Travel With Dinu

Travel With Dinu Travel with Dinu

මෙදා සැරේ ගෙදරින් පිට අවුරුදු සැමරුවා…..
21/04/2024

මෙදා සැරේ ගෙදරින් පිට අවුරුදු සැමරුවා…..

නිවාඩුවට නුවරඑළියෙ යනවනම් නවාතැන් ගන්න අපේ නවාතැනට එන්න....
12/04/2024

නිවාඩුවට නුවරඑළියෙ යනවනම් නවාතැන් ගන්න අපේ නවාතැනට එන්න....

මේ තියෙන්නෙ අපේම නවාතැනක් ගැන පුංචි වීඩියෝ එකක්. නිවාඩුව ගත කරන්න නුවරඑළියට එන ඔයාලට මෙතන නවාතැ....

නිට්ටඹුව British Campus ආයතනය විසින්  දෙවනවරටත් සංවිධානය කරන ලද Flavour Fiesta 2024 Street Food Festival අද (09) දින නිට...
09/03/2024

නිට්ටඹුව British Campus ආයතනය විසින් දෙවනවරටත් සංවිධානය කරන ලද Flavour Fiesta 2024 Street Food Festival අද (09) දින නිට්ටඹුව බස්නැවතුම්පල අසල නව මහජන රථගාලේදී පැවැත්වුනා. ඉතිං අපි දෙන්නත් ඒ පැත්තෙ ගියා... බලන්නකො වීඩියෝ එක.

ෆන් එකට ෂොට් එකයි | Flavour Fiesta 2024 Street Food Festival Nittambuwa________________________________________...

කාලෙකින් මීගමුව පැත්තෙ ගියා.... KOKO BEACH CLUB
25/02/2024

කාලෙකින් මීගමුව පැත්තෙ ගියා.... KOKO BEACH CLUB

පෝය දවසෙ මීගමු ගියා. Browns Beach එකේ ඇවිදලා බඩගින්නක් ආව නිසා ඒ ළඟම තියෙන Koko Beach Club එකට ගියා. අපි දෙන්නා Seafood Chopsuey එ...

🍋 ලෙමන් ටී...✅ එක්ක පොල්රොටී...✅කාලෙකින් පොඩි ගමනක් ගිහින් එනගමන් පොඩි බඩගින්නකට රොටියක් කන්න කියලා ගොඩවුනා කඩේකට...✅අපි...
05/08/2023

🍋 ලෙමන් ටී...✅ එක්ක පොල්රොටී...✅

කාලෙකින් පොඩි ගමනක් ගිහින් එනගමන් පොඩි බඩගින්නකට රොටියක් කන්න කියලා ගොඩවුනා කඩේකට...✅

අපි ඕඩර් කලා පොල් රොටී... පෝර්ක් තිබුන නිසාම අපි පෝර්ක් එක්කම ගේන්න කීවා...🤪

ඉතින් උණු උණුවෙන් ලැබුන පොල්රොටිය එක්ක,
✅බිම්මල්
✅අලකොල
✅දෙල්
✅කොච්චි ලුණු මිරිස්
✅පෝර්ක්
ලැබුනා..

බුදු අම්මෝ රස, එයා ඩයස්ගෙ මල්ලිද.. 🤪 ඇත්තටම පට්ට රසයි....

ඊලගට ප්ලේන්ටිය...
ඒක තමා පට්ටම... ඉගුරු එක්ක දෙහි කෑලි කිහිපයක් ගෙනාවා... ඇත්තටම ඒක අමුතුයි... අමුතු ඉසාම අපි ඒ කඩේ අයියගෙන් ඇහුවෙ ඇයි මේ දෙහි කියලා,

සර්... දෙහි කෑල්ලක් මිරිකගෙන බීලා බලන්නකො කීවා...

😍 අම්මට සිරි... ඒක පට්ටම රසයි...

වැඩිය කියන්න දෙයක් නෑ...ඔයාලා කොළඹ නුවර ප්‍රදාන පාරෙ යන එන කෙනෙක්නම්, මොළගොඩ පාස්වෙන කොටම (මැටිබඩු තියෙන හරිය) තියෙනව "ඉසූ Kitchen" එක. මෙන්න Location එක - https://maps.app.goo.gl/9a7FhTQ5z6cJNEFj6

#පොල්රොටී

14/04/2023

සියළු ප්‍රාර්ථනා ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා...!

ආදර කොත්තුව... ❤️අද නිවාඩු දවසෙ අපි දෙන්නට හිතුනා වෙනසකටත් එක්ක කොත්තුවක් හදාගන්න...ඉතින් කලින් චීස් කොත්තු හදන්න ගෙනාව ...
08/04/2023

ආදර කොත්තුව... ❤️

අද නිවාඩු දවසෙ අපි දෙන්නට හිතුනා වෙනසකටත් එක්ක කොත්තුවක් හදාගන්න...

ඉතින් කලින් චීස් කොත්තු හදන්න ගෙනාව කොත්තු කෑලි පැකට් එකෙන් තව 150g වගේ ඉතිරි තිබුන නිසා අපි දෙන්නා එක්කම කොත්තුව හදන්න සූදානම් වුනා...

මුලින්ම අපි චිකන් කරි එකක් හදාගත්තා..

ඊළගට කොත්තුවට එළවලු ටික කපාගත්තා..
ලීක්ස්, කැරට්, ගෝවා, බී ලූණු, තක්කාලි.. ✅

ඊළගට ඉගුරු, සුදුළූනු කරපිංචා එක්ක කොච්චි ටිකක් අඹරාගත්තා... තුන්වෙනි පොටෝ එකේ තියෙන්නෙ ඒ පේස්ට් එක.. 😁

ඊළගට කොත්තුව හදන්නයි සූදානම... 👍

තාච්චිය ලිප තියලා ඒකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට බිත්තර එක දාගන්නවා... ඒක හොදින් කලවම් කරලා ඊට පස්සෙ ඉගුරු සුදුළූණු පේස්ට් එක දාලා හොදට කලවම් කරනවා... ඊලගට එකතු කරගන්නෙ එළවළු.. ... එළවලුටික හොදින් තැම්බෙනකම් තිගයගන්න ඕනෙ.... ඒ අතරතුර ගම්මිරිස්, ලුණු, කෑලිමිරිස් එකතුකරගන්න ඕනෙ.

