව
UHF 32 (559.25 MHz) - වයඹ, උතුරුමැද, මාතලේ

📺 TNL
VHF 11 (217.25 MHz) - පිළියන්දල
UHF 21 (471.25 MHz) - කොළඹ
VHF 04 (62.25 MHz) - නුවර එළිය
UHF 26 (511.25 MHz) - ගොන්ගල
UHF 26 (511.25 MHz) - මහනුවර
VHF 11 (217.25 MHz) - කරගහතැන්න
UHF 21 (471.25 MHz)- බදුල්ල
UHF 26 (511.25 MHz) - රත්නපුරm
UHF 26 (511.25 MHz) - අවිස්සාවේල්ල

22/03/2024
Website , Mobile apps වැඩ්ඩෙක් ද?එහෙනම් දැන්ම CV එක 👉 Email කරන්න (contact@siyathatv.lk). නැත්නම් සියත TV page ...
18/03/2024

Website , Mobile apps වැඩ්ඩෙක් ද?
එහෙනම් දැන්ම CV එක 👉 Email කරන්න ([email protected]). නැත්නම් සියත TV page එකට 💬 Inbox කරන්න.

Surprise !!!!පරණ Alarm එක Off කරලා , අලුත් Alarm එකට Fix වෙන්න Ready ද ? හෙට උදේ 4.45ට අහන්න “The Early Morning Show”   ...
17/03/2024

Surprise !!!!

පරණ Alarm එක Off කරලා , අලුත් Alarm එකට Fix වෙන්න Ready ද ?

හෙට උදේ 4.45ට අහන්න “The Early Morning Show”

ලංකා බෙල් සමාගම නවතින්න ඔන්න මෙන්න…මෙරට රැහැන් රහිත ස්ථාවර දුරකථන සේවා සපයන්නකු වන Lanka Bell වසර පහක වැඩි කාලයක් ආයෝජකය...
17/03/2024

ලංකා බෙල් සමාගම නවතින්න ඔන්න මෙන්න…

මෙරට රැහැන් රහිත ස්ථාවර දුරකථන සේවා සපයන්නකු වන Lanka Bell වසර පහක වැඩි කාලයක් ආයෝජකයන් සොයාගැනීමට අරගල කළ බවත්, මේ වනවිට සමාගමේ සේවා නැවත්වීමට ඉතා ආසන්න වී සිටින බවත් එම සමාගමේ ඉහළ නිලධාරීන් තහවුරු කර තිබේ.

සමාගමේ දැන් ඇති එකම වත්කම ආරම්භයේදී අමෙරිකානු ඩොලර් මිලියන 50ක් වැයකරමින් සකස්කළ කේබල් ජාලය වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

වත්මන් තරගකාරීත්වය ඔවුන් අභිබවා ගොස් ඇති අතර සමාගම මුදල් සඳහා පොරබදමින් සිටින බව එහි නිලධාරීහු පවසති.

සේවාලාභීන්ගේ සේවා ඉල්ලීම් ඉටුකර නොමැතිවීම මගින් පෙන්නුම් කරමින් සිටින්නේ සමාගම සිය මෙහෙයුම් අවසන් කිරීමට ඇති ඉඩකඩයි.

ඇතැම් පාරිභෝගිකයන් පවසා ඇත්තේ, සමාගමේ ස්ථාවර දුරකථන මෙහෙයුම් ද ගැටලු මතුකර ඇති කරන බවයි.

ඒ සම්බන්ධයෙන් කළ විමසුම් සඳහා නිසි විසඳුම් ලබාදීමට සමාගමට නොහැකි වී ඇති බව ද එම පාරිභෝගිකයෝ පවසා ඇත.

ඇත්ත වශයෙන්ම, සමූහ සමාගම් සේවාදායකයන්ගෙන් එක් අයකු ද ඔහුගේ ස්ථාවර දුරකථන සේවාව යථා තත්ත්වයට පත්නොවීම හේතුවෙන් එවැනිම තත්ත්වයකට මුහුණ දී තිබේ.

සමාගමේ ස්ථාවර දුරකථන මෙහෙයුම් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් විවිධ වශයෙන් ගැටලු වාර්තා කර තිබුණ ද, සමාගමෙන් ප්‍රමාණවත් විසඳුම් ලැබී නොමැත.

බෙල් 4G රවුටර පාරිභෝගිකයකුට වෙනත් ටෙලිකොම් ක්‍රියාකරුවකු වෙත මාරුවීමට වට්ටමක් පවා පිරිනමා තිබේ.

එයින් ඇඟවෙන්නේ Lanka Bell හි සේවාවන් තවදුරටත් යටපත් විය හැකි බවයි.

ලංකා බෙල් 1997 දී ඩොලර් මිලියන 150කට වැඩි ආයෝජනයක් සමඟ ශ්‍රී ලංකාවේ විශාලතම තනි BOI සමාගම ලෙස පිහිටුවන ලදී.