එළවලු ටික ටිකක් තැම්බුනාට පස්සෙ අපි කොත්තු රොටී කෑලි ටික එකතුකරගත්තා... ඒක හොදින් කලවම් කරලා චිකන් හොදි, චිකන් කෑලි එකතු කරගෙන හොදින් කලවම් කලා...

ඊට පස්සෙ ඉතින් ලිපෙන් පිගානට, පිගානෙන් බඩට... 😁😁✅

අපේ වීඩියෝ බලන්න - https://youtu.be/VJFHqdl1bSs

දඩගමුව පංසලට ගියා.... 🙏
05/04/2023

දඩගමුව පංසලට ගියා.... 🙏

සුපිරි චීස් චිකන් කොත්තු ❤️ මේ චීස් කොත්තුව අපි කෑවෙ Home Kitchen එකෙන්... 😁😁 ඔව් ඔව් ගෙදර හැදුවෙ...අපිට මේකට වියදම් උනේ...
03/04/2023

සුපිරි චීස් චිකන් කොත්තු ❤️

මේ චීස් කොත්තුව අපි කෑවෙ Home Kitchen එකෙන්... 😁😁 ඔව් ඔව් ගෙදර හැදුවෙ...

අපිට මේකට වියදම් උනේ හරිම පුංචි මුදලක්...

ගෙදර තිබුණ එළවලු (අපි ඒ ටිකට රු.100)
චීස් කෑලි 2 (100x2= රු 200)
Chicken 250g (රු 370)
බිත්තර 1 (රු.60)
කොත්තු පැකට් එකයි (රු.160) ඒකෙන් තව භාගයක් ඉතිරියි.
ෆ්‍රෙෂ් මිල්ක් (රු.120)

රුපියල් 910 ✅

මුලින්ම ඉගුරු සුදුලූණු තලාගන්න...
බීළූනු, ලීක්ස්, කැරට් හීනියට කපාගන්න..

චිකන් හොදින් බැදගන්න...

තෙල් ටිකක් තාච්චියකට දාලා ලිප තියලා, ඒක රත්වෙනකොට ඉගුරු සුදුලූණු දාගන්න... රන්වන් පැහැයට එනකොට බිත්තරය එකතු කරලා...හොදින් හැදිගාන්න...

දැන් එලවළු ටික එකතු කරන්න... ලුණු, ගම්මිරිස් අවශ්‍ය ගානට එකතු කරන්න...

දැන් කොත්තු කැබලි එකතු කරලා, ටික වෙලාවකින් ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගන්න... ෆ්‍රෙෂ් මිල්ක් ටික රත්වීගෙන එනකොට චීස් කෑලි දෙක එකතුකරගන්න, හොදින් හැදිගාන්න....

චීස් දියවුනාට පස්සෙ චිකන් ටික එකතු කරලා , ලිපෙන් භාගන්න.... දැන් චීස් කොත්තුව හරී....

ඔයාලත් ට්‍රයි කරලා බලන්න... ❤✅

අපේ වීඩියෝ මෙතනින් - https://youtu.be/Oje1CgbpE8A

කාර්‍යබහුල සතියක අන්තිම දවස සිකුරාදා හවස්වරුවෙ රෑට උයන්න කම්මැලි හිතුන නිසා  අපි දෙන්න හිතුවා රෑ කෑමට කොහෙ හරි යන්න... ග...
31/03/2023

කාර්‍යබහුල සතියක අන්තිම දවස සිකුරාදා හවස්වරුවෙ රෑට උයන්න කම්මැලි හිතුන නිසා අපි දෙන්න හිතුවා රෑ කෑමට කොහෙ හරි යන්න... ගොඩක් කල් ඉදලම අපි දෙන්න යන එන තැනක් තමයි පස්යාලෙ Nihal Family Restaurant එක....

අපි දෙන්නා Nihal එකේ කන්න කැමතිම එක.

ඔන්න ගිහින් Oder කළා Large එකක්ම... රු. 1850. මම එකකුත් ගත්තා.. රු. 350

විනාඩි 10-15 අතර යනකොට දුමදාගෙන ආවා එක.

ම්ම්ම්... දෙන්නත් එක්ක... කොනක ඉදන් ඒකට වගකියන්න පටන් ගත්තා....

සුපිරියටම රෝස්ටඩ් චිකන් දාලා තිබුනා , එලවලු වර්ගත් නියමෙටම ගොඩක් දාලා තිබුනා...චිලිපේස්ට්, සෝස් ලැබුනා...
⚠️️හැබැයි වෙනදට දෙන egg bullseye එකනම් ලැබුනෙ නෑ... 😢😢😢

සර්විස් එක ගැන කියනවනම් සර්විස් එකත් පට්ට... ලොකේෂන් එක අමුතුවෙන් වර්ණනා කරන්න් දෙයක් නෑ... ඉස්සර ඉදලම අපි යන එන තැනක්...👍

කොළඹ - නුවර ප්‍රදාන පාර අයිනෙම තියෙන Nihal Family Restaurant එක ගැන නම් නොදන්න කෙනෙක් නැති තරම්.

Menu එක මෙතනින් බලන්න පුලුවන් - www.nfr.lk

අපේ වීඩියෝ - https://youtu.be/Oje1CgbpE8A

පිරිසිදුවට රසට කෑම කන්න පුළුවන් සීගිරියෙ Food Truck එක
26/03/2023

පිරිසිදුවට රසට කෑම කන්න පුළුවන් සීගිරියෙ Food Truck එක

රුලියල් 400ට රයිස් එක්ක චිකන් ඩෙවල් එකක් කන්න පුළුවන් සීගිරියෙ Food Truck එක ________...

Hi guys.... කොහොමත.... ඔන්න කාලෙකට පස්සෙ අපි දෙන්නත් එක්ක දවල් කෑමකට එලියට ගියා....ඔව් මේ ඔයාලා කවුරුත් දන්න සුපුරුදු තැ...
23/03/2023

Hi guys.... කොහොමත....

ඔන්න කාලෙකට පස්සෙ අපි දෙන්නත් එක්ක දවල් කෑමකට එලියට ගියා....

ඔව් මේ ඔයාලා කවුරුත් දන්න සුපුරුදු තැන Mr. PIZZA

මෙයාලාගෙ menu එක අලුත් වෙලා අලුත් අලුත් කෑම ටිකක් එකතුවෙලා තිබුනා...

ඒ නිසා අපි දෙන්නට හිතුනා මොංගෝලියන් රයිස් එකක් try කරන්න..

Normal - Rs. 1800
Full - Rs. 2500

අපි දෙන්නා oder කලේ Full එකක්..

ඔන්න ටික වෙලාවක් යනකොට ආවෙ නැතැයි ලොකුම ලොකුවට මොංගෝලියන් රයිස් එකක්.. චිකන් පීසස් දෙකක් එක්ක...

ඒ මදිවට මොංගෝලියන් රයිස් එකෙත් ඉස්සො, චිකන්, ෆිෂ්, දැල්ලො මික්ස් වගේම බෙල්පෙපර්ස්, ලීක්ස්, කැරට් වගේ එලවළුත් මික්ස් වෙලා තිබුන නිසා නියමයි....

චිකන් gravy එක්ක චිලිපේස්ට්, සෝස් ලැබෙනවා.....

තුන්වෙනි, හතරවෙනි පොටෝස්වල තියෙන්නෙ අපිදෙන්නා බෙදාගෙනත් ලොකු ප්ලේට් එකේ මොංගෝලියන් රයිස් එක ඉතුරුවෙලා තියෙනවා...

මේ මොංගෝලියන් රයිස් එක මම නම් 3 දෙනෙකුට කන්න ඇති කියලා Recommend කරනවා...

මීරිගම පස්යාල ප්‍රධාන පාර අයිනෙ තියෙන මේ Mr. PIZZA ලොකේෂන් එකට ඔයාලත් යන එනගමන් ගිහින් බලන්න... තව කෑම වර්ග ගොඩාක් තියෙනවා... 👍

මේ එයාලා ගැන අපි කරපු වීඩියෝ එකක් - https://youtu.be/V-V3mzXeFEs

මගේ මිතුරාගේ මුදල් පසුම්බිය නැති වී ඇත. මේ පිළිබඳ තොරතුරක් වෙතොත් පහත අංකයන්ට හෝ  https://www.facebook.com/mr.besto.sft ...
20/03/2023

මගේ මිතුරාගේ මුදල් පසුම්බිය නැති වී ඇත. මේ පිළිබඳ තොරතුරක් වෙතොත් පහත අංකයන්ට හෝ https://www.facebook.com/mr.besto.sft මෙම ප්‍රොෆයිලය හරහා ඔහුව සම්බන්ධ කරගන්න.
හැකිනම් Share කර සහයෝගයක් දක්වන්න.

පැය 2ක ක්‍රියාදාමයකින් පසුකාලෙකින් KFC එකේ   එකක් දාලා තිබුණා මම දැක්කෙ උදේ වරුවෙ.ඒ වෙලාවෙ මට හිතුනා අද හැන්දෑ වරුවෙ අපේ...
13/03/2023

පැය 2ක ක්‍රියාදාමයකින් පසු

කාලෙකින් KFC එකේ එකක් දාලා තිබුණා මම දැක්කෙ උදේ වරුවෙ.ඒ වෙලාවෙ මට හිතුනා අද හැන්දෑ වරුවෙ අපේ උන්දැ එක්ක එක පැත්තට ගොඩවෙන්න. හැබැයි 8 piece bucket දෙකක්, ඒ කියන්නෙ 16 piece ඕකට අපි දෙන්නට තනියම වගකියන්න බෑ කියන එක මට මතක් වුනේ මම පත්තරේ වැඩ කරන කාලෙ මංජු & තිසර අයියලා දෙන්නා එක්ක 999ට තිබුණ එකකට ගිහින් වුන සිද්ධිය මතක් වෙලා.

ඉතිං ඒ හින්දාම මම මේ ගමන යන්න අපි දෙන්නගෙම ඉස්කෝලෙ යාළුවෙකුටයි උගෙ මායියටයි කතා කළා. උන් දෙන්නත් ඉතිං කියන පරක්කුව විතරයි හා.. එච්චරයි.
කියන්න සංතෝසයි පැය දෙකක් විතර පෝලිමේ ඉඳලා තමයි මේක ගත්තෙ... ගතකරපු පැය දෙකටත් හරියන්නම බකට් දෙකට අසාධාරණයක් වෙන්න අපි ඉඩතිබ්බෙ නෑ....

සතිඅන්තයේ ලැබුන නිවාඩුවෙ සෙනසුරාදා, ඉරිදා දවස්දෙක කොහේ හරි යන්න ඕනේ කියලා අපි දෙන්නා හිත හිත ඉන්නකොට අපි දැක්කා සීගිරියෙ...
07/03/2023

සතිඅන්තයේ ලැබුන නිවාඩුවෙ සෙනසුරාදා, ඉරිදා දවස්දෙක කොහේ හරි යන්න ඕනේ කියලා අපි දෙන්නා හිත හිත ඉන්නකොට අපි දැක්කා සීගිරියෙ ලස්සන හොටෙල් එකක්.