එය පසුව 2005 දී Milford Holdings (Pvt) Ltd විසින් අත්පත් කරගන්නා ලදී.

සමාගම ප්‍රථම වරට 2014 පෙබරවාරි මාසයේ දී 2300 MHz කාණ්ඩය මත මෙම සේවාව ආරම්භ කරන ලදී.

එම වසරේම මුළු බස්නාහිර පළාත සඳහාම පුළුල් ආවරණයක් ලබාදීමට පෙර සමාගම එම කටයුතු කොළඹ ප්‍රදේශයන්හි ආරම්භ කරන ලදී.

ලංකා බෙල් වෙනත් ජංගම දුරකථන ක්‍රියාකරුවන් විසින් ඒකාබද්ධ කිරීමට හෝ අත්පත් කර ගැනීමට කිහිපවතාවක්ම උත්සාහ කර ඇතත් එය සාර්ථක නොවීය.

ඒකාබද්ධ කිරීම සහ/හෝ පවරා ගැනීමක් සඳහා වෙනත් බොහෝ ජංගම දුරකථන ක්‍රියාකරුවන් වෙත ලංකා බෙල් සම්බන්ධ වී ඇති නමුත් සාකච්ඡා ක්‍රියාත්මක නොවූ බව සමූහ සමාගමේ නිලධාරියෙක් පවසා ඇත.

වෙනත් ඉහළ පෙළේ ජංගම දුරකථන සමාගමක මානව සම්පත් කළමනාකරුවකු පවසා ඇත්තේ, තම සමාගම පුරප්පාඩුවක් සඳහා දැන්වීම් පළකරන සෑම විටම ලංකා බෙල් සේවකයන් බොහෝදෙනකුගෙන් අයදුම්පත් ලැබෙන බවයි.

දශකයක් එහා මතක අලුත් කළ අද live@8....ස්වර්ණවාහිනී නාලිකාවේ live@8 යනු අපේ රටේ ප්‍රවෘත්ති සන්නිවේදන කලාව නවමු මානයකට රැගෙ...
16/03/2024

දශකයක් එහා මතක අලුත් කළ අද live@8....

ස්වර්ණවාහිනී නාලිකාවේ live@8 යනු අපේ රටේ ප්‍රවෘත්ති සන්නිවේදන කලාව නවමු මානයකට රැගෙන ගිය ප්‍රවෘත්ති විකාශයකි...

ඒ තේමා වාදනය ඇසුණු සැනින් රූපවාහිනී පේක්ෂකයා, පුරා අඩ හෝරාවක කාලයක් රූපවාහිනී තිරය ඉදිරියේ රඳවා තබා ගැනීමට තරම් ස්වර්ණවාහිනිය සමත් විය...

එකල ප්‍රවෘත්ති සන්නිවේදනයේ සන්නාමයක් වූ live@8 ප්‍රවෘත්ති විකාශය තුල හරින්ද්‍ර ජයලාල්, තුශාරී හේමමාලී , චවිකා ගුණසේකර, මනූශ නානයක්කාර , චිරත් රංවල යනු ස්වර්ණවාහිනි live@8 නිර්මාණය කල ප්‍රවෘත්ති සන්නාමයන්ය...

එකල රූපවාහිනි තිරය හැඩ කළ ස්වර්ණවාහිනි මහ ගෙදර පරණ ඇයෝ අද ආයිමත් live@8 මැදිරියට ගොඩ වූයේ සුපුරුදු ලෙංගතුකමිනි...

27 වසරක ස්වර්ණාභිමානය සමගින් අද වෙනස් වන Live at 827 වසරක ස්වර්ණාභිමානය සමගින් අද (16) රාත්‍රීයේ Live at 8 විශේෂ ප්‍රවෘත...
16/03/2024

27 වසරක ස්වර්ණාභිමානය සමගින් අද වෙනස් වන Live at 8

27 වසරක ස්වර්ණාභිමානය සමගින් අද (16) රාත්‍රීයේ Live at 8 විශේෂ ප්‍රවෘත්ති ප්‍රකාශයක් ඔබ වෙත ගෙන ඒමට අප සූදානමින් සිටිනවා.

ඒ අනුව ප්‍රවෘත්ති කලාවට නවමු වෙනසක් එක් කළ, ස්වර්ණවාහිනීය හරහා ඔබගේ ආදරය දිනා ගත් ප්‍රවීණ නිවේදක හරින්ද්‍ර ජයලාල් සහ Live at 8 පළමු නිවේදිකා තුෂාරි හේමමාලි අද විශේෂ ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ හමුවට සමීප වනු ඇති

@8

Address

Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when Broadcast Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Broadcast Sri Lanka:

Videos

Share


Other Piliyandala media companies

Show All