අපේ ගමනෙ වීඩියෝ එක මෙතනින් බලන්න පුළුවන් - https://youtu.be/VJFHqdl1bSs

ඉතිං ඒ හින්දා අපි දෙන්නා එදාම හොටෙල් එකේ බුකින් එකක් දැම්මා. හොටෙල් එක Sigiri Asna Nature Resort & Spa . දැන් ගමනේ නවාතැන හරි. ඊළඟට අපි දෙන්නා යන්නෙ කොහොමද කියන එක ගැන හිතුවා. අපේ වාහනයත් ගැරේජ් එකේ නිසා අපි ඊළඟට Rent එකට වාහනයක් හොයන්න පටන්ගත්තා. අඩුම ගානට වාහන ගන්න හොඳම තැනක් හම්බුනා ඒ Pasyala Cabs & Rent A Car

දැන ඉන්න තැනත් හරි. යන්න වාහනයකුත් හරි. ඔන්න සෙනසුරාදා දවස උදාවුනා.

අපි දෙන්නා උදේම කළේ අපේ ගෙදර ඉන්න ශීබා පැටියව වයිෆ්ලගෙ ගෙදරට දාන්න ගිය එක. උදේට කෑමත් එහෙන් කාලා අපි දෙන්නා ගමන පිටත් වුණා. මීරිගම කුරුණෑගල හයිවේ එක හරහා අපි කුරුණෑගලට ගිහින් දඹුල්ල පාරට දැම්මා. ඔහොම යනකොට අපි මැල්සිරිපුර හරියෙදි NLDB කැෆේ එකට ගියා.

එතනදි අපි එකකුයි එකකුයි බිව්වා. යනගමන් කන්න එකකුත් ගත්තා. එක 300යි එක 350යි, එකට 200යි.

දෙවියනේ එතනින් පිටත් වෙලා කිලෝමීටරයක් යන්න ලැබුනෙ නෑ... කොස්කැලේ.... ඉතිං මොනවා කරන්නද. නැවැත්තුවා.. නවත්තලා එතනටත් සාධාරණයක් වෙන්න කියලා කියලා රොටී හතරයි, කට්ලට් දෙකයි, වඩේ දෙකයි කෑවා. රොටී කන්න පොලොස් ඇඹුලක්, ලුණු මිරිස් තිබුණා. ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්න අමතක කළෙත් නෑ ඉතිං. එතන කාපු බීපු ටිකට රුපියල් 650යි.

ඉතිං එතනින් පිටත් වෙලා දඹුල්ල හරහා අපි නවාතැන් ගන්න හෝටලයට ආවා. අපිට එක විදියට ලැබුනෙ රසම රස එකක්. වෙන් වෙන් වශයෙන් කාමර 15ක් තියෙන Asna Nature Resort & Spa එකෙන් අපට ලැබුනෙ 101 රූම් එක. රූම් එක නියමයි. කතා දෙකක් නෑ. ඒ වගේම මෙයාලගෙ ත්‍රිපල් රූම්, ෆැමිල් රූම් වගේම කාමර තුනක් තියෙන Villa එකකුත් තියෙනවා. ටිකක් හවස් වෙලා පූල් එකෙන් නානවා කියලා හිතලා පොඩි ඇලට් එකක් දාලා ඇහැරෙන කොට එකටත් වෙලාව ලං වෙලා. දැන් මොකද කරන්නෙ. ඉතිං ඊළඟ දවසෙ පූල් එකට යනවා කියලා හිතලා අපි දෙන්නා එක ගන්න එකට ගියා. අපි ගත්තා Club Sandwich / vegetable salad with chicken. මේ දෙකටම ලැබුනා.

NEXT DAY
අපි දෙන්නා උදේට කෑම රූම් එකටම කළා. අපි කළේ English Breakfast එකක්. අපිට විදියට ලැබුනෙ දෙකක්. හරිම රසයි. ඊළඟට අපි දෙන්නා සීගිරියට ගියා. ඒ ගමනට පැය දෙකක් විතර ගියා. ඒ ගිහින් ඇවිත් අපි දෙන්නා කෙලින්ම ගියෙ පූල් එකට.

පූල් එක නම් මරු, එතන නියමයි. ඊළඟට අපි දෙන්නා එකට ගියා එකට. ඒ යනකොට දැක්ක දෙයක් තමයි 's කියලා තිබුනා. ඉතිං අපි ඒ ගැන ඇහුවාම කිව්වා දේශීය වගේම විදේශීය සංචාරකයන් එක්ක එන එයාලා නොමිලේ නවාතැන් පහසුකම් දෙනවලු. කෑම බීම එක්කම. එකවර ලා 15 දෙනෙකුට නවාතැන් ගන්න පුළුවන් කීවා. අපි ඒ කාමරයක පොටෝ එකකුත් දැම්මා ඔයාලට බලන්න.

ඉතිං Lunch එකට අපි දෙකක් ගත්තෙ. එකත් සුපිරියට තිබුණා. ඊට පස්සෙ ඉතිං අපි දෙන්නා එන්න පිටත් වුණා.

වීඩියෝ එක මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් - https://youtu.be/VJFHqdl1bSs

හොටෙල් එකේ කාමර පහසුකම් (අපි ගිය දිනය වන විට මුදල) 13500 සිට ලබාගන්න පුළුවන්. ඒක ඔයා ගන්න පහසුකම් අනුව වෙනස් වෙනවා. මේ නම්බර් එකට කතා කරලා ඔයාලට ඒ ගැන අහගන්න පුළුවන්. 077 725 5102

ලංකාවේ ඕනෙම තැනකින් පැය 24 පුරා ගණන් අඩුවට හොඳම වාහනයක් Rent එකට ගන්න පස්යාල කැබ් ආයතයට කෝල් එකක් දීලා බලන්න. මරු වාහන තියෙනවා - 0712209157

අපි සීගිරි ගියා..  දවස් දෙකකට... සෙනසුරාදා උදේම ගෙදරින් පිටත් වෙලා... සීගිරියට යනකොට දවස් 2.30 විතර වුනා... අපි නවාතැන් ...
07/03/2023

අපි සීගිරි ගියා.. දවස් දෙකකට... සෙනසුරාදා උදේම ගෙදරින් පිටත් වෙලා... සීගිරියට යනකොට දවස් 2.30 විතර වුනා... අපි නවාතැන් ගත්තෙ සීගිරි අස්න නේචර් රිසෝර්ට් එකේ.. පහුවදා තමයි අපි සීගිරි පර්වතයට නැග්ගෙ... අපිට මේ ගමනට බජට් වාහනයක් ගත්තෙ Pasyala Cab එකෙන්.. මේ හැමදේම ගැන විස්තර පහල වීඩියෝ එකේ තියෙනවා....

සීගිරියේ දවස් දෙකක් | Two days in Sigiriya | Sigiri Asna Nature ResortSigiri Asna Nature Resort and SpaDouble RoomB & B - 13500Half Board - 16500Full Board ...

06/03/2023

ජම්බෝලයක් හම්බුනා... 😍

#ජම්බෝල #රසකෑම

18 වංගුව හරහා ගමන් කිරීමට සිටීනම් කරුණාකර විකල්ප මාර්ග භාවිතා කරන්න.උපුටාගැනීමකි....
04/03/2023

18 වංගුව හරහා ගමන් කිරීමට සිටීනම් කරුණාකර විකල්ප මාර්ග භාවිතා කරන්න.

උපුටාගැනීමකි....

ගම්පහ, දිවුලපිටිය, මරඳගහමුල පැත්තෙ ඉන්න අය ඔන්න මේ පෝය දවස වෙන් කරලා තියාගන්න. මේ සැරෙත් පෝය දවසට සුපුරුදු විදියටම Manda...
01/03/2023

ගම්පහ, දිවුලපිටිය, මරඳගහමුල පැත්තෙ ඉන්න අය ඔන්න මේ පෝය දවස වෙන් කරලා තියාගන්න. මේ සැරෙත් පෝය දවසට සුපුරුදු විදියටම Mandakini Club House එකේ 𝑯𝒊𝒈𝒉 𝑻𝒆𝒂 𝑩𝒖𝒇𝒇𝒆𝒕 එක තියෙනවා.

කෑම වර්ග 50කට වැඩියෙන් තියෙනවා. බය වෙන්න එපා මේ ඔක්කොම දේවල්වල රස බලන්න පුළුවන් වෙන විදියට මධ්‍යම ප්‍රමාණයට තමයි මෙයාලා මේ හැම කෑම වර්ගයක්ම හදන්නෙ.

ඒ විතරක්ද මෙතනට එන පුංචි අයට විනෝද වෙන්න ලස්සන Play Area එකකුත් තියෙනවා. අමතර කිසිම මුදලක් මෙයාලා අය කරන්නෙ නෑ.

සෑම පෝය දවසකම දහවල් 2.30 සිට සවස 5.00 වෙනකම්, ඇතිවෙන්න කන්න බොන්න පුළුවන් ඉතිං මෙතනට ගියොත්.

මෙතන වැඩිහිටි එක් අයෙකු සඳහා රුපියල් 2500ක මුදලක් අය කරනවා. ඒ වගේම තමයි ඔයාලා එදාට යන්න හිතාගෙන ඉන්නවානම් අනිවාර්යෙන්ම 0768145377 අංකයට කතා කරලා Reservations එකක් දාගන්න අමතක කරන්න එපා.

කොළඹින් පිට මේ වගේ ගානකට කෑම වර්ග 50කට වැඩි 𝑯𝒊𝒈𝒉 𝑻𝒆𝒂 𝑩𝒖𝒇𝒇𝒆𝒕 එකක් කියන්නෙ සුපිරි තමයි ඉතිං..... ඔයාලත් මෙයාලගෙ කෑම වල රස බලලා... අපට කියන්න.....

අපි රස බලපු හැටි මේ වීඩියෝ එකේ තියෙනවා - https://youtu.be/IItDhhjpPrQ

මතකයි නෙද මෙ පුතාව.මෙයා ඉන්නෙ මැදවච්චිය මෙ දරුවා කවදාවත් පාසැල් ගිහින් නැ😭පවු හරිම දුප්පත්.එයාගෙ තාත්තා එක්ක ටවුමට යනවා ...
01/03/2023

මතකයි නෙද මෙ පුතාව.මෙයා ඉන්නෙ මැදවච්චිය මෙ දරුවා කවදාවත් පාසැල් ගිහින් නැ😭පවු හරිම දුප්පත්.එයාගෙ තාත්තා එක්ක ටවුමට යනවා ලු සපත්තු මහන්න.😭 මම දැක්කා මෙක දැක්ක ගමන් පොඩි සාදු යැව්වා එහෙ පොලිසිය එක්ක.පොලිසියෙ අය අපිට ලොකු සහායොගයක් දුන්න.අද ගියා පුතාව පාසැලට බාර දෙන්න.⁣කොල්ලා හරිම සතුටුයි අද.එයාට අවශ්‍ය සියලුම දෙ මම අරං දුන්නා.පාසැල ටිකක් දුරයි.ඉතිං එයාගෙ අක්කට බයිසිකල් එකක් අරං දුන්නා මල්ලිව පාසැල් අරං යන්න එන්න.එ වෙලෙ පුතාගෙන් ඇහුවා එයාටත් එකක් ඔනෙද කියලා.හා නැන්දා කැමති එකක් අරං දෙන්න කිව්වා.පවු ඉතිං එයාටත් බයිසිකල් එකක් අරං දුන්නා.හෙට ඉදලා කොල්ලා පාසැල් යනවා.එම පාසැලේ විදුහල්පති තුමාටත් ස්තුතියි දුන් සහායොගයට.🙏ලොකු උනාම doctor කෙනෙක් වෙලා පාරෙ අය්නෙ සෙරෙප්පු මහන තාත්තවයි අහිංසක අම්මාවයි ආදරයෙන් බලා ගන්න පුතෙ හරිද🙏❤️

උපුටා ගැනිමක්...

තිස්සමහාරාමයේ කොල්ලෙක්ගේ තවත් ලස්සන උත්සාහයක්❤️ දවසක හරියන්න ඕන උබල වගේ කොල්ලන්ට෴🎉️😍...ප්‍රමීත් සරුවත්...😍🎉️ දහවල් හිරු ...
28/02/2023

තිස්සමහාරාමයේ කොල්ලෙක්ගේ තවත් ලස්සන උත්සාහයක්❤️

දවසක හරියන්න ඕන උබල වගේ කොල්ලන්ට෴

🎉️😍...ප්‍රමීත් සරුවත්...😍🎉️

දහවල් හිරු රශ්මියත් සමග එන අදික පිපාසය නිවාගන්නට...🌅😊

වැව් සිසිල විදිමින්...🏖️️🥰

සීතල පලතුරු පානයක රසය විදගන්නට ඔබත් පැමිණෙන්න...🥰🥰

වීරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩාංගණය අසල...🥰🥰

විමසීම :- 077 688 3836 - ප්‍රමීත්

ගාල්ල, උඩුගම පැත්තෙ පුංචි රෙදි කඩයක් ආරම්භ කරලා සමාජ මාධ්‍ය තුල ගොඩක් ජනප්‍රිය වුන දෙන්නෙක් තමයි සමිත් සහ රුවන්දි කියන්න...
28/02/2023

ගාල්ල, උඩුගම පැත්තෙ පුංචි රෙදි කඩයක් ආරම්භ කරලා සමාජ මාධ්‍ය තුල ගොඩක් ජනප්‍රිය වුන දෙන්නෙක් තමයි සමිත් සහ රුවන්දි කියන්නෙ. රැවන්දි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. ඇගලුම් ක්ෂේත්‍රෙය් රැකියාවක් කරපු ඇය දැන් ගැබිණියක්. ආර්ථික ප්‍රශ්නත් එක්ක දෙන්නගෙ හිතේ හයියෙන් රුපියල් 5000ක් වියදම් කරලා තමයි මේ ව්‍යාපාරය පටන් අරගෙන තියෙන්නෙ. ඇගේ සැමියා සමිත් ඇගළුම් කර්මාන්ත ශාලාවක තමයි වැඩ කරන්නෙ.

පහුගිය දවසක මම කතා කරනකොට කීවා අයියෙ අපි කඩේ තෙමෙන නිසා සම්පූර්ණයෙන් ගලවලා ආයෙ හැදුවා කියලා. හරිම සතුටින් කතා කළේ. එයාලා දැන් පේජ් එකකුත් කරගෙන යනවා SJ Fashion Panangala මේ පේජ් එක. ඇත්තටම ඇදුම් ගොඩක් ලාබයි.

මෙයාලා පුංචි ලාබයක් තියාගෙන ඇදුම් අරගෙන විකුණන එක තමයි කරන්නෙ. රුවන්දිට හොදට ඇදුම් මහන්න පුළුවන්. ඉතිං මේ පෝස්ට් එක බලන ඔයාලට පුළුවන් නම් රුවන්දි වෙනුවෙන් පුංචි උදව්වක් කරන්න එයාට පුළුවන් මහන මැෂින් එකක් ගන්න.

ඔවුන්ගේ ගිණුම් අංකය - 87846737
K.G.J. Ruwandi
ලංකා බැංකුව - නෙලුව ශාඛාව

ඔවුන්ගේ දුරකථන අංකය - 0741450509

අපගේ දුරකථන අංකය - 0781332359

26/02/2023

අද කතාව ගාල්ල උඩුගම පනංගල ලොකු අරමුණක් ඇතිව පුංචි තැනින් ව්‍යාපාරය පටන්ගත්ත තරුණ යුවලක් ගැන. නමින් සමිත් සහ රුවන්දි වන මේ දෙදෙනා දැන් ලංකාවෙ ගොඩක් දෙනා අතර ජනප්‍රියයි. ඒ එයාලගෙ පුංචි ව්‍යාපාරය නිසා.

Youtube Link - https://youtu.be/0R8xZ5iTZR8

සමිත් රුවන්දි දෙන්නම තමන්ගෙ වෘත්තීය විදියට ඇඟලුම් ක්ෂේත්‍රය තෝරාගෙන තියෙනවා. රුවන්දි සිව්මස් හැවරිදි ගැබිණියක්.ඒ නිසා ඇය ඇගේ වෘත්තීය දිවියට සමුදීලා ගෙදර නවතිනවා. සමිත් දිගටම රැකියාව කරගෙන ඉන්නවා. මේ අතරෙදි තමයි මෙයාලා දැනගන්නෙ රුවන්දි අවධානම් තත්ත්වයේ ඉන්න ගැබිණි මවක් කියන එක. මේ නිසා ඇයට වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාසයකට රුපියල් 15000ක පමණ වියදමක් යනවා කියලත් අපට දැනගන්න ලැබුණා.

මේ නිසාම ආව ආර්ථික ප්‍රශ්න නිසා මේ මොකක් හෝ විසදුමක් හොයන්න පටගත්තා. මේ අය හිතුවා පුංචියට ඇඳුම් ව්‍යාපාරයක් පටන්ගන්න. ඒත් ඉතිං අතේ ලොකුවට සල්ලි නෑ, කඩයක් කරන්න තරම්. පාර අයිනෙ යාළුවො එක්ක එකතුවෙලා සමිත් හැදුවා පුංචි කඩයක්. ඒ අතරෙ රුවන්දි කළේ Online විකුණන්න තියෙන ඇඳුම් හොයපු එක. එතනදි මෙයාලට හිතවත් වන අය පොරොන්දු වෙනවා ඇදුම් දෙන්න. ඉතිං මේ අය රුපියල් 5000ක් වියදම් කරලා ඇඳුම් කඩය හදනවා. ඇඳුම් ගන්නවා. විකුණුනාට පස්සේ ඒ ලාභයෙනුත් ඇඳුම් ගන්නවා. මේ විදියට තමයි මේ ව්‍යාපාරය පටන්අරන් තියෙන්නේ.

රුවන්දිට ඇඳුම් මහන්න හැකියාවක් තියෙනවා, ඉතිං එයාලට මැෂින් එකක් ගන්න තරම් ආර්ථික තත්ත්වයක් නැහැ. අපිට පුළුවන් එකතුවෙලා දෙයක් කරන්න. ඒ වෙනුවෙන් දායක වෙන්න කැමති අය ඉන්නවානම් අපිට කතා කරන්න. අපි එකතුවෙලා දෙයක් කරමු. 0781332359 (Travel With Dinu)

මහන මැෂිමක් මිලදීගැනීම සඳහා අපට හැකි අයුරින් උදව් කරමු

ඔවුන්ගේ ගිණුම් අංකය - 87846737
K.G.J. Ruwandi
ලංකා බැංකුව - නෙලුව ශාඛාව

Youtube Link - https://youtu.be/0R8xZ5iTZR8

මම අමිල් මදුශන්ක මට මෙ ලෙඩෙ හැදිලා අවුරුදු 18ක් වෙනවා මගෙ වයසත් 18යි මම ඉපදිලා මාස දෙකකට පස්සෙ පොඩි පොඩි ලප අවිල්ලා තියෙ...
25/02/2023

මම අමිල් මදුශන්ක

මට මෙ ලෙඩෙ හැදිලා අවුරුදු 18ක් වෙනවා මගෙ වයසත් 18යි මම ඉපදිලා මාස දෙකකට පස්සෙ පොඩි පොඩි ලප අවිල්ලා තියෙන්නෙ ඉටපස්සෙ එක වැඩි වෙලා මෙ ලෙඩෙ නම සොරයිසිස් කියලා කියන්නෙ මං මිට අවුරුද්දකට කලින් බෙහෙත් ගත්තෙ මට ලුකු ලුකු ඩොක්ටස්ලා චැනල් කරන්න බැ පුලුවන්නම් නම් මෙ ලෙඩෙ ගැන දන්න ඩොක්ටකෙනෙක් හොයලා දෙන්න

මගෙ නම්බරෙ 071 212 8556

Copied.

වෙලාව උදේ 8.45ට විතර ඇති.මමත් ගියා සෙවනගල හොස්පිටල් එකට.මගෙ ජීවිතේ කවදාවත්ම නොදැක්ක ,😢 නොහිතපු රූපයක් මන් එතන දැක්ක. අම්...
25/02/2023

වෙලාව උදේ 8.45ට විතර ඇති.
මමත් ගියා සෙවනගල හොස්පිටල් එකට.
මගෙ ජීවිතේ කවදාවත්ම නොදැක්ක ,😢 නොහිතපු රූපයක් මන් එතන දැක්ක.
අම්ම කෙනෙක් තමන්ගෙ දරුවත් වඩන් ඇවිත් මගෙ ඉස්සරා පුටුවෙ වාඩි උනා.ඒක දැක්ක හැමෝගෙම කටින් කියවුනේ ''දෙවියනේ'' කියල.😢
මමත් බලන් හිටිය.කට්ටිය කතාඋන විදියට ඒ පැත්තෙම අම්ම කෙනෙක්ලු.මේ වෙද්දි ඒ දරුවට වයස අවුරුදු 14ක් වගේලු.මෙයා නිව්න්නු දරුවො දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ලු.අනිත් දරුව ඉස්කෝලෙ යනවලු.තාත්තත් මෙයාලට අවුරුදු 2කින් විතර පිලිකාවක් හැදිල මැරිලලු.😢
මන් මේම දෙයක් දැක්කෙ අදමයි.ඒ අම්ම දරුව තුරුල් කරන් ලස්සනට හිනාවෙලා ආවෙ.ඒ අම්මගෙ අරාගැනීම කෝමද හිතන්නකො.
මෙයාට දෙන්නෙ පිටිකිරිවිතරලු. මන් එයාගෙන් විස්තර ඇහුවම එයාගෙ ලිපිනෙ දුන්න මට.
මේක දැකල මේ අම්මට පුන්චිහරි උදව්වක් කරන්න පුලුවන්නම් ගොඩක් පිංසිද්ද වෙයි. අතේ තිබ්බ පිටි එක එතන ඉදපු අය එකතුකරල දුන්න සල්ලිවලින් අරන් ආවෙ.
S.Kනන්දනී
452/1 ඉදිකොල පැලැස්ස 2
සෙවනගල
0771282322 🥰
-coped-

කාට හරි ලැබුනොත් කතා කරන්න....උපුටාගැනීමකි.
22/02/2023

කාට හරි ලැබුනොත් කතා කරන්න....

උපුටාගැනීමකි.

බවු පැටවුන් දෙදෙනා මෝටර් රථයට යටකර මරා දැමීමේ සිදුවීම සම්බන්ධයෙන්මෙම සිදුවීම සම්බන්ධයෙන්බව් බව් Baw Baw Animal Welfare ස...
20/02/2023

බවු පැටවුන් දෙදෙනා මෝටර් රථයට යටකර මරා දැමීමේ සිදුවීම සම්බන්ධයෙන්
මෙම සිදුවීම සම්බන්ධයෙන්බව් බව් Baw Baw Animal Welfare සංවිධානය, Justice for Animals & Nature (JAN) මනුසත් අභයදාන සංවිධානය මූලිකත්වයෙන්...
මේ සම්බන්ධයෙන් නුවරඑළිය කොථ්ඨාශයට අයත් මතුරට පොලිසිය වෙත පැමිණිලි යොමු කරනු ලැබුවා.
ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරැව අද දින එම අවස්ථාවේ CAX 0208 අංක දරන මෝටර් රථය පැදවූ කාන්තාව මතුරට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන වලපනේ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා..
එහිදී මෙම කාන්තාව විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ශයක ශරීර ඇප මත මුදා හරිනු ලැබුවා.
නැවතත් මෙම නඩුව 2023,06,01 දින කැදවීමට නියමිතයි. එදින අපගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහතා මේ සම්බන්ධයෙන් ගරු අධිකරණයට කරුණු දැක්වීමට නියමිතයි. නඩු අංකය B 160/23
ඉදිරි සතියේදී මෝසමක් මගින් CCTV දර්ශන ඇතුලත් වීඩියෝ පට මතුරට පොලිසිය මගින් ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම වීඩියෝ පට සම්බන්ධයෙන් ‍රස පරීක්ෂක වාර්තාවක් කැදවීම වෙනුවෙන්.
ස්තූතියි ❤
මේ සම්බන්ධයෙන් මගපෙන්වීම් කරමින් අනුශාසනා කල පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවන් වහන්සේ සහ මනුසත් අභය දාන සංවිධානයේ නිර්මාතෘ සභාපති පූජ්‍ය පින්වත් අපේ W Pangngnanda Himi පොඩිහාමුදුරුවන් වහන්සේ සහ,
මෙවැනි සිදුවීමකදී සත්ත්ව නීතියේ ප්‍රතිපාදන ගැන අදාළ අංශ වලට උපදෙස් ලබාදීමට නිරන්තරයෙන් කැපවීමෙන් කටයුතු කරන අපගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහතා සහ, සහකාර පොලිස් අධිකාරී Indika Gamage මැතිතුමන්ට
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අපගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහතා සූදානම්. ඒ සම්බන්ධයෙන් සියලු අනුග්‍රාහක තත්ත්වයන් ලබාදෙන්න ඉදිරිපත් උන BawBaw Animal Welfare අපිට සහයෝගය ලබාදෙන හැමෝටම,
විශේෂයෙන් මෙම සිදුවීම සමාජගත කිරීමට නොබියව කටයුතු කල එම CCTV කැමරා පද්ධතිය සවිකොට තිබූ නිවසේ මහත්ම මහත්මීන්ට
නිසි අයුරින් පැමිණිල්ල සකස් කොට මතුරට පොලිසිය වෙත ලබාදීමට කටයුතු කල (JAN) ලේකම් Nagodavithana RD මහත්මියට
මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිමය පියවර තැබීමට අද දින මතුරට පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිලි සටහන් කර මෙම සිදුවීම නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලිස් නිළධාරීන්ට සහයෝගය ලබා දුන් Dasun Sameera සහ Thilina C Rajapaksha ට
සියලුම කටයුතු වෙනුවෙන් මහපෙන්වීම් කරමින් නිහඩවම විශාල කැපකිරීමක් කල Anura Prasanna Kottearachchi අයියට වචනෙකින් හරි සහයෝගය දෙන හැමෝටම,
වර්තමානයේ ශ්‍රී ලංකාව තුල පවතින නීතිමය පරිසරය ගෘහාශ්‍රිත සතුන් සම්බන්ධ හිංසනයන් වෙනුවෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් සත්ව ක්‍රියාකාරීන් වශයෙන් අප පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් සත්ව සුබසාධන පනත පාර්ලිමේන්තුව තුල සම්මත කර දෙන ලෙසයි
වීඩියෝ සටහනේ සිටින්නෙ බව් අම්ම නෙමෙයි, එතන ඉන්නෙ පිරිමි බව්වෙක් එයාව ඒ අවට අය රැකබලාගැනීම කරනව, බව් අම්ම ගැන අහල බලපු ඒ වෙනුවෙන් රැකවරණය දෙන්න ඉදිරිපත් උන Udaya Wijesinghe අයියට Shiru Gamage අයිය ඇතුලු හැම දෙයක්ම හොයල බලපු සාක්ෂි දෙන්න ඉදිරිපත් උන හැමෝටම බොහොම ස්තූතියි
ප.ලි - මේ සිදුවීම සහ මෙවැනි සිදුවීම් සිදුඋන පසු සමාජජාල මාධ්‍ය තුල පෞද්ගලික පලිගැනීම් පිරිමසාගැනීම සදහා විවිධ අසත්‍ය තොරතුරැ සමාජගත කරන බැවින් හැකි සෑම විමටම නිවැරැදි තොරතුරැ පිළිබදව අවදානෙන් කටයුතු කරන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනව !
සත්ව හිංසනයන් සම්බන්ධව පවතින නීතිමය තත්වය අනුව අපගේ සක්‍රීය මැදිහත් වීමක් කිරීමටනම් ප්‍රමාණවත් සාක්ෂි හෝ අදාල විස්තරය ලබාදෙන පුද්ගලයා විසින් පොලිස් පැමිණිල්ලක් යොමු කර තිබීමට අවශ්‍යයි
සත්ව හිංසනයන් සම්බන්ධව මීට පෙර අපගේ සහයෝගය ලබාදුන් විවිධ අවස්ථා කිහිපයක් 👇
https://m.facebook.com/story.php?story_fbid=9576115709081227&id=100000486788263&mibextid=Nif5oz

Gihan Dinushkaගේ ෆේස්බුක් සටහනකි.

Address

Kaleliya
Pasyala

Alerts

Be the first to know and let us send you an email when Travel With Dinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share